Saturday, August 3, 2013

නිල්තිරේ නොහොත් කාලකණ්නි Blue Screen ලෙඩ වාට්ටුවට සැළකිලි. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 42)

"කැලයක් මොටද එහි ගජිදෙකු නැතිනම්...
ගජිදෙක් මොටද උගෙ ගජමුතු නැතිනම්...
මිනිසෙක් මොටද උගෙ මොළයක් නැතිනම්...
මොළයක් මොටද මොළයෙන් වැඩගන්නැතිනම්... " ලස්සනට ගැළපෙනවා.. පදපේළිය.. ඉතිං උඹට වගේම ජිලාටත් වැඩගන්න මොළයක් තියනවද කියන එකත් පුරස්ණයක් කොරගෙන ඉන්න කාලෙ ජිලාට තේරුණා ඌ පුංචියට හෝ උගේ තියන මොළෙන් පොඩි වැඩක් හරි කරගන්නව කියන එක.. උදාහරණ ඕනි නෑ.. මේ ජිල්මාට්ස් ලට්ටපට්ට වැඩකෑලි ජිලා දාන්නෙත් මොළයක් තියන නිසා ඌට පොඩිවයසෙදි ඉදලම හොද කම්පියුටර් ඇම්මක් තිබුණ නිසා... හැබැයි වෙන වැඩකට නම් ඒ මොළය තියනවද කියන එකත් දැන් සැකයි.. ඒ මොක වෙතත්.. උඹට අද හැදුණ youtube මේනියාවට එක එක ඩවුන්ලෝඩර් සොෆ්ට්වෙයා කෑලි පස්සෙ දුවන උඹට විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති youtube අනංමනං බාගන්න පුංචි රහසක් කියාදීගෙනම බ්ලූ ෆිල්ම් එක ගැනකතාකරන්නයි සූදානම...
…එහෙනම් මේං මෙහෙමයි... උඹ හොදාකාරවම දන්නවා ජිල්මාට්ස් නොහොත් උඹේම ආදරණීය ජිලා ඔය එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි තුට්ටුවකටවත් මායිම් නොකරන එකෙක් කියල.. ඉතිං එහෙව් එකේ.. එක එක රෙද්දවල් බාගන්න එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි සයිබරයේ සොයනවා... දැන් ගොඩක් එවුන්ට තියෙන්නෙ youtube මේනියාව... ඉතිං මේ මේනියාවත් එක්ක එක එක එවුන් ජිලාගෙනුත් අරක සොයල දියන්කෝ... මේකට සීරියල් එක හරි ක්‍රැක් එකක් හරි පැච් එකක් හරි සොයල දියන් කියල ඉල්ලීම්...
youtube බෑවිල්ලට විගඩම් සොෆ්ට්වෙයා කෑලි අනවශ්‍යයි...
මෙන්න සූත්තරේ...
බාගැනීමට අවශ්‍ය http://www.youtube.com/watch?v=KMOOr7GEkj8 නම්..
විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති බාගැනීමේ ක්‍රමය : http://www.ssyoutube.com/watch?v=KMOOr7GEkj8 වෙනස දුටුවාද...? නැතිද... එහෙනම් බලපන් youtube ඉදිරියට ss යෙදීඇති අපූරුව..
…හරිම අපූරුයි නේද...? විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව බෑවෙන අපූරුව... :D

හලි... දැන් ඉතිං නිල් ගැන කතාකරමු... නිල් / Blue කිව්වම උඹට හිතෙයි අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කතාවක් මූ කියන්න යනවදෝ කියල... 18+ කිව්වට ඉතිං 7 වසරෙ පොඩි එකත් මේකාලෙ මේ නිලට ලොල් වෙච්චිකාලෙ ඔය වගේ කතාවක් කියන එක හොද නෑ.. මොකද මේක කම්පියුටර් ඇම්ම හැදිච්චි 5 වසරෙ පොඩි එකත් මේ ජිල්මාට්ස් අඩවියට ගොඩ වෙනවා... ඉතිං උඹල ගොඩක් ආසකරන නිල් දර්ශණ සමහර කම්පියුටර් වැඩ දන්න එවුන්ටත් හිටපුගමන් කම්පියුටරෙන් පෙන්වන නිල් දර්ශණ අප්‍රියයි... මේව Blue Screen Of Death පණිවුඩ හෙවත් STOP error කියල හංවඩු ගහමු.. ඇයි මේ...? මොකද මේ....? හේතු මොනවද...? පිළියම් මොනවද...? සළකන්නෙ කොහොමද...? 
චරිතය : Stop 0x00000024 or NTFS_FILE_SYSTEM
මේං මේක  NTFS.sys ගොනුවක්‍රියාත්මක නොවීම නිසා එන්නක් . ඔයාගෙ Hard Disk Drive එකේ දත්ත කියවීම සහ ලිවීම කරන්න මූලිකම මෙහෙයුම වෙන්නෙ මේ NTFS.sys හරහා ඉතිං මේං මේක අක්‍රිය වුනා කියන්නෙ........... ඕං ඔය තත්වය උදාවෙනවා
• හාඩ් ඩිස්කය පරීක්ශා කිරීමට බාවිතා කල හැකි යම් යම් මෘදුකාංගයන් බාවිතා කර පරීක්ශා කිරීම.  disk defragmenters තමයි හොදම සොෆ්ට්වෙයා එක.. ඒක වෙනම ගන්න ඕනි නෑ... මෙහෙයුම්පද්ධතියේම ස්ථාපිතයි. 
• නිවැරදි ලෙස වින්‍යාශ ගත නොකල (Malfunctioning) SCSI සහ Advanced Technology Attachment (ATA) හාඩ් ඩිස්කයන් හ ඒවාට බාවිතා වන drivers නිසි ආකාරයෙන් සකස් කිරීම. මගින් මේ දෝෂය වළක්වාගන්න පුළුවන්.. 


චරිතය : Stop 0x0000000A or IRQL_NOT_LESS_OR_EQUAL
kernal interrupt request level එක එහෙමත් නැත්නම් IRQL එක ඉහළ තත්වයකදීත් මෙම තත්වය ඇතිවෙනව... ඉතිං මේකට ප්‍රධාන හේතුවක් විදියට අලුතෙන්ම පරිගණයකට ස්ථාපනය කළ software එකක් හෝ hardware device එකක් හෝ ඊට අදාළ නොවන driver utility එකක් නොගැළපීමක් නිසා... ඉතිං මොනව කරන්නද..? මේක ඉවත් කිරීමක් සිදුකලයුතුවෙනවා... Hardware device එකක්නම් මෙය ගලවාදැමීමෙන් කරගන්න පුළුවන් කියල උඹට හිතෙනව ඇති... ඒත් install කරපු software එකක්... Driver එකක් නම්... ඒක කරන්න පරිගණකය switch on කල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීමට පෙරාතුරුව F8 key press කිරීම මගින් Safe mode වෙත පිවිස uninstall කරගන්න පුළුවන්.. 

චරිතය : … Stop 0x0000001E or KMODE_EXCEPTION_NOT_HANDLED මේං මේකත් ප්‍රධානව Driver utilities නොගැළපීම නිසා ඇතිවන තත්වයක්.. විටෙක මෙය win32.sys පද්ධතිය ස්ථාපිත software සමග ඇතිවන අසමානතාවලදීත් මතුවෙන්න පුළුවන්.. මේකටත් පිළියම ඉතිං Safe Mode සරණං ගච්චාමි තමයි ඈ... 

චරිතය :… Stop 0x0000002E or DATA_BUS_ERRORමේක නම් ඉතිං මවුපුවරුව එහෙමත් නැත්නම් motherboard එකත් level 2 chache memory සහ video memory අතර ගැටුම් තමයි... ඉතිං කළයුතු හොදම දේ මවුපුවරුවට ගැළපෙන RAM (RAM කිව්වම ඉතිං උඹල අහයි SD ද DDR ද අනංමනං ද කියල.. SD RAM ගැළපෙන මවුපුවරුවකට DDR කොහොම ගහන්නද බොලව්...? DDR 1 එකකට DDR3 කොහොම මැච් කොරන්නද..? ඒකක් නෙවෙයි RAM එකෙත් තියනවා Bus speed එකක්... chache memory එකක් ආං ඒවායි ගැළපිය යුතු ඈ...)

චරිතය : …Stop 0x00000079 or MISMATCHED_HAL Ntoskrnl.exe සහ Hal.dll යන ඒවා update නොවීමක් නිසා මෙම තත්වය ඇතිවෙනවා... බොහෝවිට උඹල කරන ප්‍රධාන වැරැද්දක් මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කරද්දී files skip කිරීම.. ඕං ඕකයි ප්‍රධාන වරද.. 


නිල්තිරේ ලෙඩ කල්තියා දැන ගැනීම සහ මයික්‍රොසොෆ්ට් සමාගමින් online help ලබාගන්නත් පුළුවන්.... මයික්‍රොසොෆ්ට් එකෙන් අපේ කම්පියුටරය හදනවා කියන්නෙත් ඉතිං තවත් එක් අමුතුම කික් එකක්නේ... ඕං එහෙනම්.
…Start >> search box එකේ event viewer කියල ටයිප් කොලා... ඔය ඉතිං නිල්තිරේ ලෙඩ බලන්නම විතරක් නෙවෙයි system එක තුළ සිදුවන ක්‍රියාකාරීත්වයන් සේරම පෙන්වන්නෙ Windows Logs >> System එක ඇතුළෙයි... මගේ නම් events ලක්ෂයකටත් ආසන්න සංඛ්‍යාවක් ඈ.. ඕං ඔය අතරෙ අතරින් පතර Warnings කිහිපයක්ම.... ඕං ඔය Warning එක නිල්තිර එන්න කලින් උඹවත් මාවත් දැනුවත් කරන තැන... නිල්තිරේ එන්න කලින්ම ලෙඩේ හොදකරගන්න මයික්‍රොසොෆ්ට් සමාගමේ ලෙඩවාට්ටුවට ඔයාගෙ කම්පියුටරයත් ඇතුළුකරන්න පුළුවන්.. කොහොමත් ඉතිං ඩොක්ටර් ව පෙන්වන්න කලින් අපිටත් පුළුපුළුවන් දේ කරගන්න Event Log Online Help හරහාත්.... මයික්‍රොසොෆ්ට් සමාගමේම තාක්ෂණික නිළධාරියෙකු හරහා අපේ පරිගණකය සකසා ගන්නත් අපිට පුළුවන්  

  ජිලාගේ නිල්කතාව නොහොත් ජිලාගේ බ්ලූ ෆිල්ම් එකේ කතිකාව මතුසම්බන්ධයි... නිල්කතාවේ තවත් කොටසක් සමගින් යළිත් හමුවන බලාපොරොත්තුවෙන් කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 42 නිමාව දුටු වගයි.. කතාව අසාසිටි උඹට ගොඩාක් ස්තුතියි..

ජිලාගේ නිල්කතාවේ දෙවනි කොටසත් නිකුත්වී අවසන්... මෙතනින් එබෙන්න... Blue කොටස 2

27 comments:

  1. අඩේ එල ජිලා අය්යන්ඩී, මටත් ඔය නිල පෙනුනා, බුකියට බැස්සම එකෙක් කියනවා රැම් එක බුරුල් ලු, අලුතින් ගත්තු එකේ කොහෙන්ද අප්පේ බුරුලක් වෙන්නෙ, පස්ට ඈ

    ReplyDelete
    Replies
    1. සහෝ....සකුන.. මින් ඉදිරියට නම් නිලපෙනෙන්න කලින් හදාගන්නත්... නිල් පෙනෙන කම්පියුටර් වලට විසදුම දෙන්නත් උඹට හැකියාව තියෙනවා ඈ... උඹට ජය!

      Delete
    2. අනිවා, එල ඈ... සුප්පා, චෙක් කරලා හදාගත්තා, දිගටම ලියන්න... ඔයාටත් ජයෙන් ජය

      Delete
  2. එල එල ජිලා....නියම පෝස්ටුවක්......

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු තැන්ක්‍යු ඈ...

      Delete
  3. නියමයි සහෝ කට්ටියට ගොඩක් වැදගත් වෙයි ... දිගටම ලියමු . (y)

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම දන්නදේ කියලදෙන්න අනිවාර්‍යෙන්ම මම ඉදිරියටත් ගොඩවෙනවා....

      Delete
  4. ජිලා ඉතින් දැම්මොත් දාන්නේ සුපිරිම පොස්ට්නේ එළකිරි ජිලා.

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු තැන්ක්‍යු මචන් සුනෙත්.... (Y)

      Delete
  5. anu

    ela kiri bosa ....... ona karapu post ekak..... wedi wediyen hariyannna ona meewa kiyala denna welawa naasti karanawata.....thanks

    ReplyDelete
  6. එල එල නියමයි ඈ... මම හසුනා මතකද. ඔයාගේ නම්බර් එක නැතිවුනා සහෝ...

    ReplyDelete
    Replies
    1. මොකදෑ මතක නැත්තෙ....? මතකයි මතකයි... මමම කෝල් එකක් ගන්නම්කෝ ඈ... :)

      Delete
  7. khmda bn blue screen wena eka hdgnne ethkda?
    mn freemake vid converter eken dvd burn krnna yanakota burn click krpu gman moniter off wenwa.cpu eka wda.keyboard eke lights on eke.bt monitor enne na.ita passe restart button click krla thma on kargnne ayema.safe mode ghllth burn krgnna ba bn..vid files nkn cnvert krnnath ba.iye idan me okkama.kalin ehma aulk une na.puluwnnam help eka denna...

    ReplyDelete
    Replies
    1. යහළුවා.. පෙනෙන විදියට නම් ඔය තත්වය නිල්තිරයට අදාළත්වයක් නැහැ.. නිසැකවම මෙය ස්ථාපිත මෙහෙයුම්පද්ධතියෙන් හටගත්තක්... ඒනිසා... මෙන්න පිළියම..
      …http://jilmarts.blogspot.com/2012/07/corrupted-windows-files.html

      Delete
    2. මං ස්කෑන් කෙරුවා.. මුකුත් අවුලක් නෑ කියලා තමා යාලු කියන්නේ.. අනේ මන්ද මොකද මං මේකට කරන්නේ? මට ඒ වීඩියෝ කන්වර්ටර් එක භාවිතා කරන්න ඕනෙමයි..

      event viewer එක චෙක් කලාම වීඩියෝ කන්වර්ටර් එක ගැන Warning එකකුත් තිබුනා.අනික Warnings,Errors, බර ගාණකුයි Critical කියලා ඒක ඉස්සරහින් kernel power කියලාත් වැටිලා තිබුණා. කොහොමද ජිලා කොම් එක හදාගන්නේ? පුළුවන්නම් කියලා දෙන්න ඈ......

      Delete
  8. thanx machn..mn try karla blnnm..

    ReplyDelete
    Replies
    1. mage kaln blue screen eka depark wthra awa bn..mta tkak apahadili machn hdagnne khmda kiala.puluwnnm phadili karnna tkak..

      Delete
  9. godak watinawa hode..... matah dan oya lede tiyenawa epa wenawa....

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Problem signature:
    Problem Event Name: BlueScreen
    OS Version: 6.1.7600.2.0.0.256.1
    Locale ID: 1033

    Additional information about the problem:
    BCCode: 116
    BCP1: 85D38008
    BCP2: 940E8A30
    BCP3: 00000000
    BCP4: 00000002
    OS Version: 6_1_7600
    Service Pack: 0_0
    Product: 256_1

    Files that help describe the problem:
    C:\Windows\Minidump\110913-28891-01.dmp
    C:\Users\Bojaya\AppData\Local\Temp\WER-53024-0.sysdata.xml

    Read our privacy statement online:
    http://go.microsoft.com/fwlink/?linkid=104288&clcid=0x0409

    If the online privacy statement is not available, please read our privacy statement offline:
    C:\Windows\system32\en-US\erofflps.txt

    මේ අව්ව්ල මොකක්ද සහෝ ?

    ReplyDelete
  12. Jilo matakada kalayak matat oya lede tibba..ammapa uba nam maarai jilo..

    ReplyDelete
  13. mage macin eka farmat wela thiyenne. xp danna ba. 0x0000000A erro eka enawa. xp danna kalin safe mode karanna barida

    ReplyDelete
  14. නියමයි ඇ ...හරි වැදගත් ඔය වැඩේ නම්...
    (එත් දැන් නම් 100% linux, blue screen එන්නේ නැහැනේ vmware වලදී...)

    ReplyDelete
  15. එ බන් ජිලො මී මල දානෙ එන්ට කලියෙන් හොයාගන්ට විදියක් නෑද්ද?

    ReplyDelete