Monday, September 2, 2013

විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති URL සාත්තරේ.... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 45)

සාස්තරේයි... සාස්තරේයි... නෝනිලා... මාතිලා.. සාස්ත්‍රීයි ආනවැයි...? කිරිගහට ඇන්නවගේ මූණබලාගෙනම සාස්තරේ කියනවා.. හරිනම් විතරක් රුපියල් පන්දාහේ කොලයක් මේ අත උඩින් තියන්න... සාස්තරේයි... මාතියා සාස්තරයක් ආනවැයි.. මොකෑ බොල අද මේ ජිලාට වෙලා තියෙන්නෙ.. ජිලාට කවුරුහරි අහිකුණ්ඨක ගෑණියක්වත්.......... මොනවත් කොරලද.? හුටා... මලා... ඈ යකෝ... උන්ට විතරද සාස්තරේ කියන්න පුළුවන් ඈ... මෙච්චර දවසක්... කොච්චර සාස්තර සූත්තර මම උඹලට කියලදුන්නද ඈ...?? උඹලට එව්ව මතක නැහැ නේද..? විගඩම් නයියාඩගම් සොෆ්ට්වෙයා කෑලි නැතිව එක එක හොද හොද සෙල්ලම් රගන්න  උඹලට මුලින්ම  කියල දුන්නෙ ජිලා...
ජිලා කලින් ජිල්මාට්ස් සේරෝම කියල දුන්නෙ ජිලාගෙ පුංචි සංධියේ කෙරූ කෙරුම් එක්ක... අද කරන කෙරුම් ඉදිරියට ඈ.. තව අවුරුදු කිහිපයකින් වෙන්නත් පුළුවන් ඈ... මොකද මේ හැම එකක්ම වගේ පෙළගැස්මකටයි ජිලාගෙ මතකෙට එන්නෙ.. ඉතිං එන එකක් ලියනවා... ඒනිසා අද ජිලාගෙ කම්පියුටර් ලැබ් එකේ අත්හදාබැලෙන එව්වමෙව්ව කවදා කොහොම ලියවේවිද කියල ටක්කෙටම කිරිගහට ඇන්නවගේ කියන්න බෑ... හැලපෙනව කියල හිතුණොත් ලිව්ව තමා ඈ...
…ඉතිං අද කතාව සාස්තරයක් කියල දෙන්න.. සාස්තරයක් කියන්නෙ ඒකවචනද..? බහුවචනද මන්දා... ජිලාට සිංහලත් හරිහැටි බැහැනේ... ඒනිසා ගණංගන්න එපා ඈ... නමුත් සාස්තරේ නෑ නෑ සාත්තර.. කිරිගහට ඇන්න වගේ හරි ඈ...
…දැන් ජිලාට ටිකෙන් ටික ඉංගිරිසියත් පුළුවන්ලු ඈ...  බොරු නම් මේං බලහන්...

ǝʌǝɹ sıuɔǝ ıupǝdǝupǝuɔǝ ʇɥǝ bnǝsʇıou oɟ ɹǝɾǝɔʇıou oɹ ɹǝʇǝuʇıou oɟ ǝuƃlısɥ ɐs ɐ snqɾǝɔʇ oɟ sʇnpʎ ɥɐs qǝǝu ɐƃıʇɐʇıuƃ ʇɥǝ dnqlıɔ ɯıup ıu sɹı lɐuʞɐ˙ dǝodlǝ qǝlıǝʌǝp ʇɥɐʇ ǝuƃlısɥ ʍonlp soou ƃo ʍıʇɥ ʇɥǝ pǝdɐɹʇnɹǝ oɟ ʇɥǝ qɹıʇısɥ  ɟɹoɯ sɹı lɐuʞɐ ɟoɹǝʌǝɹ˙ qnʇ' ǝuƃlısɥ ɥɐs ɹooʇǝp ıʇsǝlɟ pǝǝdlʎ ıu ʇɥǝ sɹı lɐuʞɐu soıl˙ ıʇ ıs sdoʞǝu ɐup sǝɹʌǝs ɐs ɐ lıuʞ qǝʇʍǝǝu ʇɥǝ dǝodlǝ sdǝɐʞıuƃ pıɟɟǝɹǝuʇ ɹǝƃıouɐl lɐuƃnɐƃǝs˙
හුටා මේ මොකද  මේ..? අකුරු උඩුයටිකුරුද..? නැත්නම් මගේ ඇස්වල පෙනීම දුර්වලද..? පොඩ්ඩක් හිටපන් බලන්න ආයෙමත් සැරයක්... අම්මපල්ල මේ මොනවවෙලාද..? මේ... මොකක්ද මේ ජිලා  ලියල තියෙන්නෙ..? හිටිං හිටිං..
…ආයෙමත් බලපං එහෙනම් ඈ..
ever since independence the question of rejection or retention of english as a subject of study has been agitating the public mind sri lanka. people believed that english would soon go with the departure of the british from sri lanka forever. but, english has rooted itself deeply in the sri lankan soil. it is spoken and serves as a link between the people speaking different regional languages.
හලි ෂෝක් ජිලාට ඉංගිරිසියත් පුළුවන් ඈ... ඒවිතරක්යැ.. අකුරුත් මෙව්ව කරල.. කැමති ඇතිනේ ජිලාවගේ අකුරු නිකම් මෙව්ව මෙව්ව කරන්න... මේං එහෙනම් මෙව්වමෙව්ව කරපංකො...

දැන් ජිලා ඔන්න උඹලට love letter එකක් ලියන්න කියලදෙන්නයි යන්නෙ ඈ... ජිලාගෙ පළවෙනිම ආදර හසුන... මාමණ්ඩියට අතේමාට්ටු... මාමණ්ඩිය ඇවිත්හෙන ගර්ජෙනේ... උඹ මොකාද?  මගෙ අහිංසක කෙල්ලට පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඉඩදියන්..  ඒකිට තවම ලව් උණ ගහල නෑ... උඹ ඒකිව රවට්ටගන්න හදනවා... මම නොදන්නවයැ ඒකිගෙ තරම... මායම්  64ම දාල මාව අල්ලගෙන.. දෙවනි පෙම්හසුනත් ලියල යැව්වා... මේකිට ඒ එකක්වත් හරිහැටි ආරක්ෂාකොරගන්න බැරි හැටි... ඒක අයියට මාට්ටු... මට බඩු.. ඌ ඇවිත් මට කණට නොගැහුව එක විතරයි.. වැඩේ අත්හැරිය.. ඒකිට ලව්කරනවට වඩා හොදයි සුපුරුදු විදියටම කම්පියුටර් එකම බදාගෙන හිටියනම්.. දැන් ජිලා බොක්කෙන්ම ශල්‍යවද්‍යවරියකට ආදරය කරනවා... නමුත් ඌ සහ ඇය අතරේ සමහර ලියුම් හසුන් වල ආරක්ෂාව ජිලාගේ සුපෙම්බරියටත්  සූත්තරේ කියල දීපු නිසා කාගෙන්වත් ගර්ජන තර්ජන නෑ... නේං එහෙනම් බලාගනිල්ලකෝ... ජිලා ලියුම් ලියන හැටි ඈ... මේක මේ මුලින්ම යවන්න හිටපු එක... බලපන් මේං මෙහෙමයි කෙල්ලන්ට මුල්ම ලියුම ලියන්නේ...
……SSBhbSBleHRyZW1lbHkgc29ycnkgIHRvIGhhdmUgdG8gd29ycnkgYWtraXlhIGluIHRoaXMgb
WFubmVyLCBidXQgSSBhbSBzdXJlIHlvdSB3b3VsZCBjb252aW5jZSBvZiB3aGF0IEkgYW0g
Z29pbmcgdG8gc2F5LiBQbGVhc2UgZG9uJ3QgbWlzdW5kZXJzdGFuZCBtZS4gSSBkb24ndCBr
bm93IHdoYXQgY2FtZSBvdmVyIG1lLCBqdXN0IHRoZW4gSSBtdXN0IGFwb2xvZ2l6ZSwgSSd
tIG5vdCB1c3VhbGx5IHNvIHJ1ZGUuDQp5b3UgbWFkZSBtZSBsb3ZlIHlvdSwgbG92ZSB5b3Ugc
mlnaHQgZnJvbSB0aGUgc3RhcnQuIEFra2l5YSB5b3UgYXJlIGNvbnRyb2xsaW5nIG15IGhlYXJ0Li
BBbmQgSSBob3BlIGZvciBhbmQgSSB3aXNoIGZvciBhbmQgSSBwcmF5IHRoYXQgdGhlIHdvcmR
zIGZvciB5b3VyIG1vdXRoIGNhbi4gQWtraXlhLCBEb24ndCBicmVhayBteSBoZWFydCwgSSBsb
3ZlIHlvdSBmcm9tIGJvdHRvbSBvZiBteSBoZWFydC4gSSBMb3ZlIHlvdS4uIEkgbG92ZSB5b3Uu
Li4gdW1tbW1tYWFhIA==
මොකක්ද බොලව් මේ එපාර..? ඇයි අවුල්ද..? ඕං ඕක කොපිකරගෙන මේං මෙතනින් Decode කරපං බලන්න... පෙනෙයි ජිලාගේ ලියුම් කෙරුවාව ආරක්ෂිතව...මේ ක්‍රොමේ ඉතිං වෙන වෙන ආරක්ෂිත වැඩවලටත් ජිලා යොදාගන්නවා කියලත් කියන්න කැමතියි ඈ...
ඇඩෙනව තනි ඇහැට... නේ... :D
හරි... මේං එහෙනම් තවත් සූත්තරයක්..
…මේදවස් වල ලොකු එකා පොඩි එකා මහ එකාගෙ ඉදලම වීඩියෝ බැලිල්ල YouTube එකනේ... අනේමන්දා මෙව්වගෙ වීඩියෝස් ඩවුන්ලෝඩ්කරගන්න අර ඩවුන්ලෝඩරේ හොදයි.. නෑ මේ ඩවුන්ලෝඩරේ හොදයි... විගඩම් සොෆ්ට්වෙයා කෑලි ගැනමයි කතාව... අනේ මම ළග නැහැනෙ විගඩම් සොෆ්ට්වෙයා කෑලි... ඉල්ලුවත් දෙන්නෙ නෑ... ජිලා මේං මෙහෙමයි ඔය youtube එකෙන් අනංමනං බාන්නෙ නෑ... මේ ජිලාගෙ යහළුවෙකුගෙ නිර්මාණයක්ම ජිලා බාගත්තු හැටි පෙන්වන්නම්කෝ ඈ...
…මෙන්න ජිලාගේ යහළුවා සුපුන් බිම්සරගේ තවත් එක් නිර්මාණයක  youtube හි රැදී ඇති ලින්කුව..
දැන් ඉතිං විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව මේං මේක බාගන්නේ මේං මෙහෙමයි... එබියන්කෝ මෙතනට.. කැමති ෆෝමැට් එකකින් බාගැනීමේ පහසුවත් තියනවා ඕං ඈ...
කෝමද වැඩේ..?? සරලයි පහසුයි නේ...?? හැබෑටම ජිලෝ කොහොමද බං ඒ...
…මෙන්න බාගතකරගැනීමට අවශ්‍ය ලින්කුව... : http://www.youtube.com/watch?v=jWE8ohPavcM
මේං මෙහෙමයි බාගතකරගන්නේ ඈ... www.ssyoutube.com/ඉතිරිය දැක්කද ක්‍රොමේ..? youtube ඉදිරියට ඩබල් ඇස් ss දාපු ලස්සන.. ඇඩෙනවා නේ තනි ඇහැට..

ඕං අපේ උන්නැහේලාගේ youtube මේනියාවත් නිට්ටාවටම සුවයිලු ඈ... දැන් ඉතිං ඔය විගඩම් සොෆ්ට්වෙයා කෑලි දාගෙන IP Address වෙනස් කොරගන්නයි කියල අරව මෙව්ව දෙන එවුන් අස්සෙ නිමක් දෙන දේ කාල ලබ්බට තියපු අත මෙව්වවගේ කියන කතාව වගේ බඩජාරිකමට කෑවට දිරවගන්න බැරිව විදවන එවුන්ටයි මේ කියන්නෙ ඈ.. ජිලා කලින් පෝස්ටුවකත් මේගැන කතාකලා විගඩම් සොෆ්ට්වෙයා කෑලි දාගෙන අහුමුළුවලට රිංගන්න ගොහින් ඇනගන්නවට වඩා සරල ක්‍රමයක් ගැන.. උඹට අමතකද ඒක ඈ... මේං එහෙනම් ඒක

data sharing, file sharing කරන විදිනම් අනන්තයි... යහළුවෙක් එක්ක උගේ කම්පියුටරේ තියන අරව මෙව්ව උස්සන් එන්න Hard Disk Drive එකක්  pen drive එකක්.. අරන් එහාමෙහා දුවන්න පුළුවන් ඌ උඹේ ගෙවල් මායිමේ ඉන්නවනම්.. නමුත් ජිලාටත් ලෝකෙවටේම යහළුවො.. ජිලාගෙන් එව්ව මෙව්ව ගන්නත්... උගෙන් ජිලා එව්වමෙව්ව ගන්නත් ඔව්ව අරන් දුවන්නයැ.. කොහේහරි file hosting service එකක් හරහාම තමා.. ඒත් ඒවත් දැන් බිස්නස් කරගෙන.. ලොකු ලොකු files share කරන්න ලොකු ලොකු ගණන් ගෙවන්න ඕනි.. කොහෙන්ද අෆ්ෆා ඔව්වට සල්ලි... ඒකනොවැ කියන්නෙ... මේං බලහන්... හරියට නිකම් peer to peer connecton වගේ... දත්ත හුවමාරුවට කියාපු බඩ්ඩ... මෙව්වට ඉතිං සොෆ්ට්වෙයා කෑලි නම් ලොවෙත් නෑ..ඈ... මෙව්වම විතරයි... ඕං එහෙනම් උඹල ළග තියන අරවමෙව්ව යහළුවන් එක්ක බෙදාගන්න මෙන්න නියම සාස්තරේ.... හුටා නොදන්න වචනයක්ද මේ peer to peer connection... ? සරලවම කිව්වොත් පරිගණක ජාලකරණයේ කුඩාම ජාලය.. අවමය කම්පියුටර් දෙකක්... network cable එක එහෙමත් නැතිනම් මීඩියා එක භාවිතයෙන් දත්ත හුවමාරුකරගැනීමේ ක්‍රමය. හලි... වැඩිදුර විස්තරේ ඇතිව පෝස්ටුව මීළග පෝස්ටුවෙන්ම මේගැන මුලසිට කතාකරනවා ඈ... ඔන්න දැනුයි ඒකත් තීරණයකලේ මීළගට ලියන්න හිටපු පෝස්ටුව කල්දමා මීළගට මේ peer to peer ගැන කතාකරන්නයි සන්තෝෂයි නේ... හලිම සන්තෝෂයි..

ඒ සාස්තරෙත් හලි එහෙනම්... කෝමද ඇඩ් එකට වගේ ෆොටෝ එකකුත් හැදුවනම් ඈ... දැන් ජිලාට ෆොටෝ එඩිටිංනුත් පුළුවන්ලු ඈ... හැබැයි හරිම සැහැල්ලුවෙන්.. අර මෙව්ව එක .. අර..අර... photoshop ද මොකක්ද කියන මෙව්ව එක නැතිව... අම්මප..හරිම සැහැල්ලුයි... ජිලාට වගේම උඹේ කම්පියුටර් එකටත්... සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කිරිල්ලක්වත්... ඩබල් ක්ලික් පෝටබල් මෙව්ව එකක්වත් නෙවෙයිනේ.. මේං එහෙනම් මේ URL සාස්තරෙත් බැලුවනම්.... හරිම ෂෝයි නේ...?
…ජිලාගෙ සාස්තර කීමත් නරකම නැහැනේ...
සාස්තරේයි... සාස්තරේයි... නෝනිලා... මාතිලා.. සාස්ත්‍රීයි ආනවැයි...? කිරිගහට ඇන්නවගේ කම්පීතරේ බලා ගෙනම සාස්තරේ කියනවා..සාස්තරේයි... මාතියා සාස්තරයක් ආනවැයි..

12 comments:

  1. jilage sasthare kiri gahata anna wage thamai

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඈ... අංජන කමෙන්ටුවට... (Y)

      Delete
  2. Replies
    1. තෑන්ක්ස් ඈ... මිරාන් කමෙන්ටුවට... (Y)

      Delete
  3. Replies
    1. හරිම සන්තෝෂයි.... හරිම සන්තෝෂයි...

      Delete
  4. data sharing මරු.... ඈ.. උම්ම්ම්ම්ම්මා.... ජිලෝ...

    ReplyDelete
    Replies
    1. අනික් එවුන් මොන විදියට දකිද මන්දා.... භයෙත් බෑ.... වල් හිතකින් නෙවේ ඈ... සහෝදර බැම්ම.. නේද බං... :D

      Delete
  5. කිරිගහට උම්බලකඩෙන් ඈන්න වගෙ ජිලො......

    ReplyDelete
    Replies
    1. කුණුහරුපයක්ද මන්දා.... :v

      Delete
  6. පස්ට ජිලෝ. එල ඈ (දුමක් දුමක් දුමක්)

    ReplyDelete