Saturday, August 24, 2013

වින්ඩෝස් දාන්න System Unit එකම එපා... හාඩ් ඩිස්ක් එක විතරක් අරන්වරෙන්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 44)

ඔව්... ඒක ඇත්ත.. අපි ජීවත්වෙන්නෙ බලාපොරොත්තු ගොන්නක් පොදිබැදගෙන.. හීන දැක දැක.. ඒ බලාපොරොත්තුවක් කැඩුනොත්.... ඒ දැකපු සිහිනයක් බොද වුනොත්... ඔව්... උඹට වගේම උඹේ ආදරණීය ජිලාටත් අහස් උසට බලාපොරොත්තු තිබුණා.. අහසෙ අහස් මාළිගා තනන ලස්සන පාට පාට සිහින දැක්කා.. ජිලාගෙ හැම සිහිනයක්ම.. හැම බලාපොරොත්තුවකම චරිත කිහිපයක් ජීවත් උනා.. ජිලාගේ  රත්තරං දෙමාපියන්.. සහෝදරිය සහ සහෝදරයා.. ජිලාගේ මහ  මහ මොළකරු...මහ මොළකරුගේ පුතණ්ඩියා.. ඔය හැම සිහිනයකම හැම බලාපොරොත්තුවකම චරිත.. අවාසනාවක මහත... උදාවුනා.. එක චරිතයක් දැන් ජිලාගෙ යටිසිතේ පමණක් වෙලා... අතීත සිද්ධි මතක්කරගෙන ජිලාගෙ ඇස්වලින් කදුළු දකින්න උඹත් අකමැති ඇති.. ඔව් මමත් අකමැතියි.. නමුත් බලාපොරොත්තු අතහැරියෙවත්... සිහින දකින එක නැවැත්වීමක්වත් ජිලාගෙ සිතට ආවෙ නෑ,, ජිලා අලුත් උනා... නැගිටින්න උත්සාහ කලා.. අලුත් බලාපොරොත්තු... සිහින එක්ක ජිලා අලුත් උනා.. ඔව් දැන් ජිලා තරමක් සාර්ථක ගමනක් ඇවිදින්.. පුංචි සංධියෙම මැවූ සිහින ලෝකෙ දැන් අත්පත්කරගෙන ඉවරයි... ඌ උගේ ටැලන්ට් එකෙන් ඉදිරියට ඇවිත්.. ඒ උගේ මාවත් නිවැරදිව හදුනාගත්තු නිසා.. ජිලාගෙ සමවයස් එවුන් එක්ක ජිලා ඉදීරියෙන්.. බොහෝවිට වැඩිමල් එවුන්ටත් වඩා... අලුත් දෙයක් අලුත්විදියට දකින්න පුරුදු උන නිසා... ජිලාගෙ ජීවිත කතාව අනවශ්‍යයි..
…දැන් හැමදෙයක්ම අලුත් වෙනවා... අලුත් වන ලෝකයේ උඹත් අලුත් වෙන්න ඕනි... ඒ වගේමයි මයික්‍රොසොෆ්ට් සමාගමත් දිනෙන් දින අලුත් උනා..  අලුත්වෙනවා..
…මෙහෙයුම්පද්ධති නිපදවමින් වින්ඩෝස් කියන නාමය දැන් ප්‍රබල චරිතයක්..
ඇයි ඉතිං අද මේ ජිලා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දියුණුවක් ගැන කතාකරන්නේ...? ඒක අමුතු කතාවක් නෙවෙයිනේ... ඒක හැමෝම දන්න කතාවක්නේ... ඔව්... ඒක දන්න කතාවක්... ඒත්.. උඹ නොදන්න කතාවකුත් තියනවා...
…මොකක්...? නොදන්න කතාවක්...? වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියේ..?
…හ්ම්ම් හ්ම්ම් ඔව්... නොදන්න කතාවක්...
මම මෙහෙම උඹෙන් ඇහුවොත්...
… " මගේ කම්පියුටර් එකෙන් Hard Disk Drive එකකට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරනවා... ඉන්පසුව එම Hard Disk Drive එක වෙනත් කම්පියුටර් එකකට ප්ලග් කරල මම මගේ කම්පියුටර් එකෙන් දැමූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් හැසිරවිය හැකිද...??"
…උඹ මට සමහරවිටෙක කියයි ජිලාට පිස්සු හැදීගෙන එනව කියල... නැත්නම්.. කෙලින්ම කියයි ජිලෝ උඹට නම් පිස්සු ඒව කොහොම කරන්නද උඹේ කම්පියුටරේ mother board එකට අනුව සැකසෙන එව්වා මගේ කම්පියුටරේ motherboard එකට ගැලපේවිද කියල.. :P ඕං දිවත් උලුක් කරගෙන ජිලාට කින්ඩියට හිනාව..
…ඕං උඹ නොදන්න කතාව... ජිලාට කින්ඩියට හිනාවුන උඹ දැන් රියල් ජෝකර් කෙනෙක් ඈ...
…ජිලා කියනවා... windows XP service pack 3 මෙහෙයුම්පද්ධතියේ සිට system prepare tool එකක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් හදුන්වා දුන්නා... එදා ඒ අවශ්‍යතාව බිල්ගේට්ස් මාමාගේ ගෝලබාලයින්ටත් මතු උන නිසා... අලුත් බලාපොරොත්තුවක් සමග windows XP sevice pack 1 වලින් පසුව එහිතිබූ දෝෂ සකසමින් windows XP service pack 2 ඉදිරියට ආවා... service pack 1 යම් යම් දෝෂ තිබුණා තමයි.. බිල්ගේට්ස් මාමා සහ මාමාගේ පිරිවර සැලුනාද..? නැහැනේ.. service pack 2 කියල අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත් උනා... ඔන්න ඔතනදි තමයි මේ Hard Disk Drive එක පමණක් අවශ්‍යව එකිනෙකට වෙනස් motherboard කිහිපයකට එකම වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කිරීමේ අරමුණ නිසා windows XP service pack 3 බිහිවෙනවා... windows Vista...  windows7 .. windows 8 බිහිවෙනවා...  නමුත් එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් සමග.. මොකද අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත්ම නිමැවුමක් එළිදකිනවා...
ආසයිනේ.... දැනගන්න....  යහළුවට වින්ඩෝස් දාල දෙන්න දැන් මුළු සිස්ටම් යුනිට් එකම උස්සන් එන්න ඕනි නෑ.. ඈ...  අහ්!.. මතක් උන වෙලේ අපේ යහළුවන් වැරදියට භාවිත කරන වචනයකුත් හදන්න ඕනි කියල හිතුණා... සමහරු මේ system unit එකට පහසුවට CPU කියනවා.. ඇත්තටම ඒක වැරදියි ඈ.. CPU මීන්ස්... Central Processing Unit නේ... ඒකිව්වෙ ප්‍රොසියා නොහොත් Processor එකටනේ.. ප්‍රොසිය උස්සන් ඇවිත් *බ්බක් කරන්නද..? ඒනිසා වහාම ක්‍රියාත්මක වනපරිදි System Unit ඈ...
…හලි හලි... දැන් කතාව ඇති සූත්තරේ මෙන්න..
windows XP service pack 3 වලදී මෙහෙමයි ඈ... අපි මේක මැනුවලි තමයි කරගන්න වෙන්නෙ.. මේක මෙහෙයුම්පද්ධතියට ස්ථාපනය වීමක් නොවන නිසා එය අපි සකසාගන්න ඕනි.. මොනවා කරන්නද.. ජිල්මාට්ස් හැමදාමත් උඹත් එක්ක ඉන්න නිසා භයක් නැහැනේ.. ජිල්මාට්ස්ගේ මෙතෙක් පලවූ එකම පෙස්ටුවක්වත් අසාර්ථක වෙලා නැහැනේ.. ඒ මෙව්ව කොහේවත් උස්සන එව්ව නොවන නිසා... හලි කෙරුවාවන් ගැන ජිලාට හමු උන තවත් අපූරු යහළුවෙකුට කිව්වා..  නමින් සුපුන් අරවින්ද.. ශ්‍රී ලංකාවේ ලාබාලතම අංග රචන ශිල්පියා වගේම ජිලාට දැනුන විදියට නම් පුංචි ඇස්බැන්දුම්කාරයෙක්... පුංචි ඉල්ලීමකුත් කලා... වැඩිවිස්තර පසුවට ඈ... උගේ එක ඉල්ලීමක් නිසා උනන්දුවෙන් අලුත් පෝස්ටුවක් දාන්න හිතුවා.. මින් ඉදිරියටත් උඹල වෙනුවෙන් කෙලින්ම මට ටෝක් කරපු...  පෝස්ට් ලියපන් යකෝ නොකියා කියූ.. නිසාවෙන්ම සෑම සෙනසුරාදා දිනකම පෝස්ටුවක් ලියන්න වෙලාවක් ජිල්මාට්ස්ගේ ටයිම් ටේබල් එකෙන් වෙලාව වෙන්කෙරෙව්වා... මාර යකෙක්ම තමා ඈ...
ජිලා මේ දවස්වල ටිකක් කාර්‍යබහුල චරිතයක්.. උඹලව අමතක කරලනම් නෙවෙයි කියල මුලින්ම උඹලටත් කියලම ඉන්නම් ඈ... ඉදිරියේදීත් ජිල්මාට්ස් උඹලත් එක්කම දිගටම රැදේවි... දවසට පෝස්ටු 3ක් 4ක් 10ක් 12ක් දාන්න තරම් මට හසළ දැනුමකුත් නෑ... නමුත් පලව ඇති සියලූම පෝස්ටුවල වගකීම දරණ්න පුළුවන් ඈ.. ඉදිරියටත් වැටෙන පෝස්ටුවල සියලූම හිමිකම් අවුරා... වගකීම ජිලාගෙන්ම තමා ඈ...
…හලි හලි.. අමතක උනානේ... මේං එහෙනම්...
…යහළුවගෙන් උස්සගෙන ආව Hard Disk Drive එකට windows XP service pack 3 ස්ථාපනයකරගෙන වැඩපටන්ගමු... හලි හැබැයි Drivers installations නම් ඔට්ටුනෑ හොදේ... ඒකෙන් වැඩක් නැහැනේ... කොහොමත් යහළුවට උගේ කම්පියුටර් එකේ motherboard එකට ඕන Drivers and utilities කොහොමත් දාගන්න වෙනවනේ... අපි මේ කොරන්නෙ මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කිරීමක් විතරමයි ඈ... 

හලි... මුලින්ම දැන් windows XP sp3 ස්ථාපනය කරගත්තු පාටිෂන් එක ඕපන් කරගන්නකෝ...
…හ්ම්ම් හලි එහෙනම් දැන් Sysprep කියල අලුත්ම ෆෝල්ඩර් එකක් හදනවා... හරිද..??
…හ්ම්ම් හරි.. දැන් windows XP sp 3 CD එක ROM Drive එකට දාගන්න.. ඒකත් ඕපන් ඈ... රන් කරනව එහෙම නෙවෙයි ඈ... හලි support එක අස්සේ.. Tools අස්සේ... තියන Deploy.cab file එක extract කරගෙන ඕපන් කරගන්නකෝ... ඕක ඇතුළෙ තියනවා  Sysprep.exe සහ Setupcl.exe ඕං ඔය දෙකම කොපිකරගෙන ආං අර අපි හදපු Sysprep folder එකට රිංගවනවා ඈ... හලි දැන් windows XP sp 3 CD එක එළියට ගන්නකෝ...
…දැන් වැඩේ පටන්ගමු එහෙමනම් ඈ...
…හලි දැන් එහෙනම් command prompt එක දන්නවනේ.. අර අර කලු රෙද්ද... මතකයි නේ..?? run එකේ cmd ගැහුවම එන්නේ... ආං ඒක දිගහැරගෙන cd Sysprep කියල ටයිප් කොලා එන්ටර් කොලා ඈ..
…හලි දැන් ආයෙමත් කලුරෙද්දෙම මෙහෙම  sysprep /factory  කියල ටයිප්කොලා එන්ටර් කොලා...
…නැවතත්... sysprep /reseal කියල ටයිප්කොලා එන්ටර් කොලා...
…දැන් හලි ඈ... ඉන්පස්සෙ ඉතිං Hard Disk Drive එක ගලවගෙන ගොහින් යහළුවගෙ කම්පියුටර් එකට ප්ලග් කොරල Hard Disk Drive එකෙන් බූට් කලා... preinstallation process පටගනීවි... හරිම සරලයි... තේරුම්ගන්න පුළුවන් ක්‍රමයක් නේ බං... :)

ආ.... දැන් ඉතිං windows 7 සෙල්ලම...
…windows XP sp 3 වගේ DVD අනවශ්‍යයි.. දන්නවනේ හේතුව... අලුත් සිහිනයකින් බිහිවුණ අලුත් බලාපොරොත්තුව ඉටුවෙලා... අලුත් විදියට.. හලි හලි.. කතා ඇති... දැන් වැඩ..
1. start >> cmd (Run as Administrator )
2. ඕං ඕකේ sysprep\sysprep.exe කියල ටයිප් කොලා එන්ටර් කලා...
3. System Preparation Tool එකේ
තියන System Cleanup Action එක යටින් තියන Generalize කියන එකට ටික් එකක් දාගෙනම පරිගණකය shutdown කරන්න ඈ...
දැං ආයෙමත් ඒක ගලවලා ගෙනල්ලා ඔයාගෙ computer එකට ගහලා boot කරන්න හරිම සරලයි නේ... වැඩිවිකාර මොනවත් නෑ... හේතුව වින්ඩෝස් අලුත්වෙලා....

හරි එහෙනම් ඈ.. දැන් ඉතිං ඉතිරි යාළුවගෙ කම්පියුටර් රාජයාගෙන් කළයුතු සැකසුම් තමා ඈ...
check video performances ඉවසපංකෝ Setup is installing devices (100%)  හුරේ දැන් හරී... country or region ... Time and currency... Keyboard layout... අනංමනං දීගෙන ඉදිරියටම එන්න දන්නවනේ...
…ඕං එහෙනම් වැඩේ ගොඩ ඈ... යාළුවගෙ Hard Disk Drive එක විතරක්  උස්සන් ඇවිදින් යාළුවගෙ කම්පියුටර් එකට Windows මෙහෙයුම්පද්ධතියත් දැම්මා ඈ... ඒත් ඉතිං කෝ ගැළපෙන Drivers ටික... ? එව්ව නැහැනේ...
…ඔව් ඉතිං ජිලා කියනව කිව්වෙ අනුන්ගෙ Hard Disk Drive එකක් උස්සන් ඇවිදින් ඒකට ළගතියන කම්පියුටර් එකකින් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය දාන්න කියලදෙනව කියල විතරනේ...
…උඹලට ප්‍රශ්ණයක් නම් ජිලා එතැන කියල උඹ හොදාකාරවම දන්නවනේ.. ඉතිං ගැළපෙන Driver Utilities සොයා ගන්න විගඩම් සොෆ්ට්වෙයා කෑලි ඕනි නෑ... මෙන්න නියම සහ නිවැරදිම ක්‍රොමේ...
…Motherboard වර්ගය සහ model එක නිවැරදිව දැනගන්න.. ඉන්පස්සෙ Motherboard නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවියට යන්න.. දැන් motherboard model එක ලබාදී ස්ථාපනය කර ඇති මෙහෙයුම්පද්ධතියට අදාළව එහි ඇති සියලූම Driver Utilities බාගතකරගන්න... දැන් ශරිනේ.... ඒකත් ගොඩ ඈ...
…ජිලාගෙ පරණ  බලාපොරොත්තු ඉටුවෙලා ... අලුත් බලාපොරොත්තුවක් පහළවෙනවා වගේ... බිල්ගේට්ස් මාමාගේ  පරණ  බලාපොරොත්තු ඉටුවෙලා ... අලුත් බලාපොරොත්තුවක් පහළවෙනවා වගේ... අද ඉදන් උඹත් අලුත් වෙයන් අලුත් බලාපොරොත්තු එක්ක නැගිටපන්... අපිව වට්ටන්න කාටවත්ම බෑ... නමුත් එකෙක් ඉන්නවා... ඒතමා උඹේ හිත... උඹේ හිතකිව්වොත් උඹට බෑ බං කියල ලොවෙත් උඹට බෑම තමා බං... නැගිටපං.. කාටවත් උඹව පාලනය කරන්න දෙන්න එපා බං.. සමහරවිටෙක උඹ ජිලාගේ ජීවිත කතාව දන්නවත් ඇති.. ජිලාගෙ කතාවෙ මල්පලස් අතුරපු පාරක් විතරක්ම තිබුණෙ නෑ... ඒක මතකතියාගනින්... සුන්දර මතකයන් අස්සෙ ජිලාගෙ ඇස්වල කදුළු පිරෙන මතකයන්ද තියනවා... ඒව සුන්දර නෑ... අමිහිරියි... දැනුත් කදුළු බිංදු එන්න පටන් අරන්.. අකුරුත් බොදවෙලා වගේ... මම යනවා බං... උඹට ජය!.
…අලුත් පෝස්ටුවකින් යළිත් හමුවෙමු.

12 comments:

  1. නියමයි යාලුවා .... ජයවේවා ...

    ReplyDelete
  2. තැන්ක්‍යු යහළුවා.... (Y) ඔබටත් ජයෙන් ජය!!

    ReplyDelete
  3. ජිලෝ වැඩක් කියන්නම්... අකුරු පොඩ්ඩක් ලොකු කරලා... චේද අතර දුර පොඩ්ඩක් වැඩි කරලා.. අකුරු වල පාට ලා නිල වගේ දාලා.. අතරින් පතර නැතත් මුලට ඉමේජ් එකක් දාන්න පුලුවන්නම් වටිනවා.. ඇත්තමයි බන් මම කියෙවුවෙ මුල් ටික විතරයි.. ඇහැට අමාරුයි :/

    ReplyDelete
    Replies
    1. ඇහැට අමාරු උනත් ජිලා ලියපු නිසා කියෙවුවා අකුරු ලොකු කලොත් නම් හොදයි තමා

      Delete
    2. ඔය අකුරු පොඩියට පේන අයට මගෙන් පොඩි උදව්වක්. මේවා ආයෙත් එඩිට් කරන්න ජිලාව මහන්සි කරවන්න එපා බං. "Ctrl" key එක ඔබාගෙන Mouse wheel එක පොඩ්ඩක් කරකවපං. එතකොට ඕනෙ ගානට Zoom කරගෙන කියවන්න පුලුවන් නේ.

      Delete
    3. @gayan එහෙම කරාම හරියනවද thanx you ^_^

      Delete
  4. Machan, blog post eka liyanakota PAGE BREAK danna....ethakota post eka digata watenne ne.READ MORE kiyala watenawa...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. එල වැඩේ පින්තුරත් එක්ක මේ වැඩේ ඉගෙන ගන්න මෙහාටත් ඇවිත් බලන්න !!!

    http://sinhala-hackingzone.blogspot.com/2013/08/hard-windows-boot-100-working.html

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ape operatin system ekata yaluwage hdd eka gahalada cmd run karanne

    ReplyDelete