Wednesday, October 10, 2012

කොපි කිරිල්ලයි.. කට් කිරිල්ලයි.. එකම ක්ලික් එකෙන්.. ( කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 30)

අනෙ අම්මප අපේ රටට ගියපු කලක්.... ජීවිතේට ලෙදර් බෝලයක්... ක්‍රිකට් පිත්තක් අතින් නොඅල්ලපු උන් අර පහුගිය දවස් ටිකේ මැච් එකට හදපු කතාටික... අරූ වැඩේ කෑවලු... ඌට බෝල දාන්න තේරෙන්නෙ නැහැලු.. අරූට එන බෝලෙට ගහගන්න බැහැලු... හරියට නිකම් ඌ ගියානම් මැච් එක උඩින්ම දිනනව වගේ කතාව... අනේහුකේ නන්නානේ කිව්වලු... මේ බැට් එකක් ලෙදර් බෝලයක් අතින් නොඅල්ලපු යක්කුන්ගෙ කටවල් නලියන්නෙ අර මුලු ලංකාවම නියෝජනය කරන්න ගියපු ලංකාවෙ ඉන්න දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයොන්ට වඩා උන් මරේ මරු ක්‍රිකටර්ස්ල වෙලා... දැන් නිකම්වත් උඹ එතන්ට දැම්මනම් ආ උඹ ඕන රෙද්දක් කරගනින් ගහපන් බලන්න මැච් එක කියල පුලුවන්ද ගහන්න...? ගහයි ඇට බෝල... 
තවත් එවුන් මැච් එක පැරදුණා කියල බෙල්ලෙ වැල දාගෙන.. තවත් හරක් වගයක් වස බීල... පවු යකෝ... උන්ට නෙවෙයි උන්ව හදපු අර අසරණ අම්මටයි.. තාත්තටයි... ඒ අසරණයො දෙන්න උන්ව කන්න බොන්න දීල හදාගත්තෙ කොහෙවත් නැති රෙද්දක් නිසා ජීවිතේ නැති කරගන්නද...? මැච් එක පැරදුණා කියල නහින්න ඕනද..? යකෝ අපි තවත් රටවල් බරගානක් එක්ක ක්‍රිකට් ගැහුව... අන්තිමේදි රටවල් දෙකක් ඉදිරියට ආව... ලෝක සිතියමේ ඇල්පෙනෙති තුඩක් වගේ තියන ලංකාවෙ නම අපේ මේ වීරයො ටික උස්සල තිබ්බ... ඇල්පෙනෙති තුඩක ඉන්න මේ වීරයො ටික ගැන අද මුලු ලෝකෙම කතාකරනව.. අපි පැරදිලා නැහැ... අපි එකෙක්ට දෙවෙනි උනා විතරයි... අනික් එවුන් බරගානක් අපි පරාද කලා... ඊයෙ ජිල්මාට්ස් ලියන පොඩි එකාගෙ උපන්දිනේ... ඒ කියන්නෙ ඔක්තෝබර් 9.. යාලුවොත් එක්ක පොඩි පාටියක් ගත්ත.. ටිකක් වැඩිවෙලා ඇදේ ඉදන් විකාර කියවනව කියල හිතන්නෙපා... සීරියස් විදියට කිව්වෙ..
යාලුවො ආපු එකේ උන්ට කන්න බොන්න දීල විතරක්ම මදිනෙ... තවත් මොනවහරි අරන් යන්න දෙන්නත් එපැයි හිත සතුටුවෙන දේවල්... උනුත් ඉතිං ඒව අරන් යන්න ගෝනි ගනන් ගෙනියන්න පෝටබල් හාඩ්ඩිස්ක්... පෙන් ඩ්‍රයිව්ස් අරන් එන්නෙ දන්න හින්දමයි.. ඕව ඉතිං සප්ලයි කොරන එක මගේ යුතුකමනේ... උඹල හිතයි දැන් මොනවහරි ලට්ට ලොට්ට තියන පොට් එකක් ගැන කියවන්න හදනව කියල මෙන්න මූ කටත් ඇරන් ඒක හොයනව... එහෙම නෙවෙයි බන්.. පෝටබල් හාඩ් එක ගැහුවත්... පෙන් එක ගැහුවත් මගේ කොම්පියුටරේ අස්සෙ තියන ෆයිල් එක දාගන්න දගලන්න වෙනවනේ... අරූගෙ පෙන් එක ඕපන් කරන්නයි... මගේ ෆයිල් එක ඕපන් කරන්නයි ඒක කොපි කරන්නයි පේස්ට් කරන්නයි... මළ පනිනව වැඩේට... හික්ස් ඒ උඹලට කලින් තිබුණ සිද්ධිය ජිල්මාට්ස් නම් ජිල්මාට්ස්... දාමු මළ පනින්නෙ නැති විදියෙ වැඩක්...
 windowskey + R කිව්ව ගමන් දැන් දන්නව වැඩේ මොකක්ද කියල.. ඔව් ඔව් ඒක තමයි... කරමු කරමු...
regedit කියලත් ටයිප් කලානේ...
එතනින් මෙතන්ට මෙතනින් එතන්ට එන්න HKEY_CLASSES_ROOT  > AllFilesystemObjects  > shellex  > ContextMenuHandlers
ශරි... දැන් ඔය ContextMenuHandlers උඩ right click කරල New  >  Key දෙන්නකෝ.... හරි දැන් අපි ඔතන්ට දාමු Copy To Here කියල ෆෝල්ඩර් එකක් හැදුණ නේ... අන්න දැන් ඒක double click කරන්න... Default කියන එක ආයෙමත් Double click කරන්නකෝ... ඉන්පස්සෙ අහයි Value එක අන්න ඒකට මෙන්න මේක දෙන්ට... {C2FBB630-2971-11d1-A18C-00C04FD75D13}
ශරි අපේ කොපි කිරිල්ල ඉවරයි... දැන් කට් කරමු.. කට් කළොත් ඉතින් කොහේට හරි තියන්නත් එපැයි... ඒකත් එකෙන්ම කරගමු...
…ආයෙමත් ඉතිං.... ContextMenuHandlers උඩ right click කරල New  >  Key දෙන්නකෝ.... හරි දැන් අපි ඔතන්ට දාමු Cut To Here කියල ෆෝල්ඩර් එකක් හැදුණ නේ... අන්න දැන් ඒක double click කරන්න... Default කියන එක ආයෙමත් Double click කරන්නකෝ... ඉන්පස්සෙ අහයි Value එක අන්න ඒකට මෙන්න මේක දෙන්ට... {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13}දැන් හරි... වැඩේ කොරල ඉවරයි...දැන් ඉතින් ඕක ක්ලෝස් කරල දාල  ජිල්මාට්ස් මේ යාලුවන්ට සැලකුව වගේ ඔයාටත් පුලුවන් වෙයි ඇනයක් නැතිව ගිනි කසය වගේ දාන්න ඕන ෆයිල් එකද ෆෝල්ඩර් එකද අන්න ඒක උඩ right click කරල එක ක්ලික් එකෙන්ම වැඩේ කොරගන්න...
folder එක right click කලාම එයි Copy To Here එකයි Cut To Here එකයි... අන්න ඕකයි අපි මේ කලේ... ජිල්මාට් වැඩක්...

6 comments:

  1. මම මේ ගැන කලින් දැන ගෙන හිටියෙ නෑ එත් දැනගත්තත් වැඩක් නෑ mata :D

    උත්සහය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කමෙන්ටුවට.... අපිට ඕකෙන් එක තැනින්ම ටාගට් ෆයිල් එක ඕපන් කරගැනීමේ පහසුව ලබාදී තිබීම විශේෂත්වයකි..

      Delete
  2. maru maru aiya godak watina wadak kiyala dun naaaa

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු මල්ලියා.... (Y)

      Delete
  3. සුපිරි මචං! සිරාවට එල!

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු මචෝ.... (Y)

      Delete