Saturday, August 17, 2013

කාලකණ්නි Blue Screen එකට සැළකිලි - 2 කොටස (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 43)

"කැලයක් මොටද එහි ගජිදෙකු නැතිනම්...
ගජිදෙක් මොටද උගෙ ගජමුතු නැතිනම්...
මිනිසෙක් මොටද උගෙ මොළයක් නැතිනම්...
මොළයක් මොටද මොළයෙන් වැඩගන්නැතිනම්... " ජිලාගේ නිල්කතාවේ පළමු කොටසින් අද ජිලාගේ නිල් කතාවේ ඉතිරිය... ජිලාගේ නිල්කතාවේ පළමුකොටස කියවූයේ නැතිනම් දැන්ම කියවන්න..
…"මිනිසෙක් මොටද උගෙ මනුසත්කම නැතිනම්...
…මනුසත්කම මොටද ඌළග හිත නැතිනම්...
…හිත මොටද ඒ හිත හොද නැත්නම්.... " අම්මප ඇත්ත.. නමුත් මනුස්සකම විතරක් තිබුණාට මදි නොවැ... කැරකෙන ලෝකේ හැමදේම වෙනස් වෙනවා.. මනුස්සකමින්ම විතරක් බෑ මේ මනුස්සකම ඉහළින්ම රකිනවා යැයි කියල බොරුවට පුරාජේරු ගහන උන්ගෙ ජීවිතේ රකින්න.. හැමෝම බඩගෝත්තරේ රැකගන්න හදන වෙලාවේ... හැමෝම බඩට ගහන වෙලාවේ.. ජීවන බරින් පොඩ්ඩක් හෝ දරාගන්න දෙවියන්ගේ මල්ලි සල්ලියේ බලය නැතත් සල්ලියේ පිහිට පතන්න ඕනි. මනුස්සකමම පෙන්වගෙන බෑ අදකාලෙ ජීවත් වෙන්න ඕං ඕකයි ඇත්ත... මේ උඹ ඉදිරියේ පෙනී සිටින ජිල්මාට්ස් එහෙමත් නැත්නම් ෆේස්බුකියෙන් උඹව හදුනගත්තු උඹේම ආදරණීය ජිලාත් ඒ බුකියේ ඒ නමින්ම ලෝකයා හමුවේ පෙනීසිටින උන්නැහේත් කාලයක් උඹලගෙ හිත හොද මනුස්සකම දන්න හොදම මිත්‍රයෙක් වෙලා හිටියලු.. ඒත් සමහරුන්ට දැන් එහෙම නැතිලු... මොකද ෆේස් බුකියෙ ඉන්න එකා නෙවෙලු සැබෑලෝකෙ  ඉන්නෙ..  හත්වලාමයි.. එහෙම නෑ යකෝ..  එහෙම නෑ... බ්ලොගියෙන් වගේම ෆේස් බුකියෙන්ම හදුනා ගත්තු එකාමයි තවමත් ඉන්නෙ... එපාර නැතිලු... හා හොදයි...
…බුකියෙන් මතුවන ලොකු ලොකුවට මනුස්සකම දොඩවන උත්තමයන්ගේ කෝල්ස් මැසේජ් ඉදිරියේ රන්නුළු අමුම අමු තිරිසනෙක්.. අමනුස්සයෙක්.. අමු අමුවේම මිනිස්සුන්ගෙ සල්ලිය ගසාකන්න පංතියක් කරනවලු.. ලොකු ලොකු පංතිගාස්තු ඉල්ලනවලු.. මම නම් ඒකෙ කිසිදු වරදක් දකින්නෙ නෑ.. මම ඉස්සර ගියේ පුටාර් එකේ.. එහෙමත් නැත්නම් බස් එකේ... දැන් මගේ ජීවන තත්වය ටිකක් උසස්වෙලා.. මම දැන් යන්නෙ බස් එකේ එහෙමත් නැත්නම් කාර් එකේ.. හැබැයි ලොවෙත් ආයෙ පුටාර් එකක යන්න ෆට්ට අමාරුයි.. අකමැතියි. මගේ ටැලන්ට් එකෙන්,,මගේ දක්ෂතාවයෙන් මම ඒ තැනට ඇවිත්. ඒ වගේමයි රන්නුළුවත්... ඌ දැන් සොයන්නේ ලොකු ලොකු වාහන වල යන්න.. කන්න හදන්නෙ ලොකු ලොකු හෝටල් වලින්.. **** හදන්නෙ ඉස්තරම්ම ඒවා.. ඒ ඔක්කොම ඌ දන්න දැනුම මොකාට හරි කියලදීල උන්ගෙන් ගන්නහදන සල්ලියෙන්... ඌට ක්ලාස් කරන්න ලංකාවෙ බැරිනම් ඌ ළග ඔය එක එක මනුස්සත්ගුණ දොඩවන එවුන්ගෙ රාජජේ කරන්න බැරිනම් ඌ අපායෙ ගිහින් හරි ethical hacking ක්ලාස් කරලා සල්ලි හම්බකරගත්තම අපිට මොකෝ.. සාමාන්‍ය පවුලක රන්නුළුවා හෙට සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න හදන්නෙ උගේ දැනුම විකුණලා.. කෝටි ප්‍රකෝටි ගණන් වටින වාහන ගන්න උඹලගෙ බත් පිගානෙ ලුණුකැටෙත් හූරන් කන අමුම අමු අපතයින්ගේ වැඩවලට අනේ සෝයි නේද මෙයා කියල කියන උන්.. රන්නුළුවා උගේ දැනුම බෙදල හම්බුකරන තුට්ටුවටත් එක එක පද හදන මනුස්සකම කතාකරන එවුන්ට මට කියන්න තියෙන්නේ අනේ **** බං කියලම විතරයි...  ඔයි තරු අස්සේ සැගවුන වචනෙ කිව්වම තමයි ඈ... මතක තියගනින් මම නොකළත් ඕකාගේ ඔය ක්ලාස් කෙරුවාව නිසා උඹේවත් මගේවත්.... මගේවත් උගේවත් අපි අතර ඇති වුන මේ සහෝදරත්වයේ බැම්ම නම් ලොවෙත් කැඩෙන්නෙ නෑ...ඈ..... ඔය එක එක හැකර් ලේබලේ පිටේ අලවගෙන කෑකෝ ගහන එවුන් අම්බානක් දැකපු නිසයි අන්තිමටවත් මෙහෙම කියන්නෙ... හැකාලා හැකර්ලා.. හැකින් අයියලා ..මල්ලිලා ගෙ කෙරුවාවන් නොදන්නවා නොවේනේ.. වැඩිමනක් ඉන්නෙ අනුන්ගෙ සොෆ්ට්වෙයා එකක ඩවුන්ලෝඩ් කිරිල්ලේ ලින්කුවක්... සීරියල් කී එකක්..ක්‍රැක් එකක් දෙන එකනේ... සමහර උන්නැහේලා ඒවත් විකුණගෙන කන වෙලාවේ හැකිං උණ හැද්දිචි එවුන්ට බෙහෙත් කොරන්න කීයක් හරි අතට ගන්න එක අසාධාරණයි ද මන්දා..
…කතාවෙන් කතාවෙන් ජිල්මාට්ස්ගේ බ්ලූ කතාවෙ ඉතිරිය කියන්නත් අමතක උනානේ....
…නිල්කතාවේ මුල් කොටස බැලුව නේද..? බැලුවෙ නැතිනම් මේං ආයෙමත් ඈ...
…හලි දැන් ඉතිරි කොටස :

…චරිතය : Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES
මේං මේ සිද්ධිය PagedPoolSize ක්‍රමාණුකූල නොවීම නිසාත් ඇතිවෙනවා... ඉතිං ඒක මේං මෙහෙම සකසාගන්න පුළුවන් Run හරහා regedit ඇවිදින්  HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Control >> Session Manager >> Memory >> Management  මේං මෙතනදි අපිට හමුවෙනවා මේ කියන  PagedPoolSize  ඕං ඕකෙ  අගය තමා මේ නිලේ....  PagedPoolSize අගය වහාම ක්‍රියාත්මකවන පරිදි 0 කරන්න.

…චරිතය : Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR
මේං මේක තමා ඔය අපි කතාකරන Hard Disk Drive එකේ ඇතිවන Bad Sectors නිසා ඇතිවන නිල්කතාව..

……චරිතය : Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE
තේරුම්ගන්න ඉතාමත් පහසුයි... Inaccessible boot device ලු නේ... ඉතිං BIOS හරහා ඇතුළුවී බලන්න 1st boot device එක ඔයාගෙ මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කරනලද hard disk drive එකද කියල.. එහෙම නෙවේ නම් මෙහෙයුම්පද්ධතිය තියන Hard Disk Drive එක 1st boot device එක විදියට නියමිත කරන්න..
…වයිරස් අප්පුහාමි කෙනෙක්ගේ *** වැඩක් නිසාත් Boot.ini පද්ධතියට කෙලවීමක් නිසාත් මේතත්වයම මේ නිල් රෙද්ද දිගහැරෙන්න පුළුවන්..

සමහරුනගේ කතාව RAM එක දෝෂ සහිතවීම නොහොත් memory dump සිද්ධිය.. මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කිරීමේදී දිගහැරෙන නිල් රෙද්ද... අලුතින්ම RAM එකක් ගත්තා... මේක RAM එකේම වරදක් නෙවෙයි කියල කටපුරා කියන්න බෑ..හලෝ... අලුතෙන් ගත්තා නොගත්තා... Memory Dump නිල් කතාව තමයි  ගොඩාක් දුරට ඇතිවෙන්නේ... ඉතිං දැනට යහතින් වැඩකරන RAM පතේත් දෝෂ තිබිය හැක.. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දැන්ම RAM එකේ දෝෂ ඇතිනම් හදුනාගමු.. වොරන්ටි තියනවනම් ඉතිං කලයුතුදේ කිව්වා කියල හිතාගනින්.. 
…මේං එහෙනම් memory dump  නිල්තිරේ දිගහැරෙන්න කලින්ම අපි අපේ RAM එක චෙක් කොරමු... 
Start >> search box type >> mdsched කියල කෙටුවා එන්ටර් කොලා... දැං ඉතිං Windows Memory Diagnostics Tool කියල දිගහැරෙයි ඈ... ආං ඒකෙ " Restart now and check for problems (recommended) තමා.... දැන් ඉතිං RAM එකේ දෝෂ තියනවනම් පෙන්නුම්කරයි ඈ...
…දෝෂ නැතිනම් "no errors were found"  විදියටත්... දෝෂ සහිත නම් "contact your computer or memory manufacturer for information about fixing the problem" තමයි ඈ... 

මේං එහෙනම් මයික්‍රොසොෆ්ට් සමාගමේම නිපදවු Windows Memory Diagnostic Tool ය බාගතකර ගනින්කො ඈ.... පුංචිම පුංචි බූටබල් ඩිස්කයක් විදියට උඹේ RAM එක චෙක්කරගන්න... උඹ ළග තියන පුච්චන මෙව්ව එකෙන් මේක iso file format එකෙන් පුළුස්සා ගනින්කො එහෙනම්..
…මෙව්ව ඉතිං මනුස්සකම් දන්නා එවුන් ඉදිරියේ මනුස්සකම නොදන්නා රන්නුළුවා අමනයෙක් අපතයෙක් විදියට හිතන කාලේ සල්ලිය ඉදිරියේ මනුස්සකම තුට්ටුවට දමන රාළ කෙනෙකුගේ වැඩක්..
…තේරුම් ගනින් රාළේ..  මෙදා කාලේ වෙස්සන්තරලා වෙන්ට බෑ රාළේ...  සල්ලි නැතත් රජවෙනවාලූ කීවෙ ඒදවස් වල..
…හිත මේ ටිකක් කළකිරුණ නිසයි අද ටිකක් තදින් ජිලාගේ කතාව වෙනපැත්තකට පෙරළුනේ ඈ... තුන් හිතකවත් ජිලා නොහොත් රන්නුළුවා උඹත් එක්ක තරහ නෑ බං... කතාව අසාසිටි උඹට ස්තුතියි...


Saturday, August 3, 2013

නිල්තිරේ නොහොත් කාලකණ්නි Blue Screen ලෙඩ වාට්ටුවට සැළකිලි. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 42)

"කැලයක් මොටද එහි ගජිදෙකු නැතිනම්...
ගජිදෙක් මොටද උගෙ ගජමුතු නැතිනම්...
මිනිසෙක් මොටද උගෙ මොළයක් නැතිනම්...
මොළයක් මොටද මොළයෙන් වැඩගන්නැතිනම්... " ලස්සනට ගැළපෙනවා.. පදපේළිය.. ඉතිං උඹට වගේම ජිලාටත් වැඩගන්න මොළයක් තියනවද කියන එකත් පුරස්ණයක් කොරගෙන ඉන්න කාලෙ ජිලාට තේරුණා ඌ පුංචියට හෝ උගේ තියන මොළෙන් පොඩි වැඩක් හරි කරගන්නව කියන එක.. උදාහරණ ඕනි නෑ.. මේ ජිල්මාට්ස් ලට්ටපට්ට වැඩකෑලි ජිලා දාන්නෙත් මොළයක් තියන නිසා ඌට පොඩිවයසෙදි ඉදලම හොද කම්පියුටර් ඇම්මක් තිබුණ නිසා... හැබැයි වෙන වැඩකට නම් ඒ මොළය තියනවද කියන එකත් දැන් සැකයි.. ඒ මොක වෙතත්.. උඹට අද හැදුණ youtube මේනියාවට එක එක ඩවුන්ලෝඩර් සොෆ්ට්වෙයා කෑලි පස්සෙ දුවන උඹට විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති youtube අනංමනං බාගන්න පුංචි රහසක් කියාදීගෙනම බ්ලූ ෆිල්ම් එක ගැනකතාකරන්නයි සූදානම...
…එහෙනම් මේං මෙහෙමයි... උඹ හොදාකාරවම දන්නවා ජිල්මාට්ස් නොහොත් උඹේම ආදරණීය ජිලා ඔය එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි තුට්ටුවකටවත් මායිම් නොකරන එකෙක් කියල.. ඉතිං එහෙව් එකේ.. එක එක රෙද්දවල් බාගන්න එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි සයිබරයේ සොයනවා... දැන් ගොඩක් එවුන්ට තියෙන්නෙ youtube මේනියාව... ඉතිං මේ මේනියාවත් එක්ක එක එක එවුන් ජිලාගෙනුත් අරක සොයල දියන්කෝ... මේකට සීරියල් එක හරි ක්‍රැක් එකක් හරි පැච් එකක් හරි සොයල දියන් කියල ඉල්ලීම්...
youtube බෑවිල්ලට විගඩම් සොෆ්ට්වෙයා කෑලි අනවශ්‍යයි...
මෙන්න සූත්තරේ...
බාගැනීමට අවශ්‍ය http://www.youtube.com/watch?v=KMOOr7GEkj8 නම්..
විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති බාගැනීමේ ක්‍රමය : http://www.ssyoutube.com/watch?v=KMOOr7GEkj8 වෙනස දුටුවාද...? නැතිද... එහෙනම් බලපන් youtube ඉදිරියට ss යෙදීඇති අපූරුව..
…හරිම අපූරුයි නේද...? විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව බෑවෙන අපූරුව... :D

හලි... දැන් ඉතිං නිල් ගැන කතාකරමු... නිල් / Blue කිව්වම උඹට හිතෙයි අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කතාවක් මූ කියන්න යනවදෝ කියල... 18+ කිව්වට ඉතිං 7 වසරෙ පොඩි එකත් මේකාලෙ මේ නිලට ලොල් වෙච්චිකාලෙ ඔය වගේ කතාවක් කියන එක හොද නෑ.. මොකද මේක කම්පියුටර් ඇම්ම හැදිච්චි 5 වසරෙ පොඩි එකත් මේ ජිල්මාට්ස් අඩවියට ගොඩ වෙනවා... ඉතිං උඹල ගොඩක් ආසකරන නිල් දර්ශණ සමහර කම්පියුටර් වැඩ දන්න එවුන්ටත් හිටපුගමන් කම්පියුටරෙන් පෙන්වන නිල් දර්ශණ අප්‍රියයි... මේව Blue Screen Of Death පණිවුඩ හෙවත් STOP error කියල හංවඩු ගහමු.. ඇයි මේ...? මොකද මේ....? හේතු මොනවද...? පිළියම් මොනවද...? සළකන්නෙ කොහොමද...? 
චරිතය : Stop 0x00000024 or NTFS_FILE_SYSTEM
මේං මේක  NTFS.sys ගොනුවක්‍රියාත්මක නොවීම නිසා එන්නක් . ඔයාගෙ Hard Disk Drive එකේ දත්ත කියවීම සහ ලිවීම කරන්න මූලිකම මෙහෙයුම වෙන්නෙ මේ NTFS.sys හරහා ඉතිං මේං මේක අක්‍රිය වුනා කියන්නෙ........... ඕං ඔය තත්වය උදාවෙනවා
• හාඩ් ඩිස්කය පරීක්ශා කිරීමට බාවිතා කල හැකි යම් යම් මෘදුකාංගයන් බාවිතා කර පරීක්ශා කිරීම.  disk defragmenters තමයි හොදම සොෆ්ට්වෙයා එක.. ඒක වෙනම ගන්න ඕනි නෑ... මෙහෙයුම්පද්ධතියේම ස්ථාපිතයි. 
• නිවැරදි ලෙස වින්‍යාශ ගත නොකල (Malfunctioning) SCSI සහ Advanced Technology Attachment (ATA) හාඩ් ඩිස්කයන් හ ඒවාට බාවිතා වන drivers නිසි ආකාරයෙන් සකස් කිරීම. මගින් මේ දෝෂය වළක්වාගන්න පුළුවන්.. 


චරිතය : Stop 0x0000000A or IRQL_NOT_LESS_OR_EQUAL
kernal interrupt request level එක එහෙමත් නැත්නම් IRQL එක ඉහළ තත්වයකදීත් මෙම තත්වය ඇතිවෙනව... ඉතිං මේකට ප්‍රධාන හේතුවක් විදියට අලුතෙන්ම පරිගණයකට ස්ථාපනය කළ software එකක් හෝ hardware device එකක් හෝ ඊට අදාළ නොවන driver utility එකක් නොගැළපීමක් නිසා... ඉතිං මොනව කරන්නද..? මේක ඉවත් කිරීමක් සිදුකලයුතුවෙනවා... Hardware device එකක්නම් මෙය ගලවාදැමීමෙන් කරගන්න පුළුවන් කියල උඹට හිතෙනව ඇති... ඒත් install කරපු software එකක්... Driver එකක් නම්... ඒක කරන්න පරිගණකය switch on කල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට පෙරාතුරුව F8 key press කිරීම මගින් Safe mode වෙත පිවිස uninstall කරගන්න පුළුවන්.. 

චරිතය : … Stop 0x0000001E or KMODE_EXCEPTION_NOT_HANDLED මේං මේකත් ප්‍රධානව Driver utilities නොගැළපීම නිසා ඇතිවන තත්වයක්.. විටෙක මෙය win32.sys පද්ධතිය ස්ථාපිත software සමග ඇතිවන අසමානතාවලදීත් මතුවෙන්න පුළුවන්.. මේකටත් පිළියම ඉතිං Safe Mode සරණං ගච්චාමි තමයි ඈ... 

චරිතය :… Stop 0x0000002E or DATA_BUS_ERRORමේක නම් ඉතිං මවුපුවරුව එහෙමත් නැත්නම් motherboard එකත් level 2 chache memory සහ video memory අතර ගැටුම් තමයි... ඉතිං කළයුතු හොදම දේ මවුපුවරුවට ගැළපෙන RAM (RAM කිව්වම ඉතිං උඹල අහයි SD ද DDR ද අනංමනං ද කියල.. SD RAM ගැළපෙන මවුපුවරුවකට DDR කොහොම ගහන්නද බොලව්...? DDR 1 එකකට DDR3 කොහොම මැච් කොරන්නද..? ඒකක් නෙවෙයි RAM එකෙත් තියනවා Bus speed එකක්... chache memory එකක් ආං ඒවායි ගැළපිය යුතු ඈ...)

චරිතය : …Stop 0x00000079 or MISMATCHED_HAL Ntoskrnl.exe සහ Hal.dll යන ඒවා update නොවීමක් නිසා මෙම තත්වය ඇතිවෙනවා... බොහෝවිට උඹල කරන ප්‍රධාන වැරැද්දක් මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කරද්දී files skip කිරීම.. ඕං ඕකයි ප්‍රධාන වරද.. 


නිල්තිරේ ලෙඩ කල්තියා දැන ගැනීම සහ මයික්‍රොසොෆ්ට් සමාගමින් online help ලබාගන්නත් පුළුවන්.... මයික්‍රොසොෆ්ට් එකෙන් අපේ කම්පියුටරය හදනවා කියන්නෙත් ඉතිං තවත් එක් අමුතුම කික් එකක්නේ... ඕං එහෙනම්.
…Start >> search box එකේ event viewer කියල ටයිප් කොලා... ඔය ඉතිං නිල්තිරේ ලෙඩ බලන්නම විතරක් නෙවෙයි system එක තුළ සිදුවන ක්‍රියාකාරීත්වයන් සේරම පෙන්වන්නෙ Windows Logs >> System එක ඇතුළෙයි... මගේ නම් events ලක්ෂයකටත් ආසන්න සංඛ්‍යාවක් ඈ.. ඕං ඔය අතරෙ අතරින් පතර Warnings කිහිපයක්ම.... ඕං ඔය Warning එක නිල්තිර එන්න කලින් උඹවත් මාවත් දැනුවත් කරන තැන... නිල්තිරේ එන්න කලින්ම ලෙඩේ හොදකරගන්න මයික්‍රොසොෆ්ට් සමාගමේ ලෙඩවාට්ටුවට ඔයාගෙ කම්පියුටරයත් ඇතුළුකරන්න පුළුවන්.. කොහොමත් ඉතිං ඩොක්ටර් ව පෙන්වන්න කලින් අපිටත් පුළුපුළුවන් දේ කරගන්න Event Log Online Help හරහාත්.... මයික්‍රොසොෆ්ට් සමාගමේම තාක්ෂණික නිළධාරියෙකු හරහා අපේ පරිගණකය සකසා ගන්නත් අපිට පුළුවන්  

  ජිලාගේ නිල්කතාව නොහොත් ජිලාගේ බ්ලූ ෆිල්ම් එකේ කතිකාව මතුසම්බන්ධයි... නිල්කතාවේ තවත් කොටසක් සමගින් යළිත් හමුවන බලාපොරොත්තුවෙන් කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 42 නිමාව දුටු වගයි.. කතාව අසාසිටි උඹට ගොඩාක් ස්තුතියි..

ජිලාගේ නිල්කතාවේ දෙවනි කොටසත් නිකුත්වී අවසන්... මෙතනින් එබෙන්න... Blue කොටස 2

Monday, July 22, 2013

ජිලා නවමුහුණුවරකින් නැවතත් ෆේස්බුකියට ගොඩවදියි...

දන්නදේ.... අත්හදාබලල සාර්ථක වුනදේවල් කියල දෙන්න ජිලා මේ පුංචි බ්ලොග් එක කරනව.. ඒක වරදක් නෙවෙයි කියල හිතේ කැකෑරුණ නිසා... දන්න දෙයක් නොදන්න එකෙකුට කියලදුන්නම ලැබුණ තෘප්තිය ඉහළම නිසා.... මම බ්ලොගියෙන්වත් ෆේස්බුකියෙන්වත්  සල්ලි හම්බුකලේ නෑ... ඒ මට සල්ලිවලට ව්ටිනාකමක් නැතිනිසා නෙවෙයි සල්ලිවලටත් වඩා වටිනා මනුස්සකමින් සැළකිළි ලැබුණනිසා.. සල්ලිවලින් මනුස්සකම මිලකළ නොහැකි නිසා... බ්ලොග් එකෙන් වගේම ෆේස්බුකියෙන්ම මම මනුස්සයන් ඉපැවූවා.. අවුරුදු 06කටත් වඩා වැඩිකාලයක් වන් ඇන්ඩ් ඔන්ලි ඔරිජිනල් ෆේස්බුකි ගිණුම 2013.07.22 දින ෆේස්බුක් ආයතනය විසින්ම අත්හිටුවා තිබුණා.. හේතුව වශයෙන්  කරුණු කිහිපයක්  මතුකර තිබුණා... දිනපතා බුකියේ මිතුරන්ගෙන් මිතුරෙකු වීමේ ආරාධනා 10කට ආසන්න ප්‍රමාණයක් හෝ ඉක්මවා තිබීම, ෆේස්බුකියේ ගෘප් 80කට ආසන්න ප්‍රමාණයක සාමාජිකත්වය ලබාසිටීම, සහ එම ගෘප් වලින් ගෘප් 15කට ආසන්න සංඛ්‍යාවක ඇඩ්මින් තනතුර දැරීම, දිනපතා හෝ සතියකට කිහිපවතාවක් ඉංග්‍රීසි මාධ්‍ය නොවන වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි වල ලින්කු පෝස්ටු වශයෙන් පලකිරීම... (අසභ්‍ය වැල දර්ශණ නොවේ ඈ... කියන විදියට "ජිල්මාට්ස්" ගේ වැඩටිකම තමා..)
…අනේ මන්දා.... මොනාකරන්නද... කලින් ෆේස් බුකියෙ සැරිසරපු Rannulu Sampath නමින්ම ජිලා නැවතත් ෆේස්බුකියට ගොඩවුනා අලුත් මුහුණුවරකින්...අලුත් විදියට... ඉතිං බ්ලොග් එක හරහා ගොඩනැගුණ සහෝදරත්වය... මිත්‍රත්වය අපි නැවතත් ගොඩනගාගනිමු...
…මෙන්න Rannulu Sampath නොහොත් උඹේ ආදරණීය මිත්‍රයාගේ ෆේස්බුකියේ ගිණුම....
https://www.facebook.com/rannulu.sampath.9

Friday, July 19, 2013

සොෆ්ට්වෙයා කෑලි නෑ... USB pen drive එකෙන් Windows Operating System දාමු... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 41)


දැන් ජිලා හැම සති අන්තයේ කරාපිටිය හොස්පිටල් එක පැත්තෙ සැරිසරනවයි කියල කසුකුසුව.... ජිලාට ලව් මේනියා කියන බරපතල රෝගීතත්වයක් නිසා ප්‍රතිකාරගන්න යනව කියල සමහරක් එවුන් නොදන්නව නෙවෙයි.. ඒ ලෙඩේ උත්සන්න උනාම අනිවාර්‍යෙන් ප්‍රතිකාර කරන්න ඕනිනේ..පැනඩෝල් පෙත්තක්... ඇක්ටිෆාස්ට් පෙත්තකින් තරමකහෝ සුවයක් විදින්නත් ජිලාට බැහැලු.. හොස්පිටල් එකේ එක ශල්‍ය ව්‍යදවරියකගෙ මුහුණු පොඩිත්ත දැක්කම  ලෙඩේ සුවවෙනවලු.. අත්ගුණයද... මොනගුණයද.. ආශ්චර්‍යද මන්දා ඕකයි ඇත්ත.. උඹලත් ලව් කරනව ඇති... සමහරුන්ට ඒ ලෙඩේ හැදිලත් ඇති... ඒත් ජිලාගෙ තත්වෙ බරපතලයිලු...සති අන්තයේ විතරනෙ දැකගන්නත් තියෙන්නෙ. . ඉතිං සතියක් පුරාවට ජිලා දුක්විදිනව.. උඹල අහයි ඇයි හරකෝ ෆොටෝ කෑල්ලක්වත් නැද්ද කියල... අජීවී දෙයකින් සජීවී දෙයක් දකින්න ජිලා කැමතිනෑ... ඒනිසා නෑ...
… දෙන්නම ටිකක් කාර්‍යබහුලයි... ඒත් ජිලාට වඩා එයා... පවු අසරණ එකී..
…ජිලාගෙ ඔපරේෂන් වාට්ටුවට ගොඩවෙන්නෙ කම්පියුටර් තියන ඈයො.... ඒකටත් දැන් වෙලාවක් කලාවක් කියල දෙයක් වෙන්කරල... ඔෆීසියල් ටයිම් එකේ මොනලෙඩා ආවත් ජිලාට ඒදිහා ඇහැක් ඇරල බලන්න බෑ... ඔෆීසියල් ලෙඩ්ඩුහැරුණම.. රාත්‍රී 8 සිට අළුයම 12 දක්වා බුකියෙ ප්‍රතිකාර.. අළුයම 12 සිට අළුයම 02 දක්වා ජිලාගෙ පුද්ගලික ලෙඩවාට්ටුව.. ඕං ඔහොමයි... අහ්!.. ඒවයින් කාරි නෑ... ෆේස්බුකියට ගොඩවැදුණ වෙලාවෙ ජිලාගෙ එක්තරා ගජ යහළුවෙක් වන නිලුපුල් කියල බුවෙක් ජිලාව චැනල් කරන්න එක්තරා බුකියේ හොස්පිටල් ගෘප් එකක කමෙන්ටුවක් දාල තිබුණ pen drive එකකින් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කරගන්නෙ කොහොමද කියල..  ඉතිං ඒකට උත්තර බැදපු මම ඒ කමෙන්ටුවම මේකටත් ඇදල දැම්මෙ උඹලටත් මේක වටිනවා යැයි කියල හිතුණ නිසා හරිය..
…දැන් දොස්තර ලේබලයක් අලවගත්තු හොරදොස්තරලත් හැමතැනකම නිසා උන් දෙන
එක එක සොෆ්ට්වෙයා කෑලි අතරින්පතර හමුවෙයි... උඹ හොදාකාරවම දන්නවා එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව ගේම් අදින එකෙක් කියල මම.. ඒනිසා සර
ලව... විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව ළගතියන pen drive එකයි.. වින්ඩෝස් මෙහෙයුම්පද්ධති CD හෝ DVD තැටියයි අරගෙන වැඩට බහිමු..
මම මේ කියන පිළිවලට කරගෙන යමු එහෙනම් ඈ...
මුලින්ම ඉතිං උඹේ pendrive එකයි windows CD /DVD එකයි දෙකම දාගෙනහිටියනම් වැඩේ පහසුයි නොවැ.
හලි එහෙනම්... එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලිනැතිව හරිම පහසුවෙන් ෆෝමැට්කරන්න pendrive එක හදන සූත්තරේ....
Start menu >> All programs >> Accessories >= right click on Command Prompt හැබැයි පුතෝ දැන් මේක Run as Administrator හරහා තමයි ඕපන් කරගන්න ඕනි ඈ...
හලි... දැන් එහෙනම් පිළිවෙලට ඔය ඕපන් වුනු කලු රෙද්දේ මෙහෙම කොටමු... කොටල විතරක් මදි enter කරන්නත් ඕනි...ඈ...
diskpart කියල කෙටුවා එන්ටර් කොලා
List disk කියල කෙටුවා එන්ටර් කොලා
මෙන්න බොලේ.. මෙන්න මෙතනදි සැලකිල්ලෙන් උඹේ pen drive එක තෝරාගන්න ඕනි... ඔය තියෙන්නේ Disk කියල ලේබලෙත් එක්කම.. අදුනගන්න ගොඩාක් පහසුයි size එක දිහා පොඩ්ඩක් ඇහැ කැරකැව්වනම්..
හලි දැන් select disk 2 කියල කෙටුවා එන්ටර් කොලා (මේං මෙතන 2 කිව්වෙ මගේනම් pendrive එක හරිය.. )
දැන් ඉතිං ආයෙමත් clean කියල කෙටුවා එන්ටර් කොලා
create partition primary කියල කෙටුවා එන්ටර් කොලා
select partition 1 කියල කෙටුවා එන්ටර් කොලා (මෙතැන මේ select partiton 1 කිව්වෙ අපේ මුළු pendrive එකේ size එකම තනි partition එකක් විදියට ගත්තයි කියන එක ඈ... )
දැන් ආයෙමත් active කියල කෙටුවා එන්ටර් කොලා
format fs=ntfs කියල කෙටුවා එන්ටර් කොලා
දැන් ඉතිං NTFS (මේක මේ වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියේ file system එක නොවැ.) ෆෝමැට්ම වෙලා එද්දෙන් කියල ටිකක් බලාගෙන ඉමුකො. අම්මටහුඩු 100 percent completed >> Diskpart successfully formated the volume ලු... එලම තමා ඈ...
දැන් ආයෙමත්.. assign කියල කෙටුවා එන්ටර් කොලා
exit කියල කෙටුවා එන්ටර් කොලා
හලී...
දැන් ආයෙමත් ඈ... කලු රෙද්ද දිගහැරගන්න... දන්නවනේ... දන්නෙ නැත්නම් උඩ බලපන්...
හලි... මගේ වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය තියෙන DVD එක තියෙන්නෙ H කියන ලෙටර් එකේ ඈ..
H : cd boot කියල කෙටුවා එන්ටර් කොලා
cd boot කියල කෙටුවා එන්ටර් කොලා
bootsect.exe /nt60 i: කියල කෙටුවා එන්ටර් කොලා (මේං මෙතන i කිව්වෙ මගේ pendrive එකේ ලෙටර් එක හරිය.)
Successfully updated NTFS filesystem bootcode
Bootcode was successfully updated on all targeted volumes ලු බඩුමතමා...
දැන් ඉතිං exit කියල කෙටුවා එන්ටර් කොලා
තවත් ඉතිං මොනව බලන්නද අහන්නෙ නැතිව දිගහැරපන් ඔය CD එක හරි DVD එක අහවල් එක නෙවෙයි ඈ.. වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය තියන එක ඈ.. ඒකෙ තියන ඔක්කොම ලට්ටපට්ට කොපි පේස්ට් කිරිල්ලක් තමා දැන් තියෙන්නෙ... ඕං ඕව ඔක්කොම උස්සල උඹේ pendrive එකට දාපංකෝ...
දැන් ඉතිං සුභ නැකතක් බලල උඹේ ඔය pendrive එකේ සරණිං වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය දාගන්න පුළුවනි හරිය...
හලි හලී ආඩම්බරයි ජිලෝ ඈ.... අහ්!... ජිලා කියන්නෙ වෙන එකෙකුට... උඹ ජිලාගෙ ගජයා... එහෙව් එකේ උඹ ගැනත් ආඩම්බරයි මචෝ...

Sunday, June 30, 2013

පාස්වර්ඩ් නෑ.... තහංචි නෑ... හැමෝටම කොකා පෙන්වා සොරකම් කිරීම (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 40)

දින සති මාසගනන් ගෙවිලයද්දි ජිලා නව පිම්මක් පැනල කියල ෆෙස්බුකිය පුරාම ප්‍රචාරය වෙලා... හරියට ඕපාදූපම සොයල ඒව බුකිගතකරන එවුන් රෑනක් ජිලාපස්සෙන්ම ඇවිත් වගේ.. දුමක් නැතිව ගින්නක්ද...ගින්නක් නැතිව දුමක්ද... කියමනක් වගේ හැබෑටම ජිලා දෙවනි කසාදයක් කරගන්නයි සූදානම.. කල වයසත් හරිනොවැ ඉතිං.. එහෙව් එකේ කසාදයක් ගැන හිතුව කියල මොනව වෙනවද..? මොකද උඹල අතින් ජිලාගෙ වෙඩිං එකට බර වියදම් යනවැයැ...
…දින..සති..මාස ගනන් ගෙවිල යද්දි.. ජිලා ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටපු... හිතින් ආදරය කරපු... එහෙම කරලත් බැරිම තැන කෙලින්ම ටෝක් එක දාපු... ටෝක් එක දාලත් මාසගණනක් එයා වෙනුවෙන්ම පෙරුම්පුරපු 2013 ජුනි මාසෙ 13වනදා... උදේට සුපුරුදු මැසේජ්ජුව එනව ජිලා බලාපොරොත්තුවෙන් ඉන්න ගුඩ්මෝනිං මල්ලියෝ .... අනං මනං තවත් හෑලි එක්ක... අද ඒක ටිකක් වෙනස් වෙලා... මල්ලියා කියන කෑල්ල නෑ වගේ... කුතුහලයක්...
…ඕං ඔහොමයි ජිලාගෙ ප්‍රේමවෘතාන්තයක ආරම්භය... අවුරුදු කිහිපයක වයස්පරතරයක් තිබුණත්.. ජිලාට මොන වයසක්ද වගේ.. ජිලාගෙ සුපෙම්බරීටත් ජිලා මල්ලිය කෙනෙක් උනාට දැන් ලොකු අයියෙක් වෙලා... දැන් මම අයියෙක් ඈ.....
…දෙනකොට දෙයියො මදිනොකියන්නම දෙනව වගේ ජිලාටත් දෙයියො දෙන්න පටන් අරන්... රාජකාරී මට්ටමින් පිට පිට ප්‍රමෝෂන්... ඒවගේද යකුනේ ජිලාට ලව් කරන්නත් දෙයියො උගන්වන්නත් දෙයියො අමතක කරල නෑ... එහෙව් එකක් නෙවේ ජිලාට ලැබිලතියෙන්නෙ... ප්‍රධාන පෙළේ රෝහලක ඔපරේෂන්ස් කරන දොස්තරහාමිනේ කෙනෙක්ලු ඈ... කියනකොටත් පැනිබේරෙණ හිනාවට  ජිලාගෙ දත් 32න් 30ක්ම වගේ පේනවා...  හිහි..
…ඕං ඔහොමයි ජිලාගෙ පෙම්හුටපටේ.... දැන් හැම සති අන්තයකම ජිලා ඒ හොස්පිටල් ඇඩ්මිට් වෙනවා ... ලෙඩ්ඩු බලන්න නෙවෙයි... ලව්සික් උණට බෙහෙත්ගන්න... ඕං එක දවසක් තවත් දොස්තර අයියෙකුගෙ ලැප්ටොප් එකක් ජිලාගෙ අතට මාට්ටු උනා... හදන්න එහෙම නෙවෙයි ඈ.... වෝඩ් එකේ දොස්තර අයියෙක් පැත්තකින් තියලගියපු එකක්... කම්පියුටරයක් දැක්කම ඉතිං නිකමට වගේ ඒ දිහාවට අත යැවෙන එක පුරුද්දක් වෙලා... පුදුම කරුමයක් කියන්නෙ ඒක නවත්වාගන්න බැරිතරම්... ලැප්ටොප් එක ඔන්කරද්දියි දැක්කෙ මුරපද දාලා... බඩුනෙ ඉතිං පාස්වර්ඩ් කැඩිල්ලෙන්නම් දක්ෂයෙක්තමා.. ඒත් කඩලත් බෑ... ඇතුළ බලන්නතියන ආසාව නිසාම නොකඩත් බෑ... කොකාපෙන්වීමක්ම තමා කරන්න තියෙන්නෙ... ඊළග දවසක අනිවා රිංගනව කියල හිතාගෙන ඇවිදින් කෙලින්ම ප්ලෑනක් ගහනවෙලේ Live CD එකේ වැදගත්කම මතක්වෙලා කලින් හදපු Live CD එක තුරුළුකරන් පොඩි ඇලට් එකක් දැම්මා...සුන්දර සිහිනයක්.. මුරපද.... ඇඩ්මින් බයියලාගේ තහංචි මොනවත් නැතිව ජිලා හිතුමතේ data ඉස්සුවා... video clip බරගණනක් තිබුණ නිසා පෝටබල් හාඩ්ඩිස්ක් එකකට ඇදගත්තා...වැලකියලා හිතාගෙන... ගෙදර ඇවිත් බැලින්නම් මොන වැලක්ද..? ..... කවුදෝ එකෙක් මගේ පස්සාගාතයට ගහනවා වගේ දැනුනා... මගේ පුංචිගෙ පුතා  ඇවිදින්...  මම මේ හීනයක්ද දැක්කෙ එතකොට...?  මම මල්ලියට විස්තරේ කිව්වා... තුරුළුකරගෙන හිටපු CD එක ඌ අරන්යන්න හැදුවා... වටිනව කියල... ඉතිං නරකද මේක තමන්ම හදාගත්තනම්... ඉදිං මම කියලදෙන්නම් අනුන්ගෙ එක එක සොෆ්ට්වෙයා කෑලි නැතිව... ඇඩ්මින් අයියලාට කොකා පෙන්වා අපිට ඕනදේවල් උස්සන්න අපේම ටොප් බඩුවක් හදාගන්න ඇත්නම්...
…ෂා ... මරු අයිඩියා එක... ඇඩ්මින් අයියාට කොකාපෙන්නීම... අයියාගේ දත්ත ඉස්සීම... පාස්වර්ඩ් නෑ.... කාගෙන්වත් තහංචි නෑ...
කෝ මේ ක්‍රොමේ...?
……මෙන්න ක්‍රොමේ.... 
අපිට මෙන්න මෙව්වා ඕනි....
…windows XP bootable CD එකක්..
…CD burning software එකක්... nero හෝ  Ashampoo Burning Studio
…මෙන්න මේකත් ඉතිං ඕනි... මේටිකත් බාගත්තනම්...

…හරි අපි වැඩට බහිමු...
… 1. jilmarts කියල ෆෝල්ඩර් එකක් හදනවා C: drive එකේ...
…2. windows XP cd එක කම්පියුටර් එකට දාගෙන ඒකෙ තියන ඔක්කෝම files ටික අර හදපු jilmarts ෆෝල්ඩර් එකට එබීම..
…3. pluging කියල ෆෝල්ඩර් එකකුත් හැදුවා.. මේකට ඔය බාගත්තු plugins කියන එක දාගන්නවා 
…4. Live CD කියල ෆෝල්ඩර් එකකුත් හැදුවා
…දැන් pebuilder කියන එක extract කරල pebuilder application එක ඩබල්ක්ලික් ඈ..
…5.  liesance agreement screen එකත් yes කරගෙනම ඔය Builder යටින් Source කියන එකට අපි කලින් හදපු jilmarts ෆෝල්ඩර් එක දෙන්න.. දැන් plugins උඩ ක්ලික් කරන්න...
…6. දැන් Add උඩ ක්ලික් කරන්න..
…7. දැන් ඔයා pluging ෆෝල්ඩර් එකේතියන pluging සිලෙක්ට් කරල Open කරන්න
…8.දැන් dialog box එකක් ඒවි ඔයාගෙ pluging ෆොල්ඩර් එකේ නම විදියට ඒක OK කරන්න
…9.දැන් ඔය pligings ලිස්ට් එකේ Startup Group කියන එකයි Nu2shell කියන එකයි දෙකම Enable/Disable option එක හරහා Disable කරන්න ඕනි.. හරි දැන් close >>
10. හරි දැන් Build කරන්න... වැඩේ සාර්ථකව අවසන් වේවි...
…11. දැන් ඉතිං Burning software එකහරහා ISO file එක අරගෙන වැඩේකරගන්න
…ඔය තියෙන්නෙ ඔයාගෙ අතින්ම නිමැවුණ bootable cd එක...

…මේකෙන් වැඩකිහිපයක්ම පහසුවෙන් කරගන්න පුළුවන්... හොරාට අනුන්ගේ කම්පියුටර් එකට රිංගනව වගේ... හිතන්න... ඔයාගෙ operating system එක වයිරස් අප්පොකෙනෙකුගෙ බලපෑමක් නිසා කුමනකෝ අකරතැබ්බයකට මුහුණ දුන්න කියල... එහෙමත් නැතිනම් hard disk corrupted  වෙලා කියල... ඒවගේ අවස්ථාවක තමන්ගේ දේවල් අරගන්න මේවගේ දෙයක් බොහොම වටිනවාකියල හිතෙනවද..?
…මල්ලීට කියාදුන් පාඩම අදට අවසන්... උඹත් එක්ක මම හෙට දිහාවේ හොරවැඩකට බහිනවා... ජිලාගේ හොරවැඩවලට අතහිතදෙන උඹට ගොඩාක් පිං... මතු භවයේදීත් උඹ මේවගේ හොරෙක්ම වෙලා මගේ යහළුවෙක්ම වෙලා ඉපදීයන්...
…ප්‍රාර්ථනාව ඉෂ්ඨ සිද්ධ වේවා.....

Tuesday, May 21, 2013

Windows 7 මුරපද කැඩිල්ල Windows 7 DVD එකෙන්ම... (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 39)

දින.. සති..මාස ගනන් ගෙවිල ගියා.. ජිලා සයිලන්ට් වෙලා.. ජිල්මාට්ස්ගෙ අඩවිය එකතැනකට වෙලා.. මේ ජිලා ඉන්නවද මලාද කියල සොයලබලන්න තරම් කාරුණික වෙච්චි ජිලාගෙ බුකියෙ මිත්‍රයො සෙට් එක පුළුපුළුවන් වෙලාවට ඇවිත් මැසේජ්ජුවකින් හරි චැටක් දැම්මා.. උඹ පෝස්ටු ලියන්නෙ නැද්ද..? බ්ලොග් එක කරන්නෙ නැද්ද..? වෙබ් සයිට් එකට මොනවද වෙන්නෙ..? උඹ ලියන දේවල් ඉස්තරම්.. අපි ගොඩක්දේ ඉගෙනගත්තා ඉගෙනගන්න ආසයි ආයෙමත් ලියන්න කියලදෙන්න පටන් ගනින් මගෙ දෙයියෝ කියල චැටක් දැම්ම මාව දිරිමත් කල හැමෝටමයි කියන්නෙ, …ජිලාටත් අපල කාලයක් උදාවෙලා තිබිල ඒකත් දැන් ගෙවිල ගිහින් නිසා ආයෙමත් දිගටම දන්න දැනුම බෙදාගන්න උඹලත් එක්ක ඉදිරියටත් එනව කියන්න කලින්.. අවුරුදු 24ක මේ පුංචි මොළගෙඩියට මේතරම් දැනුමක් ආවෙ කොහෙන්ද..? එන්න කොහෙන්ද...? ඇත්තටම පුරස්ණයක් නේද..?
…මේ පුංචි මොළගෙඩිය පිටිපස්සෙන් මහා මොළකාරයෙක් එක්ක තවත් පුංචි මොළගෙඩියක් ඉන්නව.. දැන් උඹල හිතයි චීත්තයකුයි ජිලාට දාව පොඩි එකෙකුයි  නිසා ජිලා හැදිල කියල.. හිහි.. චීත්තයක් සරමක් වෙනස් කරන කතාව මොක උනත්.. ජිලා කසාද බැදලනම් දැනට අවුරුදු 12ත් කිට්ටුවෙන්න එනව..
…හුටා.. ජිලාට අවුරුදු 24යි.. ජිලා කසාද බැදල පවුල් කන්න පටන් අරන් අවුරුදු 12ක්ලු.. එතකොට මේකා කසාද බැන්දෙ අවුරුදු 12දිද..? 
…ජිලාගේ පිළිතුර : ඔව්..
…ඇයි අවුල්ද..? අවුරුදු 12දි ජිලා කසාදයක් කරගත්ත.. එකට පවුල් කෑව.. සෙල්ලම් කලා... එක එක රෙදි ගලවල අහුමුළුවල රිංගුවා.. පැටික්කියෙකුගෙ නෙවෙයි ජිලාගෙ පළවෙනි කම්පියුටරේ... ජිලාගෙ පළමු කසාදෙ.. එදා ඉදන් මේ වෙනතුරු ජිලාට මේ පවුල් කෑමේ ආශාවට උදව් දුන්නු "මහමොළකාරයා"  ජිලාගෙ මාමා තමයි අදටත් ජිලාගෙ ජිල්මාට්ස් වැඩවලට මංපාදන්නේ.. එයා ලංකාවෙන් පළමු වරට බිහිවුණ Ethical Hacking Engineer කෙනෙක්. සේවය අධිරාජ්‍යවාදී රටක.. අනික් පුංචි මොළගෙඩිය මහමොළකරුට දාව උපන් එකම සම්පත ජිලාගෙ ආදරණීය මල්ලි.. ඉතින් ජිලාට මේ දනුම සොයන්න පාර කියන මොළකරුවන් දෙපළටත්... කාර්යබහුල වෙලාවක උනත් ජිලාට ඔෆීසියෙන් වෙන්වුන වෙනම පරිගණකයක ඉදගෙන උඹලට දන්න දැනුම බෙදල දෙන්න වරම් දුන්න ලොකු ලොකු තනතුරු සහ නිළවලටත් මුලින්ම ස්තුතිය
ජිලාගෙ 38 වන සෙල්ලමින් සමහර යහළුවන්ට ගැටළු මතුවෙලා තිබුණ Limited Account එකෙන් Administrator Account හැක් කිරිල්ලක් ගැන.. ඇත්තටම කිව්වත් වගේ Limited Account එකක් නැත්නම්....? හැක්කොරගන්න බැරිවෙයිද...? පාස්වර්ඩ් එක කඩාගන්න බැරි වෙයිද...?
…සමහරු කියයි ඇයි බැරි.. ඔය තියෙන්නෙ පාස්වර්ඩ් කටර් කියල.. ඔව් ඇති...ඇතිතරම්. ඒත් ඇයි ඇනගන්නෙ...? සුපිරිම කටර් එක ඔයා ළග තියාගෙන..
…ඇයි අවිශ්වාසද...? එක එක කටර් සොය සොයා යන්නෙ ඇයි... ගන්න windows 7 DVD එක.. අපි කඩමු පාස්වර්ඩ් එක..
දෙනවා කිව්වොත් දෙනවා.. කඩනවා කිව්වොත් කඩනවා.. 38 වෙනි සෙල්ලමේදි සමහරුන්ට ගැටළු මතු උනා පාස්වර්ඩ් එක කඩාගන්න... ඉතින් ජිලා පොරොන්දු උනා ඊළග සෙල්ලමේදි අනිවා කියල දෙනව කියල... දෙනවා කිව්වොත් දෙනවා... මේ ජිලාගේ 39 වෙනි සෙල්ලම.. Windows 7 DVD එකෙන්ම Windows 7 password කැඩිල්ල...
හරි එහෙනම්... windows 7 DVD එක දාල BIOS වලින් boot priority වලින් DVD එක දීල Windows 7 DVD එකෙන් කම්පියුටර් එක බූට් කරන්නකෝ.. ආයෙමත් Windows 7 ගහන්න හදනව නෙවෙයි ඈ... ඔය ඉන්ස්ටෝල් කොරන්නද අහන තැනට යටින් ඇති මෙහෙව් වදනක්... "Rapair your computer" දැක්කද...? ආං ඒක සිලෙක්ට් කොරන්නකෝ... දැන් ඉතින් ඔය "Command prompt" කියල තියන ඔප්ෂන් එක සිලෙක්ට් කලානම්..
…හ්ම්ම් හරි.. එහෙනම්.. මේං මෙහෙම ටයිප් කලානම්
…copy c:windowssystem32sethc.exe c:
…හරි... දැන් "copy c:windowssystem32cmd.exe c:windowssystem32sethc.exe"  >> 1 file(s)  copied. නේද...?
…දැන් ඉතින් කම්පියුටර් එක restart කලානම් හොදයි වගේ... දැන් login screen එක එනකොටම කීබෝඩ් එකේ Shift key එක කිහිප වතාවක්ම ඔබන්නකෝ...
…බඩුම තමා... පේනවද තියන හැම අකවුන්ට් එකක්ම පෙන්වන හැටි..
…දැන් ඉතින් ගේම දෙමු...
…මගේ නම් අකවුන්ට්ස් 3ක් තියනවා මේං මෙහෙම.. Administrator , Jilmarts , Tester දැන් මම මේ Tester කියන අකවුන්ට් එකට ගේම දීල ඒකෙ පාස්වර්ඩ් එක කඩන්නයි යන්නෙ ඈ....
…හරි එහෙනම් මම ටයිප් කොලා මෙහෙම.. net user Tester *
ඔන්න ඉතින් අලුතෙන් පාස්වර්ඩ් එකක් දානවනම් ඒකත් දාගෙනම කලින් තිබුණ පාස්වර්ඩ් එක කඩාගෙනම ඇතුළු වුනා ඈ...
…කෝමද...? සුපිරියි.. අනර්ඝයි නේද කැඩිල්ල...?
…කඩනවා කිව්වොත් කඩනවා...
දෙනවා කිව්වොත් දෙනවා...
…කියනදේ කරනවා.. නොකියනදේ අනිවාර්යයෙන් කරනවා..
…අනික් එව්වත් එහෙමම තමා ඈ...

Friday, February 1, 2013

Limited Account එකෙන් Administrator Account හැක් කිරිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 38)

අම්බෝ... දෙයියන්ට ස්තුති කරන්නද...? ඔපරේෂන් කරපු ලේඩි ඩොක්ට(ර්) අක්කිට ස්තුති කරන්නද..? මගේ අනාගතේම අදුරු නොකර කොරපු ඔපරේෂන් එකට.. යකාට ගියදෙන් අක්කිට ස්තුති කරනව.. පරම්පරාව ගෙනියන්න පුලුවන් විදියට අලාභ හානි නොකර කැපුම් කෙටුම් කරල ඔපරේෂන් එක නීට් එකට කරලදුන්නට.. ඔපරේෂන් තීටර් එකෙන් එළියට පනිනකොට අංශභාගෙ හැදිලයි කියල මට දැණුනෙ.. ඇයි යකෝ කකුල් දෙක නිකම් නෑ වගේ... පැය ගාණක් යනකම් කකුල් දෙකට වාරු නෑ.. හොදම යාලුවයි.. තව යාලුවො දෙන්නෙකුයි ළගින් හිටියෙ නැත්නම් මේ ජිලාට වෙන්නෙ දාහෙ කොළවලින් වාරු ගන්ට..
දවස් 4කට පස්සෙ මූණුපොතට ගොඩවෙච්ච ගමන් නෝටිෆිකේෂන් බරගාණක් එක්ක මූණුපොතේ කොල්ලො කුරුට්ටොන්ගෙන් මැසේජ් 65ක් ඇයි දෙයියනේ උඹ දැන් එන්නෙ නැද්ද..? අඩුම තරමින් කෙල්ලෙක් එක්ක පැනල ගියාවත්ද..? ගියත් මැසේජ් එකක් දාල උඹට යන්න බැරි උනාද කියල බැණුම් කෝටියක්... සොරි දෙයියනේ.. උඹල එකෙක්ටවත් මට මූණුපොතින් ආමන්ත්‍රොණය කොරන්ට බැරි උනානේ මට මෙහෙම මගුලක් කියල.. සොරි ඈ...
අද ජිලා ලෙඩ ඇදෙන් එළියට පනින දවස... ඊට කලින් දවසෙ ජිලාගෙ තවත් හොද බොක්කක් ජිලාව ෆෝම් කලා.. ඈ.. නම අහන්න එපා උගේ..ඈ... ඇන්ජිමත් ස්ටාට් කොරපු නිසා සුපිරි කැඩිල්ලක් කඩන්න අනුන්ගෙ වත්තක්වත් තියනවද බැලුවෙ හොරපොල් කඩන්න වගේ හොරෙන් ගේමක් දෙන්න.. හැමදාමත් ජිලා කලේ හොර වැඩ.. ජිලාගෙන් උදව් ඉල්ලපු මල්ලියෙකුටම උදව්වක් දීගෙනම ඇදෙන් පනිනව කියල ජිලා උකුළ උඩ තිබුණ ලැපත් අරන් බංකුවේ වාඩි උනේ මල්ලිගෙ අයියට ගේමක් දෙන්න...
අයියට වඩා මල්ලි කුකුළා... අයියගෙ හොර බඩු මල්ලිගෙන් හංගගන්න අයිය මල්ලිට හදල තීල තියෙන්නෙ limited account එකක්.. අයිය අයියනේ.. ඌ ලොක්ක.. කම්පියුටරේ ඇඩ්මින්.. මල්ලි කුකුළා.. ඌ ජිලාගෙ යාලුව.. අයියගෙ තියන හොර වැඩ අල්ලන්නයි.. වැල ටික බලන්නයි මලය වලි කන්නෙ.. මල්ලි ජිලත් එක්ක සීන් එක කිව්ව.. පවු පොඩි එකා... අහේනියේලු ඉන්නෙ.. ඉතිං දැන් මේ මූත් හොර වැඩට කැමති හින්දා ගේමක් දෙන්ටයි යන්නෙ..  සාමාන්‍ය ගිණුමක සිංහලෙන් කිව්වොත් Normal Account එකක ඉදන් Administrator Account එක හැක් කිරිල්ල.. මල්ලිට සුපිරි කැඩිල්ලක්.. හරියට අයියගෙ කෙල්ලට මල්ලි ටෝක් කරනව වගේ...
Windows XP Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
හා හරේ.. එහෙනම් හොර වැඩේට කලින්.. යමුකො ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තියට C partition එකට ඈ.. එතැනින් පස්සෙ මෙතන්ට.. මෙතැනින් පස්සෙ මෙතන..
windows > system32 හරි ඔන්න ඔය තියන cmd.exe එක කොපිකරල ඩෙක්ස්ටොප් එකට දාගෙන sethc.exe කියල නම වෙනස් කොරන්නයි ඕන.. හරි දැන් ඕක ආයෙමත් අර තිබුණ තැන system32 අස්සට ඔබන්නයි ඕන..
Windows7 Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
sethc.exe ආං ඒක Run as Administrator හරිනෙ.. දැන් Secuirty tab එකේ Advance වලින් ඔයාගෙ account එකට අවසරේ දෙන එකයි තියෙන්නෙ.. Change Permisions > Edit කරනව ඈ... Full Control වලට ටික් එකක් දාල.. හරි... දැන් ඕක උස්සන් ගොහින් C Partition එකේ windows ඇතුළෙ system32 අස්සට ඔබ්බවන්නයි තියෙන්නෙ.. copy and replace තමයි ඉතිං ඈ..

Administrator Account එක හැක් කොරලනම් ඉවරයි ඈ... දැන් ඇතුළුකිරිල්ල 
කම්පියුටර් එක restart කරගෙන වරෙන්කෝ... හෙමිහිට.. හරි දැන් Shift key එක පස්වතාවක් (5 times) ප්‍රෙස්කරපන්කො.. එහෙමත් නැත්නම්.. Shift + Alt + Num
දැන් ඉතිං අණදෙන්නයි තියෙන්නෙ.. command prompt එක දිග හැරෙයි ඈ... හරි.. user accounts ටික දැක්කනේ... දැන් ඉතින් තියන account එක හැක්කොලා එහෙනම් ඈ...
…net user Administrator * ටයිප් කොලා එන්ටර් කොලා.. අයියගෙ ලොකුකම් දැන් නෑ.. දැන් මල්ලිගෙ වැඩ පෙන්වන එකයි තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළ.. අයියගෙ රාජ්ජෙ මල්ලි ආක්‍රොමණෙ කරනවනම් අලුතෙන් මුරපදේකුත් දාගෙනම ඇතුළුවෙන්නත් ඕං අවස්ථාව.. ඈ..
ජිල්මාට්ස්ට පිංසිද්ධ වෙන්න අයියේ මම උඹව හැක් කොලා කියාගෙන අයියගෙ වලත්තකම් සේරොම එළියට අදින එකයි කොරන්න තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළා නම් මේ ජිලා මොකාද..? තීරණේ කුකුළා සතුයි...

Saturday, January 12, 2013

සොෆ්ට්වෙයා නැතිව තහනම් අඩවි තැනිල්ල.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 37)

නිදියහනට වෙලා තනිකමේ..පාලුවේ දුක මකන්ට ගෑණු ලමිස්සියෙකුගෙ සමහම් සුවයද මොකක්ද සුවදද  විදිනව වෙනුවට ජිල්මාට්ස් ට වෙනදා වගේ කරන්න උනේ ජිල්මාට්ස්ගෙ ඇදේ තනිය මකපු සුපුරුදු කොට්ට තුනයි මෙට්ටෙටයි තුරුළු වෙලා ඒ පුළුටු ගදට පෙම් බදින්න.. මොනව කරන්නද තවමත් ජිල්මාට්ස් තනිකඩය නේ.. ජිල්මාට්ස්ගෙ වයසෙ අනික් කොල්ලො කුරුට්ටොන්ට නම් දැන් කොල්ල කියල කටක් ඇරල කියන්න බෑ.. ඒ තරමටම උන් දැන් නාකියි..දරුවො දෙතුන් දෙනෙකුගෙම අප්පොච්චිල.. ජිල්මාට්ස් තවමත් තනියහනේ නිදි වදිනව.මොනවකරන්නද  ජිල්මාට්ස්ව කපනකොටන දවසත් ළං වෙනව. මතක් වෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනව. කපන්න ලේඩි ඩොක්ටර් අක්කියෙකුත් ඉන්න නිසා දවස ඉක්මන් වෙනවනම් හොදයි කියලත් වෙලාවකට හිතෙන්නෙ සතියකට තුන් හතර වතාවක්ම ජිල්මාට්ස් ඒ අක්කියත් එක්ක බරටම ෆෝන් එකෙන් කතාකරන නිසාම  මූණ දකින්නෙ නැතිවත් ඉන්නම බැරි තරම් හිත නිකම් මෙව්ව වෙලා.. ජනවාරි 23 උදේ පාන්දරම එන්න කිව්ව.. එදාට මම අනිවා යනව එයාගෙ මූණ බලන්න විතරක් නෙවෙයි හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න. පහුවෙනිදට ජිල්මාට්ස්ව ඔපරේෂන් කරනවලුනේ.. ජීවිතං  අනියතං මරණං නියතං..කිව්වලු.. මොනවයින් මොනව උනත් ඒ මුහුණ දකින්න මම එදාට යනව.. අක්කි මට රිදවන්නෙ නැතුව මාව කපල කොටල ඔපරේෂන් එක සාර්ථකව කරයි කියල මම විශ්වාස කරනව. ගොඩාක් අයට ඕන උනේ ජිල්මාට්ස් ගෙ අවසානය දකින්න.. උඩින් මිතුරු.. යටින් හතුරු..මැදින් කතුරු.. කොහේ ගියත් කොතැන බැලුවත් මෙහෙමයි කියල කියන්න පුලුවන් එවුන් උඹටත් ඇති.. මටත් ඉන්නව..පණට පණ නැතත් බොක්කට බොක්ක දීල හරි යාලුකම වෙනුවෙන් ඕනම දේකට ඒවෙලාවෙම රෙඩිවෙලා ඉන්න සෙටාර් එකකුත් නැත්තෙම නෑ.. ජිල්මාට්ස්ටත් ඒවගේ සෙටාර් එකක් ඉන්නව.. ජිල්මාට්ස් වෙනුවෙන්ම නෙවෙයි ජිල්මාට්ස්ගෙ සැබෑජීවිතේදි එකට බැදිච්ච හදවත් කීපයක්ම තියනව. උඹටත් ඇති.. ආං ඒකයි යාලුකම කියන්නෙ ඈ.. මේං බලපි.. ජිල්මාට්ස් උඹටත් බොක්කෙන්ම ලව් ලු. ලව් කියන්නෙ අහවල් හිලව්වක් නෙවෙයි ඈ.. තියන නැහැදිච්ච කමට වැරදියටමයි හිතන්නෙ.. වල්හිත.
මොනවකරන්නද..? කාටකින්නද..? හැබැයි ජිල්මාට්ස්ටත් තියන කැසිල්ල නිසාම දන්න දේවල් බොක්කෙන්ම කියල දෙන්න යනව. තියන ලව් එකට  ;) ජිල්මාට්ස්ගෙ අවසානය දකිනකම් ඇගිලි ගැනපු උන්ට දැන් ටිකක් මෙව්ව මෙව්ව වගේ ඇති ජිලාගෙ ජීවිතෙත් අද හෙටම අනියතං කියල දැනගත්තම. ඉවසපල්ලා.. අවසානයක් දකින්න කලින් ජිලා දෙන්න පුලුවන් දේවල් කීයක් හරි දීල යන්න තමයි මෙච්චර දගලන්නෙ.. 
ලව් කිව්වමයි මතක් උනේ...මුන්ගෙ ලව් කෙරුවාව ඉතිං අහවල් එකක් බලාගෙන නේ... අද ඉදන් ඒක වෙනස් වෙන්න..වෙනස් කරන්න ඕන.. මොකද  හැමදාමත් එකම ස්ටයිල් එකක්නේ.. ඒ ස්ටයිල් වලින් පිට ගැහිල්ලක් තියනවද ඒත් නැහැනේ..අලුත් ස්ටයිල් එකක්.. ඔයාගෙම එකක් කරගන්න. දැන් මේ වෙනකම් බලපු එකම ස්ටයිල් රිදම් එක පොඩ්ඩක් ඈත් කරමු.. මොකද දැනටමත් ලංකාව සෙක්ස් බැලිල්ලෙන් මුල්ම තැනටත් ඇවිත්නේ.. උඹලගෙම විජයග්‍රහණයක්ම තමයි ඉතිං.. ජිල්මාට්ස් ඒවටත් පෙම් බැදපු කාලයක් තිබුණ.. දැන් පෙම් බදින්නෙ කම්පියුටරේට.. ජිල්මාට්ස් එක්ක ඉන්න මේ කොල්ලො කුරුට්ටො ටිකත් දැන් වෙන වෙන දේවල් වලට පෙම් බදින්න කාලෙ හරි වගේ..ඉන්ටනෙට් එකට ගොඩ උනාම වැල බලන්න තියන අමාරුව දැන් හොදකරගමු.. මැදැයි මෙච්චර දවසක් ඒව මේව බැලුව.. දැන් කයිවාරු ගහයි මේක තමයි කාලෙ කියල නැත්නම් නාකි උනාම කරන්නද බලන්නද කියල , කාලෙ තමයි කාලෙ කාලෙන් කාලෙට අලුත් ස්ටයිල් එනව වගේ ඒවටත් එක එක ස්ටයිල් එනවනම්.. එක එක තැන් එනවනම් කමක්නෑ.. ගහන්නෙ එකම තැනට එකම විදියට ෂිට් මෙව්ව ගැන කතාකරන්නත් ලජ්ජයි ලජ්ජයි වගේ.. ඇති අද ඉදන් අපි NO sex web sites we know. NO sex book marks we added.හරී... අපි අපිවම බ්ලොක් කරගමු.. අපි යන සයිට්ස් අපිම නවත්තමු.. බුක්මාක් කොරල තියනවට නිකම් ඒක උඩ කෙටුවත් නොයන තරමට අපි අපිවම හදාගමු... ඒ විතරක්ම නෙවෙයි ඔය වැඩකට නැති වෙබ් අඩවි අපිම බ්ලොක් කරගනිමු.. මොකටද එක එක සොෆ්ට්වෙයා කෑලි.. සොෆ්ට්වෙයා කෑලි අනවශ්‍යයි.. හරිම සරල ක්‍රමයකින් අපි අපිවම බ්ලොක් කරගනිමු. එහෙනම් ඈ.. උඩින් උඹට බොක්ක පෙන්නගෙන යටින්  උඹට හතුරුකම් කරන්න එන එකෙක් නෙවෙයි මේ ජිලා ඈ.. උඩිනුත් මිතුරු..මැදිනුත් මිතුරු..යටිනුත් මිතුරුම තමයි. ඒනිසා තමයි මෙහෙම ආදරෙන් කියන්නෙ දැන්වත් ඔය වැල වෙබ් සයිට්ස් වලට රිංගන එක නවත්තමු කියල.
එහෙනම් මෙන්න මෙහෙමයි ඈ...
…මෙහෙයුම් පද්ධතිය තියන පාටිෂන් එකෙන් පටන් අරන් මේං මෙහෙම එමුකෝ... මගේ නම් මෙහෙයුම් පද්ධතිය තියෙන්නෙ C partition එකේ ඈ...
   C: > WINDOWS > system32 > drivers > etc
මේං මේ etc ෆෝල්ඩර් එකේ HOSTS කියන එක notepad එකෙන් open කරගනිමුකෝ ඈ... බලන්නකෝ යටින් 127.0.0.1 localhost කියල ලියවිලා තියනවද කියල. හ්ම්ම් එහෙනම් දැන් ජිලාට බ්ලොක් කරන්න ඕන වෙබ් සයිට්ස් තමා මේ ඈ... www.sexylk.com එකයි www.sinhalawalkatha.blogspot.com එකයි.. ඉතිං කොහොමද ජිලා මේව ඔය කියන විදියට සොෆ්ට්වෙයා නැතිව බ්ලොක් කරන්නෙ..? හරි.. දැන් ජිලා මේං මෙහෙම ඔය ඕපන් කරගත්තු notepad එකේ මෙහෙම ලියනව...
127.0.0.2 www.sexylk.com
127.0.0.3 www.sinhalawalkatha.blogspot.com
හරිය.. ඕං එහෙනම් වැඩේ අති සාර්ථකයි.. ඔය බ්ලොක් කරන්න ඕන දෙකම ජිලා බ්ලොක් කරල ඉවරයි..ඈ..

දැන් ඉතින් මගේ යාලුවගෙ වාරෙ.. ඔය තියන අනං මනං සයිට්ස් තියනවනම් ඒටික එකෙන්ම බ්ලොක් කරල දාමු නේද..? යාලුවෙකුට පොඩි බයිටක් දෙන්න උනත් මේක නරක නෑ... එහෙම කලා කියල මේ ජිලා තරහ නෑ ඈ.. ..  ;)

 

Wednesday, January 2, 2013

Google එකේ ගණන් කෙරුවාව.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 36)

හත්වලාමයි 2012.12.21.. ලෝකෙ විනාශ වෙනවයි කියල මායම්කාරයටයි.. එක එක ජෝතිෂ්‍යවේදියොයි පතුරෝපු කතාටික..අටුවාටීකා ඕන නෑ... ජිල්මාට්ස්ටුත් ඉවරයි කියල අම්මප මමත් හිතන් හිටියෙ.. ඊට කලින් සතියක වේලෙ ඉදන්ම ජිල්මාට්ස්ගෙ යාලුවො එක්ක ප්ලෑන් ගහලත් ඉවරයි 21 වෙනකොට මොනවද කරන්න ඕන කියල.. තවම පොඩි එවුන්.. අතට නිදහසවත් දීල නැහැනෙ.. ඉතිං කොරන්න ඕන ඔක්කොම සෙල්ලම් ටික දාල ඉවරවෙලාම මේ ලෝකෙන් කැපෙන්න තමයි ප්ලෑන් කලේ.. ඒ ප්ලෑන වැඩ කොලා නම් අම්මප අද ජිල්මාට්ස්ටුයි යාලුවො සෙට් එකයි අද බන්ධනාගාරෙ හිරකූඩුවකට වෙලා ඒකෙ කූරු ගනිනව..වෙලාවට ජිල්මාට්ස්ගෙ වම් මොළේ වැඩකොලේ.. නැත්නම් ඒ කොරන්න හිටපු කොරටු පැනිල්ලයි.. බෝතල් කැඩිල්ලයි කොරල එහෙනම් අද.. මේ වගේ සැපේ ඉන්න බැහැනෙ..
…දෙසැම්බර් 31.. හරියටම ලෝකෙ විනාශෙට දවස් 10කට පස්සෙ.. වෙනද වගේම ජිල්මාට්ස්ගෙ හොදම යාලුවයි තවත් යාලුවො කීපදෙනෙකුයි රෑ එකොළහහමාරට සොහොන් පිට්ටනියක් මැද්දෙන් අඩිය තියල ගියේ බීච් එකට.. මොන හොල්මන්ද..? එක හොල්මනක්වත් නෑ.. හිටපු එකම හොල්මන් ටික අපි තමා.. රෑ දෙගොඩ යාමෙ  බීච් එක පැත්තට ගියේ අහවල් ඒව කොරන්න නම් නෙවෙයි ඈ..බීච්  හොටෙල් එකේ මල්වෙඩි සංදර්ශණේ බලන්න.. හරිද..
…කටත් ඇරගෙන අහසෙ ඇදෙන ලස්සන වෙඩිපොකුරු ටික දිහා ඇස්කරකව කරකව බලන් ඉදලම පොඩ්ඩකට ඇස්  පැත්තකට කරකැව්වම දැක්කෙ ළග හිටපු එකෙකුත් පුංචි මල්වෙඩි සංදර්ශණයක් පටන් අරන්.. මේක හැමදාම දකින මල් වෙඩ්ඩ නේ..මේකට වඩා අරක හොදයි.. මේක බලල ඒක බලනකොට ඒක ඉවරලු..දැන් මේක බලපන්ලු.. ලෝක විනාශෙත් ඉවරයි.. දැන් 2013.01.01 ළග හිටපු උන්ට අවුරුදු සුභ පැතුම්.. ඒ මදිවට ජිල්මාට්ස්ගෙ ෆෝන් එකටත් එක දිගට කෙටි පණිවුඩ.. එකෙක් මලක් කඩනව පැයගානක්.. ඌට මල නෙලන්න ඇරල ඉස්කෝලෙ කාලෙදි කරපු සෙල්ලමක් මතක් උනා.. හොර කුරුම්බා  කැඩිල්ල.. මරේ මරු.. අවුරුද්දේ පළවෙනි හොරකම.. බඩපැලෙන්න හිනා.. මල් කඩන එකාට තමයි වැඩේ භාර.. මලට වහන වන බඹරත් මොකක්ද වගේ.. මූ නැගපි කුරුම්බ ගහට.. වැඩිවෙලා ගියේ නෑ.. අතු දෙක තුනකුත් කඩාගෙන බිමට වැටුණ කියහන්කෝ.. පවු අෆ්ෆා..කොල්ල පවු.. තව තව වැඩ ටිකක් උනා..ඒව මෙතන දිග හරින්න බෑ අෆ්ෆා.. පුද්ගලිකයි කියල දේවලුත් තියනවනේ.. ගෙදර එනකොට පාන්දර 4ට කිට්ටුයි.. කාමරේට රිංගුවට මොකෝ නින්ද යන්නෙත් නෑ... ගුරුන්ට අකුරු වරදියි කිව්වට මායම් වරුන්ට එහෙම නැහැයි කියලනේ අපේ ජෝතිෂ්‍යවේදියො පුරාජේරු ගැහුවෙ.. එක එක  තර්ක.. මායාවරුන්ගෙ අවසන් දිනේවත් හරියට කියාගන්න බැරුවයි උන් මැරුණෙ..උන් හදපු මොකක්දෝ එකක් අල්ලන් ලෝක විනාශයක් ගැන කියෙව්ව..
…ගණන් කෙරුවාවක් කිව්වමයි මතක් උනේ.. එක එක ගනන්  කාරකම් එක එක උන් ළග තියනව වගේ.. Google එකෙනුත් ගණන්කාර කම් පෙන්වන්න පුලුවන් කියල.. මේං බලපල්ලකෝ.. Google එකෙන් මමත් ගණිතය ඉගෙන ගත්තෙමි...

   මේ Example  එකේ තියන විදියට උඹලගෙ ගණිත ගැටලු ටිකත්  Google එකේ කෙටුවනම් ඔයාලත් ගණිත වැඩ්ඩෙක් තමා ඈ... කම්පියුටරේ බදාගෙනම එක එක ජිල්මාට්ස් සෙල්ලම් කම්පියුටරේ  දැම්මට මොකෝ මම ගණිත වැඩ්ඩෙක් නම් නෙවේ ඈ..දාන සෙල්ලම් කම්පියුටරෙත් එක්ක විතරයි ඈ.. දන්නෙත් ඒවම විතරයි.. . දැන් ගණිත අංශෙ වැඩ පෙන්වන  උන් මේ අහින්සක ජිල්මාට්ස්ව නම් අල්ලන් කන්න හදන්නෙපා.. ඕං දැන්ම මම කිව්ව..

Monday, December 17, 2012

Windows7 ... ඇත්තටම මම Admin ද..? (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 35)

හරියටම සතියකට දෙකකට කලින් බෙහෙත් ගන්න කියල ඉස්පිරිතාලෙට ගිහින් චැනල් කරපු ඩොක්ටව ගන්න පෝලිමේ හිටපු මාව පෝලිමෙන් එළියට ඇදල ගත්තෙ ඩොක්ට අංකල්ට මගේ ඇගට අත තියන්න තියන ආසාව වැඩිකමටද නැත්නම් මිසී නෝනලට මගේ ඇගට අතතියන්නද කියල පෝලිමේ මුලින් හිටපු උන් මගේ දිහාවට  ඇස් කැරකැව්වෙ අහින්සකයෙක් දිහා බලන බැල්මෙන්ද නැත්නම් උන්ගෙ චාන්ස් එක මම නැති කරපු හින්ද්ද කියලනම් මම තවමත් දන්නෙ නැහැ.. හැබැයි පුද්ගලික හැදුනුම් කමක් නිසාම මම අරගත්ත කියල හොදටම තේරුණේ මට සලකපු විදියට.. කොහේ ගියත් ජිල්මාට්ස්ට තැන.. වෙලාවකට මේක මොන කරුමයක්ද කියලත් හිතුණ වෙලාවල් නම් අනන්තයි අප්‍රමාණයි..
චැනල් කලේ ඩොක්ට අංකල් නෙවෙයි ඇතුළෙ ඉන්නෙ..මාර සීන් එක ඇහුවම කිව්වෙ ඩොක්ට රට ගිහින් එන්නෙ ජනවාරි මාසෙ කියල.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ හිටපු ලේඩි ඩොක්ටට ඉතිං සේරම ලෙඩේ ගලපන්න උණා.. ඒ අස්සෙ විස්තරේ ගලපගෙන යනකොට ලේඩි ඩොක්ට මගේ ගැනත් අහනව.. ලෙඩේ පැත්තක දමල මම ඒකට උත්තර බදිනව.. ඒ අස්සෙ ඔපරේෂන් එකක් ගැනත් කියනව වගේ ලාවට ඇහුණ.. අප්පොච්චියේ මට ඔපරේෂන් එකක් කරන්නම වෙනවලු.. කතාව ඇහුවම ඇගේ ලේ ටික වතුර උනා.. මෙයා මාව කපන්න කොටන්නයි යන්නෙ.. ගත් කටටම කිය උණේ ඩොක්ට අංකල් ආවම කරමු නේද කියල... එයාටත් ඕන කියනව ඇහුණෙ ඒකම තමයි මගේ ඇගට අතතියන්න භයයිලු .. මෙහෙම හිටියට කොල්ල වසයි කියල ඒ ඩිංගට එයාටත් ඒක තේරුණේ මගේම වාසනාවට.. හික්ස්..
ඔය ඩොක්ටවත් අදුන ගත්තු එකත් හොදයි කියල කිව්ව.. මම බැලුව තවත් ඩොක්ට කෙනෙක් මගේ පිටිපස්සෙන්වත් ඉදගෙන ඉන්නවද කියල මම හැරිලත් බැලුව..කෝ නෑනෙ කවුරුවත්ම.. එයාට පිස්සු හැදීගෙන එනවද නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද..? කියන දේවල් වැරදියට ඇහෙන්න.. අනේ මන්දා.. පස්සෙ කියපි කම්පියුටරේට සොෆ්ට්වෙයා දැම්මට මොකෝ ඒව අයින් කොරගන්න බැහැයි කියල.. දැනුයි තේරුණේ ඩොක්ට කතාව..  ;)  පුංචි පහේ ප්‍රතිකර්මයක් නොවැ කොරන්න තියෙන්නෙ.. කෝ බලමුද ලෙඩාව..?
අහා.. මෙහෙයුම් පද්ධතිය windows 7 නේද..? මේකෙ Administrator ව enable කරල ගත්තනම් හරි. :D එතකොට මේ මම Admin නෙවෙයිද..? කියල අහපි.. නෑ නොවැ.. කවුද කියන්නෙ ඒ ඇඩ්මින් කියල එහෙනම් අපි රියල් Administrator account එක හදාගනිමු නේද..? හ්ම්ම් මේං මෙහෙමයි කොරන්ට තියෙන්නෙ..
…මෙතනින්..එතන්ට..එතැනින් මෙතැනට එන්නකෝ..

Control panel > Administrative Tools > Local Policy > Security Options > Accounts
දැක්කද එහා පැත්තෙ Administrator account status :එක Disable කියල තියනව.. ආං ඒක උඩ double click or right click කොරල enable කරගන්න එකයි කොරන්න තියෙන්නෙ..
දැන් ඉතිං ඔය ඉන්න අකවුන්ට් එකෙන් switch user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව..
…ලේඩි ඩොක්ටගෙ වැඩෙත් කරල එයාම ලියල දීපු  එයාගෙ මොබයිල් ෆෝන් නම්බර් එකත් අරන් ජිල්මාට්ස් ගෙදර ආවෙ ජනවාරි 23 වෙනිදට කපනව කොටනව කියපු එයත් එක්ක මේ ඉන්න දවස් ටිකෙත් එයත් එක්ක චැට් කොරන්න.. වැරදියට හිතන්න නම් එපා ඒ ලේඩි ඩොක්ට මැරි කරල නැති නිසා නම්බරේ ගත්ත කියල හිතන්න එපා.. එයා මගේ අක්කියෙක් වගේ හරී.. උඹලගෙ කටවල් ගැන දන්න නිසාමයි මම මුලින්ම මේක කියන්නෙ ඈ...  ;) මම දන්නව ජිල්මාට්ස්ගෙ සෙටාර් එක කවදාවත් ජිල්මාට්ස්ට බොරුවට කතා හදන්නෙ නෑ කියල..  (Y)


Tuesday, November 20, 2012

MAC Address එකටත් ගේම.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 34..)

දෙනදේ ලාවට නොදී ලෙසටම දෙන්න කියල හැමදාම කියවන්න ඕන නැහැනෙ.. ලාවට දුන්නා.. ලාවට ගත්තා..ලාවට තේරුණා.. බැලින්නම් මොනවත්ම දීලත් නෑ... තේරිලත් නෑ.. අනේ මන්දා.. ගුරුමුෂ්ඨිය තියන් දුන්නත් වැරදියි... එහෙම නොදුන්නත් වැරදියි.. ගුරුමුෂ්ඨිය තියන් එක එක රෙද්දවල් ගැන කතාකරන එවුන් අන්තිමේදි ඇදගෙන නානවද..? ඇනගෙන නානවද..? මේ කොයික උනත් ගුරුමුෂ්ඨියනම් එච්චර හොද නෑ.. දන්නෙ එච්චරයි.. ගුරුමුෂිඨිය එන්න කලින්ම සියල්ල දන්නව කියන උණ ඇගට ගහනව.. එපාර හෙන ඔලුව.. මම තමයි වැඩර්... අනේ හුකේ නන්නානේ කිව්වලු...
දැන් කතාව හැකර් කෙනෙක් වෙන්න දගලන්න... අරෙහෙ සොෆ්ට්වෙයා කෑලි තියනව මෙහේ සොෆ්ට්වෙයා කෑලි තියනව දැන් ඉතින් ඒවගෙ තියන වැඩකෑලි දාගෙන IP Address හංගන් හැකර් කෙනෙක් වෙන්න දගලන්නෙ...තියෙන ඇම්මට.. ඇම්ම හොදවෙන්නෙ අතටම මාට්ටු උන දවසට.. IP Address එකක් මාරු කරන්.. proxy server එකක් උඩින් එහේ මෙහේ ගියාට මොකෝ.. ඒකෙන් ගේම් දෙන්න ගියොත් ඇනගන්නෙ අර මොකාද කෙසෙල් ගහට ඇන්න වගේ.. ඇම්ම නිසාම අනින්න යනව ඇම්ම නිසාම කෙළවගන්නව.. ජිල්මාට්ස්ට තියන ඇම්ම නිසාම කියල දෙන්න යනව.. අනේ පවු.. දැන් ජිල්මාට්ස් කියල දෙන්න යන්නෙ ඇම්ම නිසා අනින්නවත්.. ඇම්ම නිසා කෙළවගන්නවත් නෙවෙයි ඈ... ඇම්ම නිසා කෙළවගන්නෙ නැතිව බේරෙන්න..
හැකර් කෙනෙක් වෙන්න තියන උණක මහත කිව්වලු.. හිතුවෙ IP Address එක මාරු කලාම රියල් ගේම් දෙන්න පුලුවන් කියලද..? ඈ... දන්නවද මොන දේ හැංගුවත් ඔයාගෙ ID card එක චෙක් උනොත් නමයි ගමයි විස්තරයි සේරමයි අරවයි මේවයි ඔක්කොම මාට්ටු කියල ඒ වගේ තමයි අපේ කොම්පියුටර් එකටත් Identity Card number එකක් තියනව කියල ඈ.. මෙහෙම කිව්වට තේරෙන එකක් නම් නෑ.. කිව්වොත් ඔයාගෙ MAC Address එක කියල.. මගේ MAC Address එක නෙවෙයි උඹට උඹේ MAC Address එක නෙවෙයි මට.. අපේ MAC Address එක තව කොහේවත් නැහැයි කිව්වොත්.. ඒක අපේම..මගේම එකක් නේද..?
ජිල්මාට්ස් ලෝකෙටම එකයි වගේම උඹේ MAC Address එකත් ලෝකෙටම එකයි කිව්වොත්..? බඩු අතේම මාට්ටුයි නේ..? බැරිද මේකටත් ජිල්මාට් එකක් දීල වෙනස්කරගන්න..? ඇයි බැරි..? තියෙන ඇම්මනේ.. එහෙනම් හොරට ID card හදන එකේ මොකෝ.. MAC Address එකක් වෙනස් කලාම..? ජිල්මාට්ස් ඉතිං  කොහොමත් හොර වැඩවලට කැමති එකානෙ. ඕං එහෙනම් ගුරුමුෂ්ඨි නැතුව දෙන්නයි යන්නෙ... හැකර් කෙනෙක් වෙන්න කලින් හැකර් කෙනෙක් වෙන්න ඉගෙන ගනිමු ඈ...
මොකක්ද මේ MAC Address ..? දන්න සිංහලෙන් කිව්වොත් Media Access Control address කියන එක
කොහෙද මේ MAC Address එක තියෙන්නෙ..? අපේ කම්පියුටර් එකේ තියනවනේ Network card එකක් කියල එකක්... ආං ඒකට තමයි මේ MAC Address එක assign කරන්නෙ ඒක හදන මැනුෆැක්චරර්.. digits 12කින් තමයි මේක නම් වෙන්නෙ..
කොහොමද ඒක බලාගන්නෙ..?
…හරි.. Windowskey + R කියනකොටම දන්නවනේ run එක හරි ඕං ඕකෙ cmd කියල ටයිප් කරමු බලන්න..
දැන් ipconfig /all කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ..
Ethernet adapter Local Area Connection කියල එකක් ඇති.. ආං ඒකෙ Physical Address කියල ඇති ආං ඒක තමයි මේ MAC එක.. මේක ඔයා ADSL connection එකක් පාවිච්චි කරනවනම් මේ MAC එක වෙනස් කරමු...
…නැත්නම් ඔයා ඩොන්ගල් එකක් නම් PPP Adapter Airtel Prepaid වගේ එකක් ඇති.. ඒක නම් ඒක.. ආ..
හරි ඉන්පස්සෙ start > Control Panel > Network Connections >> Local Area Connection > Properties > General > connect using එකේ තියන නම බලා ගන්නකෝ..මුලින්ම..
…හරි.. ඉන්පස්සෙ ආයෙමත් cmd එකේ මෙහෙම ටයිප් කරල බලන්න net config rdr හරිනෙ දැන් ඇති workstation active on එක යටතෙ NetBT_Tcpip කියල එකක් වරහන් ඇතුළෙ ඔයාගෙ MAC address එකත් ඇති.. මේ NetBT_Tcpip එකත් එක්ක තියන GUID එකයි MAC  වෙනම සුරක්ෂිතව සේව් කරගන්න.
හරි මෙහෙමයි.. හැකර් බයියෙක් නොවී හැකර් කෙනෙක් වීමේ අඩිතාලම..
…windowskey + R > ඉන්පස්සෙ ටයිප් කොළා regedt32 කියල  මතකෙට ගනිං මේක regedit නම් නෙවෙයි ඈ... ප්ස්සෙ චං චුං ගාන්නෙපා මේක නෑ මේක නෑ කියල..
හරි ඉන්පස්සෙ මෙතනින් එතන්ට එතනින් මෙතන්ට ඇවිත් මෙතනින් නතර වෙයන්කෝ...
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control > Class > {4D36E972-E325-11CE-BFC1-08002BE10318}
…හරි මෙතන ඉදන් පොඩි සෙවිල්ලක් තියෙන්නෙ.. සෙවිල්ල ඉතිං කැසිල්ලට නේ.. හැකර් කෙනෙක් වෙන්න..නිකම්යැ..
ඔතන පහලට එන්නකෝ... ඇති 0000 , 0001, 0002 , 0003 වගේ ෆෝල්ඩර් සෙටාර් එකක් ඈ.. ආං ඒ එකක  තියනවද බලන්න NetCfgInstanceID: REG_SZ: එකට ඔයා අර වෙනම තැනක සේව් කරගත්තු GUID එකයි... NetworkAddress: REG_SZ:  එකට ඔයාගෙ MAC Address එකයි දෙකම
හරි..හම්බුනානේ.. එහෙනම් දැන් ඉතින් ඕං ඕක වෙනස් කරමු ඈ.. NetworkAddress එක උඩ ඩබල් ක්ලික් ඈ... දැන් ඉතිං කැමති විදියට අකුරුයි ඉලක්කමුයි 12ක් එන විදියට MAC Address එකක් හදාගන්නයි තියෙන්නෙ ඈ.. ඉන්පස්සෙ ඉතින් restart පාරක් දාල ගේමට බහින එකයි තියෙන්නෙ ඕං .. මාට්ටු  නොවී ගේම් දෙනවනම් ඔන්න ක්‍රොමේ..



Friday, November 2, 2012

එකම බ්‍රවුසරේ.. ඔරිජිනල්... ෆේක්.. දෙකෙන්ම චැට්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 33)

මල්සරා මල් හීයෙන් පපුකෙනිත්තටම හීයෙන් විද්දම පපුකෙනිත්ත සොයන්නෙම රාගෙයි..ආදරෙයි.. කෙල්ලො කොල්ලො පස්සෙ යනව කොල්ලො කෙල්ලො පස්සෙ වහ වැටිල දුවනව.. අනේ මන්දා.. මේ මල්සරාගෙත් හීය ජිල්මාට්ස්ටත් වැදිලද මන්දා... කොලුකමද ... නැත්නම් වල්කමද කියලනම් දන්නෙ නෑ..අහන්නත් එපා... කෙල්ලෙක් කිව්වම ඇඹලය වගේ... සීනි වලට එන ඇඹලය මීට හොදයි... ඒත් එක පැටික්කියෙක්වත් ජිල්මාට්ස් එක්ක වැඩි දවසක් ඉන්න එකනම් පුදුමයි දාන ටෝක්ස් වලට.. මේ දවස් වලත් පැටික්කියො දෙන්නෙක් තුන්දෙනෙක්ම ජිල්මාට්ස්ගෙ සරාගී කුමරිය වෙලා... එකක් නෙවෙයි දෙකක්..තුනක්ම.. තියන වලත්තකමටද වල්කමටද අහිංසක කමටද මන්දා කෙල්ලොත් නිකම් වහවැටිල වගේ.. මූණුපොතට ලොග් උනාම 20ක් 30ක් එක්ක එකදිගට චැට... ජිල්මාට්ස්ගෙ යාලුවන්ට පුලුපුලුවන් විදියට උදව් කරන ගමන් ඒ අස්සෙ කෙල්ලො එකෙක් හරි දෙන්නෙක් හරි අල්ලගෙන බරටම චැට... උඹලට ජෙලස් නැහැනේ...?
…වැඩේ කියන්නෙ ජිල්මාට්ස් කොච්චර ජිල්මාට්ස් දැම්මත් චැට් කරන්නෙ කෙල්ලෙක් එක්කද කොල්ලෙක් එක්කද කියලවත් මොන ජිල්මාට්ටුව දාලවත් සොයාගන්න බැරිවෙලා...පුලුවන් වෙනව විනාඩි කීපෙකට ඇත්තටම උන්දැ ලගට ගියානම් දැනගන්න...
…මේ ළගදි දවසක කවුදෝ පැටික්කියෙක් හරියට පුරුදු එකෙකුට කතාකරනව වගේ චැට් එකට සෙට් උනා... පැටියෝ... ඔයා මගෙම වෙනවනම්... මම ඔයාගෙමයි නේද...? මම ඔයාගෙම කරගන්නව නේද..? ජිල්මාට්ස්ට වෙන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව... ඒ අස්සෙ තවත් මේ දෙගොඩයාමෙ කරන දේවල් ගැන කියවන්න පටන් ගත්ත... හොද වෙලාවට සූර්වෙලා හිටියෙ නැත්තෙ.. නැත්නම් තිබුණ සූර් එකත් බහිනව.. මොළේ පොඩ්ඩක් හරි තිබුණ හින්දා එක ගැටයක් ලිහාගන්න ඕන කියල ජිල්මාට්ස් පැටික්කිට කිව්ව අපි මීට් වෙලා තනිවම කතාකරමුකො කියල... මොබයිල් නම්බර් එක ඉල්ලුවම ෆෝන් එකක් නැහැලු... ඒත් මීට් වෙන්න පුලුවන්ලු... මල්සරා හීයෙන් විද්දට මොකෝ.. ජිල්මාට්ස්ට විදින්න එකියක් දීල තිබුණ නැති එකේ ලබ්බටතියපු අතත් මොකක්ද වගේලු වගේ.. පාරෙ වැටිල තියන බොරලු ගලත්  මැණික් ගලක් වෙන එකේ හිතුණ ගිහින් මීට් වෙන්න.. එන්න කියපු තැනටමත් ගිහිල්ල කෑවයින් කෑවෙ නෑ... මේවගේ කට්ටක්... යාලුවො හත් අට දෙනෙක්කටමත් මාට්ටු... මෙතන මොකද කියල ඇහුවමත් කිව්වෙ ගල් කෙබ්බයක්... පැයගානක් එතැන තපල ඉදල ගෙදර ආවෙ ඇද බදාගෙන.. එහෙම ඉන්නත් බැහැනේ... කම්පියුටරේ දකිනකොට එතැන්ට්මයි එන්නෙ.. ආපුගමන් මූණුපොතෙත් කරක්ගහන එකත් පුරුද්දක් නේ.. එකෙක් කියනව කෑවද ලණුව කියල... කියපු දේ මට තේරුණේ නැද්ද..? වෙනකාටවත් යවපු එකක් මූ වරද්දගෙන මට එවලද..? බැලින්නම් ජිල්මාට්ස්ට වැරදිලා... එකෙක් ෆේක් අකවුන්ට් එකකින් ජිල්මාට්ස්ව සුපිරියටම අන්දවල... හෙන හතම ගහපිය.. දෙන්නම් බැටේ..
ෆේස්බුකියේ.... ටුවිටරියේ... පල්ස්කුවේ... ඔය කොයික කොයික කොයිකෙත් ෆේක් අකවුන්ට්ස්... වැඩිපුර අකවුන්ට්ස් තියන එවුන් සැරසියල්ලා... ඔන්න දෙන්නයි යන්නේ.... ;) ජිල්මාට්ස්ව ඇන්දුවෙ තියන එකෙන් logout වෙලා ෆේක් එකෙන් log වෙලානේ... දැන් ජිල්මාට්ස් දෙන්න යන්නෙ ඔරිජිනල් එකත් තියාගෙනම ඒකෙනුත් චැට දාන ගමන් ෆේක් එකෙනුත් log වෙලා කාටවත්ම නොදැනෙන්න යාලුවන්ගෙ ඇහැට වැලිගහල  ඇස් රතු කරන්න...
firefox එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...

 හරේ... ඔය ඕපන් කරගත්තු firefox එක ක්ලෝස් කරපන්කෝ... ඉන්පස්සෙ ඩෙස්ක්ටොප් එකේ තියන firefox එකේ ෂෝට්කට් එක රයිට් ක්ලික් කරල properties පලයල්ලකෝ... හරේ.. දැන් ගේමටම බහිමු... උඹල එහෙමනම් අපි මෙහෙමයි... ඔය ඔතන තියන  Target එකේ තියන පාත් එකට (මෙහෙමයි ජිල්මාට්ස්ගෙ පාත් එක "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe" ) දැන් කෙලවරට  පොඩියට ස්පේස් එකක් තියල  මේන් මෙහෙම මේකම උස්සල පේස්ට් කරපන්කෝ... -profilemanager -no-remote හරිනේ...( ඒක් කිව්වෙ දැන් එතකොට ජිල්මාට්ස්ගෙ අලුත්ම target එක දැන් "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe"  -profilemanager -no-remote) ඉන්පස්සෙ ඉතිං  Apply ... OK
හරි... දැන් ආයෙමත් firefox එක ඕපන් කරන්නකෝ... පොඩි වෙනසක් වෙලා ඇති.. choose user profile කියල එකක් ඇවිත් නේද...? දැන් ඔතන එකක් තියනවනේ.. default කියල තවත් එකක් හදමු... create profile එකෙන්... කැමති නමක් දීල හදල ඉවරයක් කරමු... දැන් හරි... දැන් ඔය හදපු එකෙන් එන්න... ඔය ප්‍රොෆයිල් හදන තාක් ඔයාට ෆේක් අකවුන්ට්ස් බරගානකින් යාලුවන්ව අන්දන්න පුලුවන් වේවි.. ඈ.. 
තව පොඩි වැඩක් තියනව ඒකත් ඔයගමන්ම කරගනිමුකෝ... firefox එකේ උඩ  Tools > Add-ons > get add -ons වල multi-user කියල ටයිප් කරල පොඩියට සෙවීම් පාරක් dhaanna පොඩි ඇඩෝන් කෑල්ලක් ඇති අන්න ඒකත් ඉන්ස්ටෝල් කරගන්නකෝ... දැන් firefox එක පොඩියට restart පාරක් දාල ගේම අදින්න ගේමට බහිමු... ඔරිජිනල් එකෙන් චැට් කරනගමන් හොර එකෙනුත් චැට් කරන්න...

chrome
එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...
chrome එක ඕපන් කරා... සිම්පල් විදියට ctrl + Shift + N
එබුවා.... ෆේක් එකෙන් ලොග් උනා....
හරිම සිම්පල් ප්ලෑන් එකක්..
තියන වලත්තකමට... කියල දුන්නට,.. ඉගෙනගත්තට.. ඇඩෙන්නනම් ගේම් දෙන්න එපා පුතෝ... පවුනේ...
-->