Friday, October 25, 2013

මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් හදාගැනිල්ල.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 49)

මට මගේම නොවන......... වහපන් ජිලෝ කට.. උඹත් දැන් අනික් එවුන්ගෙ ටෝක දෙන්න පටන් අරං වගේ... හිටු යකෝ කියල ඉවර වනකම්.. ඕං ආයෙමත් ඈ..
…මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් තියනවා........ අම්ම ගහයි... බැට් එකෙන්ද..? බෝලෙන්ද..? පොඩ්ඩක් හිටු කියනකම්.. මැද්දට නොපැන..
…ජිල්මාට්ස් ගෙ අතින්ම නිමවෙන jilmarts web browser එකේ වැඩ නිමවෙන්නත් කලින්ම jilmarts Operating System එකත් ජිලාගෙ ෆේස්බුකියෙ යහළුවන් එක්ක බෙදාහදාගත්තා කියල ජිලාගෙ බුකියෙ යහළුවන්ට නම් අමුත්තක් නෙවෙයි.. ඒත් බුකියෙ යහළුවන්ට පුරස්ණයක් උනේ ජිලාගෙ මීළග ජිල්මාට්ස් පෝස්ටුව මොකක්ද කියන එක.. ගොඩාක් එවුන් ජිලා ඔන්ලයින් එනතෙක් රැකල ඉදල වෙනදාට පුරස්ණ පත්තරයක් දිගහරිනව කලේ මීළග පෝස්ටුව මොකක්ද කියල ඉගියක්වත් දියන් මචෝ කියල.. ඒකට සමහර උන්ට ජිලාගෙන් ලැබුණ පිළිතුර උනේ ඒක බං උභතෝකෝටික ප්‍රශ්ණයක් කියල.. ඒත් සමහරුන් නම් ජිලාට බෝලෙ බස්සල විස්තරේ ඇද්ද... ඕං උත්තරේ... "මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක්...".. ඒක ඉතින් ජිලාට නම් කිරිකජු වගේ.. මොකෝ ජිලා පෝග්‍රැමිං නොදන්න එකෙක් යැ.. ඉතිං එහෙව් එකාට මෙහෙයුම්පද්ධති සුළුදෙයක් කියලයි ගොඩක් එවුන් හිතුවේ... බලපන් යකෝ පෝස්ටුවේ මාතෘකාව... යකා කිව්වෙ උඹත් එක්ක තරහකට නෙවෙයි ඈ... ආදරේ වැඩි උනාම පිටවන වචන.. බලන්නකො ආයෙමත් පෝස්ටුවේ මාතෘකාව.. "මට මගේම නොවන මෙහෙයුම්පද්ධතියක් හදාගැනිල්ල..."
…ඉතිං මේක කියවන උඹට හිතෙන්නෙ මට මගේම... ඔව්... උඹට උඹේම...
…හත්වලාමයි ගොඩක් එවුන්ගෙ පෝග්‍රැමිං දැනුම අන්තිමයි නොවැ..
…පෝග්‍රැමිං දැනුම අනවශ්‍යයි.... මොකක්..? පෝග්‍රැමිං එපා.... ඔව් එපා...
…මෙන්න පෝග්‍රැමිං නැතිව මෙහෙයුම්පද්ධතියක් හැදිල්ලේ සූත්තරේ...
…අහ්!.. ඊට කලින් කියන්න ඕනි කරුණු කිහිපයක්ම ඈ...
…1. මේක මෙහෙයුම්පද්ධතියක්.. ඔව්  ඒක ඇත්ත..  විශේෂයි: මෙය Live CD එකක් ලෙසද භාවිත කල හැක.
…මොකක්ද මේ Live CD කතාව..?
…හිතන්න.. දැන් ඔයා භාවිතකරන මෙහෙයුම්පද්ධතිය කිසියම් හානියක් නිසා නැවත ස්ථාපනය කලයුතුවෙනවා... මළා.. ඔයාගෙ Desktop එක මත තිබුණ වටිනාකියන අනංමනං සේරෝම නැතිභංගස්ථාන වෙනවනේ... ඕං විසදුම... මේ කියන Live CD එකක් හරහා කරගන්න පුළුවන්... මේ Live CD එකක් කියන්නෙ CD තැටියක් හෝ DVD තැටියක් මතින් පමණක් මෙහෙයුම්පද්ධතිය ධාවනය කරවමින් (ස්ථාපනය කිරීමක් අවශ්‍ය නැත.) අදාළ කොටස් වල (මුළුමනින්ම Hard Disk Drive පිරික්සීමේ හැකියාව.) සැරිසැරීමේ හැකියාව ලබාදෙන්නක්.. 
…මතකද මීට කලින් ජිලා ජිල්මාට්ස් පෝස්ටුවකින්ම Windows Live CD එකක් හැදිල්ලක් ගැන උඹට කිව්වා... අමතක වෙන්න බැහැනෙ.. වැඩිදුර විස්තර එතනත් තියනවා ඈ..

…2. මේ හරහා ඔයාගෙම පරිගණකයේ ස්ථාපනයකරගැනීමේ හැකියාවත් තියනවා ඈ..  වයිරස් අප්පොලාට හාමිනේලාට  තහංචි පැනවූ ප්‍රදේශයක්...

…3. යහළුවෙකුගෙ පරිගණකයකට අනවසරයෙන් ඇතුළුවීමේ හැකියාවද ලබාදෙන්නක්..
…මතකයිනෙ මීට කලින් පෝස්ටුවලින් 100%ක්ම සාර්ථක මුරපද කැඩිලි සූත්තරත් කිහිපයක්ම ජිලා ජිල්මාට්ස් පෝස්ටු හරහා මුලින්ම ලෝකයාට කිව්වා...

4. අද ජිලාගේ ජිල්මාට්ස් පෝස්ටුවෙන් ඉතාසරලව උඹට උඹේම කියල මෙහෙයුම්පද්ධතියක් හදාගන්න කියලදෙන්න පිංතූර භාවිත කරන නිසා කථාමාලාව නවතාලීම.

…5. කතා ඇති දැන් වැඩට බැසීම...

…ඕං පෝග්‍රැමිං දැනුම කිසිවක් නොදන්න එකෙක් උනත් දැන් තමන්ගෙම කියල මෙහෙයුම්පද්ධතියක හිමිකරුවෙක් වෙන්නයි යන්නෙ ඈ...

හලි... මුලින්ම එබෙමු මෙන්න මේ ලිංකුවට... එබිල විතරක් මදි ඈ... රෙජිස්ටර් වෙන්නත් ඕනි... 
1, ඔන්න මම එබුවා... උඩතියන ලිංකුව..

2.මෙන්න මං මගේ ෆේස්බුකියේ ගිණුමෙන්ම රෙජිස්ටර් වෙන්නයි කල්පනාව ඈ...
3.   ඕං මම රෙජිස්ටර් වෙනව බුකිය ඕපන් කරගෙන,..
 4. දැං එනවා අපේ කෙරුවාවට උවමනාකරන තැන ඈ... මම Choose base a template යටතේ OpenSUSE 12.3 එකේ GNOME desktop කියන එකට ටික් එකක් ඈ...
5.ඔතැනම පහළින් Select your architecture එකට 32bit දෙනවා ඈ...  ඉන්පස්සෙ ඊටත් යටින් Name your appliance කියන එකට මගේ මෙහෙයුම්පද්ධතියට යොදන නම ඈ...
6.මෙන්න බොලේ වැඩේ... මගේ නමින් ... හලි හලි.. ඉවසමුකෝ තව තියනවා කොරන්න.. දැන් Software කියන එක select කොරපන්... මේං මේවගේ..
7.හලි ඔන්න දැන් වැටෙන්න ඕනි ඔක්කොම අරව මෙව්ව සොෆ්ට්වෙයාර් ඔතනිතමා ඇඩ්කොරන්න තියෙන්නෙ ඈ.... ඔය All Packages එකේ නොසෑහෙන්න තියනවා ඈ...
8.ඔන්න මම දැනට Mozilla Firefox එකතුකොලා... මගේම තනි නිමැවුමෙන් බිහිවෙන jilmarts web browser එක පසුකාලයක මගේම අතින් මගේම කෝඩිං වලින් මෙහෙයුම්පද්ධතියක් හැදෙන කාලෙක ඒකටම ඇඩ් කොරනවා.. අහ්! jilmarts web browser එක දැනටමත් සාර්ථකව නිමවෙමින් තියනනිසා හැකිතාක් ඉක්මනින් උඹලට ඒක හදන්න කියල දෙනව වෙනුවට උඹලට ඒක භාවිත කරන්න හුරුකරවනව ඈ... එතකම් Fiefox ඇඩ් කොලා...
9.හලි... දැන් Configuration tab එකෙන් General වෙත එනවා.. ඇවිදින් භාෂාව සහ වේලාව තීරණය කරනවා ඈ...

10.දැන් ඉතිං Configuration tab එකේම Personalize එකට ඈ... මෙන්න බොලේ Appliance logo එකයි Appliance Background එකත් වෙනස්කොරන්න...




11.දැන් එනවා Configuration tab එකේම Appliance එකට... ඇවිදින් Disk and Memory තමා ඈ... මෙකෙන් මෙතනදි කොරන්නෙ අපේ මේ මෙහෙයුම්පද්ධතියට අදාළව තිබියයුතු RAM එකේ සහ Hard Disk Drive capacity නිශ්චය කිරීමක් ඈ... ඔන්න මම ඒකත් කොලා...


12.ඔන්න දැන් තමා අවස්ථාව... මගේම..උඹේම මෙහෙයුම්පද්ධතිය ගොඩනගා ගන්න... දැන් Configuration tab එකෙන් Build tab එකට මාරුවෙනවා... Version එකත් දීගෙනම මට උවමනාව .iso format එක නිසා... (.iso කියන්නෙ ඉතිං CD / DVD පුච්චන එකෙන් බූටබල් විදියට CD /DVD එකක් හදාගන්න ඕනිමකරන format එක නොවැ... ) Default format කියන තැනට Live CD/DVD (iso) ලෙස දීල Build ඈ...
13.මෙන්න බොලේ මගේම මෙහෙයුම්පද්ධතිය හැදෙන ලස්සන............... ෂහ්! මරු ඈහ්....
14.මෙන්න මගේ අවසාන ප්‍රතිඵලේ....... Download කරගන්න......
 ඕං උඹ එහෙනම් මෙහෙයුම්පද්ධතියක හිමිකරුවෙක් උනා ඈ.... මගෙන් බොක්කෙන්ම ගලා එන උණු උණුවේම සුභපැතුම් ඈ...
…හලි.. දැන් මම උඹෙන් පුංචි ඉල්ලීමක් කරනවා...
…මේක ජිලාගෙ ජිල්මාට්ස් අඩවිය.. ජිලා මේව ලියන්නෙ කොහෙන්වත් උස්සල නෙවෙයි ඈ... සම්පූර්ණ අත්දැකීම්..අත්විදීම්... සහ ජිලාගේ මහා යෝධ ශක්තීන් දෙකක් වන ජිලාගේ මාමා සහ එයාගෙ පුතා ඒකියන්නෙ ජිලාගෙ මල්ලියා කෙනෙක් උන්ගෙන් ලබන දැනුම තමා උඹලත් එක්ක මේ බෙදාගන්නෙ... පුංචි සංධියේ පටන්ම මේ සූත්තර තමා ජිලාගෙ ලෝකය උනේ.. දන්න දේවල් කියල දෙන්න උඹත් එක්ක බෙදාගන්න තමයි ජිලාගේ මේ ජිල්මාට්ස් බ්ලොගිය ඉදිරියටත් එන්නෙ.. දැනුම බෙදන්න බෙදන්න තමන් සතුව තියන දැනුම් සම්භාරය වැඩිවනවා මිස අඩුවීමක් වෙන්නෙ නෑ... මේ ජිල්මාට්ස් බ්ලොගියේ සම්පූර්ණ කෙරුවාවන් උඹත් අතිසාර්ථකව කරන්න ඇති.. අනික් බ්ලොගි වල නොදුටු සාර්ථකත්වයේ වෙනස උඹ අදටත් දකිනව ඇති.. ඒ බ්ලොගි කොපි පේස්ට් කිරිල්ලකින් තොරව දැනුම උඹට දෙන නිසා.. සාර්ථක දැනුම උඹ ලබන නිසා.. ඉතිං උඹ වගේම තවත් එකෙක් අසාර්ථකව ලියවෙන බ්ලොගි පසුපස හඹායනව ඇති.. යන්න ඇති.. උඹ වෙනස වටහාගත්තු නිසා ජිල්මාට්ස් එක්ක නැවතුණා.. දැන් උඹට හති නෑ.. අන්න ඒවගේ තවත් එකෙක් ජිල්මාට්ස් අඩවියට ගොඩවෙන්න පාරකියපං.. ජිල්මාට්ස්ගේ දැනුම හැමෝම අතරේ බෙදාගනිමු.. දන්න දේ බෙදාගැනිල්ලෙන් මම ගොඩාක් දේ ඉපැයූවා..අදටත් උපයනවා... සල්ලි වගේම මනුස්සකම...
මම බ්ලොගිය විකුණලා සල්ලි උපයන එකෙක් නොවන නිසාත්.. අනුන්ගේ පෝස්ටු තමන්ගෙ වගේ නොකියන නිසාත්.. දන්නා ගොඩාක් දේවල් උඹට වගේම තවත් එකෙකුට දෙන්න තියන කැසිල්ල නිසාත්  නරකද ජිල්මාට්ස්ගෙ බ්ලොග් අඩවිය ගැන උඹේ යහළුවන්ටත් දැනගන්න උඹේ ෆේස්බුකියෙ ගිණුමෙන් හරි කමක්නෑ share කොලානම් ඈ... වැඩේ නරක නැහැනේ..

Tuesday, October 8, 2013

Processor එකට හොර උප්පැන්නයක්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 48)

අද ඔක්තෝබර් මස 09 වනදා... අද ජිලාට හරිම සන්තෝෂ දවසක්ලු ඈ... ඒවගේම ජිලාගෙ පොකැට්ටුවට බරවියදම් වගේම ජිලාගෙ බුකියෙ ගිණුමටත් සෑහෙන්න ස්ටේට්ස් වලින් ...කමෙන්ටු වලින්... මැසේජ්ජුවලින්  බර දවසක්ලු.. මොකද අද ජිලාගෙ උපන්දිනේ නොවැ... හලිම දුක්බරයි ඈ..
ඉතිං උපන්දිනේ දවසකවත් හොදවයින් තෑගි වගේම හෘදයාංගම සුභ පැතුම් ජිලාට ලැබෙනව වගේ ජිලත් ඉතිං ඔය එක එක යහළුවන්ට කෑම බීමකින් හරි සංග්‍රහකොරල ගෙදර ඇවිදින් බුකියටත් ගොඩවදින්න කලින්ම කල්පනා කලේ දුර ඈත පළාත්වල සිටින ජිලාගෙ අනික් යහළුවන්ට දෙන්න හොද තෑග්ගක්..පාටියක් කොහොම දෙන්නද කියල.. ඕං එතකොටයි මතක් උනේ.. මේ පහුගිය දවස් කිහිපයකම ජිලාගෙ යහළුවන්ව වගේම ලංකාවේ ගොඩාක් අයව හරකුන් කරල අන්න තන කාපිය කියල පෙන්වපෙන්ව අණකරපු තවත් හරකෙකුගේ තන කැවිල්ලට තිත තියල හොදවයින් මොළේට යමක් දුන්නොත් නරකදෑ කියල.
…උඹත් කාපන් හරකෝ තන.. මෙන්න මමත් කනවා තන.. බ්ලොග් ලියන්නම් වාලේ බ්ලොග් පෝස්ටු ලියන.. පේස්ට් කරන්නම් වාලේ බ්ලොග් පෝස්ටු කොපිකරන කිසිවක් හරිහැටි නොදත් තවත් එක් හපනෙකුගේ ක්‍රියාව ලොවට කියන්නයි මේ සූදානම... මඩ ගැසීමේ ව්‍යාපාර නවතා... ඒ බ්ලොගියේද හිමිකරු අමතා අසාර්ථක වූ ඒ පෝස්ටුව නිවැරදිකිරීමට ජිලා කිහිපවතාවක්ම ඒ බ්ලොගියේ හිමිකරුව සම්බන්ධකරගන්න ජිලා උත්සාහ කලේ ඒ පෝස්ටුවේම ඒ වරද නිවැරදිකර වෙනත් ජිල්මාට්ස් පෝස්ටුවක් උඹට දෙන බලාපොරොත්තුවෙන්... කොහෙද ඉතිං ඒ බ්ලොගියේ හිමිකරුට වුවමනා ශ්‍රීලාංකිකයා ගොනාට අන්දවමින් ඒ පෝස්ටුවම ඒ බ්ලොගියේ තියාගන්න... වරද පිළිගැනීමේ කැමැත්තක් ඇත්තෙම නෑ.. අන්තිමේදි ඔහුගේ කටින් පිටවූයේ "ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න... මගේ  ගමනට හරස්වීමෙන් වළකින්න" කියන එක.. ඔව්... ජිලා බොක්කෙන්ම එයාට සුභ පැතුවා... අදටත් බොක්කෙන්ම සුභපතනවා..නමුත් ඒ එයා යන අගාධයට තවත් එකෙක් කැන්දන් යන්නෙ නැතිනම්... උඹත් දන්නවා මමත් දන්නවා... ඔය වගේ යහළුවො උඹට වගේම මටත් අනන්තවත් හමුවෙලා තියනවා.. වල බහින්න උපන් හපන්නු.. තව එකෙක් වලට දාල.. මඩ ගොඩේ රිංගවල අන්තිමේදි ඌ විතරක් ගොඩට එනවා... මම දන්නවා දැන් එයා මේ ජිල්මාට්ස් බ්ලොගිය කියවනවා... ඌ උගේ වරද නිවැරදිකරගන්නවා.. නමුත් ඒ ලියපු පෝස්ටුව තවමත් එහෙමම... ඒ පෝස්ටුව බලන එවුන් තවමත් වලට බහිනවා..  ඉතිං ඇයි ඒකට බාධා... මම ලියනවා පුතෝ මගේ බ්ලොගියේ කියල චැට් එකෙන් කැපුණා... ඉතිං අද ඉතිරිය..
…ඒ පෝස්ටුවේ ප්‍රධාන මාතෘකාව "Core i9 Processor එකක් මගෙන් ඔයාලට.." හත්වලාමයි... මොකක්ද මේ හරුපෙ..? ඇහුවෙත් අදමද කොහෙද... ඌට වැරදිලාද..? ජිලාට වැරදිලාද..? නැතිනම් බලන අපිට වැරදිලාද..?  ජිලාට පෙනුන විදියටනම් ඒ ගණිත ශූරයෙක්... ඒ මෙහෙමනේ... දැනට තියන අලුත්ම processor වර්ග Core i3, Core i5, Core i7 නේ... ඕං මෙහෙමයි ගණිතමය අනුකල්පනය ඈ... 3, 5, 7, ... මීළගට කුමක්ද..? නිසැකවම 9 නේ ... ඒනිසා මීළගට Core i9 වෙන්න ඕනි... එහෙමද...? නෑ එහෙම නෑ... එහෙනම් මොකක්ද..?
දෙවරක් චක්කරේ දන්න එවුනුත් බ්ලොග් කලාව පටන් අරන් තියන කාලේ... උන්ගෙ එක එක නොදැනුවත්කමට දමන පෝස්ටු නිසා උඹේ විතරක් නෙවෙයි මගෙත් මනස විකෘති වෙනවා...ඒ  උන්දලෑට ළගට කතාකොට හොදට ලුණු ඇඹුල් ඇතිව කණට වගේම කටටත් මොනවාහරි වක්කොරන්න ඇත්නම් ෂෝයි කියල හිතෙන්න දැන් තමා... බ්ලොගිය පුරවන්න ඕනි කමටම.. ගූගල් දෙයියාගේ වගේම youtube මල්ලිගේ සරණ පතන එවුන්ට එවුන්ගේම සරණං ගච්චාමී... මට මොකෝ උඹ්ල මමත් එක්කනේ.. උන්ට බෑ ජිල්මාට්ස්ගෙ ගෝලයින්ට තණකවන්න.. ඒක ජිලා හොදාකාරවම දන්නවා... මේ සූත්තරේ දෙක වසර සමත් නංගිලා මල්ලිලාට කිරිකජුවගේ.. ඉතිං තවත් දෙක වසර සමත් මල්ලියෙකුගේ කතාවක් නිසා අපි කෝප නොවෙමු... ජිලත් එක්ක ඉන්න උඹ ඇත්ත දන්නවා... ඉතිං අපි ඇත්ත කතාකරමු..
…හ්ම්ම්ම්
Pentium Pro
Pentium II
Celeron
Pentium III
Pentium M
Celeron M
Pentium 4
Pentium D
Pentium Extreme Edition
 Xeon
Intel Core 2 Do
 Pentium Dual -Core
Core i3 ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i5  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
Core i7  ( Nehalem /Sandy Bridge / Ivy Bridge micro architecture )
ඕං ඔහොම මෙතැනට වෙනතෙක්ම ආවා ඈ... මෙතනදි මේ Pentium Pro ආරම්භය නෙවෙයි..මීට පෙරාතුරුව processor වර්ග කිහිපයක්ම නිකුත් උනා ඈ.. අනික ජිලා දැන් මෙතනදි වැඩිපුර දෙනාගෙ කටේ තියන Intel සමාගම විසින් නිකුත් කරන ලද Processor විතරයි දිගහැරියෙ ඈ... තවත් තියනවා AMD කියයි Atom කියයි.. ඒව සියල්ලක්ම ගැනම කතාකොරන්නත්  මෙතන දිගහරින එකත්  ජිලාටත් එක සැරින්ම මතකෙට එන්නෙ නෑ නොවැ. ඒනිසා ඒගැන සමාවෙයන් ඈ... හලි දැන් මේ Core i3, Core i5, Core i7 වලින් පසුව Core vPro කියල කෑල්ලක් මේං මේ Core i3, Core i5, Core i7 processor වලට ඈදමින් තවත් දියුණුවක් කරනවා... දන්නවනේ Core i3 කිව්වත් ඒකටත් වෙනම Model Number එකක් අනුව වර්ගීකරණය කරනවා කියල.
උදා: Core i7-3930K CPU වගේ.. ඉන්පස්සෙ Generation කතාවකුත් ඒ අස්සෙම... ඕං ඔය විදියට දැන් මේං මේ Core vPro ලෙස හදුන්වාදෙන්නෙ 4th generation එහෙමත් නැත්නම් හතරවන පරම්පරාව කියල ඈ.. ඕං කොහොමින් කොහොම හරි දැන් දෙවන පරම්පරාවෙන් තුන්වන පරම්පවාවටත් ඇවිදින්... දැන් හතරවන පරම්පරාවටත් ඇවිදින්... ජිලාටත් වඩා හොදින් සවිස්තරාත්මකව Intel සමාගම විසින්ම කිව්වොත් නරකක් වෙන එකක් නෑ කියල ඕං එහෙනම් ලංකාවෙ මිනිස්සු හරකුන්ට ගත්තු බ්ලොගි වලට හෙනගහත්වා කියල ආවඩා ආයුබෝවේවා කියලම මේං බැලුවනම්.... තුන්වන පරම්පරාවේ Intel Processors සම්පූර්ණ විස්තරේ සහ හතරවන පරම්පරාවේ processor සම්පූර්ණ විස්තරේ...   ඕං අප්පොච්චියේ processor එකක් මේදක්වා ගියපු දුර..
දැන් අර ජිලා කලින් කියූ බ්ලොගිය වගේම තවත් අඩවි මීට පෙරත් උඹ දැකල ඇති.. දැනට උඹේ ළග තියන processor එක පෙනුමට විතරක් තියන හොදම එකක් විදියට පෙන්වන ක්‍රම... හැබැයි මතකද..? එදා ඔයා ඒ අත්විදීම... ඇස්බැන්දුම කලේ ඒ සුළුමොහොතකට විතරක් කියල.. ඒකියන්නෙ.. ඒ සූත්තරේ කරපු වෙලාවෙ ඉදන් කම්පියුටර් එක shutdown කරනතුරු පමණක්ම එය ඇස්බැන්දුමක් වුනා... ලස්සනයි යහළුවන්ව ගොනාට අන්දවන්න... ඒත් නැවතත් කම්පියුටරේ on කරද්දි ඒ කරපු සූත්තරේ අතුරුදහන් වෙලා... ඒකියන්නෙ ඒ සූත්තරේ අසාර්ථකයි කියන එකම නේද..? ඕං ඔය අසාර්ථකයි කියන සූත්තරේ සාර්ථක පෝස්ටුවක් කරන්නයි ජිලාගේ මේ උපන්දිනයදා වෑයම...ඇස්බැන්දුම් සදාකාලිකං...  ඒත් දන්න එකා දන්නවා මොකක්ද ඇත්ත කියලා... සාමාන්‍යයෙන් motherboard එකක් අනුඅංකයකින් නියෝජනය වනවා,... සෑම motherboard එකකටම තියෙන සෑම processor එකක්මත් ගැළපෙන්නෙ නෑ කිව්වොත් පිළිගන්නවානේද..? හ්ම්ම්ම් මෙහෙම ජිලා කිව්වොත්... motherboard එකට processor එක සවිවීමේ කොටසක් තියනවා... ඒකට socket එක කියලනෙ කියන්නෙ... ඉතිං මේ sockets එක එක මාදිළි තියනවා.. හරියට ඒ ඒ මූඩියට ඒ ඒ බෝතලය වගේ.... PGA Socket 423 කියයි..PGA Socket 441 කියයි.. PGA Socket 478 කියයි..  LGA 775 කියයි...  LGA 1155 කියයි...  LGA 1366 කියයි...  LGA 1567 කියයි... ඉතිං ඔය ඔය වගේ sockets වලට ඒ ඒ වගේ socket type processors තමයි ඈ... තවත් නීති රෙගුලාසි තියනවා...
හලි දන්න එවුන් දැනගනිත්වා... නොදන්න එවුන් ඒත් දැනගනිත්වා මේං කියනවා ජිලාගෙ මේ සූත්තරේ...
ආ.. ඊට කලින් ඔය එක එක තැන තිබුණ පෝස්ටු වල කෙරුවාව කරපු එවුන් ඉන්නවානම් උන් දන්නවා ඒ කෙරුවාව කම්පියුටර් එක restart කලායින් පස්සෙ යථාතත්වයටම පත්වෙනව කියල.. ඒ කියන්නෙ කලේ බොරුවක්නේ..
කලොත් කලේ කම්පියුටර් එක restart කලවිට ඇත්ත උප්පැන්නෙ පෙන්වන පෝස්ටුනේ... මෙතරම් කාලයක් කොහේවත් නිවැරදිව හරිහැටි සූත්තරේ නොලැබුණ... නොකී සූත්තරේ .. ඕං එහෙනම් හැමදාමත් වගේ අලුත් වෙනසක් කරන නොවරදින කෙරුවාවන් උඹට කියලදෙන ජිලාගෙන්ම ඒ කෙරුවාවත් දැනගනිල්ලා ඈ..
…ජිලාගෙන් බොරුවට නෑ ඉඩ... 
මේක ඇස්බැන්දුමක්ම විතරයි ඈ... උඹේ දැනට තියන processor එක මොකක් උනත් අලුතෙන්ම මේ පච්චයක් ගහනව වගේ කොටන්න හදන ලේබලේ විතරයි.. නමට... නම වෙනස් කොලා කියල ඒ නමට එන්න තියන හැම performances එකක් එකක් ගානෙම.. හැම feature එකක් එකක් ගානෙම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ කියල මම ඕං උඹලට මුලින්ම කියනවා ඈ... ඇත්තටම වෙන්නෙ ඇත්ත උප්පැන්නෙ උඩින් හොර..බොරු වංචා උප්පැන්නයක් හදන එක..
…මේං එහෙනම්... ඇස්බැන්දුමත් හැබෑවක් කරන ජිල්මාට්ස් සූත්තරේ...
හලි... මුලින්ම ඕං Start >> All Programs >> Accessories >> Notepad ඈ... දැන් Notepad එක දිගහැරගන්නවා...
…Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Intel Core i5-4300M CPU 3.03GHz"
විදියට කෙටුවා... Processor.reg කියල save කොලා...
හලි... දැං ඉතිං තව පුංචිම පුංචි කෙටිල්ලක් තියනවා ඈ... හලි.. දැන් ආයෙමත් Notepad එකක් open කරගන්නකෝ.. ආ... ඊට කලින් අර Processor.reg කියන එක තියන path එක ගන්න ඕනි ඈ... ඒක සරලයි මෙහෙම කරනවනම්... ඒක right click >> properties >> Secuirity දැක්කනේද path එක ආං ඒකෙ කොපියක් අරගෙන මේ අලුත දිගහැරපු notepad එකේ තියන්නයි ඕනි ඈ... මේං මෙහෙම
 regedit /S "C:\Users\Rannulu\Desktop\Processor.reg"
 මේං දැක්කද මේ regedit /S කියන විධානෙන් පසුව "" "" ඇතුළෙයි ඔයාගෙ මේ path එක යෙදෙන්නෙ ඈ.. තේරුණාද මන්දා...
…හලි.. දැන් ඕං ඕකත් save කරගන්නවා jilmarts.bat කියල
…හලි දැන් මේං මෙහෙමයි ඈ... Start >> All Programs >> Startup මේං මෙතන Startup එක උඩ right click කොරලා Explorer All Users ඈ... හලි දැන් ඔය දිගහැරෙන එකේ ඕං ඔය jilmarts.bat එක cut and paste ඈ... ඉන්පස්සෙ ආං අර කලින් හදාගත්තු Processor.reg එක උඩ right click >> Properties >> Hidden >> Apply and OK.
දැන් ඕං ඔය ක්‍රොමෙන් අමතක නොවන shutdown කලත් නොමැකෙන processor එකේ නම වෙනස්කිරිල්ලේ සූත්තරේ..  අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... 
ඕං එහෙනම් කොහෙදෝ තිබුණ කුණුහරුප පට්ටපල් බොරු පෝස්ටු නිසා වෙබ් අඩවි ඉතිහාසයේ  මුල්ම වතාවට ජිලාගෙ ජිල්මාට්ස් පෝස්ටුවෙන් Processor එකට හොර උප්පැන්නයක් දීමේ රහස හෙළිදරව් කොලා......
…අද ජිලාගෙ උපන්දිනේ දවසෙ උඹල හැමෝටම තෑග්ගක් ජිලා  දුන්නා කියල හිතාගනිල්ල ඈ...