Thursday, August 16, 2012

වයිරස් ගාඩ් එකෙන් මකන්න බැරි වයිරස් මකමු...(කොම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් ටුවෙන්ටිටූ)

කාමරේට වෙලා බලාගත්තු අතේ බලාගෙන ලයිට් එකත් ඕෆ් කරල ලයිට් එක ඔන් කරගන්න තියා ඇදෙන් නැගිටින්නත් කම්මැළිකමේ හිටපු ජිල්මාට්ස් ඇද මුල්ලෙ කෙරවළේ අස්සක හන්ග්ල තියපු ගිණි පෙට්ටිය අතට ගත්තෙ කාමරේ එළිය කරන්න නෙවෙයි.. තනිකමේ පාලුවෙන් හිටපු ජිල්මාට්ස්ගෙ තොල් දෙක අතරෙ හිරවෙලා තිබුණ ගිණි බටේ පත්තුකරන්න..ගිණිකූර පත්තු කරපු වෙලේ ගින්දරට භය උණා වගේ ජිල්මාට්ස් ගැස්සුනේ කවුදෝ එකෙක් කාමරේට ඇතුලුවෙනව දැකල... යකඩෝ.. මම භය වෙච්ච තරම.. පලයන්කො පොඩ්ඩක් එළියට ගිහින් බලපන් මගේ කාමරේට ඇතුලුවෙන දොරේ මොකක්ද ලියල තියෙන්නෙ කියල... "ඔලුවට තට්ටු වෙන්නට පෙර දොරට තට්ටු කරන්න".. ඔව් ඉතින් මගේ යාලුවන්ගෙ හැටි මෙහෙමම නෙ.. මගේ කාමරේ නිකන් උන්ගෙ කාමරේ වගේ.. නිකමටවත් බිස්කට් එකක් තිබුණොත් මම කන්න ඕන ඒකෙ කොලේ... ඕන් ඔහොමයි මගේ එවුන්.. දොරේ යතුර නොදැම්මොත් ප්‍රයිවෙට් රාජකාරි කරනව බොරු..
ඉතින්...ඉතින්..බන්..මොකෝ අද කොරන්නෙ..? අඩෝ මේ පොඩි නිව්ස් එකක් ආව..නිමන්තය ලග ටොප් බඩු ටිකක් තියනවලු.. යමන්ද..? ඒ ඩින්ගට මූ මගේ ගිණි බටේ ඉස්සුව..මොනා කරන්නද..? ගෙදරට ආපු එකාට සන්ග්‍රහ කරන්නත් එපැයි.. නිමා ෆිල්ම්ස් බානව නෙවෙයි වැඩක්.. උගේ ඩැඩා රට ඉන්නකම් හොදයි.. අපි යනකොට නිමා උගේ කාමරේ දොරේ යතුරත් දාගෙන.. නිමෝ අපි ආවෝ... ඇරපන්කො බන් දොර.. අහා කොල්ල එහෙනම් මේකයි දවල්ට උඹේ රාජකාරිය.. ඒව උඹලට ඕන නැහැ බන්.. වැඩිහිටියන්ට විතරයි.. ඔව් ඉතින් අපි පොඩි හිටියොනෙ.. මොනාද අපිට ඕකෙන් ගන්න තියෙන්නෙ...? තියනව තියනව බලපන් කියල මට කොම්පියුටරේ පාලනේ මට දුන්න..
ජිල්මාට්ස් කොහේ ගියත් ආරක්ෂාව උපරිමේටම බලනව නෙ.. ඒකනෙ පොකැට්ටුවෙත් බඩු තියෙන්නෙ... යාලුවො කිව්වට මුන්ගෙනුත් ලෙඩ එන්න පුලුවන්නෙ... හිහි.. මුන් තමා විශ්වාස කොරන්නම බැරි.. එද්දි බලබලා හිටියෙත් බ්ලූ එකක් නෙ මචන් නිමා වොෂ් රූම් එකට ගිහින් වයිරස් ටික පිට කරල වරෙන් මෙතන හලන්නෙ නැතුව... කොහේ ක්තනක කොච්චර හොද වයිරස් ගාඩ් අනුන් දාගෙන හිටියත් ඒවත් ජිල්මාට්ස්ට සැකයි.. සමහරක් තැන් වල දැකල තියනව වයිරස් ගාඩ් අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගන්න කියල.. ජිල්මාට්ස් ඉතින් එයින් එකක් අරන් එයා යූස් කරන වයිරස් ගාඩ් එකත් එක්ක නිකමට බැලුව වෙනස... අපෝ... හෙන චා......
කොම්පියුටර් එකෙත් වයිරස් තියෙන්න පුලුවන්.. වයිරස් ගියාට පස්සෙ වයිරස් ගාඩ් දැම්මට වැඩක් නැහැනේ.. ඒකෙන් තේරුමක් නැහැ.. කොච්චර හොද එකක් උණත් වයිරස් එක කොම්පියුටර් එකේ තියනව කියන්නෙ..
ජිල්මාට්ස් කොම්පියුටර් එකෙ පොඩි සෙල්ලමක් දාල වයිරස් අල්ලන ක්‍රමයක් දන්නව..අල්ලපුව අයින් කරන්නත් පුලුවන්ලු... 
1. WindowsKey + R > (run)
2. type cmd  then hit enter
දන්නවනෙ ඔය එන්නෙ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක
3. type cd\ 
4. type attrib
අම්මෝ...නිමාගෙ කොම්පියුටර් එකෙ autorun.inf එක.. වෙලවට චෙක් කොලේ.. පවුනෙ බන් අහින්සකයගෙ කොම්පියුටර් එකෙනුත් මේක අයින් කරල දාන්න ඕන... බලපන්...බලපන්...උඹලගෙ කොම්පියුටර් වලත් වයිරස් තියනවද කියල.. තියනවනම් මේ විදියටවත් අයින් කරන්න බලපන්...

5. ටයිප් කරපන් attrib -h -r -s autorun.inf (මෙතන්ට වයිරස් එකේ නම දෙන්න.)
6. ටයිප් කරපන් del autorun.inf
ශරි.. දැන්
7. Ctrl + Alt + Del > Task Manager > Processes ඇවිත් ඒකෙන් autorun.inf තියනවනම් End Process  කරන්න
දැන්නම් ඉතින් ජිල්මාට්ස්ට සැටිස්... භය නැතිව pen එක ගහල උස්සන දේවල් උස්සන්න පුලුවන්.. එකේ තිබිල වයිර්ස් එකක් ගියොත් ඉතින් pen එකේ තිබිල තමයි...

9 comments:

  1. meka dala enter kalama ena okkama virus da :/

    ReplyDelete
  2. machan ජිල්මාට්ස්...poddak terena vidiyata daapan...

    me kiyala tiyana vidiyala Enter kalama ena okkoma virus da..anika oya kiyala tiyana vidiyata ewa ain karannath be ne

    ReplyDelete
    Replies
    1. වයිරස් ගාඩ් එකගැන මම සහතික කරනව... වයිරස් ඩිටෙක්ට් කලාම පුලුවන් උපරිමෙන්ම බලන්න cure කරන්න.. cure කරනව කියන්නෙ වයිරස් එක ඇප්ලිකේෂන් එකකට රිංගුවම ඒ රිංගපු වයිරස් අයින්කරල ඇප්ලිකේෂන් එක බේරා ගැනීමක්.. ලෙඩක් හැදුනම ලෙඩා මරල දානව වෙනුවට බෙහෙත් කරල ලෙඩා සනීප කරගැනීමක්... ලෙඩා බේරගන්නම බැරි මට්ටමකනම්. ඉතින් හිත හදාගෙන delete කිරිල්ලක් තමයි කරන්න වෙන්නෙ.. delete කරන්න කලින් පුලුවන් උපරිමන්ම බලන්න cure දීල වයිරස් ටික අයින් කරගන්න

      Delete
    2. lokka meke ana ookkoma vires da?

      C:\Windows\system32\wfapigp.dll
      A C:\Windows\system32\WfHC.dll
      A C:\Windows\system32\WFS.exe
      A C:\Windows\system32\WFSR.dll
      A C:\Windows\system32\WFWNET.DRV

      Delete
    3. යාලුවා...අනුෂ්ක.. wfapigp.dll මගින් ඔයාගෙ web Browser crashes, System freezes,Blue screen of Death errors,System 32 file corruption වගේ system එකට හානිකර දේ සිදුකරන්න පුලුවන්... wfhc.dll එකත්... wfs.exe එකෙනුත් මේ වගේ දේ සිදුවෙන්න පුලුවන්..WFWNET.DRV කියන්නෙනම් Windows for Workgroups network driver ඒක රිමූව් කරන්න එපා..

      Delete
    4. delete karanna haduwama access is denied kiyala watenawane..eekata mokada karanne? del karala process walata giyama process wala eeka na..

      Delete
  3. kollo methiyena ewath virus da ?

    c:\bootmgr
    c:\BOOTSECT.BAK
    c:\grldr
    c:\hiberfil.sys
    c:\pagefile.sye

    ReplyDelete
    Replies
    1. owa system files
      bt grldr kiyana ekanam jilmartgenma ahanna wenawa

      Delete
  4. https://www.facebook.com/profile.php?id=100003743169594
    පොඩි ඉන්බොක්ස් පාරක් දාන්න වරෙං .. පොඩ්ඩක් දැනගන්න දෙයක් තියෙනවා..

    ReplyDelete