Friday, November 2, 2012

එකම බ්‍රවුසරේ.. ඔරිජිනල්... ෆේක්.. දෙකෙන්ම චැට්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 33)

මල්සරා මල් හීයෙන් පපුකෙනිත්තටම හීයෙන් විද්දම පපුකෙනිත්ත සොයන්නෙම රාගෙයි..ආදරෙයි.. කෙල්ලො කොල්ලො පස්සෙ යනව කොල්ලො කෙල්ලො පස්සෙ වහ වැටිල දුවනව.. අනේ මන්දා.. මේ මල්සරාගෙත් හීය ජිල්මාට්ස්ටත් වැදිලද මන්දා... කොලුකමද ... නැත්නම් වල්කමද කියලනම් දන්නෙ නෑ..අහන්නත් එපා... කෙල්ලෙක් කිව්වම ඇඹලය වගේ... සීනි වලට එන ඇඹලය මීට හොදයි... ඒත් එක පැටික්කියෙක්වත් ජිල්මාට්ස් එක්ක වැඩි දවසක් ඉන්න එකනම් පුදුමයි දාන ටෝක්ස් වලට.. මේ දවස් වලත් පැටික්කියො දෙන්නෙක් තුන්දෙනෙක්ම ජිල්මාට්ස්ගෙ සරාගී කුමරිය වෙලා... එකක් නෙවෙයි දෙකක්..තුනක්ම.. තියන වලත්තකමටද වල්කමටද අහිංසක කමටද මන්දා කෙල්ලොත් නිකම් වහවැටිල වගේ.. මූණුපොතට ලොග් උනාම 20ක් 30ක් එක්ක එකදිගට චැට... ජිල්මාට්ස්ගෙ යාලුවන්ට පුලුපුලුවන් විදියට උදව් කරන ගමන් ඒ අස්සෙ කෙල්ලො එකෙක් හරි දෙන්නෙක් හරි අල්ලගෙන බරටම චැට... උඹලට ජෙලස් නැහැනේ...?
…වැඩේ කියන්නෙ ජිල්මාට්ස් කොච්චර ජිල්මාට්ස් දැම්මත් චැට් කරන්නෙ කෙල්ලෙක් එක්කද කොල්ලෙක් එක්කද කියලවත් මොන ජිල්මාට්ටුව දාලවත් සොයාගන්න බැරිවෙලා...පුලුවන් වෙනව විනාඩි කීපෙකට ඇත්තටම උන්දැ ලගට ගියානම් දැනගන්න...
…මේ ළගදි දවසක කවුදෝ පැටික්කියෙක් හරියට පුරුදු එකෙකුට කතාකරනව වගේ චැට් එකට සෙට් උනා... පැටියෝ... ඔයා මගෙම වෙනවනම්... මම ඔයාගෙමයි නේද...? මම ඔයාගෙම කරගන්නව නේද..? ජිල්මාට්ස්ට වෙන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව... ඒ අස්සෙ තවත් මේ දෙගොඩයාමෙ කරන දේවල් ගැන කියවන්න පටන් ගත්ත... හොද වෙලාවට සූර්වෙලා හිටියෙ නැත්තෙ.. නැත්නම් තිබුණ සූර් එකත් බහිනව.. මොළේ පොඩ්ඩක් හරි තිබුණ හින්දා එක ගැටයක් ලිහාගන්න ඕන කියල ජිල්මාට්ස් පැටික්කිට කිව්ව අපි මීට් වෙලා තනිවම කතාකරමුකො කියල... මොබයිල් නම්බර් එක ඉල්ලුවම ෆෝන් එකක් නැහැලු... ඒත් මීට් වෙන්න පුලුවන්ලු... මල්සරා හීයෙන් විද්දට මොකෝ.. ජිල්මාට්ස්ට විදින්න එකියක් දීල තිබුණ නැති එකේ ලබ්බටතියපු අතත් මොකක්ද වගේලු වගේ.. පාරෙ වැටිල තියන බොරලු ගලත්  මැණික් ගලක් වෙන එකේ හිතුණ ගිහින් මීට් වෙන්න.. එන්න කියපු තැනටමත් ගිහිල්ල කෑවයින් කෑවෙ නෑ... මේවගේ කට්ටක්... යාලුවො හත් අට දෙනෙක්කටමත් මාට්ටු... මෙතන මොකද කියල ඇහුවමත් කිව්වෙ ගල් කෙබ්බයක්... පැයගානක් එතැන තපල ඉදල ගෙදර ආවෙ ඇද බදාගෙන.. එහෙම ඉන්නත් බැහැනේ... කම්පියුටරේ දකිනකොට එතැන්ට්මයි එන්නෙ.. ආපුගමන් මූණුපොතෙත් කරක්ගහන එකත් පුරුද්දක් නේ.. එකෙක් කියනව කෑවද ලණුව කියල... කියපු දේ මට තේරුණේ නැද්ද..? වෙනකාටවත් යවපු එකක් මූ වරද්දගෙන මට එවලද..? බැලින්නම් ජිල්මාට්ස්ට වැරදිලා... එකෙක් ෆේක් අකවුන්ට් එකකින් ජිල්මාට්ස්ව සුපිරියටම අන්දවල... හෙන හතම ගහපිය.. දෙන්නම් බැටේ..
ෆේස්බුකියේ.... ටුවිටරියේ... පල්ස්කුවේ... ඔය කොයික කොයික කොයිකෙත් ෆේක් අකවුන්ට්ස්... වැඩිපුර අකවුන්ට්ස් තියන එවුන් සැරසියල්ලා... ඔන්න දෙන්නයි යන්නේ.... ;) ජිල්මාට්ස්ව ඇන්දුවෙ තියන එකෙන් logout වෙලා ෆේක් එකෙන් log වෙලානේ... දැන් ජිල්මාට්ස් දෙන්න යන්නෙ ඔරිජිනල් එකත් තියාගෙනම ඒකෙනුත් චැට දාන ගමන් ෆේක් එකෙනුත් log වෙලා කාටවත්ම නොදැනෙන්න යාලුවන්ගෙ ඇහැට වැලිගහල  ඇස් රතු කරන්න...
firefox එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...

 හරේ... ඔය ඕපන් කරගත්තු firefox එක ක්ලෝස් කරපන්කෝ... ඉන්පස්සෙ ඩෙස්ක්ටොප් එකේ තියන firefox එකේ ෂෝට්කට් එක රයිට් ක්ලික් කරල properties පලයල්ලකෝ... හරේ.. දැන් ගේමටම බහිමු... උඹල එහෙමනම් අපි මෙහෙමයි... ඔය ඔතන තියන  Target එකේ තියන පාත් එකට (මෙහෙමයි ජිල්මාට්ස්ගෙ පාත් එක "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe" ) දැන් කෙලවරට  පොඩියට ස්පේස් එකක් තියල  මේන් මෙහෙම මේකම උස්සල පේස්ට් කරපන්කෝ... -profilemanager -no-remote හරිනේ...( ඒක් කිව්වෙ දැන් එතකොට ජිල්මාට්ස්ගෙ අලුත්ම target එක දැන් "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe"  -profilemanager -no-remote) ඉන්පස්සෙ ඉතිං  Apply ... OK
හරි... දැන් ආයෙමත් firefox එක ඕපන් කරන්නකෝ... පොඩි වෙනසක් වෙලා ඇති.. choose user profile කියල එකක් ඇවිත් නේද...? දැන් ඔතන එකක් තියනවනේ.. default කියල තවත් එකක් හදමු... create profile එකෙන්... කැමති නමක් දීල හදල ඉවරයක් කරමු... දැන් හරි... දැන් ඔය හදපු එකෙන් එන්න... ඔය ප්‍රොෆයිල් හදන තාක් ඔයාට ෆේක් අකවුන්ට්ස් බරගානකින් යාලුවන්ව අන්දන්න පුලුවන් වේවි.. ඈ.. 
තව පොඩි වැඩක් තියනව ඒකත් ඔයගමන්ම කරගනිමුකෝ... firefox එකේ උඩ  Tools > Add-ons > get add -ons වල multi-user කියල ටයිප් කරල පොඩියට සෙවීම් පාරක් dhaanna පොඩි ඇඩෝන් කෑල්ලක් ඇති අන්න ඒකත් ඉන්ස්ටෝල් කරගන්නකෝ... දැන් firefox එක පොඩියට restart පාරක් දාල ගේම අදින්න ගේමට බහිමු... ඔරිජිනල් එකෙන් චැට් කරනගමන් හොර එකෙනුත් චැට් කරන්න...

chrome
එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...
chrome එක ඕපන් කරා... සිම්පල් විදියට ctrl + Shift + N
එබුවා.... ෆේක් එකෙන් ලොග් උනා....
හරිම සිම්පල් ප්ලෑන් එකක්..
තියන වලත්තකමට... කියල දුන්නට,.. ඉගෙනගත්තට.. ඇඩෙන්නනම් ගේම් දෙන්න එපා පුතෝ... පවුනේ...
-->

15 comments:

  1. මේකට කියන්නේ ප්‍රයිවෙට් බ්‍රවුසින් කියලා. මං දැක්ක ඒක ගැන සිරා පෝස්ට් එකක්. මේකත් හොදයි. කැමති අය ඒකත් කියවන්න http://helpitlanka.blogspot.com/2012/11/private-browsing.html

    ReplyDelete
  2. ඔය කොරෝම් එකෙන් එකවුන්ට් දෙක තුනකට එකපාර ලොග් වෙන එක නම් මමත් කලින් දැනගෙන හිටියා. ඒත් ගිණිනරියාගෙන් ඒ වැඩේ කරන හැටි දැනගත්තේ අද. හැබැයි ඉතිං ඔච්චර දඟලනවට වඩා ක්රෝම් එකෙන් එක එකවුන්ට් එකකට ලොග් වෙලා ෆයර්ෆොක්ස් හරි තව මොකක් හරි එකකින් අනිකට ලොග් වෙන එක ලේසියි.

    ReplyDelete
  3. patta pata pata..
    jilmat bro.. mata podi hlp 1k ona bn..
    ape aiyage lapata pasword 1k dala.. pswrd 1 mm danna..
    mata barida pswrd 1 dennathuwa lap 1ta athul wenna.. plz macho hlp karapanko..

    ReplyDelete
    Replies
    1. යාලුවා... කම්පියුටර් එක ඔන් වෙද්දිම F8 කී එක කිහිප වතාවක්ම ප්‍රෙස් කරන්න..හරි දැන් safe mode එකෙන් කම්පියුටර් එකට ලොග් වෙමු... නෝමලි පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මොනවත්ම නොදා enter කරන්න... ඉන්පස්සෙ ඉතින් ඔයාටම කියල අකවුන්ට් එකක් හදාගන්නවනම් control panel ගිහින් එතනින් user account එකක් හදාගන්නත් පුලුවන්.. ඔයාට අයියට හොරා user account එකක් පාවිච්චි කරන්න ඕනනම්.. මෙන්න..ක්‍රොමේ..
      http://www.jilmarts.blogspot.com/2012/10/user-account-29.html

      තව තව දේවල් ඕනනම් කෙරුවාවන් ටික බලන්න.. ;)

      Delete
  4. යාළුවා අද තමයි මම මේ බ්ලොග් එකට අවේ..
    ඇත්තටම ගොඩක් වටිනා දේවල් තියනවා...thanx මචන්

    ReplyDelete
    Replies
    1. යාලුවා.. අද ඔයා මේ බ්ලොග් එකට ආවා.. හෙටත් ඒවි... ඔයා වගේම මේවගේ දේවල් ඉගෙන ගන්න කැමති ඔයා වගේ යාලුවොත් තව ඇති... පුලුවන් නම් මේ බ්ලොග් එක ගැන අනික් අයත් දැනුවත් කරන්න.. මම මේකෙන් හම්බ කරන් කන්නෙ නැහැ..එක එක ඇඩ්ස් දාගෙන එහෙම අවශ්‍යතාවයකුත් මට නැහැ.. දන්නා දේ බෙදා ගන්න ගොඩාක් කැමති කෙනෙක් විදියටයි මේ පුංචි ඉල්ලීමක් කලේ..

      Delete
  5. sirawatama uba nam maha mola kaarayek goood luck bro!

    ReplyDelete
    Replies
    1. මම මහමොළකාරයෙක් නොවෙමි... කම්පියුටරයේ රෙදි ගලවන අශීලාචාර තරුණයෙකි... වල්මත් වූවෙකි... කම්පියුටර් කාමාශාව ඉහවහා ගියපු එකෙකි... :D එනිවේ දිරිමත්කිරීම ගැන උඹට ඵිං...

      Delete
  6. machan meka harigiye nane bn..mata karaganna bariunaa

    ReplyDelete
    Replies
    1. ජිලා එක්ක ඉන්න කාටවත් ජිලාගෙ පෝස්ටු ගැන වැරදීමක් වෙන්න බෑ.. ජිලා එහෙම වරදින්න දෙන්නෙත් නෑ... ඉතිං පසිදු කොතැනකද ඔයාට ගැටළු මතු උනේ...? යළිත් කරන්න උත්සාහ කරන්න... අපහසුවුවහොත් ෆේස්බුකියේදී ජිලාව අමතන්න පුළුවන්... ජිල්මාට්ස්ගේ බයිලාවෙන් ජිලාගේ ෆේස්බුකියට එන්න....

      Delete
  7. multi-user දැම්මහම add-ons ගොඩක් එනවනේ බං

    ReplyDelete
  8. machan mage kalin da gatta bookmark okkoma ain wela...mt e tika aye ganna widihak nadda

    ReplyDelete
  9. මචං ජිලෝ හෙල්ප් එකක් ඕනි මගෙ 16gb and 4gb micro sd කාර්ඩ් දෙකක්ම තියෙනවා raw ඩිස්ක් වෙලා.. මේවගේ ඩේට නම් රිකවර් කරගත්තා..ඒ දෙක ආයේ පාවිච්චි කරන්න බැරි වෙයිද

    ReplyDelete
  10. phone number eka ewana jilo oyage

    ReplyDelete