Sunday, June 30, 2013

පාස්වර්ඩ් නෑ.... තහංචි නෑ... හැමෝටම කොකා පෙන්වා සොරකම් කිරීම (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 40)

දින සති මාසගනන් ගෙවිලයද්දි ජිලා නව පිම්මක් පැනල කියල ෆෙස්බුකිය පුරාම ප්‍රචාරය වෙලා... හරියට ඕපාදූපම සොයල ඒව බුකිගතකරන එවුන් රෑනක් ජිලාපස්සෙන්ම ඇවිත් වගේ.. දුමක් නැතිව ගින්නක්ද...ගින්නක් නැතිව දුමක්ද... කියමනක් වගේ හැබෑටම ජිලා දෙවනි කසාදයක් කරගන්නයි සූදානම.. කල වයසත් හරිනොවැ ඉතිං.. එහෙව් එකේ කසාදයක් ගැන හිතුව කියල මොනව වෙනවද..? මොකද උඹල අතින් ජිලාගෙ වෙඩිං එකට බර වියදම් යනවැයැ...
…දින..සති..මාස ගනන් ගෙවිල යද්දි.. ජිලා ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටපු... හිතින් ආදරය කරපු... එහෙම කරලත් බැරිම තැන කෙලින්ම ටෝක් එක දාපු... ටෝක් එක දාලත් මාසගණනක් එයා වෙනුවෙන්ම පෙරුම්පුරපු 2013 ජුනි මාසෙ 13වනදා... උදේට සුපුරුදු මැසේජ්ජුව එනව ජිලා බලාපොරොත්තුවෙන් ඉන්න ගුඩ්මෝනිං මල්ලියෝ .... අනං මනං තවත් හෑලි එක්ක... අද ඒක ටිකක් වෙනස් වෙලා... මල්ලියා කියන කෑල්ල නෑ වගේ... කුතුහලයක්...
…ඕං ඔහොමයි ජිලාගෙ ප්‍රේමවෘතාන්තයක ආරම්භය... අවුරුදු කිහිපයක වයස්පරතරයක් තිබුණත්.. ජිලාට මොන වයසක්ද වගේ.. ජිලාගෙ සුපෙම්බරීටත් ජිලා මල්ලිය කෙනෙක් උනාට දැන් ලොකු අයියෙක් වෙලා... දැන් මම අයියෙක් ඈ.....
…දෙනකොට දෙයියො මදිනොකියන්නම දෙනව වගේ ජිලාටත් දෙයියො දෙන්න පටන් අරන්... රාජකාරී මට්ටමින් පිට පිට ප්‍රමෝෂන්... ඒවගේද යකුනේ ජිලාට ලව් කරන්නත් දෙයියො උගන්වන්නත් දෙයියො අමතක කරල නෑ... එහෙව් එකක් නෙවේ ජිලාට ලැබිලතියෙන්නෙ... ප්‍රධාන පෙළේ රෝහලක ඔපරේෂන්ස් කරන දොස්තරහාමිනේ කෙනෙක්ලු ඈ... කියනකොටත් පැනිබේරෙණ හිනාවට  ජිලාගෙ දත් 32න් 30ක්ම වගේ පේනවා...  හිහි..
…ඕං ඔහොමයි ජිලාගෙ පෙම්හුටපටේ.... දැන් හැම සති අන්තයකම ජිලා ඒ හොස්පිටල් ඇඩ්මිට් වෙනවා ... ලෙඩ්ඩු බලන්න නෙවෙයි... ලව්සික් උණට බෙහෙත්ගන්න... ඕං එක දවසක් තවත් දොස්තර අයියෙකුගෙ ලැප්ටොප් එකක් ජිලාගෙ අතට මාට්ටු උනා... හදන්න එහෙම නෙවෙයි ඈ.... වෝඩ් එකේ දොස්තර අයියෙක් පැත්තකින් තියලගියපු එකක්... කම්පියුටරයක් දැක්කම ඉතිං නිකමට වගේ ඒ දිහාවට අත යැවෙන එක පුරුද්දක් වෙලා... පුදුම කරුමයක් කියන්නෙ ඒක නවත්වාගන්න බැරිතරම්... ලැප්ටොප් එක ඔන්කරද්දියි දැක්කෙ මුරපද දාලා... බඩුනෙ ඉතිං පාස්වර්ඩ් කැඩිල්ලෙන්නම් දක්ෂයෙක්තමා.. ඒත් කඩලත් බෑ... ඇතුළ බලන්නතියන ආසාව නිසාම නොකඩත් බෑ... කොකාපෙන්වීමක්ම තමා කරන්න තියෙන්නෙ... ඊළග දවසක අනිවා රිංගනව කියල හිතාගෙන ඇවිදින් කෙලින්ම ප්ලෑනක් ගහනවෙලේ Live CD එකේ වැදගත්කම මතක්වෙලා කලින් හදපු Live CD එක තුරුළුකරන් පොඩි ඇලට් එකක් දැම්මා...සුන්දර සිහිනයක්.. මුරපද.... ඇඩ්මින් බයියලාගේ තහංචි මොනවත් නැතිව ජිලා හිතුමතේ data ඉස්සුවා... video clip බරගණනක් තිබුණ නිසා පෝටබල් හාඩ්ඩිස්ක් එකකට ඇදගත්තා...වැලකියලා හිතාගෙන... ගෙදර ඇවිත් බැලින්නම් මොන වැලක්ද..? ..... කවුදෝ එකෙක් මගේ පස්සාගාතයට ගහනවා වගේ දැනුනා... මගේ පුංචිගෙ පුතා  ඇවිදින්...  මම මේ හීනයක්ද දැක්කෙ එතකොට...?  මම මල්ලියට විස්තරේ කිව්වා... තුරුළුකරගෙන හිටපු CD එක ඌ අරන්යන්න හැදුවා... වටිනව කියල... ඉතිං නරකද මේක තමන්ම හදාගත්තනම්... ඉදිං මම කියලදෙන්නම් අනුන්ගෙ එක එක සොෆ්ට්වෙයා කෑලි නැතිව... ඇඩ්මින් අයියලාට කොකා පෙන්වා අපිට ඕනදේවල් උස්සන්න අපේම ටොප් බඩුවක් හදාගන්න ඇත්නම්...
…ෂා ... මරු අයිඩියා එක... ඇඩ්මින් අයියාට කොකාපෙන්නීම... අයියාගේ දත්ත ඉස්සීම... පාස්වර්ඩ් නෑ.... කාගෙන්වත් තහංචි නෑ...
කෝ මේ ක්‍රොමේ...?
……මෙන්න ක්‍රොමේ.... 
අපිට මෙන්න මෙව්වා ඕනි....
…windows XP bootable CD එකක්..
…CD burning software එකක්... nero හෝ  Ashampoo Burning Studio
…මෙන්න මේකත් ඉතිං ඕනි... මේටිකත් බාගත්තනම්...

…හරි අපි වැඩට බහිමු...
… 1. jilmarts කියල ෆෝල්ඩර් එකක් හදනවා C: drive එකේ...
…2. windows XP cd එක කම්පියුටර් එකට දාගෙන ඒකෙ තියන ඔක්කෝම files ටික අර හදපු jilmarts ෆෝල්ඩර් එකට එබීම..
…3. pluging කියල ෆෝල්ඩර් එකකුත් හැදුවා.. මේකට ඔය බාගත්තු plugins කියන එක දාගන්නවා 
…4. Live CD කියල ෆෝල්ඩර් එකකුත් හැදුවා
…දැන් pebuilder කියන එක extract කරල pebuilder application එක ඩබල්ක්ලික් ඈ..
…5.  liesance agreement screen එකත් yes කරගෙනම ඔය Builder යටින් Source කියන එකට අපි කලින් හදපු jilmarts ෆෝල්ඩර් එක දෙන්න.. දැන් plugins උඩ ක්ලික් කරන්න...
…6. දැන් Add උඩ ක්ලික් කරන්න..
…7. දැන් ඔයා pluging ෆෝල්ඩර් එකේතියන pluging සිලෙක්ට් කරල Open කරන්න
…8.දැන් dialog box එකක් ඒවි ඔයාගෙ pluging ෆොල්ඩර් එකේ නම විදියට ඒක OK කරන්න
…9.දැන් ඔය pligings ලිස්ට් එකේ Startup Group කියන එකයි Nu2shell කියන එකයි දෙකම Enable/Disable option එක හරහා Disable කරන්න ඕනි.. හරි දැන් close >>
10. හරි දැන් Build කරන්න... වැඩේ සාර්ථකව අවසන් වේවි...
…11. දැන් ඉතිං Burning software එකහරහා ISO file එක අරගෙන වැඩේකරගන්න
…ඔය තියෙන්නෙ ඔයාගෙ අතින්ම නිමැවුණ bootable cd එක...

…මේකෙන් වැඩකිහිපයක්ම පහසුවෙන් කරගන්න පුළුවන්... හොරාට අනුන්ගේ කම්පියුටර් එකට රිංගනව වගේ... හිතන්න... ඔයාගෙ operating system එක වයිරස් අප්පොකෙනෙකුගෙ බලපෑමක් නිසා කුමනකෝ අකරතැබ්බයකට මුහුණ දුන්න කියල... එහෙමත් නැතිනම් hard disk corrupted  වෙලා කියල... ඒවගේ අවස්ථාවක තමන්ගේ දේවල් අරගන්න මේවගේ දෙයක් බොහොම වටිනවාකියල හිතෙනවද..?
…මල්ලීට කියාදුන් පාඩම අදට අවසන්... උඹත් එක්ක මම හෙට දිහාවේ හොරවැඩකට බහිනවා... ජිලාගේ හොරවැඩවලට අතහිතදෙන උඹට ගොඩාක් පිං... මතු භවයේදීත් උඹ මේවගේ හොරෙක්ම වෙලා මගේ යහළුවෙක්ම වෙලා ඉපදීයන්...
…ප්‍රාර්ථනාව ඉෂ්ඨ සිද්ධ වේවා.....
…

Tuesday, May 21, 2013

Windows 7 මුරපද කැඩිල්ල Windows 7 DVD එකෙන්ම... (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 39)

දින.. සති..මාස ගනන් ගෙවිල ගියා.. ජිලා සයිලන්ට් වෙලා.. ජිල්මාට්ස්ගෙ අඩවිය එකතැනකට වෙලා.. මේ ජිලා ඉන්නවද මලාද කියල සොයලබලන්න තරම් කාරුණික වෙච්චි ජිලාගෙ බුකියෙ මිත්‍රයො සෙට් එක පුළුපුළුවන් වෙලාවට ඇවිත් මැසේජ්ජුවකින් හරි චැටක් දැම්මා.. උඹ පෝස්ටු ලියන්නෙ නැද්ද..? බ්ලොග් එක කරන්නෙ නැද්ද..? වෙබ් සයිට් එකට මොනවද වෙන්නෙ..? උඹ ලියන දේවල් ඉස්තරම්.. අපි ගොඩක්දේ ඉගෙනගත්තා ඉගෙනගන්න ආසයි ආයෙමත් ලියන්න කියලදෙන්න පටන් ගනින් මගෙ දෙයියෝ කියල චැටක් දැම්ම මාව දිරිමත් කල හැමෝටමයි කියන්නෙ, …ජිලාටත් අපල කාලයක් උදාවෙලා තිබිල ඒකත් දැන් ගෙවිල ගිහින් නිසා ආයෙමත් දිගටම දන්න දැනුම බෙදාගන්න උඹලත් එක්ක ඉදිරියටත් එනව කියන්න කලින්.. අවුරුදු 24ක මේ පුංචි මොළගෙඩියට මේතරම් දැනුමක් ආවෙ කොහෙන්ද..? එන්න කොහෙන්ද...? ඇත්තටම පුරස්ණයක් නේද..?
…මේ පුංචි මොළගෙඩිය පිටිපස්සෙන් මහා මොළකාරයෙක් එක්ක තවත් පුංචි මොළගෙඩියක් ඉන්නව.. දැන් උඹල හිතයි චීත්තයකුයි ජිලාට දාව පොඩි එකෙකුයි  නිසා ජිලා හැදිල කියල.. හිහි.. චීත්තයක් සරමක් වෙනස් කරන කතාව මොක උනත්.. ජිලා කසාද බැදලනම් දැනට අවුරුදු 12ත් කිට්ටුවෙන්න එනව..
…හුටා.. ජිලාට අවුරුදු 24යි.. ජිලා කසාද බැදල පවුල් කන්න පටන් අරන් අවුරුදු 12ක්ලු.. එතකොට මේකා කසාද බැන්දෙ අවුරුදු 12දිද..? 
…ජිලාගේ පිළිතුර : ඔව්..
…ඇයි අවුල්ද..? අවුරුදු 12දි ජිලා කසාදයක් කරගත්ත.. එකට පවුල් කෑව.. සෙල්ලම් කලා... එක එක රෙදි ගලවල අහුමුළුවල රිංගුවා.. පැටික්කියෙකුගෙ නෙවෙයි ජිලාගෙ පළවෙනි කම්පියුටරේ... ජිලාගෙ පළමු කසාදෙ.. එදා ඉදන් මේ වෙනතුරු ජිලාට මේ පවුල් කෑමේ ආශාවට උදව් දුන්නු "මහමොළකාරයා"  ජිලාගෙ මාමා තමයි අදටත් ජිලාගෙ ජිල්මාට්ස් වැඩවලට මංපාදන්නේ.. එයා ලංකාවෙන් පළමු වරට බිහිවුණ Ethical Hacking Engineer කෙනෙක්. සේවය අධිරාජ්‍යවාදී රටක.. අනික් පුංචි මොළගෙඩිය මහමොළකරුට දාව උපන් එකම සම්පත ජිලාගෙ ආදරණීය මල්ලි.. ඉතින් ජිලාට මේ දනුම සොයන්න පාර කියන මොළකරුවන් දෙපළටත්... කාර්යබහුල වෙලාවක උනත් ජිලාට ඔෆීසියෙන් වෙන්වුන වෙනම පරිගණකයක ඉදගෙන උඹලට දන්න දැනුම බෙදල දෙන්න වරම් දුන්න ලොකු ලොකු තනතුරු සහ නිළවලටත් මුලින්ම ස්තුතිය
ජිලාගෙ 38 වන සෙල්ලමින් සමහර යහළුවන්ට ගැටළු මතුවෙලා තිබුණ Limited Account එකෙන් Administrator Account හැක් කිරිල්ලක් ගැන.. ඇත්තටම කිව්වත් වගේ Limited Account එකක් නැත්නම්....? හැක්කොරගන්න බැරිවෙයිද...? පාස්වර්ඩ් එක කඩාගන්න බැරි වෙයිද...?
…සමහරු කියයි ඇයි බැරි.. ඔය තියෙන්නෙ පාස්වර්ඩ් කටර් කියල.. ඔව් ඇති...ඇතිතරම්. ඒත් ඇයි ඇනගන්නෙ...? සුපිරිම කටර් එක ඔයා ළග තියාගෙන..
…ඇයි අවිශ්වාසද...? එක එක කටර් සොය සොයා යන්නෙ ඇයි... ගන්න windows 7 DVD එක.. අපි කඩමු පාස්වර්ඩ් එක..
දෙනවා කිව්වොත් දෙනවා.. කඩනවා කිව්වොත් කඩනවා.. 38 වෙනි සෙල්ලමේදි සමහරුන්ට ගැටළු මතු උනා පාස්වර්ඩ් එක කඩාගන්න... ඉතින් ජිලා පොරොන්දු උනා ඊළග සෙල්ලමේදි අනිවා කියල දෙනව කියල... දෙනවා කිව්වොත් දෙනවා... මේ ජිලාගේ 39 වෙනි සෙල්ලම.. Windows 7 DVD එකෙන්ම Windows 7 password කැඩිල්ල...
හරි එහෙනම්... windows 7 DVD එක දාල BIOS වලින් boot priority වලින් DVD එක දීල Windows 7 DVD එකෙන් කම්පියුටර් එක බූට් කරන්නකෝ.. ආයෙමත් Windows 7 ගහන්න හදනව නෙවෙයි ඈ... ඔය ඉන්ස්ටෝල් කොරන්නද අහන තැනට යටින් ඇති මෙහෙව් වදනක්... "Rapair your computer" දැක්කද...? ආං ඒක සිලෙක්ට් කොරන්නකෝ... දැන් ඉතින් ඔය "Command prompt" කියල තියන ඔප්ෂන් එක සිලෙක්ට් කලානම්..
…හ්ම්ම් හරි.. එහෙනම්.. මේං මෙහෙම ටයිප් කලානම්
…copy c:windowssystem32sethc.exe c:
…හරි... දැන් "copy c:windowssystem32cmd.exe c:windowssystem32sethc.exe"  >> 1 file(s)  copied. නේද...?
…දැන් ඉතින් කම්පියුටර් එක restart කලානම් හොදයි වගේ... දැන් login screen එක එනකොටම කීබෝඩ් එකේ Shift key එක කිහිප වතාවක්ම ඔබන්නකෝ...
…බඩුම තමා... පේනවද තියන හැම අකවුන්ට් එකක්ම පෙන්වන හැටි..
…දැන් ඉතින් ගේම දෙමු...
…මගේ නම් අකවුන්ට්ස් 3ක් තියනවා මේං මෙහෙම.. Administrator , Jilmarts , Tester දැන් මම මේ Tester කියන අකවුන්ට් එකට ගේම දීල ඒකෙ පාස්වර්ඩ් එක කඩන්නයි යන්නෙ ඈ....
…හරි එහෙනම් මම ටයිප් කොලා මෙහෙම.. net user Tester *
ඔන්න ඉතින් අලුතෙන් පාස්වර්ඩ් එකක් දානවනම් ඒකත් දාගෙනම කලින් තිබුණ පාස්වර්ඩ් එක කඩාගෙනම ඇතුළු වුනා ඈ...
…කෝමද...? සුපිරියි.. අනර්ඝයි නේද කැඩිල්ල...?
…කඩනවා කිව්වොත් කඩනවා...
දෙනවා කිව්වොත් දෙනවා...
…කියනදේ කරනවා.. නොකියනදේ අනිවාර්යයෙන් කරනවා..
…අනික් එව්වත් එහෙමම තමා ඈ...

Friday, February 1, 2013

Limited Account එකෙන් Administrator Account හැක් කිරිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 38)

අම්බෝ... දෙයියන්ට ස්තුති කරන්නද...? ඔපරේෂන් කරපු ලේඩි ඩොක්ට(ර්) අක්කිට ස්තුති කරන්නද..? මගේ අනාගතේම අදුරු නොකර කොරපු ඔපරේෂන් එකට.. යකාට ගියදෙන් අක්කිට ස්තුති කරනව.. පරම්පරාව ගෙනියන්න පුලුවන් විදියට අලාභ හානි නොකර කැපුම් කෙටුම් කරල ඔපරේෂන් එක නීට් එකට කරලදුන්නට.. ඔපරේෂන් තීටර් එකෙන් එළියට පනිනකොට අංශභාගෙ හැදිලයි කියල මට දැණුනෙ.. ඇයි යකෝ කකුල් දෙක නිකම් නෑ වගේ... පැය ගාණක් යනකම් කකුල් දෙකට වාරු නෑ.. හොදම යාලුවයි.. තව යාලුවො දෙන්නෙකුයි ළගින් හිටියෙ නැත්නම් මේ ජිලාට වෙන්නෙ දාහෙ කොළවලින් වාරු ගන්ට..
දවස් 4කට පස්සෙ මූණුපොතට ගොඩවෙච්ච ගමන් නෝටිෆිකේෂන් බරගාණක් එක්ක මූණුපොතේ කොල්ලො කුරුට්ටොන්ගෙන් මැසේජ් 65ක් ඇයි දෙයියනේ උඹ දැන් එන්නෙ නැද්ද..? අඩුම තරමින් කෙල්ලෙක් එක්ක පැනල ගියාවත්ද..? ගියත් මැසේජ් එකක් දාල උඹට යන්න බැරි උනාද කියල බැණුම් කෝටියක්... සොරි දෙයියනේ.. උඹල එකෙක්ටවත් මට මූණුපොතින් ආමන්ත්‍රොණය කොරන්ට බැරි උනානේ මට මෙහෙම මගුලක් කියල.. සොරි ඈ...
අද ජිලා ලෙඩ ඇදෙන් එළියට පනින දවස... ඊට කලින් දවසෙ ජිලාගෙ තවත් හොද බොක්කක් ජිලාව ෆෝම් කලා.. ඈ.. නම අහන්න එපා උගේ..ඈ... ඇන්ජිමත් ස්ටාට් කොරපු නිසා සුපිරි කැඩිල්ලක් කඩන්න අනුන්ගෙ වත්තක්වත් තියනවද බැලුවෙ හොරපොල් කඩන්න වගේ හොරෙන් ගේමක් දෙන්න.. හැමදාමත් ජිලා කලේ හොර වැඩ.. ජිලාගෙන් උදව් ඉල්ලපු මල්ලියෙකුටම උදව්වක් දීගෙනම ඇදෙන් පනිනව කියල ජිලා උකුළ උඩ තිබුණ ලැපත් අරන් බංකුවේ වාඩි උනේ මල්ලිගෙ අයියට ගේමක් දෙන්න...
අයියට වඩා මල්ලි කුකුළා... අයියගෙ හොර බඩු මල්ලිගෙන් හංගගන්න අයිය මල්ලිට හදල තීල තියෙන්නෙ limited account එකක්.. අයිය අයියනේ.. ඌ ලොක්ක.. කම්පියුටරේ ඇඩ්මින්.. මල්ලි කුකුළා.. ඌ ජිලාගෙ යාලුව.. අයියගෙ තියන හොර වැඩ අල්ලන්නයි.. වැල ටික බලන්නයි මලය වලි කන්නෙ.. මල්ලි ජිලත් එක්ක සීන් එක කිව්ව.. පවු පොඩි එකා... අහේනියේලු ඉන්නෙ.. ඉතිං දැන් මේ මූත් හොර වැඩට කැමති හින්දා ගේමක් දෙන්ටයි යන්නෙ..  සාමාන්‍ය ගිණුමක සිංහලෙන් කිව්වොත් Normal Account එකක ඉදන් Administrator Account එක හැක් කිරිල්ල.. මල්ලිට සුපිරි කැඩිල්ලක්.. හරියට අයියගෙ කෙල්ලට මල්ලි ටෝක් කරනව වගේ...
Windows XP Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
හා හරේ.. එහෙනම් හොර වැඩේට කලින්.. යමුකො ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තියට C partition එකට ඈ.. එතැනින් පස්සෙ මෙතන්ට.. මෙතැනින් පස්සෙ මෙතන..
…windows > system32 හරි ඔන්න ඔය තියන cmd.exe එක කොපිකරල ඩෙක්ස්ටොප් එකට දාගෙන sethc.exe කියල නම වෙනස් කොරන්නයි ඕන.. හරි දැන් ඕක ආයෙමත් අර තිබුණ තැන system32 අස්සට ඔබන්නයි ඕන..
Windows7 Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
sethc.exe ආං ඒක Run as Administrator හරිනෙ.. දැන් Secuirty tab එකේ Advance වලින් ඔයාගෙ account එකට අවසරේ දෙන එකයි තියෙන්නෙ.. Change Permisions > Edit කරනව ඈ... Full Control වලට ටික් එකක් දාල.. හරි... දැන් ඕක උස්සන් ගොහින් C Partition එකේ windows ඇතුළෙ system32 අස්සට ඔබ්බවන්නයි තියෙන්නෙ.. copy and replace තමයි ඉතිං ඈ..

Administrator Account එක හැක් කොරලනම් ඉවරයි ඈ... දැන් ඇතුළුකිරිල්ල 
කම්පියුටර් එක restart කරගෙන වරෙන්කෝ... හෙමිහිට.. හරි දැන් Shift key එක පස්වතාවක් (5 times) ප්‍රෙස්කරපන්කො.. එහෙමත් නැත්නම්.. Shift + Alt + Num
දැන් ඉතිං අණදෙන්නයි තියෙන්නෙ.. command prompt එක දිග හැරෙයි ඈ... හරි.. user accounts ටික දැක්කනේ... දැන් ඉතින් තියන account එක හැක්කොලා එහෙනම් ඈ...
…net user Administrator * ටයිප් කොලා එන්ටර් කොලා.. අයියගෙ ලොකුකම් දැන් නෑ.. දැන් මල්ලිගෙ වැඩ පෙන්වන එකයි තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළ.. අයියගෙ රාජ්ජෙ මල්ලි ආක්‍රොමණෙ කරනවනම් අලුතෙන් මුරපදේකුත් දාගෙනම ඇතුළුවෙන්නත් ඕං අවස්ථාව.. ඈ..
ජිල්මාට්ස්ට පිංසිද්ධ වෙන්න අයියේ මම උඹව හැක් කොලා කියාගෙන අයියගෙ වලත්තකම් සේරොම එළියට අදින එකයි කොරන්න තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළා නම් මේ ජිලා මොකාද..? තීරණේ කුකුළා සතුයි...

Saturday, January 12, 2013

සොෆ්ට්වෙයා නැතිව තහනම් අඩවි තැනිල්ල.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 37)

නිදියහනට වෙලා තනිකමේ..පාලුවේ දුක මකන්ට ගෑණු ලමිස්සියෙකුගෙ සමහම් සුවයද මොකක්ද සුවදද  විදිනව වෙනුවට ජිල්මාට්ස් ට වෙනදා වගේ කරන්න උනේ ජිල්මාට්ස්ගෙ ඇදේ තනිය මකපු සුපුරුදු කොට්ට තුනයි මෙට්ටෙටයි තුරුළු වෙලා ඒ පුළුටු ගදට පෙම් බදින්න.. මොනව කරන්නද තවමත් ජිල්මාට්ස් තනිකඩය නේ.. ජිල්මාට්ස්ගෙ වයසෙ අනික් කොල්ලො කුරුට්ටොන්ට නම් දැන් කොල්ල කියල කටක් ඇරල කියන්න බෑ.. ඒ තරමටම උන් දැන් නාකියි..දරුවො දෙතුන් දෙනෙකුගෙම අප්පොච්චිල.. ජිල්මාට්ස් තවමත් තනියහනේ නිදි වදිනව.මොනවකරන්නද  ජිල්මාට්ස්ව කපනකොටන දවසත් ළං වෙනව. මතක් වෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනව. කපන්න ලේඩි ඩොක්ටර් අක්කියෙකුත් ඉන්න නිසා දවස ඉක්මන් වෙනවනම් හොදයි කියලත් වෙලාවකට හිතෙන්නෙ සතියකට තුන් හතර වතාවක්ම ජිල්මාට්ස් ඒ අක්කියත් එක්ක බරටම ෆෝන් එකෙන් කතාකරන නිසාම  මූණ දකින්නෙ නැතිවත් ඉන්නම බැරි තරම් හිත නිකම් මෙව්ව වෙලා.. ජනවාරි 23 උදේ පාන්දරම එන්න කිව්ව.. එදාට මම අනිවා යනව එයාගෙ මූණ බලන්න විතරක් නෙවෙයි හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න. පහුවෙනිදට ජිල්මාට්ස්ව ඔපරේෂන් කරනවලුනේ.. ජීවිතං  අනියතං මරණං නියතං..කිව්වලු.. මොනවයින් මොනව උනත් ඒ මුහුණ දකින්න මම එදාට යනව.. අක්කි මට රිදවන්නෙ නැතුව මාව කපල කොටල ඔපරේෂන් එක සාර්ථකව කරයි කියල මම විශ්වාස කරනව. ගොඩාක් අයට ඕන උනේ ජිල්මාට්ස් ගෙ අවසානය දකින්න.. උඩින් මිතුරු.. යටින් හතුරු..මැදින් කතුරු.. කොහේ ගියත් කොතැන බැලුවත් මෙහෙමයි කියල කියන්න පුලුවන් එවුන් උඹටත් ඇති.. මටත් ඉන්නව..පණට පණ නැතත් බොක්කට බොක්ක දීල හරි යාලුකම වෙනුවෙන් ඕනම දේකට ඒවෙලාවෙම රෙඩිවෙලා ඉන්න සෙටාර් එකකුත් නැත්තෙම නෑ.. ජිල්මාට්ස්ටත් ඒවගේ සෙටාර් එකක් ඉන්නව.. ජිල්මාට්ස් වෙනුවෙන්ම නෙවෙයි ජිල්මාට්ස්ගෙ සැබෑජීවිතේදි එකට බැදිච්ච හදවත් කීපයක්ම තියනව. උඹටත් ඇති.. ආං ඒකයි යාලුකම කියන්නෙ ඈ.. මේං බලපි.. ජිල්මාට්ස් උඹටත් බොක්කෙන්ම ලව් ලු. ලව් කියන්නෙ අහවල් හිලව්වක් නෙවෙයි ඈ.. තියන නැහැදිච්ච කමට වැරදියටමයි හිතන්නෙ.. වල්හිත.
මොනවකරන්නද..? කාටකින්නද..? හැබැයි ජිල්මාට්ස්ටත් තියන කැසිල්ල නිසාම දන්න දේවල් බොක්කෙන්ම කියල දෙන්න යනව. තියන ලව් එකට  ;) ජිල්මාට්ස්ගෙ අවසානය දකිනකම් ඇගිලි ගැනපු උන්ට දැන් ටිකක් මෙව්ව මෙව්ව වගේ ඇති ජිලාගෙ ජීවිතෙත් අද හෙටම අනියතං කියල දැනගත්තම. ඉවසපල්ලා.. අවසානයක් දකින්න කලින් ජිලා දෙන්න පුලුවන් දේවල් කීයක් හරි දීල යන්න තමයි මෙච්චර දගලන්නෙ.. 
ලව් කිව්වමයි මතක් උනේ...මුන්ගෙ ලව් කෙරුවාව ඉතිං අහවල් එකක් බලාගෙන නේ... අද ඉදන් ඒක වෙනස් වෙන්න..වෙනස් කරන්න ඕන.. මොකද  හැමදාමත් එකම ස්ටයිල් එකක්නේ.. ඒ ස්ටයිල් වලින් පිට ගැහිල්ලක් තියනවද ඒත් නැහැනේ..අලුත් ස්ටයිල් එකක්.. ඔයාගෙම එකක් කරගන්න. දැන් මේ වෙනකම් බලපු එකම ස්ටයිල් රිදම් එක පොඩ්ඩක් ඈත් කරමු.. මොකද දැනටමත් ලංකාව සෙක්ස් බැලිල්ලෙන් මුල්ම තැනටත් ඇවිත්නේ.. උඹලගෙම විජයග්‍රහණයක්ම තමයි ඉතිං.. ජිල්මාට්ස් ඒවටත් පෙම් බැදපු කාලයක් තිබුණ.. දැන් පෙම් බදින්නෙ කම්පියුටරේට.. ජිල්මාට්ස් එක්ක ඉන්න මේ කොල්ලො කුරුට්ටො ටිකත් දැන් වෙන වෙන දේවල් වලට පෙම් බදින්න කාලෙ හරි වගේ..ඉන්ටනෙට් එකට ගොඩ උනාම වැල බලන්න තියන අමාරුව දැන් හොදකරගමු.. මැදැයි මෙච්චර දවසක් ඒව මේව බැලුව.. දැන් කයිවාරු ගහයි මේක තමයි කාලෙ කියල නැත්නම් නාකි උනාම කරන්නද බලන්නද කියල , කාලෙ තමයි කාලෙ කාලෙන් කාලෙට අලුත් ස්ටයිල් එනව වගේ ඒවටත් එක එක ස්ටයිල් එනවනම්.. එක එක තැන් එනවනම් කමක්නෑ.. ගහන්නෙ එකම තැනට එකම විදියට ෂිට් මෙව්ව ගැන කතාකරන්නත් ලජ්ජයි ලජ්ජයි වගේ.. ඇති අද ඉදන් අපි NO sex web sites we know. NO sex book marks we added.හරී... අපි අපිවම බ්ලොක් කරගමු.. අපි යන සයිට්ස් අපිම නවත්තමු.. බුක්මාක් කොරල තියනවට නිකම් ඒක උඩ කෙටුවත් නොයන තරමට අපි අපිවම හදාගමු... ඒ විතරක්ම නෙවෙයි ඔය වැඩකට නැති වෙබ් අඩවි අපිම බ්ලොක් කරගනිමු.. මොකටද එක එක සොෆ්ට්වෙයා කෑලි.. සොෆ්ට්වෙයා කෑලි අනවශ්‍යයි.. හරිම සරල ක්‍රමයකින් අපි අපිවම බ්ලොක් කරගනිමු. එහෙනම් ඈ.. උඩින් උඹට බොක්ක පෙන්නගෙන යටින්  උඹට හතුරුකම් කරන්න එන එකෙක් නෙවෙයි මේ ජිලා ඈ.. උඩිනුත් මිතුරු..මැදිනුත් මිතුරු..යටිනුත් මිතුරුම තමයි. ඒනිසා තමයි මෙහෙම ආදරෙන් කියන්නෙ දැන්වත් ඔය වැල වෙබ් සයිට්ස් වලට රිංගන එක නවත්තමු කියල.
එහෙනම් මෙන්න මෙහෙමයි ඈ...
…මෙහෙයුම් පද්ධතිය තියන පාටිෂන් එකෙන් පටන් අරන් මේං මෙහෙම එමුකෝ... මගේ නම් මෙහෙයුම් පද්ධතිය තියෙන්නෙ C partition එකේ ඈ...
   C: > WINDOWS > system32 > drivers > etc
මේං මේ etc ෆෝල්ඩර් එකේ HOSTS කියන එක notepad එකෙන් open කරගනිමුකෝ ඈ... බලන්නකෝ යටින් 127.0.0.1 localhost කියල ලියවිලා තියනවද කියල. හ්ම්ම් එහෙනම් දැන් ජිලාට බ්ලොක් කරන්න ඕන වෙබ් සයිට්ස් තමා මේ ඈ... www.sexylk.com එකයි www.sinhalawalkatha.blogspot.com එකයි.. ඉතිං කොහොමද ජිලා මේව ඔය කියන විදියට සොෆ්ට්වෙයා නැතිව බ්ලොක් කරන්නෙ..? හරි.. දැන් ජිලා මේං මෙහෙම ඔය ඕපන් කරගත්තු notepad එකේ මෙහෙම ලියනව...
127.0.0.2 www.sexylk.com
127.0.0.3 www.sinhalawalkatha.blogspot.com
හරිය.. ඕං එහෙනම් වැඩේ අති සාර්ථකයි.. ඔය බ්ලොක් කරන්න ඕන දෙකම ජිලා බ්ලොක් කරල ඉවරයි..ඈ..

දැන් ඉතින් මගේ යාලුවගෙ වාරෙ.. ඔය තියන අනං මනං සයිට්ස් තියනවනම් ඒටික එකෙන්ම බ්ලොක් කරල දාමු නේද..? යාලුවෙකුට පොඩි බයිටක් දෙන්න උනත් මේක නරක නෑ... එහෙම කලා කියල මේ ජිලා තරහ නෑ ඈ.. ..  ;)

 

Wednesday, January 2, 2013

Google එකේ ගණන් කෙරුවාව.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 36)

හත්වලාමයි 2012.12.21.. ලෝකෙ විනාශ වෙනවයි කියල මායම්කාරයටයි.. එක එක ජෝතිෂ්‍යවේදියොයි පතුරෝපු කතාටික..අටුවාටීකා ඕන නෑ... ජිල්මාට්ස්ටුත් ඉවරයි කියල අම්මප මමත් හිතන් හිටියෙ.. ඊට කලින් සතියක වේලෙ ඉදන්ම ජිල්මාට්ස්ගෙ යාලුවො එක්ක ප්ලෑන් ගහලත් ඉවරයි 21 වෙනකොට මොනවද කරන්න ඕන කියල.. තවම පොඩි එවුන්.. අතට නිදහසවත් දීල නැහැනෙ.. ඉතිං කොරන්න ඕන ඔක්කොම සෙල්ලම් ටික දාල ඉවරවෙලාම මේ ලෝකෙන් කැපෙන්න තමයි ප්ලෑන් කලේ.. ඒ ප්ලෑන වැඩ කොලා නම් අම්මප අද ජිල්මාට්ස්ටුයි යාලුවො සෙට් එකයි අද බන්ධනාගාරෙ හිරකූඩුවකට වෙලා ඒකෙ කූරු ගනිනව..වෙලාවට ජිල්මාට්ස්ගෙ වම් මොළේ වැඩකොලේ.. නැත්නම් ඒ කොරන්න හිටපු කොරටු පැනිල්ලයි.. බෝතල් කැඩිල්ලයි කොරල එහෙනම් අද.. මේ වගේ සැපේ ඉන්න බැහැනෙ..
…දෙසැම්බර් 31.. හරියටම ලෝකෙ විනාශෙට දවස් 10කට පස්සෙ.. වෙනද වගේම ජිල්මාට්ස්ගෙ හොදම යාලුවයි තවත් යාලුවො කීපදෙනෙකුයි රෑ එකොළහහමාරට සොහොන් පිට්ටනියක් මැද්දෙන් අඩිය තියල ගියේ බීච් එකට.. මොන හොල්මන්ද..? එක හොල්මනක්වත් නෑ.. හිටපු එකම හොල්මන් ටික අපි තමා.. රෑ දෙගොඩ යාමෙ  බීච් එක පැත්තට ගියේ අහවල් ඒව කොරන්න නම් නෙවෙයි ඈ..බීච්  හොටෙල් එකේ මල්වෙඩි සංදර්ශණේ බලන්න.. හරිද..
…කටත් ඇරගෙන අහසෙ ඇදෙන ලස්සන වෙඩිපොකුරු ටික දිහා ඇස්කරකව කරකව බලන් ඉදලම පොඩ්ඩකට ඇස්  පැත්තකට කරකැව්වම දැක්කෙ ළග හිටපු එකෙකුත් පුංචි මල්වෙඩි සංදර්ශණයක් පටන් අරන්.. මේක හැමදාම දකින මල් වෙඩ්ඩ නේ..මේකට වඩා අරක හොදයි.. මේක බලල ඒක බලනකොට ඒක ඉවරලු..දැන් මේක බලපන්ලු.. ලෝක විනාශෙත් ඉවරයි.. දැන් 2013.01.01 ළග හිටපු උන්ට අවුරුදු සුභ පැතුම්.. ඒ මදිවට ජිල්මාට්ස්ගෙ ෆෝන් එකටත් එක දිගට කෙටි පණිවුඩ.. එකෙක් මලක් කඩනව පැයගානක්.. ඌට මල නෙලන්න ඇරල ඉස්කෝලෙ කාලෙදි කරපු සෙල්ලමක් මතක් උනා.. හොර කුරුම්බා  කැඩිල්ල.. මරේ මරු.. අවුරුද්දේ පළවෙනි හොරකම.. බඩපැලෙන්න හිනා.. මල් කඩන එකාට තමයි වැඩේ භාර.. මලට වහන වන බඹරත් මොකක්ද වගේ.. මූ නැගපි කුරුම්බ ගහට.. වැඩිවෙලා ගියේ නෑ.. අතු දෙක තුනකුත් කඩාගෙන බිමට වැටුණ කියහන්කෝ.. පවු අෆ්ෆා..කොල්ල පවු.. තව තව වැඩ ටිකක් උනා..ඒව මෙතන දිග හරින්න බෑ අෆ්ෆා.. පුද්ගලිකයි කියල දේවලුත් තියනවනේ.. ගෙදර එනකොට පාන්දර 4ට කිට්ටුයි.. කාමරේට රිංගුවට මොකෝ නින්ද යන්නෙත් නෑ... ගුරුන්ට අකුරු වරදියි කිව්වට මායම් වරුන්ට එහෙම නැහැයි කියලනේ අපේ ජෝතිෂ්‍යවේදියො පුරාජේරු ගැහුවෙ.. එක එක  තර්ක.. මායාවරුන්ගෙ අවසන් දිනේවත් හරියට කියාගන්න බැරුවයි උන් මැරුණෙ..උන් හදපු මොකක්දෝ එකක් අල්ලන් ලෝක විනාශයක් ගැන කියෙව්ව..
…ගණන් කෙරුවාවක් කිව්වමයි මතක් උනේ.. එක එක ගනන්  කාරකම් එක එක උන් ළග තියනව වගේ.. Google එකෙනුත් ගණන්කාර කම් පෙන්වන්න පුලුවන් කියල.. මේං බලපල්ලකෝ.. Google එකෙන් මමත් ගණිතය ඉගෙන ගත්තෙමි...

   මේ Example  එකේ තියන විදියට උඹලගෙ ගණිත ගැටලු ටිකත්  Google එකේ කෙටුවනම් ඔයාලත් ගණිත වැඩ්ඩෙක් තමා ඈ... කම්පියුටරේ බදාගෙනම එක එක ජිල්මාට්ස් සෙල්ලම් කම්පියුටරේ  දැම්මට මොකෝ මම ගණිත වැඩ්ඩෙක් නම් නෙවේ ඈ..දාන සෙල්ලම් කම්පියුටරෙත් එක්ක විතරයි ඈ.. දන්නෙත් ඒවම විතරයි.. . දැන් ගණිත අංශෙ වැඩ පෙන්වන  උන් මේ අහින්සක ජිල්මාට්ස්ව නම් අල්ලන් කන්න හදන්නෙපා.. ඕං දැන්ම මම කිව්ව..

Monday, December 17, 2012

Windows7 ... ඇත්තටම මම Admin ද..? (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 35)

හරියටම සතියකට දෙකකට කලින් බෙහෙත් ගන්න කියල ඉස්පිරිතාලෙට ගිහින් චැනල් කරපු ඩොක්ටව ගන්න පෝලිමේ හිටපු මාව පෝලිමෙන් එළියට ඇදල ගත්තෙ ඩොක්ට අංකල්ට මගේ ඇගට අත තියන්න තියන ආසාව වැඩිකමටද නැත්නම් මිසී නෝනලට මගේ ඇගට අතතියන්නද කියල පෝලිමේ මුලින් හිටපු උන් මගේ දිහාවට  ඇස් කැරකැව්වෙ අහින්සකයෙක් දිහා බලන බැල්මෙන්ද නැත්නම් උන්ගෙ චාන්ස් එක මම නැති කරපු හින්ද්ද කියලනම් මම තවමත් දන්නෙ නැහැ.. හැබැයි පුද්ගලික හැදුනුම් කමක් නිසාම මම අරගත්ත කියල හොදටම තේරුණේ මට සලකපු විදියට.. කොහේ ගියත් ජිල්මාට්ස්ට තැන.. වෙලාවකට මේක මොන කරුමයක්ද කියලත් හිතුණ වෙලාවල් නම් අනන්තයි අප්‍රමාණයි..
චැනල් කලේ ඩොක්ට අංකල් නෙවෙයි ඇතුළෙ ඉන්නෙ..මාර සීන් එක ඇහුවම කිව්වෙ ඩොක්ට රට ගිහින් එන්නෙ ජනවාරි මාසෙ කියල.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ හිටපු ලේඩි ඩොක්ටට ඉතිං සේරම ලෙඩේ ගලපන්න උණා.. ඒ අස්සෙ විස්තරේ ගලපගෙන යනකොට ලේඩි ඩොක්ට මගේ ගැනත් අහනව.. ලෙඩේ පැත්තක දමල මම ඒකට උත්තර බදිනව.. ඒ අස්සෙ ඔපරේෂන් එකක් ගැනත් කියනව වගේ ලාවට ඇහුණ.. අප්පොච්චියේ මට ඔපරේෂන් එකක් කරන්නම වෙනවලු.. කතාව ඇහුවම ඇගේ ලේ ටික වතුර උනා.. මෙයා මාව කපන්න කොටන්නයි යන්නෙ.. ගත් කටටම කිය උණේ ඩොක්ට අංකල් ආවම කරමු නේද කියල... එයාටත් ඕන කියනව ඇහුණෙ ඒකම තමයි මගේ ඇගට අතතියන්න භයයිලු .. මෙහෙම හිටියට කොල්ල වසයි කියල ඒ ඩිංගට එයාටත් ඒක තේරුණේ මගේම වාසනාවට.. හික්ස්..
ඔය ඩොක්ටවත් අදුන ගත්තු එකත් හොදයි කියල කිව්ව.. මම බැලුව තවත් ඩොක්ට කෙනෙක් මගේ පිටිපස්සෙන්වත් ඉදගෙන ඉන්නවද කියල මම හැරිලත් බැලුව..කෝ නෑනෙ කවුරුවත්ම.. එයාට පිස්සු හැදීගෙන එනවද නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද..? කියන දේවල් වැරදියට ඇහෙන්න.. අනේ මන්දා.. පස්සෙ කියපි කම්පියුටරේට සොෆ්ට්වෙයා දැම්මට මොකෝ ඒව අයින් කොරගන්න බැහැයි කියල.. දැනුයි තේරුණේ ඩොක්ට කතාව..  ;)  පුංචි පහේ ප්‍රතිකර්මයක් නොවැ කොරන්න තියෙන්නෙ.. කෝ බලමුද ලෙඩාව..?
අහා.. මෙහෙයුම් පද්ධතිය windows 7 නේද..? මේකෙ Administrator ව enable කරල ගත්තනම් හරි. :D එතකොට මේ මම Admin නෙවෙයිද..? කියල අහපි.. නෑ නොවැ.. කවුද කියන්නෙ ඒ ඇඩ්මින් කියල එහෙනම් අපි රියල් Administrator account එක හදාගනිමු නේද..? හ්ම්ම් මේං මෙහෙමයි කොරන්ට තියෙන්නෙ..
…මෙතනින්..එතන්ට..එතැනින් මෙතැනට එන්නකෝ..

Control panel > Administrative Tools > Local Policy > Security Options > Accounts
දැක්කද එහා පැත්තෙ Administrator account status :එක Disable කියල තියනව.. ආං ඒක උඩ double click or right click කොරල enable කරගන්න එකයි කොරන්න තියෙන්නෙ..
දැන් ඉතිං ඔය ඉන්න අකවුන්ට් එකෙන් switch user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව..
…ලේඩි ඩොක්ටගෙ වැඩෙත් කරල එයාම ලියල දීපු  එයාගෙ මොබයිල් ෆෝන් නම්බර් එකත් අරන් ජිල්මාට්ස් ගෙදර ආවෙ ජනවාරි 23 වෙනිදට කපනව කොටනව කියපු එයත් එක්ක මේ ඉන්න දවස් ටිකෙත් එයත් එක්ක චැට් කොරන්න.. වැරදියට හිතන්න නම් එපා ඒ ලේඩි ඩොක්ට මැරි කරල නැති නිසා නම්බරේ ගත්ත කියල හිතන්න එපා.. එයා මගේ අක්කියෙක් වගේ හරී.. උඹලගෙ කටවල් ගැන දන්න නිසාමයි මම මුලින්ම මේක කියන්නෙ ඈ...  ;) මම දන්නව ජිල්මාට්ස්ගෙ සෙටාර් එක කවදාවත් ජිල්මාට්ස්ට බොරුවට කතා හදන්නෙ නෑ කියල..  (Y)


Tuesday, November 20, 2012

MAC Address එකටත් ගේම.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 34..)

දෙනදේ ලාවට නොදී ලෙසටම දෙන්න කියල හැමදාම කියවන්න ඕන නැහැනෙ.. ලාවට දුන්නා.. ලාවට ගත්තා..ලාවට තේරුණා.. බැලින්නම් මොනවත්ම දීලත් නෑ... තේරිලත් නෑ.. අනේ මන්දා.. ගුරුමුෂ්ඨිය තියන් දුන්නත් වැරදියි... එහෙම නොදුන්නත් වැරදියි.. ගුරුමුෂ්ඨිය තියන් එක එක රෙද්දවල් ගැන කතාකරන එවුන් අන්තිමේදි ඇදගෙන නානවද..? ඇනගෙන නානවද..? මේ කොයික උනත් ගුරුමුෂ්ඨියනම් එච්චර හොද නෑ.. දන්නෙ එච්චරයි.. ගුරුමුෂිඨිය එන්න කලින්ම සියල්ල දන්නව කියන උණ ඇගට ගහනව.. එපාර හෙන ඔලුව.. මම තමයි වැඩර්... අනේ හුකේ නන්නානේ කිව්වලු...
දැන් කතාව හැකර් කෙනෙක් වෙන්න දගලන්න... අරෙහෙ සොෆ්ට්වෙයා කෑලි තියනව මෙහේ සොෆ්ට්වෙයා කෑලි තියනව දැන් ඉතින් ඒවගෙ තියන වැඩකෑලි දාගෙන IP Address හංගන් හැකර් කෙනෙක් වෙන්න දගලන්නෙ...තියෙන ඇම්මට.. ඇම්ම හොදවෙන්නෙ අතටම මාට්ටු උන දවසට.. IP Address එකක් මාරු කරන්.. proxy server එකක් උඩින් එහේ මෙහේ ගියාට මොකෝ.. ඒකෙන් ගේම් දෙන්න ගියොත් ඇනගන්නෙ අර මොකාද කෙසෙල් ගහට ඇන්න වගේ.. ඇම්ම නිසාම අනින්න යනව ඇම්ම නිසාම කෙළවගන්නව.. ජිල්මාට්ස්ට තියන ඇම්ම නිසාම කියල දෙන්න යනව.. අනේ පවු.. දැන් ජිල්මාට්ස් කියල දෙන්න යන්නෙ ඇම්ම නිසා අනින්නවත්.. ඇම්ම නිසා කෙළවගන්නවත් නෙවෙයි ඈ... ඇම්ම නිසා කෙළවගන්නෙ නැතිව බේරෙන්න..
හැකර් කෙනෙක් වෙන්න තියන උණක මහත කිව්වලු.. හිතුවෙ IP Address එක මාරු කලාම රියල් ගේම් දෙන්න පුලුවන් කියලද..? ඈ... දන්නවද මොන දේ හැංගුවත් ඔයාගෙ ID card එක චෙක් උනොත් නමයි ගමයි විස්තරයි සේරමයි අරවයි මේවයි ඔක්කොම මාට්ටු කියල ඒ වගේ තමයි අපේ කොම්පියුටර් එකටත් Identity Card number එකක් තියනව කියල ඈ.. මෙහෙම කිව්වට තේරෙන එකක් නම් නෑ.. කිව්වොත් ඔයාගෙ MAC Address එක කියල.. මගේ MAC Address එක නෙවෙයි උඹට උඹේ MAC Address එක නෙවෙයි මට.. අපේ MAC Address එක තව කොහේවත් නැහැයි කිව්වොත්.. ඒක අපේම..මගේම එකක් නේද..?
ජිල්මාට්ස් ලෝකෙටම එකයි වගේම උඹේ MAC Address එකත් ලෝකෙටම එකයි කිව්වොත්..? බඩු අතේම මාට්ටුයි නේ..? බැරිද මේකටත් ජිල්මාට් එකක් දීල වෙනස්කරගන්න..? ඇයි බැරි..? තියෙන ඇම්මනේ.. එහෙනම් හොරට ID card හදන එකේ මොකෝ.. MAC Address එකක් වෙනස් කලාම..? ජිල්මාට්ස් ඉතිං  කොහොමත් හොර වැඩවලට කැමති එකානෙ. ඕං එහෙනම් ගුරුමුෂ්ඨි නැතුව දෙන්නයි යන්නෙ... හැකර් කෙනෙක් වෙන්න කලින් හැකර් කෙනෙක් වෙන්න ඉගෙන ගනිමු ඈ...
මොකක්ද මේ MAC Address ..? දන්න සිංහලෙන් කිව්වොත් Media Access Control address කියන එක
කොහෙද මේ MAC Address එක තියෙන්නෙ..? අපේ කම්පියුටර් එකේ තියනවනේ Network card එකක් කියල එකක්... ආං ඒකට තමයි මේ MAC Address එක assign කරන්නෙ ඒක හදන මැනුෆැක්චරර්.. digits 12කින් තමයි මේක නම් වෙන්නෙ..
කොහොමද ඒක බලාගන්නෙ..?
…හරි.. Windowskey + R කියනකොටම දන්නවනේ run එක හරි ඕං ඕකෙ cmd කියල ටයිප් කරමු බලන්න..
දැන් ipconfig /all කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ..
Ethernet adapter Local Area Connection කියල එකක් ඇති.. ආං ඒකෙ Physical Address කියල ඇති ආං ඒක තමයි මේ MAC එක.. මේක ඔයා ADSL connection එකක් පාවිච්චි කරනවනම් මේ MAC එක වෙනස් කරමු...
…නැත්නම් ඔයා ඩොන්ගල් එකක් නම් PPP Adapter Airtel Prepaid වගේ එකක් ඇති.. ඒක නම් ඒක.. ආ..
හරි ඉන්පස්සෙ start > Control Panel > Network Connections >> Local Area Connection > Properties > General > connect using එකේ තියන නම බලා ගන්නකෝ..මුලින්ම..
…හරි.. ඉන්පස්සෙ ආයෙමත් cmd එකේ මෙහෙම ටයිප් කරල බලන්න net config rdr හරිනෙ දැන් ඇති workstation active on එක යටතෙ NetBT_Tcpip කියල එකක් වරහන් ඇතුළෙ ඔයාගෙ MAC address එකත් ඇති.. මේ NetBT_Tcpip එකත් එක්ක තියන GUID එකයි MAC  වෙනම සුරක්ෂිතව සේව් කරගන්න.
හරි මෙහෙමයි.. හැකර් බයියෙක් නොවී හැකර් කෙනෙක් වීමේ අඩිතාලම..
…windowskey + R > ඉන්පස්සෙ ටයිප් කොළා regedt32 කියල  මතකෙට ගනිං මේක regedit නම් නෙවෙයි ඈ... ප්ස්සෙ චං චුං ගාන්නෙපා මේක නෑ මේක නෑ කියල..
හරි ඉන්පස්සෙ මෙතනින් එතන්ට එතනින් මෙතන්ට ඇවිත් මෙතනින් නතර වෙයන්කෝ...
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control > Class > {4D36E972-E325-11CE-BFC1-08002BE10318}
…හරි මෙතන ඉදන් පොඩි සෙවිල්ලක් තියෙන්නෙ.. සෙවිල්ල ඉතිං කැසිල්ලට නේ.. හැකර් කෙනෙක් වෙන්න..නිකම්යැ..
ඔතන පහලට එන්නකෝ... ඇති 0000 , 0001, 0002 , 0003 වගේ ෆෝල්ඩර් සෙටාර් එකක් ඈ.. ආං ඒ එකක  තියනවද බලන්න NetCfgInstanceID: REG_SZ: එකට ඔයා අර වෙනම තැනක සේව් කරගත්තු GUID එකයි... NetworkAddress: REG_SZ:  එකට ඔයාගෙ MAC Address එකයි දෙකම
හරි..හම්බුනානේ.. එහෙනම් දැන් ඉතින් ඕං ඕක වෙනස් කරමු ඈ.. NetworkAddress එක උඩ ඩබල් ක්ලික් ඈ... දැන් ඉතිං කැමති විදියට අකුරුයි ඉලක්කමුයි 12ක් එන විදියට MAC Address එකක් හදාගන්නයි තියෙන්නෙ ඈ.. ඉන්පස්සෙ ඉතින් restart පාරක් දාල ගේමට බහින එකයි තියෙන්නෙ ඕං .. මාට්ටු  නොවී ගේම් දෙනවනම් ඔන්න ක්‍රොමේ..



Friday, November 2, 2012

එකම බ්‍රවුසරේ.. ඔරිජිනල්... ෆේක්.. දෙකෙන්ම චැට්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 33)

මල්සරා මල් හීයෙන් පපුකෙනිත්තටම හීයෙන් විද්දම පපුකෙනිත්ත සොයන්නෙම රාගෙයි..ආදරෙයි.. කෙල්ලො කොල්ලො පස්සෙ යනව කොල්ලො කෙල්ලො පස්සෙ වහ වැටිල දුවනව.. අනේ මන්දා.. මේ මල්සරාගෙත් හීය ජිල්මාට්ස්ටත් වැදිලද මන්දා... කොලුකමද ... නැත්නම් වල්කමද කියලනම් දන්නෙ නෑ..අහන්නත් එපා... කෙල්ලෙක් කිව්වම ඇඹලය වගේ... සීනි වලට එන ඇඹලය මීට හොදයි... ඒත් එක පැටික්කියෙක්වත් ජිල්මාට්ස් එක්ක වැඩි දවසක් ඉන්න එකනම් පුදුමයි දාන ටෝක්ස් වලට.. මේ දවස් වලත් පැටික්කියො දෙන්නෙක් තුන්දෙනෙක්ම ජිල්මාට්ස්ගෙ සරාගී කුමරිය වෙලා... එකක් නෙවෙයි දෙකක්..තුනක්ම.. තියන වලත්තකමටද වල්කමටද අහිංසක කමටද මන්දා කෙල්ලොත් නිකම් වහවැටිල වගේ.. මූණුපොතට ලොග් උනාම 20ක් 30ක් එක්ක එකදිගට චැට... ජිල්මාට්ස්ගෙ යාලුවන්ට පුලුපුලුවන් විදියට උදව් කරන ගමන් ඒ අස්සෙ කෙල්ලො එකෙක් හරි දෙන්නෙක් හරි අල්ලගෙන බරටම චැට... උඹලට ජෙලස් නැහැනේ...?
…වැඩේ කියන්නෙ ජිල්මාට්ස් කොච්චර ජිල්මාට්ස් දැම්මත් චැට් කරන්නෙ කෙල්ලෙක් එක්කද කොල්ලෙක් එක්කද කියලවත් මොන ජිල්මාට්ටුව දාලවත් සොයාගන්න බැරිවෙලා...පුලුවන් වෙනව විනාඩි කීපෙකට ඇත්තටම උන්දැ ලගට ගියානම් දැනගන්න...
…මේ ළගදි දවසක කවුදෝ පැටික්කියෙක් හරියට පුරුදු එකෙකුට කතාකරනව වගේ චැට් එකට සෙට් උනා... පැටියෝ... ඔයා මගෙම වෙනවනම්... මම ඔයාගෙමයි නේද...? මම ඔයාගෙම කරගන්නව නේද..? ජිල්මාට්ස්ට වෙන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව... ඒ අස්සෙ තවත් මේ දෙගොඩයාමෙ කරන දේවල් ගැන කියවන්න පටන් ගත්ත... හොද වෙලාවට සූර්වෙලා හිටියෙ නැත්තෙ.. නැත්නම් තිබුණ සූර් එකත් බහිනව.. මොළේ පොඩ්ඩක් හරි තිබුණ හින්දා එක ගැටයක් ලිහාගන්න ඕන කියල ජිල්මාට්ස් පැටික්කිට කිව්ව අපි මීට් වෙලා තනිවම කතාකරමුකො කියල... මොබයිල් නම්බර් එක ඉල්ලුවම ෆෝන් එකක් නැහැලු... ඒත් මීට් වෙන්න පුලුවන්ලු... මල්සරා හීයෙන් විද්දට මොකෝ.. ජිල්මාට්ස්ට විදින්න එකියක් දීල තිබුණ නැති එකේ ලබ්බටතියපු අතත් මොකක්ද වගේලු වගේ.. පාරෙ වැටිල තියන බොරලු ගලත්  මැණික් ගලක් වෙන එකේ හිතුණ ගිහින් මීට් වෙන්න.. එන්න කියපු තැනටමත් ගිහිල්ල කෑවයින් කෑවෙ නෑ... මේවගේ කට්ටක්... යාලුවො හත් අට දෙනෙක්කටමත් මාට්ටු... මෙතන මොකද කියල ඇහුවමත් කිව්වෙ ගල් කෙබ්බයක්... පැයගානක් එතැන තපල ඉදල ගෙදර ආවෙ ඇද බදාගෙන.. එහෙම ඉන්නත් බැහැනේ... කම්පියුටරේ දකිනකොට එතැන්ට්මයි එන්නෙ.. ආපුගමන් මූණුපොතෙත් කරක්ගහන එකත් පුරුද්දක් නේ.. එකෙක් කියනව කෑවද ලණුව කියල... කියපු දේ මට තේරුණේ නැද්ද..? වෙනකාටවත් යවපු එකක් මූ වරද්දගෙන මට එවලද..? බැලින්නම් ජිල්මාට්ස්ට වැරදිලා... එකෙක් ෆේක් අකවුන්ට් එකකින් ජිල්මාට්ස්ව සුපිරියටම අන්දවල... හෙන හතම ගහපිය.. දෙන්නම් බැටේ..
…ෆේස්බුකියේ.... ටුවිටරියේ... පල්ස්කුවේ... ඔය කොයික කොයික කොයිකෙත් ෆේක් අකවුන්ට්ස්... වැඩිපුර අකවුන්ට්ස් තියන එවුන් සැරසියල්ලා... ඔන්න දෙන්නයි යන්නේ.... ;) ජිල්මාට්ස්ව ඇන්දුවෙ තියන එකෙන් logout වෙලා ෆේක් එකෙන් log වෙලානේ... දැන් ජිල්මාට්ස් දෙන්න යන්නෙ ඔරිජිනල් එකත් තියාගෙනම ඒකෙනුත් චැට දාන ගමන් ෆේක් එකෙනුත් log වෙලා කාටවත්ම නොදැනෙන්න යාලුවන්ගෙ ඇහැට වැලිගහල  ඇස් රතු කරන්න...
firefox එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...

 හරේ... ඔය ඕපන් කරගත්තු firefox එක ක්ලෝස් කරපන්කෝ... ඉන්පස්සෙ ඩෙස්ක්ටොප් එකේ තියන firefox එකේ ෂෝට්කට් එක රයිට් ක්ලික් කරල properties පලයල්ලකෝ... හරේ.. දැන් ගේමටම බහිමු... උඹල එහෙමනම් අපි මෙහෙමයි... ඔය ඔතන තියන  Target එකේ තියන පාත් එකට (මෙහෙමයි ජිල්මාට්ස්ගෙ පාත් එක "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe" ) දැන් කෙලවරට  පොඩියට ස්පේස් එකක් තියල  මේන් මෙහෙම මේකම උස්සල පේස්ට් කරපන්කෝ... -profilemanager -no-remote හරිනේ...( ඒක් කිව්වෙ දැන් එතකොට ජිල්මාට්ස්ගෙ අලුත්ම target එක දැන් "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe"  -profilemanager -no-remote) ඉන්පස්සෙ ඉතිං  Apply ... OK. 
හරි... දැන් ආයෙමත් firefox එක ඕපන් කරන්නකෝ... පොඩි වෙනසක් වෙලා ඇති.. choose user profile කියල එකක් ඇවිත් නේද...? දැන් ඔතන එකක් තියනවනේ.. default කියල තවත් එකක් හදමු... create profile එකෙන්... කැමති නමක් දීල හදල ඉවරයක් කරමු... දැන් හරි... දැන් ඔය හදපු එකෙන් එන්න... ඔය ප්‍රොෆයිල් හදන තාක් ඔයාට ෆේක් අකවුන්ට්ස් බරගානකින් යාලුවන්ව අන්දන්න පුලුවන් වේවි.. ඈ.. 
තව පොඩි වැඩක් තියනව ඒකත් ඔයගමන්ම කරගනිමුකෝ... firefox එකේ උඩ  Tools > Add-ons > get add -ons වල multi-user කියල ටයිප් කරල පොඩියට සෙවීම් පාරක් dhaanna පොඩි ඇඩෝන් කෑල්ලක් ඇති අන්න ඒකත් ඉන්ස්ටෝල් කරගන්නකෝ... දැන් firefox එක පොඩියට restart පාරක් දාල ගේම අදින්න ගේමට බහිමු... ඔරිජිනල් එකෙන් චැට් කරනගමන් හොර එකෙනුත් චැට් කරන්න...

chrome
එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...
chrome එක ඕපන් කරා... සිම්පල් විදියට ctrl + Shift + N
එබුවා.... ෆේක් එකෙන් ලොග් උනා....
හරිම සිම්පල් ප්ලෑන් එකක්..
තියන වලත්තකමට... කියල දුන්නට,.. ඉගෙනගත්තට.. ඇඩෙන්නනම් ගේම් දෙන්න එපා පුතෝ... පවුනේ...
-->

Monday, October 22, 2012

Hibernate/Sleep/Restart කිරිල්ල තත්පරෙන්... (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 32)

රෑ දෙගොඩයාමෙ වෙනකම්ම යාලුවොත් එක්ක බරටම චැට දාල.. ඒ අස්සෙ හිටපු ගමන් කොම්පියුටරේ අස්සෙ අත ඔබල හීන් සීරුවේ ඉදන් ගන්න ෆන් එක ඇත්තටම පැටික්කියෙකුගෙන් ලහි ලහියේ ගන්න පෙළඹෙන තරම්  ජිල්මාට්ස්ගෙ හිත් පොජ්ජ මෙව්ව වෙලා නෑ... හදිස්සියට මොකකටද අත දාගන්නත් බැහැලුනේ... හැමදෙයක්ම හීන් සීරුවේ හෙමිහිට කරන කොට ලස්සනට කරගන්න පුලුවන්.. ගන්න ෆන් එකත් උපරිමයි... දැන් මෙහෙම කිව්ව කියල උඹල එකතුවෙලා ජිල්මාට්ස්ගෙ කාඩ් කුඩුකරන්න රෙඩිවෙන්න එපා...ඕං.. ජිල්මාට්ස් නම් ටිකක් සෙල්ලක්කාරයි නම් තමයි... ඒත් ඉතිං එහෙම කියල පැටික්කියන්ගෙ සීන් වලට මේ ජිල්මාට්ස්ව ඈද්ගන්න එපා.. පවුනෙ.. කළොත් කරන්නෙ ඉතින් කොම්පියුටර් එකේ අහුමුලුවල අත දාල ගන්න ෆන් විතරයි..
මහන්සියි... නිදිමතයි... දෙකම හින්ද නින්ද යනකම් ලාවට සින්දුවකුත් අහගෙන නිදාගන්න ඕන කියල හිතල පැය භාගයක් විතර ගිහින් කම්පියුටර් එක ඔටෝ ඕෆ් වෙන විදියට හදපු අයිටම් එකත් ඩබල් ක්ලික් කරල ඇදට පැන්නෙ පිටිකොටන්නෙ නැතුව නිදාගන්න... ආං දන්නවනේ ජිල්මාට්ස්ගෙ මේ ඔටෝ කම්පියුටර් එක ෂට්ඩවුන් කරන අයිටම් එක මම මේක පැටික්කියෙකුටත් කියල දුන්න කියල මීට කලින් පෝස්ටුවේදි මගේ මේ සෙටාර් එකටත් කියල දුන්නෙ... මම හිතන්නෙ දැන් ඒ ජිල්මාට්ස් එක්ක බරටම චැට දාපු පැටික්කිත් වැඩෙන් ලෙසටම ප්‍රයෝජනේ ගන්නව වගේ මගේ මේ සෙටාර් එකත් උපරිමෙන්ම ගන්නව ඇති...
ඇදට පැන්නට මොකෝ නින්ද අහලකවත් නෑ... ආයෙමත් මූණුපොතට ඇවිල්ලත් වැඩකුත් නෑ.. ඉන්න එවුන් මේ ටයිම් එකට මල් නෙලනවත් ඇති.. උන්ට ඩිස්ටෝබ් කරන එකත් මහ පවුකාර වැඩක්නේ... මොනවා කරන්නද කියල හිතන්නවත් බෑ... අනේ මටත් මගේම කියල පැටික්කියෙක් හිටියනම්... අහා... පැටික්කියො නලවන්න කලින් ජිල්මාට්ස්ගෙ යාලුවෙක් කලින් පෝස්ටුවට පොඩි කමෙන්ට් පාරක් දාල තිබුණ වගේ මතකයි.. shutdown කරනව වගේ කම්පියුටර් එක Hybernate කරන විදියත් කියන්න කියල... අහා... මැක්සා අයිඩියා එකක්නේ... දෙන්නම්කො එකට තුනක්ම... ඒත් ඉතින් කම්පියුටරේ ඔන් කරන කොටම පැටික්කියෙකුත් හිටියන චැට් එකට... පැත්තකින් තියන් කියාදිදී ලියන්නත් පුලුවන්නෙ.. කොහෙද මේ ටයිම් එකට ඉන්න පැටික්කියොත් බරටම බිසි.. ගිහින් උස්සන් එන්න තමයි තියෙන්නෙ බැහැනෙ.. සෙරෙප්පු පාරවල් කෙසේ වෙතත් උන් එක්ක චැට් කරන කුරුට්ටො ටික පවුනේ...
මොනව කරන්නද දෙන් දෙයියො දවසක ගෙදරටම ගෙනැල්ල දේවි නේ... ජිල්මාට්ස්  එතකම් බලාගෙන ඉන්නව... ජිල්මාට්ස්ගෙන් ඊළග පෝස්ටුව එනකම් සෙටාර් එකක් බලන් ඉන්නව උඹ වගේ.. ;) shutdown කිරිල්ලනම් හරිනේ... දැන් දෙන්නම්.. restart කිරිල්ලයි  නිදි (sleep) කිරිල්ලයි.. Hibernate කිරිල්ලයි... ඕං එහෙනම්...
මේ මොක කරන්නත් මේක ඕන කියල දන්නවනේ... අපේ short cut එක... මේං මෙහෙම... >> right click on Desktop  >>  new >> shortcut  >  type the location of the item කියල ඉල්ලන තැනට තමයි ගේම දෙන්න තියෙන්නෙ... ඒකෙන් තමයි ජිල්මාට්ස් ගේම් දෙන්නෙත් ඉල්ලන්නෙත්... එහෙමනම් .....
1. Hibernate කිරිල්ලට මේන් මෙහෙම කොටන්නකෝ.... Rundll32.exe Powrprof.dll,SetSuspendState Hibernate හරි දැන් next > finish... 

 2. sleep කිරිල්ල නැත්නම් නිදිකිරිල්ල ... මෙහෙම කොටන්නකෝ....                                       Rundll32.exe Powrprof.dll,SetSuspendState Sleep   හරි දැන් next > finish...

3. Restart කිරිල්ල... Shutdown.exe -r -t 00 හරි දැන් next > finish...

දැන්නම් හරි... හදලත් ඉවරයි... දැන් ඉතින් පබ්ලිෂ් කිරිල්ල... මොන මොනවා ටයිප් වෙලාද දන්නෙ නෑ... පෲෆ් බලන්නත් ඕනි... උදේට ඇහැරිලාම කරනව කියල හිතල ඇදට යන්න කියල රෙඩිඋනේ... ඒත් කෙලින් වෙන්න බෑ  වගේ.. අප්පොච්චියෝ... මම මේ හීනෙකින්ද මෙච්චර දෙයක් මේ  කරල තියෙන්නෙ තේරුණේ ඇදේ රෙද්දෙන් හොදට පොරවගෙන ඉන්නව දැකල.. වැඩේට මටම හිනා... මොනව කරන්නද යාලුවට හීනෙන් හරි උදව් කලානේ... ඒ හීනෙ යාලුවට වැදගත් වෙන හින්ද මම ඕං මේක හැමෝටම පේන්න පබ්ලිෂ් කරනව... එපාර හිතෙයි උඹලට මූ හීනෙන් වෙන මොනව මොනව දකිනවද ඇත්ද කියල... මටත් ඇඩුණ ඇස්දෙකන්ම වැඩේට.... :D හික්ස්...  


Tuesday, October 16, 2012

තත්පරෙන් කොම්පියුටර් එක shutdown කිරිල්ල (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 31)

වැරදීම දේව ගතියකි...සමාව දීම මනුස්ස ගතියකි.. හරිද වැරදිද කියලනම් දන්නෙ නෑ... මම අහල තියෙන්නෙ නම් ඔහොම තමයි.. කොහොමත් ඉතින් ජිල්මාට්ස්ගෙ වැඩ ඔක්කොම එහෙමනේ.. ඔක්කොම කනපිට.. හැබැයි කනපිට ගහල හරි වෙන්න ඕන වැඩේ සුපිරියටම කරනව කියල දන්න කොල්ලො කෙල්ලො සෙටාර් එකකුත් ඉන්නව.. සමහර වෙලාවට ජිල්මාට්ස් බකපණ්ඩිතයි කියලත් ජිල්මාට්ස්ටත් හිතුණ වෙලාවලුත් තිබුණ.. ඒක ඉතිං බකපණ්ඩිත කමනම් නෙවෙයි නොදන්නකම.. සියල්ල දැනගන්න සියල්ලදත් නෙවෙයිනේ... අද තියන දේ නෙවෙයි හෙට... හැමදේම හැමදෙයක්ම වෙනස් වෙනව..කවුද හිතුවෙ කැඩුණ දේවලුත් නොකැඩුණ විදියටම හදන්න පුලුවන් වෙයි කියල...  තාක්ෂණය ඉස්සරහදි අපි හැමතැනම දෙවෙනි වෙනව.. හැබැයි එහෙම උනා කියල පස්සට යනව නෙවෙයි අපි ඒවත් එක්කම ඉස්සරහට යන්න වෙනව.. ඒකයි ඇත්ත..  මේ ඊයෙ පෙරේද දවසක ජිල්මාට්ස්ගෙ හොදම යාලුවට ලැප්ටොප් එකක් අරන්දෙන්නයි කයිවාරු ගැහුවෙ.. හොද මොකක්ද ගන්නෙ මොකක්ද කියල සේහෙන ගැටලුවක්.. එකෙක් මැද්දට පැනල කියපි දැන් 3rd generation ත් ඇවිත් තියන එකේ..ගනින්කො එයින් එකක් කියල... ඔන්න ඔතනදි ජිල්මාට්ස්ට ටිකක් අමතක උනා අද තියන දේ නෙවෙයි හෙට කියල...තව ඩිංගෙන් වලියකුත් යනව.. ජිල්මාට්ස්ගෙ යාලුව ජිල්මාට්ස්වත් අරන් ඇතුළට ගියේ නැත්නම්..  සියල්ල දැනගන්න සියල්ලදත් නෙවෙයිනේ.. දැන් 3rd generation ඇවිල්ල.. කියල අන්තිමේදි ජිල්මාට්ස්ටත් පිළිගන්න උනා...
ජිල්මාට්ස්ගෙ හොදම යාලුවට ලැප් එකක් ගන්න ඉතින් පස්සෙ දවසක ගියා.. බස් එකේ ගමන.. කෙල්ලො මුගෙ දිහා හොරෙන් බලනව.. කොල්ල ඉතිං අහින්සකය නේ හෙමිහිට ඒ කෙල්ලොන්ට හිනාවකුත් දැම්ම ආඩම්බරයක් නැතිව... ඒත් ඒ එකියක්වත් පොඩි චැටකටවත් ආවෙ නෑනෙ ළගට.. ආවොත් ඉතින් උඹලට තියෙන කික් එකනම් ජිල්මාට්ස්ට නෑ.. කකුල් දෙකත් වෙව්ලයි කෙල්ල එක්ක කතාකරන්න ගියාම.. හික්ස්..
…මෙන්න බොලේ රෑ මූණු පොතෙන් එකියක් චැට් කරනව... මම අද ඔයාව දැක්ක කියල ඇස් දෙකෙන්ම.. කොහොමද කියල ඇහුවම මම හිටපු තැනයි වෙලාවයි රෙකෝඩ් කරල වගේ කිව්ව..
ජිල්මාට්ස් නම් පොඩ්ඩක් සයිලන්ට් එකෙක්. ඒත් ඉතින් ෆිට් නම් ෆිට් බොක්කට බොක්ක.. ඉන්පස්සෙ බරටම චැට් එක.. මොනවද රෑ දෙගොඩයාමෙ චැට් කලේ කියලනම් අහන්න එපා...  එයා ගෙදරට හොරෙන්ලු රෑට කොම්පියුටරේ on කරන්නෙ... ඉතිං ජිල්මාට්ස් ඇහුව දැන් කාමරේට කවුරු හරි රිංගුවොත් දකිනවනෙ කියල... එයා ගත් කටටම කිව්ව switch off the power කියල.. පව් කෙල්ල.. කොම්පියුටරේ කාගන්නයි හදන්නෙ.. ඉතිං ජිල්මාට්ස් එයාට පොඩි දෙයක් කියල දුන්න කොහොමද කොම්පියුටරේ තත්පර ගණනකින් shutdown කරන්නෙ කොහොමද කියල... උඹලත් මාත් අතරෙ හොර රහස් නෑ නෙ... ඉතින් උඹලටත් මේක වටියි කියල හිතුණ. හදමුද පොඩි අයිටම් එකක් තත්පර ගණනකින් කොම්පියුටරේ Shutdown කරගන්න...
1. right click on Desktop (මේ කියපු සිංහලේ දන්නවනේ... කඩ්ඩෙන් කොටන්න තේරෙන්නෙ නෑ.. මොකද තවම ජිල්මාට්ස් සියල්ල දත් නෙවෙයිනේ... ;) )
2. new > shortcut
3. type the location of the item කියල ඉල්ලන තැනට මෙන්න මේක කොටන්නකෝ..  shutdown -s -f -t 2 -c "I want to shutdown" (මෙතන මේ 2 කියන්නෙ තත්පර ගණන...ඔයාට ඕන නම් මේක වැඩි කරගන්නත්... I want to shutdown කියල දෙන මැසේජ් එක වෙනුවට ඔයාට කැමති එකක් කොටන්නත් අවසරේ දෙනව... )
4. next > finish 
5. දැන් ඩෙස්ක්ටොප් එකේ ඔයා හදපු මේ shutdown කරන ඔප්ෂන් එක හැදිල ඇති... ඒක right click  > Propertties > change icon එකෙන් icon එකක් දාගෙනම බලන්නකෝ... ගින්දර වගේ වැඩ නේද කියල..
…
ඇයි දෙයියනේ මාව කොහේදි හරි දැක්කම උඹලට මාත් එක්ක කතා කරන්න ලජ්ජද..? මම අහස් උසට බැදි වීදුරු මාළිගාවක ඉන්න එකෙක් නෙවෙයි.. කොල්ල දුක්පත්.. බව ඇත්ත.. ඒත් මනුස්සකම ගෑවිලා තියනව කියල හිතෙනව.. කෙල්ලන්ට මගේ කෙල්ල වෙන්න නෙවෙයි.. යාලුවෙක් විදියට... කොල්ලනේ... මම ජිල්මාට්ස් විදියට නෙවෙයි උඹේ යාලුවෙක් විදියට...

Wednesday, October 10, 2012

කොපි කිරිල්ලයි.. කට් කිරිල්ලයි.. එකම ක්ලික් එකෙන්.. ( කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 30)

අනෙ අම්මප අපේ රටට ගියපු කලක්.... ජීවිතේට ලෙදර් බෝලයක්... ක්‍රිකට් පිත්තක් අතින් නොඅල්ලපු උන් අර පහුගිය දවස් ටිකේ මැච් එකට හදපු කතාටික... අරූ වැඩේ කෑවලු... ඌට බෝල දාන්න තේරෙන්නෙ නැහැලු.. අරූට එන බෝලෙට ගහගන්න බැහැලු... හරියට නිකම් ඌ ගියානම් මැච් එක උඩින්ම දිනනව වගේ කතාව... අනේහුකේ නන්නානේ කිව්වලු... මේ බැට් එකක් ලෙදර් බෝලයක් අතින් නොඅල්ලපු යක්කුන්ගෙ කටවල් නලියන්නෙ අර මුලු ලංකාවම නියෝජනය කරන්න ගියපු ලංකාවෙ ඉන්න දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයොන්ට වඩා උන් මරේ මරු ක්‍රිකටර්ස්ල වෙලා... දැන් නිකම්වත් උඹ එතන්ට දැම්මනම් ආ උඹ ඕන රෙද්දක් කරගනින් ගහපන් බලන්න මැච් එක කියල පුලුවන්ද ගහන්න...? ගහයි ඇට බෝල... 
තවත් එවුන් මැච් එක පැරදුණා කියල බෙල්ලෙ වැල දාගෙන.. තවත් හරක් වගයක් වස බීල... පවු යකෝ... උන්ට නෙවෙයි උන්ව හදපු අර අසරණ අම්මටයි.. තාත්තටයි... ඒ අසරණයො දෙන්න උන්ව කන්න බොන්න දීල හදාගත්තෙ කොහෙවත් නැති රෙද්දක් නිසා ජීවිතේ නැති කරගන්නද...? මැච් එක පැරදුණා කියල නහින්න ඕනද..? යකෝ අපි තවත් රටවල් බරගානක් එක්ක ක්‍රිකට් ගැහුව... අන්තිමේදි රටවල් දෙකක් ඉදිරියට ආව... ලෝක සිතියමේ ඇල්පෙනෙති තුඩක් වගේ තියන ලංකාවෙ නම අපේ මේ වීරයො ටික උස්සල තිබ්බ... ඇල්පෙනෙති තුඩක ඉන්න මේ වීරයො ටික ගැන අද මුලු ලෝකෙම කතාකරනව.. අපි පැරදිලා නැහැ... අපි එකෙක්ට දෙවෙනි උනා විතරයි... අනික් එවුන් බරගානක් අපි පරාද කලා... ඊයෙ ජිල්මාට්ස් ලියන පොඩි එකාගෙ උපන්දිනේ... ඒ කියන්නෙ ඔක්තෝබර් 9.. යාලුවොත් එක්ක පොඩි පාටියක් ගත්ත.. ටිකක් වැඩිවෙලා ඇදේ ඉදන් විකාර කියවනව කියල හිතන්නෙපා... සීරියස් විදියට කිව්වෙ..
යාලුවො ආපු එකේ උන්ට කන්න බොන්න දීල විතරක්ම මදිනෙ... තවත් මොනවහරි අරන් යන්න දෙන්නත් එපැයි හිත සතුටුවෙන දේවල්... උනුත් ඉතිං ඒව අරන් යන්න ගෝනි ගනන් ගෙනියන්න පෝටබල් හාඩ්ඩිස්ක්... පෙන් ඩ්‍රයිව්ස් අරන් එන්නෙ දන්න හින්දමයි.. ඕව ඉතිං සප්ලයි කොරන එක මගේ යුතුකමනේ... උඹල හිතයි දැන් මොනවහරි ලට්ට ලොට්ට තියන පොට් එකක් ගැන කියවන්න හදනව කියල මෙන්න මූ කටත් ඇරන් ඒක හොයනව... එහෙම නෙවෙයි බන්.. පෝටබල් හාඩ් එක ගැහුවත්... පෙන් එක ගැහුවත් මගේ කොම්පියුටරේ අස්සෙ තියන ෆයිල් එක දාගන්න දගලන්න වෙනවනේ... අරූගෙ පෙන් එක ඕපන් කරන්නයි... මගේ ෆයිල් එක ඕපන් කරන්නයි ඒක කොපි කරන්නයි පේස්ට් කරන්නයි... මළ පනිනව වැඩේට... හික්ස් ඒ උඹලට කලින් තිබුණ සිද්ධිය ජිල්මාට්ස් නම් ජිල්මාට්ස්... දාමු මළ පනින්නෙ නැති විදියෙ වැඩක්...
 windowskey + R කිව්ව ගමන් දැන් දන්නව වැඩේ මොකක්ද කියල.. ඔව් ඔව් ඒක තමයි... කරමු කරමු...
regedit කියලත් ටයිප් කලානේ...
එතනින් මෙතන්ට මෙතනින් එතන්ට එන්න HKEY_CLASSES_ROOT  > AllFilesystemObjects  > shellex  > ContextMenuHandlers
ශරි... දැන් ඔය ContextMenuHandlers උඩ right click කරල New  >  Key දෙන්නකෝ.... හරි දැන් අපි ඔතන්ට දාමු Copy To Here කියල ෆෝල්ඩර් එකක් හැදුණ නේ... අන්න දැන් ඒක double click කරන්න... Default කියන එක ආයෙමත් Double click කරන්නකෝ... ඉන්පස්සෙ අහයි Value එක අන්න ඒකට මෙන්න මේක දෙන්ට... {C2FBB630-2971-11d1-A18C-00C04FD75D13}
ශරි අපේ කොපි කිරිල්ල ඉවරයි... දැන් කට් කරමු.. කට් කළොත් ඉතින් කොහේට හරි තියන්නත් එපැයි... ඒකත් එකෙන්ම කරගමු...
…ආයෙමත් ඉතිං.... ContextMenuHandlers උඩ right click කරල New  >  Key දෙන්නකෝ.... හරි දැන් අපි ඔතන්ට දාමු Cut To Here කියල ෆෝල්ඩර් එකක් හැදුණ නේ... අන්න දැන් ඒක double click කරන්න... Default කියන එක ආයෙමත් Double click කරන්නකෝ... ඉන්පස්සෙ අහයි Value එක අන්න ඒකට මෙන්න මේක දෙන්ට... {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13}දැන් හරි... වැඩේ කොරල ඉවරයි...දැන් ඉතින් ඕක ක්ලෝස් කරල දාල  ජිල්මාට්ස් මේ යාලුවන්ට සැලකුව වගේ ඔයාටත් පුලුවන් වෙයි ඇනයක් නැතිව ගිනි කසය වගේ දාන්න ඕන ෆයිල් එකද ෆෝල්ඩර් එකද අන්න ඒක උඩ right click කරල එක ක්ලික් එකෙන්ම වැඩේ කොරගන්න...
folder එක right click කලාම එයි Copy To Here එකයි Cut To Here එකයි... අන්න ඕකයි අපි මේ කලේ... ජිල්මාට් වැඩක්...

Friday, October 5, 2012

user account එකක් හැංගිල්ල (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 29)

ගමේ හැදිච්ච කොල්ලෙක් විදියට පුංචි කාලෙදි එක එක අහුමුලු වල හැංගි හැංගි එක එක නටපු සෙල්ලම් ජිල්මාට්ස් ඉස්කෝලෙදි අයිය කාලෙදි හැංගි හැංගි නටපු සෙල්ලම්... නාඩගම්... මතක් වෙනකොටත් ඒ මතකෙටම යනව.. හරිම ලස්සනයි කියල හංවඩු ගහපු එක එක කෑලි පස්සෙ ගිහින් හරි පුංචි පහේ සිගිති ආතල් හරි ගත්ත.. ඒ ඒදවස් වල කලේ කොලුකමට.. විසේකාර යෞවනේ පොපියන චමත්කාරයලුනෙ... ඔය දවස් වලම තමයි ඉතින් ඔය මදන විසේ ද මොකක්ද විසයකුත් හැදුණෙ.. ඔය කාලෙට ඉතින් කොල්ලව ප්‍රවේශම් කරන එක තමයි ගෙදරට තිබුණ එකම පුරස්නෙ... කොල්ලව නාවල සෝදල  ගත්තනම් කොල්ල පිරිසිදුයි කියල කතාවකුත් අහල තිබුණ.. ඒත් කොහෙද ඉතින් පාටියකටවත් යන්න ගෙදරින් පර්මිෂන් ගන්නෙත් ගෙදර බුදුන්ට දෙකට තුනට නැමිල බොහොම අමාරුවෙන්.. ඒ ගත්තත් පොඩ්ඩ පරක්කු වෙනකොට විනාඩි පහෙන් පහටම ගෙදරින් කෝල් එනව.. කොල්ලෙක් වෙලත් සමහර වෙලාවල් වලට මටම ලැජ්ජයි මහ රෑ දෙගොඩ වෙනකම් කෙල්ලොත් ඉන්නවනේ.. පාටි වලට ඇවිත්.. දැන් කාලෙ කොල්ලොද කෙල්ලොද නාවල සෝදල ගත්තම පිරිසිදුවෙන්නෙ..? අනේ මන්දා.. බරපතල ප්‍රශ්ණයක් හිතට නැගිච්ච...
ගෙදරට හොරෙන් කරන වැඩත් ඉතින් තියෙන්න ඕන නෙ... ;) ඒ හින්දමයි ඒ කාලෙදිම කාමරේට වෙනම ලොකර් එකකුත් ගත්තෙ.. ඒ දවස් වලත් ඉතින් ජිල්මාට්ස්ගෙ ජීවිත කාලෙන් වැඩියෙන්මත් ගෙවුණෙ ගෙදර ඉන්න වෙලාවටත්.. කොම්පියුටරේ මූණෙ බැදන් නෙ.. ඕකටත් ඉතින් නොකරපු දෙයක් නෑ.. පාස්වර්ඩ් දාගෙන අනේ මන්ද හෙන හෙන සෙල්ලම් දැම්ම.. යාලුවොත් එක්ක ඉන්නකොට ඉතින් මොකවත් බෑ නෙ තනියම භුක්ති විදින්ට... මගේ දේවල් හරියට උන්ගෙ වගේ...  කාමරේට රිංගුවොත් නොඅවුස්සන එක තැනක් නෑ.. ප්‍රයිවෙට් කියල දෙයක් තිබුණොත් තියෙන්නෙ තනි වුන වෙලාවකම තමයි.. කොම්පියුටරේට පාස්වර්ඩ් එකක් දැම්මොත් ඉතින් යාලුවො අතරෙ ඒක... රහස් තියෙන්නෙ ගෙදර අයට විතරයි..ද කොහෙද..
හික්ස්... ප්‍රයිවෙට් දේවල් හැම එකක්මත් බෙදාගෙන බැහැනෙ.. ඉතින් ජිල්මාට්ස්ගෙ කොම්පියුටරේ උනත් එහෙම තමයි.. උන්ට හොරෙන් පොඩි ජිල්මාට් පාරක් දාල නොහැංගුව දේවල් නැතුව නෙවෙයි... කොච්චර කියලනම් හැංගුවද..? පස්සෙන් ගියපු.. යාලු කරගත්තු කෙල්ලන්ගෙ ෆොටෝස්..යාලුවො දැක්කත් නොදැක්ක ඒව  ටිකකුත් තිබුණ.. දැන් නම් ඉතින් සෙටාර් එකම දන්නව මූ අමු කුකුළ කියල.. තාමත් ජිල්මාට්ස්ට අවුරුදු 24යි. තවම ඉතින් ඔය හිටපු ගමන් හංගන්න ඕන කියන දේවලුත් තියනවනේ... ඉතිං හංගනව... ජිල්මාට්ස්ගෙ කොම්පියුටරේ තවත් රහස් කුටියක්.... තියෙන්න පුලුවන් කියල හිතුනෙම   නැද්ද..?
හරි.. හරි.. ඕන් එහෙනම් උඹේ කොම්පියුටරෙත් රහස් කුටියක්... රහස්  user account එකක් හදන්න ඕනෙ කියල හිතුණ නම්.. හදමු.. ඇත්තටම අපි පුංචි කාලෙ හැංගිමුත්තන් සෙල්ලම කළා මතකද...? අන්න ඒවගේ හැංගුණ අකවුන්ට් එකක් හදමු..
1. windowskey + R දන්නව නේ... කලිනුත් මේක දැකල ඇතිනේ..run එක...
2. regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ.. (Registry Editor කියල එකක් දිග හැරෙයි.. කියන්න ඕන නැහැනේ... ජිල්මාට්ස් එක්ක හිටියනම් දන්නව ඇති...)
3. මම මේ දැන් කියන පාත් එක දිගේ... මෙතනින්..එතන්ට..එතනින්..මෙතන්ට...මෙතනින් එතන්ට .... UserList එකට එන්න.... මෙන්න මෙහෙම,
HKEY_LOCAL_MACHINE > Software > Microsoft > WindowsNT > CurrentVersion > Winlogon > SpecialAccounts > UserList
 ඔන්න පොඩි පරහක්... windows7 එකේ.. Winlogin ඇතුළෙ SpecialAccounts කියල එකක් නැතිලු... හරි ඒක මෙහෙම හදමු... නෝමල් විදියට ෆෝල්ඩර් හදන විදියම තමයි... ඔය winlogin එක උඩ right click කරල new.. දැන් ඉතින් SpecialAccounts කියල ෆෝල්ඩර් එක හදනව.. ඒක උඩ right click කරල new. දීල UserList හැදුව.. වැඩේ ගොඩ..
හරි දැන් වැඩේ කොරන්නයි තියෙන්නෙ..
4. එහා පැත්තෙ Values තියන ෂීට් එකේ.. මෙහෙම..  right click > new
5. DWORD Value එක ක්ලික් කරන්නකෝ... ඔන්න කැමති නමක් දීල ඔන්න ඔතනින් අයින් වෙන්නකෝ...

දැන්නම් ඉතිං user account එක හදල නම් ඉවරයි..  දැන් ඉතින් තියෙන්නෙ ලොග් වෙන්න ඕන විදිය හදාගන්න..
Windows XP වලට සූත්තරේ...මෙහෙම...
1. Start > Control Panel > User Accounts
2. click  "Change the way users log on or off "
3. "Use the Welcome screen" මේකෙ තියන ටික් එක අයින් කොළා නම්... හරි.. 

Windows 7  ඇන්ඩ් Vista වලට සූත්තරේ...මෙහෙම...
1. Start එකට ගොහින්.. search එකේ.. netplwiz  කියල ටයිප් කරල එන්ටර් පාර දෙනව..
2. Advance ටැබ් එකේ.. Require users to press Ctrl+Alt+Delete එකට ටික් එකක් දාල Apply ඇන්ඩ් OK 
සියලු වැඩකටයුතු අවසන්... හොර ගුහාවකුත් එහෙනම් හැදුව... ප්‍රයිවෙට්... පුද්ගලිකයි... රහසිගතයි... කියල බර වචනයකුත් ජීවිතේට තියනව වගේ... කොම්පියුටරේටත් තියෙන්නම ඕන.. දැන් ඉතින් ගෙදර කාමරේ හැංගි හොරා වැඩකරන්න අනං මනං කරනව වගේ.. කොම්පියුටරේටත් අනං මනං වැඩ කරගන්න පුංචි ගුහාවකුත් හැදුව එහෙනම් ඈ... අෆෝයි.. ජිල්මාට්ස්ගෙ රහස් ඔක්කොම එළිපිට...


…

Thursday, September 27, 2012

Firefox එකේ පිටු පෙරළීම (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 28)

පොල්ලක් අල්ලගෙන බොරුවට නිදිකිරා වැටුණෙ අහල පහල හිටගෙන ගෑණු පුලුටක්වත් නැති හින්ද හිටගෙන හිටපු සීට් එක ළග සීට් එකේ වාඩි වෙලා හිටියෙ ලස්සන කෙල්ලෙක් එක්ක හැට පැනපු සීයව නැගිට්ටවල   ඒ කෙල්ලගෙ ළගින් වාඩිවෙන්න.. කවදාකවත් බස් එකක හිටගෙන තියා වාඩි වෙලාවවත් නින්ද නොගිය මම අද බොරුවට නිදි කිරනව.. සීය මේ සිද්ධිය දැක්කත් නොදැක්ක වගේ හිටිය.. කෙල්ලට මම ගැන දුක හිතිලද මන්ද ඒකි නැගිටල මට සීට් එක දුන්න... ඊට වඩා හොදයි ඇහැරගෙන ඒකි දිහා බලාගෙනම හිටියනම්.. මොකක්ද මේ පාත් වෙච්ච කරුමෙ.. මොනව කරන්නද...? දැන් ඉතින් වාඩි වෙන්නත් වෙනව නේ බලකරලම සීට් එක දුන්නම.. බොරුවට නිදි කිරපු එකේ ප්‍රතිඵලේ.. දැන් ඇහැරගෙන ඉන්නත් බෑ නෙ.. ඒකිගෙ මූණ බලන්න උඩ බලන්නත් එපැයි නිදාගෙන කොහේ උඩ බලන්නද.. වෙච්ච දෙයක් වෙද්දෙන් කියල නිදාගන්නවමයි කියල හිතාගෙන හිටපු හින්දම නින්ද ගිහින්.. "ඒයි ළමයො පැත්තකට වෙලා නිදාගන්නවද මගේ ඇගට හේත්තු නොවී... " අනින්න හිතුන හොම්බට හැටක් විතර නාකි කම පැත්තකට දාල... නිකමට ඇස් දෙක උඩට ගියේ කෙල්ල තාම ඉන්නවද කියල බලන්න.. ෂිට් .. මගේ දිහා බලාගෙන ඒකි හිනා වෙනව... නෝන්ඩි කියන්නෙ.. කෙල්ලෙක් ඉස්සරහ මෙහෙම...  ඒ අස්සෙ තවත් හුටපටයක්.. පවු අහින්සකයෙක් ගුටිකනව.. බස් එකේ කොන්දොස්තර කියන්නෙ ජාතියක් ජම්මයක් නැති ගහන ගහන පදේට නටන්න ඕන කෙනෙක්ද.. ඇයි යක්කුනේ... මේත් මිනිස්සු.. උඹල දෙන සල්ලි වලින්ම තමයි ජීවත් වෙන්නෙ එහෙමයි කියල උඹලට ඕන ඕන විදියට දැන් ඉන්න ඕන... බස් එකේ සෙනග හිටියොත් තමයි උන්ගෙ හත්මුතු පරම්පරාවම බඩට දෙයක් දාගන්නෙ.. සම හරක්ට මේක තේරෙන්නෙ නැහැ.. පොඩ්ඩක් ඉස්සරහට යන්න මහත්තයෝ කියල කිව්වම ඇගට කඩාගෙන පැනල ගුටි වලින් සප්පායම් කරන එක හරිද...? පොඩ්ඩක් හිතපන්..  උඹ වගේම ඌත් මනුස්ස ආත්මයක් ලබපු එකෙක්... උඹ පෝසත් වෙන්න පුලුවන්.. ඌ දුක්පත් වෙන්න පුලුවන්.. මමත් දුක්පත් වෙන්න පුලුවන්.. ඒත් අපි හැමෝම මනුස්සයො.. මැරෙන වෙලාවට අන්තිම මොහොතෙ හරි වතුර පොදක් දෙන්න කියල ඉතුරු වෙන්නෙ මනුස්සයෙක්.. ඇගේ ටිකක් තැර උණා කියල ඇගෙන් පලුවක් ගැලවෙනවද...? නින්ද ගියපු නිසයි පොඩ්ඩක් හරි ඔලුව උරහිසට හේත්තු වෙන්න ඇත්තෙ.. සම හරක් ගැන කතා කරල වැඩක් නෑ..
සීන් එක මතක් වෙනකොටත් ...ඒ කෙල්ල මගේ දිහා වපර ඇහින් බලල හිනාවෙච්ච හිනාවිල්ලත් මට මැවිල පේනව... ගෙට ගොඩ වෙන්නෙම කොම්පියුටරේ ඔන් කරගෙන නිසා..පුරුද්දටද මන්දා කොම්පියුටරේ ඔන්කර ගෙන එතනින් වාඩි උනේ.. හිතට ලොකු බරක් ආවම මූණුපොතට ඇවිත් කෙල්ලො කොල්ලො ටිකක් වටකරගෙන වල්පල් දොඩවන්න.. එකෙක්වත් නෑ.. ඔන්ලයින්... කරුමෙ කියන්නෙ එලව එලව පයින්ම ගහනවද කොහෙද.. මූණුපොතයි... ඊමේල් එකයි.. මූණුපොතේ යාලුවන්ගෙ ප්‍රොෆයිලුයි.. යූ ටියුබ් පේජස් ටිකකුයි පොඩිහිටියන්ගෙ සයිට්ස් ටිකකුයි... වැඩිහිටියන්ගෙ සයිට්ස් ටිකකුයි ඕපන් කරගෙන... මේ ටික දැක්කනම් උඹල දැනට firefox බ්‍රවුසර්ස් 3ක් 4ක් ඕපන් කරගෙන එකින් එකක් බලන්න..
…හික්ස්... ජිල්මාට්ස්ට වෙච්ච කැතම සීන් එක අස්සෙ උඹලටත් කැතම සීන් එකක් කියල දෙන්නයි යන්නෙ..
…නෝමල් firefox එකේ පිටු ගණන 10කට වඩා වැඩිනම් ඉතින් කොරන්නෙ තවත් firefox එකක් ඕපන් කරන එකනෙ කරන්නෙ... මළ වදයක් එහෙම උනාම.. අරක ඕපන් කරන්නයි මේක ඕපන් කරන්නයි ගියාම.. කතාවෙන් වැඩක් නෑ... කරලම බලමුකො එකම firefox එකක දිගට හරහට පේජස් ඕපන් කරන්නෙ කොහොමද කියල..  හරි එහෙනම්...
…අලුත් ටැබ් එකක් ඕපන් කරන්න ඉතිං දන්නවනේ... ඕපන් කරමුකො බලන්න...
…ඉන්පස්සෙ මෙන්න මෙහෙම ඒකෙ කොටල එන්ටර් කරන්න...
chrome://browser/content/browser.xul
කැතම සීන් එකනේ.. firefox browser එක අස්සෙ කරන්න පුලුවන් දේවල්...
…ඒවයින් කාරි නෑ... ඕකෙ රිංගන ගමන්.. ජිල්මාට්ස් ට ඇත්තටම වෙච්ච සීන් එක ගැනත් පොඩ්ඩක් හිතපන්.. උඹලටත් එහෙම එකක් උනොත්.. මනුස්සයො අතර.. ඉන්න සම  හරක් ට මනුස්සකම කියන එක ගෑවේලාවත් තියනවද කියල.. මම උඹලට එකක් කියන්නම්... මනුස්සයෙක් ඉදිරියෙදි මනුස්සයෙක් වෙයන්.. බස් එකේදි... පාරෙ තොටේදි ඔය මූණ විරිත්තන්නෙ නැතුව.. හිනාවෙලා හැමෝමත් එක්ක හිනාවෙලා ඉදපන්...
…කියපු විදිය බරක් නෑ... කියල හිතෙනව.. බොහොම පොඩියෙන් ලිව්වෙ බර වචන දැම්මනම් සංවර කම කියන රෙද්ද ලිහන්න වෙනව..

…

Monday, September 17, 2012

IP Address වෙනස් කිරිල්ල... ;) (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 27)

නෑ මගෙ වස්තුවේ මම ඔයාට රිදවන්නෙ නැහැ. ඔයයි මගේ ජීවිතේම.. මේ වෙනකම් හැම අස්සකම අතගානකම් ඔයා මාදිහා ආදරෙන් බලන් හිටියා.. ඒ ඔයා මාව විශ්වාස කරනනිසා.. මම ඔයාගෙ හැම අස්සකටම අත දාල සොයන්නෙ අපේ ආදරේ වැඩිකරගන්න.. ඔයා මමත් එක්ක මේ විදියට ආදරෙන් බැදෙනකොට මගේ ආශාව වැඩිවෙන්නෙ තවත් ගැඹුරට අතදාල තව තව දේවල් සොයල ඒව ඇතුළෙ තියෙන දේවල් දකින්න.. වෙන්නෙ මොනවද කියල බලන්න.. සමහර වෙලාවට ඔයා ගොඩක් නපුරුවෙන වෙලාවලුත් තිබුණ.. ඒත් මම ඔයාව ටෙස්ට් කරන්න වෙනම කාමරයක් අරන් තිබුණ හින්ද ඔයා මාව අතහැරල ගියේ නෑ... ඒ මම ඔයාට ගොඩක් ආදරේ කරනව..ඔයාව හොදින් තියාගන්න ඕන හින්ද තමයි කියල ඔයා දන්න නිසා.. වෙනම වෙන්කරපු කාමරේකට රිංගල අපි දෙන්න එක එක පරීක්ෂණ කරල ඒව සාර්ථක උනාම මම ඔයාව එළියට අරන් ඔයාගෙ ඇත්ත ජීවිතේට ඒව්ව මෙව්ව කරනව.. ඒ දැන් භයක් නැතිහින්ද.. ඔයාගෙ මේ ආදර කොල්ලට පිට කොල්ලො කෙල්ලො ආදරේට කියන්නෙ ජිල්මාට්ස් කියල.. ඒ මම ඔයාගෙ හැම අස්සකටම අතදාල ඒවගෙන් වෙච්ච දේවල් රසකර කර කියලදෙන නිසා... මම ඔයාට ගොඩක් ළං වෙනව වගේ  ඒ අයියල අක්කලටත් මම ඔයාට ආදරේ කරනව වගේ එයාලත් එයාලගෙ කොම්පියුටර් වලට ආදරේ කරනව.. හැබැයි සමහර අයියල අක්කල සොෆ්ට්වෙයා නැතුව කරන්න පුලුවන් දේවලුත් සොෆ්ට්වෙයා ඔබාගෙන කරන්න ගිහ්න් ඇනගන්නව..
…මම ඔයත් එක්ක එකතුවෙලා හොරෙන් කීතැනකට ඉන්ටනෙට් එකෙන් රිංගුවද එඩ්‍රස් එකට බොරු එකක් දීල. මතකද එදා දවසක් අපි දෙන්න එකතුවෙලා අතිශයින්ම පොඩිහිටියන්ට තහනම් පොට් එකකට රිංගුව හරියට වැඩිහිටියො දෙන්නෙක් වගේ... මේ අයියල අක්කලත් මීට කලින් ip changer ද මොනවද නමක් කියාගෙන එක එක එව්ව ඩවුන්ලෝඩ් කරගෙන අහුමුලුවල රිංගල කොම්පියුටර් එකත් ස්ලෝ කරගෙනලු.. ඒ හින්ද මම මේ කස්ටියටත් කියල දීල එන්නම් අපි දෙන්න කොහොමද ip address එක වෙනස් කරගෙන අහුමුලුවලට රිංගුවෙ කියල..
…ශරි මගේ යාලුවනේ... එහෙනම් අපි සොෆ්ට්වෙයා දාගෙන ඇනගන්නවට වඩා... පුංචිම පුංචි සෙල්ලමක් දාල ip address එක වෙනස් කරමු...
…1. Windowskey + R >දැන් "cmd" කියල ටයිප් කරන්නකෝ...

2.  ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙහෙම ටයිප් කරන්න  netsh interface ip show config     දැන් (එහෙමත් නැත්නම් ipconfig /all ) පෙනෙයි ඔයාගෙ IP Address එක
DHCP enabled:        No
IP Address:              192.168.1.148
SubnetMask:            255.255.255.0
Default Gateway:      192.168.1.1
 
(මේක මගේ... මම දැන් මේක වෙනස් කරන්නයි යන්නෙ... බලන්න ඔයාගෙ එක මොකක්ද කියල ) 

3. හරි එහෙනම් දැන් වෙනස් කරමු කොටන්න මෙන්න මෙහෙම

netsh interface ip set address name="Local Area Connection" 
static 192.168.1.193 255.255.255.0 192.168.1.1 1

මේක කරගන්නත් සොෆ්ට්වෙයා ඕනද...? අනේමන්දා... මම නම් ඕං වෙනස් කළා... ඕං ඔහොමයි අපි දෙන්න අනං මනං සයිට්ස් වලට ip change කරල රිංගුවෙ.. හික්ස්..

Monday, September 10, 2012

කැමති තාලයේ ෆොටෝ එකක් Windows7 තිරේ අස්සට ( කොම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 26)

බොක්ස් එකට රිංගපු එවුන් මොනව මොනව කරනව ඇත්ද...? හොද හොද සෙල්ලම් ඇතුළෙ යනව ඇති.. අපිට ඉතින්  පුලුළ් තිරේ හොදහොද සෙල්ලම් තමයි.. එකට ක්ලාස් කට් කරල , ටිකට්ස් ගන්න පෝළිමේ ඉදන් කට්ට කාල.., ටික්ක අයියට ටෝක් කරල බැරිම තැන සෙටාර් එකෙන් කීය කීය හරි එකතු කරල ටික්ක අයියගෙ පොකැට්ටුවට ඔබල ටිකට්ස් ටික අරගන්න එකට දගලපු උන්.. කෝ... ජිල්මාට්ස් එක්ක බැල්කනියෙ  ඉන්නෙ 3ක් 4ක් විතරනෙ.. අනික් එවුන් කෝ...? බොක්ස් අස්සට රිංගල.. කෑල්ල එක්ක ආවම එකට හිටපු යාලුවොත් මුන්ට අමතක වෙනවනේ.. කුටියට රිංගුවෙ පුලුළ් තිරේ දිග හැරිච්ච සෙල්ලම් ටික ප්‍රැක්ටිකල් කරන්නද කොහෙද... බැල්කනියෙ ඉන්නත් භයයි භයයි වගේ.. තනියම හරි කුටියක් අස්සට රිංගුවනම් හොදයි කියලත් හිතෙනව..දන් මොනව කරන්නද..  ගෙවල් ළග කවුරුවත් ඉන්නවද...? නෑඩෑ වෙන කෙනෙක්වත් ළග පාතක ඉන්නවද බැලුවෙ දැක්කොත් ගෙදරට ගොඩවෙන එකත් ෂුවර් නැති හන්ද.. දැකපු කෙනාගෙ මූණ බලන්නත් බැරිවෙන හින්ද.. වෙලාවට කවුරුවත්ම නෑ..
…ෆිල්ම් එක ඉවර උණා විතරයි සුටුස් ගාල ජිල්මාට්ස් එළියට පැන්නෙ හැමෝටම කළින් ගේට්ටුව ළගට ගිහින් එතන තාප්පෙට අඩිය ගහන්න.. ජිල්මාට්ස් එක්ක බැල්කනියෙ හිටපු සෙටාර්  එකත් එළියට ආව.. පස්සෙ මෙන්න කුටි අස්සෙ හැංගිච්ච අපේ අයියල සෙට් එකත් ආව අක්කල සෙට් එකත් එක්ක මොනවත් නොවුණ වගේ.. කෙල්ල ඉස්සරහ යාලුවො නිකම් මොකුන්ද වගේ.. උන්නද මළාද දන්නෙ නැහැ.. කෙල්ලගෙ ෆොටෝ එකත් වෝල් පේපර් එක කරගෙන.. මචන්ලා... යාලුවො කියන්නෙ උඹේ ජීවිතේ.. කවදාක හරි යාලුවො නැතුව ජීවිතයක් නැති වෙනව. කෙල්ලෙක් තියා ගෑණු පරාණයක් නෑ..උඹට වැරදුණ දවසක.. ඒක මතක තියාගනින්..
…උබේ වෝල් ෆෝටෝ එක කෙල්ලෙගෙ ෆොටෝ එකනෙ.. හිටපන්.. කෙල්ලට කලින් අපේ යාලුකමේ ෆිට් එක ඉස්සරහටම ගේන්න.. ගනින්කො උඹේ කොම්පියුටරේ පොඩ්ඩක්... සොෆ්ට්වෙයා කෑලි දමාගෙන මේක කරන්න පුලුවන් තමයි.. ඒත් ජිල්මාට්ස් හැමදාමත් ජිල්මාට්ස්ම තමයි..
…යාලුවො සෙට් වලා ගත්තු මැක්සා ෆොටෝ එකකුත් සෙට් ඒකනම් පට්ටයි මුන්ට අතීතය මතක් කරන්න... උඹ දැනටමත් කෙල්ලො 3ක් 4ක් එක්ක ලව් කරානෙ බලපන්.. අපේ යාලුකම තාමත් තියනව.. ඒක අදින් පස්සෙ හැමදාටමත් තියේවි..
…කොම්පියුටරේ නම් දුවන්නෙ windows 7 ජිල්මාට්ස් ගෙ අයිඩියා එක යාලුවගෙ කොම්පියුටර් එකේ කෙල්ලගෙ වෝල් පේපර් එක එන්න කළින් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක පෙන්නන්න..
…එහෙනම් මෙන්න මෙහෙමයි කරේ..

1. C > Windows > System > System32 > oobe එක ඇතුළෙ info කියල ෆෝල්ඩර් එකක් හදල ඒකෙ ඇතුළෙත් backgrounds කියල ෆෝල්ඩර් එකක් හදනව..

2. මේ backgrounds ෆෝල්ඩර් එක ඇතුළට අපේ සෙටාර් එකේ තෝරගත්තු ෆොටෝ එක දාල backgroundDefault.jpg කියල සේව් පාරක් දෙනව.. (පොඩි කේස් එකකුත් තියනව.. ෆොටෝ එකේ සයිස් එක ටිකක් අඩුනම් පට්ට.. 240KB වගේ උණානම් මරු )

3. ඉන්පස්සෙ ඉතින්  WindowsKey + R  > regedit කියල ටයිප් කරල enter කරනව..

4. Ctrl + F  > OEMBackground කියල ටයිප් කරල පොඩි find පාරක් දෙනව..

5.
OEMBackground එකක් එයි බිංදුව  (0)  අන්න ඒ වැලිව් එක එක  (1) කරල දීල  ඕපන් කරපු හැම රෙද්දක්ම වහල දාල කොම්පියුටර් එක restart කරල බලන්න..
කෙල්ලගෙ වෝල් පේපර් එක එන්න කලින් අපේ මිත්‍රකම හැමදාමත්.. මුලින්මයි කියල කොම්පියුටර් එකත් කියනව නේද කියල..
…අනේ මන්දා.. මේ ජිල්මාට්ස්ට හිතුණ විදිය.. පස්සෙ ආපු කෑල්ලකට වඩා කළින් ගොඩ නැගුණ අපේ යාලුකම වටිනව.. ජිල්මාට්ස් මෙහෙම උණත්.. මට යාලුකම් වලට වඩා මගේ කෙල්ලව වටිනව කියල හිතුණොත් ඉතින් මේ ජිල්මාට්ස් මොනව කියන්නද..? අවුලක් නෑ.. කෙල්ලෙගෙ ෆොටෝ එකම දාගන්නකෝ..
අපේ අයියල සෙට් එකටත් උණේ ඔය ටිකමනෙ.. අයියල සෙට් එක කෙල්ලො බදන් හිටියා ජිල්මාට්ස් තවමත් යාලුකම බදන්... යාලුකම හින්දම ජිල්මාට්ස් තවමත් බැල්කනියට යද්දි ජිල්මාට්ස්ගෙ යාලුවො බොක්ස් අස්සට රිංගනව..  ජිල්මාට්ස් තවමත් තනියම..