Thursday, November 7, 2013

මට මගේම නොවන Web Browser එකක් හදාගැනිල්ල. (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 50)

සෑහෙන දවසකින් ඕං ජිලා සුපුරුදු නුහුරු නොවරදින ජිල්මාට්ස් කෙරුවාවක් උඹට කියන්නයි සූදානම. අහ්! ඊටත් කලින් උඹට සුභම සුභ ආරංචියක් තියනවා කියන්න...
…උඹේ ආදරණීය ජිල්මාට්ස් නොහොත් ජිලා පෞද්ගලික ජීවිතෙන් සර්ථක කඩයිමක් තැබුවා ඈ.. ඒ ජිලාගේ රාජකාරී සපයන ආයතනයකින් ජිලාට ස්ථිරපත්වීම ලබාදී හොද වැටුපකට හිමිකම ලබාදුන්නා.. දැන් බලයි "රාජකාරී සපයන ආයතනයකින්" කිව්වම ජිලාට තවත් රාජකාරි ආයතන තියනවද කියල... ඔව්.. ඇත්තෙන්ම ඔව්..තවත් ආයතනයකට සේවාව සපයනවා..ඉදිරියේදී තවත් වැදගත් ස්ථානයකට ජිලාගේ සේවය අවශ්‍යව තිබෙනවා... මීට අමතරව රාත්‍රී පාඨමාලා කිහිපයකුත් ජිලා පවත්වනවා.. ජිලාගේ මේ දියුණුවට උඹත් නිසැකවම ශක්තියක් උනා... මම නොදැනුවත්වම...උඹ නොදැනුවත්වම.. මගේ...උඹේ චිත්ත ශක්තිය සැබෑම පිටුවහලක් උනා... සැබෑම ශක්තියක් උනා... උඹ දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹ ජිලාට ආශිර්වාද කලා.. සුභපැතුවා.. ඒ මම දන්න දේවල් උඹලත් එක්ක නිර්ලෝභීව බෙදාහදාගත්තු නිසා... මම උගත්දේ උඹලට කියලදීපු නිසා.. ඔව් මම කැපවීම් කලා.. ගොඩාක්දේ ඉගෙනගත්තා.. ගොඩාක්දේ අත්හදාබැලුවා..පර්යේෂණය කලා.. මම සාර්ථක වූවා..  ඒවිතරක්ම ඇතිද මගේ ගමනට ඉහළට යන්න..? නෑ ඒකම ප්‍රමාණවත් නෑ... මම විශ්වාසකරනවා මම අදහන දෙවියනුත්.. මගේ රත්තරං අම්මිවත්.. ළග නොසිටියත් සිතින් මාළග නිතර රැදෙන මගේම රත්තරං තාත්තවත්... මගේම මහමොළකරුවන් දෙපළත්.. මගේ නෑදෑ පරපුරත්.. යහළුමිත්‍රාදීනුත්.. ෆේස්බුකියේදී නිතර මුණගැසෙන උඹවත්... ජිල්මාට්ස් බ්ලොගියෙන් හමුවන උඹවත්... මට ආශිර්වාද කරන්න ඇති.. සුභපතනවා ඇති... උඹල හැමෝටම පිං බං...
…ජිලා අද වෙනස් වෙලා... ගොඩාක් හැගීම්බරවෙලා... ඔව්.. ඒක ඇත්ත.. අද ජිල්මාට්ස්ගේ "කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 50" මට අදවගේ මතකයි.. එදා මගේ මුල්ම පෝස්ටුව : "ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ අපේ facebook අකවුන්ට් හැක්කරන්න"
…මම මේ ජිල්මාට්ස් බ්ලොගිය ගැන ෆේස්බුකියෙන් ෆේස්බුකියේ යහළුවන් ඇමතුවා... ඒදවස්වල මේ හැකිං කතාව වගේම හැකර් බයියලා වැහි වැහැපුනිසා.. එදා ෆේස්බුකියෙන් කියූ status එකට හෙනගහන්නාවාගේ හෙනගෙඩිම කඩාපාත්වූවා... එක එකා අම්බානක බැන්නා... අදටත් මතකයි මගේ ෆේස්බුකියෙ වෝල් එකේ ලියූ ස්ටේට්ස්ටුවකට වැදුණ බැනුම් ප්‍රමාණය.. හෙනගහන්නාවාගේ බැනුම් තත්පරෙන් තත්පරයට එකක් වැදෙනවා... එතැනින් එකෙක් මම මගේ ළගින්ම ආශ්‍රය කරපු යහළුවෙක්.. මොනාකරන්නද..? ඒ අතරින් මගේ යහළුවන් කිහිපදෙනෙක් මගේ ගමනට ශක්තියක් උනා... අදටත් මම උන්ව සිහිකරනවා.. ලියපන් මචෝ බ්ලොග් එකක් කියල අතදුන්නෙත් ඒකාලයෙ හදුනගත්තු යහළුවෙක්...ඔව් අද ජිල්මාට්ස් බ්ලොගියත් ගොඩාක් දුර ඇවිදින්.. බොරු ට්‍රැෆික් නෑ... හොර ස්ක්‍රිප්ට් වලින් මනාප හිගාකෑවෙනෑ..අද ඒ ජිල්මාට්ස් යහළුවන් ලක්ෂයකටත් වඩා වැඩිප්‍රමාණයක් අතරෙ සැරිසරන්නක් වෙලා...
…ඇති වැඩි කතා ඇති.. උඹටත් සතුටුයි මටත් සතුටුයි...
…ළමයි.....
…අද මාතෘකාව "මට මගේම නොවන web browser එකක් හදාගැනීම"
…ඔයාලට කලින් මාතෘකාව මතකද..? මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් හදාගැනිල්ල"
…මතකනෙ පෝග්‍රැමිං දැනුම කිසිවක් නැතුව තමන්ගේම මෙහෙයුම්පද්ධතියක් හැදුවා,... ඒවගේමයි අදත්... පෝග්‍රැමිං දැනුම බිංදුවයි... ඒ වුනාට තමන්ගෙම කියල web browser එකකුත් හදනව.
…හුටා දැන් අහයි ජිලා කිව්වනෙ ෆේස්බුකියෙදි jilmarts web Browser එකක් හදමින් ඉන්නවා කියල..ඒ මේකද..? නෑ හත්වලාමේ මේනම් ඒක නෙවේ ඈ... jilmarts web broswer එක සම්පූර්ණවම ජිලාට උරුමයි... මේ දැන් ජිලා කියන්න යන්නෙ පෝග්‍රැමිං දැනුමක් නැතිව උඹට උඹේම නොවන web browser එකක් හදාගන්නා අයුරුයි ඈ..
…හලි හලි කතාව නැතිව දැන් වැඩට බහිමු...
…මුලින්ම යනවා මෙන්න මේ ලිංකුවට... රෙජිස්ටාර් කෙනෙක්ගාවට යෑමක් අනව්ශ්‍යයි ඈ...
http://www.makemybrowser.com/

හලි ඕං එහෙනම් රූප රාමුවලින්ම බලාගනිමුකො ඈ...
ස්ටෙප් 01 : ඕං මම ආවා http://www.makemybrowser.com ලින්කුවට ඈ...


ස්ටෙප් අංක ටූ : Start Now >>

ස්ටෙප් අංක ත්‍රී : ඔන්න ඉතිං කැමති තාලයේ නමක් දාගෙන කැමති තාලයේ ලෝගෝ එකක් බස්සවන්න ඕනි.

ස්ටෙප් අංක ෆෝ : ප්‍රධාන පිටුව මොකක්ද කියල bookmarks කිහිපයකුත් ඇඩ්කොරගන්න ඕනි... ආ... ජිලාගේ පිටුව ජිල්මාට්ස් බ්ලොග් අඩවිය bookmark නොකළොත් උඹට අපු ඈ... ඒනිසා මතක ඇතිව ජිල්මාට්ස්වත් බුක්මාක් කොරල මතකතියාගනින් ඈ...


ස්ටෙප් අංක ෆයිව් : ඔන්න දැන් ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකට හොද theme එකක් දාගෙන Finish and download ඈ...මේං මේවගේ...
ස්ටෙප් අංක සික්ස් : මම මගේම නොවන  මගේ මෙව්වා එක පරිගණකයට ස්ථාපනය කිරීම...
ස්ටෙප් අංක සෙවන් : මම මගේම නොවන web browser එකෙන් ජිල්මාට්ස්ගේ මේ පෝස්ටුවට කමෙන්ටුවක් දැමීම...

…අහ්! උඹට කියන්න අමතක උනා.. උඹට උඹේම නොවන web browser එකට උඹ කලින් භාවිතකල Google Chrome web browser එකේ දමපු සෙල්ලම් මේ උඹේම නොවන මෙව්ව එකෙත් ඒවිදියටම දමන්න පුළුවන් ඈ... අමුතුවෙන් කිසිවක් කියන්න ඕනි නෑ ජිලා...
…ජිලා ජිලාගෙම අතින් නිමැවෙන මට මගේම වන ජිලාට ජිලාගේම web browser එකේ සවිස්තරාත්මකව හැසිරවීමක් ජිලාගේ ඒ නිමවුමෙන් පසුව උඹට කියලදෙන්නම්කො ඈ... ජිලාගේ web browser එක එනතුරු උඹ උඹේම නොවන මෙව්වා එකෙන් අන්තර්ජාලයේ එහාමෙහා සැරිසරමුකො ඈ..අද ජිලා නොහොත් උඹේම ආදරණීය මිත්‍රයා ගොඩාක් කාර්‍යබහුල චරිතයක් වෙලා...ඒනිසා හෙමිහෙමිහිට තමයි මේ සියලු වැඩකටයුතු අස්සෙ වෙබ් බ්‍රවුසර් එකේ වැඩකටයුතුත්... බ්ලොගියේ පෝස්ටුලිවීමේ ප්‍රමාදයත්.. ඉතිං කොතරම් කාර්‍යබහුල උනත් හැමදාමත් පුළුපුලුවන් විදියට ෆේස් බුකියටත් ඇවිදින් බුකියෙ මිත්‍රයින්ගෙ පරිගණක ආශ්‍රිතව මතුවන ගැටළුවලට උත්තර බදින්නෙ යහළුවෙකුට දන්නදෙයක් කියලදෙන්නම තියන කැසිල්ල නිසා.. ඒ කැසිල්ලම අද මට ශක්තියක්වෙලා..  ඒ කැසිල්ලේදී ශක්තියක් උන උඹට ජය!..

34 comments:

  1. Replies
    1. තැන්ක්‍යු තැන්ක්‍යු ඈ... (Y)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. neyami jila neyami ohoma yamu

    ReplyDelete
    Replies
    1. උඹලත් ඉතිං ජිලත් එක්කම එන්න ඕනි ඈ... (Y)

      Delete
  4. kollo oyage blogiya thamai mata hambuna hodama blog eka mama hama postuwakma beluwa okkoma ginnak nethuwa wada e unata podi aulak thiyanawa oyata oya widihata busy wela anthimata apiwa amathaka weida ehemanm karanta epa me blog eka hamadatama thiyana ekak wenta ona plz........ jilata jaya we

    ReplyDelete
    Replies
    1. මුලින්ම තැන්ක්‍යු කියල ඉන්නම්කෝ...
      …උඹේ අවුල ජිලා මේ කෙරුවාවන් ජිලාගෙ මේ වැඩ වැඩිවීමත් එක්කම උඹලව අමතක වේවි කියල හිතනවනම් එහෙම වෙන්නෙ නෑ කියල කිව්ව ඕං ඈ... ආයෙ ලොවෙත් මට උඹලව අමතක වෙන්නෙ නෑලූ.... :D

      Delete
  5. සුපිරි මචං. සුපිරිම සුපිරි. අපිට අපේම Chrome Browser එකක් අපේ නමින්ම.
    තැංකූ ඈ.

    ReplyDelete
  6. anu

    thanks machn... ube dewal karaganna athare apitath mona hair kiyala deepan..... mama dannawa ehema kala kiyala ubala salli leben ne kiyala... eth uba kiyala dena deekin apith monama hari egena gannawa ban....

    jaya wewa...

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ.. මම මම දන්නදේ කියල දෙන්න ඉදිරියටත් උඹළ ලගට එනවාමයි... මොනව නැතත් උඹලගේ ආශිර්වාශය මට නිරතුරුව ලැබෙනවනේ.. ඉතිං ඒ ආශිර්වාදය හොදටෝම ඇති...

      Delete
  7. Replies
    1. තෑන්ක්ස් ඈ... මචෝ... :)

      Delete
  8. Sha Sha... Niyamai Niyamai ape Jil aiye... :D :D

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු වේවා මල්ලියෝ... :)

      Delete
  9. 50s weni magema nowana Mewwa ekata suba pathanawa.ikmanata 100th ona..

    ReplyDelete
    Replies
    1. oba wage kollek machan apitat supiri shakthiyak wagema adarshayak..........jiwithe ek paththakin yam yam de ahimi wna kiyala selenna hoda naha ....me post ekata wada watinne obe saba jayagrahanaya......superb my friend.! i wish u all the best..........bs

      Delete
    2. තෑන්ක්ස් මගෙ යහළුවේ... උඹලගෙ ආශිර්වාදය මැද්දෙන් මම ගොඩාක් දුර ආවා... ඉතිං මම උඹලට ඉදිරියටත් සලකනවා... ඒ ආශිර්වාදය මැද්දෙන් තවත් ඉදිරියට යන බලාපොරොත්තුවෙන්.. ඒවගේමයි මම දන්නදේ කියලදෙන්න පුළුපුළුවන් විදියට මම ඉදිරියටත් උඹල ළගට එනවා... හැමදාමත් ෆේස්බුකියේ මගේ මිත්‍රයින්ගෙ මතුවන පරිගණක ආශ්‍රිත ගැටළුවලට උත්තර බදින්නත් හැකිඅයුරින් මම බුකිගත වෙන්නෙ මම එනතෙක් මගබලා ඉන්න යහළුවන් රොත්තක් නිසා... ඉතිං මා සමග ඉන්න ඔබටත් ජයෙන් ජය!

      Delete
  10. mchan umba post ekak liyaddi wena wena wal pal dewal gaena kiyawanne naethuwa umbe topic eka gaena hithala paehaediliwa ketiyen liyapan. Ethakota post eka balana ekata appiriyawak naethuwa baeluwahaeki.

    Mnawa naethath umba blog eka hondata karala thiyanawa saho... Ela. Wish ure all the best mchan..

    ReplyDelete
  11. load wewi thiyenawa, download wenne ney ne..

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. super machn elz..............thawa liyapn........(Y)

    ReplyDelete
  14. පට්ට පට පට ජිලා ,.....මරැ බන්...

    ReplyDelete
  15. http://fileice.net/download.php?file=43fsz මේ Line එකේ තියෙන File එක බාගන්න ක්‍රමයක් කියන්නකො...

    ReplyDelete
  16. machn api hadapu browser eka wena ayata download karanna denna barida ?

    ReplyDelete
  17. පරිගණක ලෝකය....
    ඔබට තිබෙන පරිගණක හා තාක්ශනික ඕනෑම ගැටලුවකට පිලිතුරු දන්න සින්හලෙන් එසැනින්ම. නොමිලේ සාමජිකයකු වී දැනුමෙන් සන්නද්ධ වන්න.
    http://www.pariganakalokaya.com/

    ReplyDelete
  18. link eka weda karanne neeeeeeeee

    ReplyDelete
  19. Link 1ka wada na yaluwaaaa........

    ReplyDelete