Monday, December 17, 2012

Windows7 ... ඇත්තටම මම Admin ද..? (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 35)

හරියටම සතියකට දෙකකට කලින් බෙහෙත් ගන්න කියල ඉස්පිරිතාලෙට ගිහින් චැනල් කරපු ඩොක්ටව ගන්න පෝලිමේ හිටපු මාව පෝලිමෙන් එළියට ඇදල ගත්තෙ ඩොක්ට අංකල්ට මගේ ඇගට අත තියන්න තියන ආසාව වැඩිකමටද නැත්නම් මිසී නෝනලට මගේ ඇගට අතතියන්නද කියල පෝලිමේ මුලින් හිටපු උන් මගේ දිහාවට  ඇස් කැරකැව්වෙ අහින්සකයෙක් දිහා බලන බැල්මෙන්ද නැත්නම් උන්ගෙ චාන්ස් එක මම නැති කරපු හින්ද්ද කියලනම් මම තවමත් දන්නෙ නැහැ.. හැබැයි පුද්ගලික හැදුනුම් කමක් නිසාම මම අරගත්ත කියල හොදටම තේරුණේ මට සලකපු විදියට.. කොහේ ගියත් ජිල්මාට්ස්ට තැන.. වෙලාවකට මේක මොන කරුමයක්ද කියලත් හිතුණ වෙලාවල් නම් අනන්තයි අප්‍රමාණයි..
චැනල් කලේ ඩොක්ට අංකල් නෙවෙයි ඇතුළෙ ඉන්නෙ..මාර සීන් එක ඇහුවම කිව්වෙ ඩොක්ට රට ගිහින් එන්නෙ ජනවාරි මාසෙ කියල.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ හිටපු ලේඩි ඩොක්ටට ඉතිං සේරම ලෙඩේ ගලපන්න උණා.. ඒ අස්සෙ විස්තරේ ගලපගෙන යනකොට ලේඩි ඩොක්ට මගේ ගැනත් අහනව.. ලෙඩේ පැත්තක දමල මම ඒකට උත්තර බදිනව.. ඒ අස්සෙ ඔපරේෂන් එකක් ගැනත් කියනව වගේ ලාවට ඇහුණ.. අප්පොච්චියේ මට ඔපරේෂන් එකක් කරන්නම වෙනවලු.. කතාව ඇහුවම ඇගේ ලේ ටික වතුර උනා.. මෙයා මාව කපන්න කොටන්නයි යන්නෙ.. ගත් කටටම කිය උණේ ඩොක්ට අංකල් ආවම කරමු නේද කියල... එයාටත් ඕන කියනව ඇහුණෙ ඒකම තමයි මගේ ඇගට අතතියන්න භයයිලු .. මෙහෙම හිටියට කොල්ල වසයි කියල ඒ ඩිංගට එයාටත් ඒක තේරුණේ මගේම වාසනාවට.. හික්ස්..
ඔය ඩොක්ටවත් අදුන ගත්තු එකත් හොදයි කියල කිව්ව.. මම බැලුව තවත් ඩොක්ට කෙනෙක් මගේ පිටිපස්සෙන්වත් ඉදගෙන ඉන්නවද කියල මම හැරිලත් බැලුව..කෝ නෑනෙ කවුරුවත්ම.. එයාට පිස්සු හැදීගෙන එනවද නැත්නම් මට පිස්සු හැදීගෙන එනවද..? කියන දේවල් වැරදියට ඇහෙන්න.. අනේ මන්දා.. පස්සෙ කියපි කම්පියුටරේට සොෆ්ට්වෙයා දැම්මට මොකෝ ඒව අයින් කොරගන්න බැහැයි කියල.. දැනුයි තේරුණේ ඩොක්ට කතාව..  ;)  පුංචි පහේ ප්‍රතිකර්මයක් නොවැ කොරන්න තියෙන්නෙ.. කෝ බලමුද ලෙඩාව..?
අහා.. මෙහෙයුම් පද්ධතිය windows 7 නේද..? මේකෙ Administrator ව enable කරල ගත්තනම් හරි. :D එතකොට මේ මම Admin නෙවෙයිද..? කියල අහපි.. නෑ නොවැ.. කවුද කියන්නෙ ඒ ඇඩ්මින් කියල එහෙනම් අපි රියල් Administrator account එක හදාගනිමු නේද..? හ්ම්ම් මේං මෙහෙමයි කොරන්ට තියෙන්නෙ..
…මෙතනින්..එතන්ට..එතැනින් මෙතැනට එන්නකෝ..

Control panel > Administrative Tools > Local Policy > Security Options > Accounts
දැක්කද එහා පැත්තෙ Administrator account status :එක Disable කියල තියනව.. ආං ඒක උඩ double click or right click කොරල enable කරගන්න එකයි කොරන්න තියෙන්නෙ..
දැන් ඉතිං ඔය ඉන්න අකවුන්ට් එකෙන් switch user හරි log off කරල හරි බලුවනම් පෙනෙයි එළියෙන් Administrator කියල account එකක් තියෙනව..
…ලේඩි ඩොක්ටගෙ වැඩෙත් කරල එයාම ලියල දීපු  එයාගෙ මොබයිල් ෆෝන් නම්බර් එකත් අරන් ජිල්මාට්ස් ගෙදර ආවෙ ජනවාරි 23 වෙනිදට කපනව කොටනව කියපු එයත් එක්ක මේ ඉන්න දවස් ටිකෙත් එයත් එක්ක චැට් කොරන්න.. වැරදියට හිතන්න නම් එපා ඒ ලේඩි ඩොක්ට මැරි කරල නැති නිසා නම්බරේ ගත්ත කියල හිතන්න එපා.. එයා මගේ අක්කියෙක් වගේ හරී.. උඹලගෙ කටවල් ගැන දන්න නිසාමයි මම මුලින්ම මේක කියන්නෙ ඈ...  ;) මම දන්නව ජිල්මාට්ස්ගෙ සෙටාර් එක කවදාවත් ජිල්මාට්ස්ට බොරුවට කතා හදන්නෙ නෑ කියල..  (Y)


30 comments:

  1. එල එල ජිලා

    ReplyDelete
  2. aniwaryenama machan ranuwa niyamay a ela ela thanx me karana udaw walata

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් ලක්ෂිත.. (Y)

      Delete
  3. Replies
    1. තෑන්ක්ස් මචන් ගිම්හාන.. (Y)

      Delete
  4. Replies
    1. තෑන්ක්ස් කවිදු... (Y)

      Delete
  5. ඔය කපන කොටන වැඩ වලදි පරිස්සමිං ඈ........

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා.. මමත් මේ භයෙන් තමා ඉන්නෙ.. ඒ නිසා හොදට කපන කොටන එවුන් එක්ක ෂේප් එකෙන්ම ඉන්න ඕන ආදරෙන්... ;)

      Delete
  6. Replies
    1. එල එල ඈ..වැඩටික කොරගනිල්ලකෝ... ළගදිම අලුත් සෙල්ලමකින්ම හම්බෙමු ආහ්... :D

      Delete
  7. Replies
    1. (Y) තෑන්ක්ස් මචන් සුනෙත්..

      Delete
  8. කෝ බන් , සද්දේ තරමට වැඩ නැහැනේ බ්ලොග් එකේ ?

    ReplyDelete
    Replies
    1. අම්බෝ..සද්දෙ දාගෙන වැඩ අපි ළග නැහැනෙ.. දන්න කියන දේවල් හෙමි හෙමිහිට මගේ සෙටාර් එකත් එක්ක බෙදාගන්නව.. සද්දෙ දාගෙන මෙව්ව ටික කියල දෙන්න ගියොත් මෙව්වගෙත් අගයක් නැතිවෙනව නේ.. මගේ දේ අගේ නැතිකරගන්න මම කැමති නෑ අනේ..

      Delete
  9. Control panel > Administrative Tools >කියල තිබුනත් මගේ එකේ Local Policy කියල එකක් නැහැනේ ... Local Security Policy කියල එකක් තියනවා ..එකට ගියත් අනිත් ඒවා නැහැ නේ ...එකට මොකද කරන්නේ ???

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් බලමු එහෙනම් වැඩේ කොරගන්න බැරිද කියල ඈ...
      …Start > Control Panel > Administrative Tools > Local Security Policy > Security Settings > Local Policies > Security Option > Accounts : Administrative account status : ....... මෙන්න මෙතන Disabled තියෙන්නෙ මේක Enable කරගන්නයි ඕන..

      Delete
  10. ethakota apita ape settings ehemath aye mula idan hadanna wenawaneh machn.......da?

    ReplyDelete
  11. ethakota apita ape settings ehemath aye mula idan hadanna wenawaneh machn.......da?

    ReplyDelete
  12. Replies
    1. පට්ට නම් පට්ටම තමා ඈ... (Y)

      Delete
  13. නියමයි....බ්‍රදර්....තැන්ක්කියු....ගොඩ් බ්ලෙස්ස් යූ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් sweet heart.. (Y) May God Bless You..

      Delete
  14. thanks saho,hemadamath itin apita watina kiyana deyak denna inne uba witharai

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සහෝ.... දන්නදේ කියලදෙන්න මම ඉන්නවා හැමදාමත් ඔබ ළගින්...

      Delete
  15. CMD haraha net users Administrator /active:yes kiyana command eken wenne th me de ma da ayya ? :)

    ReplyDelete
  16. How to add Chinese keyboard to windows 10? Windows 10 Offers us to add one or multiple keyboards. If you want to type in Chinese, you should have to follow the procedure. Also, you will also understand why you’ve configured with the wrong keyboard and the wrong language and how to get rid of this problem. Normally you don’t need to change your windows language settings. But if you want to type in Chinese languages and want to type any Chinese letter or word, you must have to change the language settings. That’s why I am going to let you know how to type chinese in windows 10.

    Here you’ll find two methods for windows 10 Chinese handwriting input. Following the way step by step, you’ll find it much easier to add any language keyboard. Also, I’ll give you some tips to avoid and solve the common problem related to language and keyboard. Before wrapping up the article, I’ll answer some common questions on adding the Chinese keyboard.

    ReplyDelete