Friday, October 5, 2012

user account එකක් හැංගිල්ල (කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 29)

ගමේ හැදිච්ච කොල්ලෙක් විදියට පුංචි කාලෙදි එක එක අහුමුලු වල හැංගි හැංගි එක එක නටපු සෙල්ලම් ජිල්මාට්ස් ඉස්කෝලෙදි අයිය කාලෙදි හැංගි හැංගි නටපු සෙල්ලම්... නාඩගම්... මතක් වෙනකොටත් ඒ මතකෙටම යනව.. හරිම ලස්සනයි කියල හංවඩු ගහපු එක එක කෑලි පස්සෙ ගිහින් හරි පුංචි පහේ සිගිති ආතල් හරි ගත්ත.. ඒ ඒදවස් වල කලේ කොලුකමට.. විසේකාර යෞවනේ පොපියන චමත්කාරයලුනෙ... ඔය දවස් වලම තමයි ඉතින් ඔය මදන විසේ ද මොකක්ද විසයකුත් හැදුණෙ.. ඔය කාලෙට ඉතින් කොල්ලව ප්‍රවේශම් කරන එක තමයි ගෙදරට තිබුණ එකම පුරස්නෙ... කොල්ලව නාවල සෝදල  ගත්තනම් කොල්ල පිරිසිදුයි කියල කතාවකුත් අහල තිබුණ.. ඒත් කොහෙද ඉතින් පාටියකටවත් යන්න ගෙදරින් පර්මිෂන් ගන්නෙත් ගෙදර බුදුන්ට දෙකට තුනට නැමිල බොහොම අමාරුවෙන්.. ඒ ගත්තත් පොඩ්ඩ පරක්කු වෙනකොට විනාඩි පහෙන් පහටම ගෙදරින් කෝල් එනව.. කොල්ලෙක් වෙලත් සමහර වෙලාවල් වලට මටම ලැජ්ජයි මහ රෑ දෙගොඩ වෙනකම් කෙල්ලොත් ඉන්නවනේ.. පාටි වලට ඇවිත්.. දැන් කාලෙ කොල්ලොද කෙල්ලොද නාවල සෝදල ගත්තම පිරිසිදුවෙන්නෙ..? අනේ මන්දා.. බරපතල ප්‍රශ්ණයක් හිතට නැගිච්ච...
ගෙදරට හොරෙන් කරන වැඩත් ඉතින් තියෙන්න ඕන නෙ... ;) ඒ හින්දමයි ඒ කාලෙදිම කාමරේට වෙනම ලොකර් එකකුත් ගත්තෙ.. ඒ දවස් වලත් ඉතින් ජිල්මාට්ස්ගෙ ජීවිත කාලෙන් වැඩියෙන්මත් ගෙවුණෙ ගෙදර ඉන්න වෙලාවටත්.. කොම්පියුටරේ මූණෙ බැදන් නෙ.. ඕකටත් ඉතින් නොකරපු දෙයක් නෑ.. පාස්වර්ඩ් දාගෙන අනේ මන්ද හෙන හෙන සෙල්ලම් දැම්ම.. යාලුවොත් එක්ක ඉන්නකොට ඉතින් මොකවත් බෑ නෙ තනියම භුක්ති විදින්ට... මගේ දේවල් හරියට උන්ගෙ වගේ...  කාමරේට රිංගුවොත් නොඅවුස්සන එක තැනක් නෑ.. ප්‍රයිවෙට් කියල දෙයක් තිබුණොත් තියෙන්නෙ තනි වුන වෙලාවකම තමයි.. කොම්පියුටරේට පාස්වර්ඩ් එකක් දැම්මොත් ඉතින් යාලුවො අතරෙ ඒක... රහස් තියෙන්නෙ ගෙදර අයට විතරයි..ද කොහෙද..
හික්ස්... ප්‍රයිවෙට් දේවල් හැම එකක්මත් බෙදාගෙන බැහැනෙ.. ඉතින් ජිල්මාට්ස්ගෙ කොම්පියුටරේ උනත් එහෙම තමයි.. උන්ට හොරෙන් පොඩි ජිල්මාට් පාරක් දාල නොහැංගුව දේවල් නැතුව නෙවෙයි... කොච්චර කියලනම් හැංගුවද..? පස්සෙන් ගියපු.. යාලු කරගත්තු කෙල්ලන්ගෙ ෆොටෝස්..යාලුවො දැක්කත් නොදැක්ක ඒව  ටිකකුත් තිබුණ.. දැන් නම් ඉතින් සෙටාර් එකම දන්නව මූ අමු කුකුළ කියල.. තාමත් ජිල්මාට්ස්ට අවුරුදු 24යි. තවම ඉතින් ඔය හිටපු ගමන් හංගන්න ඕන කියන දේවලුත් තියනවනේ... ඉතිං හංගනව... ජිල්මාට්ස්ගෙ කොම්පියුටරේ තවත් රහස් කුටියක්.... තියෙන්න පුලුවන් කියල හිතුනෙම   නැද්ද..?
හරි.. හරි.. ඕන් එහෙනම් උඹේ කොම්පියුටරෙත් රහස් කුටියක්... රහස්  user account එකක් හදන්න ඕනෙ කියල හිතුණ නම්.. හදමු.. ඇත්තටම අපි පුංචි කාලෙ හැංගිමුත්තන් සෙල්ලම කළා මතකද...? අන්න ඒවගේ හැංගුණ අකවුන්ට් එකක් හදමු..
1. windowskey + R දන්නව නේ... කලිනුත් මේක දැකල ඇතිනේ..run එක...
2. regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ.. (Registry Editor කියල එකක් දිග හැරෙයි.. කියන්න ඕන නැහැනේ... ජිල්මාට්ස් එක්ක හිටියනම් දන්නව ඇති...)
3. මම මේ දැන් කියන පාත් එක දිගේ... මෙතනින්..එතන්ට..එතනින්..මෙතන්ට...මෙතනින් එතන්ට .... UserList එකට එන්න.... මෙන්න මෙහෙම,
HKEY_LOCAL_MACHINE > Software > Microsoft > WindowsNT > CurrentVersion > Winlogon > SpecialAccounts > UserList
 ඔන්න පොඩි පරහක්... windows7 එකේ.. Winlogin ඇතුළෙ SpecialAccounts කියල එකක් නැතිලු... හරි ඒක මෙහෙම හදමු... නෝමල් විදියට ෆෝල්ඩර් හදන විදියම තමයි... ඔය winlogin එක උඩ right click කරල new.. දැන් ඉතින් SpecialAccounts කියල ෆෝල්ඩර් එක හදනව.. ඒක උඩ right click කරල new. දීල UserList හැදුව.. වැඩේ ගොඩ..
හරි දැන් වැඩේ කොරන්නයි තියෙන්නෙ..
4. එහා පැත්තෙ Values තියන ෂීට් එකේ.. මෙහෙම..  right click > new
5. DWORD Value එක ක්ලික් කරන්නකෝ... ඔන්න කැමති නමක් දීල ඔන්න ඔතනින් අයින් වෙන්නකෝ...

දැන්නම් ඉතිං user account එක හදල නම් ඉවරයි..  දැන් ඉතින් තියෙන්නෙ ලොග් වෙන්න ඕන විදිය හදාගන්න..
Windows XP වලට සූත්තරේ...මෙහෙම...
1. Start > Control Panel > User Accounts
2. click  "Change the way users log on or off "
3. "Use the Welcome screen" මේකෙ තියන ටික් එක අයින් කොළා නම්... හරි.. 

Windows 7  ඇන්ඩ් Vista වලට සූත්තරේ...මෙහෙම...
1. Start එකට ගොහින්.. search එකේ.. netplwiz  කියල ටයිප් කරල එන්ටර් පාර දෙනව..
2. Advance ටැබ් එකේ.. Require users to press Ctrl+Alt+Delete එකට ටික් එකක් දාල Apply ඇන්ඩ් OK 
සියලු වැඩකටයුතු අවසන්... හොර ගුහාවකුත් එහෙනම් හැදුව... ප්‍රයිවෙට්... පුද්ගලිකයි... රහසිගතයි... කියල බර වචනයකුත් ජීවිතේට තියනව වගේ... කොම්පියුටරේටත් තියෙන්නම ඕන.. දැන් ඉතින් ගෙදර කාමරේ හැංගි හොරා වැඩකරන්න අනං මනං කරනව වගේ.. කොම්පියුටරේටත් අනං මනං වැඩ කරගන්න පුංචි ගුහාවකුත් හැදුව එහෙනම් ඈ... අෆෝයි.. ජිල්මාට්ස්ගෙ රහස් ඔක්කොම එළිපිට...


30 comments:

  1. මරු මරු තවත් ජිල්මාට් වැඩක් .....කරන්න බැරි දේවල් කරන එකම කෙනා ඔයානේ අයියේ ..:)

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු චතූ මල්ලියෝ...

      Delete
  2. Replies
    1. තැන්ක්‍යු... සහෝ... (Y)

      Delete
  3. ela ela aaaaaaaaaa

    ReplyDelete
  4. එලම තමා ජිලෝ....

    ReplyDelete
    Replies
    1. එලනම්... එලම තමා....ඈ.... (Y)

      Delete
  5. niyamai aaaaa....

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු වේවා...කොමෙන්ටුවට... (Y) :)

      Delete
  6. Mr.Jil...meeka remove karaganna barida..??

    ReplyDelete
    Replies
    1. යාලුවා.. අනුෂ්ක... රිමූව් කරනවනම් ඔයාට ඔතනින්ම.. (ඒ කියන්නෙ හදපු තැනින්ම.. ) delete කරන්නත් පුලුවන්.. ඕක අනේබල්.. ඒ කිව්වෙ ඕක හැමෝටම පේන්න යූස් කරනවනම් Value එකට 0 (බිංදුව ) දීල ඇක්ටිව් කරගන්නත් පුලුවන්...

      Delete
  7. machn mn thama oka heduwe ne.heduwa kiyamuko welcome screne eke pennanneth nethnm oya account ekata log wenne kohomada?

    ReplyDelete
    Replies
    1. යාලුවා...ගිම්හාන්..ඔයා සම්පූර්ණයෙන්ම මගේ මේ පෝස්ටුවත් කියෙව්වනම් පිළිතුරත් ඔතැනින්ම සොයාගන්න පුලුවන් වෙයි ඈ.... ;) (Y)

      Delete
  8. Replies
    1. ෆට්ට දේ.... සුපිරි දේ.. ගෙන දේ... ජිල්මාට්ස්... ;)

      Delete
  9. Replies
    1. ජිල්මාට්ස් සමග රැදුණු ඔබටත් ජයෙන් ජයම වේවා..!!

      Delete
  10. ohe mara dial ekakne halo, maru ah....... Suba Anagathayak macho thanks

    ReplyDelete
    Replies
    1. අම්මප මචෝ සංඛ. ගොඩක් එවුන් ඕකමයි බන් කියන්නෙ... හික්ස්.. :D

      Delete
  11. umba mara yakekne ban

    ReplyDelete
    Replies
    1. අෆොයි මම යකෙක් නෙවේ.... සොහොන් පිට්ටනි වල ගෙවල් තනන එකෙක්... හික්ස් ;) :D එනිවේ... වැඩේ එලකිරි කියල හිතනව... :D

      Delete
  12. eka machan mama melata aluth deyak wadak na kiyala ubata yajen jaya thawa wadak aran waren

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි යහළුවා දිරිමත්කිරීමට (Y)

      Delete
  13. ඕක 98 වල ඉදලම තියන කේස් එකනේ! මං නං කරලා තියෙන්නෙ වෙන දෙයක්! හිකිස්!

    ReplyDelete
  14. Replies
    1. පට්ටනම් තවත් පට්ටමදේ ඉදිරියටත්...

      Delete