Saturday, September 7, 2013

පුංචිම පුංචි Network එකෙන් එව්වමෙව්වා ගිගා ගණන් share කිරිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 46)

ඕං ඉතිං අද සෙනසුරාදා දවසක්ලු ඈ... ජිලා ජිලාගෙ පුංචිගෙ පුතාට හැමදෙයක් ගැනම වමාරන නිසා ජිලාගෙ පෙම්වතියව පෙන්වන්න මලයත් එක්ක කරාපිටිය හොස්පිට්ල් එකට ගොඩ උනා.. හත්වලාමයි..කියන්න අමතක උනානේ.. කරාපිටිය හොස්පිට්ල් එක ළගදි කොල්ලො සෙට් එකක් ඇවිත් උඹ නේද ජිලා..? කියල අහපි.. ජිලා අන්දුන් කුන්දුන්... කොහොම උත්තර බදින්නද..? ඔව් කියන්නද..? නෑ කියන්නද..? නිකම්වත් මුන් ටික මාව ෆලෝ කරල අක්කිව හදුනගත්තොත් ජිලාට ජිලාගෙ  ආදරෙත් නැතිවෙයිද..? නෑ.. එහෙම වෙන්නෙ නෑ... ඕනදෙයක් වෙද්දෙන් කියල ඔව් මචෝ.. ෂෝට් ඇන්ඩ් ස්වීට් ජිලා මම තමයි කියල කිව්ව.. එතකොට මූ..? කවුද කියල මල්ලියව පෙන්නපි.. මගේ මල්ලි බං... උඹව අදුනගැනීම සතුටක් බං.. උඹ කෙල්ලව බලන්න යනව නේද කියල හිනාවක් දාල අහපි.. මේං ජිලාගෙ මුහුණෙ පෙම්පාට.... වාව්... අපෙන් සුභපැතුම් කොල්ලෝ.... ආ මේ මතක ඇතිව පොරොන්දුව ඉටුකරපන් ඈ... මොන පොරොන්දුවක්ද බං..? ඈ බං ජිලෝ අර 44 පෝස්ටුවෙන් peer to peer ද මොකක්දෝ එකක් හදන්න කියනවයි කිව්වෙ...
ආ මෙයාද අයියගෙ අලුත්ම මනමාළි..?
…හරිම භයයි අෆ්ෆා.. එදා එයා මම එක්ක කතාකරනවට වඩා කතාකලේ මල්ලිත් එක්ක.. මිනිහා දස්සයා... කොළඹ ප්‍රධානපෙළේ ඉස්කෝලෙක කොල්ලෙක්.. උසස්පෙළ විභාගෙ කලා ගණිත අංශයෙන්.. ලංකාවෙන්ම 25වෙනියා.. කොහොමහරි අයියගෙ වෙන්න මනමාළිගෙ මොබයිල් නම්බරෙත් අරන්.. ගෙදර ආව ගමන් අම්මිට වෙන්න මනමාළිගෙ විස්තරේ දිගහරියිද කියලයි දෙගිඩියාවෙන් හිටියෙ.. අයියා අරක කරමුද..? මොකක්ද මල්ලියා... ?? පොරොන්දුව.. ඒක මටත් කියලදෙන්නකෝ...
අරවා කරන්නම්..මෙව්වා කරන්නම්... දිනුවොත් කරන්නම් එව්ව මෙව්ව නෑ.. මේ ජිලා ළග.. කියනදේ කරනවා... කරනදේ කියනවා... නොකියනදේ අනිවාර්‍ය්යෙන්ම කරනවා... දෙනවා කිව්වොත් දෙනවා.. ඡන්ද පොරොන්දුනම් නෙවේ ඈ..
මේං බොලේ මෙයා මගේ ට්‍රංක පෙට්ටියේ තිබුණු එව්ව මෙව්ව ටූල් ටික අරගෙන වැඩටත්  බැහැල.. මූට තියන හදිසිය මුගේ ලැප්ටොප් එකට මගේ තියන එව්ව මෙව්ව එහාට මෙහාට අදින්නද නැත්නම් උගේ ලැප්ටොප් එකෙන් ඒකෙ තියන එව්වමෙව්ව ටික සේරෝම මේකට පුරවන්නද..? අනේමන්දා පණ නැතත් ඕනම දේකට අතහිත දෙන්න ඉන්න මගේම  මල්ලිකෙනෙක්නේ...  ඕං එහෙනම් ඔතනින් මෙන්න මේ මම කියන ටූල් සෙට් එක ගනින්කෝ...
…1. මීඩියා එක.. එහෙමත් නැත්නම්
Network Cable එක.. (මෙය CAT 5, CAT 5E, CAT 6, CAT 6E ලෙස වර්ග කිහිපයක්ම වේ.. ඒවා හරහා හුවමාරුවන එව්වමෙව්වාගේ වේගප්‍රමාණය එකිනෙකට වෙනස්වේ.. )
2.
RJ 45 Connectors දෙකක්
…3.
Crimping Tool එකක්
…4.
UTP Stripping Tool එකක්
…5.
UTP Cable Tester එකක්
…බඩු ටිකනම් හරි... බඩු කිව්වෙ වෙන වෙන එකබඩු නෙවෙයි යකෝ... උපකරණ ටික.. දැං ඉතින් ගහපල්ලා කේබල් එක.. ඔය UTP Stripping Tool එකෙන් Network Cable එක කපාගත්තනම්... හත්වලාමයි කපන්න කිව්වෙ යකෝ දෙකට වෙන්වෙන්න නෙවෙයි.. ඔය ඇතුළෙ තියන කේබල් ටික ඉතිරිවෙන්න.. හලි... දැං ඔය ඇතුළෙ තිබුණ කේබල් 8ත් සමානව කපාගනින්කෝ.. හත්වලාමයි... එපාර කේබල් වෙන්වෙන්නම කැපුවා... දැන් ලබ්බක්ද RJ 45 connector එක ඇතුළට බස්සන්නෙ... ඇතුළට බහින්න පුළුවන් ප්‍රමාණයට ලස්සනට එක පිළිවෙළකට කපපන්කො.. ඒකට තමා ඔය Crimping Tool එක තියෙන්නෙ...
…හලි... දැන් ඉතිං තියෙන්නේ ඔය කේබල් ටික පිළිවෙළකට RJ45 connector එක අස්සට බස්සවන්න.. හරි අපූරුයි... ඔහොම බස්සන්නවත් ඔහොම අරින්නවත් බෑ යකෝ... හිතුණ හිතුණ විදියට... අනික් ඒවට වගේම මේවටත් රටා තියනවා... සමනළ ආර.. අර ආර මේ ආර නෙවෙයි  Straight Through සහ Cross Over .. ඔය රටා දෙක තමයි තියෙන්නෙ.. අලුත් රටාවක් උඹ සොයාගන්නෙ එහෙම නෑ හරිද..? තනිකරම Peer to Peer connection එකක් නම් ඉතිං මුල්දවසෙ ඉදළම ගහපු Straight Through තමා.. හැබැයි ඉතිං Cross Over ක්‍රමේ ජාලකරණය සදහාම පමණක් නොවේ ඈ... Peer to Peer connection එකටත් පුළුවනි ඈ...
…හලි මුලින්ම Straight Through ගැහිල්ල ගහන්න බලමු... RJ45 connector එකේ pin 1 සොයාගන්න RJ45 connector එක උඩුපැත්ත හරවන්න.. clip එක තියෙන්නෙ යටිපැත්තෙ ඈ... 
Network Cable එකේ කේබල් 8ක් ඇති... බලපං ඒක හොදට.. පාට 4ක් එක්ක..කවලම් පාට 4ක්. හලිනෙ එහෙනම්,.. RJ45 connector එකේ pin අනුව මේ කේබල් එකේ පාට එන්න ඕනි මෙහෙමයි ඈ...
…pin 1- Orange White
pin 2- Orange
pin 3- Green White
pin 4 - Blue
pin 5- Blue White
pin 6- Green
pin 7- Brown White
pin 8- Brown
හලි නේද..? හලි.. ඔහොමම RJ45 connector එක ඇතුළට බස්සපන්කෝ... දැන් ඔය UTP Stripping Tool එක අරගෙන RJ45 connector එක ඇතුළට බස්සල හොදින් තදකරපන් ඈ... හොදින් තදකරපන්.. හලි Straight Through ක්‍රොමේ එක පැත්තක RJ45 connector එක සවිකොලා... අනික් පැත්තත් ඒ ක්‍රොමේටම සවිකොරපංකො ඈ... හොදට බස්සල.. හොදින් තදකරපං... ආයෙ ලොවෙත් ගැලවෙන්නෙ නැතිවෙන්න..
හලි දැන් අපි බහිමු Cross Over ගැහිල්ලට... RJ45 connector දෙකට වෙන්වෙන්වූ රටා දෙකක්... එක පැත්තක් ගැහිල්ල Straight Through එකේ ගැහිල්ලෙන් එක RJ45 connector එකක් ගහගන්න දැන් දන්නවනේ... හලි දැන් ඒපැත්ත ගහගන්නකෝ.. හලි දැන් අනික් RJ45 Connector එකට කේබල් ගැහිල්ල මෙහෙමයි ඈ.. RJ45 connector එකේ pin අනුව මේ කේබල් එකේ පාට එන්න ඕනි මෙහෙමයි ඈ... 
……pin 1- Green White
pin 2- Green
pin 3- Orange White
pin 4 - Blue
pin 5- Blue White
pin 6- Orange
pin 7- Brown White
pin 8- Brown
හලි නේද..? හලි.. ඔහොමම RJ45 connector එක ඇතුළට බස්සපන්කෝ... දැන් ඔය UTP Stripping Tool එක අරගෙන RJ45 connector එක ඇතුළට බස්සල හොදින් තදකරපන් ඈ... හොදින් තදකරපන්
හලි... Straight Through රටාවයි... Cross Over රටාවයි දෙකටම දැන් කේබල් ගහන්න ජිලාගෙ මල්ලියා  වගේම උඹත් දන්නව ඈ...
හලි දැන් ඔය UTP Cable Tester එකට Network Cable එකේ දෙකෙළවරට ගහපු RJ45 connector දෙක සම්බන්ධ කරල චෙක් කොරන්නයි තියෙන්නෙ ඈ... බල්බ සියල්ල දැල්විය යුතුයි ඈ.. දැල්වුනොත් වැඩේ අතිසාර්ථකයි ඈ... මෙන්න බොලේ මේකාගෙ ගැහිල්ල අතිසාර්ථකයිලු...
…හලි දැන් ඉතිං මේ උපකරණ නැති එවුන්ට පාං ද..? කෝමද Network ගහන්නේ..? කෝමද peer to peer connection එකක් හදාගන්නේ..? කොහොමද අරූගෙ කම්පියුටර් එකේ තියන එව්වමෙව්ව මගේ එකට ගන්නේ..? සල්ලිය භාගෙ ඕන නොවැ මේ ජිලාගෙ සූත්තරේට... ඔව් බං නැතුව ඉතිං මෙව්ව නිකම් දෙන්නයැ... නිකම් කියල දෙන්න වගේ.. අතේ මිටේ කීයක් හරි තියනවනම් මෙව්ව උපකරණ ටික ගත්තට පාඩුවක් නෑ.. Network field එකෙන් ඉදිරියට යන්න ඉන්නවනම් ඈ...
වැඩි මුදලක් වෙන්නෙත් නැහැනේ..  මෙන්න මිලගණන්...
…RJ45 connector එකක් ශ්‍රී ලංකා රුපියල් 15යි.
CAT 6 Network Cable 1 meter   ශ්‍රී ලංකා රුපියල් 35යි.
…UTP Stipping Tool එකක් ශ්‍රී ලංකා රුපියල් 1500යි.
UTP Cable Tester එකක් ශ්‍රී ලංකා රුපියල් 1500යි. (ගණන් හිලව් වෙනස්විය හැකියි.)
උපකරණ ටික නැතුවට ඉතිං මේවිදියට සකසපු Network cable විකුණන්නත් තියනවා ඈ.. රුපියල් 500ක් වගේ පොඩි මුදලකට... ගත්තොත් පාඩුවක් වෙන එකක් නෑ... යාළුවගෙ ලැප්ටොප් එකේ තියන අරව මෙව්ව ගිගාබයිට්..ටෙරාබයිට් ගණන් අදින්න තියන pen drive එකකින් එහාටමෙහාට ගලවනවා ප්ලග්කරනවා.. ප්ලග් කරනවා ගලවනවාට  වඩා නරකද ජිලාගෙ අදහස ඈ...
…හලි... නෙට්ව(ර්)ක් කේබල් එකේ සූත්තරේ ඉවරයි දැන් peer to peer සූත්තරේ... Network cable එක කම්පියුටර් දෙකටම සම්බන්ධ කොලානම්...
…හලි... පොඩී සැකසුම් ටිකක් හදන්නත් ඕනි ඈ... හිතු හිතු විදියට ගහන්නත්.. ගන්නත්.. ගහල උස්සන්නත් බැහැනේ...
…හලි... එහෙනම් මුලින්ම Start >> Control Panel >> Windows Firewall >> Turn Off Windows Firewall ඈ...
…හලි ඉන්පස්සෙ Start >> Control Panel >> Network and Sharing Center >> Change Adapter settings >> හෝව්.... හෝව්... windows xp කස්ටිය අතරමග නැවතිලාලු... උන්ට මෙහෙමයි ඈ...  start > Control Panel > network connections
…හලි... දැන් දෙගොල්ලොම එකතුවේ සහ පොදුවේ ඈ.. ඔය Local Area Connection එක right click කරල > Properties >>  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties
…දැන් Use the Following IP Address කියන එකට ටික් එකක් දාගෙන ඉවරවෙලා ඈ..............
IP Address එකට 192.168.1.1 විදියටත්..
…subnet mask එකට 255.255.255.0 විදියටත්..
…Default gateway එකට 192.168.1.2 විදියටත්.. එක පරිගණකයක සැකසුම් සකසා ගන්නව ඈ...

…ඒවිදියටම කලින් කියපු පාරෙන් ඇවිදින් අනෙක් කම්පියුටරේ සැකසුම් මෙහෙමයි ඈ...
IP Address එකට 192.168.1.2 විදියටත්..
…subnet mask එකට 255.255.255.0 විදියටත්..
…Default gateway එකට 192.168.1.1 විදියටත්..
හරිනේ.... හරි..
හරි.. දැන් බලන්න ඕනි කම්පියුටර් දෙකම එකිනෙකාව හොදින් හදුනාගන්නවද කියල ඈ...
…මෙහෙමයි ඒක බලන්නේ...
…windows key + R >> cmd කියල ටයිප් කලා එන්ටොර් කලා... හලි... දැන් කලු රෙද්ද නොහොත් command prompt එක දිගහැරේවි ඈ... ආං ඒකෙ මේං මෙහෙම ටයිප් කොලා... කම්පියුටර් දෙකෙන්ම මේක කොරන්න ඕනි ඈ....
ping 192.168.1.1 -t
ඒකට පිළිතුරු විදියට මෙහෙම ඒවි...
…Reply from 192.168.1.1: bytes=32 time=357ms TTL=41 විදියට ඈ... එහෙනම් වැඩේ ගොඩ...
…ඒවගේම අනික් එකත් චෙක් කොරනවා මෙහෙම
…ping 192.168.1.1 -t
…ඒකටත් පිළිතුරු ලැබෙයි... ඈ... එහෙනම් සබදතාව හරි ඈ... දැන් ඉතිං තියෙන්නේ එව්ව මෙව්ව ලට්ට ලොට්ට එහාමේහා කරගන්නයි ඈ.... ඒකටත් ක්‍රමයක් තියනවා පොඩ්ඩක් හිටපන්.. ඒකත් කියනකම්..
…හලි ලට්ට ලොට්ට වැලවරකා යහළුවට දෙන්න ඕනි එව්වාටික ඔක්කොම එක folder එකකට දැම්මා ඈ.. හලි දැන් ඒ ෆෝල්ඩර් එක right click කලා sharing and security වලින් share this folder කිව්වා... OK කිව්වා ඈ...
…windows 7 තියන අපේ උන්නැහේලාත් මේං මං මේකියන පාරෙන් ආවනම්... Start >> control Panel >> Network and Sharing center >> change advanced sharing settings ඈ... එතැනින් public folder sharing වලින් Turn on sharing so anyone with network access can see read and write files in the public folder කියන එකට ටික් එකක් දාලා ලට්ට ලොට්ට වැලවරකා යහළුවට දෙන්න ඕනි එව්වාටික ඔක්කොම එක folder එකකට දැම්මා ඈ.. හලි දැන් ඒ ෆෝල්ඩර් එක right click කලා sharing and security වලින් share this folder කිව්වා... OK කිව්වා ඈ...
…ආං හලි... දැන් ඉතිං යාළුවාගේ හිතමිත්‍ර යාළුකම් පැත්තකට දාලා උස්සන්නයි තියෙන්නෙ ඈ... ඒකටත් ක්‍රොමයක් තියෙනවා... හලි... මේං මෙහෙමයි ඒකත් ඈ...
windows key + R ඉතිරි ටික දන්නවද..? cmd නේද...? නෑ බොල ඒ අහවල් එකකටද..? ඔය run එකේ මේං මෙහෙම යාළුවාට අපි දීපු IP Address එක කොටනවා මේං මෙහෙම ඈ...
…\\192.168.1.2
…හුරේ.... මෙන්න බොලේ වැඩක්... යාළුවාගේ ලට්ටලොට්ට වැලවරකා අරවමෙව්ව ඔක්කොම උස්සනවලු ඈ.... හුටා... මම මලයගෙ කම්පියුටර් එකට ලොග්වෙලා බලද්දි ගිගා බයිට් ගණනක්ම ෆිල්ම්ස් ලු ඈ... අතිශයින්ම පොඩිහිටියන්ට පමණක් එව්වම නිසා එව්ව ගත්තෙ නෑ ඈ... ජිලා පවු බං... ජිලාට ද දවසම අපලයිදෝ කොහෙද.. අද අරයත් එක්කවත් කතාකරන්න උනේ නැති සාංකාව හිතේ නළියනව බං... මුළු ඇගම සීතල වෙලාවගේ...

25 comments:

  1. බලාන ගියාම ජිලාගෙ ෆැමිලි එකම ජිලා වගේම වැඩ කාරයො...මල්ලිත් ජිලාටම දෙවනි නෑ වගේ...ගෑණු ළමන්ගෙ හිත ගැනීසෙදි නම් ජිලාට වඩා ඉදිරියෙන් වගේ පේන විදියට නම් ජිලාට වඩා ඒ ශේෂත්‍රෙය් දක්ෂයි වගේ..ජිලාගෙ පෝස්ට් ඉතින් හැමදාම එප නේ ආයෙ කියන්න දෙයක් නෑ නේ...මේකත් එළ සහෝදරයා...ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ජිලාගේ පෙම්හුටපටයට හෙනහුරා කඩාපාත්නොවේවායි එකසිතින් ප්‍රාර්ථනාවක් ජිලාවිසින්ම ප්‍රාර්ථනා කරන ලදි...
      …එනිවේ... මල්ලියා ගොඩාක්ම තෑන්ක්ස් ඈ.. දිරිගැන්වීමට වගේම කමෙන්ටුවට... (Y)

      Delete
  2. ජිලත් එක්ක ගිහින් තමා මලයත් නරක වෙලා තින්නේ... peer to peer උබල දෙන්න එහෙම connect වෙනවා එහෙම නෙවේ ඔං ... මලය share කොරෝත් එහෙම... පොස්ටුව නම් ඉස්තරම් ජිලෝ.... ගොඩක් ස්තුති ,,,,

    ReplyDelete
    Replies
    1. හුටා.... මේං බොලේ එපාර වල්කතාවක් වත් කියලද මන්දා... පෙනුනෙ නිකම් ඒවගේ...

      Delete
  3. Wifi hack karanna puluwan software ekak denawada plz,, weda karana ekak

    ReplyDelete
  4. Replies
    1. තැන්කු තැන්කු ඈ.... (Y)

      Delete
  5. එල එල හොය හොය හිටපු පොස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. තවත් සොයනා පෝස්ටු පහුගියාවත්..ඉදිරියටත්.... බලාපොරොත්තුවෙන් හිටිමු ඈ... :)

      Delete
  6. ela godak watinwa .mama oya wade gana kalin ekkenk kiwwa but therune na .eth uba pahadilawa picture ekka kiyala dila thinwa .ela

    ReplyDelete
  7. ජිලා Peer to Peer connection එකක් කියන්නේ මොකක්ද? එක ගැන මම දන්නේ නෑ... කියල දෙනවද? තව එකක් Peer to Peer connection එකද Cross over එකද හොද කොම්පියුටර් ගොඩක් එකතු කරන්න.....

    ReplyDelete
    Replies
    1. යහළුවා..ආසිරි... ඔයා මගේ සම්පූර්ණ ලිපියම කියෙව්වේ නැති හැඩයි..
      …peer to peer connection එකක් සරලවම හැදින්වූවොත්.. පරිගණක දෙකක් අතර දත්ත හුවමාරුකිරීම සදහා ගොඩනැගෙන කුඩාම ජාලකරණය.. ඒසදහා භාවිත වන මාධ්‍යය නොහොත් මීඩියා එක විදියට මෙම Straight Through සහ cross over ලෙස දෙවිදියකින් network cable එක සකසනවා... විශාල ජාලපද්ධතියක් එහෙමත් නැතිනම් පරිගණක කිහිපයක් එකතුවෙන් සැකසෙන network සදහා සුදුසුම වන්නේ මෙම cross over ගැහිල්ලයි.

      Delete
  8. patta jilo wede nam , ela (y)

    ReplyDelete
  9. මචන් මට මතකයි බන් මන් උබට කෝල් එකක් අරන් මේක ගැන ඇහුවා... තෑන්ක්ස් මචන් හැමොටම දැනගන්න දාපු එකට... එල මචන් මේක ගොඩක් අයට ගොඩක්ම වැදගත් එකක්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං සංඛ.... (Y)

      Delete
  10. මූ කරන මේ මගුල් හින්ද අපිත් එක එකාගෙ වැල් වරකා උස්සලා මාට්ටුවෙනවා....

    ReplyDelete
    Replies
    1. ඉතිං නරකද ඈ.......... එව්ව මෙව්ව උඹලට කියලදෙන්නෙත් ඒනිසාම නොවැ... :v

      Delete
  11. macho cross over cabling system eke ... cable 3,6 green enawa anith eke 3,6 orange enawa ey ?? plzz reply

    ReplyDelete
  12. macho cross over cabling system eke ... cable 3,6 green enawa anith eke 3,6 orange enawa ey ?? plzz reply

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් Cross Over ක්‍රමය භාවිතවන අවස්ථා තමයි මේ router එකකින් client එහෙමත් නැතිනම් පරිගණකය සම්බන්ධකරන්න... ඒවගේමයි ethernet switch එක සරලව කිව්වොත් hub එකකින් තවත් hup එකක සබැඩ්ජියාව ගොඩනංවන්න... ඉතිං මේං මේ ආකාරයෙන් සැකසුණු මේ RJ45 connector එකේ pin designation එක අනුව මේ cable එක සැකසියයුතුවෙනවා...
      …T-568B client පැතිකඩ
      …pin 1 : Tx+
      pin 2 : Tx-
      pin 3 : Rx+
      pin 4 : Not Used
      pin 5 : Not Used
      pin 6 : Rx-
      pin 7 : Not Used
      pin 8 : Not Used
      ලෙසත්.. T-568A පැතිකඩ Router /Hub
      pin 1 : Rx+
      pin 2 : Rx-
      pin 3 : Tx+
      pin 4 : Not Used
      pin 5 : Not Used
      pin 6 : Tx-
      pin 7 : Not Used
      pin 8 : Not Used ලෙසත් වනවා.. ඉතිං මේකියන T-568A සහ T-568B pin number designations ක්‍රමවේද TIA/EIA-568-A wiring standards හේතුකොටගෙන සැකසියයුතුවෙනවා..

      Delete
  13. patta pata pata..., Mamath onna aluthin me blogiyata ekathu una..,
    podi dukakuth thiyenawa me blogiyata enna mechchara parakku una eka gena.., :-(

    ReplyDelete