Monday, September 10, 2012

කැමති තාලයේ ෆොටෝ එකක් Windows7 තිරේ අස්සට ( කොම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 26)

බොක්ස් එකට රිංගපු එවුන් මොනව මොනව කරනව ඇත්ද...? හොද හොද සෙල්ලම් ඇතුළෙ යනව ඇති.. අපිට ඉතින්  පුලුළ් තිරේ හොදහොද සෙල්ලම් තමයි.. එකට ක්ලාස් කට් කරල , ටිකට්ස් ගන්න පෝළිමේ ඉදන් කට්ට කාල.., ටික්ක අයියට ටෝක් කරල බැරිම තැන සෙටාර් එකෙන් කීය කීය හරි එකතු කරල ටික්ක අයියගෙ පොකැට්ටුවට ඔබල ටිකට්ස් ටික අරගන්න එකට දගලපු උන්.. කෝ... ජිල්මාට්ස් එක්ක බැල්කනියෙ  ඉන්නෙ 3ක් 4ක් විතරනෙ.. අනික් එවුන් කෝ...? බොක්ස් අස්සට රිංගල.. කෑල්ල එක්ක ආවම එකට හිටපු යාලුවොත් මුන්ට අමතක වෙනවනේ.. කුටියට රිංගුවෙ පුලුළ් තිරේ දිග හැරිච්ච සෙල්ලම් ටික ප්‍රැක්ටිකල් කරන්නද කොහෙද... බැල්කනියෙ ඉන්නත් භයයි භයයි වගේ.. තනියම හරි කුටියක් අස්සට රිංගුවනම් හොදයි කියලත් හිතෙනව..දන් මොනව කරන්නද..  ගෙවල් ළග කවුරුවත් ඉන්නවද...? නෑඩෑ වෙන කෙනෙක්වත් ළග පාතක ඉන්නවද බැලුවෙ දැක්කොත් ගෙදරට ගොඩවෙන එකත් ෂුවර් නැති හන්ද.. දැකපු කෙනාගෙ මූණ බලන්නත් බැරිවෙන හින්ද.. වෙලාවට කවුරුවත්ම නෑ..
…ෆිල්ම් එක ඉවර උණා විතරයි සුටුස් ගාල ජිල්මාට්ස් එළියට පැන්නෙ හැමෝටම කළින් ගේට්ටුව ළගට ගිහින් එතන තාප්පෙට අඩිය ගහන්න.. ජිල්මාට්ස් එක්ක බැල්කනියෙ හිටපු සෙටාර්  එකත් එළියට ආව.. පස්සෙ මෙන්න කුටි අස්සෙ හැංගිච්ච අපේ අයියල සෙට් එකත් ආව අක්කල සෙට් එකත් එක්ක මොනවත් නොවුණ වගේ.. කෙල්ල ඉස්සරහ යාලුවො නිකම් මොකුන්ද වගේ.. උන්නද මළාද දන්නෙ නැහැ.. කෙල්ලගෙ ෆොටෝ එකත් වෝල් පේපර් එක කරගෙන.. මචන්ලා... යාලුවො කියන්නෙ උඹේ ජීවිතේ.. කවදාක හරි යාලුවො නැතුව ජීවිතයක් නැති වෙනව. කෙල්ලෙක් තියා ගෑණු පරාණයක් නෑ..උඹට වැරදුණ දවසක.. ඒක මතක තියාගනින්..
…උබේ වෝල් ෆෝටෝ එක කෙල්ලෙගෙ ෆොටෝ එකනෙ.. හිටපන්.. කෙල්ලට කලින් අපේ යාලුකමේ ෆිට් එක ඉස්සරහටම ගේන්න.. ගනින්කො උඹේ කොම්පියුටරේ පොඩ්ඩක්... සොෆ්ට්වෙයා කෑලි දමාගෙන මේක කරන්න පුලුවන් තමයි.. ඒත් ජිල්මාට්ස් හැමදාමත් ජිල්මාට්ස්ම තමයි..
…යාලුවො සෙට් වලා ගත්තු මැක්සා ෆොටෝ එකකුත් සෙට් ඒකනම් පට්ටයි මුන්ට අතීතය මතක් කරන්න... උඹ දැනටමත් කෙල්ලො 3ක් 4ක් එක්ක ලව් කරානෙ බලපන්.. අපේ යාලුකම තාමත් තියනව.. ඒක අදින් පස්සෙ හැමදාටමත් තියේවි..
…කොම්පියුටරේ නම් දුවන්නෙ windows 7 ජිල්මාට්ස් ගෙ අයිඩියා එක යාලුවගෙ කොම්පියුටර් එකේ කෙල්ලගෙ වෝල් පේපර් එක එන්න කළින් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක පෙන්නන්න..
…එහෙනම් මෙන්න මෙහෙමයි කරේ..

1. C > Windows > System > System32 > oobe එක ඇතුළෙ info කියල ෆෝල්ඩර් එකක් හදල ඒකෙ ඇතුළෙත් backgrounds කියල ෆෝල්ඩර් එකක් හදනව..

2. මේ backgrounds ෆෝල්ඩර් එක ඇතුළට අපේ සෙටාර් එකේ තෝරගත්තු ෆොටෝ එක දාල backgroundDefault.jpg කියල සේව් පාරක් දෙනව.. (පොඩි කේස් එකකුත් තියනව.. ෆොටෝ එකේ සයිස් එක ටිකක් අඩුනම් පට්ට.. 240KB වගේ උණානම් මරු )

3. ඉන්පස්සෙ ඉතින්  WindowsKey + R  > regedit කියල ටයිප් කරල enter කරනව..

4. Ctrl + F  > OEMBackground කියල ටයිප් කරල පොඩි find පාරක් දෙනව..

5.
OEMBackground එකක් එයි බිංදුව  (0)  අන්න ඒ වැලිව් එක එක  (1) කරල දීල  ඕපන් කරපු හැම රෙද්දක්ම වහල දාල කොම්පියුටර් එක restart කරල බලන්න..
කෙල්ලගෙ වෝල් පේපර් එක එන්න කලින් අපේ මිත්‍රකම හැමදාමත්.. මුලින්මයි කියල කොම්පියුටර් එකත් කියනව නේද කියල..
…අනේ මන්දා.. මේ ජිල්මාට්ස්ට හිතුණ විදිය.. පස්සෙ ආපු කෑල්ලකට වඩා කළින් ගොඩ නැගුණ අපේ යාලුකම වටිනව.. ජිල්මාට්ස් මෙහෙම උණත්.. මට යාලුකම් වලට වඩා මගේ කෙල්ලව වටිනව කියල හිතුණොත් ඉතින් මේ ජිල්මාට්ස් මොනව කියන්නද..? අවුලක් නෑ.. කෙල්ලෙගෙ ෆොටෝ එකම දාගන්නකෝ..
අපේ අයියල සෙට් එකටත් උණේ ඔය ටිකමනෙ.. අයියල සෙට් එක කෙල්ලො බදන් හිටියා ජිල්මාට්ස් තවමත් යාලුකම බදන්... යාලුකම හින්දම ජිල්මාට්ස් තවමත් බැල්කනියට යද්දි ජිල්මාට්ස්ගෙ යාලුවො බොක්ස් අස්සට රිංගනව..  ජිල්මාට්ස් තවමත් තනියම..

12 comments:

  1. හ්ම්ම්ම්ම හ්ම්ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  2. meka koheda blog ekaka thiyanawa dakka meeta kalin. copy kala neda eken? anunge ewa kopi karala tamange wage danawa itin..

    ReplyDelete
  3. ou ou mamath dakka originel eka http://helpitlanka.blogspot.com/2012/08/change-log-on-screen-of-your-window-7.html menna meka... :P kathai hode..

    ReplyDelete
    Replies
    1. යාලුවා.. මම කොහෙන්වත් කොපි පේස්ට් කිරිල්ලක් කරන්නෙ නැහැ...කරලත් නැහැ.. ටෙස්ට් කරල සාර්ථකනම්.. දැනුම බෙදාගන්න මම මේව පබ්ලිශ් කරන්නෙ නොදන්න අයට දැනගන්න..

      Delete
  4. system wala system32 kiyala ekak nane, anika OEMBackground kiyala search karama enneth nane

    ReplyDelete
    Replies
    1. C partition එකේ... Windows වල System එකේ.. System32 එක ඇතුළෙ oobe එකේ info කියල ෆෝල්ඩර් එක අස්සෙ backgrounds ...
      ඔය සරලවම තමයි කියල දීල තියෙන්නෙ.. නැවතත් පෝස්ට් එක බලන්න... වැඩේ අනිවා කරගන්න පුලුවන් වෙයි...

      Delete
  5. OEMBackground කියල එකක් නැහැනෙ JILmARTs!!!

    ReplyDelete
    Replies
    1. C partition එකේ... එහෙමත් නැත්නම් මෙහෙයුම් පද්ධතිය තියන partition එකේ Windows වල System එකේ.. System32 එක ඇතුළෙ oobe එකේ info කියල ෆෝල්ඩර් එක අස්සෙ backgrounds ...
      ඔය සරලවම තමයි කියල දීල තියෙන්නෙ.. නැවතත් පෝස්ට් එක බලන්න... වැඩේ අනිවා කරගන්න පුලුවන් වෙයි...

      Delete
  6. hmmmm ela wadee nam karagatta ahhhh copy pest apita wadak na maccn danne nati deyak kohen hari enawa nm me araka aweee na ne macn

    ReplyDelete
    Replies
    1. පුරස්නෙ අපහැදිළියි යාලුවා බණ්ඩාර..

      Delete
  7. kiyana widiyatama wede kara eth prathi palayak ne ne bn

    ReplyDelete
  8. OEMBackground ekak enne na ne....

    ReplyDelete