Friday, July 19, 2013

සොෆ්ට්වෙයා කෑලි නෑ... USB pen drive එකෙන් Windows Operating System දාමු... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 41)


දැන් ජිලා හැම සති අන්තයේ කරාපිටිය හොස්පිටල් එක පැත්තෙ සැරිසරනවයි කියල කසුකුසුව.... ජිලාට ලව් මේනියා කියන බරපතල රෝගීතත්වයක් නිසා ප්‍රතිකාරගන්න යනව කියල සමහරක් එවුන් නොදන්නව නෙවෙයි.. ඒ ලෙඩේ උත්සන්න උනාම අනිවාර්‍යෙන් ප්‍රතිකාර කරන්න ඕනිනේ..පැනඩෝල් පෙත්තක්... ඇක්ටිෆාස්ට් පෙත්තකින් තරමකහෝ සුවයක් විදින්නත් ජිලාට බැහැලු.. හොස්පිටල් එකේ එක ශල්‍ය ව්‍යදවරියකගෙ මුහුණු පොඩිත්ත දැක්කම  ලෙඩේ සුවවෙනවලු.. අත්ගුණයද... මොනගුණයද.. ආශ්චර්‍යද මන්දා ඕකයි ඇත්ත.. උඹලත් ලව් කරනව ඇති... සමහරුන්ට ඒ ලෙඩේ හැදිලත් ඇති... ඒත් ජිලාගෙ තත්වෙ බරපතලයිලු...සති අන්තයේ විතරනෙ දැකගන්නත් තියෙන්නෙ. . ඉතිං සතියක් පුරාවට ජිලා දුක්විදිනව.. උඹල අහයි ඇයි හරකෝ ෆොටෝ කෑල්ලක්වත් නැද්ද කියල... අජීවී දෙයකින් සජීවී දෙයක් දකින්න ජිලා කැමතිනෑ... ඒනිසා නෑ...
… දෙන්නම ටිකක් කාර්‍යබහුලයි... ඒත් ජිලාට වඩා එයා... පවු අසරණ එකී..
…ජිලාගෙ ඔපරේෂන් වාට්ටුවට ගොඩවෙන්නෙ කම්පියුටර් තියන ඈයො.... ඒකටත් දැන් වෙලාවක් කලාවක් කියල දෙයක් වෙන්කරල... ඔෆීසියල් ටයිම් එකේ මොනලෙඩා ආවත් ජිලාට ඒදිහා ඇහැක් ඇරල බලන්න බෑ... ඔෆීසියල් ලෙඩ්ඩුහැරුණම.. රාත්‍රී 8 සිට අළුයම 12 දක්වා බුකියෙ ප්‍රතිකාර.. අළුයම 12 සිට අළුයම 02 දක්වා ජිලාගෙ පුද්ගලික ලෙඩවාට්ටුව.. ඕං ඔහොමයි... අහ්!.. ඒවයින් කාරි නෑ... ෆේස්බුකියට ගොඩවැදුණ වෙලාවෙ ජිලාගෙ එක්තරා ගජ යහළුවෙක් වන නිලුපුල් කියල බුවෙක් ජිලාව චැනල් කරන්න එක්තරා බුකියේ හොස්පිටල් ගෘප් එකක කමෙන්ටුවක් දාල තිබුණ pen drive එකකින් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කරගන්නෙ කොහොමද කියල..  ඉතිං ඒකට උත්තර බැදපු මම ඒ කමෙන්ටුවම මේකටත් ඇදල දැම්මෙ උඹලටත් මේක වටිනවා යැයි කියල හිතුණ නිසා හරිය..
…දැන් දොස්තර ලේබලයක් අලවගත්තු හොරදොස්තරලත් හැමතැනකම නිසා උන් දෙන
එක එක සොෆ්ට්වෙයා කෑලි අතරින්පතර හමුවෙයි... උඹ හොදාකාරවම දන්නවා එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව ගේම් අදින එකෙක් කියල මම.. ඒනිසා සර
ලව... විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව ළගතියන pen drive එකයි.. වින්ඩෝස් මෙහෙයුම්පද්ධති CD හෝ DVD තැටියයි අරගෙන වැඩට බහිමු..
මම මේ කියන පිළිවලට කරගෙන යමු එහෙනම් ඈ...
මුලින්ම ඉතිං උඹේ pendrive එකයි windows CD /DVD එකයි දෙකම දාගෙනහිටියනම් වැඩේ පහසුයි නොවැ.
හලි එහෙනම්... එක එක විගඩම් සොෆ්ට්වෙයා කෑලිනැතිව හරිම පහසුවෙන් ෆෝමැට්කරන්න pendrive එක හදන සූත්තරේ....
Start menu >> All programs >> Accessories >= right click on Command Prompt හැබැයි පුතෝ දැන් මේක Run as Administrator හරහා තමයි ඕපන් කරගන්න ඕනි ඈ...
හලි... දැන් එහෙනම් පිළිවෙලට ඔය ඕපන් වුනු කලු රෙද්දේ මෙහෙම කොටමු... කොටල විතරක් මදි enter කරන්නත් ඕනි...ඈ...
diskpart කියල කෙටුවා එන්ටර් කොලා
List disk කියල කෙටුවා එන්ටර් කොලා
මෙන්න බොලේ.. මෙන්න මෙතනදි සැලකිල්ලෙන් උඹේ pen drive එක තෝරාගන්න ඕනි... ඔය තියෙන්නේ Disk කියල ලේබලෙත් එක්කම.. අදුනගන්න ගොඩාක් පහසුයි size එක දිහා පොඩ්ඩක් ඇහැ කැරකැව්වනම්..
හලි දැන් select disk 2 කියල කෙටුවා එන්ටර් කොලා (මේං මෙතන 2 කිව්වෙ මගේනම් pendrive එක හරිය.. )
දැන් ඉතිං ආයෙමත් clean කියල කෙටුවා එන්ටර් කොලා
create partition primary කියල කෙටුවා එන්ටර් කොලා
select partition 1 කියල කෙටුවා එන්ටර් කොලා (මෙතැන මේ select partiton 1 කිව්වෙ අපේ මුළු pendrive එකේ size එකම තනි partition එකක් විදියට ගත්තයි කියන එක ඈ... )
දැන් ආයෙමත් active කියල කෙටුවා එන්ටර් කොලා
format fs=ntfs කියල කෙටුවා එන්ටර් කොලා
දැන් ඉතිං NTFS (මේක මේ වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියේ file system එක නොවැ.) ෆෝමැට්ම වෙලා එද්දෙන් කියල ටිකක් බලාගෙන ඉමුකො. අම්මටහුඩු 100 percent completed >> Diskpart successfully formated the volume ලු... එලම තමා ඈ...
දැන් ආයෙමත්.. assign කියල කෙටුවා එන්ටර් කොලා
exit කියල කෙටුවා එන්ටර් කොලා
හලී...
දැන් ආයෙමත් ඈ... කලු රෙද්ද දිගහැරගන්න... දන්නවනේ... දන්නෙ නැත්නම් උඩ බලපන්...
හලි... මගේ වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය තියෙන DVD එක තියෙන්නෙ H කියන ලෙටර් එකේ ඈ..
H : cd boot කියල කෙටුවා එන්ටර් කොලා
cd boot කියල කෙටුවා එන්ටර් කොලා
bootsect.exe /nt60 i: කියල කෙටුවා එන්ටර් කොලා (මේං මෙතන i කිව්වෙ මගේ pendrive එකේ ලෙටර් එක හරිය.)
Successfully updated NTFS filesystem bootcode
Bootcode was successfully updated on all targeted volumes ලු බඩුමතමා...
දැන් ඉතිං exit කියල කෙටුවා එන්ටර් කොලා
තවත් ඉතිං මොනව බලන්නද අහන්නෙ නැතිව දිගහැරපන් ඔය CD එක හරි DVD එක අහවල් එක නෙවෙයි ඈ.. වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය තියන එක ඈ.. ඒකෙ තියන ඔක්කොම ලට්ටපට්ට කොපි පේස්ට් කිරිල්ලක් තමා දැන් තියෙන්නෙ... ඕං ඕව ඔක්කොම උස්සල උඹේ pendrive එකට දාපංකෝ...
දැන් ඉතිං සුභ නැකතක් බලල උඹේ ඔය pendrive එකේ සරණිං වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය දාගන්න පුළුවනි හරිය...
හලි හලී ආඩම්බරයි ජිලෝ ඈ.... අහ්!... ජිලා කියන්නෙ වෙන එකෙකුට... උඹ ජිලාගෙ ගජයා... එහෙව් එකේ උඹ ගැනත් ආඩම්බරයි මචෝ...

20 comments:

  1. එකෙම්ම එල ඈ. උඹනං ජිලෝ Computer වලට සෙත සලසන්න මෙලොවට බැහැපු දෙයියෙක්......... !

    ReplyDelete
    Replies
    1. මට දැන් නම් ක්ලාන්තෙ වගේ දැණුනා..... :D ඒත් තැන්ක්‍යු වේවා කමෙන්ටුවට. (Y)

      Delete
  2. ඒ උබනං මරු ඈ....
    කාලයක් තිස්සේ හොය හොය හිටපු එකක්.....
    තෑන්ක්ස් ඈ....
    ආ අමතක උනා...
    අර දොස්තර නෝනටයි උඹටයි සුබ මංගලම් ඇ....

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හෝම්ස් සහෝ... සුභපැතුමට තැන්ක්‍යු හොදේ.... :D (Y)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එලමකිරි ඈ... ප්‍රතිඵලය ස්ථිර බව දනිමි... ;)

      Delete
  4. windows dammata passe pen eka normal vidiyata use karanne kohomada??? mama thaama wada patan gaththe na. koranna kalin ahuwe.

    ReplyDelete
    Replies
    1. BIOS මතින් Boot Priority එන්න එතැනින් 1st Boot device එකට ඔයාගෙ pen drive (USB) දෙන්න... දැන් සුපුරුදු පරිදිම තමා

      Delete
  5. boot karanna nemeida thiyenne pen eken. ita passe normal vidihata api DVD eken danawa wage nemeida pen eken danne.

    ReplyDelete
    Replies
    1. ඒ විදියටම තමා සහෝ... මෙතැනදි ඇති එකම වෙනස DVD / CD වෙනුවට ඔයාගෙ pen drive එක භාවිත කිරීම...

      Delete
  6. mcho, win DVD 1 natwa .iso file 1 khmada bootable widiyata pen 1ta daagnne?

    ReplyDelete
    Replies
    1. iso file eka mount karala daganna

      http://thaksalava.com
      http://www.hotldv.info

      Delete
  7. එළකිරි මචෝ.....!

    ReplyDelete
  8. mcho, mama software 1 pen 1 bootable karala os 1 damma dan mage pen 1 plug karahama pennane na mekata help 1 denna

    ReplyDelete
  9. Machn me wade hari athi. Eth win 7 dala thiyena com ekakata. Pen eken xp danna beri ai?

    ReplyDelete
  10. Jila CD rom ekak nathi ewatane bn pen eken danne. Eka ta power iso CD rom ekak vidiyata hada gaththoth aulk weida?

    ReplyDelete
  11. Kiyapanko jilo. Pen eka aye hada ganne kohmada?

    ReplyDelete
  12. oya marama mara dewi kenekne, thanx me wage thawa wada godak karanna mewwa eka labenna kiyala man prarthana karanawa

    ReplyDelete