Saturday, June 30, 2012

කඩාගත්තු දේවල් හදන ලෝකෙ..කඩන්න බැහැ කියන Start-Up-Key (syskey) කඩන ජිල්මාට්ස්.... (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ෆෝටීන්...)

මුලින්ම කියන්නම්... මේක තාක්ෂණික ලෝකයක්.. අද තියන දේ නෙවෙයි හෙට.. හැමදේම වෙනස් වෙනව... කඩාගත්තු දේවලුත් හදන ලෝකෙක අපි ඉන්නෙ..
දවසක් ජිල්මාට්ස් මූණුපොතේ කරක්ගහන කොට දැකපු අපූරු ලියමනක් දැකල නැවතුනේ වැදගත් කියල හිතපු හින්දා..ඒක නිකම්ම නිකන් හෑල්ලක්වත් වැදගම්මකට නැති රෙද්දක් ගැන ලියවිච්ච එකක් නෙවෙයි..ජිල්මාට්ස්ට ඒක දැකපු වෙලේ ඉදන් පොඩි රුදාවක් ආව..කියල තියන දේ බොරු කියල පෙන්නන්න.. රුදාව මොකක්ද කියල උඹල දන්නවත් ඇති..ජිල්මාට්ස් කැමතිනෙ ඉතින් චැලේන්ජ් වලට..චැලේන්ජ් කිව්වම පොඩි ඇම්මක්යැ ජිල්මාට්ස්ට තියෙන්නෙ..
මේ හැම දෙයක්ම වෙනස් වෙන වෙනස් කරන ලෝකෙ ජිල්මාට්ස්ගෙ මේ ට්‍රයි එක කඩන්න බැහැ කියල කියන Start-Up-Key එක කඩන්න... ඒ මූණුපොතේ ලස්සනට ලියල තිබ්බෙ කඩන්න බැහැ, කඩන එකා රියල් වැඩර් කෙනෙක් කියල.. රියල් වැඩර් කොහොම උණත්.. රියල් ගේමක් අදින්න ජිල්මාට්ස් හිතාගෙන අභියෝගෙ භාර ගත්ත.. :)
මොකක්ද මේ Start-Up-Key කියන්නෙ කියල දන්න එවුනුත් නොදන්න එවුනුත් ඇති.. ඔය කොයි කාට කාටත් දැනගන්න මෙහෙම කියන්නම්...
සුපිරි ගණයේ පාස්වර්ඩ් එකක් කිව්වොත් හරි.. මූණුපොතේදි ජිල්මාට්ස් දැකපු ලියමනේ නම් තිබුණෙ ඒක කඩන්න බැහැ කියල.. කොහොම උණත් දැන් ජිල්මාට්ස් එක්ක ඒක කරලම බලමුකෝ..
එහෙනම් දාගමු බලන්න Start-Up-Key එකක් කඩලම බලන්න..
මෙන්න මෙහෙම දාගනින්කො..
Start > Run >   = type "syskey"
tik on : encryption enable
click : Update
set Password

දැන් කොම්පියුටරේ restart කරපන්කො
ජිල්මාට්ස් ගෙ මේ ට්‍රයි එක මේ Start-Up-Key කඩන්න..
ජිල්මාට්ස් රෑ එළිවෙනකම් ඇම්ම හොදකරගන්න දැගලුව.. හරි වගේ.. ජිල්මාට්ස් මේවෙනකොට windows XP . Vista  > Start-Up-Key එකට රියල් ගේමක් දීල..
ජිල්මාට්ස්ට පුන්චි එකෙක් හෙල්ප් කොලා කියන්නෙ.... පුන්චි උණත් හරිම සැරයිලු මොකක්ද එක...
මෙන්න මූ තමයි ජිල්මාට්ස්ට මේ ගේම දිනන්න ෆුල් සප් එක දීපු බඩ්ඩ.. මේ අල්ලගනින්කො.. 
http://www.mediafire.com/download/8o6fi8zp2pg6t2p/Syskey_Remover.rar
මූ රියල් ඩයල් එකක් හෙමිච්ච වගේ හිටියට boot-able CD  එකක්..
අල්ලල ඉවරවෙලා, උඹලගෙ පුච්චන එකෙන් ISO විදියට පුච්චල boot කරල  බලපන්කො..  windows 7 එකෙ Start-Up-Key එකට ගේම අදින්න ජිල්මාට්ස්ගෙ ලැබ් එකේ පර්යේෂණ කරනව.. ඒකත් උඹලට ජිල්මාට්ස් ලගදිම දේවි.. ඉවසපල්ලකො..
අහා... අද 2014 පෙබරවාරියේ දිනයක්.. පෝස්ටුව අලුත් කලා ජිලාගේ අලුත් බවත්  එක්ක... මොකද එදා windows7 මෙහෙයුම්පද්ධතියට සැකසුනක් නොවූ නිසාත් එදා windows7 සදහා පර්යේෂණමය මට්ටමේ පැවති නිසා... මීට මාස කිහිපයකට උඩදියි windows7 සදහාද සුදුසු මට්ටමකට පත්කරමින්  මෙය සාර්ථකව නිමැවීමක්  වූයේ.. ඉතින් ඔන්න අදවනවිට  windows 7 සදහා මෙම ජිලාගේ නිර්මාණය සාර්ථකව වැඩ ඈ...
…මීළග මෙහෙයුම Windows 8 සදහා.... එයත් ළගදීම බලාපොරොත්තුවන්න... 

Thursday, June 28, 2012

ඇඩ්මින් පාස්වර්ඩ් එක අමතක උණොත්...ලොග් වෙලත් හමාරද...? (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් තර්ටීන්...)


ඇත්තටම ඇයි උඹල පාස්වර්ඩ් දාගෙන කොම්පියුටරේ පාවිච්චිකරන්නෙ...?  ආරක්ෂාවටද...? ඇඩ් එකටද...? නැත්නම්.....වෙන මොකක් හරි අමාරුවකටද...? මේ ජිල්මාට්ස් නම් ඉතින් හැම වෙලේම ඇඩ් එක කෙසේ වෙතත් ආරක්ෂාවනම් ටිකක් බලනව..ඒකනෙ පොකැට්ටුවෙත් ආරක්ෂක ටූලස් තියෙන්නෙ.. ;)  මේකාලෙ ආරක්ෂාව නැතිවම බැහැනෙ..මොන වෙලේ වයිරස්... සතුරු ප්‍රරහාර කියන්න බැහැනෙ..
අපෙ ලොක්කයියත්, ආරක්ෂාව උපරිමෙන්ම බලනවද කොහෙද... ඒකනෙ ඊයෙ හවස පාස්වර්ඩ් එක අමතකයි මල්ලියො මොකද කරන්නෙ කියාගෙන ආවෙ..  
මෙහෙම සීන් එකක් උණොත් මොකද කරන්නෙ...? ෆෝමැට් කරනවද...? පාස්වර්ඩ් කටර් එකක් දාගෙන දගලනවද...? ඔය ක්‍රරම දෙකම හරි... ඒත්... මේ ජිල්මාට්ස්ට ඕන වෙනසක් නෙ..
සරලම ක්‍රරමයකින් මේ ජිල්මාට්ස් ඕකට ජිල්මාට් එකක් දැම්ම...
අයියගෙ හාඩ්(hard) එක ගලවගෙන ඇවිත්. වෙන කොම්පියුටර් එකකට හයි කලා.. හැමදාටම නෙවෙයි හලෝ විනාඩි 5කට.. කොම්පියුටර් එක ඔන් කලේ ලොක්කයියගෙ හාඩ් එකෙන් නෙවෙයි  හැබැයි.. තිබුණ එකෙන්.. ඒක කරගන්න දන්නවද...? කොම්පියුටර් එක ඔන් කරද්දිම බයොස් ඕපන් කරල බූට් ඔප්ෂන් වලින් බූට් ප්‍රයෝරිටි හැදුව..   
මොකක්... බයොස්...?  ජිල්මාට්ස් ඕව දන්නවට අපි දන්නවැයැ කියල උඹල හිතයි.. ඕන් එහෙනම් උඹලත් දැනගනින්.. දැකල තියනවද කොම්පියුටර් එක ඔන් කරද්දි සෙට්ටප් කියල ඔප්ෂන් එකක් එනව.., ගොඩක් කොම්පියුටර් වල F2 කී එක තමයි Enter තියෙන්නෙ අන්න ඒක තමයි ඔය බයොස් කියල හැමෝම කියවන්නෙ.. ඒකෙන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්.. අනිත් ඒවත් ඉතින් මේ ජිල්මාට්ස්ගෙන් ඉගෙනගන්න පුලුවන් වෙයි ඉවසපල්ලකො.  එකක් තමයි මේ බූට් ප්‍රයෝරිටි චේන්ජ් කරනව කියන්නෙ..
ඉන්පස්සෙ...
ලොක්කයියගෙ හාඩ් එක ඕපන් කරලා..
ඒකෙ :
1.  Windows > System32 > Config
ඒකෙ තියනව.. SAM.exe , SAM.log මේ දෙකම delete කරල දාල ලොක්කයියගෙ හාඩ් එක  එයාගෙ කොම්පියුටර් එකට ෆිට් කරල ඔන් කලා...  මේන්.. පාස්වර්ඩ් එන්ටර් කරන්නෙ නැතිවම ලොග් උණා...
ජිල්මාට්ස් ගෙ ජිල්මාට් වැඩේ පට්ටයි කියල ලොක්කයිය මට ගල් භාගයක් අරන් දෙන්න කතාකලා...  ෂිට්... ගල්.... මොනව කරන්නද...? ලද දෙයින් සතුටු වෙන්න කියල මට මගේ අම්ම කියල තියනව.. 

Monday, June 25, 2012

ජිල්මාට්ස්ට ලැබුණ චැලේන්ජ් එක...CON ෆෝල්ඩර් එක (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙල්)

කොහේ කොතනක ගියත් මේ ජිල්මාට්ස්ට කෙල්ලන්ගෙන් තියෙන ඉල්ලුම... උඹලටත් මාර ජෙල නේ.. හිහි... දවසක් මේ ජිල්මාට් බුවා බස් එකේදි සෙට් උන කෙල්ලෙක් එක්ක උකුලු මුකුලු කොමල පපා එක සීට් එකේ යද්දි ඒකි අදුනන කොල්ලෙක් බස් එකට නැග්ග.. ඒකිත් ඉතින් හරි අගෙන් මම ගැන ඌට කිව්ව.. ඌට හෙන ජෙල වගේ...මම ඒකිත් එක්ක එකට ඉන්නව දැක්කම.. ඌ මට චැලේන්ජ් එකක් දුන්න කෙල්ල ඉස්සරහ මාව දෙකේ කොලේට දාන්න...
මේ බුවත් ඉතින් ඕනම චැලේන්ජ් එකක් බාර ගන්නවනෙ ..  කරන්න බැහැ කියල එකක් මුගේ පොතේ නැහැ.. උපරිමයෙන්ම ට්‍රයි කරල බැරිම උනොත් තමයි ඉතින් ගේම අත්හරින්නෙ..
කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙ ලැප ලැප්(උකුළ ) එක උඩ.. දෙයියන්ගේම පිහිටයි ආරක්ෂාවයි.. ඉල්ලන් පරිප්පු කනව කියන්නෙ මේකට තමයි..ඒත් ඉතින් නාගන්නෙ නැතුව පරිප්පු කන්න මූ දන්නව... ;)
ලැබුණ චැලේන්ජ් එකත් කලින් ලැබිල උත්තරේ හොයාගත්තු එකක්.. හිහි..
ඌ කිව්වෙ පුලුවන්නම්...CON කියල ෆෝල්ඩර් එකක් හදපන් කියල.. :)
මුලින්ම එහෙනම් උඹලත් ට්‍රයි කරපන්කො බලන්න ෆෝල්ඩර් එක හදන්න.. මුලින්ම නම් බැරිවෙයි.. පස්සෙ මේක කරල බලපන්කො වැඩේ හරියයිද කියල.....
වෙරි සිම්පල්...නෝ චැලේන්ජ්...
කෙල්ල ඉස්සරහ ජිල්මාට්ස් දෙකේ කොලේටම දාන්න හැදුවට වැටුනෙ මොකේටද කියල උඹලම හිතාගනින් එහෙනම්..
උඹලවත් මගේ ගොඩටම ගන්න තමයි මේ ජිල්මාට්ස් ට ඕන..
ඕන් එහෙනම් හදමු CON කියල ෆෝල්ඩර් එක
ෆෝල්ඩර් එක රීනේම් කරනව Alt එකත් එක්ක 255 එන්ටර් කරල CON කියල ටයිප් කරමු බලන්න
මොකද උණේ...? හදන්න බැරිව තිබුන ෆෝල්ඩර් එක හැදිල නේද...?  ;)

Thursday, June 21, 2012

ගින්දර දුටු නරියාගේ වේගය උච්චතම අවස්තාවට ... ෆයර්ෆොක්ස් ස්පීඩප් කරගත් හැටි....(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ලෙවන්...)

ඕන් ඉතින් ඊයෙ මගෙ ෆ්‍රෙඩාල සෙට් එකත් එක්ක එකතුවෙලා කොම්පියුටරේ තියන ඔක්කොම වැදගත් කමකට නැති කුණුගොඩක් අයින් කරල කොම්පියුටරේට නව පණක් ලබාදීල ලොකු පිනක් කරගත්ත..
ඕන් ඉතින් අද කොල්ල කෙල්ලගෙ මූණු පොඩිත්ත බලාගන්න කෙල්ලගෙ ගෙදරටම ගියා..ඒකිගෙ අයියණ්ඩි තමයි ඉන්වයිට් කලේ.. කොහොම හරි ඉතින්.. ගියානෙ
ගියපු වෙලාවෙ ඉදන් ඒකිගෙ මූණ බලනව තියා ජීවන සුවදවත් දැනුනෙ නැහැ. ක්ලාස් ගියපු කතාවක් කියනව මම අහගෙනයි... කොහෙද ඉතින්..ගෙට ගොඩ උන වෙලාවෙ ඉදන් ඒකිගෙ පොඩි අයිය මගේ වටේ කැරකෙනව..
මල ඇණයක් නෙ... ගියපු වෙලාවෙ ඉදන් "අනේ කොල්ලො මේකෙ ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ නෙ..." කියනව මිසක් වෙන ආසාවට නoගි මතක් කරල එක වචනයක් හැලුවෙ නැහැනෙ..අනින්න හිතුන මූණට හැටක් විතර.. මොන කරච්චලයක්ද...? ඉන්ටර්නෙට් ස්ලෝ...ඉන්ටර්නෙට් ස්ලෝ...  මොනව කරන්නද ෂේප් එකේ තියාගන්නත් ඕනනේ... ආදරේදි දුෂ්ඨයො නැති තරමටලු නෙ හොද..
මමයි... උඹලයි වගේම තමයි බන් මුනුත්... පාවිච්චි කොරන්නෙම ෆයර්ෆොක්ස්.. දන්නවනෙ.. මේ ඇම්ඩා මොකක් හරි වෙනසක් සොයන්නම තමයි ට්‍රයි එක..පොඩි ඇම්මක්යැ තියෙන්නෙත්.. කොම්පියුටර් කිව්වම... නිකන්යැ ජිල්මාට්ස් කියන්නෙ.. ;)
ආයෙත් ඉතින් මොන වාද කතා...ෆයර්ෆොක්ස් ටත් පොඩි වෙනසක් කරලම තමයි අතහැරියෙ..පොඩ්ඩක් ලන්වෙලා පොඩි එඩිශන් එකක් දැම්ම විතරයි.සත්තමයි මම මොකටද උඹලට බොරුකියන්නෙ..කරලම බලමුකෝ...මේක මම මුලින්ම කලෙත් කෙල්ලගෙ ගෙදරදි කෙල්ලගෙ පොඩි අයියගෙන් බේරෙන්නම...ඒකෙත් පිණ කියන්නෙ වැඩේ ටෙස්ට්කරල බලද්දි වැඩේ ගොඩ.. ෆයර්ෆොක්ස් ස්පීඩ් වෙලා.. මට මුලින්ම හිතුනෙ ෆයර්ෆොක්සා ලෙඩ වාට්ටුවට දාන්න වෙයි කියල ඒත් එහෙම උණේ නැහැ.. හරිම සන්තෝෂයි.. ෆයර්ෆොක්ස් ස්පීඩ් වෙලා..කතාව කිව්වට මොකෝ කරපු විදිය උඹලට කිව්වෙ නැහැනෙ .. ඕන් එහෙනම්...
1. ෆයර්ෆොක්ස් ඕපන් කරල about:config  ටයිප් කලා ඇඩ්‍රොස් බාර් එකේ...
2. එතකොට එනව හෙන ලිස්ට් එකක්... ඔන්න ඕක තමයි එඩිට් කොරන්න තියෙන්නෙ.. ඒකෙ උඩින්ම තියනව filter ටැබ් එකක් ...
ඒකෙ මම කියන මේ Preference Name එක කොපි පේස්ට්  එන්ටර් කරන්න...
ඒක රයිට් ක්ලික් කරල modify වැලිව් එකට සමාන ලකුණින්  එහා පැත්තෙ තියන වැලිව් එක දීල එන්ටර් කරන්න...
network.http.max-connections-per-server  =  32
network.http.max-persistent-connections-per-proxy   =  16
network.http.max-connections = 64
network.http.max-persistent-connections-per-server   =  10
network.http.pipelining   =  true
network.http.pipelining.maxrequests   =   200
network.http.request.max-start-delay   =   0
network.http.proxy.pipelining   =   true
network.http.proxy.version   =  1.1

හරි.. දැන් පැත්තකට ඇවිත් රයිට් ක්ලික් කරන්නකො.. ඊට පස්සේ... 
New > Integer  හරි... දැන් ඔයාගෙන් ඉල්ලයි  Enter the preference name කියල ඒකට ඔයා nglayout.initialpaint.delay  ටයිප් කරල එන්ටර් කරාම ඉල්ලයි වැලිව් එක 0(බින්දුව) කියල එන්ටර් කරන්න

ඕන් එහෙනම් වැඩේ හරි...ඒත් තවම මට මගේ සුන්දරීගෙ ජීවන සුවද දැනුනෙ නැහැනෙ.. අදත් හීනෙන් බලන්නද වෙන්නෙ...? හීනෙන් හරි ඔයා මගේ ළගම ඉන්නවනම්...කමක් නෑ පැටියෝ.. ආදරේ වෙනුවෙන් පොඩි දුකක් හරි විදින්න ඕන...නැත්නම් ඒ ආදරේ වැඩක් නැහැලු...ළගදිම දවසක මම ඔයා ළගට එනව ඔයා ළග ඉදන් හුස්ම ටිකක් හරි ගන්න...

Monday, June 18, 2012

කුණු කන්දලේ කුණු අයින් කිරීම නොහොත් ටෙම්පරලි ෆයිල්ස් මකා දැමීම (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් වන්සීරෝ = ටෙන්)

මේ අවලමා කෙල්ලො රොත්තක් බදාගෙන උන් එක්ක ෆන් ගන්නව.. උන්ට කොම්පියුටරේ හැම රෙද්දක්ම සුද්ද සින්හලෙන්ම  කියල දෙනව මිසක් මෙච්චර මේ මුගේ බුදුෆිට් එක වගේ ඉන්න අපිට එක වචනෙකින් කොම්පියුටරේ කියන්නෙ මොකක්ද? කියලවත් කියල දීල නැහැ. බැලුවොත් චීත්තයක් එක්ක...
බොරුද මම කියන්නෙ...උඹල එහෙම මම ගැන හිතුවෙම නැද්ද..? පුලුවන්නම් කියපන් කටක් ඇරල අනේ නෑ මචෝ අපි උඹ ගැන එහෙම හිතනවද?.. කියල
මචන්... මගේ බුදුෆිට් එක උඹල තමයි බන්..මොන චීත්තයක් පස්සෙ මේ යකා දිව්වත්..මම දන්නව..අන්තිමේදි වැරදුණ දවසට උඹල තමයි මගේ පිහිටට ඉන්නෙ කියල.. ඒ හින්ද මචෝ මම උඹලට නොකරන දෙයක් තියනවද...? නොකියන දෙයක් තියනවද...? බලපන් මේ ටික උණත්.. මම කෙල්ලො එක්ක කොරපු හැම මගුලක්ම උඹලටත් කිව්ව නේ...ඒ උඹල මගේ උන් හින්ද,
කේ..කේ..
උඹලගෙ කොම්පියුටරේත් හොදින් තියනව දකින එක තමයි මගේ එකම පැතුම සහ සතුට..
උඹල දන්නවනෙ බන්... අපට උස්සගන්න බැරිතරම් බරක්... ආවම අපිට මොකද වෙන්නේ..? ඒවයින් මෙලෝ ප්‍රයෝජනයක් නැත්නම්.. මොන හුත්තකට උස්සන් ඉන්නවද කියලම අපිට හිතෙනව නේ... අන්න ඒ වගේම තමයි අපේ මේ කොම්පියුටරේටත් උස්සන්න පුලුවන් බරක් තියනව.. උඹල හිතයි... දැන් මූ කොම්පියුටරේට පණ දෙන්න යනවද කියල.. ඔව් බන් මම කොම්පියුටරේට මගේ පණ උනත් දෙනව..ඒත් මම දැන් කිව්වෙ එහෙම එකක් නෙවේ.. අපි නොදන්නව උණාට කොම්පියුටරේ ගොඩක් ස්ලෝ වෙන්න එක හේතුවක් තමයි බර උස්සනව කියන එක... බර උස්සන ක්‍රම කිහිපයක්ම තියනව, ඒත් අනවශ‍ය බරක් නම්..  ටෙම්පරලි ෆයිල්ස් කියල සින්හලෙන් කියන්නෙ අන්න ඒවට තමයි කඩ්ඩෙන් කියන නමනම් මට මතක නෑ බන්
උඹේ මැෂින් එකත් සමහර විට ස්ලෝ ඇති.. ඒ කියන්නෙ එව්ව වැඩියි කියන එකනෙ.. පවුනෙ බන් කොච්චර උණත් කොම්පියුටරේ.. අපිට කොච්චර දේවල් කරල දෙනවද..? ඉන්ටනෙට් යන්නද... වැල බලන්නද.. ඩවුන්ලෝඩ් කරන්නද..ගේම් ගහන්නද..? බලපන් මෙතනම වැඩ කීයක්නම්ද...?ටෙම්පරලි ෆයිල්ස් අයින් කරල මූව නිදහස් කරල බලමු මූ කොච්චර සැහැල්ලුවෙන් වැඩකරනවද කියල... බලන්න දෙයකුත් නෑ.. උඹටම තේරෙයි ඒක... හති ගතිය නැති උනාම.. එහෙනම් බර නිදහස් කරමුද..?
 
win(key)+R(key) >>        හෝ...
start >> Run
run එක ඕපන් වේවි... ඒකෙ... %temp% කියල ටයිප් කරල එන්ටර්  කරන්න.
ෆෝල්ඩර් එකක් ඕපන් වෙනව... ඒකෙ තියන සේරොම දේවල් සිලෙක්ට් කරල භය නැතුව ඩිලීට් කරන්න
කුණු කන්ද අයින් කලා එහෙනම්... උඹ ලොකු පිනක් කරගත්ත එහෙනම් කොම්පියුටරේට නව පණක් දීල..
අද මට කෙල්ලෙක් අල්ල ගන්න බැරි උණා.. මගේ කලින් ට්‍රයි එක මතකනෙ.. එහෙට එන්න කියල පණිවුඩයකුත් තිබුණ උඹල හින්දමයි කට් කලේ.. එහෙනම් මම හෙට යනව.. ඊලග දවසෙ එහෙදි මොනවද උණේ කියල උඹට අනිවා කියන්නම්..

Saturday, June 16, 2012

ඉන්ටනෙට් වේගය ආරූඩ කරගැනීම (කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් නයින්)

ඕන් ඉතින් තව දවසක් මේ බුවා මූණුපොතේ කරක්ගහන වෙලාවෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් තිබුණ කෙල්ලෙකුගෙ නමින්.. සුපිරි පොටෝ කෑල්ලක් තමයි ප්‍රොෆයිල් පික් එකේ තිබුණෙ..කොල්ල හරි ජනප්‍රියයි නේ... කොහොමද කෙල්ලන්ට තියෙන ඇම්ම..දාල තිබුණ නමත් අහල පුරුදුයි වගේ..එක වගේ නම් තියෙන උන් කීයක් කියලද..? ඕන් ඕක ඇසොප්ට් කොරොල විනාඩි කීපයකින් මෙන්න මේකි ඔන්ලයින්... දාල බලන්න ඕන ටෝක..
me: හායි...ඩලා..
(ම්ම්ම්හ්...නෝ රිප්ලයි..)
me : හෙලෝ... ඔය ඉන්නවද...?
she: yes!..where are you...? (කියල ඒකිගෙන් රිප්ලයි..කඩ්ඩ මරනව වගේ... කඩ්ඩේන් ගියොත් මම මට්ටු)
කොල්ලට හිතුන ගෙදර කියලත් කියන්න.. අද සදුද නේ.. ඔන්න ඇත්තම කියනව.. මම ඉන්නෙ ඉස්කෝලෙ අනේ.. ඔයා අද මොකද  කරන්නෙ...?
අනික් පැත්තට කෙලින්ම අහපි ලැබ් එකේද කියල..
me : ඔව් අනේ..
she: ඉස්කෝලෙ ෆේස්බුක් බ්ලොක් නේද..?
මමත් ඉතින් වාචාලය නේ... එක දාගන්නත් එක්ක ඒකිට සේරොම කිව්ව..
she: පුතා.. මගේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගොඩාක් ස්ලෝ.. මොනව හරි කරගන්න බැරිද...?
කවුද යාකෝ මේ... ඒකිගෙ අම්මවත් මැද්දට පැනලද...? මට පුතා කියන්න..ඒකිගෙ අම්ම නම් පුතා කියලනම් ලොවෙත් කිඅන්නෙ නැහැ.. අවලමා කියලම පටන් ගන්නව මිසක්.. එතකොට කවුද මේ..?
me: who r u..? may I knw u..?

she: යස් පුතා මම ඔයාගෙ ගණිතය ටීචර් සුධර්මා..
(හුටා.... මොන රෙද්දක් කරනවද මේකේ...? බැදලත් මුන්ට ... අනෙ අම්මපා...)

me: ටීචර් ඉස්සෙල්ලම කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.. ටීචර්...ටීචර්.. ඉස්සෙල්ල මේක අහගන්න...
ටීචර්..
කොන්ට්‍රෝල් පැනල් එකේ.. නෙට්වර්ක් කනෙක්ෂන් එක ඕපන් කරල කනෙක්ෂන් එක සිලෙක්ට් කරන්නකෝ... ඒකෙ ප්‍රොපර්ටීස් වලට ගිහින්.. ජෙනරල් එකේ... TCP/IPප්‍රොපටීස් වලට ගිහින්..
use the following DNS sever address එකේ...
preferred DNS server 8.8.8.8
Alternate DNS server 8.8.4.4
දීල ඕකේ කරල ආයෙමත් කනෙක්ෂන් එක දෙන්නකෝ... ඉන්පස්සෙ බලන්න වෙනස.. ස්පීඩ් වෙලා ඇති..
ඇති යන්තම්...ටීචර් ගියා...
කොහෙද මලක් කඩන්න හැදුව විතරනෙ..දැන් කොහේ කඩන්නද...කරන්නත් දෙයක් නැහැනෙ.. ගෙදර ගිහින්.....
හුටා බොලේ දැන් මතක් උණේ.. ටීචර්ට කියන්න බැරි උනානේ හිතන් හිටපු දේ කියන්න..
ටීචර් පිනාට නොකිව්වොත් හොදා...
මේ මේක බලන් ඉන්න උඹලටයි කියන්නෙ.. උඹල එහෙම අපේ පිනාගෙ කණේ මේක තියනව නෙවෙයි ඕන්...

Friday, June 15, 2012

ගන්න ෆන් උපරිමෙන්ම අරන් අතීතය අමතක කිරීම (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් එයිට්)

මතකනෙ... මේ අහිoසක කොල්ල ඉස්කෝලෙදි බ්ලොක් කොරපු සයිට්ස් වලට ගිහින් සිගිති ආතල් එක උපරිමෙන්ම ගත්තු විදිය.. (ජිල්මාට්ස් පාට් නම්බර් සෙවන්) ඒක නම් මැක්සා වැඩේ.. එක දවසක් කොලාම ඒක පුරුද්දටම යනව කියනකතාව ඇත්තක්ද මන්දා.. තව එක දවසක් නෙවෙයි ටීචර්ගෙ ඇහැට වැලි ගහල දිගොටම ඒවට රින්ගල ගත්තු ආතල් එක තාමත් මට මතක් වෙනව.. සෑර්ට වඩා මේ කුකුළා රියල් ඇම්ඩෙක්ම තමයි. පවු කියලත් හිතෙනව සෑර් ගැන... ඒ උනාට මම ගන්න ආතල්.. ගෙදරදි ඩොගා ගෙන් ගිහින් බා ගන්න ඕන නැහැනෙ..මෙහෙම සැපපහසුකම් තියෙද්දි...
මේකත් ඉතින් මාට්ටු නොවෙන්නත් දිගොටොම කොරගන්න එපැයි..
ආපු ගියපු වෙලාවල් දැක්කොත් නෙ බඩු පැකට් වෙන්නෙ..ඒවට රින්ගපු බව ඇයි පෙන්නන්නෙ..ඒව ගේමක් දී ගත්තොත්නම් දිගටම රින්ගගත්ත හැකි.. හිටපන්කො... කොරන්න...මූ ඇම්ඩ කියල දන්නෙ මගෙන් ජිල්ලිබකිරි සෙල්ලම් අහගත්තූන් විතරයි..උන්ටත් ඕන නැති මගුලක්නෑ.. හැම හුත්ත්ක්ම හොයනව..නොකියත් බැහැනෙ..මොනව උනත් කාපු දේ හරි වමාරල දෙන සෙට් එකනෙ...
ඒවයින් කාරිනෑ.. එහෙනම් සුභ නැකතින් ආයෙමත් ලැබ් එකට රින්ගල බ්ලොක් කරපු සයිට්වලට ගියපු මැෂින් එකේ ආගිය තැන්... පාස්වෝඩ්.. අමතක වෙන්නම ගේමක් දෙමු..
1. එහෙනම් ඕපන් කොලා ඉන්ටර්නෙට් ඇක්ස්පෝල හරි ෆයර්ෆොක්සා හරි..ක්‍රෝම් හරි අනන්මනන් රෙද්දවල් අස්සට රින්ගපු රෙද්ද..
2. ඒකෙ උඩ තියොනව ටූල්ස් කියල එකක්..ඒකට ඔබපන්කො එහෙනම්..ඒකෙන් දිග ඇරෙනව චීත්තයක්..ඒකෙ තියෙනව ඔප්ෂන්(option) කියන එක උඩට ඇන්නම එයි තව පෙට්ටියක්..

3.ඒ පෙට්ටියෙ තියනව ප්‍රයිවොසි(privacy) කියල ඒක උඩටත් කොටපන් එහෙනම්..
 ඕන් ඔය මගුලෙ තමයි තියෙන්නෙ අපි ඉන්ටනෙට් එකෙන් ගියපු හැම මගුල් මඩුවක්ම..
4. හිස්ටොරි (History)කියල ලස්සනට ලියල ඇති.. හිටොරි කියන්නෙ අතීතයට නෙ..ලස්සනට තියෙන ඔන්න ඔය අතීතෙ තමයි අපේ අතීතෙත් ලියල තියෙන්නෙ.. දෙමු ගේම..
4.1. තෝරන්න නෙවර් රෙමෙම්බර් හිස්ටොරි ( never remember history)කියන එක..
4.2. යටින් තියෙනව ක්ලියර් ඕල් කරන්ට් යිස්ටොරි (clear all current history) කියල එකක්.. ඒක උඩට කොටල .. සිලෙක්ට් ඕඅල්..කොරල ක්ලියර් (clear) කොරල ඕකේ (ok)කොරන්න..

දෙයියන්ට නෙවෙයි ජිල්මාට්ස්ට පින්සිද්ධවෙච්චාවි.. හිතේ භයක් නැතිව ආයෙමත් ටීචර්ට වැලි ගහන්න පුලුවන් ඕන්... මූට දැන් කිසිදෙයක් මතක නැහැනෙ.. මූට කිව්වෙ මගේ ෆයර්ට...
මේක ඉතින් ඉස්කෝලෙ විතරක් නෙවෙයි.. ඔය ක්ලාස් කට් කොරල රින්ගන පොට් වලටත් කරන්න තියෙන්නෙත් මේකම තමයි... මොකද ෆේස්බුක් එකේ පාස්වෝඩ් එකත් සේව් වෙලා තිබුනොත් මළ රෙද්දක්නෙ වෙන්නෙ..

Monday, June 11, 2012

තහනම් පොට්වලට හොරෙන් රිoගීම :P (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සෙවන්..)

උඹලට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මේ අහින්සක කොල්ලටත් පුද්ගලික රාජකාරි තියනවනෙ..ඉතින්, ඉස්කෝලෙට ගියපු වෙලාවෙ මේ අවලමාටත් ඕන උණා බ්ලොක් කරපු සයිට් එකක් පැත්තෙ ගිහින් පොඩි වීඩියෝවක් බලල ආතල් එකක් ගන්න..ඉතින් ලැබ් එකේ ටීචර්ට හොරෙන් කෙළවරේ මැෂින් එකක් අල්ල ගෙන හොර කුප්පඩි වැඩක් කරන්න කියල හිතාගෙනමයි ලැබ් එකට ගියෙත්.. ටීචර් පාඩම පටන් අරන් ඇක්සැල් ද මොකක්ද එකක්.. මට ඕව ගින්දරනෙ..සිම්පල් වැඩි හින්දම අහන් ඉන්න එකත් තිත්තයි.. ආපු වැඩේ කරගන්නත් ඕන ගෙදරදි බලන්න බැහැ ඩොගාගෙන් යන හින්ද පට්ට ස්ලෝ..,මේකෙන්ම තමයි ඉතින් යන්න වෙන්නෙ.. කාලෙකින් මොනවත් ජරාවක් බැලුවෙත් නැහැ. ;) ඉස්කෝලෙත් ඉතින් මේවත් බ්ලොක් නෙ.. හිහි.. ටීචර් 11වසරෙදි කරපුව මේ අවලමා 5 වසරෙදි කෙරුව..
ෂිට්.. මෙහේ ෆේස්බුක් එකත් බ්ලොක්.. මට පවු කියල දුක හිතුනෙ අනික් එවුන් ගැන.. මට මොකෝ මම යනව ෆේස්බුක්
www.lite.facebook.com
හිහි.. කෙල්ලෙක් අල්ලගෙන චැටක් දාන ගමන්.. වීඩියෝ පාරකුත් බැලුවනම් මැක්සා... ආතල් එක උපරිමෙන්ම..,ඒවත් ඉතින් මේ මගුල් මඩුවෙ බ්ලොක් නෙ..  වෙරි සිම්පල් ප්ලෑන් එකක්නෙ.. ;)
www.hidemyass.com
www.proxyfoxy.com
www.accessunblock.com
www.unblockanything.com
www.proxyloop.com
www.proxspeed.com
www.surfwords.net  
මේ තියෙන්නෙ නැති වෙන්න..
ටීචර්ගෙ පාඩමට වඩා හොද ලොකු පාඩමක් මෙතන.. මම චට් එකේදි අහුවුන කෙල්ලට කියල දෙනව.. පව් කියලත් හිතෙනව..මම කීයකට කියල ට්‍රයිද..අනේ මන්දා.. මටවත් තේරෙන්නෙ නැත්තෙත් ඒකමයි.. මෙයාගෙ ගෙදරටත් ගිහින් ජිල්ලිබකිරි පාඩම කියල දෙන්න ඇත්නම් කියල පීරියොඩ් එක අවසානෙදි හිතුන..ෂිට් ටීචර් අපිට යන්න කිව්වනෙ හොදම වෙලාවෙදි.. නොදෝමකින්... ටීචර් වැඩේ කෑවනෙ..

ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න..ජර්ම් ෆයිටර්ස් බෝකරමු... (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සික්ස්)


 පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්...

ඕන් යහලුවනේ මතකනෙ කොල්ලට දැන් ට්‍රයි කරන කෙල්ලගෙ ගෙදරට යන්නත් මගක් පෑදිලයි තියෙන්නෙ..ලොකු අයිය මගේ බොක්කෙ ෆ්රෙඩා නෙ..හිහි..ෂේප් එකේ තියාගන්න ඕන හින්ද,පොඩි එකා ඇණේ නෙ..ඒවයින් කමක් නෑ..කොල්ලට දැන් ඕනෙ තව සැරයක් කෙල්ලගෙ මූණු පොඩ්ඩ බලා ගන්න..මොකද කරන්න ඕනෙ කියල බර කල්පනාව..
හ්ම්ම්ම්...සමහරවිට මැෂින් එකේ ඩිජිටල් ලෙඩ්ඩු... (අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ ඒ කිව්වෙ වයිරස්) හෙන ගහන්න වගේ ඇති, යන්න ඕන ඒක පිටින්වත් දාල මැෂින් එකේ වයිරස් අයින් කරන්න..
අයියකාරයට නම් ආයුෂ තියනව වගේ මැරෙන්නෙ නෑ මූ ආත්මෙකට, මතක් කලා විතරයි මූ මෙන්න එනව බයිසිකලෙන් රූන් කුරුල්ල වගේ.. මූ මාව දැකල නැවැත්තුවෙ මම ඌට හරියට කතාකලා වගේ..කොල්ලට චාන්ස් එනව මදි නොකියන්න ඒත් ඉතින් පොඩි බඩ්ඩට දෙන ටෝක තමයි ගේම...
කොල්ලට පොඩි භයකුත් ආව ගෙදරට යන්න එන්නද කියල අහන්න. හිතට දයිරිය අරන්..අයියෙ දැන් මැෂින් එක ඕකේ..නේ.. හෙනගහපි..ඇහුනෙත් නෑ වගේ අයිය කියපු එක.., කිව්වෙනම් වයිරස් ඇටෑක් එකක් කියලනම් තමයි.. ඒත් ඇහුනෙ නෑ වගේ ආයෙමත් ඇහුව.. ඒකම තමයි... ; )
සුලු දෙයක් නෙ මචෝ.. මචෝ කියල කියවුණා..සොරි අයියෙ.. වැඩිහිටි ගරුත්වය තියන්න කියල මට මගේ අම්මි කියල තියෙන්නෙ.අයිය නිකම් දැක්කෙ මගේ ෆ්රෙඩෙක් වගේ ඒහින්දයි කියවුණේ..අයියගෙ සයිකලෙන්ම ඒකිගෙ ගෙදරට ගියා එහෙනම්..... ;)
ගෙට ගොඩ වෙනකොටම ඉවකලේ කෙල්ලගෙ ජීවන සුවද.. කෙල්ල ගෙදර නෑ වගේ..මාර කේස් එක මොනව කරන්නද..? බදා ගත්තු බෙරේ ගහන්නත් එපැයි…
අයියෝ අයියෙ මේ වයිරස් ගාඩ් එක මෙලෝ රහක් නෑ බලන්නකො මේක දාගෙන..පෝටබල් එකක් වගේමයි..හැබැයි වයිරස් ස්කෑන් කරද්දි අපිට වැඩක් කරන්න බෑ.. ඒත් මොකෝ.. වයිරස් රොත්තම සුපිරියටම අහු වෙනවනම්.. වැඩිය නෑ..82MB.. පොඩි උණාට මොකෝ හරියට වැඩේ වෙනවනම්...
ඉන්ටනෙට් තියනවනෙ .. බාගනිමුකො මෙන්න මේක.. ඩිජිටල් ලෙඩ්ඩු කුඩු කරන්න, මගින් අහුල ගත්තු ජර්ම් ෆයිටර් කෙනෙක්..

වයිරස් ස්කෑන් කරල ඉවර උණාම cure කියන ඔප්ෂන් එක දෙන්නකෝ..
ඒපාර අයිය අහපි මේතියන වයිරස් ගාඩ් එක කියල..
සුද්ද සින්හලෙන්ම උත්තරේ දෙන්න හිතුන.. ඒත් වැඩිහිටි ගෞරවේ...
අයියෙ මෙහෙමනේ.. ආරක්ෂාවට පාවිච්චි කරන ඒව පාවිච්චි නොකරොත් මොකෝ වෙන්නෙ..ලෙඩ ගෝනියක් නේ.. හැම එකෙන්මත් ආරක්ෂව ගන්න බැහැනෙ..කියල දෙන්න ඕන නැහැනෙ අයිය පොඩි හිටියෙක් නෙමේනේ..මේ පොඩි එකාට තේරෙනව්නම්ලාබෙට බාල බඩු ඕන තරම් හැමතැනම..බම්බ බැස්සොත් අයියටත් එකක්...ඉතින්.. කේ කේ.. මේක සුපිරි වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරල බලන්නකෝ.. මේකත් නිකන් තමයි..නිකන් දෙන හැමදේමත් පලුදු වෙලා නැහැනෙ..හොද ඒවත් ඒ අතරෙ තියනව..
එකක් මතක තියා ගන්න..
ඕනම දෙයක් ඇතුළට දානකොට චෙක් කරල ගන්න..එතකොට නෝ ප්‍රොබ්ලම් ෆුල් සේෆ්ටි..
ෂිට්.. මගෙ කෙල්ල තවම ආවෙ නැහැනෙ.. අයිය කතා කරනව මාව ගෙදරට ඇරලවන්න.. අහන්නත් හිතුන අයියෙ නoගි දැන්ම එන්නෙ නැද්ද කියල .. භය හින්ද ෂේප් එකේ සයිකලේට නැග්ගා... මොනව කරන්නද..? කොල්ලට අද හුලo තමයි..ගෙදර ගිහින් හීනෙන් හරි දකිනව..