Tuesday, November 20, 2012

MAC Address එකටත් ගේම.. (කම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් 34..)

දෙනදේ ලාවට නොදී ලෙසටම දෙන්න කියල හැමදාම කියවන්න ඕන නැහැනෙ.. ලාවට දුන්නා.. ලාවට ගත්තා..ලාවට තේරුණා.. බැලින්නම් මොනවත්ම දීලත් නෑ... තේරිලත් නෑ.. අනේ මන්දා.. ගුරුමුෂ්ඨිය තියන් දුන්නත් වැරදියි... එහෙම නොදුන්නත් වැරදියි.. ගුරුමුෂ්ඨිය තියන් එක එක රෙද්දවල් ගැන කතාකරන එවුන් අන්තිමේදි ඇදගෙන නානවද..? ඇනගෙන නානවද..? මේ කොයික උනත් ගුරුමුෂ්ඨියනම් එච්චර හොද නෑ.. දන්නෙ එච්චරයි.. ගුරුමුෂිඨිය එන්න කලින්ම සියල්ල දන්නව කියන උණ ඇගට ගහනව.. එපාර හෙන ඔලුව.. මම තමයි වැඩර්... අනේ හුකේ නන්නානේ කිව්වලු...
දැන් කතාව හැකර් කෙනෙක් වෙන්න දගලන්න... අරෙහෙ සොෆ්ට්වෙයා කෑලි තියනව මෙහේ සොෆ්ට්වෙයා කෑලි තියනව දැන් ඉතින් ඒවගෙ තියන වැඩකෑලි දාගෙන IP Address හංගන් හැකර් කෙනෙක් වෙන්න දගලන්නෙ...තියෙන ඇම්මට.. ඇම්ම හොදවෙන්නෙ අතටම මාට්ටු උන දවසට.. IP Address එකක් මාරු කරන්.. proxy server එකක් උඩින් එහේ මෙහේ ගියාට මොකෝ.. ඒකෙන් ගේම් දෙන්න ගියොත් ඇනගන්නෙ අර මොකාද කෙසෙල් ගහට ඇන්න වගේ.. ඇම්ම නිසාම අනින්න යනව ඇම්ම නිසාම කෙළවගන්නව.. ජිල්මාට්ස්ට තියන ඇම්ම නිසාම කියල දෙන්න යනව.. අනේ පවු.. දැන් ජිල්මාට්ස් කියල දෙන්න යන්නෙ ඇම්ම නිසා අනින්නවත්.. ඇම්ම නිසා කෙළවගන්නවත් නෙවෙයි ඈ... ඇම්ම නිසා කෙළවගන්නෙ නැතිව බේරෙන්න..
හැකර් කෙනෙක් වෙන්න තියන උණක මහත කිව්වලු.. හිතුවෙ IP Address එක මාරු කලාම රියල් ගේම් දෙන්න පුලුවන් කියලද..? ඈ... දන්නවද මොන දේ හැංගුවත් ඔයාගෙ ID card එක චෙක් උනොත් නමයි ගමයි විස්තරයි සේරමයි අරවයි මේවයි ඔක්කොම මාට්ටු කියල ඒ වගේ තමයි අපේ කොම්පියුටර් එකටත් Identity Card number එකක් තියනව කියල ඈ.. මෙහෙම කිව්වට තේරෙන එකක් නම් නෑ.. කිව්වොත් ඔයාගෙ MAC Address එක කියල.. මගේ MAC Address එක නෙවෙයි උඹට උඹේ MAC Address එක නෙවෙයි මට.. අපේ MAC Address එක තව කොහේවත් නැහැයි කිව්වොත්.. ඒක අපේම..මගේම එකක් නේද..?
ජිල්මාට්ස් ලෝකෙටම එකයි වගේම උඹේ MAC Address එකත් ලෝකෙටම එකයි කිව්වොත්..? බඩු අතේම මාට්ටුයි නේ..? බැරිද මේකටත් ජිල්මාට් එකක් දීල වෙනස්කරගන්න..? ඇයි බැරි..? තියෙන ඇම්මනේ.. එහෙනම් හොරට ID card හදන එකේ මොකෝ.. MAC Address එකක් වෙනස් කලාම..? ජිල්මාට්ස් ඉතිං  කොහොමත් හොර වැඩවලට කැමති එකානෙ. ඕං එහෙනම් ගුරුමුෂ්ඨි නැතුව දෙන්නයි යන්නෙ... හැකර් කෙනෙක් වෙන්න කලින් හැකර් කෙනෙක් වෙන්න ඉගෙන ගනිමු ඈ...
මොකක්ද මේ MAC Address ..? දන්න සිංහලෙන් කිව්වොත් Media Access Control address කියන එක
කොහෙද මේ MAC Address එක තියෙන්නෙ..? අපේ කම්පියුටර් එකේ තියනවනේ Network card එකක් කියල එකක්... ආං ඒකට තමයි මේ MAC Address එක assign කරන්නෙ ඒක හදන මැනුෆැක්චරර්.. digits 12කින් තමයි මේක නම් වෙන්නෙ..
කොහොමද ඒක බලාගන්නෙ..?
…හරි.. Windowskey + R කියනකොටම දන්නවනේ run එක හරි ඕං ඕකෙ cmd කියල ටයිප් කරමු බලන්න..
දැන් ipconfig /all කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ..
Ethernet adapter Local Area Connection කියල එකක් ඇති.. ආං ඒකෙ Physical Address කියල ඇති ආං ඒක තමයි මේ MAC එක.. මේක ඔයා ADSL connection එකක් පාවිච්චි කරනවනම් මේ MAC එක වෙනස් කරමු...
…නැත්නම් ඔයා ඩොන්ගල් එකක් නම් PPP Adapter Airtel Prepaid වගේ එකක් ඇති.. ඒක නම් ඒක.. ආ..
හරි ඉන්පස්සෙ start > Control Panel > Network Connections >> Local Area Connection > Properties > General > connect using එකේ තියන නම බලා ගන්නකෝ..මුලින්ම..
…හරි.. ඉන්පස්සෙ ආයෙමත් cmd එකේ මෙහෙම ටයිප් කරල බලන්න net config rdr හරිනෙ දැන් ඇති workstation active on එක යටතෙ NetBT_Tcpip කියල එකක් වරහන් ඇතුළෙ ඔයාගෙ MAC address එකත් ඇති.. මේ NetBT_Tcpip එකත් එක්ක තියන GUID එකයි MAC  වෙනම සුරක්ෂිතව සේව් කරගන්න.
හරි මෙහෙමයි.. හැකර් බයියෙක් නොවී හැකර් කෙනෙක් වීමේ අඩිතාලම..
…windowskey + R > ඉන්පස්සෙ ටයිප් කොළා regedt32 කියල  මතකෙට ගනිං මේක regedit නම් නෙවෙයි ඈ... ප්ස්සෙ චං චුං ගාන්නෙපා මේක නෑ මේක නෑ කියල..
හරි ඉන්පස්සෙ මෙතනින් එතන්ට එතනින් මෙතන්ට ඇවිත් මෙතනින් නතර වෙයන්කෝ...
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control > Class > {4D36E972-E325-11CE-BFC1-08002BE10318}
…හරි මෙතන ඉදන් පොඩි සෙවිල්ලක් තියෙන්නෙ.. සෙවිල්ල ඉතිං කැසිල්ලට නේ.. හැකර් කෙනෙක් වෙන්න..නිකම්යැ..
ඔතන පහලට එන්නකෝ... ඇති 0000 , 0001, 0002 , 0003 වගේ ෆෝල්ඩර් සෙටාර් එකක් ඈ.. ආං ඒ එකක  තියනවද බලන්න NetCfgInstanceID: REG_SZ: එකට ඔයා අර වෙනම තැනක සේව් කරගත්තු GUID එකයි... NetworkAddress: REG_SZ:  එකට ඔයාගෙ MAC Address එකයි දෙකම
හරි..හම්බුනානේ.. එහෙනම් දැන් ඉතින් ඕං ඕක වෙනස් කරමු ඈ.. NetworkAddress එක උඩ ඩබල් ක්ලික් ඈ... දැන් ඉතිං කැමති විදියට අකුරුයි ඉලක්කමුයි 12ක් එන විදියට MAC Address එකක් හදාගන්නයි තියෙන්නෙ ඈ.. ඉන්පස්සෙ ඉතින් restart පාරක් දාල ගේමට බහින එකයි තියෙන්නෙ ඕං .. මාට්ටු  නොවී ගේම් දෙනවනම් ඔන්න ක්‍රොමේ..



Friday, November 2, 2012

එකම බ්‍රවුසරේ.. ඔරිජිනල්... ෆේක්.. දෙකෙන්ම චැට්... (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 33)

මල්සරා මල් හීයෙන් පපුකෙනිත්තටම හීයෙන් විද්දම පපුකෙනිත්ත සොයන්නෙම රාගෙයි..ආදරෙයි.. කෙල්ලො කොල්ලො පස්සෙ යනව කොල්ලො කෙල්ලො පස්සෙ වහ වැටිල දුවනව.. අනේ මන්දා.. මේ මල්සරාගෙත් හීය ජිල්මාට්ස්ටත් වැදිලද මන්දා... කොලුකමද ... නැත්නම් වල්කමද කියලනම් දන්නෙ නෑ..අහන්නත් එපා... කෙල්ලෙක් කිව්වම ඇඹලය වගේ... සීනි වලට එන ඇඹලය මීට හොදයි... ඒත් එක පැටික්කියෙක්වත් ජිල්මාට්ස් එක්ක වැඩි දවසක් ඉන්න එකනම් පුදුමයි දාන ටෝක්ස් වලට.. මේ දවස් වලත් පැටික්කියො දෙන්නෙක් තුන්දෙනෙක්ම ජිල්මාට්ස්ගෙ සරාගී කුමරිය වෙලා... එකක් නෙවෙයි දෙකක්..තුනක්ම.. තියන වලත්තකමටද වල්කමටද අහිංසක කමටද මන්දා කෙල්ලොත් නිකම් වහවැටිල වගේ.. මූණුපොතට ලොග් උනාම 20ක් 30ක් එක්ක එකදිගට චැට... ජිල්මාට්ස්ගෙ යාලුවන්ට පුලුපුලුවන් විදියට උදව් කරන ගමන් ඒ අස්සෙ කෙල්ලො එකෙක් හරි දෙන්නෙක් හරි අල්ලගෙන බරටම චැට... උඹලට ජෙලස් නැහැනේ...?
…වැඩේ කියන්නෙ ජිල්මාට්ස් කොච්චර ජිල්මාට්ස් දැම්මත් චැට් කරන්නෙ කෙල්ලෙක් එක්කද කොල්ලෙක් එක්කද කියලවත් මොන ජිල්මාට්ටුව දාලවත් සොයාගන්න බැරිවෙලා...පුලුවන් වෙනව විනාඩි කීපෙකට ඇත්තටම උන්දැ ලගට ගියානම් දැනගන්න...
…මේ ළගදි දවසක කවුදෝ පැටික්කියෙක් හරියට පුරුදු එකෙකුට කතාකරනව වගේ චැට් එකට සෙට් උනා... පැටියෝ... ඔයා මගෙම වෙනවනම්... මම ඔයාගෙමයි නේද...? මම ඔයාගෙම කරගන්නව නේද..? ජිල්මාට්ස්ට වෙන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව... ඒ අස්සෙ තවත් මේ දෙගොඩයාමෙ කරන දේවල් ගැන කියවන්න පටන් ගත්ත... හොද වෙලාවට සූර්වෙලා හිටියෙ නැත්තෙ.. නැත්නම් තිබුණ සූර් එකත් බහිනව.. මොළේ පොඩ්ඩක් හරි තිබුණ හින්දා එක ගැටයක් ලිහාගන්න ඕන කියල ජිල්මාට්ස් පැටික්කිට කිව්ව අපි මීට් වෙලා තනිවම කතාකරමුකො කියල... මොබයිල් නම්බර් එක ඉල්ලුවම ෆෝන් එකක් නැහැලු... ඒත් මීට් වෙන්න පුලුවන්ලු... මල්සරා හීයෙන් විද්දට මොකෝ.. ජිල්මාට්ස්ට විදින්න එකියක් දීල තිබුණ නැති එකේ ලබ්බටතියපු අතත් මොකක්ද වගේලු වගේ.. පාරෙ වැටිල තියන බොරලු ගලත්  මැණික් ගලක් වෙන එකේ හිතුණ ගිහින් මීට් වෙන්න.. එන්න කියපු තැනටමත් ගිහිල්ල කෑවයින් කෑවෙ නෑ... මේවගේ කට්ටක්... යාලුවො හත් අට දෙනෙක්කටමත් මාට්ටු... මෙතන මොකද කියල ඇහුවමත් කිව්වෙ ගල් කෙබ්බයක්... පැයගානක් එතැන තපල ඉදල ගෙදර ආවෙ ඇද බදාගෙන.. එහෙම ඉන්නත් බැහැනේ... කම්පියුටරේ දකිනකොට එතැන්ට්මයි එන්නෙ.. ආපුගමන් මූණුපොතෙත් කරක්ගහන එකත් පුරුද්දක් නේ.. එකෙක් කියනව කෑවද ලණුව කියල... කියපු දේ මට තේරුණේ නැද්ද..? වෙනකාටවත් යවපු එකක් මූ වරද්දගෙන මට එවලද..? බැලින්නම් ජිල්මාට්ස්ට වැරදිලා... එකෙක් ෆේක් අකවුන්ට් එකකින් ජිල්මාට්ස්ව සුපිරියටම අන්දවල... හෙන හතම ගහපිය.. දෙන්නම් බැටේ..
ෆේස්බුකියේ.... ටුවිටරියේ... පල්ස්කුවේ... ඔය කොයික කොයික කොයිකෙත් ෆේක් අකවුන්ට්ස්... වැඩිපුර අකවුන්ට්ස් තියන එවුන් සැරසියල්ලා... ඔන්න දෙන්නයි යන්නේ.... ;) ජිල්මාට්ස්ව ඇන්දුවෙ තියන එකෙන් logout වෙලා ෆේක් එකෙන් log වෙලානේ... දැන් ජිල්මාට්ස් දෙන්න යන්නෙ ඔරිජිනල් එකත් තියාගෙනම ඒකෙනුත් චැට දාන ගමන් ෆේක් එකෙනුත් log වෙලා කාටවත්ම නොදැනෙන්න යාලුවන්ගෙ ඇහැට වැලිගහල  ඇස් රතු කරන්න...
firefox එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...

 හරේ... ඔය ඕපන් කරගත්තු firefox එක ක්ලෝස් කරපන්කෝ... ඉන්පස්සෙ ඩෙස්ක්ටොප් එකේ තියන firefox එකේ ෂෝට්කට් එක රයිට් ක්ලික් කරල properties පලයල්ලකෝ... හරේ.. දැන් ගේමටම බහිමු... උඹල එහෙමනම් අපි මෙහෙමයි... ඔය ඔතන තියන  Target එකේ තියන පාත් එකට (මෙහෙමයි ජිල්මාට්ස්ගෙ පාත් එක "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe" ) දැන් කෙලවරට  පොඩියට ස්පේස් එකක් තියල  මේන් මෙහෙම මේකම උස්සල පේස්ට් කරපන්කෝ... -profilemanager -no-remote හරිනේ...( ඒක් කිව්වෙ දැන් එතකොට ජිල්මාට්ස්ගෙ අලුත්ම target එක දැන් "C:\Program Files\jilmarts\Mozilla Firefox\firefox.exe"  -profilemanager -no-remote) ඉන්පස්සෙ ඉතිං  Apply ... OK
හරි... දැන් ආයෙමත් firefox එක ඕපන් කරන්නකෝ... පොඩි වෙනසක් වෙලා ඇති.. choose user profile කියල එකක් ඇවිත් නේද...? දැන් ඔතන එකක් තියනවනේ.. default කියල තවත් එකක් හදමු... create profile එකෙන්... කැමති නමක් දීල හදල ඉවරයක් කරමු... දැන් හරි... දැන් ඔය හදපු එකෙන් එන්න... ඔය ප්‍රොෆයිල් හදන තාක් ඔයාට ෆේක් අකවුන්ට්ස් බරගානකින් යාලුවන්ව අන්දන්න පුලුවන් වේවි.. ඈ.. 
තව පොඩි වැඩක් තියනව ඒකත් ඔයගමන්ම කරගනිමුකෝ... firefox එකේ උඩ  Tools > Add-ons > get add -ons වල multi-user කියල ටයිප් කරල පොඩියට සෙවීම් පාරක් dhaanna පොඩි ඇඩෝන් කෑල්ලක් ඇති අන්න ඒකත් ඉන්ස්ටෝල් කරගන්නකෝ... දැන් firefox එක පොඩියට restart පාරක් දාල ගේම අදින්න ගේමට බහිමු... ඔරිජිනල් එකෙන් චැට් කරනගමන් හොර එකෙනුත් චැට් කරන්න...

chrome
එකේ ඉදන් යාලුවන්ගේ ඇස් රතු කරන්නේ මෙහෙමයි...
chrome එක ඕපන් කරා... සිම්පල් විදියට ctrl + Shift + N
එබුවා.... ෆේක් එකෙන් ලොග් උනා....
හරිම සිම්පල් ප්ලෑන් එකක්..
තියන වලත්තකමට... කියල දුන්නට,.. ඉගෙනගත්තට.. ඇඩෙන්නනම් ගේම් දෙන්න එපා පුතෝ... පවුනේ...
-->