Tuesday, October 16, 2012

තත්පරෙන් කොම්පියුටර් එක shutdown කිරිල්ල (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 31)

වැරදීම දේව ගතියකි...සමාව දීම මනුස්ස ගතියකි.. හරිද වැරදිද කියලනම් දන්නෙ නෑ... මම අහල තියෙන්නෙ නම් ඔහොම තමයි.. කොහොමත් ඉතින් ජිල්මාට්ස්ගෙ වැඩ ඔක්කොම එහෙමනේ.. ඔක්කොම කනපිට.. හැබැයි කනපිට ගහල හරි වෙන්න ඕන වැඩේ සුපිරියටම කරනව කියල දන්න කොල්ලො කෙල්ලො සෙටාර් එකකුත් ඉන්නව.. සමහර වෙලාවට ජිල්මාට්ස් බකපණ්ඩිතයි කියලත් ජිල්මාට්ස්ටත් හිතුණ වෙලාවලුත් තිබුණ.. ඒක ඉතිං බකපණ්ඩිත කමනම් නෙවෙයි නොදන්නකම.. සියල්ල දැනගන්න සියල්ලදත් නෙවෙයිනේ... අද තියන දේ නෙවෙයි හෙට... හැමදේම හැමදෙයක්ම වෙනස් වෙනව..කවුද හිතුවෙ කැඩුණ දේවලුත් නොකැඩුණ විදියටම හදන්න පුලුවන් වෙයි කියල...  තාක්ෂණය ඉස්සරහදි අපි හැමතැනම දෙවෙනි වෙනව.. හැබැයි එහෙම උනා කියල පස්සට යනව නෙවෙයි අපි ඒවත් එක්කම ඉස්සරහට යන්න වෙනව.. ඒකයි ඇත්ත..  මේ ඊයෙ පෙරේද දවසක ජිල්මාට්ස්ගෙ හොදම යාලුවට ලැප්ටොප් එකක් අරන්දෙන්නයි කයිවාරු ගැහුවෙ.. හොද මොකක්ද ගන්නෙ මොකක්ද කියල සේහෙන ගැටලුවක්.. එකෙක් මැද්දට පැනල කියපි දැන් 3rd generation ත් ඇවිත් තියන එකේ..ගනින්කො එයින් එකක් කියල... ඔන්න ඔතනදි ජිල්මාට්ස්ට ටිකක් අමතක උනා අද තියන දේ නෙවෙයි හෙට කියල...තව ඩිංගෙන් වලියකුත් යනව.. ජිල්මාට්ස්ගෙ යාලුව ජිල්මාට්ස්වත් අරන් ඇතුළට ගියේ නැත්නම්..  සියල්ල දැනගන්න සියල්ලදත් නෙවෙයිනේ.. දැන් 3rd generation ඇවිල්ල.. කියල අන්තිමේදි ජිල්මාට්ස්ටත් පිළිගන්න උනා...
ජිල්මාට්ස්ගෙ හොදම යාලුවට ලැප් එකක් ගන්න ඉතින් පස්සෙ දවසක ගියා.. බස් එකේ ගමන.. කෙල්ලො මුගෙ දිහා හොරෙන් බලනව.. කොල්ල ඉතිං අහින්සකය නේ හෙමිහිට ඒ කෙල්ලොන්ට හිනාවකුත් දැම්ම ආඩම්බරයක් නැතිව... ඒත් ඒ එකියක්වත් පොඩි චැටකටවත් ආවෙ නෑනෙ ළගට.. ආවොත් ඉතින් උඹලට තියෙන කික් එකනම් ජිල්මාට්ස්ට නෑ.. කකුල් දෙකත් වෙව්ලයි කෙල්ල එක්ක කතාකරන්න ගියාම.. හික්ස්..
…මෙන්න බොලේ රෑ මූණු පොතෙන් එකියක් චැට් කරනව... මම අද ඔයාව දැක්ක කියල ඇස් දෙකෙන්ම.. කොහොමද කියල ඇහුවම මම හිටපු තැනයි වෙලාවයි රෙකෝඩ් කරල වගේ කිව්ව..
ජිල්මාට්ස් නම් පොඩ්ඩක් සයිලන්ට් එකෙක්. ඒත් ඉතින් ෆිට් නම් ෆිට් බොක්කට බොක්ක.. ඉන්පස්සෙ බරටම චැට් එක.. මොනවද රෑ දෙගොඩයාමෙ චැට් කලේ කියලනම් අහන්න එපා...  එයා ගෙදරට හොරෙන්ලු රෑට කොම්පියුටරේ on කරන්නෙ... ඉතිං ජිල්මාට්ස් ඇහුව දැන් කාමරේට කවුරු හරි රිංගුවොත් දකිනවනෙ කියල... එයා ගත් කටටම කිව්ව switch off the power කියල.. පව් කෙල්ල.. කොම්පියුටරේ කාගන්නයි හදන්නෙ.. ඉතිං ජිල්මාට්ස් එයාට පොඩි දෙයක් කියල දුන්න කොහොමද කොම්පියුටරේ තත්පර ගණනකින් shutdown කරන්නෙ කොහොමද කියල... උඹලත් මාත් අතරෙ හොර රහස් නෑ නෙ... ඉතින් උඹලටත් මේක වටියි කියල හිතුණ. හදමුද පොඩි අයිටම් එකක් තත්පර ගණනකින් කොම්පියුටරේ Shutdown කරගන්න...
1. right click on Desktop (මේ කියපු සිංහලේ දන්නවනේ... කඩ්ඩෙන් කොටන්න තේරෙන්නෙ නෑ.. මොකද තවම ජිල්මාට්ස් සියල්ල දත් නෙවෙයිනේ... ;) )
2. new > shortcut
3. type the location of the item කියල ඉල්ලන තැනට මෙන්න මේක කොටන්නකෝ..  shutdown -s -f -t 2 -c "I want to shutdown" (මෙතන මේ 2 කියන්නෙ තත්පර ගණන...ඔයාට ඕන නම් මේක වැඩි කරගන්නත්... I want to shutdown කියල දෙන මැසේජ් එක වෙනුවට ඔයාට කැමති එකක් කොටන්නත් අවසරේ දෙනව... )
4. next > finish 
5. දැන් ඩෙස්ක්ටොප් එකේ ඔයා හදපු මේ shutdown කරන ඔප්ෂන් එක හැදිල ඇති... ඒක right click  > Propertties > change icon එකෙන් icon එකක් දාගෙනම බලන්නකෝ... ගින්දර වගේ වැඩ නේද කියල..

ඇයි දෙයියනේ මාව කොහේදි හරි දැක්කම උඹලට මාත් එක්ක කතා කරන්න ලජ්ජද..? මම අහස් උසට බැදි වීදුරු මාළිගාවක ඉන්න එකෙක් නෙවෙයි.. කොල්ල දුක්පත්.. බව ඇත්ත.. ඒත් මනුස්සකම ගෑවිලා තියනව කියල හිතෙනව.. කෙල්ලන්ට මගේ කෙල්ල වෙන්න නෙවෙයි.. යාලුවෙක් විදියට... කොල්ලනේ... මම ජිල්මාට්ස් විදියට නෙවෙයි උඹේ යාලුවෙක් විදියට...

23 comments:

  1. Replies
    1. තෑන්ක්ස් මචන් රයන්.... :) (Y)

      Delete
  2. අදමද මන්ද මං පණුච්චි මේ පැත්තේ ආවේ... ඔ
    ය ෂට් ඩවුන් බටං එක නම් මටත් මරු ලැප් එක ඕෆ් වෙන්න හැට පැයක් යනවා අප්පා.
    හදාගත්තට දැන්ම ටෙස්ට් කරන්න බෑ නේ.. බලලාම කියන්නම්කො..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් පණුවිට මේකට උඹත් ඇබ්බැයි වෙයි කියලනම් ෂුවර්... ඇබ්බැහි උනාට අවුලක් නෑ.. මේක ඔය යමක් කමක් දැන ගන්න පුලුවන් එකක් නොවැ.. ඒ හින්ද බලෙන්ම මේකට ඇබ්බැහි වෙයන් බන්... ;)

      Delete
  3. niyamai bro matath me wage deyak one welamai tibbe ......thx machan ranalu.

    ReplyDelete
    Replies
    1. එල එල කසුනා... එහෙනම් වැඩේ ගොඩනේ.... (Y)

      Delete
  4. මන් හොය හොය හිටපු සීන් එකක් මචන් තැන්කියු වේවා!

    ReplyDelete
  5. supiri brother nodanna dewal kiyala denawata

    ReplyDelete
    Replies
    1. දන්නාදේ බෙදාගනිමි... බොහෝම ස්තුතියි මචන් මාව දිරිමත් කරනවට.... (Y)

      Delete
  6. machan oya widihata computer eka hibanarate karana code ekath eiyannako thanks

    ReplyDelete
    Replies
    1. යාලුවා චාමර.. ඔබගේ ඉල්ලීමට පිළිතුර මෙතැනින්...
      …http://www.jilmarts.blogspot.com/2012/10/hibernatesleeprestart-32.html

      Delete
  7. Replies
    1. තැන්ක්‍යු මචන් ගිම්හාන.. (Y)

      Delete
  8. Patta pata pata jilaaaaaaa..

    ReplyDelete
    Replies
    1. පස්ටම පස්ටයි නේ...? ;)

      Delete
  9. Replies
    1. කොහේ අරින්නද බන්.. ;) වැරදියට හිතන්නෙපා ආ... ;)

      Delete
  10. Machan Blog eka supiri..digatama liyapan.api hamadama ubat ekka innawa.ubata jaya

    ReplyDelete
  11. pate ah............

    ReplyDelete