පට්...පට්... දැන් වේලාව පෙරවරු 08.55යි. පට්..පට්..ගාල ලීසිං ගන්න සීඩීබී ලීසිං එන්න.. මේ දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්.. කම්පියුටර් ජිල්මාට්ස් අත් අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග. අන්තර්ජාලයේ විප්ලවීය වෙනස යන නාමයෙන් පෙනීසිටිමින් පරිගණක ආශ්රිත විවිධ ජිල්මාට්ස් වැඩ අන්තර්ජලයේ මොහුගේම www.jilmarts.blogspot.com යන නාමයෙන් වෙබ් අඩවියක් හරහා කම්පියුටර් ජිල්මාට්ස් වැඩත්.. මොහුගේ රාජකාරීමය වැඩවලට අමතරව සවස් කාලයේ මෙවැනි කටයුතු සදහා පංති පැවැත්වීමට රජයේ අවසරය ගත්තද බ්ලොගිය සදහා අවසර නොගෙන ඒ ආධාරයෙන් කියාදෙමින් ශ්‍රී ලාංකිකයින් පරිගණක ජිල්මාට්ස් වැඩ සම්බන්ධයෙන් දක්ෂයන් කිරීමේ උත්සාහයක් ගත් බැවින් ජිල්මාට්ස් නොහොත් ජිලා අත් අඩංගුවට ගන්නයැයි.. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගකරල ලදි. මේ වනවිටත් ජිල්මාට්ස් නොහොත් ජිලා තවත් කොම්පියුටර් ජිල්මාට් වැඩක් හෙළිදරව් කිරීමට සූදානම් වන බැව් විශේෂ ආරංචිමාර්ග වලින් හෙළිදරව් වී ඇත.
මලා..... ඔක්කොම ඉවරයි... ඔක්කෝම ඉවරයි... ගහගෙන හිටපු ප්ලෑන්ස්... දැකපු සිහින... ජිලාගෙ ආදරේ... වෙඩිං එක... හනිමූන් එක... ඔක්කෝම ඉවරයි.. අනේ මාව බේරගනින් දෙයියෝ... භාෂී......... භාෂී.......... අනේ මාව බේරගන්නකෝ...මගෙ වස්තුවේ........
…භාෂී........ කවුදෝ ජිලාගේ ඔලුව අතගානවා වගේ දැනුනා... ඒත් එක්කම හයියෙන් හිනාවකුත්... අනේ අනේ... අයියේ... ජිලා තවමත් නිදියහනේ...........
…හත්වලාමයි.. මෙච්චර වෙලාවක් නිව්ස් එක ඇහුණෙ හීනයකින්ද..? මටම නෝන්ඩියි වැඩේට... දැකල තියෙන්නෙ හීනයක් නොවැ.. හීනයක් උනත් මේක කවදාහෝ ඇත්තක් වේවි දැයි යටිහිතේ තිබුණ භය මතුපිටට පැමිණ ඇතැයි වෙලාවකට සිතේ..
මොක උනත් ජිලා කරන්නෙ ජිලාගෙ තියන කම්පියුටර් ජිල්මාට්ස් දැනුම එළියට ඇදල තවත් එකෙකුට කියල දෙන එක.. මුදල් අයකිරිල්ලකින් වෙනම පංතියක් පවත්වන එක වෙනම කතාවක්.. මේවට කියන්නෙ educatinal purpose ද purchase ද කියන එකනම් දන්නෙ නෑ... මොක උනත්... ජිලා කරන්නෙ යහපත් සිතෙන්... වදුරාට දැළිපිහිය හමුවෙන එක වෙනම කතාවක්... දැළිපිහිය ගත් වදුරන් බෝකරන්න නෙවෙයි ජිලාගෙ උත්සාහය ඈ...
හලි හලි කතා ඇති... ජිලාගෙ රහසක් වෙච්චි දෙයක් අද එළියට දාන්නයි යන්නෙ ඈ... රහසක් කිව්වම ප්‍රයිවෙට් එව්ව නෙවෙයි ඈ... ජිල්මාට්ස් ජිල්මාට්ස්...
…ඕං එක දවසක් උදෑහනින් සෙනසුරාදා දවසක ඈ... ජිලාට ෆේස්බුකියේ මිතුරෙකුගේ කම්පියුටරේට team viewer හරහා ලොග් වෙන්න උනාලු ඈ... ඉතිං ඌත් ජිලාගෙ ගජ මිතුරෙක් නිසා පුංචිපහේ ආතල් එකක් ගන්න ජිලාට හිත්දුන්නලු ඈ... ඉතිං ජිලා team viewer එකෙන් කැපෙද්දී මෙහෙම දෙයක් කිව්වලු පොරට.. මචෝ... උඹේ කම්පියුටරයට ජිලාව මතක්වෙන්නද jilmarts කියල මුරපද දාගෙන ඉන්නෙ කියලා. ඈ.. පොර කිව්වලු මට පිස්සුද උඹව මතක්කොරගන්න කියලා.. ඈ... …දැන් ඉතිං ජිලා ඌට බායි කියලා ගියාලු ඈ...
…මෙන්න බොලේ ටික වෙලාවකින් අර පොර ජිලාගෙ මොබයිල් එකට එක දිගට කෝල් ගන්නවලු ඈ... ඕං ජිලා ඒකට උත්තර බදිනවා..
…ඔව් මචං කියපං... මොකක්ද මගෙන් වෙන්න ඕනි..?
…මොළේ කොළොප්පන් වෙලා ඕයි ඉන්නෙ... තෝ මොකක්ද මගේ මේ කම්පියුටරේට කොලේ..?
…ඇයි බං..? මගෙත් මොළේ කොළොප්පන් නොකර කියපන් බලන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා..
…යකෝ මගේ පාස්වර්ඩ් එක වැඩ නෑ...
…මළා........
…තෝ මොකක්ද කලේ..?
…මම මොනවත් කලේ නෑ බං.. උඹ ජිලාව මතක්කරගෙන ගහපන්... අතේ නෙවෙයි ඈ... jilmarts කියල පාස්වර්ඩ් එකට ගහල බලපන්...
…හා පොඩ්ඩක් හිටු... යකෝ මේක ජිලාගෙම වැඩක් නොවැ.. jilmarts ම තමා පාස්වර්ඩ් එක.. තෝ කොහොමද ඒක වෙනස් කලේ..? අනික බං තියන පාස්වර්ඩ් එක වෙනස් කරද්දි current password ද මොකක්ද ඉල්ලනව නේද..? තෝ මගේ එක දන්නෙ කොහොමද මේ ඩිංගට... තෝ කොහොමද ඒක වෙනස් කලේ..?
…හික්ස්...... මට කැස්සකුත් ආව ඕයි... පල්ලෙහායිනුත් කැස්සක් එනවද මන්දා...
…දැන් වැඩේ ගොඩනේ... පාස්වර්ඩ් එකත් jilmarts නේ.. මාව මතක්වෙන්න ඕකම තියාගනින් එහෙනම් ඈ... මම තියන්නද බං.. පොඩි වැඩකුත් තියනවා කරන්න... එහෙනම් පරිස්සමින් හිටපන් ඈ... බුදුසරණයි... සියලු දෙවි රැකවරණයි..
…වදුරාට දැළිපිහිය දීලා වදුරෝ දැන් කපපන් අහවල් එක නොකියා ජිලා හිරගෙට යන්න කලින් මේ ජිලාගෙ අනුන්ට නොදැනිම මුරපද වෙනස් කිරිල්ලේ සූත්තරෙයි කියලදෙන්න යන්නෙ ඈ...
මීට කලින් ජිලාගෙ පෝස්ටු කිහිපයක්ම බ්ලොග් පෝස්ටු සොරුන් විසින් සොරාගෙන ඇති නිසා ඕං ජිලා කියනවා මුල්ම වතාවට අනික් පෝස්ටු වගේම මේ සූත්තරෙත් මුලින්ම උඹලට කියලදෙන්නෙ ජිලාම තමයි කියල ඈ...
සාමාන්‍යයෙන් පරිගණකයක් ක්‍රියාත්මක මට්ටමේ පවතිද්දී යොදාඇති මුරපදය වෙනස් කරන්න නිසැකවම කලින් යොදාඇති මුරපදය current password කියල ඉල්ලන තැනට ලබාදියයුතුවෙනවා... එහෙම නැතිව මුරපදය වෙනස් කිරීම මුල්ම වතාවට උඹ ඉදිරියේ තැබීම සම්බන්ධව ගෞරවය ජිල්මාට්ස්ට තමා ඈ.. මෙව්ව මේ කියලදෙන්නෙ කැහිල්ලකටවත්... උඹල ඉදිරියේ අමුතුවෙන් පොරක්වෙන්නවත් නෙවෙයි ඈ... මම කොහොමත් පොරක්... අවුරුදු 24ක සයිලන්ට් කොල්ලෙක්.. අහිංසක එකෙක්.. අහිංසකයි කිව්වට ඉතිං... නයා දරමිටියකට ලණුවක් වෙන්න තරම් අහිංසකයෙක් නෙවේ..
…හලි..හලි... current password නැතිව අනුන්ගේ කම්පියුටරයේ මුරපදය වෙනස් කරන්නයි මේ ලකලෑස්තිය ඈ...
…හලි හලි.. කතා ඇති.. මේං එහෙනම් සූත්තරේ... windows key + R එහෙමත් නැතිනම් , Start >> All Programs >> Accessories >> Run ඈ...
…හලි... දැන් ඉතිං ඔය ඔතැන lusrmgr.msc කියල ටයිප් කරල එන්ටර් කරමුකෝ...
…Local Users and Groups දිගහැරෙයි ඈ... ඕං ඔතන ඔය Users කියන එක ක්ලික් කොලානම් බලමු... පේනවද දැනට භාවිතවන users ල ලස්සනට පෙන්වන අපූරුව.. හරි... ඔන්න දැන් තමයි වැඩේ ඈ... ඔය user කෙනෙක් උඩින් right click කරන්නකෝ... දැක්කද Set Password කියල එකක්... මෙන්න ජිලාගෙ ඇස් ගැහෙනවා... කෙල්ලෙක්වත් නෑ... අනේමන්දා.. උඹට තේරුණාද මන්දා... Set Password for Jilmarts ලු... You are logged in as "Jilmarts". You have chosen to reset the password for your local user account එක්ක තවත් දිග හෑල්ලක්... හලි හලි... දැන් Proceed ඈ...
…මෙන්න බොලේ වැඩක් කෝ... current password ඉල්ලන තැනක් නැහැනෙ.. කෙලින්ම තියෙන්නෙ New Password එකයි ඒක නිවැරදිව ආයෙමත් ටයිප් කරන්න තියෙන Confirm Password කියන එකයි විතරයිනෙ..
…දැන් ඉතිං jilmarts කියල ඔය තැන් දෙකටම දෙනව ඈ... දැන් OK දෙනවා ඈ...
The Password has been set ලු... අපිට මොකෝ... දැන් මුරපදය jilmarts තිබුණ එකෙන් ලොග්විලි බොරු ඈ... ලොග් වෙන්න නම් ඉතිං දැන් jilmarts ම තමා ඈ..
දැන් ඉතිං යහළුවෙකුටවත් උඹේ කම්පියුටරයට භය නැතිව දෙන්නත් ජිලා නැතිකලා කියල පෙත්සම් ගහල උසාවි නියෝග අරන් ජිලාව හිරේට දාපල්ලා... ඊටකලින් මතකතියාගනින් මුරපද අනුන්ට හොරා වෙනස්කරන්න වගේම දාපු මුරපද කඩන්නත් ජිලා මීට ඉහත පෝස්ටු බරගණනකදීම කියල දීල තියන නිසා භයවෙන්න දෙයක් නෑ..ඈ...
…මේ ඇත්තටම ජිලාට හිරගෙට යන්න උනොත් උඹල බැරිද බං ජිලා වෙනුවෙන් ඒ හිරගෙදර ගොහින් බත්පතේ රසබලන්න... වැඩරාජකාරි පැණෙවෙනවනම් ඒවත් කරන්න බැරියැ... වැඩිම උනොත් කොල නැතිගහ දැනට ක්‍රියාත්මක නොවන නිසා ආතල් එකේ ඇතුළෙ හිටියහැකි.. ජිලාට බැරියැ ඇවිදින් උඹේ සැපදුක බලල යන්න... ලෙඩක් දුකක්.. හැදුණොත් ඔපරේෂන් කරන්න දන්න වෙන්න හාමිනේ කෙනෙකුත් ජිලා ළග ඉන්නවනේ.. උඹ කැමතියි නේද..?