Monday, December 17, 2012

Windows7 ... ඇත්තටම මම Admin ද..? (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 35)

හරියටම සතියකට දෙකකට කලින් බෙහෙත් ගන්න කියල ඉස්පිරිතාලෙට ගිහින් චැනල් කරපු ඩොක්ටව ගන්න පෝලිමේ හිටපු මාව පෝලිමෙන් එළියට ඇදල ගත්තෙ ඩොක්ට අංකල්ට මගේ ඇගට අත තියන්න තියන ආසාව වැඩිකමටද නැත්නම් මිසී නෝනලට මගේ ඇගට අතතියන්නද කියල පෝලිමේ මුලින් හිටපු උන් මගේ දිහාවට  ඇස් කැරකැව්වෙ අහින්සකයෙක් දිහා බලන බැල්මෙන්ද නැත්නම් උන්ගෙ චාන්ස් එක මම නැති කරපු හින්ද්ද කියලනම් මම තවමත් දන්නෙ නැහැ.. හැබැයි පුද්ගලික හැදුනුම් කමක් නිසාම මම අරගත්ත කියල හොදටම තේරුණේ මට සලකපු විදියට.. කොහේ ගියත් ජිල්මාට්ස්ට තැන.. වෙලාවකට මේක මොන කරුමයක්ද කියලත් හිතුණ වෙලාවල් නම් අනන්තයි අප්‍රමාණයි..
චැනල් කලේ ඩොක්ට අංකල් නෙවෙයි ඇතුළෙ ඉන්නෙ..මාර සීන් එක ඇහුවම කිව්වෙ ඩොක්ට රට ගිහින් එන්නෙ ජනවාරි මාසෙ කියල.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ හිටපු ලේඩි ඩොක්ටට ඉතිං සේරම ලෙඩේ ගලපන්න උණා.. ඒ අස්සෙ විස්තරේ ගලපගෙන යනකොට ලේඩි ඩොක්ට මගේ ගැනත් අහනව.. ලෙඩේ පැත්තක දමල මම ඒකට උත්තර බදිනව.. ඒ අස්සෙ ඔපරේෂන් එකක් ගැනත් කියනව වගේ ලාවට ඇහුණ.. අප්පොච්චියේ මට ඔපරේෂන් එකක් කරන්නම වෙනවලු.. කතාව ඇහුවම ඇගේ ලේ ටික වතුර උනා.. මෙයා මාව කපන්න කොටන්නයි යන්නෙ.. ගත් කටටම කිය උණේ ඩොක්ට අංකල් ආවම කරමු නේද කියල... එයාටත් ඕන කියනව ඇහුණෙ ඒකම තමයි මගේ ඇගට අතතියන්න භයයිලු .. මෙහෙම හිටියට කොල්ල වසයි කියල ඒ ඩිංගට එයාටත් ඒක තේරුණේ මගේම වාසනාවට.. හික්ස්..
ඔය ඩොක්ටවත් අදුන ගත්තු එකත් හොදයි කියල කිව්ව.. මම බැලුව තවත් ඩොක්ට කෙනෙක් මගේ පිටිපස්සෙන්වත් ඉදගෙන ඉන්නවද කියල මම හැරිලත් බැලුව..කෝ නෑනෙ කවුරුවත්ම.. එයාට පිස්සු හැදීගෙන එනවද නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද..? කියන දේවල් වැරදියට ඇහෙන්න.. අනේ මන්දා.. පස්සෙ කියපි කම්පියුටරේට සොෆ්ට්වෙයා දැම්මට මොකෝ ඒව අයින් කොරගන්න බැහැයි කියල.. දැනුයි තේරුණේ ඩොක්ට කතාව..  ;)  පුංචි පහේ ප්‍රතිකර්මයක් නොවැ කොරන්න තියෙන්නෙ.. කෝ බලමුද ලෙඩාව..?
අහා.. මෙහෙයුම් පද්ධතිය windows 7 නේද..? මේකෙ Administrator ව enable කරල ගත්තනම් හරි. :D එතකොට මේ මම Admin නෙවෙයිද..? කියල අහපි.. නෑ නොවැ.. කවුද කියන්නෙ ඒ ඇඩ්මින් කියල එහෙනම් අපි රියල් Administrator account එක හදාගනිමු නේද..? හ්ම්ම් මේං මෙහෙමයි කොරන්ට තියෙන්නෙ..
…මෙතනින්..එතන්ට..එතැනින් මෙතැනට එන්නකෝ..

Control panel > Administrative Tools > Local Policy > Security Options > Accounts
දැක්කද එහා පැත්තෙ Administrator account status :එක Disable කියල තියනව.. ආං ඒක උඩ double click or right click කොරල enable කරගන්න එකයි කොරන්න තියෙන්නෙ..
දැන් ඉතිං ඔය ඉන්න අකවුන්ට් එකෙන් switch user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව..
…ලේඩි ඩොක්ටගෙ වැඩෙත් කරල එයාම ලියල දීපු  එයාගෙ මොබයිල් ෆෝන් නම්බර් එකත් අරන් ජිල්මාට්ස් ගෙදර ආවෙ ජනවාරි 23 වෙනිදට කපනව කොටනව කියපු එයත් එක්ක මේ ඉන්න දවස් ටිකෙත් එයත් එක්ක චැට් කොරන්න.. වැරදියට හිතන්න නම් එපා ඒ ලේඩි ඩොක්ට මැරි කරල නැති නිසා නම්බරේ ගත්ත කියල හිතන්න එපා.. එයා මගේ අක්කියෙක් වගේ හරී.. උඹලගෙ කටවල් ගැන දන්න නිසාමයි මම මුලින්ම මේක කියන්නෙ ඈ...  ;) මම දන්නව ජිල්මාට්ස්ගෙ සෙටාර් එක කවදාවත් ජිල්මාට්ස්ට බොරුවට කතා හදන්නෙ නෑ කියල..  (Y)