Sunday, July 8, 2012

NTLDR is missing Press Ctrl+Alt+Del to restart ජිල්මාට්ස් කරයිද ෆෝමැට් :P (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සික්ස්ටීන්)

ප්‍රශ්ණයක් නෙවෙයි නම් ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු...
හැමදේම දූෂිතයි... ජරාවයි... ඒ හින්ද දූෂණය වෙන්න කලින්ම.. කඩාගන්න කලින්ම වින්ඩෝස් බේරගමු කියල කට ගන්න උණේ නැහැ, අපෙ ලොක්කයිය කැඩිල කැඩිල කියාගෙන ජිල්මාට්ස්ව සොයාගෙන ආව.. ජිල්මාට්ස්ගෙ අම්මිට මේව ඉතින් අහලම පුරුදුයි..මොකෝ ජිල්මාට්ස්ව මීට් වෙන්න එන ඔක්කොම එන්නෙ කඩාගත්තු එවුන් නෙ... ;)
ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ කියල ජිල්මාට්ස් අහපි.. "NTLDR is missing" කියල මැසේජ් එකක් එනව කියල ලොක්කයිය  කියපි...  මම හිතුවෙ පොඩි නoගිගෙ කියල... :P
ඇයි ලොක්කෝ.... මගේ කලින් ආටිකල් එක කියවල ඕක කැඩෙන්න කලින්ම හදාගන්න තිබුණනෙ... කොහෙද ඉතින්... උඹෙත් අලි ඔලුව නෙ... කියල දෙන ඒව මෙලෝ රහක් නැහැ කිය කිය හිටිය මිසක්... දැන් තේරෙනව ඇතිනෙ රගේ... කේ..කේ... ඒවයින් දැන් වැඩක් නැහැනෙ... කඩාගත්තු දේවලුත් හදන ලෝකෙ...කඩාගත්තු දෙයකුත් තියෙන්න ඕන නෙ.... ;)
ඇත්තටම උඹ දන්නවද ලොක්කෝ ඇයි මෙහෙම වෙන්නෙ කියල...?
1. සමහර විට උඹ ඔය වින්ඩෝස් නැති පාටිෂන් එකකින් රන් කරන්න යනව වෙන්න පුලුවන්...
2. නැත්නම්.. පවර් කේබල් එක හරි ඩේට කේබල් එක ගැලවිලා වෙන්න පුලුවන්...
3. එහෙමත්ම නැත්නම්.. ඔය කියන ෆයිල් එකට වයිරස් අප්පො කෙනෙක් ගේමක් දීල වෙන්න පුලුවන්..
කජු කන ලෝකෙ මේකත් ලොකු කජ්ජක්ද...? දාමු බලන්න XP CD එක... ඒපාර උඹ හිතයි..හරි හරි ෆෝමැට් පාරක් තමයි අදින්න යන්නෙ කියල... පිස්සුද බන්...?  ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු... ;)
1. CD එකෙන් බූට් කරද්දි අහයි repairද කියල යස්.. R දීල enter කරන්න
2. පස්සෙ වින්ඩෝස් ලෝඩ් කරන්න 1 දීල enter කරන්න
3. ඇඩ්මින් පාස්වර්ඩ් එක අහයි... පාස්වර්ඩ් එකත් දීල එන්ටර් වෙන්නකෝ...
4.  copy e:\i386\ntldr c:\ කියල ට්යිප් කරන්නකෝ....කිව්වෙ ලොක්කයියගෙ CD drive එකේ ලෙටර් එක ;)
5. ඉන්පස්සෙත්.... copy e:\i386\ntdetect.com c:\ කියල ට්යිප් කරන්නකෝ
6. තවත් එකක් ඕකෙම ටයිප් කරන්න මෙන්න මෙහෙම... bootcfg /rebuild
7. බූට් කරන්නද අහයි Yes කියන්නෙ Y වලින් නෙ.. ඔන්න Y දීල enter කරමුකො
8. බලන් ඉන්නෙ ඇයි? CD එක එලියට අරන්.. කොම්පියුටරේ ආයෙමත් ON කරන්නකො..

ජිල්මාට්ස් කරයිද ෆෝමැට් කිව්වලු... ගින්දර වගේ ෆෝමැට් නොකර වින්ඩෝස් හදාගත්ත එහෙනම්... ;)
කොම්පියුටරේ කඩාගන්න නෙවෙයි හදාගන්න අමතන්න ජිල්මාට්ස්ව... විශේෂ වෙන වෙන දේවල් කඩාගන්න තියනවනම් ඉතින් ජිල්මාට්ස් විතරක්ම නෙවෙයි නෙ ඔය ඉන්නෙ හැම තැනම...  ;) විශේෂ ඇරයුමක් එහෙම තියනවනම් ඒව අහක දාන්නත් ජිල්මාට්ස් කැමති නැහැ ;)

3 comments:

  1. *Power Cable සහ Data Cable ගැලවවුනා කියලා "NTLDR is missing" Massage එන්නේ නැහැ...

    "වින්ඩෝස් නැති පාටිෂන් එකකින් රන් කරන්න යනවා" මේ දේ වෙන්නෙත් නැහැ....

    ඔය ගැටලුව බොහොදුරට පැන නගින්නේ UPS නැති පරිගනක වල. හේතුව විදුලිය ඇණ හිටිම් වලදි...

    මෙහි සදහන් කර අති පරිගනකයේ UPS එකක් තිබේනම් වෙනත් හේතුවක් විදියට
    "පරිගනකය බාවිතා කරන්නා සම්මතයෙන් බැහැරව පරිගනකය Shut down or Restart කිරිමක් කරා වෙන්න පුලුවන්"

    ඔබට සුභ පතනවා ..... :)
    [LS Chanaka]

    ReplyDelete
  2. Replies
    1. අපෝ...මොන නෝන්ඩියක්ද අෆ්ෆා.. දන්න කියන අයටත් කමෙන්ටු විදියට උත්තර බදින්න පුලුවන් තැනක් මේක.. අනික එක් හේතුවක් විතරක් මම මෙතැන සදහන් කරල නෑ.. හේතු සාධක කිහිපයක්ම තියනවනේ.. අනික විසදුම් දෙන එකයි මම කරන්න යන්නෙ...
      …උඩ කමෙන්ටුවේ සදහන් කරන විදියට "වින්ඩෝස් නැති පාටිෂන් එකකින් රන් කරන්න යනවා" මේ දේ වෙන්නෙත් නැහැ.... කියන එක කරලම බැලුවනම් හිතාගන්න පුලුවන් වෙයි ඈ..
      …නෝන්ඩියකටවත් හින්ට් එකකටවත් නෙවෙයි මේක ඈ.. නොතේරෙන නොදන්න අයට කියල දෙන්න ගන්න පුංචිම පුංචි උත්සාහයක් විතරයි මේක..

      Delete