Thursday, September 19, 2013

කම්පියුටරය ON එකේ තියාගෙනම දැනට ඇති මුරපදය නැතිව අලුත් මුරපදයක් දැමිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 47)

පට්...පට්... දැන් වේලාව පෙරවරු 08.55යි. පට්..පට්..ගාල ලීසිං ගන්න සීඩීබී ලීසිං එන්න..  මේ දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්.. කම්පියුටර් ජිල්මාට්ස් අත් අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග. අන්තර්ජාලයේ විප්ලවීය වෙනස යන නාමයෙන් පෙනීසිටිමින් පරිගණක ආශ්‍රිත විවිධ ජිල්මාට්ස් වැඩ අන්තර්ජලයේ මොහුගේම www.jilmarts.blogspot.com යන නාමයෙන් වෙබ් අඩවියක් හරහා කම්පියුටර් ජිල්මාට්ස් වැඩත්.. මොහුගේ රාජකාරීමය වැඩවලට අමතරව සවස් කාලයේ මෙවැනි කටයුතු සදහා පංති පැවැත්වීමට රජයේ අවසරය ගත්තද බ්ලොගිය සදහා අවසර නොගෙන  ඒ ආධාරයෙන්  කියාදෙමින් ශ්‍රී ලාංකිකයින් පරිගණක ජිල්මාට්ස් වැඩ සම්බන්ධයෙන් දක්ෂයන් කිරීමේ උත්සාහයක් ගත් බැවින් ජිල්මාට්ස් නොහොත් ජිලා අත් අඩංගුවට ගන්නයැයි.. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගකරල ලදි. මේ වනවිටත් ජිල්මාට්ස් නොහොත් ජිලා තවත් කොම්පියුටර් ජිල්මාට් වැඩක් හෙළිදරව් කිරීමට සූදානම් වන බැව් විශේෂ ආරංචිමාර්ග වලින් හෙළිදරව් වී ඇත.
මලා..... ඔක්කොම ඉවරයි... ඔක්කෝම ඉවරයි... ගහගෙන හිටපු ප්ලෑන්ස්... දැකපු සිහින... ජිලාගෙ ආදරේ... වෙඩිං එක... හනිමූන් එක... ඔක්කෝම ඉවරයි.. අනේ මාව බේරගනින් දෙයියෝ... භාෂී......... භාෂී.......... අනේ මාව බේරගන්නකෝ...මගෙ වස්තුවේ........
…භාෂී........ කවුදෝ ජිලාගේ ඔලුව අතගානවා වගේ දැනුනා... ඒත් එක්කම හයියෙන් හිනාවකුත්... අනේ අනේ... අයියේ... ජිලා තවමත් නිදියහනේ...........
…හත්වලාමයි.. මෙච්චර වෙලාවක් නිව්ස් එක ඇහුණෙ හීනයකින්ද..? මටම නෝන්ඩියි වැඩේට... දැකල තියෙන්නෙ හීනයක් නොවැ.. හීනයක් උනත් මේක කවදාහෝ ඇත්තක් වේවි දැයි යටිහිතේ තිබුණ භය මතුපිටට පැමිණ ඇතැයි වෙලාවකට සිතේ.. 
මොක උනත් ජිලා කරන්නෙ ජිලාගෙ තියන කම්පියුටර් ජිල්මාට්ස් දැනුම එළියට ඇදල තවත් එකෙකුට කියල දෙන එක.. මුදල් අයකිරිල්ලකින් වෙනම පංතියක් පවත්වන එක වෙනම කතාවක්.. මේවට කියන්නෙ educatinal purpose ද purchase ද කියන එකනම් දන්නෙ නෑ... මොක උනත්... ජිලා කරන්නෙ යහපත් සිතෙන්... වදුරාට දැළිපිහිය හමුවෙන එක වෙනම කතාවක්... දැළිපිහිය ගත් වදුරන් බෝකරන්න නෙවෙයි ජිලාගෙ උත්සාහය ඈ...
හලි හලි කතා ඇති... ජිලාගෙ රහසක් වෙච්චි දෙයක් අද එළියට දාන්නයි යන්නෙ ඈ... රහසක් කිව්වම ප්‍රයිවෙට් එව්ව නෙවෙයි ඈ... ජිල්මාට්ස් ජිල්මාට්ස්...
…ඕං එක දවසක් උදෑහනින් සෙනසුරාදා දවසක ඈ... ජිලාට ෆේස්බුකියේ මිතුරෙකුගේ කම්පියුටරේට team viewer හරහා ලොග් වෙන්න උනාලු ඈ... ඉතිං ඌත් ජිලාගෙ ගජ මිතුරෙක් නිසා පුංචිපහේ ආතල් එකක් ගන්න ජිලාට හිත්දුන්නලු ඈ... ඉතිං ජිලා team viewer එකෙන් කැපෙද්දී මෙහෙම දෙයක් කිව්වලු පොරට.. මචෝ... උඹේ කම්පියුටරයට ජිලාව මතක්වෙන්නද jilmarts කියල මුරපද දාගෙන ඉන්නෙ කියලා. ඈ.. පොර කිව්වලු මට පිස්සුද උඹව මතක්කොරගන්න කියලා.. ඈ... …දැන් ඉතිං ජිලා ඌට බායි කියලා ගියාලු ඈ...
…මෙන්න බොලේ ටික වෙලාවකින් අර පොර ජිලාගෙ මොබයිල් එකට එක දිගට කෝල් ගන්නවලු ඈ... ඕං ජිලා ඒකට උත්තර බදිනවා..
…ඔව් මචං කියපං... මොකක්ද මගෙන් වෙන්න ඕනි..?
…මොළේ කොළොප්පන් වෙලා ඕයි ඉන්නෙ... තෝ මොකක්ද මගේ මේ කම්පියුටරේට කොලේ..?
…ඇයි බං..? මගෙත් මොළේ කොළොප්පන් නොකර කියපන් බලන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා..
…යකෝ මගේ පාස්වර්ඩ් එක වැඩ නෑ...
…මළා........
…තෝ මොකක්ද කලේ..?
…මම මොනවත් කලේ නෑ බං.. උඹ ජිලාව මතක්කරගෙන ගහපන්... අතේ නෙවෙයි ඈ... jilmarts කියල පාස්වර්ඩ් එකට ගහල බලපන්...
…හා පොඩ්ඩක් හිටු... යකෝ මේක ජිලාගෙම වැඩක් නොවැ.. jilmarts ම තමා පාස්වර්ඩ් එක.. තෝ කොහොමද ඒක වෙනස් කලේ..? අනික බං තියන පාස්වර්ඩ් එක වෙනස් කරද්දි current password ද මොකක්ද ඉල්ලනව නේද..? තෝ මගේ එක දන්නෙ කොහොමද මේ ඩිංගට... තෝ කොහොමද ඒක වෙනස් කලේ..?
…හික්ස්...... මට කැස්සකුත් ආව ඕයි... පල්ලෙහායිනුත් කැස්සක් එනවද මන්දා...
…දැන් වැඩේ ගොඩනේ... පාස්වර්ඩ් එකත් jilmarts නේ.. මාව මතක්වෙන්න ඕකම තියාගනින් එහෙනම් ඈ... මම තියන්නද බං.. පොඩි වැඩකුත් තියනවා කරන්න... එහෙනම් පරිස්සමින් හිටපන් ඈ... බුදුසරණයි... සියලු දෙවි රැකවරණයි..
…වදුරාට දැළිපිහිය දීලා වදුරෝ දැන් කපපන් අහවල් එක නොකියා ජිලා හිරගෙට  යන්න කලින් මේ ජිලාගෙ අනුන්ට නොදැනිම මුරපද වෙනස් කිරිල්ලේ සූත්තරෙයි කියලදෙන්න යන්නෙ ඈ...
මීට කලින් ජිලාගෙ පෝස්ටු කිහිපයක්ම බ්ලොග් පෝස්ටු සොරුන් විසින් සොරාගෙන ඇති නිසා ඕං ජිලා කියනවා මුල්ම වතාවට අනික් පෝස්ටු වගේම මේ සූත්තරෙත් මුලින්ම උඹලට කියලදෙන්නෙ ජිලාම තමයි කියල ඈ...
සාමාන්‍යයෙන් පරිගණකයක් ක්‍රියාත්මක මට්ටමේ පවතිද්දී යොදාඇති මුරපදය වෙනස් කරන්න නිසැකවම කලින් යොදාඇති මුරපදය current password කියල ඉල්ලන තැනට ලබාදියයුතුවෙනවා... එහෙම නැතිව මුරපදය වෙනස් කිරීම මුල්ම වතාවට උඹ ඉදිරියේ තැබීම සම්බන්ධව ගෞරවය ජිල්මාට්ස්ට තමා ඈ.. මෙව්ව මේ කියලදෙන්නෙ කැහිල්ලකටවත්... උඹල ඉදිරියේ අමුතුවෙන් පොරක්වෙන්නවත් නෙවෙයි ඈ... මම කොහොමත් පොරක්... අවුරුදු 24ක සයිලන්ට් කොල්ලෙක්.. අහිංසක එකෙක්.. අහිංසකයි කිව්වට ඉතිං...  නයා දරමිටියකට ලණුවක් වෙන්න තරම් අහිංසකයෙක් නෙවේ..
…හලි..හලි... current password නැතිව අනුන්ගේ කම්පියුටරයේ මුරපදය වෙනස් කරන්නයි මේ ලකලෑස්තිය ඈ...
…හලි හලි.. කතා ඇති.. මේං එහෙනම් සූත්තරේ... windows key + R එහෙමත් නැතිනම් , Start >> All Programs >> Accessories >> Run ඈ...
…හලි... දැන් ඉතිං ඔය ඔතැන lusrmgr.msc කියල ටයිප් කරල එන්ටර්  කරමුකෝ...
…Local Users and Groups දිගහැරෙයි ඈ... ඕං ඔතන ඔය Users කියන එක ක්ලික් කොලානම් බලමු... පේනවද දැනට භාවිතවන users ල ලස්සනට පෙන්වන අපූරුව.. හරි... ඔන්න දැන් තමයි වැඩේ ඈ... ඔය user කෙනෙක් උඩින් right click කරන්නකෝ... දැක්කද Set Password කියල එකක්... මෙන්න ජිලාගෙ ඇස් ගැහෙනවා... කෙල්ලෙක්වත් නෑ... අනේමන්දා.. උඹට තේරුණාද මන්දා... Set Password for Jilmarts ලු... You are logged in as "Jilmarts". You have chosen to reset the password for your local user account එක්ක තවත් දිග හෑල්ලක්... හලි හලි... දැන් Proceed ඈ...
…මෙන්න බොලේ වැඩක් කෝ... current password ඉල්ලන තැනක් නැහැනෙ.. කෙලින්ම තියෙන්නෙ New Password එකයි ඒක නිවැරදිව ආයෙමත් ටයිප් කරන්න තියෙන Confirm Password කියන එකයි විතරයිනෙ..
…දැන් ඉතිං jilmarts කියල ඔය තැන් දෙකටම දෙනව ඈ... දැන් OK දෙනවා ඈ...
The Password has been set ලු... අපිට මොකෝ... දැන් මුරපදය jilmarts තිබුණ එකෙන් ලොග්විලි බොරු ඈ... ලොග් වෙන්න නම් ඉතිං දැන් jilmarts ම තමා ඈ..
දැන් ඉතිං යහළුවෙකුටවත් උඹේ කම්පියුටරයට භය නැතිව දෙන්නත් ජිලා නැතිකලා කියල පෙත්සම් ගහල උසාවි නියෝග අරන් ජිලාව හිරේට දාපල්ලා... ඊටකලින් මතකතියාගනින්  මුරපද අනුන්ට හොරා වෙනස්කරන්න වගේම දාපු මුරපද කඩන්නත් ජිලා මීට ඉහත පෝස්ටු බරගණනකදීම කියල දීල තියන නිසා භයවෙන්න  දෙයක් නෑ..ඈ...
…මේ ඇත්තටම ජිලාට හිරගෙට යන්න උනොත් උඹල බැරිද බං ජිලා වෙනුවෙන් ඒ හිරගෙදර ගොහින් බත්පතේ රසබලන්න... වැඩරාජකාරි පැණෙවෙනවනම් ඒවත් කරන්න බැරියැ... වැඩිම උනොත් කොල නැතිගහ දැනට ක්‍රියාත්මක නොවන නිසා ආතල් එකේ ඇතුළෙ හිටියහැකි.. ජිලාට බැරියැ ඇවිදින් උඹේ සැපදුක බලල යන්න... ලෙඩක් දුකක්.. හැදුණොත් ඔපරේෂන් කරන්න දන්න වෙන්න හාමිනේ කෙනෙකුත් ජිලා ළග ඉන්නවනේ.. උඹ කැමතියි නේද..?

Saturday, September 7, 2013

පුංචිම පුංචි Network එකෙන් එව්වමෙව්වා ගිගා ගණන් share කිරිල්ල (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 46)

ඕං ඉතිං අද සෙනසුරාදා දවසක්ලු ඈ... ජිලා ජිලාගෙ පුංචිගෙ පුතාට හැමදෙයක් ගැනම වමාරන නිසා ජිලාගෙ පෙම්වතියව පෙන්වන්න මලයත් එක්ක කරාපිටිය හොස්පිට්ල් එකට ගොඩ උනා.. හත්වලාමයි..කියන්න අමතක උනානේ.. කරාපිටිය හොස්පිට්ල් එක ළගදි කොල්ලො සෙට් එකක් ඇවිත් උඹ නේද ජිලා..? කියල අහපි.. ජිලා අන්දුන් කුන්දුන්... කොහොම උත්තර බදින්නද..? ඔව් කියන්නද..? නෑ කියන්නද..? නිකම්වත් මුන් ටික මාව ෆලෝ කරල අක්කිව හදුනගත්තොත් ජිලාට ජිලාගෙ  ආදරෙත් නැතිවෙයිද..? නෑ.. එහෙම වෙන්නෙ නෑ... ඕනදෙයක් වෙද්දෙන් කියල ඔව් මචෝ.. ෂෝට් ඇන්ඩ් ස්වීට් ජිලා මම තමයි කියල කිව්ව.. එතකොට මූ..? කවුද කියල මල්ලියව පෙන්නපි.. මගේ මල්ලි බං... උඹව අදුනගැනීම සතුටක් බං.. උඹ කෙල්ලව බලන්න යනව නේද කියල හිනාවක් දාල අහපි.. මේං ජිලාගෙ මුහුණෙ පෙම්පාට.... වාව්... අපෙන් සුභපැතුම් කොල්ලෝ.... ආ මේ මතක ඇතිව පොරොන්දුව ඉටුකරපන් ඈ... මොන පොරොන්දුවක්ද බං..? ඈ බං ජිලෝ අර 44 පෝස්ටුවෙන් peer to peer ද මොකක්දෝ එකක් හදන්න කියනවයි කිව්වෙ...
ආ මෙයාද අයියගෙ අලුත්ම මනමාළි..?
…හරිම භයයි අෆ්ෆා.. එදා එයා මම එක්ක කතාකරනවට වඩා කතාකලේ මල්ලිත් එක්ක.. මිනිහා දස්සයා... කොළඹ ප්‍රධානපෙළේ ඉස්කෝලෙක කොල්ලෙක්.. උසස්පෙළ විභාගෙ කලා ගණිත අංශයෙන්.. ලංකාවෙන්ම 25වෙනියා.. කොහොමහරි අයියගෙ වෙන්න මනමාළිගෙ මොබයිල් නම්බරෙත් අරන්.. ගෙදර ආව ගමන් අම්මිට වෙන්න මනමාළිගෙ විස්තරේ දිගහරියිද කියලයි දෙගිඩියාවෙන් හිටියෙ.. අයියා අරක කරමුද..? මොකක්ද මල්ලියා... ?? පොරොන්දුව.. ඒක මටත් කියලදෙන්නකෝ...
අරවා කරන්නම්..මෙව්වා කරන්නම්... දිනුවොත් කරන්නම් එව්ව මෙව්ව නෑ.. මේ ජිලා ළග.. කියනදේ කරනවා... කරනදේ කියනවා... නොකියනදේ අනිවාර්‍ය්යෙන්ම කරනවා... දෙනවා කිව්වොත් දෙනවා.. ඡන්ද පොරොන්දුනම් නෙවේ ඈ..
මේං බොලේ මෙයා මගේ ට්‍රංක පෙට්ටියේ තිබුණු එව්ව මෙව්ව ටූල් ටික අරගෙන වැඩටත්  බැහැල.. මූට තියන හදිසිය මුගේ ලැප්ටොප් එකට මගේ තියන එව්ව මෙව්ව එහාට මෙහාට අදින්නද නැත්නම් උගේ ලැප්ටොප් එකෙන් ඒකෙ තියන එව්වමෙව්ව ටික සේරෝම මේකට පුරවන්නද..? අනේමන්දා පණ නැතත් ඕනම දේකට අතහිත දෙන්න ඉන්න මගේම  මල්ලිකෙනෙක්නේ...  ඕං එහෙනම් ඔතනින් මෙන්න මේ මම කියන ටූල් සෙට් එක ගනින්කෝ...
…1. මීඩියා එක.. එහෙමත් නැත්නම්
Network Cable එක.. (මෙය CAT 5, CAT 5E, CAT 6, CAT 6E ලෙස වර්ග කිහිපයක්ම වේ.. ඒවා හරහා හුවමාරුවන එව්වමෙව්වාගේ වේගප්‍රමාණය එකිනෙකට වෙනස්වේ.. )
2.
RJ 45 Connectors දෙකක්
…3.
Crimping Tool එකක්
…4.
UTP Stripping Tool එකක්
…5.
UTP Cable Tester එකක්
…බඩු ටිකනම් හරි... බඩු කිව්වෙ වෙන වෙන එකබඩු නෙවෙයි යකෝ... උපකරණ ටික.. දැං ඉතින් ගහපල්ලා කේබල් එක.. ඔය UTP Stripping Tool එකෙන් Network Cable එක කපාගත්තනම්... හත්වලාමයි කපන්න කිව්වෙ යකෝ දෙකට වෙන්වෙන්න නෙවෙයි.. ඔය ඇතුළෙ තියන කේබල් ටික ඉතිරිවෙන්න.. හලි... දැං ඔය ඇතුළෙ තිබුණ කේබල් 8ත් සමානව කපාගනින්කෝ.. හත්වලාමයි... එපාර කේබල් වෙන්වෙන්නම කැපුවා... දැන් ලබ්බක්ද RJ 45 connector එක ඇතුළට බස්සන්නෙ... ඇතුළට බහින්න පුළුවන් ප්‍රමාණයට ලස්සනට එක පිළිවෙළකට කපපන්කො.. ඒකට තමා ඔය Crimping Tool එක තියෙන්නෙ...
…හලි... දැන් ඉතිං තියෙන්නේ ඔය කේබල් ටික පිළිවෙළකට RJ45 connector එක අස්සට බස්සවන්න.. හරි අපූරුයි... ඔහොම බස්සන්නවත් ඔහොම අරින්නවත් බෑ යකෝ... හිතුණ හිතුණ විදියට... අනික් ඒවට වගේම මේවටත් රටා තියනවා... සමනළ ආර.. අර ආර මේ ආර නෙවෙයි  Straight Through සහ Cross Over .. ඔය රටා දෙක තමයි තියෙන්නෙ.. අලුත් රටාවක් උඹ සොයාගන්නෙ එහෙම නෑ හරිද..? තනිකරම Peer to Peer connection එකක් නම් ඉතිං මුල්දවසෙ ඉදළම ගහපු Straight Through තමා.. හැබැයි ඉතිං Cross Over ක්‍රමේ ජාලකරණය සදහාම පමණක් නොවේ ඈ... Peer to Peer connection එකටත් පුළුවනි ඈ...
…හලි මුලින්ම Straight Through ගැහිල්ල ගහන්න බලමු... RJ45 connector එකේ pin 1 සොයාගන්න RJ45 connector එක උඩුපැත්ත හරවන්න.. clip එක තියෙන්නෙ යටිපැත්තෙ ඈ... 
Network Cable එකේ කේබල් 8ක් ඇති... බලපං ඒක හොදට.. පාට 4ක් එක්ක..කවලම් පාට 4ක්. හලිනෙ එහෙනම්,.. RJ45 connector එකේ pin අනුව මේ කේබල් එකේ පාට එන්න ඕනි මෙහෙමයි ඈ...
…pin 1- Orange White
pin 2- Orange
pin 3- Green White
pin 4 - Blue
pin 5- Blue White
pin 6- Green
pin 7- Brown White
pin 8- Brown
හලි නේද..? හලි.. ඔහොමම RJ45 connector එක ඇතුළට බස්සපන්කෝ... දැන් ඔය UTP Stripping Tool එක අරගෙන RJ45 connector එක ඇතුළට බස්සල හොදින් තදකරපන් ඈ... හොදින් තදකරපන්.. හලි Straight Through ක්‍රොමේ එක පැත්තක RJ45 connector එක සවිකොලා... අනික් පැත්තත් ඒ ක්‍රොමේටම සවිකොරපංකො ඈ... හොදට බස්සල.. හොදින් තදකරපං... ආයෙ ලොවෙත් ගැලවෙන්නෙ නැතිවෙන්න..
හලි දැන් අපි බහිමු Cross Over ගැහිල්ලට... RJ45 connector දෙකට වෙන්වෙන්වූ රටා දෙකක්... එක පැත්තක් ගැහිල්ල Straight Through එකේ ගැහිල්ලෙන් එක RJ45 connector එකක් ගහගන්න දැන් දන්නවනේ... හලි දැන් ඒපැත්ත ගහගන්නකෝ.. හලි දැන් අනික් RJ45 Connector එකට කේබල් ගැහිල්ල මෙහෙමයි ඈ.. RJ45 connector එකේ pin අනුව මේ කේබල් එකේ පාට එන්න ඕනි මෙහෙමයි ඈ... 
……pin 1- Green White
pin 2- Green
pin 3- Orange White
pin 4 - Blue
pin 5- Blue White
pin 6- Orange
pin 7- Brown White
pin 8- Brown
හලි නේද..? හලි.. ඔහොමම RJ45 connector එක ඇතුළට බස්සපන්කෝ... දැන් ඔය UTP Stripping Tool එක අරගෙන RJ45 connector එක ඇතුළට බස්සල හොදින් තදකරපන් ඈ... හොදින් තදකරපන්
හලි... Straight Through රටාවයි... Cross Over රටාවයි දෙකටම දැන් කේබල් ගහන්න ජිලාගෙ මල්ලියා  වගේම උඹත් දන්නව ඈ...
හලි දැන් ඔය UTP Cable Tester එකට Network Cable එකේ දෙකෙළවරට ගහපු RJ45 connector දෙක සම්බන්ධ කරල චෙක් කොරන්නයි තියෙන්නෙ ඈ... බල්බ සියල්ල දැල්විය යුතුයි ඈ.. දැල්වුනොත් වැඩේ අතිසාර්ථකයි ඈ... මෙන්න බොලේ මේකාගෙ ගැහිල්ල අතිසාර්ථකයිලු...
…හලි දැන් ඉතිං මේ උපකරණ නැති එවුන්ට පාං ද..? කෝමද Network ගහන්නේ..? කෝමද peer to peer connection එකක් හදාගන්නේ..? කොහොමද අරූගෙ කම්පියුටර් එකේ තියන එව්වමෙව්ව මගේ එකට ගන්නේ..? සල්ලිය භාගෙ ඕන නොවැ මේ ජිලාගෙ සූත්තරේට... ඔව් බං නැතුව ඉතිං මෙව්ව නිකම් දෙන්නයැ... නිකම් කියල දෙන්න වගේ.. අතේ මිටේ කීයක් හරි තියනවනම් මෙව්ව උපකරණ ටික ගත්තට පාඩුවක් නෑ.. Network field එකෙන් ඉදිරියට යන්න ඉන්නවනම් ඈ...
වැඩි මුදලක් වෙන්නෙත් නැහැනේ..  මෙන්න මිලගණන්...
…RJ45 connector එකක් ශ්‍රී ලංකා රුපියල් 15යි.
CAT 6 Network Cable 1 meter   ශ්‍රී ලංකා රුපියල් 35යි.
…UTP Stipping Tool එකක් ශ්‍රී ලංකා රුපියල් 1500යි.
UTP Cable Tester එකක් ශ්‍රී ලංකා රුපියල් 1500යි. (ගණන් හිලව් වෙනස්විය හැකියි.)
උපකරණ ටික නැතුවට ඉතිං මේවිදියට සකසපු Network cable විකුණන්නත් තියනවා ඈ.. රුපියල් 500ක් වගේ පොඩි මුදලකට... ගත්තොත් පාඩුවක් වෙන එකක් නෑ... යාළුවගෙ ලැප්ටොප් එකේ තියන අරව මෙව්ව ගිගාබයිට්..ටෙරාබයිට් ගණන් අදින්න තියන pen drive එකකින් එහාටමෙහාට ගලවනවා ප්ලග්කරනවා.. ප්ලග් කරනවා ගලවනවාට  වඩා නරකද ජිලාගෙ අදහස ඈ...
…හලි... නෙට්ව(ර්)ක් කේබල් එකේ සූත්තරේ ඉවරයි දැන් peer to peer සූත්තරේ... Network cable එක කම්පියුටර් දෙකටම සම්බන්ධ කොලානම්...
…හලි... පොඩී සැකසුම් ටිකක් හදන්නත් ඕනි ඈ... හිතු හිතු විදියට ගහන්නත්.. ගන්නත්.. ගහල උස්සන්නත් බැහැනේ...
…හලි... එහෙනම් මුලින්ම Start >> Control Panel >> Windows Firewall >> Turn Off Windows Firewall ඈ...
…හලි ඉන්පස්සෙ Start >> Control Panel >> Network and Sharing Center >> Change Adapter settings >> හෝව්.... හෝව්... windows xp කස්ටිය අතරමග නැවතිලාලු... උන්ට මෙහෙමයි ඈ...  start > Control Panel > network connections
…හලි... දැන් දෙගොල්ලොම එකතුවේ සහ පොදුවේ ඈ.. ඔය Local Area Connection එක right click කරල > Properties >>  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties
…දැන් Use the Following IP Address කියන එකට ටික් එකක් දාගෙන ඉවරවෙලා ඈ..............
IP Address එකට 192.168.1.1 විදියටත්..
…subnet mask එකට 255.255.255.0 විදියටත්..
…Default gateway එකට 192.168.1.2 විදියටත්.. එක පරිගණකයක සැකසුම් සකසා ගන්නව ඈ...

…ඒවිදියටම කලින් කියපු පාරෙන් ඇවිදින් අනෙක් කම්පියුටරේ සැකසුම් මෙහෙමයි ඈ...
IP Address එකට 192.168.1.2 විදියටත්..
…subnet mask එකට 255.255.255.0 විදියටත්..
…Default gateway එකට 192.168.1.1 විදියටත්..
හරිනේ.... හරි..
හරි.. දැන් බලන්න ඕනි කම්පියුටර් දෙකම එකිනෙකාව හොදින් හදුනාගන්නවද කියල ඈ...
…මෙහෙමයි ඒක බලන්නේ...
…windows key + R >> cmd කියල ටයිප් කලා එන්ටොර් කලා... හලි... දැන් කලු රෙද්ද නොහොත් command prompt එක දිගහැරේවි ඈ... ආං ඒකෙ මේං මෙහෙම ටයිප් කොලා... කම්පියුටර් දෙකෙන්ම මේක කොරන්න ඕනි ඈ....
ping 192.168.1.1 -t
ඒකට පිළිතුරු විදියට මෙහෙම ඒවි...
…Reply from 192.168.1.1: bytes=32 time=357ms TTL=41 විදියට ඈ... එහෙනම් වැඩේ ගොඩ...
…ඒවගේම අනික් එකත් චෙක් කොරනවා මෙහෙම
…ping 192.168.1.1 -t
…ඒකටත් පිළිතුරු ලැබෙයි... ඈ... එහෙනම් සබදතාව හරි ඈ... දැන් ඉතිං තියෙන්නේ එව්ව මෙව්ව ලට්ට ලොට්ට එහාමේහා කරගන්නයි ඈ.... ඒකටත් ක්‍රමයක් තියනවා පොඩ්ඩක් හිටපන්.. ඒකත් කියනකම්..
…හලි ලට්ට ලොට්ට වැලවරකා යහළුවට දෙන්න ඕනි එව්වාටික ඔක්කොම එක folder එකකට දැම්මා ඈ.. හලි දැන් ඒ ෆෝල්ඩර් එක right click කලා sharing and security වලින් share this folder කිව්වා... OK කිව්වා ඈ...
…windows 7 තියන අපේ උන්නැහේලාත් මේං මං මේකියන පාරෙන් ආවනම්... Start >> control Panel >> Network and Sharing center >> change advanced sharing settings ඈ... එතැනින් public folder sharing වලින් Turn on sharing so anyone with network access can see read and write files in the public folder කියන එකට ටික් එකක් දාලා ලට්ට ලොට්ට වැලවරකා යහළුවට දෙන්න ඕනි එව්වාටික ඔක්කොම එක folder එකකට දැම්මා ඈ.. හලි දැන් ඒ ෆෝල්ඩර් එක right click කලා sharing and security වලින් share this folder කිව්වා... OK කිව්වා ඈ...
…ආං හලි... දැන් ඉතිං යාළුවාගේ හිතමිත්‍ර යාළුකම් පැත්තකට දාලා උස්සන්නයි තියෙන්නෙ ඈ... ඒකටත් ක්‍රොමයක් තියෙනවා... හලි... මේං මෙහෙමයි ඒකත් ඈ...
windows key + R ඉතිරි ටික දන්නවද..? cmd නේද...? නෑ බොල ඒ අහවල් එකකටද..? ඔය run එකේ මේං මෙහෙම යාළුවාට අපි දීපු IP Address එක කොටනවා මේං මෙහෙම ඈ...
…\\192.168.1.2
…හුරේ.... මෙන්න බොලේ වැඩක්... යාළුවාගේ ලට්ටලොට්ට වැලවරකා අරවමෙව්ව ඔක්කොම උස්සනවලු ඈ.... හුටා... මම මලයගෙ කම්පියුටර් එකට ලොග්වෙලා බලද්දි ගිගා බයිට් ගණනක්ම ෆිල්ම්ස් ලු ඈ... අතිශයින්ම පොඩිහිටියන්ට පමණක් එව්වම නිසා එව්ව ගත්තෙ නෑ ඈ... ජිලා පවු බං... ජිලාට ද දවසම අපලයිදෝ කොහෙද.. අද අරයත් එක්කවත් කතාකරන්න උනේ නැති සාංකාව හිතේ නළියනව බං... මුළු ඇගම සීතල වෙලාවගේ...

Monday, September 2, 2013

විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැති URL සාත්තරේ.... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 45)

සාස්තරේයි... සාස්තරේයි... නෝනිලා... මාතිලා.. සාස්ත්‍රීයි ආනවැයි...? කිරිගහට ඇන්නවගේ මූණබලාගෙනම සාස්තරේ කියනවා.. හරිනම් විතරක් රුපියල් පන්දාහේ කොලයක් මේ අත උඩින් තියන්න... සාස්තරේයි... මාතියා සාස්තරයක් ආනවැයි.. මොකෑ බොල අද මේ ජිලාට වෙලා තියෙන්නෙ.. ජිලාට කවුරුහරි අහිකුණ්ඨක ගෑණියක්වත්.......... මොනවත් කොරලද.? හුටා... මලා... ඈ යකෝ... උන්ට විතරද සාස්තරේ කියන්න පුළුවන් ඈ... මෙච්චර දවසක්... කොච්චර සාස්තර සූත්තර මම උඹලට කියලදුන්නද ඈ...?? උඹලට එව්ව මතක නැහැ නේද..? විගඩම් නයියාඩගම් සොෆ්ට්වෙයා කෑලි නැතිව එක එක හොද හොද සෙල්ලම් රගන්න  උඹලට මුලින්ම  කියල දුන්නෙ ජිලා...
ජිලා කලින් ජිල්මාට්ස් සේරෝම කියල දුන්නෙ ජිලාගෙ පුංචි සංධියේ කෙරූ කෙරුම් එක්ක... අද කරන කෙරුම් ඉදිරියට ඈ.. තව අවුරුදු කිහිපයකින් වෙන්නත් පුළුවන් ඈ... මොකද මේ හැම එකක්ම වගේ පෙළගැස්මකටයි ජිලාගෙ මතකෙට එන්නෙ.. ඉතිං එන එකක් ලියනවා... ඒනිසා අද ජිලාගෙ කම්පියුටර් ලැබ් එකේ අත්හදාබැලෙන එව්වමෙව්ව කවදා කොහොම ලියවේවිද කියල ටක්කෙටම කිරිගහට ඇන්නවගේ කියන්න බෑ... හැලපෙනව කියල හිතුණොත් ලිව්ව තමා ඈ...
…ඉතිං අද කතාව සාස්තරයක් කියල දෙන්න.. සාස්තරයක් කියන්නෙ ඒකවචනද..? බහුවචනද මන්දා... ජිලාට සිංහලත් හරිහැටි බැහැනේ... ඒනිසා ගණංගන්න එපා ඈ... නමුත් සාස්තරේ නෑ නෑ සාත්තර.. කිරිගහට ඇන්න වගේ හරි ඈ...
…දැන් ජිලාට ටිකෙන් ටික ඉංගිරිසියත් පුළුවන්ලු ඈ...  බොරු නම් මේං බලහන්...

ǝʌǝɹ sıuɔǝ ıupǝdǝupǝuɔǝ ʇɥǝ bnǝsʇıou oɟ ɹǝɾǝɔʇıou oɹ ɹǝʇǝuʇıou oɟ ǝuƃlısɥ ɐs ɐ snqɾǝɔʇ oɟ sʇnpʎ ɥɐs qǝǝu ɐƃıʇɐʇıuƃ ʇɥǝ dnqlıɔ ɯıup ıu sɹı lɐuʞɐ˙ dǝodlǝ qǝlıǝʌǝp ʇɥɐʇ ǝuƃlısɥ ʍonlp soou ƃo ʍıʇɥ ʇɥǝ pǝdɐɹʇnɹǝ oɟ ʇɥǝ qɹıʇısɥ  ɟɹoɯ sɹı lɐuʞɐ ɟoɹǝʌǝɹ˙ qnʇ' ǝuƃlısɥ ɥɐs ɹooʇǝp ıʇsǝlɟ pǝǝdlʎ ıu ʇɥǝ sɹı lɐuʞɐu soıl˙ ıʇ ıs sdoʞǝu ɐup sǝɹʌǝs ɐs ɐ lıuʞ qǝʇʍǝǝu ʇɥǝ dǝodlǝ sdǝɐʞıuƃ pıɟɟǝɹǝuʇ ɹǝƃıouɐl lɐuƃnɐƃǝs˙
හුටා මේ මොකද  මේ..? අකුරු උඩුයටිකුරුද..? නැත්නම් මගේ ඇස්වල පෙනීම දුර්වලද..? පොඩ්ඩක් හිටපන් බලන්න ආයෙමත් සැරයක්... අම්මපල්ල මේ මොනවවෙලාද..? මේ... මොකක්ද මේ ජිලා  ලියල තියෙන්නෙ..? හිටිං හිටිං..
…ආයෙමත් බලපං එහෙනම් ඈ..
ever since independence the question of rejection or retention of english as a subject of study has been agitating the public mind sri lanka. people believed that english would soon go with the departure of the british from sri lanka forever. but, english has rooted itself deeply in the sri lankan soil. it is spoken and serves as a link between the people speaking different regional languages.
හලි ෂෝක් ජිලාට ඉංගිරිසියත් පුළුවන් ඈ... ඒවිතරක්යැ.. අකුරුත් මෙව්ව කරල.. කැමති ඇතිනේ ජිලාවගේ අකුරු නිකම් මෙව්ව මෙව්ව කරන්න... මේං එහෙනම් මෙව්වමෙව්ව කරපංකො...

දැන් ජිලා ඔන්න උඹලට love letter එකක් ලියන්න කියලදෙන්නයි යන්නෙ ඈ... ජිලාගෙ පළවෙනිම ආදර හසුන... මාමණ්ඩියට අතේමාට්ටු... මාමණ්ඩිය ඇවිත්හෙන ගර්ජෙනේ... උඹ මොකාද?  මගෙ අහිංසක කෙල්ලට පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඉඩදියන්..  ඒකිට තවම ලව් උණ ගහල නෑ... උඹ ඒකිව රවට්ටගන්න හදනවා... මම නොදන්නවයැ ඒකිගෙ තරම... මායම්  64ම දාල මාව අල්ලගෙන.. දෙවනි පෙම්හසුනත් ලියල යැව්වා... මේකිට ඒ එකක්වත් හරිහැටි ආරක්ෂාකොරගන්න බැරි හැටි... ඒක අයියට මාට්ටු... මට බඩු.. ඌ ඇවිත් මට කණට නොගැහුව එක විතරයි.. වැඩේ අත්හැරිය.. ඒකිට ලව්කරනවට වඩා හොදයි සුපුරුදු විදියටම කම්පියුටර් එකම බදාගෙන හිටියනම්.. දැන් ජිලා බොක්කෙන්ම ශල්‍යවද්‍යවරියකට ආදරය කරනවා... නමුත් ඌ සහ ඇය අතරේ සමහර ලියුම් හසුන් වල ආරක්ෂාව ජිලාගේ සුපෙම්බරියටත්  සූත්තරේ කියල දීපු නිසා කාගෙන්වත් ගර්ජන තර්ජන නෑ... නේං එහෙනම් බලාගනිල්ලකෝ... ජිලා ලියුම් ලියන හැටි ඈ... මේක මේ මුලින්ම යවන්න හිටපු එක... බලපන් මේං මෙහෙමයි කෙල්ලන්ට මුල්ම ලියුම ලියන්නේ...
……SSBhbSBleHRyZW1lbHkgc29ycnkgIHRvIGhhdmUgdG8gd29ycnkgYWtraXlhIGluIHRoaXMgb
WFubmVyLCBidXQgSSBhbSBzdXJlIHlvdSB3b3VsZCBjb252aW5jZSBvZiB3aGF0IEkgYW0g
Z29pbmcgdG8gc2F5LiBQbGVhc2UgZG9uJ3QgbWlzdW5kZXJzdGFuZCBtZS4gSSBkb24ndCBr
bm93IHdoYXQgY2FtZSBvdmVyIG1lLCBqdXN0IHRoZW4gSSBtdXN0IGFwb2xvZ2l6ZSwgSSd
tIG5vdCB1c3VhbGx5IHNvIHJ1ZGUuDQp5b3UgbWFkZSBtZSBsb3ZlIHlvdSwgbG92ZSB5b3Ugc
mlnaHQgZnJvbSB0aGUgc3RhcnQuIEFra2l5YSB5b3UgYXJlIGNvbnRyb2xsaW5nIG15IGhlYXJ0Li
BBbmQgSSBob3BlIGZvciBhbmQgSSB3aXNoIGZvciBhbmQgSSBwcmF5IHRoYXQgdGhlIHdvcmR
zIGZvciB5b3VyIG1vdXRoIGNhbi4gQWtraXlhLCBEb24ndCBicmVhayBteSBoZWFydCwgSSBsb
3ZlIHlvdSBmcm9tIGJvdHRvbSBvZiBteSBoZWFydC4gSSBMb3ZlIHlvdS4uIEkgbG92ZSB5b3Uu
Li4gdW1tbW1tYWFhIA==
මොකක්ද බොලව් මේ එපාර..? ඇයි අවුල්ද..? ඕං ඕක කොපිකරගෙන මේං මෙතනින් Decode කරපං බලන්න... පෙනෙයි ජිලාගේ ලියුම් කෙරුවාව ආරක්ෂිතව...මේ ක්‍රොමේ ඉතිං වෙන වෙන ආරක්ෂිත වැඩවලටත් ජිලා යොදාගන්නවා කියලත් කියන්න කැමතියි ඈ...
ඇඩෙනව තනි ඇහැට... නේ... :D
හරි... මේං එහෙනම් තවත් සූත්තරයක්..
…මේදවස් වල ලොකු එකා පොඩි එකා මහ එකාගෙ ඉදලම වීඩියෝ බැලිල්ල YouTube එකනේ... අනේමන්දා මෙව්වගෙ වීඩියෝස් ඩවුන්ලෝඩ්කරගන්න අර ඩවුන්ලෝඩරේ හොදයි.. නෑ මේ ඩවුන්ලෝඩරේ හොදයි... විගඩම් සොෆ්ට්වෙයා කෑලි ගැනමයි කතාව... අනේ මම ළග නැහැනෙ විගඩම් සොෆ්ට්වෙයා කෑලි... ඉල්ලුවත් දෙන්නෙ නෑ... ජිලා මේං මෙහෙමයි ඔය youtube එකෙන් අනංමනං බාන්නෙ නෑ... මේ ජිලාගෙ යහළුවෙකුගෙ නිර්මාණයක්ම ජිලා බාගත්තු හැටි පෙන්වන්නම්කෝ ඈ...
…මෙන්න ජිලාගේ යහළුවා සුපුන් බිම්සරගේ තවත් එක් නිර්මාණයක  youtube හි රැදී ඇති ලින්කුව..
දැන් ඉතිං විගඩම් සොෆ්ට්වෙයා කෑලි නැතිව මේං මේක බාගන්නේ මේං මෙහෙමයි... එබියන්කෝ මෙතනට.. කැමති ෆෝමැට් එකකින් බාගැනීමේ පහසුවත් තියනවා ඕං ඈ...
කෝමද වැඩේ..?? සරලයි පහසුයි නේ...?? හැබෑටම ජිලෝ කොහොමද බං ඒ...
…මෙන්න බාගතකරගැනීමට අවශ්‍ය ලින්කුව... : http://www.youtube.com/watch?v=jWE8ohPavcM
මේං මෙහෙමයි බාගතකරගන්නේ ඈ... www.ssyoutube.com/ඉතිරිය දැක්කද ක්‍රොමේ..? youtube ඉදිරියට ඩබල් ඇස් ss දාපු ලස්සන.. ඇඩෙනවා නේ තනි ඇහැට..

ඕං අපේ උන්නැහේලාගේ youtube මේනියාවත් නිට්ටාවටම සුවයිලු ඈ... දැන් ඉතිං ඔය විගඩම් සොෆ්ට්වෙයා කෑලි දාගෙන IP Address වෙනස් කොරගන්නයි කියල අරව මෙව්ව දෙන එවුන් අස්සෙ නිමක් දෙන දේ කාල ලබ්බට තියපු අත මෙව්වවගේ කියන කතාව වගේ බඩජාරිකමට කෑවට දිරවගන්න බැරිව විදවන එවුන්ටයි මේ කියන්නෙ ඈ.. ජිලා කලින් පෝස්ටුවකත් මේගැන කතාකලා විගඩම් සොෆ්ට්වෙයා කෑලි දාගෙන අහුමුළුවලට රිංගන්න ගොහින් ඇනගන්නවට වඩා සරල ක්‍රමයක් ගැන.. උඹට අමතකද ඒක ඈ... මේං එහෙනම් ඒක

data sharing, file sharing කරන විදිනම් අනන්තයි... යහළුවෙක් එක්ක උගේ කම්පියුටරේ තියන අරව මෙව්ව උස්සන් එන්න Hard Disk Drive එකක්  pen drive එකක්.. අරන් එහාමෙහා දුවන්න පුළුවන් ඌ උඹේ ගෙවල් මායිමේ ඉන්නවනම්.. නමුත් ජිලාටත් ලෝකෙවටේම යහළුවො.. ජිලාගෙන් එව්ව මෙව්ව ගන්නත්... උගෙන් ජිලා එව්වමෙව්ව ගන්නත් ඔව්ව අරන් දුවන්නයැ.. කොහේහරි file hosting service එකක් හරහාම තමා.. ඒත් ඒවත් දැන් බිස්නස් කරගෙන.. ලොකු ලොකු files share කරන්න ලොකු ලොකු ගණන් ගෙවන්න ඕනි.. කොහෙන්ද අෆ්ෆා ඔව්වට සල්ලි... ඒකනොවැ කියන්නෙ... මේං බලහන්... හරියට නිකම් peer to peer connecton වගේ... දත්ත හුවමාරුවට කියාපු බඩ්ඩ... මෙව්වට ඉතිං සොෆ්ට්වෙයා කෑලි නම් ලොවෙත් නෑ..ඈ... මෙව්වම විතරයි... ඕං එහෙනම් උඹල ළග තියන අරවමෙව්ව යහළුවන් එක්ක බෙදාගන්න මෙන්න නියම සාස්තරේ.... හුටා නොදන්න වචනයක්ද මේ peer to peer connection... ? සරලවම කිව්වොත් පරිගණක ජාලකරණයේ කුඩාම ජාලය.. අවමය කම්පියුටර් දෙකක්... network cable එක එහෙමත් නැතිනම් මීඩියා එක භාවිතයෙන් දත්ත හුවමාරුකරගැනීමේ ක්‍රමය. හලි... වැඩිදුර විස්තරේ ඇතිව පෝස්ටුව මීළග පෝස්ටුවෙන්ම මේගැන මුලසිට කතාකරනවා ඈ... ඔන්න දැනුයි ඒකත් තීරණයකලේ මීළගට ලියන්න හිටපු පෝස්ටුව කල්දමා මීළගට මේ peer to peer ගැන කතාකරන්නයි සන්තෝෂයි නේ... හලිම සන්තෝෂයි..

ඒ සාස්තරෙත් හලි එහෙනම්... කෝමද ඇඩ් එකට වගේ ෆොටෝ එකකුත් හැදුවනම් ඈ... දැන් ජිලාට ෆොටෝ එඩිටිංනුත් පුළුවන්ලු ඈ... හැබැයි හරිම සැහැල්ලුවෙන්.. අර මෙව්ව එක .. අර..අර... photoshop ද මොකක්ද කියන මෙව්ව එක නැතිව... අම්මප..හරිම සැහැල්ලුයි... ජිලාට වගේම උඹේ කම්පියුටර් එකටත්... සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කිරිල්ලක්වත්... ඩබල් ක්ලික් පෝටබල් මෙව්ව එකක්වත් නෙවෙයිනේ.. මේං එහෙනම් මේ URL සාස්තරෙත් බැලුවනම්.... හරිම ෂෝයි නේ...?
…ජිලාගෙ සාස්තර කීමත් නරකම නැහැනේ...
සාස්තරේයි... සාස්තරේයි... නෝනිලා... මාතිලා.. සාස්ත්‍රීයි ආනවැයි...? කිරිගහට ඇන්නවගේ කම්පීතරේ බලා ගෙනම සාස්තරේ කියනවා..සාස්තරේයි... මාතියා සාස්තරයක් ආනවැයි..