Saturday, August 17, 2013

කාලකණ්නි Blue Screen එකට සැළකිලි - 2 කොටස (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 43)

"කැලයක් මොටද එහි ගජිදෙකු නැතිනම්...
ගජිදෙක් මොටද උගෙ ගජමුතු නැතිනම්...
මිනිසෙක් මොටද උගෙ මොළයක් නැතිනම්...
මොළයක් මොටද මොළයෙන් වැඩගන්නැතිනම්... " ජිලාගේ නිල්කතාවේ පළමු කොටසින් අද ජිලාගේ නිල් කතාවේ ඉතිරිය... ජිලාගේ නිල්කතාවේ පළමුකොටස කියවූයේ නැතිනම් දැන්ම කියවන්න..
…"මිනිසෙක් මොටද උගෙ මනුසත්කම නැතිනම්...
…මනුසත්කම මොටද ඌළග හිත නැතිනම්...
…හිත මොටද ඒ හිත හොද නැත්නම්.... " අම්මප ඇත්ත.. නමුත් මනුස්සකම විතරක් තිබුණාට මදි නොවැ... කැරකෙන ලෝකේ හැමදේම වෙනස් වෙනවා.. මනුස්සකමින්ම විතරක් බෑ මේ මනුස්සකම ඉහළින්ම රකිනවා යැයි කියල බොරුවට පුරාජේරු ගහන උන්ගෙ ජීවිතේ රකින්න.. හැමෝම බඩගෝත්තරේ රැකගන්න හදන වෙලාවේ... හැමෝම බඩට ගහන වෙලාවේ.. ජීවන බරින් පොඩ්ඩක් හෝ දරාගන්න දෙවියන්ගේ මල්ලි සල්ලියේ බලය නැතත් සල්ලියේ පිහිට පතන්න ඕනි. මනුස්සකමම පෙන්වගෙන බෑ අදකාලෙ ජීවත් වෙන්න ඕං ඕකයි ඇත්ත... මේ උඹ ඉදිරියේ පෙනී සිටින ජිල්මාට්ස් එහෙමත් නැත්නම් ෆේස්බුකියෙන් උඹව හදුනගත්තු උඹේම ආදරණීය ජිලාත් ඒ බුකියේ ඒ නමින්ම ලෝකයා හමුවේ පෙනීසිටින උන්නැහේත් කාලයක් උඹලගෙ හිත හොද මනුස්සකම දන්න හොදම මිත්‍රයෙක් වෙලා හිටියලු.. ඒත් සමහරුන්ට දැන් එහෙම නැතිලු... මොකද ෆේස් බුකියෙ ඉන්න එකා නෙවෙලු සැබෑලෝකෙ  ඉන්නෙ..  හත්වලාමයි.. එහෙම නෑ යකෝ..  එහෙම නෑ... බ්ලොගියෙන් වගේම ෆේස් බුකියෙන්ම හදුනා ගත්තු එකාමයි තවමත් ඉන්නෙ... එපාර නැතිලු... හා හොදයි...
…බුකියෙන් මතුවන ලොකු ලොකුවට මනුස්සකම දොඩවන උත්තමයන්ගේ කෝල්ස් මැසේජ් ඉදිරියේ රන්නුළු අමුම අමු තිරිසනෙක්.. අමනුස්සයෙක්.. අමු අමුවේම මිනිස්සුන්ගෙ සල්ලිය ගසාකන්න පංතියක් කරනවලු.. ලොකු ලොකු පංතිගාස්තු ඉල්ලනවලු.. මම නම් ඒකෙ කිසිදු වරදක් දකින්නෙ නෑ.. මම ඉස්සර ගියේ පුටාර් එකේ.. එහෙමත් නැත්නම් බස් එකේ... දැන් මගේ ජීවන තත්වය ටිකක් උසස්වෙලා.. මම දැන් යන්නෙ බස් එකේ එහෙමත් නැත්නම් කාර් එකේ.. හැබැයි ලොවෙත් ආයෙ පුටාර් එකක යන්න ෆට්ට අමාරුයි.. අකමැතියි. මගේ ටැලන්ට් එකෙන්,,මගේ දක්ෂතාවයෙන් මම ඒ තැනට ඇවිත්. ඒ වගේමයි රන්නුළුවත්... ඌ දැන් සොයන්නේ ලොකු ලොකු වාහන වල යන්න.. කන්න හදන්නෙ ලොකු ලොකු හෝටල් වලින්.. **** හදන්නෙ ඉස්තරම්ම ඒවා.. ඒ ඔක්කොම ඌ දන්න දැනුම මොකාට හරි කියලදීල උන්ගෙන් ගන්නහදන සල්ලියෙන්... ඌට ක්ලාස් කරන්න ලංකාවෙ බැරිනම් ඌ ළග ඔය එක එක මනුස්සත්ගුණ දොඩවන එවුන්ගෙ රාජජේ කරන්න බැරිනම් ඌ අපායෙ ගිහින් හරි ethical hacking ක්ලාස් කරලා සල්ලි හම්බකරගත්තම අපිට මොකෝ.. සාමාන්‍ය පවුලක රන්නුළුවා හෙට සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න හදන්නෙ උගේ දැනුම විකුණලා.. කෝටි ප්‍රකෝටි ගණන් වටින වාහන ගන්න උඹලගෙ බත් පිගානෙ ලුණුකැටෙත් හූරන් කන අමුම අමු අපතයින්ගේ වැඩවලට අනේ සෝයි නේද මෙයා කියල කියන උන්.. රන්නුළුවා උගේ දැනුම බෙදල හම්බුකරන තුට්ටුවටත් එක එක පද හදන මනුස්සකම කතාකරන එවුන්ට මට කියන්න තියෙන්නේ අනේ **** බං කියලම විතරයි...  ඔයි තරු අස්සේ සැගවුන වචනෙ කිව්වම තමයි ඈ... මතක තියගනින් මම නොකළත් ඕකාගේ ඔය ක්ලාස් කෙරුවාව නිසා උඹේවත් මගේවත්.... මගේවත් උගේවත් අපි අතර ඇති වුන මේ සහෝදරත්වයේ බැම්ම නම් ලොවෙත් කැඩෙන්නෙ නෑ...ඈ..... ඔය එක එක හැකර් ලේබලේ පිටේ අලවගෙන කෑකෝ ගහන එවුන් අම්බානක් දැකපු නිසයි අන්තිමටවත් මෙහෙම කියන්නෙ... හැකාලා හැකර්ලා.. හැකින් අයියලා ..මල්ලිලා ගෙ කෙරුවාවන් නොදන්නවා නොවේනේ.. වැඩිමනක් ඉන්නෙ අනුන්ගෙ සොෆ්ට්වෙයා එකක ඩවුන්ලෝඩ් කිරිල්ලේ ලින්කුවක්... සීරියල් කී එකක්..ක්‍රැක් එකක් දෙන එකනේ... සමහර උන්නැහේලා ඒවත් විකුණගෙන කන වෙලාවේ හැකිං උණ හැද්දිචි එවුන්ට බෙහෙත් කොරන්න කීයක් හරි අතට ගන්න එක අසාධාරණයි ද මන්දා..
…කතාවෙන් කතාවෙන් ජිල්මාට්ස්ගේ බ්ලූ කතාවෙ ඉතිරිය කියන්නත් අමතක උනානේ....
…නිල්කතාවේ මුල් කොටස බැලුව නේද..? බැලුවෙ නැතිනම් මේං ආයෙමත් ඈ...
…හලි දැන් ඉතිරි කොටස :

…චරිතය : Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES
මේං මේ සිද්ධිය PagedPoolSize ක්‍රමාණුකූල නොවීම නිසාත් ඇතිවෙනවා... ඉතිං ඒක මේං මෙහෙම සකසාගන්න පුළුවන් Run හරහා regedit ඇවිදින්  HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Control >> Session Manager >> Memory >> Management  මේං මෙතනදි අපිට හමුවෙනවා මේ කියන  PagedPoolSize  ඕං ඕකෙ  අගය තමා මේ නිලේ....  PagedPoolSize අගය වහාම ක්‍රියාත්මකවන පරිදි 0 කරන්න.

…චරිතය : Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR
මේං මේක තමා ඔය අපි කතාකරන Hard Disk Drive එකේ ඇතිවන Bad Sectors නිසා ඇතිවන නිල්කතාව..

……චරිතය : Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE
තේරුම්ගන්න ඉතාමත් පහසුයි... Inaccessible boot device ලු නේ... ඉතිං BIOS හරහා ඇතුළුවී බලන්න 1st boot device එක ඔයාගෙ මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කරනලද hard disk drive එකද කියල.. එහෙම නෙවේ නම් මෙහෙයුම්පද්ධතිය තියන Hard Disk Drive එක 1st boot device එක විදියට නියමිත කරන්න..
…වයිරස් අප්පුහාමි කෙනෙක්ගේ *** වැඩක් නිසාත් Boot.ini පද්ධතියට කෙලවීමක් නිසාත් මේතත්වයම මේ නිල් රෙද්ද දිගහැරෙන්න පුළුවන්..

සමහරුනගේ කතාව RAM එක දෝෂ සහිතවීම නොහොත් memory dump සිද්ධිය.. මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කිරීමේදී දිගහැරෙන නිල් රෙද්ද... අලුතින්ම RAM එකක් ගත්තා... මේක RAM එකේම වරදක් නෙවෙයි කියල කටපුරා කියන්න බෑ..හලෝ... අලුතෙන් ගත්තා නොගත්තා... Memory Dump නිල් කතාව තමයි  ගොඩාක් දුරට ඇතිවෙන්නේ... ඉතිං දැනට යහතින් වැඩකරන RAM පතේත් දෝෂ තිබිය හැක.. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දැන්ම RAM එකේ දෝෂ ඇතිනම් හදුනාගමු.. වොරන්ටි තියනවනම් ඉතිං කලයුතුදේ කිව්වා කියල හිතාගනින්.. 
…මේං එහෙනම් memory dump  නිල්තිරේ දිගහැරෙන්න කලින්ම අපි අපේ RAM එක චෙක් කොරමු... 
Start >> search box type >> mdsched කියල කෙටුවා එන්ටර් කොලා... දැං ඉතිං Windows Memory Diagnostics Tool කියල දිගහැරෙයි ඈ... ආං ඒකෙ " Restart now and check for problems (recommended) තමා.... දැන් ඉතිං RAM එකේ දෝෂ තියනවනම් පෙන්නුම්කරයි ඈ...
…දෝෂ නැතිනම් "no errors were found"  විදියටත්... දෝෂ සහිත නම් "contact your computer or memory manufacturer for information about fixing the problem" තමයි ඈ... 

මේං එහෙනම් මයික්‍රොසොෆ්ට් සමාගමේම නිපදවු Windows Memory Diagnostic Tool ය බාගතකර ගනින්කො ඈ.... පුංචිම පුංචි බූටබල් ඩිස්කයක් විදියට උඹේ RAM එක චෙක්කරගන්න... උඹ ළග තියන පුච්චන මෙව්ව එකෙන් මේක iso file format එකෙන් පුළුස්සා ගනින්කො එහෙනම්..
…මෙව්ව ඉතිං මනුස්සකම් දන්නා එවුන් ඉදිරියේ මනුස්සකම නොදන්නා රන්නුළුවා අමනයෙක් අපතයෙක් විදියට හිතන කාලේ සල්ලිය ඉදිරියේ මනුස්සකම තුට්ටුවට දමන රාළ කෙනෙකුගේ වැඩක්..
…තේරුම් ගනින් රාළේ..  මෙදා කාලේ වෙස්සන්තරලා වෙන්ට බෑ රාළේ...  සල්ලි නැතත් රජවෙනවාලූ කීවෙ ඒදවස් වල..
…හිත මේ ටිකක් කළකිරුණ නිසයි අද ටිකක් තදින් ජිලාගේ කතාව වෙනපැත්තකට පෙරළුනේ ඈ... තුන් හිතකවත් ජිලා නොහොත් රන්නුළුවා උඹත් එක්ක තරහ නෑ බං... කතාව අසාසිටි උඹට ස්තුතියි...


16 comments:

  1. Replies
    1. එල එල නම් එලම තමා ඈ... (Y)

      Delete
  2. බොහොම ස්තුතියි යාලුවා ..... කියලා තියෙන කතාව නම් සහතික ඇත්ත ..... වැල යන අතට තමාඅපිට මැස්ස ගහන්න වෙලා තියෙන්නේ අද කාලේ .තමන් ඉගෙන ගත්තු දෙයක් තව එකෙකුට උගන්නන එක ගොඩාක් වටින දෙයක් .අද හැමදෙයක්ම සල්ලි වලින් මනින නිසා දැනුමටත් අනිවාර්යෙන්ම මිලක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. (Y) තෑන්ක්ස් යාලූ මාව තේරුම්ගත්තට..

      Delete
  3. නොසෑහෙන්න වටින පෝස්ටුවක් ජිලෝ.

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු මචෝ........ (Y)

      Delete
  4. ජිල..ඔයා හරි..තමන් දන්කදෙයක් කාට හරි කියල දීල කීයක් හරි හොයා ගන්න එක කිසි වැරැද්දක් නෑ..හොර මැරකම් නොකර

    ReplyDelete
    Replies
    1. හොරකම් කරන්න මැරකම් කරන්න.. ගේම් දෙන්න.. මට මගේ රත්තරං අම්මයි තාත්තයි කියල දුන්නෙ නෑ බං... ඒනිසා ඉතිං කරන්න වෙන්නෙත් මම මේ ආපු පැත්තෙන්ම යන ගමනක් තමා...

      Delete
  5. ela mcn.... godak wadagath digatama post liyanna

    ReplyDelete
  6. GNOME deskto nethuwa wena ekak dammoth monawada wenne

    ReplyDelete
  7. ගොඩාක් වටින නිල් කතාවක්..

    ReplyDelete
  8. එල ජිලෝ හොඳ අවබෝධයක් මේ ගැන ලබාගත්තා!

    ReplyDelete
  9. machan mge lap ake internet akata connect karahama blue screen aka awith restart wanawa. lap akata drivers hoyagannath ba bn hp site akan

    ReplyDelete