Tuesday, October 8, 2013

Processor එකට හොර උප්පැන්නයක්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 48)

අද ඔක්තෝබර් මස 09 වනදා... අද ජිලාට හරිම සන්තෝෂ දවසක්ලු ඈ... ඒවගේම ජිලාගෙ පොකැට්ටුවට බරවියදම් වගේම ජිලාගෙ බුකියෙ ගිණුමටත් සෑහෙන්න ස්ටේට්ස් වලින් ...කමෙන්ටු වලින්... මැසේජ්ජුවලින්  බර දවසක්ලු.. මොකද අද ජිලාගෙ උපන්දිනේ නොවැ... හලිම දුක්බරයි ඈ..
ඉතිං උපන්දිනේ දවසකවත් හොදවයින් තෑගි වගේම හෘදයාංගම සුභ පැතුම් ජිලාට ලැබෙනව වගේ ජිලත් ඉතිං ඔය එක එක යහළුවන්ට කෑම බීමකින් හරි සංග්‍රහකොරල ගෙදර ඇවිදින් බුකියටත් ගොඩවදින්න කලින්ම කල්පනා කලේ දුර ඈත පළාත්වල සිටින ජිලාගෙ අනික් යහළුවන්ට දෙන්න හොද තෑග්ගක්..පාටියක් කොහොම දෙන්නද කියල.. ඕං එතකොටයි මතක් උනේ.. මේ පහුගිය දවස් කිහිපයකම ජිලාගෙ යහළුවන්ව වගේම ලංකාවේ ගොඩාක් අයව හරකුන් කරල අන්න තන කාපිය කියල පෙන්වපෙන්ව අණකරපු තවත් හරකෙකුගේ තන කැවිල්ලට තිත තියල හොදවයින් මොළේට යමක් දුන්නොත් නරකදෑ කියල.
…උඹත් කාපන් හරකෝ තන.. මෙන්න මමත් කනවා තන.. බ්ලොග් ලියන්නම් වාලේ බ්ලොග් පෝස්ටු ලියන.. පේස්ට් කරන්නම් වාලේ බ්ලොග් පෝස්ටු කොපිකරන කිසිවක් හරිහැටි නොදත් තවත් එක් හපනෙකුගේ ක්‍රියාව ලොවට කියන්නයි මේ සූදානම... මඩ ගැසීමේ ව්‍යාපාර නවතා... ඒ බ්ලොගියේද හිමිකරු අමතා අසාර්ථක වූ ඒ පෝස්ටුව නිවැරදිකිරීමට ජිලා කිහිපවතාවක්ම ඒ බ්ලොගියේ හිමිකරුව සම්බන්ධකරගන්න ජිලා උත්සාහ කලේ ඒ පෝස්ටුවේම ඒ වරද නිවැරදිකර වෙනත් ජිල්මාට්ස් පෝස්ටුවක් උඹට දෙන බලාපොරොත්තුවෙන්... කොහෙද ඉතිං ඒ බ්ලොගියේ හිමිකරුට වුවමනා ශ්‍රීලාංකිකයා ගොනාට අන්දවමින් ඒ පෝස්ටුවම ඒ බ්ලොගියේ තියාගන්න... වරද පිළිගැනීමේ කැමැත්තක් ඇත්තෙම නෑ.. අන්තිමේදි ඔහුගේ කටින් පිටවූයේ "ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න... මගේ  ගමනට හරස්වීමෙන් වළකින්න" කියන එක.. ඔව්... ජිලා බොක්කෙන්ම එයාට සුභ පැතුවා... අදටත් බොක්කෙන්ම සුභපතනවා..නමුත් ඒ එයා යන අගාධයට තවත් එකෙක් කැන්දන් යන්නෙ නැතිනම්... උඹත් දන්නවා මමත් දන්නවා... ඔය වගේ යහළුවො උඹට වගේම මටත් අනන්තවත් හමුවෙලා තියනවා.. වල බහින්න උපන් හපන්නු.. තව එකෙක් වලට දාල.. මඩ ගොඩේ රිංගවල අන්තිමේදි ඌ විතරක් ගොඩට එනවා... මම දන්නවා දැන් එයා මේ ජිල්මාට්ස් බ්ලොගිය කියවනවා... ඌ උගේ වරද නිවැරදිකරගන්නවා.. නමුත් ඒ ලියපු පෝස්ටුව තවමත් එහෙමම... ඒ පෝස්ටුව බලන එවුන් තවමත් වලට බහිනවා..  ඉතිං ඇයි ඒකට බාධා... මම ලියනවා පුතෝ මගේ බ්ලොගියේ කියල චැට් එකෙන් කැපුණා... ඉතිං අද ඉතිරිය..
…ඒ පෝස්ටුවේ ප්‍රධාන මාතෘකාව "Core i9 Processor එකක් මගෙන් ඔයාලට.." හත්වලාමයි... මොකක්ද මේ හරුපෙ..? ඇහුවෙත් අදමද කොහෙද... ඌට වැරදිලාද..? ජිලාට වැරදිලාද..? නැතිනම් බලන අපිට වැරදිලාද..?  ජිලාට පෙනුන විදියටනම් ඒ ගණිත ශූරයෙක්... ඒ මෙහෙමනේ... දැනට තියන අලුත්ම processor වර්ග Core i3, Core i5, Core i7 නේ... ඕං මෙහෙමයි ගණිතමය අනුකල්පනය ඈ... 3, 5, 7, ... මීළගට කුමක්ද..? නිසැකවම 9 නේ ... ඒනිසා මීළගට Core i9 වෙන්න ඕනි... එහෙමද...? නෑ එහෙම නෑ... එහෙනම් මොකක්ද..?
දෙවරක් චක්කරේ දන්න එවුනුත් බ්ලොග් කලාව පටන් අරන් තියන කාලේ... උන්ගෙ එක එක නොදැනුවත්කමට දමන පෝස්ටු නිසා උඹේ විතරක් නෙවෙයි මගෙත් මනස විකෘති වෙනවා...ඒ  උන්දලෑට ළගට කතාකොට හොදට ලුණු ඇඹුල් ඇතිව කණට වගේම කටටත් මොනවාහරි වක්කොරන්න ඇත්නම් ෂෝයි කියල හිතෙන්න දැන් තමා... බ්ලොගිය පුරවන්න ඕනි කමටම.. ගූගල් දෙයියාගේ වගේම youtube මල්ලිගේ සරණ පතන එවුන්ට එවුන්ගේම සරණං ගච්චාමී... මට මොකෝ උඹ්ල මමත් එක්කනේ.. උන්ට බෑ ජිල්මාට්ස්ගෙ ගෝලයින්ට තණකවන්න.. ඒක ජිලා හොදාකාරවම දන්නවා... මේ සූත්තරේ දෙක වසර සමත් නංගිලා මල්ලිලාට කිරිකජුවගේ.. ඉතිං තවත් දෙක වසර සමත් මල්ලියෙකුගේ කතාවක් නිසා අපි කෝප නොවෙමු... ජිලත් එක්ක ඉන්න උඹ ඇත්ත දන්නවා... ඉතිං අපි ඇත්ත කතාකරමු..
…හ්ම්ම්ම්
Pentium Pro
Pentium II
Celeron
Pentium III
Pentium M
Celeron M
Pentium 4
Pentium D
Pentium Extreme Edition
 Xeon
Intel Core 2 Do
 Pentium Dual -Core
Core i3 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i5  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i7  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
ඕං ඔහොම මෙතැනට වෙනතෙක්ම ආවා ඈ... මෙතනදි මේ Pentium Pro ආරම්භය නෙවෙයි..මීට පෙරාතුරුව processor වර්ග කිහිපයක්ම නිකුත් උනා ඈ.. අනික ජිලා දැන් මෙතනදි වැඩිපුර දෙනාගෙ කටේ තියන Intel සමාගම විසින් නිකුත් කරන ලද Processor විතරයි දිගහැරියෙ ඈ... තවත් තියනවා AMD කියයි Atom කියයි.. ඒව සියල්ලක්ම ගැනම කතාකොරන්නත්  මෙතන දිගහරින එකත්  ජිලාටත් එක සැරින්ම මතකෙට එන්නෙ නෑ නොවැ. ඒනිසා ඒගැන සමාවෙයන් ඈ... හලි දැන් මේ Core i3, Core i5, Core i7 වලින් පසුව Core vPro කියල කෑල්ලක් මේං මේ Core i3, Core i5, Core i7 processor වලට ඈදමින් තවත් දියුණුවක් කරනවා... දන්නවනේ Core i3 කිව්වත් ඒකටත් වෙනම Model Number එකක් අනුව වර්ගීකරණය කරනවා කියල.
උදා: Core i7-3930K CPU වගේ.. ඉන්පස්සෙ Generation කතාවකුත් ඒ අස්සෙම... ඕං ඔය විදියට දැන් මේං මේ Core vPro ලෙස හදුන්වාදෙන්නෙ 4th generation එහෙමත් නැත්නම් හතරවන පරම්පරාව කියල ඈ.. ඕං කොහොමින් කොහොම හරි දැන් දෙවන පරම්පරාවෙන් තුන්වන පරම්පවාවටත් ඇවිදින්... දැන් හතරවන පරම්පරාවටත් ඇවිදින්... ජිලාටත් වඩා හොදින් සවිස්තරාත්මකව Intel සමාගම විසින්ම කිව්වොත් නරකක් වෙන එකක් නෑ කියල ඕං එහෙනම් ලංකාවෙ මිනිස්සු හරකුන්ට ගත්තු බ්ලොගි වලට හෙනගහත්වා කියල ආවඩා ආයුබෝවේවා කියලම මේං බැලුවනම්.... තුන්වන පරම්පරාවේ Intel Processors සම්පූර්ණ විස්තරේ සහ හතරවන පරම්පරාවේ processor සම්පූර්ණ විස්තරේ...   ඕං අප්පොච්චියේ processor එකක් මේදක්වා ගියපු දුර..
දැන් අර ජිලා කලින් කියූ බ්ලොගිය වගේම තවත් අඩවි මීට පෙරත් උඹ දැකල ඇති.. දැනට උඹේ ළග තියන processor එක පෙනුමට විතරක් තියන හොදම එකක් විදියට පෙන්වන ක්‍රම... හැබැයි මතකද..? එදා ඔයා ඒ අත්විදීම... ඇස්බැන්දුම කලේ ඒ සුළුමොහොතකට විතරක් කියල.. ඒකියන්නෙ.. ඒ සූත්තරේ කරපු වෙලාවෙ ඉදන් කම්පියුටර් එක shutdown කරනතුරු පමණක්ම එය ඇස්බැන්දුමක් වුනා... ලස්සනයි යහළුවන්ව ගොනාට අන්දවන්න... ඒත් නැවතත් කම්පියුටරේ on කරද්දි ඒ කරපු සූත්තරේ අතුරුදහන් වෙලා... ඒකියන්නෙ ඒ සූත්තරේ අසාර්ථකයි කියන එකම නේද..? ඕං ඔය අසාර්ථකයි කියන සූත්තරේ සාර්ථක පෝස්ටුවක් කරන්නයි ජිලාගේ මේ උපන්දිනයදා වෑයම...ඇස්බැන්දුම් සදාකාලිකං...  ඒත් දන්න එකා දන්නවා මොකක්ද ඇත්ත කියලා... සාමාන්‍යයෙන් motherboard එකක් අනුඅංකයකින් නියෝජනය වනවා,... සෑම motherboard එකකටම තියෙන සෑම processor එකක්මත් ගැළපෙන්නෙ නෑ කිව්වොත් පිළිගන්නවානේද..? හ්ම්ම්ම් මෙහෙම ජිලා කිව්වොත්... motherboard එකට processor එක සවිවීමේ කොටසක් තියනවා... ඒකට socket එක කියලනෙ කියන්නෙ... ඉතිං මේ sockets එක එක මාදිළි තියනවා.. හරියට ඒ ඒ මූඩියට ඒ ඒ බෝතලය වගේ.... PGA Socket 423 කියයි..PGA Socket 441 කියයි.. PGA Socket 478 කියයි..  LGA 775 කියයි...  LGA 1155 කියයි...  LGA 1366 කියයි...  LGA 1567 කියයි... ඉතිං ඔය ඔය වගේ sockets වලට ඒ ඒ වගේ socket type processors තමයි ඈ... තවත් නීති රෙගුලාසි තියනවා...
හලි දන්න එවුන් දැනගනිත්වා... නොදන්න එවුන් ඒත් දැනගනිත්වා මේං කියනවා ජිලාගෙ මේ සූත්තරේ...
ආ.. ඊට කලින් ඔය එක එක තැන තිබුණ පෝස්ටු වල කෙරුවාව කරපු එවුන් ඉන්නවානම් උන් දන්නවා ඒ කෙරුවාව කම්පියුටර් එක restart කලායින් පස්සෙ යථාතත්වයටම පත්වෙනව කියල.. ඒ කියන්නෙ කලේ බොරුවක්නේ..
කලොත් කලේ කම්පියුටර් එක restart කලවිට ඇත්ත උප්පැන්නෙ පෙන්වන පෝස්ටුනේ... මෙතරම් කාලයක් කොහේවත් නිවැරදිව හරිහැටි සූත්තරේ නොලැබුණ... නොකී සූත්තරේ .. ඕං එහෙනම් හැමදාමත් වගේ අලුත් වෙනසක් කරන නොවරදින කෙරුවාවන් උඹට කියලදෙන ජිලාගෙන්ම ඒ කෙරුවාවත් දැනගනිල්ලා ඈ..
…ජිලාගෙන් බොරුවට නෑ ඉඩ... 
මේක ඇස්බැන්දුමක්ම විතරයි ඈ... උඹේ දැනට තියන processor එක මොකක් උනත් අලුතෙන්ම මේ පච්චයක් ගහනව වගේ කොටන්න හදන ලේබලේ විතරයි.. නමට... නම වෙනස් කොලා කියල ඒ නමට එන්න තියන හැම performances එකක් එකක් ගානෙම.. හැම feature එකක් එකක් ගානෙම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ කියල මම ඕං උඹලට මුලින්ම කියනවා ඈ... ඇත්තටම වෙන්නෙ ඇත්ත උප්පැන්නෙ උඩින් හොර..බොරු වංචා උප්පැන්නයක් හදන එක..
…මේං එහෙනම්... ඇස්බැන්දුමත් හැබෑවක් කරන ජිල්මාට්ස් සූත්තරේ...
හලි... මුලින්ම ඕං Start >> All Programs >> Accessories >> Notepad ඈ... දැන් Notepad එක දිගහැරගන්නවා...
…Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"
විදියට කෙටුවා... Processor.reg කියල save කොලා...
හලි... දැං ඉතිං තව පුංචිම පුංචි කෙටිල්ලක් තියනවා ඈ... හලි.. දැන් ආයෙමත් Notepad එකක් open කරගන්නකෝ.. ආ... ඊට කලින් අර Processor.reg කියන එක තියන path එක ගන්න ඕනි ඈ... ඒක සරලයි මෙහෙම කරනවනම්... ඒක right click >> properties >> Secuirity දැක්කනේද path එක ආං ඒකෙ කොපියක් අරගෙන මේ අලුත දිගහැරපු notepad එකේ තියන්නයි ඕනි ඈ... මේං මෙහෙම
 regedit /S "C:\Users\Rannulu\Desktop\Processor.reg"
 මේං දැක්කද මේ regedit /S කියන විධානෙන් පසුව "" "" ඇතුළෙයි ඔයාගෙ මේ path එක යෙදෙන්නෙ ඈ.. තේරුණාද මන්දා...
…හලි.. දැන් ඕං ඕකත් save කරගන්නවා jilmarts.bat කියල
…හලි දැන් මේං මෙහෙමයි ඈ... Start >> All Programs >> Startup මේං මෙතන Startup එක උඩ right click කොරලා Explorer All Users ඈ... හලි දැන් ඔය දිගහැරෙන එකේ ඕං ඔය jilmarts.bat එක cut and paste ඈ... ඉන්පස්සෙ ආං අර කලින් හදාගත්තු Processor.reg එක උඩ right click >> Properties >> Hidden >> Apply and OK.
දැන් ඕං ඔය ක්‍රොමෙන් අමතක නොවන shutdown කලත් නොමැකෙන processor එකේ නම වෙනස්කිරිල්ලේ සූත්තරේ..  අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... 
ඕං එහෙනම් කොහෙදෝ තිබුණ කුණුහරුප පට්ටපල් බොරු පෝස්ටු නිසා වෙබ් අඩවි ඉතිහාසයේ  මුල්ම වතාවට ජිලාගෙ ජිල්මාට්ස් පෝස්ටුවෙන් Processor එකට හොර උප්පැන්නයක් දීමේ රහස හෙළිදරව් කොලා......
…අද ජිලාගෙ උපන්දිනේ දවසෙ උඹල හැමෝටම තෑග්ගක් ජිලා  දුන්නා කියල හිතාගනිල්ල ඈ...

28 comments:

  1. එල එල ඇ .... ජිලාට සුභම සුභ උපන්දියක් වේවා ........! :)

    ReplyDelete
  2. සෙද්ද මගෙ ඊමේල් එකට ලොග් වෙන්නෙ නැ බන්...මම ටශික....පට්ට හො‍ඳෙ...එලස්.....

    ReplyDelete
  3. ela ela rannulu ayya , hapy b'day

    ReplyDelete
  4. සුභ උපන්දිනයක් වේවා රන්නුළු සහෝ... Post එකත් සුපිරි.

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් ජිලා !

    ReplyDelete
  6. ඔන්න මල්ලි කට්ටිය කලින්ම wish කලාට මම තමයි නියම දවසෙ මුලින්ම comment එකකින් wish කරන්නේ... මේ අවුරුද්දෙ දී අර වැඩේට තියෙන බාදක සියල්ල දුරුවෙලා එයා උඹේම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... සැර වැඩිද මන්ද.... ;-)

    ReplyDelete
  7. Happy Birthday saho.post ekanam maru.hebei birthday eka dawasema hora weda karana eka harma narkai neda. :P

    ReplyDelete
  8. අනේ මතෝ ඉක්මනට කියන්න බිට් 32 වින7 කොම්පිවුටර් 1 බිට් 64 කරගන්න විදියක් .ෆොර්මැට් නොකර ....

    ReplyDelete
  9. supar aiya digatama karagena yanna....

    ReplyDelete
  10. සුභ උපන්දිනයක් වේවා සහෝ !!!
    mewa kiyala denawata ubata pin machan
    --------

    ReplyDelete
  11. Happy birthday macho, me centrel processor path ekata manually yanne komada macho?

    ReplyDelete
  12. machan meka machine eka on karaddi enawane registry ekata add karanna cmd ekak. ekath nethikaraganna kramayak nedda?

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. mama ma widiyata kera ath dualcore mana thiyanna??????plzz help me

    ReplyDelete
  15. mcn jilo,, meka windows 8 wala karanna berida???

    ReplyDelete
  16. වැඩ නැහැනේ බං

    ReplyDelete
  17. meka windows 8 walata karanna berida mcn

    ReplyDelete
  18. windows 8 වල startup එක කොහෙද තියෙන්නෙ?

    ReplyDelete
  19. oya geek magula ayin karapan nikan minissu amaruwe noda

    ReplyDelete
  20. ado minissunta boru kiyanna epa yako..
    mu kiyanawa Intel Core 2 Do walata passelu Pentium Dual -Core awe..
    danne nattam danna kenekgen ahala dapan


    ReplyDelete