Saturday, June 9, 2012

මුරපදයේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද..? (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ෆයිව්)

 අපේ කතා ලෝකෙ වීරවරිය වෙලා ඉන්නෙ පවුලෙ බඩ පිස්සි නoගි නොවැ. ඉතිo ඒකිට මම පොඩ්ඩක් ට්‍රයි එකක් දාන්නත් එක්ක කියල හිතන් ඉන්න වෙලාවෙ ඒකිගෙ අයිය දෙයියො බැලුව වගේ මාව එහේ එක්කරන් යන්න ආව.ඉතින් මේ කොල්ලට හෙන ගැහුව වගේ මට එහේ එන්න කියපු වෙලාවෙ.. මල හුට්ටප්පරයයි..එන්න කිව්වෙත් නිකන් නෙවෙයි මාව චෙක් කොරන්නද කොහෙද? ඒකිගෙ පොඩි අයිය දැනගෙන මම ඒකිට ට්‍රයි කියල.ඌ අයියට කියල මම අනන්මනන් සෙල්ලම් කොම්පියටරෙත් එක්ක කරනව ටිකක් බයිට් එකටත් එක්ක මූව ගමු කියල ප්ලෑනක් ගහලද කොහෙද.. මම අහුවෙයි ඔව්වට...
හෙන ගහපිය ඌට..හිතුව මදි මට කෙලවන්න..කෙල්ල ඉස්සරහ මාව නෝන්ඩි කරන්න.,හිතුව මදි... ඉතින්..ඉතින්..දැන් අයියා කියන්න බලන්න මගෙන් මොනවද වෙන්න ඕනි..?
ඔන්න මල්ලි ඔන්න ඕක පොඩ්ඩක් බලන්නකෝ...  මම යද්දි කෙල්ල කොම්පියුටර් එක ළග.. අම්මා... ඒකිගෙ ළග තියන සුවද... සුවද දැනුනා ජීවිතේ නෙවෙයි...ඉතින් කොල්ල දැන් ෆෝම් වෙලා..කොම්පියුටර් එක ළග වාඩිඋණා..
ඉතින්..ඉතින්.. මම යද්දි කෙල්ල කොම්පියුටර් එක ළග.. අම්මා... ඒකිගෙ ළග තියන සුවද... සුවද දැනුනා ජීවිතේ නෙවෙයි...ඉතින් කොල්ල දැන් ෆෝම් වෙලා..කොම්පියුටර් එක ළග වාඩිඋණා..
හුට්ටප්පරයයි... කම්පියුටර් එක ගෙනාපු ගමන්මයි.. තියන සුවද ...... හම්මේ... කෙල්ලගෙ කිරිසුවද වගේමයි.. මේකාටත් ඉතින් කෙල්ලෙකුයි කම්පියුටරයකුයි අතර වෙනසක් ඇත්තෙම නැහැනෙ.. ඔන්න ඉතින් සුභ නැකතින් අලුත්ම කම්පියුටර් එකට වින්ඩෝස් 7 මෙහෙයුම්පද්ධතිය දැම්මා...
…දැන් ඉතිං ගෙදර බඩපිස්සිත් එක්ක තුන්දෙනාට වෙනවෙනම user accounts හදන්නත් එපැයි.. අයියල දෙන්නගෙ හොරවැඩ වලින්... වැලවරකා වලින් මේකිව බේරාගැනීමේ සන්නද්ධ ව්‍යාපාරය මේකාට බාරයි.. හලි ඔන්න තුන්දෙනාට වෙන වෙනම user accounts 3කුත් හැදුවා.. මේකිත් සුළුපටු බඩ්ඩ නෙවෙයිනේ.. නිකම්වත් අයියලාගේ password අනුමානකරල නිකමටවත් ඒකක් ඇතුළට රිංගුවොත් ඒවා බලලම නරක්වෙනවා... මොකෝ ඉතින් අයියල කියල ඕව නොබලනව කියන්නත් නැහැනෙ.. මේකි බේරාගැනීමේ සන්නද්ධ ව්‍යාපාරය මට..
…දැනුයි කම්පනාවට ආවේ... මෙන්න බොලේ නියම සූත්තරේ... හිටපංකෝ දෙන්නම් ජම්බූ...
…අනුමාන කිරිල්ලත් සීමා කරමු..
…start එකට ඇවිදින් Local Security Policy කියල කෙටුවා එන්ටර් කොලා.... security Settings වලින් Account Policies වලින් Account Lockout Policy එකට ආවා ඈ...
…Account Lockout threshold වල 0 invalid logon attempts ලු... මොකක්ද මේ..? මේක පොඩ්ඩක් වැඩිකරමු බලන්න ඩබල් ක්ලික් එකෙන් වැඩිකරගන්නත් පුළුවන්ලු ඔන්න 2යි.. හුටා මෙන්න 30mins කතාවකුත් ආවා... ඒකියන්නෙ වෙලාවකුත් දාගන්නත් පුළුවන් වගේ
Account Lockout duration එකට ඕං ඒකත් අඩුකොලා... 15 minutes
…හැබෑටම මොකක්ද මේ මේකා කලේ..? උඹට පුරස්ණයක්ද..? මේ කෙල්ලව බේරාගැනීමේ සන්නද්ධවීම.. අයියලා නොදැනුවත්වම කෙල්ල මේ අයියලගෙ ගිණුම් වල මුරපද අනුමානකිරීමේ වාර ගණන සහ කාලය මගින් ගිණුමේ ආරක්ෂාව දැඩිකොලා....
…පිස්සුනේ... ඔන්න මේ කිසිවක් නොකියා අයියලාට කිව්වා මුරපද දාගන්න කියල.. උනුත් ඉතිං ඔන්න දැම්මා... දැන් මේකා කියනවා පොඩි අයියට අයියේ ලොක්කගෙ ගිණුමේ මුරපදය අනුමාන කරල ගහන්න කියල.. දෙපාරයි ගැහුවේ... බඩුම තමා... ආයෙත් විනාඩි 15ක් යනතුරාවට ලොක්කාගේ ගිණුමට ඇතුළුවෙන්න බෑලු.. 
දැන් වැඩේ ශරි...
අන්තිමේදි පොඩි අයියගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ..ඇහැකුත් කසනව දැක්ක, ලොකු අයීය මෝඩයි හොදයි... මාව බදත් ගත්ත එක්ක.. ෂිට්.. පොඩි බඩ්ඩ නිකමටවත් කිට්ටු උනේ නැහැනෙ.. තැන්කු අයිය කිව්ව මිසක්... ටිකක් කිට්ටු උණානම්... අනෙ අම්මප මටමනෙ වෙන්නෙ..

Thursday, June 7, 2012

එතකොට නoගි කිකිළිද...? (කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් ෆෝ...)

ඕන් යහලුවනේ හරියටම සතියකට පස්සෙ කොම්පියුටර් ජිල් මාට් පාට් නම්බර් ෆෝ අරන් මම ආයෙත් ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න ආව..

මතකනෙ.. ලොකු අයියා කොම්පියුටර් ඇඩ්මින් වෙලා එයාගෙ අනන්මනන් හන්ගන්න සොෆ්ට්වෙයාර් යූස් කරා..මතකනෙ සොෆ්ට්වෙහා එක.. ;) (මගේ කොම්...පියුටර් ජිල්මාට් පාට් නම්බර් ටූ..) මල්ලි කුකුළා කියල අල්ලපු ගෙදර ඇන්ටි විතරක් දැනන් හිටියත් දැන් අපිටත් එක වැඩක් මාට්ටු.. අනන්මනන් හන්ගන්න පට්ටම පට්ට ෆෝල්ඩර් එකක් හැදුව..මතකයිනෙ ඔයාලට.. ;) (මගේ කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් ත්‍රී...)

පවුලෙ බඩ පිස්සි..නoගි.. එයත් ඉතින් සුපිරි බඩ්ඩක් තමයි.. එයාගෙ අනන්මනන් ලියකියවිලි මැසේජස් ටික අයියලගෙන් හන්ගන්න ෆෝල්ඩර් එකක් හැදුව..ඒත් ඒක පේන්නෙත් නැහැ.. නමකුත් නැහැ.. බලමුකො වැඩේ..

1. අනන්මනන් තියන ෆෝල්ඩර් එක රිනේම් කරනව මෙන්න මේ විදියට...
වම් පැත්තෙ තියන Alt කී එකත් ඔබාගෙන 0160 ටයිප් කරල එන්ටර් කොලා... අම්ම ගහපි දැන් ෆෝල්ඩර් එක නමක් ගමක් නැතිව සේව් වෙලා නොවැ.

2. ඉන්පස්සෙ ෆෝල්ඩර් එකේ අයිකන් එක උඩ රයිට් ක්ලික් කරල ප්‍රොපෙර්ටීස් වල කස්ටමයිස් එකෙන් චේන්ජ් අයිකන් කියන බටොන්එක ක්ලික් කරල අයිකන් එකක් නැති තැනක් සිලෙක්ට් කරල ඇප්ලයි කරල ඕකේ කොලා. කෝ ෆෝල්ඩර් එක...?

කොහොමද හෙමිච්චි වගේ ඉන්න කෙල්ලගෙ වැඩ.. පොඩි අයිය කුකුළා.. නoගි කිකිළිද...?

මල්ලි අයියට වඩා කුකුළා...(කොම්පියුටර් ජිල්මාට්.. පාර්ට් නම්බර් ත්‍රී...)

අයියගෙ හොර වැඩ මල්ලිගෙන් හංගලා තියා ගන්න අයියට ඕන වෙනවා..ඉතින් අයියා සොෆ්ට්වෙයාස් සොයාගෙන ඒවයින් ප්‍රයෝජනේ ගන්නවා.. අයියා කොම්පියුටොර් එකේ ඇඩ්මින් ලොක්කලු..ඉතින් මල්ලිට පර්මිෂන් නැහැ අයියගෙ අවසරේ නැතිව සොෆ්ට්වෙයාස් දාන්න..මල්ලි කුකුලා..මල්ල...ි ලග තියන අනන් මනන් .. වැල ටික අයියගෙන් හන්ගන්න ෆෝල්ඩර් එකක් හදනව..

වින්ඩෝස් XP තමයි තියෙන්නෙ..
මල්ලි ෆොල්ඩර් එකක් හදල අයියකාරයගෙන් හන්ගන්න ඕන දෙවල් සේරොම ඒකට එබුව.. ෆෝල්ඩර් එකේ නම slita ඉන්පස්සෙ....
1. නෝට් පෑඩ් එකක් ඕපන් කරල මෙන්න මෙහෙම කෙටුව..
ren slita slita.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
ඒක සේව් කලේ loc.bat (*txt) විදියට.
2. තවත්..නෝට් පෑඩ් එකක් ඕපන් කරල මෙන්න මෙහෙම කෙටුව..
ren slita.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}slita
ඒක සේව් කලේ key.bat (*txt) විදියට.

මල්ලි ඔය loc.bat එක ඩබල් ක්ලික් කරල ෆෝල්ඩර් එක ඕපන් කලා.. මේන් බොලේ..ඒකෙන් ඕපන් උනේ Control Panel එක...
ඉන්පස්සෙ මල්ලි key.bat එක ඩබල් ක්ලික් කරල ෆෝල්ඩර් එක ඕපන් කලා.. මේන් බොලේ.වැඩක්.. මල්ලි හන්ගපු සේරොම එලියට පැනපි...

බාපු වැල හගන්න...මෙන්න කියාපු බඩ්ඩ... (කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් ටූ)

අයියගෙ හොර වැඩ මල්ලිගෙන් හංගලා තියා ගන්න අයියට ඕන වෙනවා. මල්ලි අයියට වඩා කුකුලා කියලා අයියා දන්නෙ නෑ. ඒක දන්නෙ අල්ලපු ගෙදර ඇන්ටි.... හිහි... ;)
වැල කිව්වට වැල විතරක්ම නෙවෙයි..අපිටම කියල පුද්ගලික දේවලුත් තියනව නේ..

ඕනම කුණු ගොඩක් මෙතන හගන්න.. මෙන්න මේක ඩවුන් කරන් ඉන්ස්ටෝල් කරගන්න..
http://extratorrent.com/torrent_download/2596137/Folder+Lock+7.0.6+%2B+Serial+Key.torrent

ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ .... අපේ facebook එකවුන්ට් හැක් කරන්න..

Facebook භාවිතා කරන අපේ කට්ටිය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීම. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.
තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.
ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.
සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies, saved password ආදිය මකා දමන්න.
Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.
Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම් වන්න.
කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.
ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * දැ න් space එක ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.
සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න
මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook, yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook, yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook, yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ යහළුවන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.
එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති. මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.
වැදගත් : මෙම ක්‍රම වලට අමතරව ෆේස්බුක් හැක් කල හැකි ක්‍රම රාශියක් ඇත.

චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කර ගැනීමෙන් වලකින්න.
චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් ඔබ ඔබගේ පාස්වර්ඩ් හා ඊමේල් යොදා කිසිම අවස්ථාවකදි ලොග් වීම් සිදු කිරිමෙන් වලකින්න.
ඊමේල් ගිනුම සඳහා Security Questions ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.
ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම සුලුදෙයක්.
චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට වඩා විශ්වාස කරන්න එපා. අනිකා එවන ලින්ක් පිලිබඳව ඔබට දැනුමක් නැත් නම් ඒවා ක්ලික් කිරීමෙන් වලකින්න. ඔබ බලා පොරොත්තු වෙන කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක් වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක් චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික් කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන් සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න. මෙයත් ඉතාම වැදගත්.
මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න. නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන් ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.
ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.
Barn Buddy ක්‍රෙඩිට් ලබා ගන්න කියලා විවිද පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල් දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක් නොදන්න තන්හාව වැඩි අයට.
ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන් වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන එක. අනිත් එක තමයි මේ තුට්ටු දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්, ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ. උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම් මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ් එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත් හැක් වෙන්නෙ ඔයාලමයි.
තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.
තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක් වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක් යනවා මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත් මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න තියා හිතන්න වත් එපා.
මම මෙතන මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්‍රම තව තියෙනවා. ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර ගැටලුවක් නෑ.
මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.