Thursday, August 23, 2012

වින්ඩෝස් හොරකොපි වලටත් බිල් ගේට්ස් මාමාගෙන් පාස් සහතිකයක්... ( කොම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් ටුවෙන්ටි ෆෝ....)

හරියටම රෑ අටයි... ජිල්මාට්ස්ගෙ අම්මි ජිල්මාට්ස්ට ඩිනර් එක රෙඩි කරල..ජිල්මාට්ස් රූම් එකෙන් එළියට පැන්නෙ බත් පිගාන බලාගෙන නෙවෙයි ටීවී එක බලාගෙන.. මොන අත් සේදිල්ලක්ද...? ටීවී එකත් ඔන් කරගෙන ස්වර්ණවාහිනිය ඇල්ලුවෙ නිව්ස් බලන්න... අම්මි බත් පිගානත් අරන් ජිල්මාට්ස්ගෙ පුටුව ළගට ඇවිත් වාඩි උනේ පොඩි එකාට බත් ටිකක් කවන්න.. කවුතුකාගාරෙකින් උස්සපු පුරාණික බඩු වගයක් අහුවෙලා..ඒකෙ ප්‍රධාන මොළකාරයා අල්ලන්න පොලෝසිය මහජනතාවගෙන් උදව් ඉල්ලනව.. සොයලදෙන කෙනාට ලක්ෂ ගානකුත් දෙනවලු... ජිල්මාට්ස්ගෙ අම්මිත් මේ කම්බ හොරාට දෙස් තියනව.. මේ වගේ හොරු දෙන්නෙක් හිටියම ඇතිලු ලoකාවම නසන්න.. ජිල්මාට්ස්ටත් හීන් දාඩිය දැම්ම... වතුර ටිකක් බීල රූම් එකට ගියේ අම්මිටත් හොරා..
රූම් එකට ගිහින් දොරේ යතුර දාල ඇදට පැන්නෙ ප්‍රයිවට් රාජකාරියක් කරන්න නෙවෙයි ;) ජිල්මාට්ස් කලොත් කරන්නෙත් හොර වැඩම හින්ද.. පට්ට භයෙන් හිටියෙ.. එදා කෑල්ල එක්කවත් හරිහැටි කතා කලෙත් නැහැ.. බය වුණ බයවිල්ලෙ තරම...
අපේ ලන්කාවෙ ඉන්න තරමක් ඉන්නෙත් හොරුනෙ.. මේ කම්බ හොරත් හොරකම් කරල අනික් හොරු වගේ තනියම තියන් රජ වෙන්නෙ නැහැනෙ.. උස්සපු දේ බෙදා ගන්නව... දැන් මේ මේ පෝස්ටුව බලන්නෙත් කම්බ හොරු ටිකක් තමයි... හිහි..
බිල් ගේට්ස් මාමගෙ කොම්පැනියෙන් උස්සපු හොරකොපිය ලoකාව හතර වටේම ඉන්න හොර තක්කඩි අතට ගිහින්... කොහෙද හොර තක්කඩි කිව්වට උන් හරිහැටි හොර වඩක්වත් කරගන්න දන්න එකක්යැ... උස්සපු එකත් ලෝකෙටම පෙන්නන්න ගොහින් කෙළකරගෙන නෙ... අප්ඩේට් කොරන්න ගියා කියන්නෙ..හරියට නිකන් ලයිසොන් නැතුව හෙල්මොට් නැතුව මොටාර්සයිකලෙන් මේන් රෝඩ් එකේ යනව වගේ වැඩක්... ගම වටේ කෙල්ලට පේන්න යනව නෙවෙයි.. මට සයිකොලයක් තියනව කියල රට්ටුන්ට පෙන්නන්න යනව.. ෂෝ එක.. පුහ්.. පොලෝසියේ අන්කල්ට අහු උණානම් දඩ කොලේ ගන්නත් එපැයි..
දැන් ඉතින් මොනව කරන්නද..?  බිල් ගේට්ස් මාමගෙ දඩ කොලේ නම් මුලු සේසතම විකුණුවත් ගෙවා ගන්න බැරිවෙයි...
ජිල්මාට්ස්ට බිල් ගේට්ස් මාම ආදරෙයිලු.. ඔව් ඇත්තමයි.. බිල් ගේට්ස් මාම කිව්වෙ.. ඒකනෙ ජිල්මාට්ස්ගෙ හොර කොපියටත් බිල්ගේට්ස් මාම සහතිකයක් දුන්නෙ.. බිල් ගේට්ස් මාම හරි හොදයි.. ජිල්මාට්ස්ට ආදරෙයි.. පොලිස් අන්කල්ල වගේ නෙවෙයි.. කොහෙද පොලිස් මාම කෙනෙක් ලයිසන් නැති එකෙක් දැක්කම පිස්සු වැටිච්ච බල්ලෙක් වගේ පස්සෙන්ම දුවන් එන්නෙ.. කීයක් හරි අතට දෙනකම්.. ඒකට කියන්නෙ අල්ලස නෙවෙයි.. කැමැත්තෙන් දෙන දේ කියල.. අල.. :D
ඇත්තමයි මේ කියන්නෙ.. බිල් ගේට්ස් මාම ජිල්මාට්ස් පුතාට ආදරෙයි... ජිල්මාට්ස් හොරා මේ හොර කම්බොන්ට ආදරෙයි..
ඉතින් මගේ කම්බ හොරුනේ... උඹල ළග තියෙන්නෙත් බිල් ගේට්ස් මාමගෙ වින්ඩෝස් හොර කොපිය නම්.. භය නැතුව දාගනිල්ල.. බිල් ගේට්ස් මාමගෙන් ජිල්මාට්ස් අවසරේ ගත්තු ලයිසොන් එක..
ඔය පහලින් තියෙන්නෙ..

http://www.mediafire.com/?vq2m7d3p8q2lz98


ඔය හොර තක්කඩියගෙ තියෙන්නෙ Windows XP ..., Windows7 ඔය කොයික උණත්.. අරගෙනම බලන්නකො.. බිල් ගේට්ස් මාම ජිල්මාට්ස්ට ආදරෙයි.. ජිල්මාට්ස් උඹලට ආදරෙයි..  ඒ කියන්නෙ බිල් ගේට්ස් මාම උඹලටත් ආදරෙයි..

කලින් භයේ හීන් දාඩිය දාගෙන තමයි රූම් එකට ඇවිත් දොර ලොක් කලේ.. ලැපත් අරන් ඇද උඩට වෙලා මේක කෙටුවෙ හිතේ තිබුණ භය නැති කරගන්න... මොකෝ බිල් ගේට්ස් මාම ළග කටු කන බල්ලො නෙ බුරන්නෙ.. මාට්ටු උනොත් මම විතරක්ම නෙවෙයි නෙ කුදලන් යන්නෙ.. හුටා පටස්... එහෙම කිව්වම උඹල භය උනාද..? අපිට කොයින්ද බන් සල්ලි.. සල්ලි තියනවනම් මේ වගේ හොරකොපි ගනීද...? බිල්ගේට්ස් මාම ඒක දන්නව බන් ලoකාවෙ මිනිස්සු දුක්පත් කියල... මට කතා කරපු වෙලාවක කිව්වෙ... භය නැතුව දාගනිල්ල ඕo ඕක..

Monday, August 20, 2012

Welcome වෙනුවට කැමති නමක්...(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටි ත්‍රී)

රෑ දෙගොඩ යාමෙ වෙනකන් එක එක වැඩ... හැමදාමත් ඉතින් මෙහෙම තමයි..කොම්පියුටරේ අතගායි... ෆෝන් එක අතගායි... හිටපු ගමන් වෙන වෙන ලෝක වලටත් යනව...අනේ මන්දා...ජිල්මාට්ස්ගෙ ලෝකෙ... ඊයෙ නිදා ගන්නකොට පාන්දර තුනත් පහුවෙලා.. සැරටම නින්ද ගිහින්..ඇහැරුනේ අම්මි රූම් එකේ දොරට තට්ටු  කරපු සද්දෙට...ළග තිබුණ ෆෝන් එකේ මිස්කෝල්ස් පහයි... මැසේජස් දෙකයි...මල්ලි ඔයා අද එනවද...? ඇයි සද්දයක් නැත්තෙ...මාව එපා වෙලාද...? ප්‍රශ්ණ පත්තරේට උත්තර බදින්න වෙලාවක් නැහැ..දැනටමත් හොදටම පරක්කු වෙලා.. බෙඩ් ටී එක අරන් අම්මි එනකොට දොර ඇරල නොතිබොත් අනික් යතුරයි වතුර බාල්දියකුයි අරන්  තව ටිකකින් අම්මි එයි.. නැගිටින්න ඕන.. එත් පුද්ගලික කාරණාවක් හින්ද දැන්ම ඇදෙන් එළියට පනින්නත් බැහැ..
ඊයෙ ජිල්මාට්ස්ගෙ මල්ලි කෙනෙක් කතා කලා..ආනන්දෙ ඩයල් එකක්.. ටෂිල ඩිල්ශාන් කියල..ජිල්මාට්ස් ඌට ආදරේට කියන්නෙ පොඩි එකා කියල..පොඩි එකා කිව්වෙ නවය වසරෙ හින්ද ඒවුණාට මොකෝ කරන්නෙ ඕලෙවෙල් ක්ලාස් එකේ වැඩ.. දැන් ෆේස්බුක් අකවුන්ට් එකකුත් තියනවලු නෙ.. පුහ්.. මම ඉතින් ඇහුව ඉන්ටනෙට් එක ගත්තෙ එෆ්බී එක මල් කඩන්නද කියල.. එහෙම නෙවෙයි ඉගෙන ගන්නලුනෙ ඉන්ටනෙට් ගත්තෙ..ඔව් ඉගෙන ගන්නව මූණුපොතේ මල් කඩන්නෙ කොහොමද කියල.. ඉගෙන ගන්නව කියපු දේවලුත් ටෙස්ට් කරන්න ඉතින් මම දන්නවයැ ඉතින් අලුත් සිලබොස් එක..
මම ඉතින් පොඩි එකාට කට්ටක් දෙන්න ඕන හින්දම කිව්ව ෆෝල්ඩර් එකක් හදල CON කියල රීනේම් කරන්න... මම තව සතියක් ඔයාට දෙන්නම් කියල... කියල කට ගන්න උණේ නැහැ..හැදුවලු... මම ඉතින් ඇහුව කොහොමද කියල පොඩි එකා කිව්ව නොවැ මගේ මේ අයියගෙ සයිට් එකෙන් ඉස්සුව කියල..දැන් පොඩි එකාට ඕනෙලු.. මමත් එක්කම ජිල්මාට්ස් වැඩ කරන්න..
පොඩි එකාගෙ කොම්පියුටරේ දුවන්නෙ Windows XP ලු.. ඉතින් මම ප්ලෑනක් ගැහුව ලොග් වෙන කොට එන වල්කම් (welcome) කෑල්ල අයින් කරල පොඩි එකාගෙ නම එතන්න්ට දාන්න..
ටෂිල...මගෙ පොඩි මල්ලියො... ඕන් එහෙනම් අයියත් එක්කම වැඩේ ජිල්මාට්ස් සෙල්ලමක් දාමු එහෙනම්.. ඇයි දැන් උඹල පැත්තකට වෙලා බලන් ඉන්නෙ.. පොඩි එකාට විතරක් නෙවෙයි.. XP තියන ජිල්මාට්ස්ගෙ අයියල සෙටාර් එකත් කරමුකො බලන්න...
ශරි... මුලින්ම මෙන්න මේ පොඩි බඩ්ඩ ඩවුන් කරගන්නකෝ..

http://www.mediafire.com/?u7ffa4hhl07660t

2.ඕකෙ තියන Resource ෆෝල්ඩර් එකේ... ResHacker double click කරන්නකෝ...
3. file > Open >
4. Local Disk(C) අයියගෙනම් C පාටිශන් එකේ තමයි වින්ඩෝස් තියෙන්නෙ > Windows >System32 > logonui සිලෙක්ට් කරල ඕපන් කරන්න
5. String Table > 1 > 1033
6. හත්වෙනි ලයින් එකේ තියනව වල්කම් කියල කෑල්ලක්.. අන්න එතන්ට ඔයා කැමති හෑල්ලක් දාන්නකෝ... පොඩි එකා නම් දැම්මෙ Tashila කියල :)
7. දැන්... Compile Script
8. ශරි... දැන් ඕක file > Save as > logonui_new විදියට > save  කරන්න
9. දැන් ඕක ක්ලෝස් කරල දාල බාගත්තු Replacer folder
10. double click replacer
11. දැන් ඔතන්ට Local Disk(C) > Windows > System32 > logonui ෆයිල් එක ඇදල දාන්න... ඉන්පස්සෙ ඉතින් enter
12. ශරි.. දැන් ආයෙමත් ඔතන්ට අලුතෙන් අපි හදල සේව් කරපු logonui_new ෆයිල් එක ඇදල දාන්න...ආයෙමත් ඉතින් කලින් වගේ enter පාරක් දාන්නකො.. අහයි Restart කරන්නද කියල Ok(ay) පොඩි එකෝ.. බලන්නකො.. වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. වල්කමේ යනව වෙනුවට ඔයා දාපු හෑල්ල ඇවිත්ද කියල..
අයියනම් ටිකක් වල් තමයි.. ඒහින්දම නෙ අයියගෙ කෑල්ල කොම්පියුටරේ විදියට තියන් ඉන්නෙ..ඒ හින්දමයි හැම අස්සකම අත දාන්නත් පුලුවන්.. ;)
ආ... මට පරක්කුයි...පරක්කුයි... මම තවමත් ඇදේ නේ.. දැන්නම් හරි වගේ ඇදෙන් පැන්න හැකි...පොඩ්ඩක් ඉන්න අම්මි මම දොර අරින්නම්... මම ඇහැරිලා හිටියෙ..අම්මිට කරදර කලේ නැත්තෙ බත් මුට්ටිය ලිපේ තියනව ඇති කියල හිතල.. අම්මි දොරට තට්ටු කරනව ඇහිල ජිල්මාට්ස්ට කියවුණා.. අම්මි රූම් එකට පනින්න කලින් ජිල්මාට්ස් ලැප ඕෆ් කලේ නැත්නම් අම්මි වෙන මොනවත් හිතයි කියල....

Thursday, August 16, 2012

වයිරස් ගාඩ් එකෙන් මකන්න බැරි වයිරස් මකමු...(කොම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් ටුවෙන්ටිටූ)

කාමරේට වෙලා බලාගත්තු අතේ බලාගෙන ලයිට් එකත් ඕෆ් කරල ලයිට් එක ඔන් කරගන්න තියා ඇදෙන් නැගිටින්නත් කම්මැළිකමේ හිටපු ජිල්මාට්ස් ඇද මුල්ලෙ කෙරවළේ අස්සක හන්ග්ල තියපු ගිණි පෙට්ටිය අතට ගත්තෙ කාමරේ එළිය කරන්න නෙවෙයි.. තනිකමේ පාලුවෙන් හිටපු ජිල්මාට්ස්ගෙ තොල් දෙක අතරෙ හිරවෙලා තිබුණ ගිණි බටේ පත්තුකරන්න..ගිණිකූර පත්තු කරපු වෙලේ ගින්දරට භය උණා වගේ ජිල්මාට්ස් ගැස්සුනේ කවුදෝ එකෙක් කාමරේට ඇතුලුවෙනව දැකල... යකඩෝ.. මම භය වෙච්ච තරම.. පලයන්කො පොඩ්ඩක් එළියට ගිහින් බලපන් මගේ කාමරේට ඇතුලුවෙන දොරේ මොකක්ද ලියල තියෙන්නෙ කියල... "ඔලුවට තට්ටු වෙන්නට පෙර දොරට තට්ටු කරන්න".. ඔව් ඉතින් මගේ යාලුවන්ගෙ හැටි මෙහෙමම නෙ.. මගේ කාමරේ නිකන් උන්ගෙ කාමරේ වගේ.. නිකමටවත් බිස්කට් එකක් තිබුණොත් මම කන්න ඕන ඒකෙ කොලේ... ඕන් ඔහොමයි මගේ එවුන්.. දොරේ යතුර නොදැම්මොත් ප්‍රයිවෙට් රාජකාරි කරනව බොරු..
ඉතින්...ඉතින්..බන්..මොකෝ අද කොරන්නෙ..? අඩෝ මේ පොඩි නිව්ස් එකක් ආව..නිමන්තය ලග ටොප් බඩු ටිකක් තියනවලු.. යමන්ද..? ඒ ඩින්ගට මූ මගේ ගිණි බටේ ඉස්සුව..මොනා කරන්නද..? ගෙදරට ආපු එකාට සන්ග්‍රහ කරන්නත් එපැයි.. නිමා ෆිල්ම්ස් බානව නෙවෙයි වැඩක්.. උගේ ඩැඩා රට ඉන්නකම් හොදයි.. අපි යනකොට නිමා උගේ කාමරේ දොරේ යතුරත් දාගෙන.. නිමෝ අපි ආවෝ... ඇරපන්කො බන් දොර.. අහා කොල්ල එහෙනම් මේකයි දවල්ට උඹේ රාජකාරිය.. ඒව උඹලට ඕන නැහැ බන්.. වැඩිහිටියන්ට විතරයි.. ඔව් ඉතින් අපි පොඩි හිටියොනෙ.. මොනාද අපිට ඕකෙන් ගන්න තියෙන්නෙ...? තියනව තියනව බලපන් කියල මට කොම්පියුටරේ පාලනේ මට දුන්න..
ජිල්මාට්ස් කොහේ ගියත් ආරක්ෂාව උපරිමේටම බලනව නෙ.. ඒකනෙ පොකැට්ටුවෙත් බඩු තියෙන්නෙ... යාලුවො කිව්වට මුන්ගෙනුත් ලෙඩ එන්න පුලුවන්නෙ... හිහි.. මුන් තමා විශ්වාස කොරන්නම බැරි.. එද්දි බලබලා හිටියෙත් බ්ලූ එකක් නෙ මචන් නිමා වොෂ් රූම් එකට ගිහින් වයිරස් ටික පිට කරල වරෙන් මෙතන හලන්නෙ නැතුව... කොහේ ක්තනක කොච්චර හොද වයිරස් ගාඩ් අනුන් දාගෙන හිටියත් ඒවත් ජිල්මාට්ස්ට සැකයි.. සමහරක් තැන් වල දැකල තියනව වයිරස් ගාඩ් අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගන්න කියල.. ජිල්මාට්ස් ඉතින් එයින් එකක් අරන් එයා යූස් කරන වයිරස් ගාඩ් එකත් එක්ක නිකමට බැලුව වෙනස... අපෝ... හෙන චා......
කොම්පියුටර් එකෙත් වයිරස් තියෙන්න පුලුවන්.. වයිරස් ගියාට පස්සෙ වයිරස් ගාඩ් දැම්මට වැඩක් නැහැනේ.. ඒකෙන් තේරුමක් නැහැ.. කොච්චර හොද එකක් උණත් වයිරස් එක කොම්පියුටර් එකේ තියනව කියන්නෙ..
ජිල්මාට්ස් කොම්පියුටර් එකෙ පොඩි සෙල්ලමක් දාල වයිරස් අල්ලන ක්‍රමයක් දන්නව..අල්ලපුව අයින් කරන්නත් පුලුවන්ලු... 
1. WindowsKey + R > (run)
2. type cmd  then hit enter
දන්නවනෙ ඔය එන්නෙ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක
3. type cd\ 
4. type attrib
අම්මෝ...නිමාගෙ කොම්පියුටර් එකෙ autorun.inf එක.. වෙලවට චෙක් කොලේ.. පවුනෙ බන් අහින්සකයගෙ කොම්පියුටර් එකෙනුත් මේක අයින් කරල දාන්න ඕන... බලපන්...බලපන්...උඹලගෙ කොම්පියුටර් වලත් වයිරස් තියනවද කියල.. තියනවනම් මේ විදියටවත් අයින් කරන්න බලපන්...

5. ටයිප් කරපන් attrib -h -r -s autorun.inf (මෙතන්ට වයිරස් එකේ නම දෙන්න.)
6. ටයිප් කරපන් del autorun.inf
ශරි.. දැන්
7. Ctrl + Alt + Del > Task Manager > Processes ඇවිත් ඒකෙන් autorun.inf තියනවනම් End Process  කරන්න
දැන්නම් ඉතින් ජිල්මාට්ස්ට සැටිස්... භය නැතිව pen එක ගහල උස්සන දේවල් උස්සන්න පුලුවන්.. එකේ තිබිල වයිර්ස් එකක් ගියොත් ඉතින් pen එකේ තිබිල තමයි...

Tuesday, August 14, 2012

ඕනම සිම් එකක් ඔට්ටුයි... High speed Internet...පටපට ගාල ඩවුන් කරගන්න...(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටිවන්)

සමහරු හදවතින්ම ලාoකිකයිලු... තවත් අය වී කෙයා ඕල්වේස් ලු.. තවත් අය එක්ප්‍රස් යුවර් සෙල්ෆ් ලු.... එතකොට ජිල්මාට්ස් ...? ළග මේ තුනම තියනවද කොහෙද... එහෙම උණාම මොකක්ද ...? "තුන් වේලටම ඉන්ටනෙට්"... ෂා... ඒක මරු...
එයාටෙල්....මල් කඩන්න.., මොබිටෙල් ෆ්‍රෙන්ඩ්ස්ල අතරෙ..., ඩයලොග්.. ගෙදරට.. මේ හැම එකක්ම ජිල්මාට්ස්ගෙ ඩොන්ගල් එකටත් වැටෙනව...මේ මොක වැටුනත් ජිල්මාට්ස්ගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටයි කියලයි ජිල්මාට්ස්ගෙ කතාව...මේකනම් පට්ටම වැඩක් හින්ද පිටකරන්නෙ නැහැ කියල හිතන් හිටියත් කෙල්ලෙක් ඇහුවොත් නම් එළියට පනීද කියලත් ජිල්මාට්ස්ට සැකයි.. මොනව කරන්නද..? බලෙන් ගන්නයැ.. බලමුකො..
ජිල්මාට්ස් රූම් එකට වෙලා පොඩි ඇලට් පාරක් දාගෙන ඉන්නකොට ෆෝන් එකේ පොඩි රින්ග් කට් එකක් ගියා... මෙන්න ආයෙමත් රින්ග්ස් යනව..මෙදා පොටේනම් මිස්කෝල් එකක් නම් නෙවෙයි වගේ අදුනන්නෙත් නැති නම්බර් එකක්... ඕන දෙයක් වෙද්දෙන් කියල ආන්සර් කලා... අම්මේ ස්වීටි වොයිස් එකක්... කෙලින්ම ජිල්මාට්ස්ගෙ නමින්මයි කතා කළෙත්.. හැබැයි අන්තිමට "මල්ලි" කියලත් කිව්ව වගේ මතක.. ආ අල්ලපු ගෙදර අක්කි පැටික්කි... කොහොමද මන්දා ජිල්මාට්ස්ගෙ නම්බරේ ගියේ.. ජිල්මාට්ස්  මාර ප්‍රසිද්දයිනේ..චන්දෙ ඉල්ලුවොත් කෙල්ලන්ගෙ මනාප වලින්මයි දිනන්නෙ..
මල්ලි මේකද ඔයාගෙ නම්බර් එක...?
ඔව් හලෝ ඒකනෙ මේ අපි දෙන්න කතා කරන්නෙ.. ;)
ඔයා ළග එයාටෙල් නම්බර් එකකුත් තියනව නේද..?
ඔව් අනේ..තියනව.. දැන් ඒකෙන් තමයි මූණුපොතට ලොග් වෙලා ඉන්නෙත්..
ආ...ඔයා ෆේස්බුකියෙත් ඉන්නවද..?
ඔව් අනේ ඉන්නව ඔයා නැද්ද..?
ඉන්නව..ඉන්නව..මම රික් එකක් දාන්නම්කො.. මේ ඒක නෙවෙයි ඔයා යූස් කරන්නෙ එයාටෙල් ද..? ඉන්ටනෙට් යන්න...?
මොන පිස්සුද හලෝ.. මම හැම එකක්ම යූස් කරනව..
ඉතින් ස්පීඩ් එක කොහොමද..?
ගින්දර වගේ සුපිරියටම වැඩ..
හානේ ඇත්තද..? මගේ එකත් හදල දෙන්නකෝ..
ඕව මොනවද..හරි මම හදල දෙන්නම්..
ඔයා ග්දර ද ඉන්නෙ..?
නෑ මගේ රූම් එකේ.. ඇයි එන්නද..?
මට එන්න බැහැනෙ ඉතින් ඔයා එන්නකො.. මේක ඇවිත් හදල දෙන්නකො...
මම ෆෝන් එකෙන් මෙතඩ් එක කියන්නම් ඔයාට පුලුවන් නෙ හදා ගන්න..
මට භයයි මල්ලියො ඔයා ඇවිත් හදල දෙන්නකෝ..
ම්ම්ම්... හරි මම එන්නම්..හැබැයි ගෙවන්න වෙයි හරිද...?
හරි හරි එන්නකෝ..
ජිල්මාට්ස් දුර ගමනක් යනව වගේ රෙඩි වුණා සැනින්.. පෆියුම් කුප්පිය හලා ගෙන එලියට බැස්ස..
අල්ලපු ගෙදර ගේට් එක වහල.. ගේට් එක උඩින් පනිනත් හිතුන..කෝකටත් හොදයිනෙ බෙල් එකම ගහනව..
ආ ඔයා ආවත්ද..පැටියො..
ඔව් අක්කි..ගෙදර හිටියෙත් වස කම්මැලි කමේ... අද ගෙදර කවුරුත් නැද්ද..? මොකද මේ මුලු ගෙදරම සයිලන්ට්... ඔව්..අද මම විතරයි..
ඒක ඇහුණවිතරයි ජිල්මාට්ස්ගෙ තිබුණැ පුරුෂ දහිරිය නැතිවෙලා ගිහින්.. කකුල් දෙක වෙව්ලුවත් එක්ක.. දැන් අක්කියි මමයි විතරයි අක්කිගෙ රූම් එකේ...
හිතපු නැති විදියට කොල්ලෙක් මෙහෙම තනි උණාම තියන භය... ඉක්මනට මේක හදල දීල මෙතනින් කැපන්න ඕන.. නැත්නම් ජිල්මාට්ස්ට අක්කිගෙන් මොනවයින් මොනව වෙයිද..? නැත්නම් ජිල්මාට්ස්ගෙන් අක්කියට මෙනව වෙයිද...? ඉක්මනින්ම කැපෙන එක ඇගට ගුණයි..
අක්කිය මොන සිම් යූස් කලත් ජිල්මාට්ස්ට මොකෝ.. ඕනම සිම් එකකින් හයිස්පීඩ් ඉන්ටනෙට් යන්නනෙ ඕන.. දෙන්නම් වැඩක්...

 1. start > Control Panel > network connections
 2. දැන් ඕකෙන් network connection එක right click කරල > Properties
 3.  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties
 4. use the following DNS server එකට ටික් එකක් දාන්නකෝ...
 5. Preferred DNS server  එකට 198.153.192.1
    Alternate DNS server එකට 198.153.194.1 
දීල OKකරන්නකෝ...
හරි... දැන් වැඩේ හරි.. අක්කියෝ... ආ අක්කි මට තේ එකකුත් ගෙනැත්..මම දැක්කෙත් නැහැ...
අක්කියො... මතක තියා ගන්න ඔයා ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේ network connection එකෙන් connect කරන්න...
පට පට ගාල බාගන්න.. අන්ලිමිටඩ් ස්පීඩ් එකේ ආතල් එකේ ඉන්ටනෙට් යන්න.. පට්ටයි නේ...? 
අපොයි මෙතන තවත් හිටියොත් මොනවයින් මොනව වෙයිද මන්ද.. අක්කියො..එහෙනම් මම කැපන්නෙම්ද...? දුකයි ඔයාව මෙහෙම තනිකරල දාල යන්න.. මොනව කරන්නද.. අපේ මේ සෙටාර් එක බලන් ඉන්නවනෙ මට පදයක් හදන්න...
තැන්කියු සෝ මච් මල්ලියො..
අයියෝ...ඕව මොනාද..මේ ඒක නෙවෙයි මට ලොකු උදව්වක් කරනවද...?
කියන්න මල්ලියො..
මට ඔය මල්ලිය කියන වචනෙ කපල කතාකරන්නකො..
හිහි හොදයි මෙගෙ පැටියො...
ආ...අක්කි මොකාට එන්න හදනවද ඒපාර...
කේ කේ..
 මම ගියා එහෙනම්... නම්බර් එක වෙනස් කරන්නෙ නැහැනෙ.. ;)

Thursday, August 9, 2012

Edit / Format බැරි Pen ; Edit /Format කරන ජිල්මාට්ස් (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටි වන්)

ජොනී වෝල්කර්.... තාමත් ජිල්මාට්ස් ඒකෙ පවර් එකෙන්ද කොහෙද..? ට්‍රිප් එකක් ගිහින් ඇවිත් රූම් එකට ගියා ගියාමයි.. තවම නිකමටවත් එළියට ආවෙ නැහැ.. ජිල්මාට්ස්ගෙ අම්මිට මේක මාර ප්‍රශ්ණෙ.. රූම් එකත් ලොක් කරල... අම්මි රූම් එක ලගට ඇවිත් ප්‍රශ්ණ පත්තරයක් දිග හැරිය... පුතේ ට්‍රිප් එක ගියපු යාලුවොත් එක්ක මොකක් හරි ප්‍රශ්ණයක්ද.......? මේ වගේ දේවල් අම්බානෙක ඇහුව.. ජිල්මාට්ස්ගෙන් උත්තරයක් නැතිම තැන මගෙ රත්තරන් කොල්ලට කවුරු හරි සක්කර වට්ටමක් මොනවත් කියලද...? බූට් එකක් කාලද...? කියාගෙන සාලෙ පැත්තට ගියා... පුතා අද ඩ්‍රින්ක්ස් ගත්තද කියන එකම විතරයි ඇහුවෙ නැත්තෙ.. අම්මිට පුතාගෙ කටේ කිරිසුවද තවම ගිහින් නැහැ.. හරිම අහින්සකයි.. ඒකට ගමේ කෙල්ලො සෙටාර් එක.. ඒ අයිය හරි ශෝයි නේ...? ;)
ජිල්මාට්ස් ඊයෙ පෙරේද ව්ල බැස්සෙ එයාගෙ කොළඹ සෙටාර් එකත් එක්ක හික්ක වලට... ජිල්මාට්ස්ටත් ඉතින් වල බහිනව කිව්වම වෙන වැඩක් නෑ..අම්මීන් කටේ කිරිසුවද හන්ගන්නෙ එදාටලුනෙ... රා පොල් කට්ටක රස හෙව්ව ජිල්මාට්ස්ගෙ සෙටාර් එකට මුලිච්චි උණේ.. ස්මයිර්නෝෆ් එකයි ජොනී වෝල්කර් එකයි.. ජිල්මාට්ස් නම් අමද්‍යපයි එයාගෙ අම්මි ඉස්සරහ...
රේට ඉතින් කොහේ ගියත් නිකමට හරි මූණු පොතට මූණ දාන ජිල්මාට්ස් එයාගෙන් උදව් ඉල්ලන සෙටාර් එක බලන්නත් ගියා.. යාලුවෙක් එයාගෙ රයිට් ප්‍රොටෙක්ට් වෙච්ච පෙන් එක හදා ගන්න හෙල්ප් එකක් ඉල්ලල තිබුණ.. ඒක යටින් තවත් එකෙක්.."පෙන් එකට බඩු පැකට්..පුතෝ...වෙන පෙන් එකක් ගනින්" කියල කොමෙන්ට් කරල...  ජිල්මාට්ස්ට තරු විසි උණ... ජිල්මාට්ස්ට එහෙම තරු විසි උණානම්.. උදව්ව ඉල්ලපු යාලුවට කොහොමට තරු පේන්න ඇතිද...?
ජිල්මාට්ස් යටින් කොමෙන්ට් කලා... මචන්..භය වෙන්න එපා.. මම උඹට හෙල්ප් කරන්නම්.. මට දැන්නම් විදියක් නැහ ..මම ලොකු වැඩක ඉන්නෙ කියල.. කාලෙකින් ලැබුණ චාන්ස් එක හින්ද අඩියක් ගහන්න සෙට් උණා.. සූර් උණාම මොනව කියවෙයිද කියල දැණුණ භය හින්දමයි එහෙම කිව්වෙ..
ජිල්මාට්ස් ගෙදර ආපු ගමන් රූම් එකට ගිහින් රූම් එක ලොක් කර ගත්තෙ මේ යාලුවගෙ ප්‍රශ්නෙ විසදන්න.. 
ඕන් එහෙනම්.. රයිට් ප්‍රොටෙක්ට් වෙච්ච පෙන්, චිප් හැක් කරන්න ගොඩ දා ගන්න.. ජිල්මාට්ස්ගෙන් ෆුල් සප් එක..
1. WindowsKey + R (Run)
2.  regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ....
3. HKEY_LOCAL_MACHINE > SYSTEM >CurrentControlSet > Control > StorageDevicePolicies
උඩ ක්ලික් කරල Modify දෙන්නකෝ...
4. Value Data "1" තියෙන්නේ...නේද....? අන්න ඒක බින්දුව ("0") කරල එන්ටර් කරන්න

සමාවෙන්න යහලුවනේ... සමහර අයගේ "StorageDevicePolicies" option එක disable වෙලා... ඒක ඔයාලටත් මතු උණොත් මේ ලින්ක් එකෙන් ඒක ඩවුන් කරගෙන හදාගන්න......
http://www.howtogeek.com/howto/windows-vista/registry-hack-to-disable-writing-to-usb-drives/

ඕන් එහෙනම් ජිල්මාට්ස්ගෙ සෙටාර් එක.. වැඩේ කලා එහෙනම්... මාර හැපි නේ...?
මෙන්න බොලේ සල්ලි හොයන්න තවත් පට්ටම පට්ට විදියක්... හොදට තියෙන පෙන් එකක් අරගෙන බින්දුව වෙනුවට එක දාල ඒක ආයෙමත් බින්දුව කරන්න රුපියල් සීයයි...
ෂිට්..ඒව කැතවැඩ.... දන්න දේවල් නොදන්න කොනෙකුට කියල දෙන එක ලොකු පින් කමක්.. යන්න තියන තැනකට යන්න දැන්ම ඉදල පින් අතේ වැඩම කරන්න... දන්න දේවල් නොදන්න අයට කියල දෙන්න... ඉගෙන ගනින් බදාගෙන කන්න නෙවෙයි බෙදාගෙන කන්න... ඒත් එහෙම කිව්වට බදාගෙන කන්නම ඕන සමහර දේවලුත් තියනව ඒව බෙදා ගෙන කන්න කැමතිනම් ඒවටත් අපේ කස්ටියට කලින් මේ ජිල්මාට්ස් එතන්ට එයි... එහෙව් කරන මේ ජිල්මාට්ස්ගෙ බ්ලොග් එක ඔයාගෙ ෆ්‍රෙඩාල අතරෙත් බෙදා ගන්න ශෙයා පාරක් දාන්න.. උනුත් ආස ඇති මේව ඉගෙන ගන්න... ශෙයා පාරක් දැම්මනම් ඉතින් තෑන්ක්ස් ආ..

Monday, August 6, 2012

ආතල් එකට හදපු වයිරස් එක මුලු සිස්ටම් එකම ක්‍රෑෂ් කරන වයිරස් එකක් වෙලා... ;) (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටී)

මූණු පොතේ ඉදන් කොල්ලො කෙල්ලො එක්ක බරටම චැටක් දාන වෙලාවෙ.. එකෙක් මට කින්ඩියට වගේ හෙන ටෝක්ස් වගයක් දැම්ම..ඌ එතන පොර වෙන්න හදනව කියල තේරුණ හින්දම මමත් පැත්තක් ගහල ඌ කියන බයිලෙට හ්ම්ම්ම් කිව්ව මිසක් වචනයක්වත් එළියට හැලුවෙ නෑ.. මම දිගටම ගැටිස්සියො ටිකක් එක්ක චැට.. ගැටිස්සියො නම් කීයක් කියලද..? මේ කාලෙදි ගන්න ආතල් එකක් තමයි, මොකෝ බැන්දම ගන්නයැ, එතකොට ඉතින් ඒකෙන් පිට බැහැනෙ..පිට යනවනම් ඉතින් ඒකටත් ක්‍රම තියනව... ;) ඒකනෙ ඔය ලැගුම් ගුහා තියෙන්නෙ.. ෂිට් ඒ මොන කැත වැඩද..? ඊට වඩා කොච්චර සැපද..? මේ මූණුපොතෙයි ස්කයිප් එකෙයි චැට් එක
මගෙත් කිසි සද්දයක් නැති හින්ද මූ මට ලින්ක් 1ක් එවල තිබුණ මම ඒක දැක්කෙ ඔක්කොම චැට් එක ඉවර උණාම.. මමත් ඉතින් ඒ ලින්ක් එකට ගිහින් ඒක ඩවුන් කල.. පොඩි බැට් ෆයිල් එකක්.. මමත් හරක වගේ ඒක ඩබල් ක්ලික් කලා.. හෙන ගහපි චැට් එක වෙලාවෙදි මේ රෙද්ද කලා නම් මම ලැප පොලේ ගහනව.. මොකෝ ලස්සනට ලව් ටෝක්ස් එලියට එන වෙලාවෙදි නෝට්පෑඩ් එකක් දිගටම දිගටම ඔන් වෙනව කෙලෙවරක් නැතුව.. චැට් එක ඉවර හින්ද ඇතියන්තම් ටාස්ක් මැනේජර් ඕපන් කරල ඒක නවත්ත ගත්ත.. චැට් එකේදි උණානම් ලව් ටෝක්ස් වෙනුවට දිවෙන් එලියට පනින්නෙ අමු තිත්ත පට්ට කුණුහරුප... :ඵ්
ඌටත් රිටන් එක දෙන්න ඕන හින්ද හොද ප්ලෑනක් ගහන්න ජිල්මාට්ස්ගෙ කල්පනාව.. දෙයියො බුදුන් සිහි කරනව වෙනුවට බොක්කෙ ෆ්‍රෙන්ඩ් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ට කෝල් කරල කිව්ව සීන් එක... ඌටත් බකස් ගාල හිනා.. සිරාවටම මචෝ මට මූට රිටන් එකක් දෙන්න ඕන මෙ වගේ අවලම් වැඩ නොකරන්න..
ඉතින් ජිල්මාට්ස් ආසයි නෙ නොදන්න රෙද්දවල් ඉගෙන ගන්න.. යාලුවත් එක්කම ගේම අදින්නයි කල්පනාව... ඩිස්ටර්බ් කරන්නෙ නැතිව බලන් හිටපන් නොකිය කිව්වෙ කට කොනේ හිනාවක් රන්දගෙන.. තුහ් නොදෝමකින් කියල කියන්න ජිල්මාට්ස්ගෙ දිව ඇඹරුනා ඒක් සබ්‍ය ටෝක පිට වෙන්න කලින්ම මතිෂ මට කතා කරල කිව්ව වරෙන් වරෙන් මගෙ බොක්ක උඹට කියල නොදෙන දෙයක් මම ලග නැහැ කියල.. නිකම්වත් මගේ කටින් අර වචනෙ එළියට පැන්නනම්.... කොහේ ගියත් දෙයියො මට සලකනව.. මදි නොකියන්න කෙල්ලන්ගෙ ආදරේ... මදි නොකියන්න යාලුවන්ගෙ බැදීම.. මේ හැම දේම...
දවස් දෙකකට පස්සෙ හදපු එක ටෙස්ට් කරන දවස.. හැඩුවෙ පොඩි ෆන් එකක් ගන්න, හැදුනෙ මුලු සිස්ටම් එකම ක්‍රෑෂ් කරන්න.. කොහොමද වැඩේ.. දෙන්නම් පුතෝ බැටේ උඹ මට මින් පස්සෙ අර වගේ අවලම් වැඩ නොකරන්නම..
අහා... අර ඇඹලය ඉන්නව ඔන්ලයින්.. පොඩ්ඩක් හිටපන්..
ජිල්මාට්ස් :  "හලො මචා
... කොහොමද ජීවිතෙ...? අඩෝස් මෙ එක නෙවේ සොරි මචන් එදා උබත් එක්ක චැට් කරන්න උනෙ නැත්තෙ පොඩි ෆන් වඩකට අත තිබ්බ බන්ස්..."
x: "ඈ...මොකක්ද බන් ඒ ෆන් වැඩේ.. අපිත් කැමතියි දැනගන්න.. :) "
ජිල්මාට්ස් : " ඔහෝ... උබට කියන්නම් හැබැයි මේක කාටවත් කියල දෙනව එහෙම නෙවෙයි හරිද...?"
x:  "හරි හරි බන් කියපන්කො.."
ජිල්මාට්ස් : "මෙන්න මේක notepad එකේ ලියපන්කො එහෙනම්"
@echo off
: hell
md %random%
goto hell

x: "හරි මචන් ලිව්ව..මොකක්ද බන් මේ රෙද්ද..? මට තෙරෙන්නෙ නැහැ බන්"
ජිල්මාට්ස් :උඹේ OS එක XP නේද...?
x: ඔව් බන්
ජිල්මාට්ස් : "හරි හරි දැන් ඕක උබේ නම .bat දීල විදියට කරපන්කො.. ඉන්පස්සෙ ඕක උඩ ඩබල් ක්ලික් කරපන්"
ජිල්මාට්ස් : මචෝ මට නිදි මතයි බන්ස්... මම යනවෝ... කොම්පියුටරේ හදා ගත්තු දවසක චැට් කරමුකො... මම ගියා එහෙනම්..."
අන්තිමේදි කියපු වචනෙ දැක්කෙ නැද්ද තේරුණේ නැද්ද මන්ද් ඌ මට බායි කියලත් කිව්ව..
ඌ මගේ බ්ලොග් එක දිගටම බැලුවනම් ෆෝමැට් නොකර කරප්ටඩ් ෆයිල්ස් ගොඩදා ගනීවි.. නැත්නම් ෆෝමැට් පාරක් හරි රෙපෙයාර් පාරක් හරි දා ගනීවි.. ෆෝමැට් නොකර කරප්ටඩ් ෆයිල්ස් ගොඩදා ගන්න හැටි මතකද...?
http://www.jilmarts.blogspot.com/2012/07/corrupted-windows-files.html

Saturday, August 4, 2012

විස්ටා වලත් දැන් ඉන්ටනෙට් සුපිරි වේගෙන්...(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් නයින්ටීන්...)

එක්සෑම් එකක් හින්ද මුල්ලකට වෙලා පොත අතේ තියාගෙන නිදි කිරපු ජිල්මාට්ස්ට ඊයෙ පොත පැත්තකට කරල නිදහසේ නිදාගන්න අවසරේ ලැබිච්ච වෙලාවෙ, ගත්තු ෆන් එක.... කෙල්ලො කොල්ලො සෙට් එකක් පිරිවරාගෙන දිය ඇල්ලකට ගිහින් ගත්තු ආතල් එක... ඒ වෙලාවෙනම් කොල්ලො සෙට් එක කිව්වෙ මුගේ මූණෙ තියන පෙම් පාට බලපල්ලකො කියල, අනේ මන්ද මොන හේතුවක් හින්ද එහෙම කිව්වද කියල... උඹල හිතයි එකත් එකටම මූ තවත් ගැටිස්සියක් උස්සන් ඇල්ලට ගිහින් කියල...එකියක් නෙවෙයි එතන ගැටිස්සියො 5ක් විතර හිටිය... ;) ඒ ගත්තු ආතල් එක බෝඩිමට ඇවිත් තනියම ඇදට වෙලා මතක් කරද්දිම ඒක කාබාසිනියා කරන්න කෝල් එකක්...
මචන්...
ඔව් බන් නිමා කියපන්,
උබේ සෙල්ලම් ටික මම දැම්ම බන් ඒත් වැඩේ ඒතරම්ම හරි ගියේ නැහැනෙ බන්...
මොකක්... කියන දෙයක් තේරෙන සින්හලෙන් කියපන් බන්ස්.. උඹැ මොන ෆෙද්දක් ගැන කියවනවද කියල කියන්න මට දිවැස් නැහැනෙ.. අනික මගේ සෙල්ලම් ටික අතනින් උස්සල මෙතන්ට තිවිල්ලක් මම ළග නැහැ..100%ක් ටෙස්ටඩ්... කියන දේ තේරෙන්න කියපන්කො..
අනේ බන්, උඹ අර කියල දීපු ඉන්ටනෙට් වේගෙ වැඩිකරගන්න මෙතොඩ්ස් ඔක්කොම මම කලා බන්, ඒත් එච්චර ස්පීඩ් එකක් නම් නැහැ..හැබැයි කලින්ට වඩානම් ටිකක් ස්පීඩ්...
මචෝ, මම මැච් එක ගහල දිනුවොත් විතරයි උඹලට මැච් එකට  එන්ටර් වෙන්න දෙන්නෙ, ඒ හින්ද මට කියපන් මම කියපු විදියටම උඹ සෙල්ලම ප්ලේ කලාද...?
ඔව් මචන්,
හ්ම්ම්ම්, උඹේ තියෙන්නෙ  Vista ද...?
ඔව් බන්...
අහා.... මචන්.. මටත් ඔය පුරස්නෙ ආව බන්... ගොඩාක් එවුන් යූස් කරන්නෙ හින්ද තමයි මැච් එක භාගෙට ප්ලේ කර කර තියෙද්දිම උඹලට සෙල්ලම කියල දුන්නෙ...  ඒකත් දැන් මම දිනල තියෙන්නෙ බන්ස්.. එහෙනම් උඹ මගේ 19 වෙනි සෙල්ලමෙන් ඉගෙනගෙන සෙල්ලම් කරන්න පිට්ටනියට බැහැපන්.. මම මේ ඊයෙ ගත්තු ආතල් මතක් කරකර ඇදට වෙලා හිටියෙ..
ජිල්මාට්ස් ෆෝන් එකෙන් හිටපු කෝල් එක කට් කලා... කට් කලා නෙවෙයි බැටරි නැතිව කට් උනා... ;)
මචන් නිමා... සොරි බන් ඊයෙ උන කේස් එකට.. උඹේ කෝල් එක කට් කලා නෙවෙයි බන් ෆෝන් එකේ බැටරිය බැහැල... 19 වෙනි සෙල්ලමෙන්ම උඹේ පුරස්නෙ විසදනව කියල මට හිතුණ.. ඕන් එහෙනම් නිමාට විතරක් නෙවේ ජිල්මාට්ස්ගෙ යාලුවො ඔක්කොටම
ජිල්මාට්ස් වින්ඩෝස් විස්ටා වලට ඉන්ටනෙට් වේගය ආරූඩ කලේ මෙහෙමයි..
1. Internet Explorer > Tools > Options
2. Advance එකේ... Use TLS 1.0 ටික් එක අයින් කරල Use TLS 2.0 එකට ටික් එකක් දාන්නකො..
ඊළගට...
3. Windows Key + R > type : cmd දීල එන්ටර් කරන්න
4. netsh interface tcp set global autotuninglevel = disabled කියල කොටල ඔබන්නකො..
ශරි.... දැන් එහෙනම්  ඇස් දෙක පියාගෙන ජිල්මාට්ස්ව මතක් කරගෙන කොම්පියුටරේ restart කරන්නකො... මතක තියාගන්න ජිල්මාට්ස් මතක් කරගෙන කොම්පියුටරේ restart කරන්න.. ඒක එක්තරා කෙමක්....  ජිල්මාට්ස් ගැන ඔයාලගෙ කොම්පියුටර් උණ ඔලුවටම ගහපු උන්ටත් කියන්න... ප්‍රතිඵල අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.... :D

Tuesday, July 31, 2012

Google Chrome එකටත් ගේම අදින ජිල්මාට්ස් (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් එයිටීන්)


ජීවිතේ කියන්නෙ මහ අරුම පුදුම දේවල් වලින් පිරුණ එකක්... බඩ පැලෙන්න හිනාවෙන්න... ඒ වගේම තමයි, දුක එන කොට එන්නෙ පපුව පැලිල කොයිවෙලේ මැරෙයිද? කියල කියන්නවත් බැරිතරමටම දුක් දෙන තේරුම් ගන්න බැරි ජීවිතයක්
පහුගිය දවස් ටිකෙත් මේ ජිල්මාට්ස්ටත් දුක වාවගන්න බැරිව හිටියෙ, මොකද එයා එයාගෙ පණටත් වඩා ආදරේ කරන දෙන්නෙක්ම  ඉස්පිරිතාලෙ හදිසි අනතුරු වෝඩ් එකට ඇතුලත් කරලයි තිබුණෙ.. එකත් එකටම උඹල දැනටමත් හිතනව ඇති අනිවා මූ කෙල්ලො දෙන්නෙක් අමාරුවෙ දාල තමයි කියල... පිස්සුද...? කවදත් කොල්ලෙක්ට වැරදුනොත් උදව්වට ඉන්නෙ කොල්ලෙක්ම නෙ.. ඉතින් මේ ජිල්මාට්ස් ට ආදරේ කරන එයාගෙ යහලුවන්ට, ජිල්මාට්ස් ගොඩාක් ආදරේ කරනව.. මූණු පොතට ආවොත් ආයෙ යන්නෙ මොන වැඩේ තිබුණත් ඒවත් එක්කම චැට් එකත් අදිනව...
ජිල්මාට්ස්ගෙ මල්ලියි එයාගෙ හොදම යහලුවෙකුයි ඇක්සිඩන්ට් වෙලා හිටිය ඒ අස්සෙ එක්සෑම් එකකුත් වැටිල... ඉතින් ෆුල් අප්සට් එකේ තමයි ඇද්දෙ..ඒ අතරෙ යාලුවන්ගෙන් තොරතෝoචියක් නැතුව එක දිගටම මැසෙජ්...කෝල්ස්... ඉස්පිරිතාලෙ බිත්ති 4කට කොටුවෙලා හිටපු ජිල්මාට්ස්ට ඒක ලොකු උදව්වක්...
බ්ලොග් එකේ අලුත් සෙල්ලම් පරක්කු හින්ද, මේ මෙලෝ දෙයක් දන්නෙ නැතිව කසුන් දිනෙල්ක කියල ජිල්මාට්ස්ගෙ ෆ්‍රෙඩෙක් ජිල්මාට්ස්ට කෝල් කරනව...
මචෝ..."පට්ට සයිට්.. එක තව තව සෙල්ලම් අපිටත් කියල දියන්කො,ඇයි ලියන එක නැවැත්තුවද...? උඹ කැමති නැද්ද අපි මේ සෙල්ලම් ඉගෙනගෙන ගන්නවට..? කියල... අම්මපා.., කසුනා ළග හිටියනම්..අතට අහුවෙන එකෙන් දමල අනින්න තරම් කේන්තියක් ආව.. පස්සෙ විතරේ කිව්වම ඌටම දුක හිතිල දවස් ගානක් මාව දයිරිය කරන්නම කතාකලා.. පවු කියලත් හිතුන මට..
පස්සෙ මමම කතාකරා.. ඒ දවස් ටිකට මාර විදියට ෆිට් උණා...
හිතේ පොඩියට හරි සතුටක් ආව දවසක මම ආයෙමත් කසුන්ට කතාකරල එයාගෙන්ම මීළගට දාන්න ඕනෙ මොනවගේ සෙල්ලමක්ද කියල ඇහුවම එකපාරටම උගේ කටින් පිට උනේ මචෝ උඹ දැනට Google එකටයි FireFox එකටයි ගේමක් දීපු එකේ, Chrome එකටත් ගේමක් ඇදපන් කියල...
පට්ට අයිඩියා පාර... තේ කහට එකක් බීලම සුභ මෙහොතින් වැඩේට අත තිබ්බ.. අපිට ඉතින් කොයින්ද කිරිකෝපි... ? ජිල්මාට්ස්ගේ ට්‍රයි එක ලොක්කයියගෙ නගාව අල්ල ගන්න නෙ... වෙන එකකට ට්‍රයි කලානම් මේ වෙනකොට ඒ අතින්ම මට කිරිකෝපි නෙවෙයි හැම දේම අතළගටම.. අතටත් නිදහසක් ලැබෙනව.. කොහෙද ඉතින් අතට නිදහසක් නැහැනෙ.. එළිවෙනකනුත් වැඩ..  මොනව කරන්නද...? ආ.... කසුන්ගෙ වැඩෙත්  අමතක වෙනව..
ඕන් එහෙනම් කියන්නම්.. ජිල්මාට්ස්ගෙන් උදව් අරන් එක ස්පීඩ් කරගෙන බලන්නකො.. පස්සෙ අද රෑට දවසේ සිදුවීම් මතක් කොරන් වෙනවෙන වැඩ කරනව වෙනුවට අද රෑටවත් ඇදට ගිහින් ජිල්මාට්ස්ට පින් දියන්...
එහෙනම් මුලින්ම මෙන්න මෙහෙමයි වෙන්න ඕන...
1. press > Ctrl + Alt + Del  එහෙනම් මුලින්ම මෙන්න මෙහෙමයි වෙන්න ඕන...
2.  Process ටැබ් එකේ... google-chrome.exe  රයිට් ක්ලික් කරල  set Priority High කියල දෙන්න... (මතක තියාගන්න.. මේක ඔයා කොම්පියුටර් එකෙන් එන හැම වෙලාවකදිම කරන්න ඕන දෙයක්..මේකම විතරයි ඔයා වෙනස් කරන දේ සේව් වෙන්නෙ නැත්තෙ.. අනිත් කරන හැම මගුලක්ම කරන්න ඕන නැහැ හරිද...?  )
3.  Chrome URL එකේ...chrome://flags  ටයිප් කරල එන්ටර්....
4.  GPU compositing on all pages
     GPU Accelerated SVG and CSS Filters  මේ දෙකම enable  කරල re-launch  කරපන්කො.
5. ඊට පස්සෙ... settings > Appearance ටික් දෙකම අයින් කරපන්කො...
6.  Privacy > 
* Use a prediction service to help complete searches and URLs typed in the address bar
* Predict network actions to improve page load performance
* Enable phishing and malware protection
* Use a web service to help resolve spelling errors
    ටික් ටිකක් දාපන්කො...
7. Language >  Offer to translate pages that aren't in a language I read එකේ තියෙන ටික් එක අයින් කරපන්කො...
8.  HTTPS/SSL >  Check for server certificate revocation එකෙත් තියෙන ටික් එක අයින් කරපන්කො...
9. Settings > Tools > Clear all browsing data  මේ එන හැම එකක්ම ඩිලීට් කරල දාල ආයෙමත් chrome restart කරල බලමුකො....

වැඩේ හරි ගියොත් ජිල්මාට්ස් වෙනුවෙන් උඹල එකක් කරපන්.. මේ වෙනකොට ජිල්මාට්ස්ගෙ මල්ලි කෙනෙකුයි යාලුවෙකුයි ඉස්පිරිතාලෙ ඇදක් උඩ..  ඒ දෙන්නම මේ අවුරුද්දෙ උසස් පෙළ විභාගෙට ගණිත අශයෙන් ලියන්න ඉන්නෙ... ඒ දෙන්නටම ඉක්මනින් හොදවෙලා විභාගෙන් පාස් වෙන්න උඹල අදහන දෙවියන්ගෙන් ඉල්ලන්න... අන්න එච්චරයි මෙදා ජිල්මාට්ස් උඹලගෙන් ඉල්ලන්නෙ.. ඒ අහින්සක ඉල්ලීමක් විතරයි... 

Tuesday, July 17, 2012

තුට්ටු දෙකේ වැඩ කරන හැකර් බයියලාට එරෙහිව අපි....(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සෙවන්ටීන්)


යුද්ධෙ...යුද්ධෙ... ගහමරා ගැනීම්..ඇනකොටා ගැනීම් හැමතැනම... පත්තරයක් දිග හැරියොත් කෙල්ලෙක් දූෂණය කරල කියයි එහෙමත් නැත්නම් කොහේහරි ඇනගැනිල්ලක්... මොනවහරි අයිතිකරගන්න දගලන දැගලිල්ලෙ හැටියට පාරෙ බැහැල යන්නත් බයයි.. ඊයෙ පෙරේද දවසක ජිල්මාට්ස්ට කෝල් එකක් ආව.. කෙල්ලෙකුගෙන් නෙවෙයි ජිල්මාට්ස්ගෙ බොක්කෙ ෆ්‍රෙඩෙකුගෙන්.. ඌටත් ගේමක් ඇදල කියල තමයි කිව්වෙ හෙල්ප් එකක් ගන්නයි කතාව...
 පුoචි කාලෙ..පොඩි පොඩි ආතල් ගත්තු... ෆන් ගත්තු හැටි මට තවමත් මැවිල පෙනෙනව.. ඒත් මේ ලෝකෙ වෙනස් වෙනව කියන්නෙ... ඒ ගත්තු ආතල් තරම්නම් අද අපි ඉන්ටනෙට් එකට සෙට් වෙලා මොන ෆන්ද..? ෆේස්බුක් එකේ ඉදන් කෙල්ලෙකුට ටෝක්කරනව... අනoමනo සයිට්ස් වලට ගිහින් වැලක් බලනව.. එකත් ඉතින් පොඩි කික් එකක් එන වැඩක් තමයි.. දැන් ඉන්ටනෙට් එකේ ඉදන්  සිගිති ආතල් ගන්න තුට්ටු දෙකේ හැකර් බයියල බිහිවෙලා... කොච්චර උණත් කලින් මට පොඩි භයකුත් තිබුණ සයිබර් ලෝකෙ සැරිසරන්න....
දැන් ඉන්ටර්නෙට් එකේ තුට්ටු දෙකේ හැකර් බයියල ඕනතරම්.. උගේ ෆේස්බුක් එක බේරගන්නෙ මෙහෙමයි කියල ජිල්මාට්ස් පළවෙනි ආටිකල් එකේදිම කියල දුන්න, ඒත් ඒක බයිලාවක් කියල සමහරු මුලින්ම මඩ ගැහුව.. ඒකෙන්ම තමයි ජිල්මාට්ස් තීරණය කලේ ජිල්මාට්ස් බ්ලොග් එක හදන්න.. ඒවයින් වැඩක් නැහැ.. දැන්වත් 
http://jilmarts.blogspot.com/2012/06/facebook.html
 ඉන්පස්සෙ මේකත් බලපන්..
කීලොගර්ල... වගේ තුට්ටු දෙකේ හැකර් බයියලගෙන් බේරෙණ ක්‍රමයක් ජිල්මාට්ස්ට අහුවුණා.. ඉතින් ජිල්මාට්ස් දන්න දේ බෙදාගන්න කැමති එකානේ.. අනික් එවුන් වගේ තනියම බුදුවෙන්න හදන ඩයල් එකක් නෙවෙයි කියල උඹලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..
මෙ තුට්ටු දෙකේ වැඩකරන කීලොගර්ල වගේ හැකර් බයියල ගැන ඔයාල නොදන්න දේත්..උන්ගෙ ඇහැට වැලිගහල උන්ට කොකා පෙන්නන හැටිත් කියල දෙන්න තමයි මෙච්චර මේ දැගලුවෙ..
දන්නවද කීලොගර් කියන්නෙ මොකුන්ද කියන්නේ....?  උඹලගෙ කොම්පියුටර් එකට කීලොගර් හදල ලින්ක්ස් එවනව.. අපිත් ඉතින් ගොන්නු වගේ ඒක උඩ ටික් කරාම ඒව ඉන්ස්ටෝල් කරන්න බැහැ කියල මැසේජ් එකක් ආවත් දන්නෙම නැතුව උඹේ කොම්පියුටර් එකේ ඉන්ස්ටෝල් වෙලා... ඒකෙන් වෙන්නෙ.. උඹ කොම්පියුටර් එකේ කරන හැම මගුලක්ම උන්ගෙ මැෂින් එකට යනව.. ඒකියන්නෙ ඉතින් උඹලගෙ එකවුන්ට්ස් වලට බඩු පැකට්...
තොප්පිය හරිද...? දාගත්තද...?
දැන් ඉතින් මොකෝ කරන්නෙ කියල උඹල හිතයි.. සතේකට භය වෙන්නෙපා... ජිල්මාට්ස් උඹලත් එක්ක ඉන්නව.. ඕන් එහෙනම් මචෝ මෙන්න මේක ඩවුන් කරගෙන ඉන්ස්ටෝල් කරන් ඉදපන් ඔය වගේ තුට්ටු දෙකේ හැකර් බයියලට කොකා පෙන්නමු...
License Key : DOCTUS-ORG-2012

දැන්ම ක්‍රියාත්මක වන්න... ආරක්ෂක උපාoග භාවිතා කරන්න.. ඇනගන්න එන එවුන්ට අපි අනිමු...

Sunday, July 8, 2012

NTLDR is missing Press Ctrl+Alt+Del to restart ජිල්මාට්ස් කරයිද ෆෝමැට් :P (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සික්ස්ටීන්)

ප්‍රශ්ණයක් නෙවෙයි නම් ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු...
හැමදේම දූෂිතයි... ජරාවයි... ඒ හින්ද දූෂණය වෙන්න කලින්ම.. කඩාගන්න කලින්ම වින්ඩෝස් බේරගමු කියල කට ගන්න උණේ නැහැ, අපෙ ලොක්කයිය කැඩිල කැඩිල කියාගෙන ජිල්මාට්ස්ව සොයාගෙන ආව.. ජිල්මාට්ස්ගෙ අම්මිට මේව ඉතින් අහලම පුරුදුයි..මොකෝ ජිල්මාට්ස්ව මීට් වෙන්න එන ඔක්කොම එන්නෙ කඩාගත්තු එවුන් නෙ... ;)
ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ කියල ජිල්මාට්ස් අහපි.. "NTLDR is missing" කියල මැසේජ් එකක් එනව කියල ලොක්කයිය  කියපි...  මම හිතුවෙ පොඩි නoගිගෙ කියල... :P
ඇයි ලොක්කෝ.... මගේ කලින් ආටිකල් එක කියවල ඕක කැඩෙන්න කලින්ම හදාගන්න තිබුණනෙ... කොහෙද ඉතින්... උඹෙත් අලි ඔලුව නෙ... කියල දෙන ඒව මෙලෝ රහක් නැහැ කිය කිය හිටිය මිසක්... දැන් තේරෙනව ඇතිනෙ රගේ... කේ..කේ... ඒවයින් දැන් වැඩක් නැහැනෙ... කඩාගත්තු දේවලුත් හදන ලෝකෙ...කඩාගත්තු දෙයකුත් තියෙන්න ඕන නෙ.... ;)
ඇත්තටම උඹ දන්නවද ලොක්කෝ ඇයි මෙහෙම වෙන්නෙ කියල...?
1. සමහර විට උඹ ඔය වින්ඩෝස් නැති පාටිෂන් එකකින් රන් කරන්න යනව වෙන්න පුලුවන්...
2. නැත්නම්.. පවර් කේබල් එක හරි ඩේට කේබල් එක ගැලවිලා වෙන්න පුලුවන්...
3. එහෙමත්ම නැත්නම්.. ඔය කියන ෆයිල් එකට වයිරස් අප්පො කෙනෙක් ගේමක් දීල වෙන්න පුලුවන්..
කජු කන ලෝකෙ මේකත් ලොකු කජ්ජක්ද...? දාමු බලන්න XP CD එක... ඒපාර උඹ හිතයි..හරි හරි ෆෝමැට් පාරක් තමයි අදින්න යන්නෙ කියල... පිස්සුද බන්...?  ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු... ;)
1. CD එකෙන් බූට් කරද්දි අහයි repairද කියල යස්.. R දීල enter කරන්න
2. පස්සෙ වින්ඩෝස් ලෝඩ් කරන්න 1 දීල enter කරන්න
3. ඇඩ්මින් පාස්වර්ඩ් එක අහයි... පාස්වර්ඩ් එකත් දීල එන්ටර් වෙන්නකෝ...
4.  copy e:\i386\ntldr c:\ කියල ට්යිප් කරන්නකෝ....කිව්වෙ ලොක්කයියගෙ CD drive එකේ ලෙටර් එක ;)
5. ඉන්පස්සෙත්.... copy e:\i386\ntdetect.com c:\ කියල ට්යිප් කරන්නකෝ
6. තවත් එකක් ඕකෙම ටයිප් කරන්න මෙන්න මෙහෙම... bootcfg /rebuild
7. බූට් කරන්නද අහයි Yes කියන්නෙ Y වලින් නෙ.. ඔන්න Y දීල enter කරමුකො
8. බලන් ඉන්නෙ ඇයි? CD එක එලියට අරන්.. කොම්පියුටරේ ආයෙමත් ON කරන්නකො..

ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු... ගින්දර වගේ ෆෝමැට් නොකර වින්ඩෝස් හදාගත්ත එහෙනම්... ;)
කොම්පියුටරේ කඩාගන්න නෙවෙයි හදාගන්න අමතන්න ජිල්මාට්ස්ව... විශේෂ වෙන වෙන දේවල් කඩාගන්න තියනවනම් ඉතින් ජිල්මාට්ස් විතරක්ම නෙවෙයි නෙ ඔය ඉන්නෙ හැම තැනම...  ;) විශේෂ ඇරයුමක් එහෙම තියනවනම් ඒව අහක දාන්නත් ජිල්මාට්ස් කැමති නැහැ ;)

Tuesday, July 3, 2012

ෆෝමැට් නොකර corrupted windows files ගොඩදාගනිමු(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ෆිෆ්ටීන්....)

දූෂණය උන වින්ඩෝස් ලස්සනට හදන ජිල්මාට්ස්.....
කඩාගත්තු දේවල්..... දූෂණය කරගත්තු දේවල්... ලස්සනට කිසිම දෙයක් නොවුණ විදියට හදල දෙන තාක්ෂණයක් අද තියෙන්නෙ.. දූෂිත කිසිම දෙයක් අද කිසිම දෙයක් සොයාගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ වැඩක්.. එහෙව් එකේ කොම්පියුටරේ දූෂිතයි ... දූෂණය වෙලා... වින්ඩෝස් වලට කෙලවෙලා කියල අහන එකත් ජිල්මාට්ස්ට ප්‍රශ්ණයක් වෙලා තිබුණ කාලයක් තිබුණ... කොම්පියුටර් එකේ හැම අස්සකම රිoගන ජිල්මාට්ස්ට මේවගේ දෙයක් අහන එකත් අවනම්බුයි... ඉතින් ජිල්මාට්ස් දූෂණය වුණ කොම්පියුටරේ වින්ඩෝස් ලස්සනට හදන්න ක්‍රමයක් ඉල්ලල බිල් ගේට්ස් මාමට කතා කලා.. කොහෙද ඇපොයින්මන්ට්ස්  ඕනලු නෙ.. මොන මගුලක්ද...? අපේ මහින්ද මාමටත් වඩා ලොක්කෙක්ලු නේ..
ඉතින් දවස් ගානක් රැකල ඉදල බිල්ල මාමත් එක්ක පොඩි චැටක් දැම්ම... එයත් ජිල්මාට්ස් වගේ බිසි පොරක්ලු නේ... හැබැයි ජිල්මාට්ස්ට කෙල්ලෙක් එහෙම සෙට් වුණොත් මොන බිසි ද...? තව ටිකක් ඉමුකො අනේ...තමයි...
කිව්ව විතරයි... ජිල්මාට්ස්ට කෙල්ලන්ගෙන්නම් අඩුවක් නෑ..... කියන කොටත් මූණුපොතේ චැට් එකට කෙල්ලෙක් ඇවිත්...
පවු අනේ... අද කෙල්ලත් එක්ක චැට බැරිවෙයි... මම ලොකු වැඩක් නේ... හෙලො...කෙල්ලේ... කොහොමද ඉතින්... පවු..පවු.. චැට් කරනව...
අහ්.... බිල් මාම කියපු එක...උඹලගෙ කණේ තිබ්බෙ නැහැනෙ...තව පොඩ්ඩෙන් අමතක වෙනව ;)  එහෙනම්... දූෂණය වෙච්ච... කුණු වෙච්ච.. වින්ඩෝස් ෆයිල්ස් ලස්සනට හදල ගන්න විදිය තමයි බිල්ල මාම ජිල්මාට්ස්ට කියල දුන්නෙ ... මම උඹලට කියල දෙන්නම්...කෙල්ලො වගේද...? උඹේ දූෂණේ වෙච්ච එක හදන එක.. ;)
ඕන් එහෙනම්
උඹලගෙ OS එකට අදාළ Windows XP, Widows7, Vista CD/DVD එක ඩ්‍රයිව්(cd/dvd drive) එකට දාල.....
Start > Run > type "CMD"
type "sfc /scannow"   enter
ඔය හදන් එන්නෙ අපූරුවට... ලස්සනට.... බලන්න වින්ඩෝස් මොනවත්ම නොවුණ වගේ රගේ දාන හැටි... මගෙ කට අවුස්ස ගන්න එපා.. ජිල්මාට්ස් හින්ද බේරුණා කියල හිතාගනින්... නැත්නම් දාපන්කො ආයෙමත් ෆෝමැට් එකක්...හාඩ් එකත් ෆෝමැට් කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක්  විතරයි දැනට කීපාරක් ෆෝමැට් කලාද...?ඇති යන්තම් බේරුණා....
ෆෝමැට් නොකර corrupt windows files ගොඩදාගනිමු

Saturday, June 30, 2012

කඩාගත්තු දේවල් හදන ලෝකෙ..කඩන්න බැහැ කියන Start-Up-Key (syskey) කඩන ජිල්මාට්ස්.... (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ෆෝටීන්...)

මුලින්ම කියන්නම්... මේක තාක්ෂණික ලෝකයක්.. අද තියන දේ නෙවෙයි හෙට.. හැමදේම වෙනස් වෙනව... කඩාගත්තු දේවලුත් හදන ලෝකෙක අපි ඉන්නෙ..
දවසක් ජිල්මාට්ස් මූණුපොතේ කරක්ගහන කොට දැකපු අපූරු ලියමනක් දැකල නැවතුනේ වැදගත් කියල හිතපු හින්දා..ඒක නිකම්ම නිකන් හෑල්ලක්වත් වැදගම්මකට නැති රෙද්දක් ගැන ලියවිච්ච එකක් නෙවෙයි..ජිල්මාට්ස්ට ඒක දැකපු වෙලේ ඉදන් පොඩි රුදාවක් ආව..කියල තියන දේ බොරු කියල පෙන්නන්න.. රුදාව මොකක්ද කියල උඹල දන්නවත් ඇති..ජිල්මාට්ස් කැමතිනෙ ඉතින් චැලේන්ජ් වලට..චැලේන්ජ් කිව්වම පොඩි ඇම්මක්යැ ජිල්මාට්ස්ට තියෙන්නෙ..
මේ හැම දෙයක්ම වෙනස් වෙන වෙනස් කරන ලෝකෙ ජිල්මාට්ස්ගෙ මේ ට්‍රයි එක කඩන්න බැහැ කියල කියන Start-Up-Key එක කඩන්න... ඒ මූණුපොතේ ලස්සනට ලියල තිබ්බෙ කඩන්න බැහැ, කඩන එකා රියල් වැඩර් කෙනෙක් කියල.. රියල් වැඩර් කොහොම උණත්.. රියල් ගේමක් අදින්න ජිල්මාට්ස් හිතාගෙන අභියෝගෙ භාර ගත්ත.. :)
මොකක්ද මේ Start-Up-Key කියන්නෙ කියල දන්න එවුනුත් නොදන්න එවුනුත් ඇති.. ඔය කොයි කාට කාටත් දැනගන්න මෙහෙම කියන්නම්...
සුපිරි ගණයේ පාස්වර්ඩ් එකක් කිව්වොත් හරි.. මූණුපොතේදි ජිල්මාට්ස් දැකපු ලියමනේ නම් තිබුණෙ ඒක කඩන්න බැහැ කියල.. කොහොම උණත් දැන් ජිල්මාට්ස් එක්ක ඒක කරලම බලමුකෝ..
එහෙනම් දාගමු බලන්න Start-Up-Key එකක් කඩලම බලන්න..
මෙන්න මෙහෙම දාගනින්කො..
Start > Run >   = type "syskey"
tik on : encryption enable
click : Update
set Password

දැන් කොම්පියුටරේ restart කරපන්කො
ජිල්මාට්ස් ගෙ මේ ට්‍රයි එක මේ Start-Up-Key කඩන්න..
ජිල්මාට්ස් රෑ එළිවෙනකම් ඇම්ම හොදකරගන්න දැගලුව.. හරි වගේ.. ජිල්මාට්ස් මේවෙනකොට windows XP . Vista  > Start-Up-Key එකට රියල් ගේමක් දීල..
ජිල්මාට්ස්ට පුන්චි එකෙක් හෙල්ප් කොලා කියන්නෙ.... පුන්චි උණත් හරිම සැරයිලු මොකක්ද එක...
මෙන්න මූ තමයි ජිල්මාට්ස්ට මේ ගේම දිනන්න ෆුල් සප් එක දීපු බඩ්ඩ.. මේ අල්ලගනින්කො.. 
http://www.mediafire.com/download/8o6fi8zp2pg6t2p/Syskey_Remover.rar
මූ රියල් ඩයල් එකක් හෙමිච්ච වගේ හිටියට boot-able CD  එකක්..
අල්ලල ඉවරවෙලා, උඹලගෙ පුච්චන එකෙන් ISO විදියට පුච්චල boot කරල  බලපන්කො..  windows 7 එකෙ Start-Up-Key එකට ගේම අදින්න ජිල්මාට්ස්ගෙ ලැබ් එකේ පර්යේෂණ කරනව.. ඒකත් උඹලට ජිල්මාට්ස් ලගදිම දේවි.. ඉවසපල්ලකො..
අහා... අද 2014 පෙබරවාරියේ දිනයක්.. පෝස්ටුව අලුත් කලා ජිලාගේ අලුත් බවත්  එක්ක... මොකද එදා windows7 මෙහෙයුම්පද්ධතියට සැකසුනක් නොවූ නිසාත් එදා windows7 සදහා පර්යේෂණමය මට්ටමේ පැවති නිසා... මීට මාස කිහිපයකට උඩදියි windows7 සදහාද සුදුසු මට්ටමකට පත්කරමින්  මෙය සාර්ථකව නිමැවීමක්  වූයේ.. ඉතින් ඔන්න අදවනවිට  windows 7 සදහා මෙම ජිලාගේ නිර්මාණය සාර්ථකව වැඩ ඈ...
…මීළග මෙහෙයුම Windows 8 සදහා.... එයත් ළගදීම බලාපොරොත්තුවන්න... 

Thursday, June 28, 2012

ඇඩ්මින් පාස්වර්ඩ් එක අමතක උණොත්...ලොග් වෙලත් හමාරද...? (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් තර්ටීන්...)


ඇත්තටම ඇයි උඹල පාස්වර්ඩ් දාගෙන කොම්පියුටරේ පාවිච්චිකරන්නෙ...?  ආරක්ෂාවටද...? ඇඩ් එකටද...? නැත්නම්.....වෙන මොකක් හරි අමාරුවකටද...? මේ ජිල්මාට්ස් නම් ඉතින් හැම වෙලේම ඇඩ් එක කෙසේ වෙතත් ආරක්ෂාවනම් ටිකක් බලනව..ඒකනෙ පොකැට්ටුවෙත් ආරක්ෂක ටූලස් තියෙන්නෙ.. ;)  මේකාලෙ ආරක්ෂාව නැතිවම බැහැනෙ..මොන වෙලේ වයිරස්... සතුරු ප්‍රරහාර කියන්න බැහැනෙ..
අපෙ ලොක්කයියත්, ආරක්ෂාව උපරිමෙන්ම බලනවද කොහෙද... ඒකනෙ ඊයෙ හවස පාස්වර්ඩ් එක අමතකයි මල්ලියො මොකද කරන්නෙ කියාගෙන ආවෙ..  
මෙහෙම සීන් එකක් උණොත් මොකද කරන්නෙ...? ෆෝමැට් කරනවද...? පාස්වර්ඩ් කටර් එකක් දාගෙන දගලනවද...? ඔය ක්‍රරම දෙකම හරි... ඒත්... මේ ජිල්මාට්ස්ට ඕන වෙනසක් නෙ..
සරලම ක්‍ර‍රමයකින් මේ ජිල්මාට්ස් ඕකට ජිල්මාට් එකක් දැම්ම...
අයියගෙ හාඩ්(hard) එක ගලවගෙන ඇවිත්. වෙන කොම්පියුටර් එකකට හයි කලා.. හැමදාටම නෙවෙයි හලෝ විනාඩි 5කට.. කොම්පියුටර් එක ඔන් කලේ ලොක්කයියගෙ හාඩ් එකෙන් නෙවෙයි  හැබැයි.. තිබුණ එකෙන්.. ඒක කරගන්න දන්නවද...? කොම්පියුටර් එක ඔන් කරද්දිම බයොස් ඕපන් කරල බූට් ඔප්ෂන් වලින් බූට් ප්‍ර‍යෝරිටි හැදුව..   
මොකක්... බයොස්...?  ජිල්මාට්ස් ඕව දන්නවට අපි දන්නවැයැ කියල උඹල හිතයි.. ඕන් එහෙනම් උඹලත් දැනගනින්.. දැකල තියනවද කොම්පියුටර් එක ඔන් කරද්දි සෙට්ටප් කියල ඔප්ෂන් එකක් එනව.., ගොඩක් කොම්පියුටර් වල F2 කී එක තමයි Enter තියෙන්නෙ අන්න ඒක තමයි ඔය බයොස් කියල හැමෝම කියවන්නෙ.. ඒකෙන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්.. අනිත් ඒවත් ඉතින් මේ ජිල්මාට්ස්ගෙන් ඉගෙනගන්න පුලුවන් වෙයි ඉවසපල්ලකො.  එකක් තමයි මේ බූට් ප්‍රයෝරිටි චේන්ජ් කරනව කියන්නෙ..
ඉන්පස්සෙ...
ලොක්කයියගෙ හාඩ් එක ඕපන් කරලා..
ඒකෙ :
1.  Windows > System32 > Config
ඒකෙ තියනව.. SAM.exe , SAM.log මේ දෙකම delete කරල දාල ලොක්කයියගෙ හාඩ් එක  එයාගෙ කොම්පියුටර් එකට ෆිට් කරල ඔන් කලා...  මේන්.. පාස්වර්ඩ් එන්ටර් කරන්නෙ නැතිවම ලොග් උණා...
ජිල්මාට්ස් ගෙ ජිල්මාට් වැඩේ පට්ටයි කියල ලොක්කයිය මට ගල් භාගයක් අරන් දෙන්න කතාකලා...  ෂිට්... ගල්.... මොනව කරන්නද...? ලද දෙයින් සතුටු වෙන්න කියල මට මගේ අම්ම කියල තියනව..