Saturday, August 24, 2013

වින්ඩෝස් දාන්න System Unit එකම එපා... හාඩ් ඩිස්ක් එක විතරක් අරන්වරෙන්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 44)

ඔව්... ඒක ඇත්ත.. අපි ජීවත්වෙන්නෙ බලාපොරොත්තු ගොන්නක් පොදිබැදගෙන.. හීන දැක දැක.. ඒ බලාපොරොත්තුවක් කැඩුනොත්.... ඒ දැකපු සිහිනයක් බොද වුනොත්... ඔව්... උඹට වගේම උඹේ ආදරණීය ජිලාටත් අහස් උසට බලාපොරොත්තු තිබුණා.. අහසෙ අහස් මාළිගා තනන ලස්සන පාට පාට සිහින දැක්කා.. ජිලාගෙ හැම සිහිනයක්ම.. හැම බලාපොරොත්තුවකම චරිත කිහිපයක් ජීවත් උනා.. ජිලාගේ  රත්තරං දෙමාපියන්.. සහෝදරිය සහ සහෝදරයා.. ජිලාගේ මහ  මහ මොළකරු...මහ මොළකරුගේ පුතණ්ඩියා.. ඔය හැම සිහිනයකම හැම බලාපොරොත්තුවකම චරිත.. අවාසනාවක මහත... උදාවුනා.. එක චරිතයක් දැන් ජිලාගෙ යටිසිතේ පමණක් වෙලා... අතීත සිද්ධි මතක්කරගෙන ජිලාගෙ ඇස්වලින් කදුළු දකින්න උඹත් අකමැති ඇති.. ඔව් මමත් අකමැතියි.. නමුත් බලාපොරොත්තු අතහැරියෙවත්... සිහින දකින එක නැවැත්වීමක්වත් ජිලාගෙ සිතට ආවෙ නෑ,, ජිලා අලුත් උනා... නැගිටින්න උත්සාහ කලා.. අලුත් බලාපොරොත්තු... සිහින එක්ක ජිලා අලුත් උනා.. ඔව් දැන් ජිලා තරමක් සාර්ථක ගමනක් ඇවිදින්.. පුංචි සංධියෙම මැවූ සිහින ලෝකෙ දැන් අත්පත්කරගෙන ඉවරයි... ඌ උගේ ටැලන්ට් එකෙන් ඉදිරියට ඇවිත්.. ඒ උගේ මාවත් නිවැරදිව හදුනාගත්තු නිසා.. ජිලාගෙ සමවයස් එවුන් එක්ක ජිලා ඉදීරියෙන්.. බොහෝවිට වැඩිමල් එවුන්ටත් වඩා... අලුත් දෙයක් අලුත්විදියට දකින්න පුරුදු උන නිසා... ජිලාගෙ ජීවිත කතාව අනවශ්‍යයි..
…දැන් හැමදෙයක්ම අලුත් වෙනවා... අලුත් වන ලෝකයේ උඹත් අලුත් වෙන්න ඕනි... ඒ වගේමයි මයික්‍රොසොෆ්ට් සමාගමත් දිනෙන් දින අලුත් උනා..  අලුත්වෙනවා..
…මෙහෙයුම්පද්ධති නිපදවමින් වින්ඩෝස් කියන නාමය දැන් ප්‍රබල චරිතයක්..
ඇයි ඉතිං අද මේ ජිලා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දියුණුවක් ගැන කතාකරන්නේ...? ඒක අමුතු කතාවක් නෙවෙයිනේ... ඒක හැමෝම දන්න කතාවක්නේ... ඔව්... ඒක දන්න කතාවක්... ඒත්.. උඹ නොදන්න කතාවකුත් තියනවා...
…මොකක්...? නොදන්න කතාවක්...? වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියේ..?
…හ්ම්ම් හ්ම්ම් ඔව්... නොදන්න කතාවක්...
මම මෙහෙම උඹෙන් ඇහුවොත්...
… " මගේ කම්පියුටර් එකෙන් Hard Disk Drive එකකට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරනවා... ඉන්පසුව එම Hard Disk Drive එක වෙනත් කම්පියුටර් එකකට ප්ලග් කරල මම මගේ කම්පියුටර් එකෙන් දැමූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් හැසිරවිය හැකිද...??"
…උඹ මට සමහරවිටෙක කියයි ජිලාට පිස්සු හැදීගෙන එනව කියල... නැත්නම්.. කෙලින්ම කියයි ජිලෝ උඹට නම් පිස්සු ඒව කොහොම කරන්නද උඹේ කම්පියුටරේ mother board එකට අනුව සැකසෙන එව්වා මගේ කම්පියුටරේ motherboard එකට ගැලපේවිද කියල.. :P ඕං දිවත් උලුක් කරගෙන ජිලාට කින්ඩියට හිනාව..
…ඕං උඹ නොදන්න කතාව... ජිලාට කින්ඩියට හිනාවුන උඹ දැන් රියල් ජෝකර් කෙනෙක් ඈ...
…ජිලා කියනවා... windows XP service pack 3 මෙහෙයුම්පද්ධතියේ සිට system prepare tool එකක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් හදුන්වා දුන්නා... එදා ඒ අවශ්‍යතාව බිල්ගේට්ස් මාමාගේ ගෝලබාලයින්ටත් මතු උන නිසා... අලුත් බලාපොරොත්තුවක් සමග windows XP sevice pack 1 වලින් පසුව එහිතිබූ දෝෂ සකසමින් windows XP service pack 2 ඉදිරියට ආවා... service pack 1 යම් යම් දෝෂ තිබුණා තමයි.. බිල්ගේට්ස් මාමා සහ මාමාගේ පිරිවර සැලුනාද..? නැහැනේ.. service pack 2 කියල අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත් උනා... ඔන්න ඔතනදි තමයි මේ Hard Disk Drive එක පමණක් අවශ්‍යව එකිනෙකට වෙනස් motherboard කිහිපයකට එකම වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කිරීමේ අරමුණ නිසා windows XP service pack 3 බිහිවෙනවා... windows Vista...  windows7 .. windows 8 බිහිවෙනවා...  නමුත් එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් සමග.. මොකද අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත්ම නිමැවුමක් එළිදකිනවා...
ආසයිනේ.... දැනගන්න....  යහළුවට වින්ඩෝස් දාල දෙන්න දැන් මුළු සිස්ටම් යුනිට් එකම උස්සන් එන්න ඕනි නෑ.. ඈ...  අහ්!.. මතක් උන වෙලේ අපේ යහළුවන් වැරදියට භාවිත කරන වචනයකුත් හදන්න ඕනි කියල හිතුණා... සමහරු මේ system unit එකට පහසුවට CPU කියනවා.. ඇත්තටම ඒක වැරදියි ඈ.. CPU මීන්ස්... Central Processing Unit නේ... ඒකිව්වෙ ප්‍රොසියා නොහොත් Processor එකටනේ.. ප්‍රොසිය උස්සන් ඇවිත් *බ්බක් කරන්නද..? ඒනිසා වහාම ක්‍රියාත්මක වනපරිදි System Unit ඈ...
…හලි හලි... දැන් කතාව ඇති සූත්තරේ මෙන්න..
windows XP service pack 3 වලදී මෙහෙමයි ඈ... අපි මේක මැනුවලි තමයි කරගන්න වෙන්නෙ.. මේක මෙහෙයුම්පද්ධතියට ස්ථාපනය වීමක් නොවන නිසා එය අපි සකසාගන්න ඕනි.. මොනවා කරන්නද.. ජිල්මාට්ස් හැමදාමත් උඹත් එක්ක ඉන්න නිසා භයක් නැහැනේ.. ජිල්මාට්ස්ගේ මෙතෙක් පලවූ එකම පෙස්ටුවක්වත් අසාර්ථක වෙලා නැහැනේ.. ඒ මෙව්ව කොහේවත් උස්සන එව්ව නොවන නිසා... හලි කෙරුවාවන් ගැන ජිලාට හමු උන තවත් අපූරු යහළුවෙකුට කිව්වා..  නමින් සුපුන් අරවින්ද.. ශ්‍රී ලංකාවේ ලාබාලතම අංග රචන ශිල්පියා වගේම ජිලාට දැනුන විදියට නම් පුංචි ඇස්බැන්දුම්කාරයෙක්... පුංචි ඉල්ලීමකුත් කලා... වැඩිවිස්තර පසුවට ඈ... උගේ එක ඉල්ලීමක් නිසා උනන්දුවෙන් අලුත් පෝස්ටුවක් දාන්න හිතුවා.. මින් ඉදිරියටත් උඹල වෙනුවෙන් කෙලින්ම මට ටෝක් කරපු...  පෝස්ට් ලියපන් යකෝ නොකියා කියූ.. නිසාවෙන්ම සෑම සෙනසුරාදා දිනකම පෝස්ටුවක් ලියන්න වෙලාවක් ජිල්මාට්ස්ගේ ටයිම් ටේබල් එකෙන් වෙලාව වෙන්කෙරෙව්වා... මාර යකෙක්ම තමා ඈ...
ජිලා මේ දවස්වල ටිකක් කාර්‍යබහුල චරිතයක්.. උඹලව අමතක කරලනම් නෙවෙයි කියල මුලින්ම උඹලටත් කියලම ඉන්නම් ඈ... ඉදිරියේදීත් ජිල්මාට්ස් උඹලත් එක්කම දිගටම රැදේවි... දවසට පෝස්ටු 3ක් 4ක් 10ක් 12ක් දාන්න තරම් මට හසළ දැනුමකුත් නෑ... නමුත් පලව ඇති සියලූම පෝස්ටුවල වගකීම දරණ්න පුළුවන් ඈ.. ඉදිරියටත් වැටෙන පෝස්ටුවල සියලූම හිමිකම් අවුරා... වගකීම ජිලාගෙන්ම තමා ඈ...
…හලි හලි.. අමතක උනානේ... මේං එහෙනම්...
…යහළුවගෙන් උස්සගෙන ආව Hard Disk Drive එකට windows XP service pack 3 ස්ථාපනයකරගෙන වැඩපටන්ගමු... හලි හැබැයි Drivers installations නම් ඔට්ටුනෑ හොදේ... ඒකෙන් වැඩක් නැහැනේ... කොහොමත් යහළුවට උගේ කම්පියුටර් එකේ motherboard එකට ඕන Drivers and utilities කොහොමත් දාගන්න වෙනවනේ... අපි මේ කොරන්නෙ මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කිරීමක් විතරමයි ඈ... 

හලි... මුලින්ම දැන් windows XP sp3 ස්ථාපනය කරගත්තු පාටිෂන් එක ඕපන් කරගන්නකෝ...
…හ්ම්ම් හලි එහෙනම් දැන් Sysprep කියල අලුත්ම ෆෝල්ඩර් එකක් හදනවා... හරිද..??
…හ්ම්ම් හරි.. දැන් windows XP sp 3 CD එක ROM Drive එකට දාගන්න.. ඒකත් ඕපන් ඈ... රන් කරනව එහෙම නෙවෙයි ඈ... හලි support එක අස්සේ.. Tools අස්සේ... තියන Deploy.cab file එක extract කරගෙන ඕපන් කරගන්නකෝ... ඕක ඇතුළෙ තියනවා  Sysprep.exe සහ Setupcl.exe ඕං ඔය දෙකම කොපිකරගෙන ආං අර අපි හදපු Sysprep folder එකට රිංගවනවා ඈ... හලි දැන් windows XP sp 3 CD එක එළියට ගන්නකෝ...
…දැන් වැඩේ පටන්ගමු එහෙමනම් ඈ...
…හලි දැන් එහෙනම් command prompt එක දන්නවනේ.. අර අර කලු රෙද්ද... මතකයි නේ..?? run එකේ cmd ගැහුවම එන්නේ... ආං ඒක දිගහැරගෙන cd Sysprep කියල ටයිප් කොලා එන්ටර් කොලා ඈ..
…හලි දැන් ආයෙමත් කලුරෙද්දෙම මෙහෙම  sysprep /factory  කියල ටයිප්කොලා එන්ටර් කොලා...
…නැවතත්... sysprep /reseal කියල ටයිප්කොලා එන්ටර් කොලා...
…දැන් හලි ඈ... ඉන්පස්සෙ ඉතිං Hard Disk Drive එක ගලවගෙන ගොහින් යහළුවගෙ කම්පියුටර් එකට ප්ලග් කොරල Hard Disk Drive එකෙන් බූට් කලා... preinstallation process පටගනීවි... හරිම සරලයි... තේරුම්ගන්න පුළුවන් ක්‍රමයක් නේ බං... :)

ආ.... දැන් ඉතිං windows 7 සෙල්ලම...
…windows XP sp 3 වගේ DVD අනවශ්‍යයි.. දන්නවනේ හේතුව... අලුත් සිහිනයකින් බිහිවුණ අලුත් බලාපොරොත්තුව ඉටුවෙලා... අලුත් විදියට.. හලි හලි.. කතා ඇති... දැන් වැඩ..
1. start >> cmd (Run as Administrator )
2. ඕං ඕකේ sysprep\sysprep.exe කියල ටයිප් කොලා එන්ටර් කලා...
3. System Preparation Tool එකේ
තියන System Cleanup Action එක යටින් තියන Generalize කියන එකට ටික් එකක් දාගෙනම පරිගණකය shutdown කරන්න ඈ...
දැං ආයෙමත් ඒක ගලවලා ගෙනල්ලා ඔයාගෙ computer එකට ගහලා boot කරන්න හරිම සරලයි නේ... වැඩිවිකාර මොනවත් නෑ... හේතුව වින්ඩෝස් අලුත්වෙලා....

හරි එහෙනම් ඈ.. දැන් ඉතිං ඉතිරි යාළුවගෙ කම්පියුටර් රාජයාගෙන් කළයුතු සැකසුම් තමා ඈ...
check video performances ඉවසපංකෝ Setup is installing devices (100%)  හුරේ දැන් හරී... country or region ... Time and currency... Keyboard layout... අනංමනං දීගෙන ඉදිරියටම එන්න දන්නවනේ...
…ඕං එහෙනම් වැඩේ ගොඩ ඈ... යාළුවගෙ Hard Disk Drive එක විතරක්  උස්සන් ඇවිදින් යාළුවගෙ කම්පියුටර් එකට Windows මෙහෙයුම්පද්ධතියත් දැම්මා ඈ... ඒත් ඉතිං කෝ ගැළපෙන Drivers ටික... ? එව්ව නැහැනේ...
…ඔව් ඉතිං ජිලා කියනව කිව්වෙ අනුන්ගෙ Hard Disk Drive එකක් උස්සන් ඇවිදින් ඒකට ළගතියන කම්පියුටර් එකකින් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය දාන්න කියලදෙනව කියල විතරනේ...
…උඹලට ප්‍රශ්ණයක් නම් ජිලා එතැන කියල උඹ හොදාකාරවම දන්නවනේ.. ඉතිං ගැළපෙන Driver Utilities සොයා ගන්න විගඩම් සොෆ්ට්වෙයා කෑලි ඕනි නෑ... මෙන්න නියම සහ නිවැරදිම ක්‍රොමේ...
…Motherboard වර්ගය සහ model එක නිවැරදිව දැනගන්න.. ඉන්පස්සෙ Motherboard නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවියට යන්න.. දැන් motherboard model එක ලබාදී ස්ථාපනය කර ඇති මෙහෙයුම්පද්ධතියට අදාළව එහි ඇති සියලූම Driver Utilities බාගතකරගන්න... දැන් ශරිනේ.... ඒකත් ගොඩ ඈ...
…ජිලාගෙ පරණ  බලාපොරොත්තු ඉටුවෙලා ... අලුත් බලාපොරොත්තුවක් පහළවෙනවා වගේ... බිල්ගේට්ස් මාමාගේ  පරණ  බලාපොරොත්තු ඉටුවෙලා ... අලුත් බලාපොරොත්තුවක් පහළවෙනවා වගේ... අද ඉදන් උඹත් අලුත් වෙයන් අලුත් බලාපොරොත්තු එක්ක නැගිටපන්... අපිව වට්ටන්න කාටවත්ම බෑ... නමුත් එකෙක් ඉන්නවා... ඒතමා උඹේ හිත... උඹේ හිතකිව්වොත් උඹට බෑ බං කියල ලොවෙත් උඹට බෑම තමා බං... නැගිටපං.. කාටවත් උඹව පාලනය කරන්න දෙන්න එපා බං.. සමහරවිටෙක උඹ ජිලාගේ ජීවිත කතාව දන්නවත් ඇති.. ජිලාගෙ කතාවෙ මල්පලස් අතුරපු පාරක් විතරක්ම තිබුණෙ නෑ... ඒක මතකතියාගනින්... සුන්දර මතකයන් අස්සෙ ජිලාගෙ ඇස්වල කදුළු පිරෙන මතකයන්ද තියනවා... ඒව සුන්දර නෑ... අමිහිරියි... දැනුත් කදුළු බිංදු එන්න පටන් අරන්.. අකුරුත් බොදවෙලා වගේ... මම යනවා බං... උඹට ජය!.
…අලුත් පෝස්ටුවකින් යළිත් හමුවෙමු.

Saturday, August 17, 2013

කාලකණ්නි Blue Screen එකට සැළකිලි - 2 කොටස (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 43)

"කැලයක් මොටද එහි ගජිදෙකු නැතිනම්...
ගජිදෙක් මොටද උගෙ ගජමුතු නැතිනම්...
මිනිසෙක් මොටද උගෙ මොළයක් නැතිනම්...
මොළයක් මොටද මොළයෙන් වැඩගන්නැතිනම්... " ජිලාගේ නිල්කතාවේ පළමු කොටසින් අද ජිලාගේ නිල් කතාවේ ඉතිරිය... ජිලාගේ නිල්කතාවේ පළමුකොටස කියවූයේ නැතිනම් දැන්ම කියවන්න..
…"මිනිසෙක් මොටද උගෙ මනුසත්කම නැතිනම්...
…මනුසත්කම මොටද ඌළග හිත නැතිනම්...
…හිත මොටද ඒ හිත හොද නැත්නම්.... " අම්මප ඇත්ත.. නමුත් මනුස්සකම විතරක් තිබුණාට මදි නොවැ... කැරකෙන ලෝකේ හැමදේම වෙනස් වෙනවා.. මනුස්සකමින්ම විතරක් බෑ මේ මනුස්සකම ඉහළින්ම රකිනවා යැයි කියල බොරුවට පුරාජේරු ගහන උන්ගෙ ජීවිතේ රකින්න.. හැමෝම බඩගෝත්තරේ රැකගන්න හදන වෙලාවේ... හැමෝම බඩට ගහන වෙලාවේ.. ජීවන බරින් පොඩ්ඩක් හෝ දරාගන්න දෙවියන්ගේ මල්ලි සල්ලියේ බලය නැතත් සල්ලියේ පිහිට පතන්න ඕනි. මනුස්සකමම පෙන්වගෙන බෑ අදකාලෙ ජීවත් වෙන්න ඕං ඕකයි ඇත්ත... මේ උඹ ඉදිරියේ පෙනී සිටින ජිල්මාට්ස් එහෙමත් නැත්නම් ෆේස්බුකියෙන් උඹව හදුනගත්තු උඹේම ආදරණීය ජිලාත් ඒ බුකියේ ඒ නමින්ම ලෝකයා හමුවේ පෙනීසිටින උන්නැහේත් කාලයක් උඹලගෙ හිත හොද මනුස්සකම දන්න හොදම මිත්‍රයෙක් වෙලා හිටියලු.. ඒත් සමහරුන්ට දැන් එහෙම නැතිලු... මොකද ෆේස් බුකියෙ ඉන්න එකා නෙවෙලු සැබෑලෝකෙ  ඉන්නෙ..  හත්වලාමයි.. එහෙම නෑ යකෝ..  එහෙම නෑ... බ්ලොගියෙන් වගේම ෆේස් බුකියෙන්ම හදුනා ගත්තු එකාමයි තවමත් ඉන්නෙ... එපාර නැතිලු... හා හොදයි...
…බුකියෙන් මතුවන ලොකු ලොකුවට මනුස්සකම දොඩවන උත්තමයන්ගේ කෝල්ස් මැසේජ් ඉදිරියේ රන්නුළු අමුම අමු තිරිසනෙක්.. අමනුස්සයෙක්.. අමු අමුවේම මිනිස්සුන්ගෙ සල්ලිය ගසාකන්න පංතියක් කරනවලු.. ලොකු ලොකු පංතිගාස්තු ඉල්ලනවලු.. මම නම් ඒකෙ කිසිදු වරදක් දකින්නෙ නෑ.. මම ඉස්සර ගියේ පුටාර් එකේ.. එහෙමත් නැත්නම් බස් එකේ... දැන් මගේ ජීවන තත්වය ටිකක් උසස්වෙලා.. මම දැන් යන්නෙ බස් එකේ එහෙමත් නැත්නම් කාර් එකේ.. හැබැයි ලොවෙත් ආයෙ පුටාර් එකක යන්න ෆට්ට අමාරුයි.. අකමැතියි. මගේ ටැලන්ට් එකෙන්,,මගේ දක්ෂතාවයෙන් මම ඒ තැනට ඇවිත්. ඒ වගේමයි රන්නුළුවත්... ඌ දැන් සොයන්නේ ලොකු ලොකු වාහන වල යන්න.. කන්න හදන්නෙ ලොකු ලොකු හෝටල් වලින්.. **** හදන්නෙ ඉස්තරම්ම ඒවා.. ඒ ඔක්කොම ඌ දන්න දැනුම මොකාට හරි කියලදීල උන්ගෙන් ගන්නහදන සල්ලියෙන්... ඌට ක්ලාස් කරන්න ලංකාවෙ බැරිනම් ඌ ළග ඔය එක එක මනුස්සත්ගුණ දොඩවන එවුන්ගෙ රාජජේ කරන්න බැරිනම් ඌ අපායෙ ගිහින් හරි ethical hacking ක්ලාස් කරලා සල්ලි හම්බකරගත්තම අපිට මොකෝ.. සාමාන්‍ය පවුලක රන්නුළුවා හෙට සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න හදන්නෙ උගේ දැනුම විකුණලා.. කෝටි ප්‍රකෝටි ගණන් වටින වාහන ගන්න උඹලගෙ බත් පිගානෙ ලුණුකැටෙත් හූරන් කන අමුම අමු අපතයින්ගේ වැඩවලට අනේ සෝයි නේද මෙයා කියල කියන උන්.. රන්නුළුවා උගේ දැනුම බෙදල හම්බුකරන තුට්ටුවටත් එක එක පද හදන මනුස්සකම කතාකරන එවුන්ට මට කියන්න තියෙන්නේ අනේ **** බං කියලම විතරයි...  ඔයි තරු අස්සේ සැගවුන වචනෙ කිව්වම තමයි ඈ... මතක තියගනින් මම නොකළත් ඕකාගේ ඔය ක්ලාස් කෙරුවාව නිසා උඹේවත් මගේවත්.... මගේවත් උගේවත් අපි අතර ඇති වුන මේ සහෝදරත්වයේ බැම්ම නම් ලොවෙත් කැඩෙන්නෙ නෑ...ඈ..... ඔය එක එක හැකර් ලේබලේ පිටේ අලවගෙන කෑකෝ ගහන එවුන් අම්බානක් දැකපු නිසයි අන්තිමටවත් මෙහෙම කියන්නෙ... හැකාලා හැකර්ලා.. හැකින් අයියලා ..මල්ලිලා ගෙ කෙරුවාවන් නොදන්නවා නොවේනේ.. වැඩිමනක් ඉන්නෙ අනුන්ගෙ සොෆ්ට්වෙයා එකක ඩවුන්ලෝඩ් කිරිල්ලේ ලින්කුවක්... සීරියල් කී එකක්..ක්‍රැක් එකක් දෙන එකනේ... සමහර උන්නැහේලා ඒවත් විකුණගෙන කන වෙලාවේ හැකිං උණ හැද්දිචි එවුන්ට බෙහෙත් කොරන්න කීයක් හරි අතට ගන්න එක අසාධාරණයි ද මන්දා..
…කතාවෙන් කතාවෙන් ජිල්මාට්ස්ගේ බ්ලූ කතාවෙ ඉතිරිය කියන්නත් අමතක උනානේ....
…නිල්කතාවේ මුල් කොටස බැලුව නේද..? බැලුවෙ නැතිනම් මේං ආයෙමත් ඈ...
…හලි දැන් ඉතිරි කොටස :

…චරිතය : Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES
මේං මේ සිද්ධිය PagedPoolSize ක්‍රමාණුකූල නොවීම නිසාත් ඇතිවෙනවා... ඉතිං ඒක මේං මෙහෙම සකසාගන්න පුළුවන් Run හරහා regedit ඇවිදින්  HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Control >> Session Manager >> Memory >> Management  මේං මෙතනදි අපිට හමුවෙනවා මේ කියන  PagedPoolSize  ඕං ඕකෙ  අගය තමා මේ නිලේ....  PagedPoolSize අගය වහාම ක්‍රියාත්මකවන පරිදි 0 කරන්න.

…චරිතය : Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR
මේං මේක තමා ඔය අපි කතාකරන Hard Disk Drive එකේ ඇතිවන Bad Sectors නිසා ඇතිවන නිල්කතාව..

……චරිතය : Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE
තේරුම්ගන්න ඉතාමත් පහසුයි... Inaccessible boot device ලු නේ... ඉතිං BIOS හරහා ඇතුළුවී බලන්න 1st boot device එක ඔයාගෙ මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කරනලද hard disk drive එකද කියල.. එහෙම නෙවේ නම් මෙහෙයුම්පද්ධතිය තියන Hard Disk Drive එක 1st boot device එක විදියට නියමිත කරන්න..
…වයිරස් අප්පුහාමි කෙනෙක්ගේ *** වැඩක් නිසාත් Boot.ini පද්ධතියට කෙලවීමක් නිසාත් මේතත්වයම මේ නිල් රෙද්ද දිගහැරෙන්න පුළුවන්..

සමහරුනගේ කතාව RAM එක දෝෂ සහිතවීම නොහොත් memory dump සිද්ධිය.. මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කිරීමේදී දිගහැරෙන නිල් රෙද්ද... අලුතින්ම RAM එකක් ගත්තා... මේක RAM එකේම වරදක් නෙවෙයි කියල කටපුරා කියන්න බෑ..හලෝ... අලුතෙන් ගත්තා නොගත්තා... Memory Dump නිල් කතාව තමයි  ගොඩාක් දුරට ඇතිවෙන්නේ... ඉතිං දැනට යහතින් වැඩකරන RAM පතේත් දෝෂ තිබිය හැක.. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දැන්ම RAM එකේ දෝෂ ඇතිනම් හදුනාගමු.. වොරන්ටි තියනවනම් ඉතිං කලයුතුදේ කිව්වා කියල හිතාගනින්.. 
…මේං එහෙනම් memory dump  නිල්තිරේ දිගහැරෙන්න කලින්ම අපි අපේ RAM එක චෙක් කොරමු... 
Start >> search box type >> mdsched කියල කෙටුවා එන්ටර් කොලා... දැං ඉතිං Windows Memory Diagnostics Tool කියල දිගහැරෙයි ඈ... ආං ඒකෙ " Restart now and check for problems (recommended) තමා.... දැන් ඉතිං RAM එකේ දෝෂ තියනවනම් පෙන්නුම්කරයි ඈ...
…දෝෂ නැතිනම් "no errors were found"  විදියටත්... දෝෂ සහිත නම් "contact your computer or memory manufacturer for information about fixing the problem" තමයි ඈ... 

මේං එහෙනම් මයික්‍රොසොෆ්ට් සමාගමේම නිපදවු Windows Memory Diagnostic Tool ය බාගතකර ගනින්කො ඈ.... පුංචිම පුංචි බූටබල් ඩිස්කයක් විදියට උඹේ RAM එක චෙක්කරගන්න... උඹ ළග තියන පුච්චන මෙව්ව එකෙන් මේක iso file format එකෙන් පුළුස්සා ගනින්කො එහෙනම්..
…මෙව්ව ඉතිං මනුස්සකම් දන්නා එවුන් ඉදිරියේ මනුස්සකම නොදන්නා රන්නුළුවා අමනයෙක් අපතයෙක් විදියට හිතන කාලේ සල්ලිය ඉදිරියේ මනුස්සකම තුට්ටුවට දමන රාළ කෙනෙකුගේ වැඩක්..
…තේරුම් ගනින් රාළේ..  මෙදා කාලේ වෙස්සන්තරලා වෙන්ට බෑ රාළේ...  සල්ලි නැතත් රජවෙනවාලූ කීවෙ ඒදවස් වල..
…හිත මේ ටිකක් කළකිරුණ නිසයි අද ටිකක් තදින් ජිලාගේ කතාව වෙනපැත්තකට පෙරළුනේ ඈ... තුන් හිතකවත් ජිලා නොහොත් රන්නුළුවා උඹත් එක්ක තරහ නෑ බං... කතාව අසාසිටි උඹට ස්තුතියි...


Saturday, August 3, 2013

නිල්තිරේ නොහොත් කාලකණ්නි Blue Screen ලෙඩ වාට්ටුවට සැළකිලි. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 42)

"කැලයක් මොටද එහි ගජිදෙකු නැතිනම්...
ගජිදෙක් මොටද උගෙ ගජමුතු නැතිනම්...
මිනිසෙක් මොටද උගෙ මොළයක් නැතිනම්...
මොළයක් මොටද මොළයෙන් වැඩගන්නැතිනම්... " ලස්සනට ගැළපෙනවා.. පදපේළිය.. ඉතිං උඹට වගේම ජිලාටත් වැඩගන්න මොළයක් තියනවද කියන එකත් පුරස්ණයක් කොරගෙන ඉන්න කාලෙ ජිලාට තේරුණා ඌ පුංචියට හෝ උගේ තියන මොළෙන් පොඩි වැඩක් හරි කරගන්නව කියන එක.. උදාහරණ ඕනි නෑ.. මේ ජිල්මාට්ස් ලට්ටපට්ට වැඩකෑලි ජිලා දාන්නෙත් මොළයක් තියන නිසා ඌට පොඩිවයසෙදි ඉදලම හොද කම්පියුටර් ඇම්මක් තිබුණ නිසා... හැබැයි වෙන වැඩකට නම් ඒ මොළය තියනවද කියන එකත් දැන් සැකයි.. ඒ මොක වෙතත්.. උඹට අද හැදුණ youtube මේනියාවට එක එක ඩවුන්ලෝඩර් සොෆ්ට්වෙයා කෑලි පස්සෙ දුවන උඹට විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති youtube අනංමනං බාගන්න පුංචි රහසක් කියාදීගෙනම බ්ලූ ෆිල්ම් එක ගැනකතාකරන්නයි සූදානම...
…එහෙනම් මේං මෙහෙමයි... උඹ හොදාකාරවම දන්නවා ජිල්මාට්ස් නොහොත් උඹේම ආදරණීය ජිලා ඔය එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි තුට්ටුවකටවත් මායිම් නොකරන එකෙක් කියල.. ඉතිං එහෙව් එකේ.. එක එක රෙද්දවල් බාගන්න එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි සයිබරයේ සොයනවා... දැන් ගොඩක් එවුන්ට තියෙන්නෙ youtube මේනියාව... ඉතිං මේ මේනියාවත් එක්ක එක එක එවුන් ජිලාගෙනුත් අරක සොයල දියන්කෝ... මේකට සීරියල් එක හරි ක්‍රැක් එකක් හරි පැච් එකක් හරි සොයල දියන් කියල ඉල්ලීම්...
youtube බෑවිල්ලට විගඩම් සොෆ්ට්වෙයා කෑලි අනවශ්‍යයි...
මෙන්න සූත්තරේ...
බාගැනීමට අවශ්‍ය http://www.youtube.com/watch?v=KMOOr7GEkj8 නම්..
විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති බාගැනීමේ ක්‍රමය : http://www.ssyoutube.com/watch?v=KMOOr7GEkj8 වෙනස දුටුවාද...? නැතිද... එහෙනම් බලපන් youtube ඉදිරියට ss යෙදීඇති අපූරුව..
…හරිම අපූරුයි නේද...? විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව බෑවෙන අපූරුව... :D

හලි... දැන් ඉතිං නිල් ගැන කතාකරමු... නිල් / Blue කිව්වම උඹට හිතෙයි අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කතාවක් මූ කියන්න යනවදෝ කියල... 18+ කිව්වට ඉතිං 7 වසරෙ පොඩි එකත් මේකාලෙ මේ නිලට ලොල් වෙච්චිකාලෙ ඔය වගේ කතාවක් කියන එක හොද නෑ.. මොකද මේක කම්පියුටර් ඇම්ම හැදිච්චි 5 වසරෙ පොඩි එකත් මේ ජිල්මාට්ස් අඩවියට ගොඩ වෙනවා... ඉතිං උඹල ගොඩක් ආසකරන නිල් දර්ශණ සමහර කම්පියුටර් වැඩ දන්න එවුන්ටත් හිටපුගමන් කම්පියුටරෙන් පෙන්වන නිල් දර්ශණ අප්‍රියයි... මේව Blue Screen Of Death පණිවුඩ හෙවත් STOP error කියල හංවඩු ගහමු.. ඇයි මේ...? මොකද මේ....? හේතු මොනවද...? පිළියම් මොනවද...? සළකන්නෙ කොහොමද...? 
චරිතය : Stop 0x00000024 or NTFS_FILE_SYSTEM
මේං මේක  NTFS.sys ගොනුවක්‍රියාත්මක නොවීම නිසා එන්නක් . ඔයාගෙ Hard Disk Drive එකේ දත්ත කියවීම සහ ලිවීම කරන්න මූලිකම මෙහෙයුම වෙන්නෙ මේ NTFS.sys හරහා ඉතිං මේං මේක අක්‍රිය වුනා කියන්නෙ........... ඕං ඔය තත්වය උදාවෙනවා
• හාඩ් ඩිස්කය පරීක්ශා කිරීමට බාවිතා කල හැකි යම් යම් මෘදුකාංගයන් බාවිතා කර පරීක්ශා කිරීම.  disk defragmenters තමයි හොදම සොෆ්ට්වෙයා එක.. ඒක වෙනම ගන්න ඕනි නෑ... මෙහෙයුම්පද්ධතියේම ස්ථාපිතයි. 
• නිවැරදි ලෙස වින්‍යාශ ගත නොකල (Malfunctioning) SCSI සහ Advanced Technology Attachment (ATA) හාඩ් ඩිස්කයන් හ ඒවාට බාවිතා වන drivers නිසි ආකාරයෙන් සකස් කිරීම. මගින් මේ දෝෂය වළක්වාගන්න පුළුවන්.. 


චරිතය : Stop 0x0000000A or IRQL_NOT_LESS_OR_EQUAL
kernal interrupt request level එක එහෙමත් නැත්නම් IRQL එක ඉහළ තත්වයකදීත් මෙම තත්වය ඇතිවෙනව... ඉතිං මේකට ප්‍රධාන හේතුවක් විදියට අලුතෙන්ම පරිගණයකට ස්ථාපනය කළ software එකක් හෝ hardware device එකක් හෝ ඊට අදාළ නොවන driver utility එකක් නොගැළපීමක් නිසා... ඉතිං මොනව කරන්නද..? මේක ඉවත් කිරීමක් සිදුකලයුතුවෙනවා... Hardware device එකක්නම් මෙය ගලවාදැමීමෙන් කරගන්න පුළුවන් කියල උඹට හිතෙනව ඇති... ඒත් install කරපු software එකක්... Driver එකක් නම්... ඒක කරන්න පරිගණකය switch on කල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට පෙරාතුරුව F8 key press කිරීම මගින් Safe mode වෙත පිවිස uninstall කරගන්න පුළුවන්.. 

චරිතය : … Stop 0x0000001E or KMODE_EXCEPTION_NOT_HANDLED මේං මේකත් ප්‍රධානව Driver utilities නොගැළපීම නිසා ඇතිවන තත්වයක්.. විටෙක මෙය win32.sys පද්ධතිය ස්ථාපිත software සමග ඇතිවන අසමානතාවලදීත් මතුවෙන්න පුළුවන්.. මේකටත් පිළියම ඉතිං Safe Mode සරණං ගච්චාමි තමයි ඈ... 

චරිතය :… Stop 0x0000002E or DATA_BUS_ERRORමේක නම් ඉතිං මවුපුවරුව එහෙමත් නැත්නම් motherboard එකත් level 2 chache memory සහ video memory අතර ගැටුම් තමයි... ඉතිං කළයුතු හොදම දේ මවුපුවරුවට ගැළපෙන RAM (RAM කිව්වම ඉතිං උඹල අහයි SD ද DDR ද අනංමනං ද කියල.. SD RAM ගැළපෙන මවුපුවරුවකට DDR කොහොම ගහන්නද බොලව්...? DDR 1 එකකට DDR3 කොහොම මැච් කොරන්නද..? ඒකක් නෙවෙයි RAM එකෙත් තියනවා Bus speed එකක්... chache memory එකක් ආං ඒවායි ගැළපිය යුතු ඈ...)

චරිතය : …Stop 0x00000079 or MISMATCHED_HAL Ntoskrnl.exe සහ Hal.dll යන ඒවා update නොවීමක් නිසා මෙම තත්වය ඇතිවෙනවා... බොහෝවිට උඹල කරන ප්‍රධාන වැරැද්දක් මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කරද්දී files skip කිරීම.. ඕං ඕකයි ප්‍රධාන වරද.. 


නිල්තිරේ ලෙඩ කල්තියා දැන ගැනීම සහ මයික්‍රොසොෆ්ට් සමාගමින් online help ලබාගන්නත් පුළුවන්.... මයික්‍රොසොෆ්ට් එකෙන් අපේ කම්පියුටරය හදනවා කියන්නෙත් ඉතිං තවත් එක් අමුතුම කික් එකක්නේ... ඕං එහෙනම්.
…Start >> search box එකේ event viewer කියල ටයිප් කොලා... ඔය ඉතිං නිල්තිරේ ලෙඩ බලන්නම විතරක් නෙවෙයි system එක තුළ සිදුවන ක්‍රියාකාරීත්වයන් සේරම පෙන්වන්නෙ Windows Logs >> System එක ඇතුළෙයි... මගේ නම් events ලක්ෂයකටත් ආසන්න සංඛ්‍යාවක් ඈ.. ඕං ඔය අතරෙ අතරින් පතර Warnings කිහිපයක්ම.... ඕං ඔය Warning එක නිල්තිර එන්න කලින් උඹවත් මාවත් දැනුවත් කරන තැන... නිල්තිරේ එන්න කලින්ම ලෙඩේ හොදකරගන්න මයික්‍රොසොෆ්ට් සමාගමේ ලෙඩවාට්ටුවට ඔයාගෙ කම්පියුටරයත් ඇතුළුකරන්න පුළුවන්.. කොහොමත් ඉතිං ඩොක්ටර් ව පෙන්වන්න කලින් අපිටත් පුළුපුළුවන් දේ කරගන්න Event Log Online Help හරහාත්.... මයික්‍රොසොෆ්ට් සමාගමේම තාක්ෂණික නිළධාරියෙකු හරහා අපේ පරිගණකය සකසා ගන්නත් අපිට පුළුවන්  

  ජිලාගේ නිල්කතාව නොහොත් ජිලාගේ බ්ලූ ෆිල්ම් එකේ කතිකාව මතුසම්බන්ධයි... නිල්කතාවේ තවත් කොටසක් සමගින් යළිත් හමුවන බලාපොරොත්තුවෙන් කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 42 නිමාව දුටු වගයි.. කතාව අසාසිටි උඹට ගොඩාක් ස්තුතියි..

ජිලාගේ නිල්කතාවේ දෙවනි කොටසත් නිකුත්වී අවසන්... මෙතනින් එබෙන්න... Blue කොටස 2