Monday, August 20, 2012

Welcome වෙනුවට කැමති නමක්...(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ටුවෙන්ටි ත්‍රී)

රෑ දෙගොඩ යාමෙ වෙනකන් එක එක වැඩ... හැමදාමත් ඉතින් මෙහෙම තමයි..කොම්පියුටරේ අතගායි... ෆෝන් එක අතගායි... හිටපු ගමන් වෙන වෙන ලෝක වලටත් යනව...අනේ මන්දා...ජිල්මාට්ස්ගෙ ලෝකෙ... ඊයෙ නිදා ගන්නකොට පාන්දර තුනත් පහුවෙලා.. සැරටම නින්ද ගිහින්..ඇහැරුනේ අම්මි රූම් එකේ දොරට තට්ටු  කරපු සද්දෙට...ළග තිබුණ ෆෝන් එකේ මිස්කෝල්ස් පහයි... මැසේජස් දෙකයි...මල්ලි ඔයා අද එනවද...? ඇයි සද්දයක් නැත්තෙ...මාව එපා වෙලාද...? ප්‍රශ්ණ පත්තරේට උත්තර බදින්න වෙලාවක් නැහැ..දැනටමත් හොදටම පරක්කු වෙලා.. බෙඩ් ටී එක අරන් අම්මි එනකොට දොර ඇරල නොතිබොත් අනික් යතුරයි වතුර බාල්දියකුයි අරන්  තව ටිකකින් අම්මි එයි.. නැගිටින්න ඕන.. එත් පුද්ගලික කාරණාවක් හින්ද දැන්ම ඇදෙන් එළියට පනින්නත් බැහැ..
ඊයෙ ජිල්මාට්ස්ගෙ මල්ලි කෙනෙක් කතා කලා..ආනන්දෙ ඩයල් එකක්.. ටෂිල ඩිල්ශාන් කියල..ජිල්මාට්ස් ඌට ආදරේට කියන්නෙ පොඩි එකා කියල..පොඩි එකා කිව්වෙ නවය වසරෙ හින්ද ඒවුණාට මොකෝ කරන්නෙ ඕලෙවෙල් ක්ලාස් එකේ වැඩ.. දැන් ෆේස්බුක් අකවුන්ට් එකකුත් තියනවලු නෙ.. පුහ්.. මම ඉතින් ඇහුව ඉන්ටනෙට් එක ගත්තෙ එෆ්බී එක මල් කඩන්නද කියල.. එහෙම නෙවෙයි ඉගෙන ගන්නලුනෙ ඉන්ටනෙට් ගත්තෙ..ඔව් ඉගෙන ගන්නව මූණුපොතේ මල් කඩන්නෙ කොහොමද කියල.. ඉගෙන ගන්නව කියපු දේවලුත් ටෙස්ට් කරන්න ඉතින් මම දන්නවයැ ඉතින් අලුත් සිලබොස් එක..
මම ඉතින් පොඩි එකාට කට්ටක් දෙන්න ඕන හින්දම කිව්ව ෆෝල්ඩර් එකක් හදල CON කියල රීනේම් කරන්න... මම තව සතියක් ඔයාට දෙන්නම් කියල... කියල කට ගන්න උණේ නැහැ..හැදුවලු... මම ඉතින් ඇහුව කොහොමද කියල පොඩි එකා කිව්ව නොවැ මගේ මේ අයියගෙ සයිට් එකෙන් ඉස්සුව කියල..දැන් පොඩි එකාට ඕනෙලු.. මමත් එක්කම ජිල්මාට්ස් වැඩ කරන්න..
පොඩි එකාගෙ කොම්පියුටරේ දුවන්නෙ Windows XP ලු.. ඉතින් මම ප්ලෑනක් ගැහුව ලොග් වෙන කොට එන වල්කම් (welcome) කෑල්ල අයින් කරල පොඩි එකාගෙ නම එතන්න්ට දාන්න..
ටෂිල...මගෙ පොඩි මල්ලියො... ඕන් එහෙනම් අයියත් එක්කම වැඩේ ජිල්මාට්ස් සෙල්ලමක් දාමු එහෙනම්.. ඇයි දැන් උඹල පැත්තකට වෙලා බලන් ඉන්නෙ.. පොඩි එකාට විතරක් නෙවෙයි.. XP තියන ජිල්මාට්ස්ගෙ අයියල සෙටාර් එකත් කරමුකො බලන්න...
ශරි... මුලින්ම මෙන්න මේ පොඩි බඩ්ඩ ඩවුන් කරගන්නකෝ..

http://www.mediafire.com/?u7ffa4hhl07660t

2.ඕකෙ තියන Resource ෆෝල්ඩර් එකේ... ResHacker double click කරන්නකෝ...
3. file > Open >
4. Local Disk(C) අයියගෙනම් C පාටිශන් එකේ තමයි වින්ඩෝස් තියෙන්නෙ > Windows >System32 > logonui සිලෙක්ට් කරල ඕපන් කරන්න
5. String Table > 1 > 1033
6. හත්වෙනි ලයින් එකේ තියනව වල්කම් කියල කෑල්ලක්.. අන්න එතන්ට ඔයා කැමති හෑල්ලක් දාන්නකෝ... පොඩි එකා නම් දැම්මෙ Tashila කියල :)
7. දැන්... Compile Script
8. ශරි... දැන් ඕක file > Save as > logonui_new විදියට > save  කරන්න
9. දැන් ඕක ක්ලෝස් කරල දාල බාගත්තු Replacer folder
10. double click replacer
11. දැන් ඔතන්ට Local Disk(C) > Windows > System32 > logonui ෆයිල් එක ඇදල දාන්න... ඉන්පස්සෙ ඉතින් enter
12. ශරි.. දැන් ආයෙමත් ඔතන්ට අලුතෙන් අපි හදල සේව් කරපු logonui_new ෆයිල් එක ඇදල දාන්න...ආයෙමත් ඉතින් කලින් වගේ enter පාරක් දාන්නකො.. අහයි Restart කරන්නද කියල Ok(ay) පොඩි එකෝ.. බලන්නකො.. වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. වල්කමේ යනව වෙනුවට ඔයා දාපු හෑල්ල ඇවිත්ද කියල..
අයියනම් ටිකක් වල් තමයි.. ඒහින්දම නෙ අයියගෙ කෑල්ල කොම්පියුටරේ විදියට තියන් ඉන්නෙ..ඒ හින්දමයි හැම අස්සකම අත දාන්නත් පුලුවන්.. ;)
ආ... මට පරක්කුයි...පරක්කුයි... මම තවමත් ඇදේ නේ.. දැන්නම් හරි වගේ ඇදෙන් පැන්න හැකි...පොඩ්ඩක් ඉන්න අම්මි මම දොර අරින්නම්... මම ඇහැරිලා හිටියෙ..අම්මිට කරදර කලේ නැත්තෙ බත් මුට්ටිය ලිපේ තියනව ඇති කියල හිතල.. අම්මි දොරට තට්ටු කරනව ඇහිල ජිල්මාට්ස්ට කියවුණා.. අම්මි රූම් එකට පනින්න කලින් ජිල්මාට්ස් ලැප ඕෆ් කලේ නැත්නම් අම්මි වෙන මොනවත් හිතයි කියල....

9 comments:

  1. meke thiyana ewa karana hati therenne nane,

    ReplyDelete
  2. Replies
    1. මචන්.. මම මේව කොහෙන්වත් උස්සල දාන ඒව නම් නෙවෙයි.. ටෙස්ට් කරල බලල වැඩේ සාර්ථක නම් විතරයි පබ්ලිෂ් කරන්නෙ... මෙහෙමයි ඔයා.. මගේ මේ පොසෙට් එක කියෙව්වනම් තේරෙන්න ඇති මේක windows XP වල කරන පොඩි සෙල්ලමක් කියල.. ඔයා පාවිච්චි කරන්නෙ windows XP නම්.. ආයෙමත් හොදට බලන්න C partition එකේ... Windows වල System32 එක ඇතුළෙ මේ කියන logonui කියන එක නැද්ද කියල... අනිවාර්යෙන්ම තියෙන්න ඕන..

      Delete
    2. win 7 walata barida oya sellama danna??

      Delete
    3. ළගදීම... බලාපොරොත්තුවන්න... එතෙක් ලොගෝන් තීම් එක වෙනස් කරමු...
      …http://jilmarts.blogspot.com/2012/09/windows7-26.html

      Delete
  3. මචං ජිලෝ, මෙන්න මගෙනුත් පොඩි එකාට තෑග්ගක්.

    Dim speaks, speech
    speaks="*******************************************"
    Set speech=CreateObject("sapi.spvoice")
    speech.Speak speaks

    මේක notepad එකේ කොටලා * තරු තියෙන තැනට මොකක් හරි බයිලයක් english වලින් කොටලා මොකක්හරි.vbs වලින් save කරලා startup folder එකට දාගන්න කියන්න. example එකක්,

    Dim speaks, speech
    speaks="WELCOME Tashila"
    Set speech=CreateObject("sapi.spvoice")
    speech.Speak speaks

    කියලා welcome.vbs විදිහට save කරන්න. startup folder එක ඌ දන්නවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අහා.. එල එල.. ගයාන්..සහෝ.. ජිල්මාට්ස් එක්ක එකතුවීම ගැන සතුටුයි.. (Y)

      Delete
  4. gayan man meka nam dannwa wena ekak dannwa nam dannako...win 8 ok..

    ReplyDelete