Saturday, June 16, 2012

ඉන්ටනෙට් වේගය ආරූඩ කරගැනීම (කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් නයින්)

ඕන් ඉතින් තව දවසක් මේ බුවා මූණුපොතේ කරක්ගහන වෙලාවෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් තිබුණ කෙල්ලෙකුගෙ නමින්.. සුපිරි පොටෝ කෑල්ලක් තමයි ප්‍රොෆයිල් පික් එකේ තිබුණෙ..කොල්ල හරි ජනප්‍රියයි නේ... කොහොමද කෙල්ලන්ට තියෙන ඇම්ම..දාල තිබුණ නමත් අහල පුරුදුයි වගේ..එක වගේ නම් තියෙන උන් කීයක් කියලද..? ඕන් ඕක ඇසොප්ට් කොරොල විනාඩි කීපයකින් මෙන්න මේකි ඔන්ලයින්... දාල බලන්න ඕන ටෝක..
me: හායි...ඩලා..
(ම්ම්ම්හ්...නෝ රිප්ලයි..)
me : හෙලෝ... ඔය ඉන්නවද...?
she: yes!..where are you...? (කියල ඒකිගෙන් රිප්ලයි..කඩ්ඩ මරනව වගේ... කඩ්ඩේන් ගියොත් මම මට්ටු)
කොල්ලට හිතුන ගෙදර කියලත් කියන්න.. අද සදුද නේ.. ඔන්න ඇත්තම කියනව.. මම ඉන්නෙ ඉස්කෝලෙ අනේ.. ඔයා අද මොකද  කරන්නෙ...?
අනික් පැත්තට කෙලින්ම අහපි ලැබ් එකේද කියල..
me : ඔව් අනේ..
she: ඉස්කෝලෙ ෆේස්බුක් බ්ලොක් නේද..?
මමත් ඉතින් වාචාලය නේ... එක දාගන්නත් එක්ක ඒකිට සේරොම කිව්ව..
she: පුතා.. මගේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගොඩාක් ස්ලෝ.. මොනව හරි කරගන්න බැරිද...?
කවුද යාකෝ මේ... ඒකිගෙ අම්මවත් මැද්දට පැනලද...? මට පුතා කියන්න..ඒකිගෙ අම්ම නම් පුතා කියලනම් ලොවෙත් කිඅන්නෙ නැහැ.. අවලමා කියලම පටන් ගන්නව මිසක්.. එතකොට කවුද මේ..?
me: who r u..? may I knw u..?

she: යස් පුතා මම ඔයාගෙ ගණිතය ටීචර් සුධර්මා..
(හුටා.... මොන රෙද්දක් කරනවද මේකේ...? බැදලත් මුන්ට ... අනෙ අම්මපා...)

me: ටීචර් ඉස්සෙල්ලම කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.. ටීචර්...ටීචර්.. ඉස්සෙල්ල මේක අහගන්න...
ටීචර්..
කොන්ට්‍රෝල් පැනල් එකේ.. නෙට්වර්ක් කනෙක්ෂන් එක ඕපන් කරල කනෙක්ෂන් එක සිලෙක්ට් කරන්නකෝ... ඒකෙ ප්‍රොපර්ටීස් වලට ගිහින්.. ජෙනරල් එකේ... TCP/IPප්‍රොපටීස් වලට ගිහින්..
use the following DNS sever address එකේ...
preferred DNS server 8.8.8.8
Alternate DNS server 8.8.4.4
දීල ඕකේ කරල ආයෙමත් කනෙක්ෂන් එක දෙන්නකෝ... ඉන්පස්සෙ බලන්න වෙනස.. ස්පීඩ් වෙලා ඇති..
ඇති යන්තම්...ටීචර් ගියා...
කොහෙද මලක් කඩන්න හැදුව විතරනෙ..දැන් කොහේ කඩන්නද...කරන්නත් දෙයක් නැහැනෙ.. ගෙදර ගිහින්.....
හුටා බොලේ දැන් මතක් උණේ.. ටීචර්ට කියන්න බැරි උනානේ හිතන් හිටපු දේ කියන්න..
ටීචර් පිනාට නොකිව්වොත් හොදා...
මේ මේක බලන් ඉන්න උඹලටයි කියන්නෙ.. උඹල එහෙම අපේ පිනාගෙ කණේ මේක තියනව නෙවෙයි ඕන්...

7 comments:

  1. http://jilmarts.blogspot.com/2012/08/high-speed-internet.html
    Macho meketh thyenne oya scn 1mada?

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කිව්වොත් ඔව්.. හැබැයි මෙතනදි වෙනසක් තියනව...
      preferred DNS server 8.8.8.8
      Alternate DNS server 8.8.4.4 විදියට අපි ගන්නෙ Google server එක.. මෙතනදි අපිට වඩාත් ඉක්මනින් ගූගල් එකට ඇත්ලුවෙන්න පුලුවන්
      …අතනදි අපි Preferred DNS server 198.153.192.1
      Alternate DNS server 198.153.194.1 ගන්නෙ domain names ඒ කියන්නෙ වෙබ් පිටු ගබඩා කරපු කාමරයක් එහෙමත් නැත්නම් DNS server එකක්.. මෙතනදි අපිට ඕනෑම වෙබ් පිටුවකට ගූගල් එක හරහා යනවට වඩා අඩු වෙලාවකින් ඒ පේජ් එක බ්‍රවුස් කරගන්න පුලුවන්..

      Delete
  2. Asiri Nilupul BandaraNovember 16, 2013 at 11:49 PM

    අයියා. හච් වල ස්පීඩ් එක ලිමිට් කරනවා.. 100kbps වලට අන්න ඒක වෙනස් කරන්න පුලුවන් වෙයිදෝ මේ ක්‍රමයෙන්...

    ReplyDelete
  3. hutch eka unlimit karanna puluvanda meken

    ReplyDelete
  4. hutch 49 2gb unlimit karanna kramayak danne nadda?

    ReplyDelete