Friday, February 1, 2013

Limited Account එකෙන් Administrator Account හැක් කිරිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 38)

අම්බෝ... දෙයියන්ට ස්තුති කරන්නද...? ඔපරේෂන් කරපු ලේඩි ඩොක්ට(ර්) අක්කිට ස්තුති කරන්නද..? මගේ අනාගතේම අදුරු නොකර කොරපු ඔපරේෂන් එකට.. යකාට ගියදෙන් අක්කිට ස්තුති කරනව.. පරම්පරාව ගෙනියන්න පුලුවන් විදියට අලාභ හානි නොකර කැපුම් කෙටුම් කරල ඔපරේෂන් එක නීට් එකට කරලදුන්නට.. ඔපරේෂන් තීටර් එකෙන් එළියට පනිනකොට අංශභාගෙ හැදිලයි කියල මට දැණුනෙ.. ඇයි යකෝ කකුල් දෙක නිකම් නෑ වගේ... පැය ගාණක් යනකම් කකුල් දෙකට වාරු නෑ.. හොදම යාලුවයි.. තව යාලුවො දෙන්නෙකුයි ළගින් හිටියෙ නැත්නම් මේ ජිලාට වෙන්නෙ දාහෙ කොළවලින් වාරු ගන්ට..
දවස් 4කට පස්සෙ මූණුපොතට ගොඩවෙච්ච ගමන් නෝටිෆිකේෂන් බරගාණක් එක්ක මූණුපොතේ කොල්ලො කුරුට්ටොන්ගෙන් මැසේජ් 65ක් ඇයි දෙයියනේ උඹ දැන් එන්නෙ නැද්ද..? අඩුම තරමින් කෙල්ලෙක් එක්ක පැනල ගියාවත්ද..? ගියත් මැසේජ් එකක් දාල උඹට යන්න බැරි උනාද කියල බැණුම් කෝටියක්... සොරි දෙයියනේ.. උඹල එකෙක්ටවත් මට මූණුපොතින් ආමන්ත්‍රොණය කොරන්ට බැරි උනානේ මට මෙහෙම මගුලක් කියල.. සොරි ඈ...
අද ජිලා ලෙඩ ඇදෙන් එළියට පනින දවස... ඊට කලින් දවසෙ ජිලාගෙ තවත් හොද බොක්කක් ජිලාව ෆෝම් කලා.. ඈ.. නම අහන්න එපා උගේ..ඈ... ඇන්ජිමත් ස්ටාට් කොරපු නිසා සුපිරි කැඩිල්ලක් කඩන්න අනුන්ගෙ වත්තක්වත් තියනවද බැලුවෙ හොරපොල් කඩන්න වගේ හොරෙන් ගේමක් දෙන්න.. හැමදාමත් ජිලා කලේ හොර වැඩ.. ජිලාගෙන් උදව් ඉල්ලපු මල්ලියෙකුටම උදව්වක් දීගෙනම ඇදෙන් පනිනව කියල ජිලා උකුළ උඩ තිබුණ ලැපත් අරන් බංකුවේ වාඩි උනේ මල්ලිගෙ අයියට ගේමක් දෙන්න...
අයියට වඩා මල්ලි කුකුළා... අයියගෙ හොර බඩු මල්ලිගෙන් හංගගන්න අයිය මල්ලිට හදල තීල තියෙන්නෙ limited account එකක්.. අයිය අයියනේ.. ඌ ලොක්ක.. කම්පියුටරේ ඇඩ්මින්.. මල්ලි කුකුළා.. ඌ ජිලාගෙ යාලුව.. අයියගෙ තියන හොර වැඩ අල්ලන්නයි.. වැල ටික බලන්නයි මලය වලි කන්නෙ.. මල්ලි ජිලත් එක්ක සීන් එක කිව්ව.. පවු පොඩි එකා... අහේනියේලු ඉන්නෙ.. ඉතිං දැන් මේ මූත් හොර වැඩට කැමති හින්දා ගේමක් දෙන්ටයි යන්නෙ..  සාමාන්‍ය ගිණුමක සිංහලෙන් කිව්වොත් Normal Account එකක ඉදන් Administrator Account එක හැක් කිරිල්ල.. මල්ලිට සුපිරි කැඩිල්ලක්.. හරියට අයියගෙ කෙල්ලට මල්ලි ටෝක් කරනව වගේ...
Windows XP Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
හා හරේ.. එහෙනම් හොර වැඩේට කලින්.. යමුකො ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තියට C partition එකට ඈ.. එතැනින් පස්සෙ මෙතන්ට.. මෙතැනින් පස්සෙ මෙතන..
windows > system32 හරි ඔන්න ඔය තියන cmd.exe එක කොපිකරල ඩෙක්ස්ටොප් එකට දාගෙන sethc.exe කියල නම වෙනස් කොරන්නයි ඕන.. හරි දැන් ඕක ආයෙමත් අර තිබුණ තැන system32 අස්සට ඔබන්නයි ඕන..
Windows7 Administrator Account එක හැක් කොරන්නේ මෙහෙමයි..
sethc.exe ආං ඒක Run as Administrator හරිනෙ.. දැන් Secuirty tab එකේ Advance වලින් ඔයාගෙ account එකට අවසරේ දෙන එකයි තියෙන්නෙ.. Change Permisions > Edit කරනව ඈ... Full Control වලට ටික් එකක් දාල.. හරි... දැන් ඕක උස්සන් ගොහින් C Partition එකේ windows ඇතුළෙ system32 අස්සට ඔබ්බවන්නයි තියෙන්නෙ.. copy and replace තමයි ඉතිං ඈ..

Administrator Account එක හැක් කොරලනම් ඉවරයි ඈ... දැන් ඇතුළුකිරිල්ල 
කම්පියුටර් එක restart කරගෙන වරෙන්කෝ... හෙමිහිට.. හරි දැන් Shift key එක පස්වතාවක් (5 times) ප්‍රෙස්කරපන්කො.. එහෙමත් නැත්නම්.. Shift + Alt + Num
දැන් ඉතිං අණදෙන්නයි තියෙන්නෙ.. command prompt එක දිග හැරෙයි ඈ... හරි.. user accounts ටික දැක්කනේ... දැන් ඉතින් තියන account එක හැක්කොලා එහෙනම් ඈ...
…net user Administrator * ටයිප් කොලා එන්ටර් කොලා.. අයියගෙ ලොකුකම් දැන් නෑ.. දැන් මල්ලිගෙ වැඩ පෙන්වන එකයි තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළ.. අයියගෙ රාජ්ජෙ මල්ලි ආක්‍රොමණෙ කරනවනම් අලුතෙන් මුරපදේකුත් දාගෙනම ඇතුළුවෙන්නත් ඕං අවස්ථාව.. ඈ..
ජිල්මාට්ස්ට පිංසිද්ධ වෙන්න අයියේ මම උඹව හැක් කොලා කියාගෙන අයියගෙ වලත්තකම් සේරොම එළියට අදින එකයි කොරන්න තියෙන්නෙ.. අයියට වඩා මල්ලි කුකුළා නම් මේ ජිලා මොකාද..? තීරණේ කුකුළා සතුයි...