Thursday, June 21, 2012

ගින්දර දුටු නරියාගේ වේගය උච්චතම අවස්තාවට ... ෆයර්ෆොක්ස් ස්පීඩප් කරගත් හැටි....(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් ලෙවන්...)

ඕන් ඉතින් ඊයෙ මගෙ ෆ්‍රෙඩාල සෙට් එකත් එක්ක එකතුවෙලා කොම්පියුටරේ තියන ඔක්කොම වැදගත් කමකට නැති කුණුගොඩක් අයින් කරල කොම්පියුටරේට නව පණක් ලබාදීල ලොකු පිනක් කරගත්ත..
ඕන් ඉතින් අද කොල්ල කෙල්ලගෙ මූණු පොඩිත්ත බලාගන්න කෙල්ලගෙ ගෙදරටම ගියා..ඒකිගෙ අයියණ්ඩි තමයි ඉන්වයිට් කලේ.. කොහොම හරි ඉතින්.. ගියානෙ
ගියපු වෙලාවෙ ඉදන් ඒකිගෙ මූණ බලනව තියා ජීවන සුවදවත් දැනුනෙ නැහැ. ක්ලාස් ගියපු කතාවක් කියනව මම අහගෙනයි... කොහෙද ඉතින්..ගෙට ගොඩ උන වෙලාවෙ ඉදන් ඒකිගෙ පොඩි අයිය මගේ වටේ කැරකෙනව..
මල ඇණයක් නෙ... ගියපු වෙලාවෙ ඉදන් "අනේ කොල්ලො මේකෙ ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ නෙ..." කියනව මිසක් වෙන ආසාවට නoගි මතක් කරල එක වචනයක් හැලුවෙ නැහැනෙ..අනින්න හිතුන මූණට හැටක් විතර.. මොන කරච්චලයක්ද...? ඉන්ටර්නෙට් ස්ලෝ...ඉන්ටර්නෙට් ස්ලෝ...  මොනව කරන්නද ෂේප් එකේ තියාගන්නත් ඕනනේ... ආදරේදි දුෂ්ඨයො නැති තරමටලු නෙ හොද..
මමයි... උඹලයි වගේම තමයි බන් මුනුත්... පාවිච්චි කොරන්නෙම ෆයර්ෆොක්ස්.. දන්නවනෙ.. මේ ඇම්ඩා මොකක් හරි වෙනසක් සොයන්නම තමයි ට්‍රයි එක..පොඩි ඇම්මක්යැ තියෙන්නෙත්.. කොම්පියුටර් කිව්වම... නිකන්යැ ජිල්මාට්ස් කියන්නෙ.. ;)
ආයෙත් ඉතින් මොන වාද කතා...ෆයර්ෆොක්ස් ටත් පොඩි වෙනසක් කරලම තමයි අතහැරියෙ..පොඩ්ඩක් ලන්වෙලා පොඩි එඩිශන් එකක් දැම්ම විතරයි.සත්තමයි මම මොකටද උඹලට බොරුකියන්නෙ..කරලම බලමුකෝ...මේක මම මුලින්ම කලෙත් කෙල්ලගෙ ගෙදරදි කෙල්ලගෙ පොඩි අයියගෙන් බේරෙන්නම...ඒකෙත් පිණ කියන්නෙ වැඩේ ටෙස්ට්කරල බලද්දි වැඩේ ගොඩ.. ෆයර්ෆොක්ස් ස්පීඩ් වෙලා.. මට මුලින්ම හිතුනෙ ෆයර්ෆොක්සා ලෙඩ වාට්ටුවට දාන්න වෙයි කියල ඒත් එහෙම උණේ නැහැ.. හරිම සන්තෝෂයි.. ෆයර්ෆොක්ස් ස්පීඩ් වෙලා..කතාව කිව්වට මොකෝ කරපු විදිය උඹලට කිව්වෙ නැහැනෙ .. ඕන් එහෙනම්...
1. ෆයර්ෆොක්ස් ඕපන් කරල about:config  ටයිප් කලා ඇඩ්‍රොස් බාර් එකේ...
2. එතකොට එනව හෙන ලිස්ට් එකක්... ඔන්න ඕක තමයි එඩිට් කොරන්න තියෙන්නෙ.. ඒකෙ උඩින්ම තියනව filter ටැබ් එකක් ...
ඒකෙ මම කියන මේ Preference Name එක කොපි පේස්ට්  එන්ටර් කරන්න...
ඒක රයිට් ක්ලික් කරල modify වැලිව් එකට සමාන ලකුණින්  එහා පැත්තෙ තියන වැලිව් එක දීල එන්ටර් කරන්න...
network.http.max-connections-per-server  =  32
network.http.max-persistent-connections-per-proxy   =  16
network.http.max-connections = 64
network.http.max-persistent-connections-per-server   =  10
network.http.pipelining   =  true
network.http.pipelining.maxrequests   =   200
network.http.request.max-start-delay   =   0
network.http.proxy.pipelining   =   true
network.http.proxy.version   =  1.1

හරි.. දැන් පැත්තකට ඇවිත් රයිට් ක්ලික් කරන්නකො.. ඊට පස්සේ... 
New > Integer  හරි... දැන් ඔයාගෙන් ඉල්ලයි  Enter the preference name කියල ඒකට ඔයා nglayout.initialpaint.delay  ටයිප් කරල එන්ටර් කරාම ඉල්ලයි වැලිව් එක 0(බින්දුව) කියල එන්ටර් කරන්න

ඕන් එහෙනම් වැඩේ හරි...ඒත් තවම මට මගේ සුන්දරීගෙ ජීවන සුවද දැනුනෙ නැහැනෙ.. අදත් හීනෙන් බලන්නද වෙන්නෙ...? හීනෙන් හරි ඔයා මගේ ළගම ඉන්නවනම්...කමක් නෑ පැටියෝ.. ආදරේ වෙනුවෙන් පොඩි දුකක් හරි විදින්න ඕන...නැත්නම් ඒ ආදරේ වැඩක් නැහැලු...ළගදිම දවසක මම ඔයා ළගට එනව ඔයා ළග ඉදන් හුස්ම ටිකක් හරි ගන්න...

15 comments:

  1. niyamai bro....thank you vry much.thawa dewal liyanna....

    ReplyDelete
  2. නියම ලිපියක් මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් නලීන්.... (Y)

      Delete
  3. paw ane nangi baba....

    :D

    ela jilmart........... thnxxxxxxxxxxx

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... මටම ඇඩුණ බන්... මොනව කරන්නද..?
      …එල එල මචන් සදෝ.. වැඩේ පට්ටනම් පට්ට පටපට ;)

      Delete
  4. hari yanne nahane bn :/

    ReplyDelete
  5. mchn jilo.mge firefox eke -network.http.max-connections-per-server- kiyana preferance name eka na.mkada kranne

    ReplyDelete
    Replies
    1. mge email 1ka thilansadeepa@gmail.com
      mekata rply 1k ewnna

      Delete